අභයගිරිය විකාශය සහ ලංකාවේ දර්ශනයට එහි බලපෑම...

www.imagesofceylon.com/ruins

පණ්ඩුකාභය රජු ගේ නගර නිර්මාණ සැළසුම ට අනුව ජෛන තවුසන් ගේ ආරාම නගරය ට උතුරු දෙසින් ඉදිකෙරුණි. ඛල්ලාටනාග රජු පහ කිරීම ට කුමන්ත‍්‍රණය කළ කුමාර වරුන් ති දෙනෙක්, කුමන්ත‍්‍රණය හෙළි වීමෙන් පසු, ගිරි නම් ජෛන පූජකයෙකු ගේ ආරාමයේ වූ දර සෑය ට පැන දිවි නසා ගත් බව ද, එහි පසුව අග්නි ප‍්‍රවේශ චේතියනමින් ස්ථූපයක් ඉදි කෙරුණු බව ද පැවසේ. වළගම්බා රජු මෙම ජෛන ආරාමය බිඳ, ක‍්‍රි. පූ. 89 දී පිරිවෙන් 12 කින් යුත් අභයගිරි විහාරය කරවී ය. රජු ගේ සහ නිඝණ්ඨයා ගේ නම් එක් වීමෙන් මෙම ස්ථානය අභයගිරි නම් වී යැයි මහාවංශයේ වන සඳහන, අභයගිරියට අපහාස මුඛයෙන් කළ සඳහනක් ලෙස සැළකිය හැක. මෙම කාලයේ බොහෝ ආරාම වල නම් අවසන් වන්නේ ගිරියනුවෙනි. වෙස්සගිරි, දක්ෂිණ මේඝගිරි, චේතියගිරි, බෝ උපුල්වන් කසුප් ගිරි යනු ඒ සඳහා උදාහරණ වේ. එහෙයින් අභය රජු කරවූ ආරාමය අභයගිරි වන්නට ඇතැයි යන ටී. ජී. කුළතුංග මහතා දක්වන අදහස වඩා පිළිගතහැකි මතය කි.

උතර, අබය උතර, අබයතුරා, අබාගිරි, අබගිරි මහ වෙහෙර, අබහයිගිරි ආදී වශයෙන් සෙල් ලිපි වල සහ සාහිත්‍යයේ සඳහන් වන්නේ මෙම විහාරාරාම සංකීර්ණය ය. ඇතුල් නුවර ට උතුරින් පිහිටි හෙයින් මෙම ආරාම සංකීර්ණය උත්තර නම් වන්නට ඇත. අභයගිරිය ත්, මහාවිහාරය ත් අතර ගැටුම අභයගිරියේ උත්පත්තියේ සිට ම ඇති වූව කි. මහාවිහාරය ට මෙය ඉතා දරුණු වූයේ මහසෙන් රජ දවස ය. ආරම්භයේ දී ආවාස දොළසකින් යුක්ත වූ අභයගිරිය, වළගම්බා රජුගේ ත්, අනුප‍්‍රාප්තිකයන්ගේ ත් අනුග‍්‍රහය නිසා නොබෝ කලකින් ම ආයතනික හා සාමාජික වශයෙන් ද, විදේශ සම්බන්ධතා සහ ජනප‍්‍රියතාව අතින් ද දියුණු විය. මේ වන විට අභයගිරි විහාරය තුළ සංඝාරාම විසි හතක් විය. තොළුවිල, මිහින්තලය, පූර්වාරාමය, කිරිබත් වෙහෙර, විජයාරාමය, පන්කුළිය අශෝකාරාමය සහ දක්ඛිණ විහාරය ද අභයගිරිය යටතේ පැවති ආයතන විය. ක‍්‍රි. . 412 දී අනුරාධපුරයේ විසූ ෆාහියන් භික්ෂුව එකල අභයගිරියේ භික්ෂූණ් වහන්සේ පන් දහසක් පමණ විසූ බව සඳහන් කර තිබේ. එතුමා ට අනුව මහාවිහාරයේ සිටි භික්ෂූණ් වහන්සේ ගණන තුන් දහස කි. ඇතුල් නුවර දළදා මාළිගයේ සිට අභයගිරිය වෙත ගිය වාර්ෂික පෙරහැරක් ද එතුමා විසින් විස්තර කර තිබේ. දන්ත ධාතුවේ භාරකාරත්වය ද අභයගිරිය සතුව පැවතුණි. දළදා මැදුරේ සිට අභයගිරිය දක්වා ගමන් කළ පෙරහැරෙන් පසු අභයගිරියේ දී තෙ මසක් පුරා දළදා ප‍්‍රදර්ශනය කරවූ බව සඳහන් වේ.

දන්ත ධාතුව සේ ම, දඹදිව බෝධි මණ්ඩ විහාරයේ පැවිදි ව සිටි තෙර නමක් කේෂ ධාතු රැගෙන ආ පසු, එය ද අභයගිරි විහාරය භාරය ට පත් කෙරුණි. එම භික්ෂුව ට පසුව සිලාකාල නමින් රජවීම ට ද මෙය හේතු වන්න ට ඇත. එම රජ දවස කසී රටෙන් පූර්ණ නම් වෙළෙඳා ධර්ම ධාතුව වැඩමවූ බව ද සඳහන් වේ. බුදුන් ගේ ධර්ම කාය වෙනුවෙන් පූජා පැවැත්වීම සහ ධර්ම ධාතු නිධන් කොට චෛත්‍ය තැනවීම ආරම්භ වන්නට ඇත්තේ මෙයින් පසුව ය. ඉදිකටු සෑයේ සහ විජයාරාමයේ මෙසේ නිධන් කරන ලද ධර්ම ග‍්‍රන්ථය ක පිටපත් හමු වී තිබේ. එසේ ම අභයගිරි ස්ථූපය ද කසුප් නම් රජෙක් ධර්ම ධාතු තැන්පත් කර එකසිය විසි රියන් කොට බැඳවූ බව සඳහන් වේ.

මහා විහාර දෙක අතර හය වන සියවසේ පැවති ගැටුමෙන් මහාවිහාරය ට ජය අත් විය. ඉන්පසු රජ පැමිණි රජවරුන් මෙම ආයතන දෙක ම පිළිබඳව මැදහත් ව සිටීම නිසා අට වන සියවසේ සිට දහ වන සියවස දක්වා ප්‍රකට ගැටුමක් ඇති නොවී ය. හත් වන සහ අට වන සියවස් වන විට අභයගිරිය, උත්තර මූල, කපාරා මූල, මහනෙත් පා මූල සහ වහදු මූල නම් වූ පීඨ හතරක් සහිත උසස් අධ්‍යාපන ආයතනයක තත්ත්වය ට පත් ව තිබුණි. නව වන සියවසේ දී අභයගිරිය මඟින් ඉන්දුනීසියාව සහ ජාවා දිවයින් හි බෞද්ධ ධර්මය පැතිරවූ බව ට සාධක ඇත. මෙම රාජ්‍ය වල අභයගිරි නමින් විහාරාරාම තැනවුණු බව, එම රට වල පුරාවිද්‍යාත්මක පර්යේෂණ වල දී හමු වූ අභිලේඛන වලින් හෙළි වී තිබේ. ජාවා රටෙන් හමු වූ එවැනි එක් සෙල් ලිපියක අභයගිරි සිංහල භික්ෂූණ් ගේ ආරාමයයැයි සඳහන් වේ. චීන මූලාශ‍්‍ර වලට අනුව, චීනයේ මෙහෙණි උපසම්පදාව පිහිටුවන ලද්දේ අභයගිරියේ ලංකාරාමයේ සිට වැඩමවූ තිසාරා තෙරණිය ප‍්‍රමුඛ තෙරණි වරුන් විසින් බව කියැවේ. පාළි ව්‍යාකරණ ග‍්‍රන්ථයක් වන කච්ඡායනා වර්ණනාව ලියූ මහ විජිතාවි තෙරුන් බුරුමයේ විජයපුර අසළ පිහිටි අභයගිරි විහාරයේ විසූ තෙර නම කි.

පෙර දවස ලක්දිව පැවති මූලායතන අට කි. උත්තර මූල, ගලතුරු මූල, මහනෙත් පා මූල, වහදු මූල, දකුණු මූල, සෙනෙවිරත් පා මූල, විල්ගම් මූල සහ කපාරා මූල යනු ඒ ආයතන වේ. අනුරාධපුර යුගයේ මෙයින් හතරක ම මධ්‍යස්ථාන පිහිටියේ අභයගිරි විහාරය තුළ ය. මෙයින් පැරණිතම පිරිවෙණ වන්නේ කපාරා මූලය යි. එය දාඨෝපතිස්ස රජු (659 - 667) විසින් ආරම්භ කරවන ලදි. සංඝ නන්දි තෙරුන් විසින් පිහිටුවන ලද සෙල් ලිපියක් අනුව මෙම ආයතනය කුට්ටම් පොකුණ ට උතුරින් පිහිටි පිරිවෙණ බව හඳුනාගෙන තිබේ. (මෙහි ඇති එක් සංස්කෘත සෙල් ලිපියක නිවැරදි දින වකවාණු සහිතව ක‍්‍රි. ව. 995 ජූලි මස 14 දින සිදු වූ චන්ද්‍රග‍්‍රහණයක් පිළිබඳව සඳහන් වේ.)

පස් වන අග්බෝ රජු (718 - 721) මහා නේත‍්‍ර පාදික නම් විහාරය කරවූ බව සඳහන් වේ. බෙල් මහතා පවසන්නේ නියම්ගම් පාය, මයුරපාද, අභයසුන්දරාරාම යන නම් වලින් හැඳින්වෙන්නේ ද මහනෙත්පා මූලය ම බව ය. මානවම්ම රජු (684 - 718) ඇසක් අන්ධ වූ සිය වැඩුමල් සොහොයුරා පැවිදි කොට, උත්තර මූල විහාරය ඉදි කරවා, එහි අධිපති කම පවරා, දළදාවේ භාරකාරත්වය ද එයට පැවරී ය. මේ හේතුවෙන්, උත්තර මූලය අනෙකුත් මූලායතනයන් හට ප‍්‍රධාන විය. දෙ වන මහින්ද (777 - 797) රජු කපාරා මූලයෙහි ද, උත්තර මූලයෙහි ද ආවාස ඉදි කරවී ය. වහදු මූලය ඇරඹුනේ ද මානවම්ම රජු විසිනි.

උසස් තාක්ෂණික ඥාණයකින් කෙරුණු කාර්මික නිර්මාණ රැසක් අභයගිරිය ආශ‍්‍රිතව හමුවී තිබේ. පට්ටලයක ලියවා ඔප දැමූ පළිඟු, කිරිගරුඬ කරඬු, පළිඟු මුද්‍රා සහ කානේලියන්, අඹතේස්ත, අගස්ති ආදී පාෂාණයන් ගෙන් කපා ඔප දමන ලද පබළු, සියුම් කැටයමින්  යුත් රන් ආභරණ, ශක්තිමත්ව තනා දීප්තිමත්ව ඔප දමන ලද මෝස්තර සහිත විවිධ මැටි බඳුන් ආදිය මෙවැනි නිර්මාණ අතර වේ. අඩක් නිම කරන ලද කරඬු සහ පබළු ද හමුවීමෙන් මේවා මෙහිදී ම කරන ලද නිර්මාණයන් බව පැහැදිළි වේ. විවිධ වර්ණ ගන්වන ලද වීදුරු නිර්මාණය ද මෙකල දැන සිටි බව පෙනේ. අභයගිරි භූමියේ කැණීම් වලින් සොයාගන්නා ලද උදුන් සහ කෝව සහිත තාවකාලික සහ ස්ථාවර කම්හල් කිහිපය කි. ගොඩනැගිලි පවුරු අසළින්, පොළොව මතු පිටින් ම වාගේ හමු වන තාවකාලික කම්හල් වලින් පෙනෙන්නේ ගොඩනැගිලි ඉදි කිරීමේ දී එයට අවශ්‍ය වන ඇණ ආදී ලෝහ නිර්මාණ එහිදී ම තනා ගන්නට ඇති බව ය.

රන්කරුවෙකු ට අයත් කම්මලක් ද අභයගිරියේ උත්තර මූලයේ රන් පොකුණ අසළින් හමු වී තිබේ. උදුන් සහ කෝව ට අමතර වල ඒ අසළ ම පිහිටි පොකුණෙන් රන් කහවණු ද, රන් ඵලක පහක් ද සොයාගෙන තිබේ. එසේම හමු වී ඇති ලෝකඩ බුදු පිළිම මෙහිදී ම නිපදවාගන්නට ඇති බව ට සාධක තිබේ. යාපනයේ සේතු කාසි සහ පෘතුගීසි කාසි හැරුණු කොට, ලංකාවේ ප‍්‍රථම කාසිය වන හස් එබූ කහාපණය පටන් ඇතා සහ ස්වස්තිකය, ශ‍්‍රී ලක්ෂ්මි කාසි, ගව සිංහ කාසි ආදී සියළුම දේශීය කාසි වර්ග ද පැරණි දකුණු ඉන්දීය, රෝම, ඉන්දු - රෝම කාසි ද අභයගිරියෙන් හමුවී තිබේ. මෙහි රන් කහවණු නිපදවීම ද සිදු කෙරී ඇති බව ට ස්වර්ණ ඵලක පිණ්ඩ හමුවූ රන්කරුවාගේ කම්හල සහ ක‍්‍රි. . නව වන සියවස ට අයත් කාසි අච්චු මඟින් පැහැදිළි වේ.

අභයගිරි භූමියෙන් හමු ව ඇති සෙල් ලිපි ගණන හැටක ට අධික ය. මේවා ක‍්‍රි. පූ. පළමු වන සියවසේ සිට ක‍්‍රි. . එකොළොස් වන සියවස දක්වා කාලය ට අයත් වන අතර පැරණි සිංහලෙන් සහ සංස්කෘතයෙන් ලියවී තිබේ. මේ අතර වන බ‍්‍රාහ්මී අක්ෂරයෙන් ලියැවුණු දමිළ ගෘහපතීන් ගේ සෙල් ලිපියේ අභයගිරියේ ද්‍රවිඩ භික්ෂූණ් වහන්සේ සහ ද්‍රවිඩ දායකයින්  පිළිබඳව සඳහන් වේ.

අභයගිරි විහාරයෙන් ලියැවුණු ග‍්‍රන්ථ පිළිබඳ විස්තර අපට දැනගත හැක්කේ සෙල්ලිපි, පැරණි පොතපතේ එන සඳහන් සහ විදේශයන් හි ඇති අභයගිරි පුස්තක වල පිටපත් ආශ‍්‍රයෙනි. ඒ අනුව, මහාවංශය ට සමරූපී උත්තර විහාර වංශය, මහාවංශ අට්ඨ කථා වලට ද ගුරු වූ උත්තර විහාර වංශ අට්ඨ කථා, මහා බුද්ධරක්ඛිත හිමි විසින් රචිත පැරණිම ලෝක ඉතිහාසය ලෙස සැළකිය හැකි රාජවංශ පුස්තකය, විසුද්ධි මග්ගය ට ගුරු කොට ගත්තේයැ යි සැළකෙන උපතිස්ස හිමි ගේ කෘතියක් වන විමුක්ති මග්ගය (මෙහි දැනට ඉතිරිව ඇත්තේ සංඝපාල තෙරුන් විසින් කෙරුණු චීන පරිවර්තනයක් පමණි), පාලි ජාතකට්ඨ කථා, සම්පිණ්ඩ මහ නිදානය (තවමත් අමුද්‍රිත මෙය කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙහි ඇති සමහර කථා ජනප‍්‍රවාදය වෙත මුසු වී ඇති අතර, සද්ධර්මාලංකාරයේ ද අඩංගු වේ.), නමස්කාර වර්ණනා (බුත්සරණ සහ පූජාවලිය වැනි භක්තිවාදී ග‍්‍රන්ථය කි.), මැදුම් සඟි අටුවාව, සහස්ස වත්ථුව, චතුස්ශතකය, ආනන්ද හිමියන් ගේ සද්ධම්මෝපායනය ආදී කෘතීන් මෙන් ම, අභයගිරියේ සිට පළමු වන කාශ්‍යප රජු වෙත සීගිරිය ට යවන ලෙස ලියැවුණු, ලංකාවේ ප‍්‍රථම දූත කාව්‍යය විය හැකි ශ‍්‍රමණ දූතය වැනි සාහිත්‍ය ද, උත්තර මූලයේ මුගලන් හිමියන් විසින් ලියැවුණු පාළි මොග්ගල්ලාන ව්‍යාකරණය වැනි ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ ද, අභයගිරියේ කෘතීන් වේ.

චෝළ අධිරාජ්‍යයේ ආක‍්‍රමණයේ දී අනුරාධපුරයේ බොහෝ ආයතන සේම අභයගිරිය ද ව්‍යසනය ට පත් විය. පළමුවන විජයබා රජු රට එක්සත් කළ පසු බොහෝ නායක හිමි වරුන් අගනුවර සමඟම පොළොන්නරුව ට විතැන් වූ අතර කාළිංග මාඝ ගේ ආක‍්‍රමණයේ දී එම විහාරාශ‍්‍රිත අධ්‍යාපන ආයතන වනගත වී විනාශ වී ගියේ ය.

එහෙත් අභයගිරිය මඟින් ඇති කරන ලද අධ්‍යාපනික සම්ප‍්‍රදාය විනාශ නොවී ය. මහා පරාක‍්‍රමබාහු රජ ඇවෑමෙන්, දළදා මාළිගයේ ආරක්ෂාව පිණිස වේෙළෙක්කාර හමුදාව නිළ කරන ලද්දේ එවක රාජගුරු තනතුර දැරූ, උත්තර මූල නායක නායක හිමි වූ මුගලන් තෙරුනි විසිනි. අනුරුද්ධ ශතකය ලියූ අනුරුද්ධ හිමියෝ උත්තර මූල යතිවරයෙකි. කුරුණෑගල සිව්වන පරාක‍්‍රමබාහු (1302 - 1326) රජ දවස විසූ තොටගමුවේ විජයබා පිරිවෙන් පති කායසත්ති හිමියෝ ද, කෝට්ටේ යුගයේ තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියෝ ද උත්තර මූලය ට අයත් වූහ. කෝට්ටේ යුගයේ දී ලියැවුණු කුවේණි අස්න ද උතුරු මූල තෙර නමකගේ කෘතිය කි. දඹදෙණි යුගය ට අයත් පූජාවලියේ කතුවර බුද්ධපුත‍්‍ර හිමි මහනෙත් පා මූල භික්ෂූණ් වහන්සේ නම කි. සිව්වන පරාක‍්‍රමබාහු රජු, පසුව මහනෙත් පා මූලයේ මධයස්ථානයක් බවට පත් වූ වීදාගම ඝණානන්ද පිරිවෙණ කරවා, සොළී රටෙන් මෙරට පැමිණි ශ‍්‍රී රාජගුරු හිමියන් ට පූජා කළේ ය. කෝට්ටේ යුගයේ දී එහි අධිපති වූ රන්මත්ගොඩ හිමියන් ද, උන්වහන්සේ ගේ අනුප‍්‍රාප්තික වීදාගම මෛත‍්‍රය හිමියන් ද මෙම මූලායතනයේ සුප‍්‍රකට පඬිවරු වෙති.

පිරිත් දේශනා වල බලයක් ඇතැයි වන විශ්වාසය, විහාරාරාම තෙර නමක ට පෞද්ගලිකව පිදීම හා ඒ ඇසුරින් බිහි වූ භික්ෂු පරම්පරානුගතව විහාර අයිතිය පවත්වා ගැනීම, අතීත බුදුවරුන් ඇදහීම, සර්වඥ ධාතු පවතින තුරු බුදුන් වහන්සේ වැඩ සිටින බව විශ්වාස කිරීම, බෝධිසත්ත්ව සංකල්පය, ඒ හා සම්බන්ධ වන ජාතක කථා සාහිත්‍යය හා පිළිම අභිෂේකය, රජවරුන් බෝසත් වරුන් බවට පත්වීමේ සංකල්පය, බුදුන් මහා පුරුෂ ලක්ෂණ සහිත අසමසම පුද්ගලයෙකැයි යන අදහස, ධර්ම ධාතු හා ධර්ම ග‍්‍රන්ථ වන්දනය සහ භක්තිවාදී ග‍්‍රන්ථ රචනය අභයගිරියෙන් බිහි වූ මහායානික ආභාසයේ ප‍්‍රතිඵලයන් ලෙස දැකිය හැක. බුදුන් ලක්දිව වැඩමවූ බව මුල් වරට සඳහන් වන්නේ ද මහායානික සූත‍්‍රයක් වන ලංකාවතාර සූත‍්‍රයේ ය. පැරණි ත‍්‍රිපිටකයේ නොවූ, පිරිත් සූත‍්‍ර එක් කොට සතර බණවර හෙවත් පිරුවාණා පොත් වහන්සේ සංග‍්‍රහ කෙරුණේ මහායාන ආභාසයෙනි. බුදුන් ගේ දර්ශනය ඇතුළත් කොට ආනන්ද හිමියන් විසින් රැුස් කෙරුණු සූත‍්‍ර, සජ්ජායනයෙන් අහිතකර බලවේග දුරු වෙතැයි ද, ශාන්තිය සැළසේයැ යි ද යන පසුකාලීන සංකල්පයේ ආරම්භය මෙහි මුල යි.  තෝනිගල සෙල්ලිපියේ ද සඳහන් වන අරියවංශ වෘත්තිය ද මෙහි ප‍්‍රතිඵලය කි. ලක්දිව ප‍්‍රථම පිරිත් උත්සවය පැවතුණේ උපතිස්ස (366 - 410) රජ දවස ය.

මූලාශ‍්‍ර

මහාචාර්ය කුලතුංග , ටී. ජී. - අභයගිරි විහාරය
සුමංගල හිමි, පිටිපන - අභයගිරි සංස්කෘතිය
Geiger, Wilhelm - Concise Mahavamsa
Mittons, G. E. - Lost Cities of Ceylon  - 1917
Ricalton, James - The City of the Sacred Bo-Tree. (Anuradhapura.) - 1891

ප/ලි

මෙයට එකතු කරන කමෙන්ට් අදහස් වලට, අද දින පිළිතුරු දීමට මා අපොහොසත් වුවහොත්, නැවත පිළිතුරු දීමට හැකිවන්නේ සඳදා දින බව කරුණාවෙන් සළකන්න...

122 comments:

  1. වැදගත් පොස්ටුවක්...

    හිතුවක්කාරී නම් වෙනස් කළා කියල දන්නේ නෑ නේ ඩ්‍රැකී ඔයා..දැන් ඉන්නේ ගිම්මි හොදෙයි...
    http://gimmigekolama.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මොකෝ මං නොදැන? මයෙ බ්ලොග් රෝලත් අප්ඩේට් කොළා ගෙම්බිගෙ කොළම ඇතුලත් කරගෙන... :-)

      Delete
    2. අනේ පව් ගෙම්බි හැමෝටම කිය කියා යනවා.

      ගිම්මි මිනිහට යන්න පුලුවන් පැයට සැ. කොච්චරක්ද වේගෙකින්. හැක්

      Delete
    3. පැයට කිලෝමීටර් 43 යි. උපරිම (මට මතක හැටියට)

      Delete
    4. අනේ මේ අසරනිට වෙච්ච හරියක්...මාව කොලොප්පමට එහෙම ගන්නවා නෙමේ...මන් හරි වසයි මෙම හිටියට... :P

      Delete
    5. ඔව් ඔව්. කොනිති ගහනවලු රිදෙන්නම... :-) මං මේ බිත්තර කට්ටක් අස්සෙ ඉඳං කමෙන්ට් කරන්නෙ. මහේෂයො උඹත් ගහකට හරි නැගගං.

      Delete
    6. "කටගැස්ම වී මා ලෝකෙට පේනවා
      තලුමරා මාවම බයිටට ගන්නවා"

      Delete
    7. සිංදුවො උඹත් දුවහං. ඕන්න ඕකි එනව තඩි ඉරටෙයක් අරං...


      මං දැං යනව. ඉතුරු එව්වට උත්තර සඳුදට බලාපොරොත්තු වන්න.

      Delete
    8. ඈ බන් ඩ්‍රැකීයෝ තව ටිකක් ස්පීඩ් කරගන්න බැරිද

      අම්මේ ගෙම්බි(සොරි සොරි ගිම්මි) එච්චර වසයිද බන්

      ඔන්න ගිම්මියෝ ඔය නම දැම්මේ ඩ්‍රැකීයුලා අපිනම් නෙමේ..

      Delete
    9. matath hithuna "wasa gemmbi" kiyala roolata daaganna. :D

      Delete
    10. දෙයියනේ.......මන් නැති අතරේ මෙතන වෙලා තියන දේවල්.....ඩ්‍රැකීයෝ..හිටුකෝ මන් ඔය හැංගිලා ඉන්න බිත්තර කට්ට කුඩු වෙන්න වැලි කැට බෝම්බයක් ගහනවා....

      Delete
    11. සින්දුවෝ....හැක..මාව බයිටට ගන්න..ඒවා කොහෙද,එක ඉරටියක් නෙමේ...ඉරටි දෙකක් අරන් එන්නේ මන්...මහේෂ් එක්ක ගහකට වත් වෙලා ඉන්න වෙයි හොදෙයි... :D :D

      Delete
    12. Mahesh Samantha ඩ්‍රැකියා දැම්ම කියල බේරෙන්න බෑ... දැලබු ෆ්‍රෙඩෙක් මට දුන්නා නුලක්... ගැටගහනවා හොදෙයි ගහටම තියල :D :D

      senarath fernandoහැක...කමක්නෑ මෙයා ඔයාගේ ආසාවනේ...හැබැයි අර ඩ්‍රැකියට දෙන වැලි කැට බෝම්බයක් ඔය පැත්තටත් බලාපොරොත්තු වන්න හොදෙයි :D :D

      Delete
    13. හී හී ඔයාට මාවයි ඩ්‍රැකීවයි අල්ලන්න බැරියෝ.. අපි ඉන්නේ කැරකෝප්පුවේ..

      Delete
    14. මන් කරකොප්පුවට බය නෑ හ්ම්හ් ...මන් යෝගට් කාල චන්ඩි බන්ඩි වෙලා ඉන්නේ හිකිස්....මන් ආවම ඔකේ ඉන්න ඈයෝ බයවෙයි ඈ... :D :P

      Delete
    15. අම්මෝ... ගිම්මිගෙ සැර.....!!!!

      මේ ගෙම්බිට අහුවුනොත් නං මාව ආයෙම මරයි...

      සෙනරත්,
      මේ මේ... මාව බේරල ඕනෙ එකක්...

      මයියො,
      අයිං වෙය ඔතනිං. ඕක මයෙ කොෆින් එක. උඹට ඕන්නං වෙනිං එකක් හොයාගනිං. ඕක ජයරත්නගෙං ගන්න මට සෑහෙන ගාණක් ගියා. හැම එකාම චූ කෙල්ලංගෙං බේරෙන්න ඇවිත් මේක අස්සෙ රිංගන්න ගියොත් හොඳට හිටියි.

      Delete
    16. හැක හැක මෙන්න මෙය බය වෙලා....:P :P

      Delete
    17. මාත් ගේමට සෙට් උනේ දෙකයි පනහේ කෙල්ලෙක් කියලා හිතාගෙන
      නැත්නම් මේ පැත්තවත් බලන්නෑ..
      අම්මේ ඔන්න මාත් මාරූ....

      Delete
    18. “බය“ ? මං ඒ වචනෙ තේරුම දන්නෑනෙ...

      Delete
  2. නියම විස්තරයක් මචෝ ..ජයවේවා !!!!

    දුර පෙනෙන තැනිතලා - අනුරාධපුර දිහා..
    පුන් පෝයදා - වේ ශ්‍රියා සාදු කිය කියා..

    ඈත කිරි පාට - පේන සරුසාර
    සෑය දිළෙනවා - සෑය දිළෙනවා
    නැඟෙන රිදී සීනු හඬින් නුවර එළි කලා
    නුවර එළි කලා...

    දුර පෙනෙන තැනිතලා...

    ජේතවනරාම - අභයගිරි වෙහෙර
    සාදු කිය කියා - කරමු වන්දනා
    යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ
    තිසා වැව වටේ

    දුර පෙනෙන තැනිතලා...

    ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස
    ගී පද : සරච්චන්ද්‍ර ආටිගල
    සංගීතය : බී.එස්. පෙරේරා

    ReplyDelete
    Replies
    1. ගායිකාව කිව්වට ගායකයගේ නම නෑනේ. ඔරිජිනල් සිංදුව කිව්වේ විවියන්ද සිල්වා බොරලැස්ස සමග කාන්ති වක්වැල්ල

      Delete
    2. සිංදු,
      උඹට හැම එකකටම හරියන සිංදුවක් මතක් වෙනව.

      පූසො,
      ඇර ඇර...

      Delete
    3. පූසෝ මම හිතලම තමයි නම අමතක කලේ .උඹල නිකම් උඩින් පල්ලෙන් කියවනවාද බලන්න ...හැක් හැක් (සොරි හොඳේ ..ඒක දාන්න අමතක වුනා )...

      @ඩ්‍රැකී අන්න මම සින්දු සෙට් එකක්ම දාලා තියනවා ..ගිහින් බලාපිය ..හැක්


      Delete
    4. මං දැක්ක සිංදු. මට ලියන්න මොකුත්ම හිතාගන්න බැරි උනා. එච්චර රසවත් සංගීතඥයෙක් ගැන වචන වලින් ලියල වැඩක් නෑ. මොනව හරි කරන්න ඕනෙ.

      Delete
    5. කාන්ති වක්වැල්ලගේ ආවේ එකම එක කැසට් එකක් විතරයි. ඒකේ නම ශෝබන චන්ද්‍රා.
      එතුමගේ ගීත එකතුවකට කියලා ආවේ ඒක විතරමයි...

      Delete
    6. ස්තූතියි පූසො ඒ විස්තරේට. කාන්ති වක්වැල්ල කියන්නෙ පිරිමියෙක් කියල දැන ගත්තෙත් අදයි. හරියට අජන්තා රණසිංහ වගේ...

      Delete
  3. පට්ට වැදගත් ලිපියක් මචන්.

    සදුදා.....බුදු අම්මියෝ.)

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියහං. මේ කමෙන්ට් එක දැම්මෙ පෝස්ට් එක කියවන් නැතුව නේද?

      Delete
    2. උබ සදුදා එනවනම් මම ඉරිදා කියෙව්වම මක්කා වෙනවැයි.

      Delete
    3. ඔනන ඩ්‍රැකීයෝ දෙපාරක් කියවලා ආවේ අහපිය ඕන පුරස්නයක්..

      Delete
    4. එහෙනං කියහං, වළගම්බා රජ්ජුරුවංට නැන්දම්මල කී දෙනෙක් උන්නද?

      Delete
    5. මේ ප්‍රශ්නය අහන්න කලින් උබ මේකට උත්තරේ දීපන්කෝ බලන්න.
      වළගම්බාට බිරින්දෑවරු කීයක් හිටියද කියහං කෝ???
      එතකොට මං දෙන්නම් ඕකට උත්තරේ...

      Delete
    6. උඹට කෙළිං උත්තරෙයක් දෙන එක උදව් කිරීමක් වශයෙන් සැළකිය හැකියි. ඒ නිසා මෙහෙම කියන්නං. වළගම්බා රජ්ජුරුවො තුම්පාරක් බැන්දා...

      Delete
    7. වලගම්බා රජ්ජුරුවෝ තුන් පාරක් බැන්දනම් නාමිකව නැන්දම්මලා තුන් දෙනයි. නිර්නාමිකව කීයක් හිටයද කියලනම් මං දන්නේ නෑ...

      Delete
    8. හරියටම වැරදියි. වළගම්බා රජ්ජුරුවො, කලිං උන්න රජ්ජුරුවංගෙ බිසව, අනුලා දේවිය බිසෝ තනතුරේ තියාගෙන, එයාගෙ පුතා පුත් තනතුරේ තියාගත්තා.

      වළගම්බා රජ්ජුරුවංගෙම බිසව තමා සෝමා දේවිය.

      සෝමා දේවිය අර ආක්‍රමණිකයන්ට අහුවුනානෙ රජ්ජුරුවො පැනල යද්දි වාහනේ බර අඩු කරන්න ගිහිං. පස්සෙ ආපහු රජවුනහම එයාව ආපහු ගෙන්නගෙන ආයෙම බැඳ෦ගත්තා.

      ඔහොමයි තුංපාරක් බැන්දෙ. එතකොට නැන්දම්මල දෙන්නයි... :-)

      Delete
    9. ඔය කතාව අහලා තිබ්බුනට උබ කියනකම් මතකෙට ආවේ නෑ.. උබ තමා දවසකට හරි මිනිහා. මම කිව්වේ යකෝ මේකෙන් අහන්ටයැ කියලා මට දැන් හතේ අටේ කොල්ලොත් හිනා වෙනවා බොල.

      Delete
    10. ආව මෙතන මයෙං උත්තරේ අරං මටම කියන්ඩ... :-)

      Delete
  4. වටිනා ලිපියක්, ඩ්‍රැකී.
    //විසුද්ධි මග්ගය ට ගුරු කොට ගත්තේයැ යි සැළකෙන උපතිස්ස හිමි ගේ කෘතියක් වන විමුක්ති මග්ගය (මෙහි දැනට ඉතිරිව ඇත්තේ සංඝපාල තෙරුන් විසින් කෙරුණු චීන පරිවර්තනයක් පමණි)//
    //සම්පිණ්ඩ මහ නිදානය (තවමත් අමුද්‍රිත මෙය කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙහි ඇති සමහර කථා ජනප‍්‍රවාදය වෙත මුසු වී ඇති අතර, සද්ධර්මාලංකාරයේ ද අඩංගු වේ.)//
    මේවා අනාගතය වෙනුවෙන් වඩා හොඳ ලෙසකින් සංරක්ෂණය වනවානම් හොඳයි. විශේෂයෙන්ම අන්තර්ජාලයට එක් කළ හැකිනම්. උත්සාහ කළොත් මෙවැනි කටයුත්තකට research grant එකක් වුණත් ගන්න බැරි වෙන එකක් නැහැ. ඔබ සඳහන් කර ඇති ඉතිරි පොත් මුද්‍රිත පොත් වශයෙන් ඇති නේද? මේ අතර,අන්තර්ජාලය හරහා මිලදී ගතහැකි කිසිවක් හෝ තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මං උඩිං දාල තියෙන පොත් - උත්තර විහාර වංශය, උත්තර විහාර වංශ අට්ඨ කථා, රාජවංශ පුස්තකය, පාලි ජාතකට්ඨ කථා, නමස්කාර වර්ණනා, මැදුම් සඟි අටුවාව, සහස්ස වත්ථුව, චතුස්ශතකය, ආනන්ද හිමියන් ගේ සද්ධම්මෝපායනය, ශ‍්‍රමණ දූතය, පාළි මොග්ගල්ලාන ව්‍යාකරණය...

      මං දන්න තරමින් අභයගිරියෙ ලියැවුනු ගොඩක් පොත් මහාවිහාරයට පක්ෂපාතී වුනු රජවරුන් විසින් විනාශ කෙරුණා. ඒ පොත් ගැන අපට දැනගන්න තියෙන්නෙ ඒ පොත් ගන වෙනත් පොත් වල සඳහන් කරුණු වලිනුයි. මේ පොත් වල නම් ගූගල් සර්ච් එකක දාල බැලුවනම් ගන්න තියෙන තැනක් ඇත්නම් හොයාගන්න පුළුවන් වෙයි. මම ඒතරම් දුරට සොයාබැලුවෙ නෑ.

      රිසර්ච් එකක් හැටියට කරන්න හොඳ අදහසක් ඉකොන් ඉදිරිපත් කරල තියෙන්නෙ. මං ඒක ඔළුවට දාගත්ත. අධ්‍යාපනය‍ෙ ඉතුරු ටික කන්ටිනිව් කරන දවසක මං ඒකට බහිනව.

      Delete
  5. උඹට ශාස්ත්‍රීය ලිපියක් ලියන්න හිතුනෙ මොකද කියලයි මම කල්පනා කොලේ.

    ReplyDelete
    Replies
    1. හැලපේ මේකා ඇවිල්ලා ඕල් රවුන්ඩර්.සියල්ල ගැන හොයන බලන අච්චුවක හැදුනු එකෙක්

      Delete
    2. ඕකට උත්තරේ මෙතන තියෙනව මම හිතන්නෙ.
      http://camarawenehalokaya.blogspot.com/2016/01/blog-post_24.html?showComment=1453865906449#c2332547423256679042

      Delete
    3. හැලප අයියෙ,
      මොකෝ අපි ලිව්වම නරකෙයි? හැලපයිය සැරයක් ලියල තිබ්බෙ ඩබ්ලිව්. ඒ. සිල්වා ගැන.

      සිරි,
      ටැංකිව් ඈ...

      ප්‍රසා,
      ඕං බලහං මට හාංකවිසියක් මතක නැති උනා මොකෑ හිටි හැටියෙ උනේ කියල...

      Delete
  6. වැදගත් ලිපියක්,
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි
      ඩ්‍රැකී ගේ අඩවිය :-)

      Delete
  7. මේ උඹ මේවා කොහෙන්ද බන් ඉගෙන ගත්තේ? මහා වංශය වත් කියෙව්වද? හැක හැක හැක.. අභයගිරි කියන්නේ මන් ඉගෙනගෙන තියෙන විදියට බෞද්ධ විශ්ව විද්‍යාලයක්.. එයි අධ්‍යාපනය ලබන්න විදේශීය සිසුන් (පැවිදි?) පවා එකල ඇවිත් තියෙනවා.. ඔය ගැන මාත් හුඟක් ආසාවෙන් තොරතුරු කියවල තියෙනවා.. මේක හරිම වටින්නේ ඒ නිසා..

    අමතර දෙයක්.. සමාධි පිළිමේ නහය කඩපු එකා නම් කරේ ලෝකයේ තියෙන ලොකුම අපරාධයක්. මට එත් හිතා ගන්න බැරි මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙන යුගයක ඔය නහය ලස්සනට මුනට ගැලපෙන්න ප්‍රති නිර්මාණය කරන්න කවුරුත් උනන්දු නොවෙන්නේ ඇයි කියල.. හොයන්න බැරිවෙන්න හදන්න පුළුවන් ෂුවර් එකටම :)

    ReplyDelete
    Replies
    1. මහාවංශයත් තියෙන්නෙ ඔය මූලාශ්‍ර අතරෙ... :-)

      අභයගිරිය අර ඉන්දියාවෙ නාගාර්ජුන කොණ්ඩය, ගන්ධාර, තක්ෂශිලා වගේ සරසවියක් තමයි.

      සමාධිපිළිමෙ නාසය මුලිම්ම අලුත්වැඩියා කළේ ලෝං හර්ස්ට් කියන පුරාවිද්‍යා කොමසාරිස්වරයා. ඒක ගැළපෙන්නැති නිසා (ද කොහෙද) දැන් තියෙන නාසය සකස් කරල තියෙන්නෙ මාපලගම විපුලසාර හාමුදුරුවො විසින් කියල තමා මං කියවල තියෙන විදිහ.

      පුරාවස්තුවක් සංරක්ෂනය කරමින් ප්‍රතිසංස්කරණය කරද්දි, අලුතිං හදන කොටස් වෙන්ව පේන විදිහට තමයි හදන්නෙ. මුල් ස්වරූපය දැකගන්න පුළුවන් වෙන විදිහට. ඒකයි අර “හොයන්න බැරි වෙන්න“ හදන්නැත්තෙ. හැබැයි, ඔය හදල තියෙන නහය නිසා හරි කොමිටලාත්මක පෙනුමක් නම් ලැබෙනව කියලයි මට නම් පේන්නෙ.

      Delete
    2. //පුරාවස්තුවක් සංරක්ෂනය කරමින් ප්‍රතිසංස්කරණය කරද්දි, අලුතිං හදන කොටස් වෙන්ව පේන විදිහට තමයි හදන්නෙ// ඒක මන් දැනන් උන්නේ නෑ.. එහෙනම් ලබ්බ නොහදා තිබ්බනම් ඉවරයි අර කියුවා වගේ කොමිටලාත්මක පෙනුමක් එන්න හදනවට වඩා..

      Delete
    3. කොමිටලාත්මක පෙනුම ඇවිත් තියෙන්නෙ හදපු කොටස වෙන්ව පේන්න හදපු නිසා නෙවෙයි. ඒ නහය ඒ මූණෙ ශෛලියට ගැළපෙන් නැති නිසා. වරද මාපලගම විපුලසාර හාමුදුරුවන්ගෙත් නෙවෙයි. ඔය ප්‍රතිමාව හදපු ශිල්පියගෙ වරද. උන්දැ, ඔය ප්‍රතිමාව හදල තියෙන්නෙ කිසිම ශෛලියකට අනුගත වෙලා නෙවෙයි.

      Delete
  8. මචං මේ ලිපියේ මං දකින ලොකුම විශේෂත්වය තමා මූලාශ ටිකක් සහිතව ලියැවුණු බ්ලොග් ලිපියක් වීම... අපි තාමත් ඒ අැකඩමික් අාකාරයට හුරු වෙලා නැහැ..... අපි විවිධ දේවල් ලියනවා තමා. ඒත් මේ වගේ ලිපියක් ලියද්දි ටිකෙන් ටික දියුණු විය යුතුයි...... අැත්තට ම සතුටුයි බං මේ විදිහ ලිපියක් කියෙව්වාම .......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කිරීමට.

      මං දැක්ක විචාරක ගෙ ලිපි වලත් මූලාශ්‍ර සඳහන් කිරීමක් තියෙන බව. මයෙ ඩ්‍රැක්‍යුලාගෙ ඉතිහාසයෙත් මූලාශ්‍ර ටික මං සඳහන් කළා.

      Delete
  9. පිරිත් දේශනා වල බලයක් ඇතැයි වන විශ්වාසය, විහාරාරාම තෙර නමක ට පෞද්ගලිකව පිදීම හා ඒ ඇසුරින් බිහි වූ භික්ෂු පරම්පරානුගතව විහාර අයිතිය පවත්වා ගැනීම, අතීත බුදුවරුන් ඇදහීම, සර්වඥ ධාතු පවතින තුරු බුදුන් වහන්සේ වැඩ සිටින බව විශ්වාස කිරීම, බෝධිසත්ත්ව සංකල්පය, ඒ හා සම්බන්ධ වන ජාතක කථා සාහිත්‍යය හා පිළිම අභිෂේකය, රජවරුන් බෝසත් වරුන් බවට පත්වීමේ සංකල්පය, බුදුන් මහා පුරුෂ ලක්ෂණ සහිත අසමසම පුද්ගලයෙකැයි යන අදහස, ධර්ම ධාතු හා ධර්ම ග‍්‍රන්ථ වන්දනය සහ භක්තිවාදී ග‍්‍රන්ථ රචනය අභයගිරියෙන් බිහි වූ මහායානික ආභාසයේ ප‍්‍රතිඵලයන් ලෙස දැකිය හැක...//... ඉන් පසු මෙම අදහස් වලින් ඔදවැඩි ගිය බෞද්ධ සැදැහැතියන් වර්තමානය වන විට බෞද්ධ දර්ශනය ඇදහිල්ලක් බවට පත් කර ගෙන ඇත. ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වු බුදුන් වහන්සේගේ දර්ශනය හුදෙක්ම ලෞකික පර්මාර්ථ උදෙසා පමණක් යොදා ගැනීමට වග බලාගෙන ඇත. ඉනික්බිති ඔවුන් දර්ශනය ආගමක් ඇදහිල්ලක් බවට පත්කරගෙන එය රසවත් භක්ෂණයක් බවට පත්කර හමාරය. .. එකඟයිද ඩ්‍රැකි අයියා..?

    ReplyDelete
    Replies
    1. එකෙම්ම එකඟයි. වැඩිදුර කියන්න තියෙන දේ මං හෙට කියන්නං...

      Delete
    2. මට තේරෙන විදිහට, අපේ රටේ බුද්ධාගම නරක් කළේ අපේ රජවරුමයි. රජවරුන්ට සළකන ඉහළ මට්ටමින් භික්ෂූන්ට සළකන්න ගියා. විහාර වල නඩත්තුවට කියල ප්‍රවේණි දාසයන් සහිතව ගම්මාන පිටිං විහාර වලට පූජා කළා. අලි ඇත්තු, රජවරුන්ට ගහන තූර්ය වාදන, ව්‍යාඤ්ජන හැට ගාණක් එක්ක භෝජන, දෝලාවෙන් ගමන් බිමන්...

      උන්දැල තේරුම් ගත්තෙ නැතුව ඇති බුදුන් වහන්සෙ වදාළෙ, සිවුරත්, පාත්‍රාවත් තවතව තමන්ගෙ එදිනෙදා ජීවිතය ගතකරගන්න උවමනා සුළු සුළු දේවල් (දැලිපිහිය, පෙරහන්කඩ, ඉඳිකටු-නූල් වගේ...) ඇර වෙන කිසිම දෙයක් තබා ගැනීම භික්ෂුවකට සුදුසු නැති බව. ඒ වගේම බුදුන් ආදර්ශයෙන්ම පෙන්වා දුන්නා, තමන්ගෙ ශාසනයෙ කිසිම කෙනෙක්, එක ස්ථානයක වාසයට බැඳේන්න හොඳ නැති බව. ජනතාවගේ හිත සුව පිණිස ජනපද පුරා හැසිරීම හොඳ බව.

      අන්තිමේ බුදු දහමත්, ආගමක් බවට පත්වුනා. ආගමකින් මිනිසුන්ගෙ ලෞකික ජීවිතයෙ ප්‍රශ්න වලට විසඳුම් ගැන බලාපොරොත්තු ඇති කිරීම සාමාන්‍ය පුරුද්ද. ඉතිං බුදුන් දේශනා කළ සහ පසුව එක් එක් භික්ෂූන් සම්පාදනය කළ දේශනාවල්, පාලියෙන් සජ්ඣායනා කරමින් රැකවරණයක් පැතීම, ප්‍රතිපත්ති වෙනුවට ආමීෂය මුල්කරගැනීම මඟින් මතු ආත්මය සැපවත් කරගැනීමේ අපේක්ෂාව වගේ දේවල් වර්ධනය වුනා.

      මා දන්න විදියට, මිහිඳු හාමුදුරුවන් ලංකාවට ලබා දුන්න දේශනා සියල්ල පැවතුනේ හෙළ බසින්, බුද්ධඝෝෂ හිමියන් විසින් ඒවා පාලියට හරවන තුරු. නමුත් අපි අදහන්නෙ පාලි පාඨය මිස එහි සිංහල තේරුම නොවේ. අාගමක අභිචාර සාමාන්‍ය ජනතාවට නොතෙරෙන තරමට, එහි අනුහස් වැඩියි...

      Delete
    3. සහතිකම ඇත්ත. හරය අතහැරලා රසය විතරක් සොයන්න පෙළඹීමෙන් ඉතාම වටිනා බෞද්ධ දර්ශනය අභාවයට යනවා. අපේ පැවිදි උන්නාන්සෙලාටවත් මේවා තේරෙන්නේ නෑනේ. උපභෝග පරිභෝග පස්සෙම ලෞකික දේවල් මත්තමෙ දුවනවා බහුතරය.

      Delete
    4. බහුතරය සුජී බහුතරය...

      Delete
  10. When you back to Monday please Draky bring two panadol.

    (read to another half) :D:D

    ReplyDelete
    Replies
    1. Why rely on to PANADOL?
      https://slcomics.files.wordpress.com/2016/01/ad-kolam-3.jpg

      Delete
    2. මාත් කළේ විහිළුවක්. අර ලිංක් එක පොඩ්ඩක් බලන්නකො...

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දිස් ආතර් ගයි ඉස් වෙරි වෙරි ආතල් ෆෙලෝ... :-)

      Delete
  12. සෑම ඉතිහාස කතාවකම තිබෙන අපූර්වත්වය තමයි නැවත නැවත කියවීමේදී අලුත් තේරුම් දකින්න ලැබීම. එමගින් ඓතිහාසික සිදුවීම් හුදු වාර්තා නොව, කාලීන සිදුවීම් බව පසක්වනවා.

    බොහොම අගනා කරුණු සම්පිණ්ඩනයක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ධම්මපදය එක් හොඳ උදාහරණයක් (ඉතිහාසය වේවා / නොවේවා) කියවන්න කියවන්න නව නව අරුත් මතු වෙනවා.

      ස්තූතියි විචාරක...

      Delete
  13. 2008 විතර මේක ලිව්වනම් එසයින්මන්ට් එකට ඩ්‍රැකියගෙ නමත් දාන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. ඇසෙසර් මයෙ නම දැක්ක ගමං, කසුන්ට හම්බෙන්න තිබුණ ලොකු ඒ ප්ලස් එකක් ගෙඩි පිටිම්ම.

      Delete
  14. ඉතාම වටිනා ලිපියක් ඩ්‍රැකී.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ඔබතුමාගෙ ලිපි එක්ක බලද්දි නං ඉතිං මේවත් ලිපිද කියලත් හිතෙනව...

      Delete
  15. Replies
    1. උඹ පහලකරඹෑවේස් ද?
      පුංචි මෙන්ඩ කෝස්?

      Delete
  16. කියවිය යුතු ලිපියක් ඩ්‍රැකි. අපේ ඉතිහාසය තුල සිදුවුන සමහර දේ අපේ සංස්කෘතියට සෘජු බලපෑම් එල්ල කලා. මහාවිහාර අභයගිරි සම්ප්‍රදායන් එතනදි ප්‍රධාන වෙලා තියනවා. කොහොම උනත් බුද්ධගෝෂ හිමියන් පැමිනීමට පෙර කුරුන්දි අටුවා කියන සිංහල අටුවා වගයක් තිබිලා තියනවා. මේවගේ අපේ රටේ තොරතුරු ඇතුලත් වෙලා තිබුනා කියලයි කියන්නෙ. ඒ අටුවා විනාශ කිරීමත් එක්ක ඉතිහාසයේ සමහර තොරතුරු දැනගැනීමට තිබු මූලාශ්‍රත් නැති වෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. අපට අහිමි වූ දැනුම ගැන හිතනවනං සතියක් විතර කම්පා වෙන්න කරුණු තියෙනවා. අලියෙක් හෝ අලි හතරක් උසට පොත් ගොඩ ගහල ගිණිතියපු කතාවකුත් තියෙනව නෙ. ඒ වගේම කාළිංග මාඝ වැනි ආක්‍රමණිකයන් පත් ඉරු බැම්මෙන් මුදවා විසුරුවා හැරි බවත් ඉතිහාසයෙ කියැවෙනවා. බොහොමයක් ප්‍රාදේශීය ව පැවති පුස්කොළ පොත් දැන් යුරෝපීය එකතු කරන්නන් සතුව තියෙනවා.

      අන්තිමට කියන්න ඉතුරු වෙන්නෙ... ඒක එහෙම තමයි කියල තමයි...

      Delete
  17. එල ලිපියක් කොලූ, ඔය අභයගිරි මූලායතනවල උගන්වපු subjects ටික මෙතන තියේ.
    මහනෙත්පාමුල ආරම්භය අභයගිරිය බව අහලවත් තිබ්බේ නෑ බං.
    //හතරක ම මධ්‍යස්ථාන පිහිටියේ අභයගිරි විහාරය තුළ ය
    අනිත් හතර තිබුණු ඉසව් බෝ දන්නවද?
    කෝට්ටේ යුගය සිදුවුණු යාදිනි වලට රටේ තත්වය බලපා තිබෙන හැඩයි.

    ReplyDelete
    Replies
    1. අර එකතු කරපු ලිංක් එකට ගොඩක්ම ඉස්තූතියි සිරි...

      මූලායතන වල මධ්‍යස්ථාන කාලෙං කාලෙට වෙනස් උනා. අනුරාධපුර යුගයෙ දි අනික් ආයතන තිබුණ තැන් මට මතක හැටියට අර පිටිපන සුමංගල හාමුදුරුවන්ගෙ අභයගිරි සම්ප්‍රදාය පොතේ තිබුණා.

      කෝට්ටේ විතරක් නෙවෙයි, චෝළ ආක්‍රමණය, මහා පරාක්‍රමබාහු රජුගෙ පාණ්ඩ්‍ය ආභාසය, “අප්‍රතිමල්ල නිශ්ශංකමල්ල පරාක්‍රමබාහු චක්‍රවර්ති උන්නාන්සෙ“ ගෙ බලපෑම්, කාළිංග මාඝ ආක්‍රමණය, දඹදෙණි කුරුණෑගල යුගවල පැවතුනු ව්‍යාකූල පාලන තන්ත්‍රය... ඔය ආදී වශයෙන් ඉතිහාසය පුරාම පැවතිච්ච වියවුල් බලපෑවා කියලයි මට හිතෙන්නෙ.

      Delete
  18. ආයෙ ඉතිහාසෙ ඉගෙනගන්න කාලෙක මේක වැදගත් වෙයි. හැක්..

    මොනව උනත් වටින ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ප්‍රසෝ...

      ලබන ආත්මෙට ලිංක් එකක දාගං... හැක්©

      Delete
    2. දුටුගැමුණු රජ්ජුරුවෝ පර්ක්කරම සමුද්‍රය හැදුව
      සාලිය කුමාරයා අම්බපලිව බැන්ඳ ඉතිහාසයද? අය්යෝ මම කියලා දෙන්නම්

      Delete
    3. තෝ කියා දිය ඔව්ව පොඩි මෙන්ඩට. සඳුවගෙං සීනි බෝතල් පාර ශුවර්...

      Delete
  19. බුත්සරණ භක්තිවාදී ග්‍රන්ථවක් නොවේ.. එහෙත් අමාවතුර භක්තිවාදීය.
    භක්තිවාදය ප්‍රචලිත වන්නේ පොළොන්න්රු යුගයේදී නේද...
    පූජාවලියත් භක්තිවාදී කියල කියන්න අමාරුයි හිටං..

    මොනව වුණත් වැදගත් තොරතුරු රැසක් එක් කල වටිනා ලිපියක්
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. පූජාවලිය නම් මං කීප වාරයක් කියවා තියෙනවා, බුත්සරණ කියවා ඇත්තෙ එක වරයි. (ඒ නිසා බුත්සරණ ගැන මොකුත් හරියටම කියන්න බෑ) මේ පොත් ලියා ඇත්තේ එක් අයෙක් කියවද්දි අසා සිටින්නටයි. පූජාවලියෙ අන්තර්ගත වෙන්නෙ, බුදුන් සහ සව්වන් කළ ප්‍රාතිහාර්ය, බුදුන් විෂම පුද්ගයන් දමනය කළ හැටි, බුදුන්ට ලැබුණු පූජාවල්... එහි අරමුණ මට පේන්නෙ, අසන්නා තුළ බුදුන් ගැන භක්තිය වැඩි කිරීම මිස, බුදුන් වදාළ ධර්මය පැහැදිළි කිරීමක් නොවේ.

      මං භක්තිවාදීයි කියා අදහස් කළේ ඒකයි.

      ස්තූතියි මේ අමාරු ලියවිල්ල කියෙව්වට. මගෙ ලිවීම දුර්වලයි මේ ලිපියෙදි... ඒකයි අමාරු

      Delete
  20. ඕක ගිය අවුරුද්දේ ලිව්වේ නැත්තේ ඇයි? මේක ධර්මාචාර්ය, දහම් පාසල් අවසාන විභාග වලට සෑහෙන්න වටිනා ලිපියක්. මමත් හිතනවා අර ගිරි කියල නම වැටෙන්න ඇත්තේ ඔය කියල තියන හේතුව නිසාය කියල.පස්සේ මහාවංශය ලියවෙද්දී අභයගිරියට අපහාසයක් විදියට ථෙරවාද හාමුදුරුවරු අර විදියට යොදන්න ඇති. ඕක ලිව්වේ රහතන් වහන්සේලා නෙවේ නේ.
    තව එකක්- අභයගිරිය ලොකු උනායින් පස්සේ තමා ලංකාවේ බුදු දහමට කණකොකා අඬන්න පටන් ගත්තේ. මේ ගැන ධර්මාචාර්ය පොතේ ලොකු විස්තරයක් තියනවා.

    ReplyDelete
    Replies
    1. මං ධර්මාචාර්ය විභාගෙට නියමිත පොතක් හොයනවා දැං... (සිරාවටම. මේ කතාවෙං මගෙ කුතුහලය ඇවිස්සුනා.) කාට හරි ඕන්නං මෙතන දහම් පාසල් පොත් සෙට්එකක් තියෙනවා. http://srimedhanandapanadura.blogspot.com/p/dah.html

      මේක ලිව්වෙ 2007 දි අඟහරුස්... අපරාදෙ පරක්කු කර කර උන්නෙ දාන්න.

      අභයගිරිය ලොකු උනාම කෙළවුනේ ලංකාවෙ බුදුදහමෙ මහාවිහාර සම්ප්‍රදායට... හැබැයි ඉතිං ඒ කෙළවීම අභයගිරිය නිසාම නෙවෙයි, කොහොමත් අපේ රජවරු සහ ග්‍රන්ථධූරධර මහනායක හාමුදුරු වරු විසින් අඩු වැඩි වශයෙන් කිරීමට නියමිතවූ දෙයක් බවයි මගෙ හැඟීම.

      Delete
    2. අර පොත් ඔක්කොම මෙතනිං ගන්න පුළුවං
      http://www.thiryak.org/dahampasala-dhamma-e-books2.html

      Delete
  21. https://www.youtube.com/watch?v=jGNzipTKIqc

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මාකස් අවුරේලියස් මහත්තයො. ලිංක් එක බලලම මොක හරි කියන්නං. අපේ ඇඩ්මින් පෙරේත හොරෙක්, යූටියුබ් බලන්න දෙන්නෑ...

      Delete
  22. භාගයක් විතර කියෙවගෙන පහලට එනකොට මට පේනවා ආ මග කෙටියි යා යුතු මග දුරයි කියලා අනිවාර්යයෙන් දවස් තුනක් ඇතුලත සම්පුර්ණ ලිපියම කියවන්ට පොරොන්දු වෙනවා කියවන්ට මෙච්චර අමාරුනන් ලියැවිල්ලට කොහොම අමාරු වෙන්ට ඇද්ද හැබෑට (තිත්දෙකයි ඇල ඉරක්)

    ReplyDelete
    Replies
    1. ඕකම තමා මටත් උනේ.. එකපාරක් අමාරුවෙන් කියවන්න බැරි එකාට තුන්පාරක් කියවන්න උනා නෙව. උබටත් බාග බාග කියවන්න ගිහිල්ලා තුන් හතර පාරක් කියවන්න වේද කියලා මට හැක..

      Delete
    2. කියවන්න අමාරු වුනේ, මගෙ ලියවිල්ලෙ දුර්වලකම නිසා. මේ ලිපිය තවත් එඩිට් කරන්න වෙනව

      Delete
  23. අඩේ මට මේක මිස් වෙලා නොවැ. සමා අවසර පරක්කු වෙලා පෙරහැර ගියාම ආවට. ලිපිය ගැන නම් ඉතින් කියන්න තියෙන සේරම කලින් ආපු උන් කියල. නියමයි ඩ්‍රැකියෝ...

    ReplyDelete
    Replies
    1. අඩෝ කසියන්ත, තුං වෙනිදට බලාගමු...!

      Delete
  24. නියමයි ඩ්‍රැකී, පලවෙනි පාර ඇවිල්ලා මුල් ටික විතරක් කියවලා මට පට්ට කම්මැලිකමක් ඇති වුනා. කියවිල්ල අත ඇරලා ආවා කොමෙන්ට් බොක්ස් එකට දැම්මා කොමෙන්ට් එකක් ශේප් එකේ මාරු උනා. එත් කොහොද මේ ඩ්‍රැකීයට අහු වුණා නෙව හොරේ. පොරොන්දු උනු හින්දා නොකියව ඉන්නත් බැහැනේ ඔන්න මම අමාරුවෙන් කියෙව්වා පලවෙනි පාර එච්චර තේරුනේ නෑ.. දෙවනිපාර අහුලක් උනේ නෑ O/L ඉතිහාස පොත් කියෙවෙට කාලෙකින් මේ වගේ ඉතිහාසයක් කියෙව්වේ....මේවත් නරකම නෑ බලන් යනකොට.
    ජය වේ..ඩ්‍රැකී.

    ReplyDelete
    Replies
    1. නරක නෑ තමයි බලං යනකොට. පටං ගන්න තමා කම්මැලි... :-)

      Delete
  25. ඩ්‍රැකී,
    ඇත්තටම මේක හුඟක්ම වටින ලිපියක්. මේ ලිපියේ මාතෘකාව හැටියට අභයගිරි විකාශය හා ලංකාවේ දර්ශනයට එහි බලපෑම කියා කීවට එහි බලපෑම කියන කාරනය වඩා දුරට විස්තර වී නැති බවක් තමයි මට වැටහුනේ.
    ඒ ගැන ඇත්තෙන්ම හුඟක් පුළුල්ව සාකච්චා කල හැකි කරුනු තියෙනවා. මේ ලිපියේ අවසානයේ කියනවා වගේ බෞද්ධ සමාජය තුලට ඇදහිලි සම්ප්‍රදායන් එක්වීම කියන කාරනයම ඉතා පුළුල් ලෙස සාකච්චා කල හැකි හා කිරීමට සුදුසු කාරනයක්. කොහොම වුනත් අභයගිරිය කියන්නේ මට හැඟෙන විදියට ලංකාවේ බෞද්ධ සම්ප්‍රදායන් වල මහා රහස් ගොඩක් සඟවාගත් පින් බිමක් කියලයි.
    අභය ගිරියත් මහා විහාරයත් අතර ගැටුම නිසා ඔක්කොටම වඩා වෙලා තියෙන හානිය හැටියට මම දකින්නේ රජ්ජුරුවන්ට මුට්ටි අල්ලන භික්ෂු කණ්ඩායම් බිහි වීමයි.

    මේ අභයගිරියේ ප්‍රභල කාලය ගැන අපූරු සජීවී සිතුවම් මැවීමක් සුනේත්‍රා රාජකරුණානායක විසින් ලියා ඇති බුද්ධදාසී කියන බෞද්ධ නව කථාවේ කියැවෙනවා. ඇත්තටම ඒ කථාව මගින් ලේඛිකාව පාටකයාව ඒ කාලය තුල ජීවත් කරවීමට සමත් වෙනවා. නවකථාවක් වුනාට අභයගිරිය හා එහි පැවැත්ම ගැන උනන්දු කෙනෙකුට ඒ පොත කියැවීමෙන් යමක් ලැබිය හැකියැයි මට හිතෙනවා.
    ඩ්‍රැකීට තවත් මේ වගේ වැදගත් ලිපි ලිවීමට අවකාශ සැලසේවා කියා මා සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. බෞද්ධ සම්ප්‍රදායයන් ඇදහිලි ආදිය බුදු දහමට එකතු වීම ගැන තරමක් දුරට පිටිපන සුමංගල හිමියන්ගෙ පොතේ සාකච්ඡා කර තියෙනවා. කොහොමත් පුළුල්ව සාකච්ඡා කළ යුතු කරුණු තිබියදී, මා මේ ඉදිරිපත් කළේ, මතුවට ප්‍රකාශයට පත් කරන්නට ඇති පොතක පරිච්ඡේදයකට පිවිසුමක් විදිහට සකස් කළ කොටසක්. මෙය ලිපියක් විදිහට සාර්ථක නැහැ.

      රජුන්ට ගැති භික්ෂූණ් මෙන්ම, මහා දානපති සැදැහැති රජවරුන් නිසාත් ශාසනයට වී ඇති හාණිය සුළුපටු නැහැ. ලංකා ඉතිහාසය පුරාවට මහනායක හිමිවරුන් දේශපාලනයට මැදිහත් වූ අවස්ථා ද නොමදව දකින්න පුළුවන්.

      ඒ අතර රේරැකානේ චන්දවිමල හිමි වැනි දර්ශනයට නැඹුරු වූ හිමිවරුනුත් ඉන්න බව සඳහන් කළ යුතුයි.

      අර නවකතාව හොයාගන්න ඕනෙ. ඒ ගැන දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තූතියි.

      අගයකිරීමටත්, කියවීමට කාලය යෙදවීම ගැනත් ගොඩක් ස්තූතියි

      Delete
  26. ගොඩක් වැදගත් ලිපියක් මචං...
    මම දැන් දවස් ගාණක් තිස්සේ මේක කියවන්න ආවත් මොකක් හරි ඇහැට දැනෙන අවුලක් නිසා වෙන ඒවා කියවන්න ගියා...
    අද කොහොමහරි ගොඩ දා ගත්තා...
    මේ වගේ මුලාශ්‍ර සහිතව ලිපියක් ලියන එක පහසු කාරියක් නෙමෙයි...
    උඹ නොයෙකුත් විෂයපථ වලින් ලිපි ලියන එක මරු, ගොඩක් අමාරු කාරියක් නිසා සෑහෙන වටිනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ලොකු මේක කියෙව්වට... මේක ලිව්වෙ නං එක රැයින් නෙවෙයි. සෑහෙන කාලෙයක් තිස්සෙ. පහුගිය දවසක ජේසුස්ගෙ දෙවියන් ගැන ලියපු එකේ ගියපු කමේන්ට එකක් නිසා මේක දාන්න හිතුණා.

      Delete
  27. දාපු දවසෙම කියෙවුවට කමෙන්ටුව වැටෙන්නේ අද.අභයගිරි සංරක්ශණ වැඩපිළිවෙල අද සාර්ථකව අව්සන් අදියරේ පවතිනවා.පුරේට ගිය අළුත හැමතැනම රවුන්ගැහුවට අභයගිරියට ගියේ ගොඩක් පහුවෙලා.එදා ඉදන් මටනම් පුරේ තියන ලස්සනම තැන අභයගිරිය.

    ලංකාවේ මහායානික ඉතිහාසය මාර ලස්සනයි.කාලයක් ටිකක් වැඩිපුර ඕකගැන හොයපු නිසා ටිකක් විතර විස්තර දන්නවා ඔයගැන.මහාවිහාරය ලංකාවේ බුද්ධාගමේ පරම අයිතිකරු උනාටපස්සෙත් මහායානික ඇදහිල්ල ලංකාවෙන් තුරන්වුනේ නෑ.විශේෂයෙන් මුහුදුබඩ පළාත් ආශ්‍රිතව ඒක පැවතුනා.මවුදෙවඟන පිදීම වෙනි චාරිත්‍ර නොනැසී ඒ ප්‍රදේශවල පැවතුනා.බටහිරයන් ලංකාවට කිතු දම ප්‍රචාරය කරද්දී මූලික වශයෙන් යොදාගත්තේ ඔය මවුදෙවඟන වෙනුවෙන් සාදපු පූජනීය ස්තාන.ඔවුන් මවුදෙවඟන වෙනුවට දේව මාතාව එතනට අදේශකලා.කොච්චිකඩේ, මඩු වෙනි තැන්වල ඉතිහාසය හෙවුවොත් ඒ හැම තැනක්ම ඉස්සර මවුදෙවඟන වෙනුවෙන් තනපු දේවාල බවට සාක්ශි තියනවා. (සමහරුනම් කියන විදිහට පත්තිනී දේවාල.ඒක වෙන්න ඇත්තේ බටහිරයන්ට ඉස්සර හිංදූන් ඒ ස්ථාන ආක්‍රමණය කරපුනිසා වෙන්න ඇති. )

    ලිපිය පට්ට.උඹ සෑහෙන්න මහන්සිවෙලා ලියපු එකක්.ඒකට උඹට ඔළුව නමනවා.ජය වේවා....

    ReplyDelete
    Replies
    1. කසුට්ටෝ උඹත් මෙතන ඉදිරිපත් කරපු කරුණු ගොඩක් වැදගත්...

      Delete
    2. සිරාවට .. කටුස්සත් සෑහෙන එකතුවක් කරල..

      Delete
    3. කටුස්,
      ඒක මං දැනං උන්නෙ නෑ. මවුදෙවඟන පිදීම සෑහෙන සංස්කෘතීන් ගාණක තිබ්බ දෙයක්නෙ. ලංකාවෙත් තිබ්බයි කියල දැනං උන්නෙ නෑ. හැබැයි නැති වෙන්නත් බෑනෙ. ආර්ය සංක්‍රමණයත් එක්ක ඕකත් එන්නැතිනෙ. පස්සෙ ගජබා රජ්ජුරුවො පත්තිනි හළඹ එහෙම ගෙනැල්ල, පත්තිනි ඇදහිල්ල පටංගත්තට පස්සෙ ඒක යටපත් වුනා වෙන්න පුළුවන් තමා.

      කටුස්ස ගාව තියෙන විස්තර වලින් ලියනවනං ලොකු දෙයක්. නැත්තං මට ඔය විස්තර හරි මූලාශ්‍ර වල නං හරි මේල් කරන්න පුළුවංද?

      Delete
    4. මවු දෙවඟන පිදීම ඉන්දු නිම්න ශිෂ්ඨාචරයේ ඉදලම තිබුන දෙයක්.ඒ වගේම ලිංගිකව එකතුවීමත් (මට ඒවට කියන නම මතක නෑ බං ) හා සම්බන්ධ පූජා විදිත් තිබුනා.පණ්ඩුකාබය රජකාලේ ඒවා ලංකාවේත් සිද්දවුනා කියලා සාක්ශි තියනවා.එතනදී සිද්දවෙන්නේ ජෝඩුවක් හෝ ජෝඩු සමූහයක් ඒ සදහා ඇති දේවාලවල හෝ ගොවිබිම්වල පූජා චරිත්‍යානුකූලව ලිංගික සම්බන්දතා පැවත්වීමයි.ඒයින් බලාපොරොත්තුවන්නේ සශ්‍රීකත්වයයි.එකතුවීමේදී ශ්‍රාව්‍ය වන ස්‍රාවයන් ගොවිබිම්වලට එකතුවීමෙන් ගොවිබිම් සශ්‍රීකවනවා කියලා ඔවුන් අදහනවා.මවුදෙවගනගේ ප්‍රතිමා වූවත් ඇත්තේ නිරුවතින්.එයින් අදහස්කලෙත් සස්‍රිකත්වය. ඒත් ලංකාවට බුද්ධාගම පැමිණියාට පසු එහි ඇති දැඩි ධර්මානුකූල බාවය නිසාම එවැනි චාරිත්‍ර වියකුනා.ඒත් ඒ සිරවීමට අකමැති කොටස් අතර මහායානය ජනප්‍රියවුනා.මැදපෙරදිග කලාපයතුල බුද්ධාගම පැතිරයාමෙදී සිද්දවුනෙත් මේකයි.ඒකට එක උදාහරනයක්නම් ප්‍රානඝාතය දැඩි පවක්ලෙස ථේරවදීන් සැලකුවත් මහායානය තුල ඒක එච්චර දැඩිවුනේ නෑ.ඒ කලාපයතුල මිනිස්සුන්ට වගාවට එතරම් සුදුසු පරිසරයක් නොතිබුන නිසාම මස් මාංශ් ඔවුන්ගේ ප්‍රධාන ආහාරයවුනා.ඒ නිසාම ඒ කලාපය තුල මහායානය පැතිරුනා.යේසූස් වහන්සේගේ පියත් මහායානික එසියන්ස් බෞද්ධයෙක්.අනාචාරයේ හැසිරීමට මරනදඩුවම ලබාදෙන යුදෙවුවන්ගෙන් මරියාතුමියව බේරගන්න ඔහු මරියාව සරණපාවාගත්තා.

      මේවාගැන ලියන්නේ නැත්තේ ආසාවට මේගැන කියෙවුවට මට මේ ගැන තියෙන්නේ අල්ප දැණුමක් නිසයි.මේක ටිකක් ආන්දෝලනාත්මක මාතෘකාවක්.මටවඩා ආගම දන්නකෙනෙක් මටවිරුද්ධවව තර්කයක් මතුකලොත් මම හිරවෙලා බොරුකාරයෙක් වෙනවා.මම ආපහු ගෙදර ගියහම උඹට ඒ මූලාශ්‍ර මට පුළුවන්විදිහට එවන්නම්. එතකන් උඹට පුළුවන්නම් නාරද කරුණාතිලක සහ කොලට් සේනානායක ලියපු පොත් බලපන්."අල්ලහු අක්බර්" මේවයින් විශිෂ්ඨතතම එක."යේසූස්: දේව පුත්‍රයකු කල බුද්ධ පුත්‍රයා" , "යේසුස් නම් බුද්ධශ්‍රාවකයානෝ" වගේ පොතුත් තව පොත් ගොඩකුත් තියනවා ඔවුන්ගේ.ඒවායේ හැම එකක්ම පිළිගත්තේ නැතිවුනත් ඔවුන් ඒ හැම කරුණක්ම ලබාගත්තු මූළාශ්‍ර සදහන්කරලා තියනවා. ඒවා උපයෝගීකරගන ජංජාලෙන් ලේසියන්ම මේගැන කරුණු හොයාගන්න පුළුවන්. "තිබ්බත මලපොත"ත් නිකන් ඉන්නවෙලාවට කියවපන්.

      Delete
    5. පොත් ටික හොයන්න ගිහිං උත්තර දෙන්න පරක්කු උනා. කදිම එකතු කිරීමක් කටුස්...

      මව් ‍දෙවඟන වන්දනය ඉන්දු නිම්නයට පෙර ඉන්දු ඉරානීය සභ්‍යත්වයේම තිබුණ දෙයක්. නියොලිතික විප්ලවය සමයේ පටන් ගත්, ජනාවාස සහ කෘසිකර්මාන්තයේ බිහිවීමේ සිට, දිව්‍යමය බලවේග වල සිදුවන සුරතය හෙවත් සම්භෝගය මඟින් පොළොව සරු වන බව සියළුම සභ්‍යත්ව වල පාහේ ඇදහීම වුනා කියා පේනවා. ඉන්දු ඉරානීයයන්ගේ මව් දෙවඟන හා පශුපති ඇදහීම, බැබිලෝනයන්ගේ ඇස්තර් දෙවඟන ගේ නායක පූජකවරියන් සමඟ බැතිමතුන් සංසර්ගයේ යෙදීම පූජාවක් බවට පත් වීම, ඊජිප්තුවේ අයිසිස් සහ ඔසයිරිස්, ග්‍රීසියේ බැකස් හෙවත් ඩයොනීසියස්... එතකොට මහාවංශයේ තියෙනවා පණ්ඩුකාභය රජු චිත්තරාජ සමඟ සමව අසුන්ගෙන සුරතෝත්සව නැරඹූ බව. ඕක පසුකාලීන යුරෝපීය (රෝමන් වරුන් විසින් ම්ලේච්ඡයන් යැයි හැඳින්වුනු) පේගන් ආගම් වල ත් දක්නට ලැබෙනවා. (මට හැබැයි උදාහරණ දෙන්න මතක නෑ) පසුකාලීනව ග්‍රීක සහ රෝම ආගම් වල පුරුෂාධිපත්‍යය මතු වීගෙන එනතුරු, ඊට පෙර ආගම් වල ඔය කියන සුරතෝත්සව පැවතුනා කිා හිතෙනවා. ඒකාලේ ස්ත්‍රිය මුල් කරගෙන ඇදහීමක් පැවතුනේ.

      මහායානය සහ මව්දෙවඟන සම්බන්ධ වන හැටි තවම පැහැදිලි නෑ. මට කියවන්න පොත් කීපයක් ලැබුණා උඩ කමෙන්ටුවෙ උදව්වෙන්. කියවලාම අදහසක් දෙන්නම්.

      ස්තූතියි කටුස්සො, මේ පැත්ත ගැන මගෙ ඇස් පෑදුවට...

      Delete
  28. සෑහෙන්න මහන්සිවෙලා ලියපු අගනා ලිපියක්.. බොහොම වැදගත් මචෝ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සජ්ජො...

      Delete
  29. වෙලාව අරගෙන කියවිය යුතු ලිපියක්...හදිස්සියේ කියවන්න ආවට අමාරුයි ඒ විදියට කියවන්න...ඉතිහාසය කියන්නෙ කාලයක් මට ඉතාම සමීප දෙයක්...ඒකාලෙ හිටිය මගේ පෙම්වතී ඉතිහාසය පිළිබද විශ්ව විද්‍යාල සිසුවියක්ව සිටීම තමයි හේතුව.

    ReplyDelete
    Replies
    1. ටැංකිව්. මට මතකයි සිරා ඔය පුරාවිද්‍යාකාරිගෙ මූල්‍රාශ්‍රගත උදව්වෙං පෝස්ට් කීපයක් ලිව්ව. එව්ව ගොඩක් ගවේෂණශීලී පෝස්ට් කියල මතකයි...

      Delete
    2. එතුමිය ඊයෙ පෙරේදා මාස්ටර්ස් උපාධියත් ගත්තා...දැන් රජයේ පාසලක ඉතිහාසය පිළිබද ගුරු මෙනවියක්...

      Delete
    3. අහන්නත් සතුටුයි - ඒ වගේම දුකයි.
      මාස්ටර්ස් ගැන වගේම රස්සාව ගැනත් සතුටුයි.

      මෙනෙවියක් ව සිටීම සහ සිරාට ඈ නොලැබීම ගැන දුකයි.

      Delete
  30. අභයගිරියට විරුද්ධව මහා විහාරය එන්නේ අභයගිරියේ මහායාන සම්ප්‍රදානය නිසාම විතරක් වෙන්න බැහැනේ.අහලා තියෙන විදියට අභයගිරිය තමයි පළමුවැනිවරට එක භික්ෂුවක් වෙනුවෙන් පිළිගැන්නු ආරම සංකීර්ණය වෙන්නේ.ඊට පෙර මේ විදිහට විහාර ආරම පුජා කරලා තියෙන්නේ සතර දෙසින් එන සංඝයාට.
    වටිනා කරුණු රැසක් තියෙන එල ලිපියක් මචං.

    ReplyDelete
    Replies
    1. මහාවිහාරයෙන් ලියැවුනු මහාවංශය කියන හැටියට ඒක එහෙම තමයි. කුපික්කල මහාතිස්ස හාමුදුරුවන්ට පෞද්ගලිකව දුන් ආරාමයක් වීම නිසා මහාවිහාරයේ නායක හාමුදුරුවන් එයාට කුලසංසට්ඨ (මට මතක හැටියට) කම්මය කරනව. ඊට විරුද්ධව කතා කරන තව හාමුදුරු කෙනෙකුට තවත් මොකද්දෝ කම්මයක් කරනව (මට මතක හැටියට පබ්බාජනීය වගේ එකක්). ඒ ගමන ඒ දෙන්නම තමංගෙ පක්ෂපාතී හාමුදුරු වරුත් එක්ක ගිහිං අභයගිරියෙ පදිංචි වෙනව. ඒ වෙනතුරු ඒ ඔක්කොම මහාවිහාර සම්ප්‍රදායට අයිති හාමුදුරුවරු. පසුකාලයක ධර්මරුචි සහ සාගල කියන හාමුදුරුවරු අභයගිරියෙ උගන්නන්න ගන්නව (නයනු ගාණ හරිද කියල දෙපාරක් ගණං කරල බැලුව) ඒ අනුව, අභයගිරියට, ධර්මරුචි නිකාය, සාගලික නිකාය කියල කියනව. ඔය විදිහට තමා ලංකාවෙ සංඝයාවහන්සේ පළමු වරට දෙකඩ වෙන්නෙ. පසුකාලයක මහසෙන් රජ්ජුරුවන්ගෙ කාලෙ ජේතවානාරාමය බිහිවීමත් එක්ක තවත් නිකායක් හැදෙනව වගේ මතකයි. මහාපරාක්‍රමබාහු රජුගෙ කාලය වෙනකොට, (චෝළ පාලනයේ ආභාසයත් ලැබෙමින්) විවිධාකාර මත දරන සංඝයා වහන්සේලා ඉන්නව. මේ ව්‍යාකූල තත්ත්වය නැති කරන්න මහාපරාක්‍රමබාහු රජු කරන්නෙ, හැම නිකායක්ම එක නිකායක් කරමින්, තමන්ගෙ සහ එවක මහනායක හාමුදුරුවරු කීපදෙනෙක්ගෙ මතයෙ හැටියට දුසිල් මහණුන් යැයි සැළකෙන අය සිවුරු හරවනව.

      මනෝජ් කිව්ව වගේ, ලෙන් පූජා ලිපි වල තියෙන්නෙ “...අගත අනගත චතුදිස සගස දිනෙ“ (ආවාවූත්, නොආවාවූත්, සිව්දුග සංඝයාට දෙන ලදි) කියලා. ඕකම අපි මතක වස්ත්‍ර පූජාවෙදිත් කියනවනෙ පාලියෙන්, “ආගතස්ස අනාගතස්ස චතුද්දිගස්ස භික්ඛු සංඝස්ස දේම“ කියල

      Delete
  31. ඩ්‍රැකී ඔයාගේ බ්ලොග් එක ඕපන් කරනකොට වයිරස් ඇලර්ට් එකක් එනවා. මේක උන පලවෙනි වතාව නෙවෙයි මට. මීට කලිනුත් ඔයාගේ බ්ලොග් එකේ විතරක් මේ ප්‍රශනය ඇවිත් තියනව. පොඩ්ඩක් බලන්න. කොතනින් හරි ප්‍රශ්නයක් තියෙනවා බ්ලොග් එකට එල්ලලා තියන ගැජට් එකක හෝ වෙනයම් දෙයක.

    ReplyDelete
    Replies
    1. මං බලන්නං. ඇන්ටිවයිරස් ගැජට් එකක් තියෙනව, ඒක තමා මට සැක.

      Delete
  32. කොමෙන්ට් ටික කියවන්නම සෑහෙන වෙලාවක් ගියා . මේ වගේ ඉතිහාසය ගැන ලියන ලිපි හුඟක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවෙ නෑ මේ වගේ ලිපියකට මෙච්චර කමෙන්ට් වැටෙයි කියල. ස්තූතියි අගය කිරීමට

      Delete
  33. Replies
    1. ගොඩක් ස්තූතියි අජිත් අයියා...

      Delete
  34. බොහෝම වැදගත් ලිපියක් ඩ්‍රැකී. උත්තරවිහාර වංශයේ එක් පිටපතක් බළන්ගොඩ වැලිගෙපල කොට්ටිඹුල්වල රජමහාවිහාරයෙත් තවත් පිටපතක් බළන්ගොඩ කරගස්තලාව පුරාණ රජමහාවිහාරයෙත් තිබී ඇති බවට සාක්ෂි ලැබෙනවා. කොට්ටිඹුල්වල විහාරයේ තිබූ පිටපතේ කොල කිපයක් පමණක් මහාචාරය් දැරණියගලයන්ට කියවන්නට අවස්ථාව ලැබුණ බව වරක් මා සමගම පැවසුවා. කරගස්තලාව පුරාණ විහාරයේ පැවති පටපත කලකට ඉහත දී තමාට දකින්නට ලැබුණත් එ් අවස්ථාවේ එහි වැදගත්බව නොදුටු මුත් පසු අවස්ථාවක එය සෙවීමේ වෑයම අසාර්ථක වූ බවත් පැවසුවා. මේ ග්‍රන්ථ පියපත සෙවිමේ උත්සාහයට එයින් පසුව අපද එක්ව කටයුතු කළත් සාර්ථක වුනේ නැහැ. තවත් පිටපතක් මහනුවර පුරාණ පන්සලක ඇති බවට විශ්වාසයක් පවතිනවා. තවමත් හරිහැටි අර්ථකථනය කළ නොහැකි මධ්‍යකඳුකරයේ පවතින පුරාවිද්‍යාත්මක නටබුන් වලින් පවසන කතාව සැඟව ඇති ඓතිහාසික තොරතුරු රාශියක් හඳුනා ගැනීමට විශාල ආලෝකයක් උත්තරවිහාරවංශ යෙන් සෙවිය හැකි වෙතැයි සිතන්නට හැකියි. මේ සම්බන්ධ විස්තර ඩ්‍රැකීට ලැබී තියනවාද ? හැකිනම් මේ සෙවීමට එක්ව අදාල ග්‍රන්ථය අනාවරණයටත් විද්වත් ගවේශණ සඳහා සංරක්ෂණයටත් පෙරමුණ ගන්නා ලෙස ඉල්ලාසිටිමි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගුණසිංහ මහත්මයා. මේ තොරතුරු ටික මට හරියටම අර නැතිවූ බැටළුවාගෙ උපමාව වගේ වැදගත්.

      මම උඩ ලියල තියෙන කරුණු ගත්තෙ අභයගිරි පිටිපන සුමංගල හිමියන්ගෙ අභයගිරි සංස්කෘතිය පොතෙන් සහ ටී. ජී. කුලතුංග සර්ගෙ පො‍තෙන්. ඊට වැඩි යමක් දැනං උන්නෙ නෑ.

      නැතිවෙලාම තියල හිතපු පොතක් තියෙනවා කියන ආරංචිය සතුටට කාරණයක්. ඒ වගේම අපි දන්න ඉතිහාසයට අමතරව වෙනත් දෘෂ්ඨිකෝණයකින් ලියැවුනු මූලාශ්‍රයක් ලැබීම ඊටත් වඩා සතුටක්. මේ වගේ පොත් සොයා, ශුද්ධ කොට සිංහලට පෙරළා පළ කිරීම ජාතික මෙහෙවරක්. ඊට මට දායක වෙන්න පුළුවන් නං, ඒ වෙනුවෙන් මහන්සි වෙන්නෙ බොහොම කැමැත්තෙන්.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

ලබ්බෙ මගුල

මේ වගන්තිය බාගදා මට මේ පෝස්ටුව අන්තිමට කියා දක්වන්නට බැරි වෙන්නට පුළුවන. එහෙයින්, මුලිම්ම: මේ පෝස්ටුවේ කියවෙන වෙඩිමේ බැඳපු දෙදෙනාට සුභ මගු...

ගොඩක්ම කියවපු ලිපි