Thursday, January 14, 2016

ඩ්‍රැකියාවලෝකනය

http://www.best-horror-movies.com/images/barnabas-collins-in-a-coffin.jpg
දිග හුස්මක් හෙළා පටන් ගමි...

සිංහයෙකු ගමනක් යන විට, තරමක් දුර පසු කර ගොස්, ආපසු හැරී තමන් ආ මග නිරීක්ෂණය කරතැයි සංස්කෘත සාහිත්‍යය‍ේ එන අදහසක් වේ. ඊට සිංහාවලෝකනය යැයි කියනු ලැබේ.

ඩ්‍රැකියා තමන් ආ මග දෙස ආපසු හැරී බලන්නට පටන් ගත්තේ දැනට දින හතරකට පමණ පෙර ය. එයින් අදහස් වන්නේ මෙම බ්ලොග් අඩවියේ පළ වූ ලිපි ගණනේ ප්‍රමාණය නොවේ. කමෙන්ටු නැවත කියවීමේ ඇති ආස්වාදය නිසා ත්, රාජකාරි අතරතුර මෙය සිදු කළ නිසාත් එපමණ දවසක් ගතවූ බවය.

2012 නොවැම්බර් මාසෙ 30 වැනිදා මා මෙය පටන් ගත්තේ විවිධාකාරයේ විෂයයන් ගැන කතා කිරීමටය.

මුලින්ම මාගේ වැල ගිය මුලගිය තැන් ගැන සඳහන් කොට, ඉන් පසුව ආරම්භ කළේ හිට් එකක් බවට පත් වූ බව පෙනෙන ගජබින්නාලංකාරය ය. පුරා විද්‍යාව, ඉතිහාසය සහ දර්ශන ගැන මා තුළ වූ කුතුහලය නිසා ලියන ලද ලියවිලි ද කලින් කල මෙහි පළවිය. මීට අවුරුදු පහළොවකට පමණ පෙර ලියන ලද රොමෑන්ටික් රහස් පරීක්ෂක සහ වැම්පයර් කතාවක් ද කොටස් දාහතරකින් යුක්තව පළ කරන ලදි.

එසේ ගොඩනැගුනු මේ බ්ලොග් අඩවියේ විශේෂ සන්ධිස්ථානයක් අද දින සටහන් වේ. ඒ ගැන සඳහන් කිරීමට පෙර, මා බ්ලොග් ලෝකයට ආ හැටි පිළිබඳව මතක් කිරීමට සිතමි.

මා කියවූ මුල්ම බ්ලොග් ලියැවුනේ පොඩි කුමාරිහාමි, සිරා, අඩවිරජා සහ සෑම් අතිනි. මාගේ මුල් කාලීන බ්ලොග් ලිපි වල ඔවුන්ගෙන් ලද ආභාසය මනාව පිළිබිඹු වනු ඇත.

මා මුල්ම ලිපිය ලියා දින විසිපහකට පසුවය, මා ලද මුල්ම කමෙන්ටුව එහි සටහන් වූයේ. ඒ මාගේ ආදරණීය කාර්යාල සගයෙක් වන, පොඩි පුතා අතිනි.

ඉන් පසු මා සොයාගෙන අවුත් උපදෙස් දෙමින් මා දිරිමත් කළවුන් වූයේ,

නවදැලිහේනෙ තිලිණ ද සිල්වා,
ආගිය කතා ලියන හසිත ගුණසිංහ,
හදගී පොත ලියන තිස්ස දොඩංගොඩ,
හෙන්රි බ්ලොග්වෝකර්,
සරත් ලංකාප්‍රිය,
වරක් දෙකක් ආ මාරයා,
දයල්බතී,
අයිලාස් ඒ,
අටං,
කළු පූමා,
සෑමා,
නලිනි චන්දිමා,
සයිලන්ට් සහන්,
(තමන් ලියු දේ විවේචනය වන විට, ඊට තදින් පිළිතුරු දී, බ්ලොග් ලිවීම නවත්වා ඇත. සිරාවට ඉතා ඕනෑකමින් බ්ලොග් කරණයේ යෙදුනෙකි. මොන විදියට හැසිරුණත් තමන් යහපත් මිනිහෙක් බව තම ලිවීමෙන් පෙන්වූවෙක් ද වේ)
ධාරා,
චාමි ගුරුගේ,
මාතලං, සහ
මාමා

මාතලං ගේ බ්ලොග් අඩවියේ මා සටහන් කළ කමේන්ට් එකක් අනුව මා සොයා ආ මාතලං, මා ඔහුගේ සින්ඩියට එක් කරගෙන, මගේ ඉල්ලීමකින්ද තොරව හොඳ ප්‍රසිද්ධියක් ලබා දුන්නා පමණක් නොව, මුල් අවස්ථාවලදී වැදගත් උපදෙස් ද නොමසුරුව ලබා දුන්නේය. ඉන් පසු ය, මේ බ්ලොග් අඩවිය සැඩපහරට හසුවූ ඔරුවක් මෙන් අනවරත ගමනක් යාම පටන් ගත්තේ.

ඒ අනුව මේ දක්වා මම පුරාවිද්‍යාත්මක ලිපි, ජනකථා, දේශපාලන අදහස්, පැරණි පත්තර, සඟරා සහ පොත් වලින් උපුටා දැක්වීම්, බුද්ධ දර්ශනය, ජේසු තුමන්ගේ ඉගැන්වීම්, හාස්‍යෝත්පාදක කතා, ආදී වශයෙන් ලියා ඇති පෝස්ට් ගණන 99 කි.

ඉහත දැක්වූවන්ට අමතරව, මේ දක්වා මාගේ බ්ලොග් අඩවියේ තම පියසටහන් තබා ගිය වුන් පහත දැක්වේ....

මහවෙදනා,
කෙන්ජි,
හැලපයියා,
අඩවි(කොට)රජා,
මනෝජ් ප්‍රනාන්දු,
චන්දන,
(හැමෝටම උදව් කරගෙන, අගේ ඇති බ්ලොගක් කරගෙන ගහක් ගලක් වගේ හිටිය මනුස්සයා. මොකක් හරි හේතුවකට, ප්‍රොෆයිල් එකත් මකාගෙන, බ්ලොග් එකත් මකාගෙන අතුරුදන් විය...)
නිකමා,
දූෂකයා,
වෙනිවැල් අයියා,
අයි ටී නිශාන්ත,
ඉවෝන් ලව්පූසා,
මයියා,
සිරා,
ගමන් මගේ මඟියා,
කුරුටු දිලිනි,
සුළඟ,
මඩිස්සලේ නිශාන්,
එක් මානවිකාවක්,
තිසර,
සචින්,
අරුණි ශපීරෝ,
සු දී ක,
දැන් නං එච්චර සමකය වටේ යන් නැති නලීන් දිල්රුක්ෂ,
පර්යේෂකයා,
තහනම් වචන,
හිරු,
හිතුවක්කාරි,
යසිත්(ඩොට්)නෙට්,
මොරබ්බා ද මොරබ්බා,
පැතුම් රයිටර්,
ලියන්න කම්මැළි - ඉඳල ඉඳල ලිව්වම පට්ට සෙන්නා,
සංජීව මෙන්ඩිස් හෙවත් එළ ද බ්‍රා මෙන්ඩා සහෝදරයා,
හයේ හ‍තරෙ දමිත් ගුණවර්ධන,
නිල් මානෙල්,
කතන්දර කාරයා, සහ රසිකලොජිස්ට්, (දෙකාම එකෙක‍ි)
ලොකු ශානා,
අසරණයා,
කෝරළේ මහත්තයා,
උමා(දසුන්),
චමි4යූ,
වැව් ඉස්මත්ත,
රාජ්,
ප්‍රசங்NA,
සිතුම් සයුර,
දිනේශ් උමගුලිය,
DDT,
ළා දම්පාට රෙහානි,
නිර්මලා මධුෂානි,
දිනෙල්ක,
AKM,
My life as a Gaijin!
ශ්‍රීමත් අරූ,
The Modern Patriot,
මැලේ රාළ,
සඳුන් දුලාංජන හෙවත් දුලා,
අඟහරුවා,
නදිනි අබේනායක,
ටිරාජ් අධිකාරී,
බෙන් ටෙනිසන්,
තනි අලියා,
අපූර්වි ඔමායා,
සිතුවිලි දහර,
සමී,
පොඩිකුමාරිහාමි
විචාරක wicharaka
බින්දි,
කළු ජෙමා,
අමුත්තා,
නාඩියා නාඩිරත්න,
ධනා,
desh දේශ්,
පැතුම් හේරත්,
සිහින මදාරා,
හරී,
සමීර සඳරුවන්,
ඉතිහාස ගවේෂක,
ඉන්දික උපශාන්ත,
සහෝදර,
මනෝශ් සඳරුවන්,
විශ්ව රංගනාත්,
ඩී. ඇම්. ජී. බක්සා,
වනිතා හඬ,
මහේෂ් රත්නායක,
ඕනමැන්ටල්,
අ.පේ. ගලපාත,
Sa rasa,
වීර කාන්තා,
ගස් ලබ්බ,
නිමෝ,
ප්‍රදීප් ගුණරත්න,
වීරේ,
කෝකි මකබාස්,
රන් සකු,
චතුරංග ප්‍රියශාද් (ප්‍රියා),
රියර් ඇඩ්මිරල් තැන්පත් සී. ජේ. විදානෙ,
තරිඳු පින්නදූව,
අලිසන්දිරි කොටුව,
සිහින සිත්තම්,
ජීවන ප්‍රනාන්දු,
ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා,
නිපුන ලියනගේ,
පත්තර බාප්පා,
සිංදු ඇනේ (වැරදුනා - ඇනෝ)
බුද්ධීක අනුරාධ,
ත්‍රී කුරුට්ටොස් බෑන්ඩ් එක,
කැන්ඩියන්,
මධු මදාවි,
හෙනහුරා,
සරත් පෙරේරා,
පොල්වත්තෙ ගෙදර මල්කොහා,
බූට් ඇනේ,
මිචිකෝ ඔගාවා,
බංඩා, (පට්ට රහස් පරීක්ෂක කතා ලියන්නෙකි.)
ලොකු ජෝන්,
වාසනාවන්ත මලින්ත ලක්මාල්,
කැමා හෙවත් යක්‍ෂ්‍යන්ත ශ්‍රීනාත්,
කම්මලේ ඩබොල් ආදිපාද,
තරිඳු රමේෂ් කැටිපෙආරච්චි,
වීදි‍ය‍ෙ බණ්ඩාර හෙවත් ලොකු පුතා,
(වීදියෙ බණ්ඩාර කියන්නෙ රස්තියාදු කාරයෙක් කියල ආර් ආර් සමරකොන්ගෙ නාට්‍යයක තිබ්බා)
නිරන්ජන් කරුණාතිලක,
සමරසේකර,
රවි,
වත්සලා, කෝ විජේරත්න?
අජිත් ධර්මකීර්ති,
හර්ෂන,
ප්‍රා ජේ,
දෙවැනි විභීෂණ,
පඩංගුවේ අයිතිකාර සජ්ජා,
සාරි කා විචාරිනී,
උගේ කිචී - ඌට කිචී,
ඊයන්,
මනා ගෙ පින්තාරුව,
ලංකා බ්ලොග් කියවනය,
උග්ගල් අලුත්නුවර එම්. පී. පී. ගුණසිංහ,
කල්‍යාණ මිත්‍ර,
බක්ෂි (යාක්ෂ්),
සිරිස් - බිරිස් - සිරි බිරිස් - සිස් - සිස්...
ඩිලාන් අකලංක,
ට්‍රාන්ස් සිල්වේනියාවේ දොස්තර මහතා,
තනි තරුව,
මල් මල් අඩවිය,
දිල්ශාන්,
නුවර උපේක්ෂා,
මනෝ මන්දිරා,
ආකාස කසුං,
නිදහසේ නවාතැනේ ඉන්නා ඇංගුලිෆෝමසියා
ඉන්දික බණ්ඩාර,
අපනයනකරු,
අවංක ආරියරත්න,
ගැබා,
මලියා,
තුශානි,
වර්ණ කුලකය,
ඉකොනොමැට්ටා,
ඩබ්ලිව්. මනෝජ් නිශ්ශංක ඩයස්,
අම්බලංගොඩ කතා,
මිත්‍ර වර්ණ (සබරෙ ඇනේ),
අනුත්තරා ඉරුගල්බණ්ඩාර,
අශාන් රවිඳු යුගාන්ත,
ටික්කා,
ලෙවියාතන්,
මහේෂ් සමන්ත කුමාර,
වැසි දැරිය,
මධ්‍යස්ථ මතධාරියා, (නොබෝදා තම බ්ලොගය අවසන් කළේ ය.)
භූෂණ කල්හාර,
සුජීවා අබේගුණවර්ධන,
කසුන් ජයනාත්,
රූපේ,
මින්,
සිතුවිලි සි,
බුරාතිනෝ,
ජගත් පතිරණ,
රංගන සහෝදරයා,
සහ නිර්නාමික කිහිපදෙනෙක්,

මේ දක්වා ඇති ඔබ සියලු දෙනා මා සමඟ නොසිටින්නට, මේ බ්ලොග් අඩවිය මළ බ්ලොග් අතරට එකතු වන්නේ උපන්ගෙයිහිදීම ය. ඔබ සියලු දෙනාගෙන් ම මා සුළු හෝ දෙයක් ඉගෙන ගත් අතර, මාගේ දැක්ම නිවැරදි කරගැනීමට ද එය මනා පිටිවහලක් විය.

ඉතින්, තවත් බර හුස්මක් හෙළා මාගේ සියවෙනි පෝස්ටුව අවසන් කරමින් මා අවසන් වරට කියන්නේ,

මා සමඟ රැඳී සිටියාට ඔබට බොහෝ පිං... 
ඔබ වැනි මිතුරන් ඇසුරු කිරීමට ලැබීම මාගේ මහත් වාසනාවක් ලෙස මම සළකමි...

125 comments:

  1. අවුරුදු හතරක් ලියනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි.පොස්ට් දාන්නයි කොමන්ට් වලට රිප්ලයි කරන්නයි අනිත් බ්ලොග් වල කොමන්ට් කරන්නයි සෑහෙන වෙලාවක් ගතවෙනවා.ඒ විදියට අවුරදු හතරක්ම ඇදගෙන ආව එකත් ලොකු දෙයක්.

    මචෝ පොස්ට් 99 ට දාමුද පාටියක්.පාටිය දැන්ම දානවද කොත්මලේ ගියාම දානවද ?

    ReplyDelete
    Replies
    1. තාම අවුරුදු හතර සම්පූර්ණ උනේ නෑ මයෙ හිතේ.

      බොට පාටියක් දෙන්න තමා එදා එන්නෙයි කිව්වෙ. කෝ ආවයැ? දැං එනව මෙතන...

      Delete
    2. ඌට කතා වෙලේ මට කතා කලානම් මොකද, මම එනවනේ...

      Delete
    3. උඹ එන නිසා තමයි යකෝ කතා නොකලේ.
      තොට ඒකවත් තේරෙන්නෙ නෑ බූරුවා....

      Delete
    4. ලොකු පුතා,
      සිරාවට වරෙං දවසක කෝල් එකක් දාලා. මං රට ගම අත්ඇරල යන්ඩ ඉන්නෙ...

      ඇනෝ,
      එක අතකට ඒකත් ඇත්ත බං. එන උංට ආරාධනා කරල නිකං පරිප්පු කන්නෙ මොටද?

      Delete
  2. බොහොම සතුටුයි. සුභ පතනවා. දිගු කලක් ලිවීමට ලැබේවා!!!! මමත් නැවත ලියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙදනා,

      ඇත්තටම ආපහු ලියන එක ගොඩක් ලොකු දෙයක්. ඔබ වැන්නෙක් නොලියා සිටීම පාඩුවක්...

      Delete
  3. සතුටුයි බං.තවත් දිගු කාලයක් ලියන්නට සුබ පැතුම්!! ඔය නම් ලියල ස්තූති කරන එක නං බෙල්ල ගහල යන වැඩේ මොකද එක නමක් වත් මිස් වුනොත් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලප අයියා...

      අර කතාව ඇත්ත. මං අද ආපහු මුල ඉඳං කියෝලා ඇවිත් තව නම් හතර පහක් ඇඩ් කළා... :-)

      Delete
  4. එළ...
    ඕනේ මෙව්වා එකකට මගෙන් සුභ පැතුම්...
    අත අරින්නේ නැතුව බඩ ගගා හරි ලියපන්...
    ජය වේවා කිව්වා...!

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ‍ලොකුස්.

      මං ලියන එක අතාරින්නෑ බං මහසෝන ආවත්.

      උඹටත් ජයවේවා...!!!

      Delete
  5. ඩ්‍රැකී සීයගෙ සීයට සුබ පැතුම් ප්‍රசந்NA ගෙන්.
    තව දිගු කාලයක් බ්ලොග් එක උඩුකුරුඤ්ඤං නොවී කරගෙන යන්න හැකියාව ලැබේවා !

    මේ වෙනුවෙන් දෙන පුස්ලෝඩං පාටිය ළඟදීම හොටෙල් ඩී චෙෆාකි හිදී පැවැත්වෙනවා ඇත.

    ReplyDelete
    Replies
    1. හා පුළුවන් නං ප්‍ර යන්න දෙමලෙන් දාහං............

      යකෝ මැදට ඔය න යන්න ඒන්නෑ ප්‍රසා අයියේ.......... හැක් හැක් හෑ............

      Delete
    2. දෙමළෙ ප්‍රයන්නක් නෑ බොල.
      නයන්න එන්නෑ කියල මට කියල හරියන්නෑ. ඒක ඩ්‍රැකියට කියහං. හැක්..

      Delete
    3. ප්‍රසන්නයාගෙ අළුත් නම උඹලෑ බොගේදි රෙජිස්ටර් වුණානොවැ කුරුට්ටෝ.

      Delete
    4. ටැංකිව් ප්‍රසෝ... අර කුරුට්ටො කියනව වගේ, ඔය නයන්න නං මැදට එන්නෑ. මං උඩ දාල තියෙනව හරි නයන්න. බලාගෙන ඉගෙන ගනිං...

      මදාවි,
      ඒ මොකද්ද ‍බොස්?

      Delete
    5. ටැංකිව් මදාවි, කාට හරි කාඩ් එකක් වදිනවනං ඊට වඩා දෙයක් නෑ. වැඩේ තියෙන්නෙ, ඒ කාඩ් එකට ප්‍රසයි දූෂකයයි කැමතියි. ඉතිං ආතල් කුඩු...

      Delete
  6. සීයට සුභ පැතුම්...තව තවත් වැඩි වැඩියෙන් ලියවෙන්නට සුභ පැතුම්

    ReplyDelete
  7. තව තවත් රසබර පෝස්ටු ලිවිමේ වරම ලැබේවා

    ReplyDelete
  8. සුභපැතුම් :)
    "වැඩි වැඩියෙන් ලැබේවා :) "

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අලියො...

      බොටත් එසේම වේවා...!!!

      කොහොමෙයි ෆ්‍රිජ් එක ඇතුලෙ තත්ත්වෙ?

      Delete
  9. මේ වෙනකං ආපු ගමනටත්, ඉදිරි ගමනටත් සුබපැතුම්.....!!!!!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි නිමෝ... ස්තූතියි...

      Delete
  10. සීයට සුභ පැතුම් ඈ!! මොකෝ අර මාව රතු පාටින් දාල රෙඩ් නෝටිස් ගහලා? ග්‍රහලෝකේ පාටින්ම මෙන්ෂන් කරන්න හිතුවද? මම ඔබතුමාටත් කලින් පටන් ගත්තේ. ඒත් මට තියන උවමනාව කියන්නේ තවම පෝස්ට් හැට ගානද කොහෙද.. මම නම් හිට්ස්, කමෙන්ට්ස් බලන්නේ නෑ. ඔහේ ලියාගෙන යනවා. මට මුල්ම රිප්ලයි කමෙන්ට් එක දැම්මේ පොඩි කුමාරිහාමි. එයයි, හිරු, මාරයා නැත්තම් අඟහරු අඩවිය නෑ.

    ReplyDelete
    Replies
    1. මට පේන විදිහට තම තමංගෙ බ්ලොග් වල ලිංක් තම තමන්ට රතු පාටිං පේනව වගෙයි. පහළ මදාවියත් ඔහෙම එකක් කියල තිබ්බ‍ා...

      හිට්ස් කමෙන්ට් බලාපොරොත්තුවෙන්න හොඳ නෑ තමා. ලිවීමෙන් අපට ලැබෙන සාමාන්‍ය භාව විශෝධනය සහ තෘප්තිය ප්‍රමාණවත්. කමෙන්ට් වැලට එනකොට හැබැයි ලොකු තල්ලුවක් වෙනව තමයි. වැඩේ කියන්නෙ අපි ලියන ශාස්ත්‍රීය ලිපි වලට වඩා සරළ වින්දනාත.්මක එව්වට තමයි කමෙන්ට් වැටෙන්නෙ. ඒ මත පදනම් වෙලා සරළ වින්දනාත්මක එව්වම ලියන එක නම් අපරාදෙ.

      Delete
    2. visited links තමා ඒ රතු පාටින් පෙන්නන්නෙ...

      Delete
    3. ආ... ඒකයි එහෙනම්. ටැංකිව් දැනුවත් කිරීමට...

      Delete
  11. සියය දහසක් බවට පත්වන දිනය නුදුරේම උදාවේවා..

    ReplyDelete
    Replies
    1. මේ සීයට අවුරුදු තුනක් ගියා. දාහට අවුරුදු තිහක් යයි නේ? :-)

      ගොඩක් ස්තූතියි පූසො... දිගටම එන්න...

      Delete
  12. මගේ සුභ පැතුම් අයියා. හදවතින්ම සුභ ප්‍රාර්තනා කරනවා බ්ලොක් ලෝකෙ දීර්ඝ ගමනක් යන්න වගේම ඩ්‍රැකී පවුලටම නිරෝගී සම්පත් ලබලා සතුටින් ජීවත් වෙන්න ලැබේවා කියාලා.

    කාළෙකින් බ්ලොග් කියවන්න ආවේ. වැඩත් එක්ක එන්න වෙළාවක් තිබුනෙ නෑ අයියා. හොද වෙළාවට මේ පෝස්ට් එක කියවගන්න එන්න පුලුවන් වුනා.

    ආ අර මගෙ බ්ලොග් එකේ ඉන්නවැයි කිව්වෙ කවුද ඩ්‍රැකි අයියෙ? මං ආපු නැති ටික දවසට මොකෙක් හරි ඒකට රිංගලාද? :P

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගා... ඔයා ගෙ සුභ පැතුම යටි පතුළටම දැනුනා...

      අර ඔයාගෙ බ්ලොග් එකට රිංගගෙන ඉන්න ඇංගුලිෆෝමසියා අල්ල ගන්න විදියක් කියන්නං.

      ගන්න බිලී පිත්තක්. ඒකෙ කොක්කට අමුණන්න පරණ කේක් කෑල්ලක්. ඊටපස්සෙ බිලීපිත්ත දෑතිම්ම අල්ලගෙන, යොත ඔළුව වටේ වට තුනක් කරකෝල දාන්න බ්ලොග් එකට. තප්පරෙං අහුවෙයි... ඔය ගල් ආඳයො හරි ආසයි කේක් වලට... හෙහ් හෙහ් හෙහ්...

      Delete
    2. අයියෝ..පරන කේක් ක්වලට නම් අහුවෙන්නෙ නෑ කියන්නෙ අයියෙ.. ඒකා කියනවා ඩ්‍රැකි අයියා ගානෙ අරං දෙන කේක් කෑලි වලට විතරලු අහු වෙන්නෙ.. හෙහ් හෙහ් හෙහ්

      Delete
    3. පරණ කේක් කියල මොනවද ඇමට දැම්මෙ? මං කිව්වෙ පෙරේද විතර ගෙනත් කාල ඉතුරු වෙච්ච එව්ව ගැන. කුම්මැහි කමට පුස් කේක් දැම්මද? එව්ව කන්ඩැහැකිද බල්ලෙකුට? මීකතුරටත් අමුණන්නෙ ක්‍රාෆ්ට් චීස් නෙ.

      කිව්වම මතක් උනේ. අද උදේ ෆ්‍රිජ් එක අරල බලද්දි ඇපල් ගෙඩි අටක් තිබ්බ. මිදු‍ලට දඩාවතේ ආව බල්ලන්ට ගැහුව ඇපල් ගෙඩි අටෙම්ම...

      Delete
  13. යකෝ ලින්ක් ටික දාන්න මාරම කට්ටක් කන්න ඇතිනේ.....

    ජයෙන් ජය වේවා ! ඩ්‍රැකියාගේ බ්ලොග දිනේවා......

    (සහන් ගැන ආරංචියක් තියේද ? )

    ReplyDelete
    Replies
    1. සහන් මාස කිහිපයකට පෙර තරුරසි බ්ලොග් එකේ තරු අක්කාගේ කවියකට කමෙන්ට් එකක් දාලා තිබ්බා.එකේදී සහන් ගෙන් ඇහුවාම කිව්වාම කිව්වා ආයෙමත් ලියන්න පටන් ගන්න බවකුත් ඩ්‍රැකියා විස්තර දන්නා බවකුත්.

      Delete
    2. අපේ සහන් බොස් ආයෙ එන්ඩෝනැ… එකෙන්ම !!!

      Delete
    3. ඒකනම් අපූරු ආරංචියක්.. ඒත් කෝ මේ ඩ්‍රැකියා ??

      Delete
    4. ගොඩක් ස්තූතියි සෙන්නා... මං අර උඩිං කියල තිබ්බ වගේ, වැඩකරන දවස් හතරක් ගියා.

      සෙන්නා, මනෝජ්, පත්තරේ,
      සහන් එහෙම කිව්වට, මාත් එච්චර දෙයක් දන් නෑ. මං මාස ගාණකට කලිං (අවුරුද්දකට විතර කලින් වගෙයි මතක) මේල් එකක් දැම්මා සහන්ට. මොකද තොරතුරු කියල අහල. ඒකට මට එවපු උත්තරෙත් ඔය දේවල් ම තමා තිබුණෙ. ගොඩක් බිසි වෙලා හිටියලු. ළඟදිම ලියන්න පටං ගන්නවලු කියල තමා තිබුණෙ.

      මේක සහන් කියවනවනං, සහන්ට පෙනේවි කොච්චර අය සහන් ආපහු ලියන්න පටං ගන්නවට කැමැත්තෙං ඉන්නවද කියලා. ආර්ථිකය ගැන, ඉතිහාසය ගැන එහෙම සහන් ලියපු දේවල් ගොඩක් හොඳයි. ඒ වගේම තමා යම් අනන්‍යතාවයකින් ලියපු කතා...

      Delete
  14. මමත් ආවේ නිර්නාමිකවද?

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා දස දහස් වාරයක් සමා වෙන්න. ඔබතුමාගෙන් තරම් මම වෙන කිසිම මූලාශ්‍රයකින් පෝෂණය වෙලා නෑ. අන්තිම අහේතුක වැරදීමකින් ඔබතුමාගෙ නම සදහන් වෙලා නෑ. මම ඉක්මණින්ම ඒක හදනවා.

      Delete
  15. සිරි වෙන ගේමක් නෙ සියවෙනි පෝස්ටුවට දීල තියෙන්නෙ...
    නිරෝගී ලේ බීලා බ්ලොග් වයිරසේ එකතු කොරලා තව තව සුපිරි පෝස්ට් බිහිකොරමින් රැඳී ඉඳහං මචං... අවුරුදු හතරක්... එල.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා පැපොල්... :-) ස්තූතියි අගය කිරීමට.

      Delete
  16. බ්ලොග් එකක් ලියන්න ගත්තට පස්සේ තමයි තේරෙන්නේ ඒක කරගෙන යන්න තියෙන අමාරුව.
    මෙච්චර කල් ඇදෙන ආපු වගේ ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා!
    අවුරුදු 4ට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. මාත් බ්ලොග් එක පටං ගත්ත දවස් වල දැනුනෙ ඔහොම තමයි. පුරුදු උනහම නං ඉතිං ඔහෙ ගළාගෙන යනවා...

      ස්තූතියි මහේෂ්...

      Delete
  17. තෝ මගෙ කමෙන්ට් එක ගිල්ලද බහිරවයෝ...? ඉඳපිය ආයෙ දාන්න...

    සුබ පැතුම් ඩ්‍රැකියෝ... උඹත් එහෙනම් මං වගේ එකෙක්වත් අත ඇරලා නෑ නේද..? මග දිගට අපිත් එක්ක හිටපු උන් අමතක කරලා යන්න බෑ තමයි බං. තව ඉස්සරහට යන්න ලැබේවා...

    ReplyDelete
    Replies
    1. /මං වගේ එකෙක් වත්/ මොකද්ද මේ කතාවෙ තේරුම? උඹ බ්ලොග් කාරයෙක් නෙවෙයිද? අනිත් බ්ලොග් කාරයොයි උඹෙයි වෙනසක් තියෙනවද? (මං අහන්නෙ දෙහි මංගල්ල, ගැරඬි දෂ්ට කිරීම්, ගෙටවීම් ආදිය ඇරුනම)

      ස්තූතියි මචං සුභපැතීමට...

      Delete
    2. නෑ බොල... මාත් ඔහොම වැඩක් කලානේ බං...

      Delete
    3. මං දැක්ක මයෙ හිතේ...

      Delete
  18. යකඩෝ... මගේ නමත් තියනවා නෙව .. තව තවත් දෑ ලියන්නට ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා මිත්‍රයා..

    ReplyDelete
    Replies
    1. යකඩෝ... පිත්තලෝ... ඇලුමිනියෝ...!!!

      ස්තූතියි බං..

      Delete
  19. සීයට මගෙනුත් සුබපැතුම් ඩ්‍රැකී. මම නම් දිගටම අවෙ මම හිතන්නෙ ඩ්‍රැකීගෙ ඩ්‍රැකියුලා කතාව කියවන්න. ඊට පස්සෙ නම් ඉතින් ඉඳල හිටල ඔළුව ඔබල යන්න එන්නෙ. උඹලගෙ ගජබින්න පෝලිමත් කොනක ඉඳන් කියවන්න ඕන කියල හිතන් හිටියට තවම වෙලාවක් ලැබුනෙ නෑ බං, මේ අවුරුද්දෙවත් පිළිවෙලකට වැඩේ කරන්න තමා දැනට නම් අදහස.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩීඩීටී... මං හිතාගෙන උන්නෙ ඩීඩීටී දැන් බ්ලොග් ලෝකෙ නෑ කියලයි. දකින්න මාර සතුටුයි...!

      (කලිං කාටදෝ මදුරු බේත් කියල කාඩ් එකක් ගහල තිබ්බ මතකයි... )

      Delete
  20. උඹට සුභ පැතුම්................

    අම්මපා අර අනුත්තරා දැරිවිට මොකෑ වුණේ............... මේක දැක්කාමයි මතක් වුණේ...... අාවෝ ගියෝ ද ????????

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුට්ස්...

      හැබෑට උන්දැට මෙනව උනාද දන්නෑ. මට මතකයි මෙන්ඩද කොහෙද කියල තිබ්බ නිරුත්තරාගෙ අම්මට අසනීපයි කියල...

      Delete
  21. බොහොම ස්තුතියි මගේ නමත් සඳහන් කලාට.
    සුභ පතනවා දිගු ඉදිරි ගමනක් යන්න, සාර්ථක රචකයෙක් වෙලා.
    මගේ බ්ලොග් එකෙත් මුල්ම කොමෙන්ටු දමපු කිහිප දෙනාගෙන් කෙනෙක් තමයි ඔබ. ඒ කොමෙන්ටු මට දුන් ශක්තිය බොහොමයි. ඒ වෙනුවෙනුත් ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මානවි,

      මගෙ තියෙන එක නරක දෙයක් තමා, ෆලෝ කරන හැම බ්ලොග් එකක්ම බලන්න එන්න බැරි වෙන එක. ඒක දැං වත් හදාගන්න ඕනෙ.

      Delete
  22. මචෝ පෝස්ට් සීයක් දානව කියන්නේ ලේසි පාසු කාරියක් නෙවෙයි..
    එලකිරිය එකෙන්ම....
    සසර වසනා තුරු අපි අතරම සැරිසන්න හැකියාව, සත්තිය, දයිරිය ලැබේවා...

    ජ ය වේ වා !!!

    -මාෂල්-

    ReplyDelete
    Replies
    1. ස්තූථියි මාෂල්... ගොඩක්ම ස්තූතියි...

      හා හා බලාගෙන ඔය තාප්පෙ (දඩෝංංංංං...) කෙලීය නේද බොලේ තාප්පෙටම... :-)

      Delete
  23. සීයක් පෝස්ට් වලට දෙසීයක් සුභ පැතුම් !!!!!
    වැඩි වැඩියෙන් ලියන්න ශක්තිය ඩ්‍රැකියට ලැබේවා !!!!

    ReplyDelete
    Replies
    1. දෙසීයක් නේන්නං.. මේ කමෙන්ට් එක ෆෝන් එකෙං හරි ටැබ් එකෙං හරි දැම්මනං ඒක හාරසීයක් කරගන්න තිබ්බා...

      සතූතියි කම්මා, මං ඊයෙ හවස තුනට විතර ගම්පහ රෝහල පාරෙ ගියා. මතක් උනා. ඒ උනාට ගෙදර නැතුව ඇති කියල හිතුණා.

      Delete
  24. උඹ හොඳ බ්ලොගර් කෙනෙක් බව දැනං හිටියා කොහොමත්. උඹ හොඳ යාළුවෙක් කියලා දැනගත්තෙ එදා කතා කරපු වෙලාවෙ. ස්තුතියි මචං හැමදේටම.
    100 ට හද පත්ලෙන්ම උණුසුම් සුභ පැතුම්! උඹ අනික් බ්ලොග් වල ලෝබ නැතිව කමෙන්ට්ස් කරනවා. ඒ අතිනුත් උඹ බොහෝම පරාර්ථකාමී ලක්ෂණ පෙන්වන්නෙ.
    දිගු ගමනක් යන්න සුභ පැතුම්! පෝස්ට් 1000 ක් ඉක්මනින්ම ඇචිව් කරන්න ලැබේවා!
    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. මොකද බොල මගේ නම රතු? මස්කඩේට දක්කන්ටද?

      Delete
    2. අන්ත්‍රාවයි ප්‍රවේසම් වෙනු කියලා වෙන්ටෑ....

      Delete
    3. හනේ මේකා මොකට ආයි ඉපදුනාද මාවම කංට?

      Delete
    4. එහෙම පෙන්නන්නෙ ළඟදිම බල්බ් එක ගහල යන උංගෙ. හැක්...

      Delete
    5. මදාවි,
      පරක්කු උනා උත්තර දෙන්න. වෙරි සොරි ඈ...

      වචනෙං කරන උදව් නං මොනවද මදාවි. මට ඒ වෙලාවෙ දැනුණ අපේ බලු තඩිය මැරිච්ච වෙලේ මට දැනිච්ච දුක. ඒ ගැන කල්පනා කරද්දි මං හිත හදාගත්තෙ කොහොමද කියල මතක් උනා. ඒකම මං ඉතිං උඹටත් කිව්වා... එච්චරයි.

      අර රතුපාට ගැන උඩ අඟහරුවගෙ කමෙන්ට් එකට බුරා දාල තියෙන රිප්ලයි එකේ තියෙනව.

      උඹෙ කියමන මට මතක් කළේ අපි දෙකේ පංතියෙදි කියපු කයියක්.

      "අං පහේ පිංගොනා - මස්කඩේට දැක්කුවා
      ඒකෙ හිටපු තම්බියා - දෙකට කපල තැම්බුවා"

      කැමා සහ ප්‍රසා,
      ඕකව වචනෙං මරන්න එපා බං. දැනටම වළපයයි ගොඩපයයි...

      Delete
  25. මම මේ පැත්තට ඔළුව දැම්මේ මාතලන් ලොක්කාගෙන් පාර අහගෙන වෙන්න ඕන.
    මේකේ පට්ටම ආසාවෙන් කියෙවුකේ ගජබින්නාලංකාරය තමයි.
    එහෙනම් 100ට හදවතින්ම සුබ පැතුම්. තව තව ලියන්න ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්, දැන් නං ගජබින්නාලංකාරෙ හිඳීල තියෙන්නෙ. මං කල්පනා කළේ හිමිංම අමතක කරල දාන්න. කොහෙ? බොලා දෙන්නෑනෙ...

      Delete
  26. සුබ පැතුම් මචං.උඹ සමහර ලිපි ලියන්න විශාල මහන්සියක් ගන්නවා.උඹේ ලිපි නම් කිසිවක් අපතේ ගිහින් නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්. මුල ඉඳම්ම මාව ධෛර්යමත් කරපු කෙනෙක් උඹ...

      Delete
  27. ආයිබෝං මස්සිනා … ලින්ක් ටික දාන්න උඹ මාර මහන්සියක් වෙලා තියනවා බං.සීයක් නෙවෙයි හාරපන්දාහක් ලියහං රෙෂ්පට් එකට !!!
    ළඟදිම හම්බෙමු බොක්කෝ …

    ReplyDelete
    Replies
    1. ළඟදිම හම්බෙමු මචං. උඹව දැකගන්න මාාර ආසයි... :-)

      සීයක් ලියන්ඩ අවුරුදු තුනයි. හාරදහකට? අවුරුදු එකසිය විස්සයි. මං කියන්නං ඩ්‍රැකි පැට්ටට කන්ටිනිව් කරන්ඩෙයි කියල... :-)

      Delete
  28. අර මගේ නමට ලින්ක් කරලා තියෙන බ්ලොග් එක මගේ තනි අයිතියක් නෙවෙයි ඩ්‍රැකී. පොඩ්ඩියි මායි හවුලෙ ලියාපු එකක්. අනික ඒක දැන් අප්ඩේට් වෙන්නෙත් නෑ, කතාව ඉවර කලා. :-D

    ReplyDelete
    Replies
    1. මං දන්නව බුරා. ඒක මාරම රහයි. මං ඇබ්බැහි උනා කියවන්න.

      කමෙන්ටර්ලට ලිංක් කරද්දි, ඒ උදවියගෙ ලේඛන හැකියාව පේන මොකක් හරි ලිංක් එකක් දාන්නයි ඕනෙ උනේ. මට වෙන බ්ලොග් එකක් හොයාගන්න බැරි උනා බුරාට ලිංක් කරන්න.

      Delete
  29. ඔය වගේ වැඩ කරන්න එපා කුමාරයෝ.. තියෙන සිමිත කාලේ ඔතං කනවා කියන්නේ ඕවට.. මං කිව්වේ අර කමෙන්ට් කරපු උං හොය හොය ලින්ක් දාන එක ගැන.. නැත්නං උූඹගේ ලිවිල්ලයි සමාජ භජනයයි බෝම හොදයි.. ඉතිං ජය වෙන්න ඕන ව්ලාඩ් කුමාරයා... සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. සීමිත කාලය ඔතං කනව කියන එක නං ඇත්ත කතාව ලැච්චරයො. ඒ උනාට, ඉඳ හිට ඒ වගේ දේකුත් කරන එකේ මාර තෘප්තියක් තියෙනව.

      ස්තූතියි ලැච්චර, මං මොකක් දැම්මත් උඹ ඇවිත් කමෙන්ට් එකක් දානව. ඒකට ගොඩක් පිං...

      Delete
  30. පෝස්ටුවට අදාල නොවේ,
    ඔය ලින්ක් දාන හැටි කියලා දෙනවද?
    ලොකු උදව්වක්.

    ReplyDelete
    Replies
    1. එඩිටර් එකේ, ඒ කියන්නෙ පෝස්ට් එකක් ලියන්න ඕපන් කරගන්න ස්ක්‍රීන් එකේ, උඩ තියෙන අයිකන් වල තියෙනවා ලිංක් කියල අයිකන් එකක්. ලිංක් එක දාන්න ඕනෙ වචනෙ හෝ වචන කීපය මවුස් එකෙන් හයිලයිට් කරල, ඊටපස්සෙ අර උඩ කියපු ලිංක් කියන එක ක්ලික් කළහම, ලිංක් එක දාන්න ඩයලොග් බොක්ස් එකක් එනව. ඒකෙ ටාගට් පේජ් එකේ ඇඩ්‍රස් එක ටයිප් කරන්න හරි කොපි පේස්ට් කරන්න හරි පුළුවං. එච්චරයි...

      මේක නං මහලොකු උදව්වක් නෙවෙයි. :-) කල් යනකොට, බ්ලොග් ලෝකෙට පරිණත වෙනකොට, මේ වගේ උදව් ආධුනිකයන්ට දෙන්න මහේෂටත් පුළුවං වෙයි. ඒක තමයි කළ යුත්තෙ...

      Delete
    2. ගොඩක් ස්තුතියි මචන් ඩ්‍රැකී,කාර්‍ය බහුල වෙලාවක හරි අපේ පැත්තේ ගිහිල්ලම කියලා දුන්නට..

      Delete
    3. :-) මං හිතුව මේක මගෑරෙයි කියල, පරක්කු උන හිංද. මහ ලොකු දෙයක් නෙවෙයි, මේකෙ දැපු කමෙන්ට් එක කොපි කරල පේස්ට් කළා...

      Delete
  31. මම හෙට ඔක්කොටෝම උත්තර දෙන්නං. පරමාදෙ ගැන වෙරි සොරිය පිලිගන්ටලා...

    ReplyDelete
    Replies
    1. පමදෝ මච්චුනෝ පදං.ඒ හින්දා ප්‍රමාද නොවි රිප්ලයි කරපං...

      Delete
    2. සමහර එව්වා පමා වෙන තරමට හොඳා මනෝ........

      Delete
    3. මනෝ,
      ඕං ආව. අද නං කොහොම හරි ඔක්කොටෝම උත්තර දෙනව.

      මදාවි,
      ඔහොම හිතෙන්නෙ වයසට යනකොට... :-)

      Delete
  32. සීයට ජය ඩ්‍රැකියෝ... තව තවත් පෝස්ටු කෙටීමට වාසනාව හා ශක්තිය ලැබේවායි පතමි. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හේමමාලි, ගොඩක් ස්තූතියි... අපිත් එනව නමුණුකුලිං එහා...

      (අර ජනවාරි පළවෙනිදා සුරංගගෙ ෆෝන් එකෙං එළුපැටියෙක් වගේ කෑගැහුවෙ ඔයා නේ?)

      Delete
  33. හොරගෙඩීයා වගේ ඉදලා ශතකෙකුත් ගැහුවා නෙහ් ජයෙන් ජය ඩ්රැකී සහෝදරයා (තිත් දෙකයි කැපිටල් ඩී)

    ReplyDelete
    Replies
    1. මං මේදවස්වල ඩ්‍රැකිපැටියට දාල තියෙන නම තමා "හොළගෙඩ්ඩා". නිකං මතක් උනා මේ කමෙන්ට් එකේ මුල්ම වචනෙ දැකල...

      ස්තූථිය රංගන සහෝදරයා... අත නෑර ලියමු.!!

      Delete
  34. පමා වූවාට කමා කල මැනව...මගේ අක්මාවෙන්ම ශතකයට සුභ පතමි...මම ආශ්‍ර‍ය කරන හිත හොඳ බ්ලොග් කරුවන්ගේ ලැයිස්තුවේ බොලාත් සිටින වග යලි යලිත් මතක කල යුතු නොවේ...පලක් ඇති දෙයක් නිතරම ලියන ඩ්‍රැකී මාමගෙ ලිපි වලින් මම වඩාත් ආශා කලේ ගජබින්නාලංකාරයට...ඒ වර්ගයේ තවත් ලිපියක් ලගදි දවසක ලියවෙයි නේද...මේ සතුටුදායක දවසෙ සිරා කොලුවා ඩ්‍රැකියානි නැන්දවත් මතක් කලා කියනු හොඳා...

    ReplyDelete
    Replies
    1. උඹ එනතුරු ඊළඟ පෝස්ට් එක ප්‍රමාද කරපු අවස්ථා බරගානක් මේ බ්ලොග් එකේ තියෙනවා සිරා.

      මං ගැන අර කියල තියෙන "හිතහොඳ" කෑල්ල ගැන මට හිතෙන්නෙ මෙහෙමයි. උඹ කවුරු හරි දිහා බලනකොට, උඹට පේන්නෙ උඹේම ප්‍රතිබිම්බය. ඒක කැඩුණු දවසට ඌ උඹට එපා වෙනවා. කොහොම හරි, උඹ කියන දේ ගැන මට හරිම ආඩම්බරයි. ඒ, උඹ කොයි විදිහෙ මනුස්සයෙක්ද කියල මට හොඳටම පැහැදිලි නිසයි.

      ඩ්‍රැකියානි නැන්දත් උඹ මතක් කළා. මෙහෙම,

      "ආ.. ඒ කොළු ගැටෙය ලංකාවට ඇවිත්ද? ආය කවද්ද යන්නෙ? පෙළවාසියක් කරගෙනද? දැං ජය ඇති? මහත් වෙලා නේද තව ටිකක්? දැං ඌ උසට වඩා මහතයි වගේ නේද? ඉස්තකූටරේ තාම තියෙනවලුද? ෆොක්ස්වැගන් එකක් ගන්න පුළුවං ඇති නේද දැං?..."

      ප්‍රශ්න පත්තරයක් බං. මං හිමීට ලිස්සල මාරු වුනා. මයෙ හිතේ තාම උන්දැ හිටිපියවර ඉඳං අහනව එක එක ප්‍රශ්න අර දිවා ගුහාවෙ සක්කරයයි, බුදුන්වහන්සෙයි වගේ...

      ඕං සිරිපතුල පිහිටුවන්ට බුදුන් වහන්සෙ ඇවිත් දිවා ගුහාවෙ වැඩ ඉන්න කොට, ශක්‍ර දෙවියො ආවලු. බුදුන් වහන්සෙ උන්නැහැට බණ දේශනා කරන්න පටං ගත්තලු. ටිකකින් බුදුන් වහන්සෙ වෙන කාරණාවකට යන්න ඕනෙ වෙලා, තමන් වහන්සෙගෙ රූපයක් මවල තියල ශක්‍රයට නොපෙනී එතනිං පිට වුනාලු. දැං අර මවපු බුදුන් බණ කියනවලු ශක්‍රයට. ඉවරයක් නැතිලු. ශක්‍රයටත් ආපහු යන්න ඕනෙ වෙලා, තමන්ගෙ රූපය මවල තියල උන්දැත් ගියාලු.

      කවද හරි අපි නියම දිවා ගුහාව හොයා ගත්තොත්, අර මවපු බුදුන් ගෙන් බණ අහන ශක්‍ර දෙවියන්ගෙ රූපය දැකගන්න පුළුවන් වෙයි...

      Delete
    2. ඔය ලියලා තියෙන්නෙ. ඩ්‍රැකී අයියේ මක්කැයි අර සෝමාවතියෙ තියෙන ෆොටෝ. දෙවි වරු වඩින ඒවයි. සෝමා දේවී එන ඒවයි. ඇත් පැටවුන්ගෙ රූපයි අනේ මං කරකෝලා අතහැරලා වගේ හිතනවා එහෙම දේවල් වෙනවද. ඒවා අප්‍රසිද්ධියේ වුණත් මෙහෙම සී.ඩී වලට දාලා ෆොටෝ අරගෙන ප්‍රසිද්ධ කරනවද කියලත්.මේකෙ ඇත්ත මොකක් ද කියලා දැකගන්න ඕනි අයියා.

      Delete
    3. මං දැක්ක සැරයක් රුවන්වැලිසෑය ගාව අහසෙ වළාකුලකිං හැදිච්ච බුදු රූපයක්. පස්සෙ දවසක ඒ බුදු රූපෙම දැක්ක නුගේගොඩ "මහින්ද එක්ක නැගිටිමු" රැළියෙ පොටෝ එකක.

      සෝමාවතියෙ තියෙන්නෙ, අවුරුදු දෙදාහකට විතර කලිං මියගිය දාර්ශනිකයෙක්ගෙ දතක් නම්, තව මොන ප්‍රාතිහාර්යද?

      බුදුන් වහන්සෙ දේශනා කරල තියෙනව, (මට මේ වෙලාවෙ තැන මතක නෑ,) ලෞකික වාසි තකා ප්‍රාතිහාර්ය පාන්න එපා කියල. සෝමාවති චෛත්‍යය වටේ ඔය රූප ගහල ප්‍රදර්ශනය කරන්නෙ ඒ එපා කියපු අරමුණ ම ඉෂ්ට කරගන්න නේද?

      Delete
  35. සියවෙනි බ්ලොග් එකට සුභම සුභ පැතුම් අයියා. කූඹිච්චියෙක් වුණ මාවත් මතක් වුණාට බොහෝමත්ම ස්තුතියි.අයියාගේ බ්ලොග් ඔක්කෝම වගේ මතකයි. අර කිව්වා වගේ සරල රස වින්දනයට තමා අපි ගොඩාක් නැඹුරු වෙලා තියෙන්නෙ. ඔළුව මඤ්ඤං වුණ වෙලාවට ඒවාත් ගොඩාක් වටිනවා අයියා.. ජය වේවා!!! දිගටම මේ අවකාශයේ රැඳෙන්නට ශක්තිය කාලය ලැබේවා..!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි කූඹිච්චි නංගා, ඔයාගෙ කමෙන්ට් එක දැක්කම. (කාඩ් එකකුත් ස්වයංම ගහගෙන තියෙන්නෙ ඉතිං)

      ස්තූතියි ආයෙමත්.

      Delete
  36. ඩ්‍රැකී, මමත් ඔබට සුභ පතනවා, තව දුරටත් හිතන මිනිසුන්ගේ කථා කියැවීමට මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්.
    මම මෙතැනට ආවේ ඔබේ 99 වැනි ලිපිය කියැවීමටයි. ඒකෙන් මම ඔබේ බ්ලොගයට කැමති වුනා. 1 සිට 98 දක්වා වූ ඔබේ කිසිම ලිපියක් මම තවම කියවා නැහැ.
    හෙමින් සැරේ ඉඩ ලැබෙන හටියට කියවන්න හිතනවා.
    ඔබට ජය.!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, සිතුවිලි සි. මගේ සෑම ලිපියක්ම 99 වැන්න වගේ නෙවෙයි. බහුතරයක් සරළ වින්දනාත්මක ලිපි. මෙතෙක් ලියැවුනු ලිපි වල වර්ගීකරණයක් එක්ක පටුනක් දාන්න පුළුවන්නං හොඳයි කියල හිතෙනවා.

      ඔබටත් ජයවේවා! ඔබගේ කැමැත්ත දිගටම තියාගන්න මං උත්සාහ කරනවා...

      Delete
  37. සුන්දර ආවර්ජනයක් , මගේ නම් පළමු පැමිණීම වෙන්නට ඕන . මොකද පහුගිය වසර පුරාම ඒතරම් සිංහල බ්ලොග් අතරේ රැඳුනු නැති තරම් . නැවතත් මාත් සිංහල බ්ලොග් අතරේ ඉඩක් ලැබෙන විටෙක රැඳෙන නිසා එන්නම් ඔබේ රසකකා (ඩ්‍රැකිය්‍යුලා කතා ) කියවන්න . ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්... මයෙ කල්පනාව, පහු වෙලා මේ පහුගිය සීයට හොඳ පටුනක් හදල පෝස්ටුවක් විදහට දාන්නයි. එතකොට කාට හරි තමුං කැමති කැමති විදිහට කියවන්න ලැබෙයි නෙ.

      Delete
  38. සුබපැතුම්. ඔන්න මාත් එල්ලුණා. අන්තිම ලිපිය විතරයි තාම කියෙව්වෙ. අනෙක් ඒවටත් යන්නම්.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වෙල්කම්... අනිත් එව්වනෙ කියවන්න ඕනෙ. මේක නං මොකද්ද?

      Delete
  39. Draky onna ada endala mamath oyage blog eke yaawajeewakayek.
    anith blogs wala thiyana oyage comments nam (blogs kiyawanna patan gaththa maasa hatharaka sita) nowaradawa kiyawala thiyanawa.
    mul kaalaye sitama oyage blog ekatath
    enna thibunaanam hondai neda kiyala dan
    sithenawa.
    godaak honda idea ekak oya MAHESHge saha SITHUWILI Cge comments walata deela thiyanne, api wage aluthin blogs walata ena ayata eaka godaak prayojanawath saha pahasuwak wewi.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සෙනරත් මහත්මයා, අගය කිරීමට. මෙහෙට මම සාදරයෙන් පිළිගන්නවා. ඔබතුමා බ්ලොග් එකක් ලියනවද? මට ඒ ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරි උනා.

      Delete
    2. naha Draky mata thawama blog ekak naha.
      danata blogs 30 withara ( for the reading) sarisaranawa.
      ema godaak blogwala oyawa dakinawa.

      balamu thawa mehema tika dawasak giyaaden, eeta passe blogs mithurekuge udaw aran ekak atawa gannawa.
      :) .... mokada Prasanna wage awruddata post dekak hari daaganna bariya. :D

      Delete
    3. නියමයි. ප්‍රසන්න තමයි හොඳම උදාහරණෙ. කිසිම කෙනෙක් බැඳිල නෑ මාසෙකට මෙච්චරක් පෝස්ට් දානවයි / දැමිය යුතුයි කියල. පොඩ්ඩ හරි ලියන එකයි වැදගත්. ඒ වගේම වැදගත් කියවන්නන්ගේ දිරිගැන්වීම. හැමෝම ගම හරහ දුවන් නෑනෙ. ඒ වුනාට වතුර ගහන අයගෙ සපේට් එකෙන්ගෙ දුවන උදවිය දුවන්නෙ... නේ?

      Delete
  40. A wagema oyage posts centurya ganath mage sathuta palakarana athara,
    double century ekedith apita munagasenna labewaa kiyaa wish karanawa.!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි. මාව හොයාගෙන ඇවිත් සුභපැතීම ගොඩක් ම දැනුනා. මගෙ පාඨකයන් මා සමඟ තියාගන්න මම උපරිම උත්සාහ දරනවා මෙතැන් සිට...

      Delete
  41. සීයට සුභ පැතුම් ඩ්රැකි,මේ සීය ලගදිම දෙසීය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,අතිතාවර්ජනේ නම් මසුරන් ඩ්රැකි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රස්ති... දෙසීය වෙන්න නං තව අවුරුදු තුනක්වත් යයි.

      Delete
  42. එක අතකින් අපි වගේ පිරිසක් එක්ක බ්ලොග් කෙලිය කෙලින්න ලැබීමම උඹ පෙර කල පිනක් නිසා ලැබුන චෑන්ස් එකක්. උඹේ වටිනාකමකට කියල තියෙන්නෙ උඹට ඒ විත්තිය මතක තිබීම

    ReplyDelete
    Replies
    1. මොකෝ මට මතක නැතුව ඕනෙ? උඹේ එක පෝස්ට් එකක් මගෙ සීයටම වඩා රහයි. උඹ ලියන්නෑනෙ... සැක් ඉතරක්.

      Delete
    2. මොනව උනත් කලට වෙලාවට කොමෙන්ට් කරන කොල්ලෙක් උඹ . . ආඩම්බරයි

      Delete
  43. ආ . . . කියන්න අමතක උනා . . .
    සීයට සුබ පැතුම්. ඉක්මනින්ම සීය පනහ වෙන්න අවස්තාවක් ලැබෙන්න පතනව

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ඕනෙ ටැංකිව්.

      සීය පනහ ඈ...?

      Delete
  44. මුල අමතක නැති උඹ එල කොල්ලෙක් ඩ්‍රැකියෝ ! ජය වේවා !

    ReplyDelete
    Replies
    1. එළ එළ ගැබෝ... උඹටත් ජය වේවා!

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි