Monday, February 8, 2016

ලබ්බෙ මගුල

මේ වගන්තිය බාගදා මට මේ පෝස්ටුව අන්තිමට කියා දක්වන්නට බැරි වෙන්නට පුළුවන. එහෙයින්, මුලිම්ම:

මේ පෝස්ටුවේ කියවෙන වෙඩිමේ බැඳපු දෙදෙනාට සුභ මගුලක් වේවා!
කිරි පැණි සේ එකට වාසය කරන්නට හැකි වේවා!!
සාලිය - අශෝකමාලා, රෝමියෝ - ජුලියට්, ඩ්‍රැකියා - ඩ්‍රැකියානි වාගේ ඉතිහාසගත ප්‍රේමයකින් දිවි ගෙවන්නට හැකිවේවා!!!

කියා ප්‍රාර්ථනා කරන්නේ හදවතිම්මය...

එකෝමත් එක දවසක මට නොදන්නා නම්බරේකිං කෝල් එකක් ආවේය. ඒ ආවේ මේ සම්මජ්ජාතියෙ මං අහලා නැති විදිහේ පණිවිඩයක්ය. බ්ලොග් ලෝකයේ පණ දෙන්ට ඉන්නා මිත්තරයන් කිසිම කෙනෙක් මේ දක්වා, තමුං  දැකලා අහලා නැති අන්තර්ජංජාල යාළුවන්ට වෙඩිං කියන රටක් මං අහලා තිබ්බේ නැත. ඒත් මේ ආව පණිවුඩෙං කියැවුනේ අපේ ආදරබර ගස්ලබ්බ ලියන අකලංකලංකලං කොළු ගැටයා යුවතිපතියෙක් වන්නට යන බවය.

ඒකත් හොඳ ප්‍රවණතාවයකි. මං කිව්වේ කොල්ලන් බඳින එක ගැන නෙවේය. බ්ලොග් ලියන එකෙක් බඳිනකොට අනික් බ්ලොග් ලියන උන්ට ආරාධනා කරන එකය. ගස්ලබු ගැටයා කියන හැටියත්, ඒක හරියට ගෙට්ටුගෙදර් එකක් වාගේ එකක් වන්නට ඉඩ ඇති නිසාය.

ඉතිං ලබ්බා කතා කරපු වෙලාවේ සිට තොරතෝංචියක් නැතුව මට කෝල් දිදී, තමංගෙ මුළු සේසතම මොබිටෙල් කොම්පැනියට වියදං කරපු මනෝමන්දිරයා වෙඩිමට යන උං පෙළගස්සවන්නට ඇප කැපවී උනන්දු වී වැඩ කළේය. උගේ උනන්දුව නිසාම අපේ ගමනට මාත්, මනෝමන්දිරයාත්, අටමාත්, කසුනාත් යන බරපතළ නඩය එකතු උනේය.

ගස්ලබ්බාට බදාදා දිනයක වෙඩිං කොරන්නට නැකැත් හදාදුන් ජ්‍යෝතීර්වේදියාණන් වෙත, රජයේ සේවකයන්ට බදාදා දින හෙවත් මහජන දිනයේ නිවාඩු දාන්නට බැරි බවට නිකුත් කර ඇති චක්‍රලේඛය ලැ‍බී නැතුවාට කිසි සැකයක් නැත. මා වෙනුවට වැඩ ආවරණය කරන්නට හිටි එකාටත්, එදාටම උසාවි යන්නට සිද්ධ වී තිබුණේ "බීමත්ව අන්තරායදායක ලෙස රියපැදවීම" ගැන වග උත්තර බඳින්නටය. එහෙයින් යන්ටම බැරි තත්ත්වයක් උදාවී තිබුණත්, මං බෙල්ල කඩාගෙන හරි එද් උදේ රැයින් බස්එකේ නැගගෙන ගනේමුල්ල ධූමරථපොළට ළඟාවුනෙමිය.

එතන ඉඳං සීසන් එක ගන්ට පෝළිමේ ඉන්නා විට බොහොම අහිංසක සුනීත විනීත ස්වරයකින් එනවුන්ස් කෙරුනේ ඇ‍ඟේ මයිල් ඉස්මයිල් වෙන වගවාසගමකි.

"කරුකාරුමික දෝෂයක් හේතුවෙන් අද දින සියළුම දුම්රියන් නියමිත වේලාවටම ධාවනය වන බව මඟීන් කරුණාවෙන් සළකන්න..."

ඉතිං බඩු සුවර් නිසා කෝකටත් මං නැගගත්ත ‍කෝච්චියෙන් ගොහිං රාගම ස්ටේෂමෙන් බැසගත්තෙමිය. ඉන් පසු මං මනොවාට කෝල් කළෙමිය. ආකාස කසුන් කොටුවෙං දුම්රියට නඟින බැවින් ඌට උදව් වීමට මනොවා බස් එකේ නැඟී, (සතියේ දවසක - කාර්යාල වෙලාව තුළ - කඩවත සිට කොටුවට - බස් එකෙන්) කොටුව යන ගමන් යැයි දැනගන්නට ලැබුණේය. පස්සේ ඒ ගමනේ ආදීනව දැනී, ඌ බස් එකෙන් බැස ආපහු යන බස් එහෙකට නැගී පොල්ගහවෙල බලා යන බවද ඊට පැයකට විතර පසු  මනොවා ම අප්ඩේට් කළේ ය. පරංගියා කෝට්ටේ රජවාසල ට එක්කරගෙන ගියේ ද මනොවාගේම පරම්පරාවේ කිරි අත්තෙක් ලු ය.

මං රාගම සිට අටමාට කතා කරන විට ඌ ඇ‍ඳෙං නැගිට්ටවන්නට අටමී ගහපු වතුර බාල්දියේ සද්දයද ටැලිපෝනයෙන් ඇහුනේය.

කොහොමින් හරි නැගගන්නට බැරි වෙතැයි, මනොවා අම්බානක බයෙන් සිටි ආකාස කසුවා, කෝච්චියද හොයාගෙන, නැගගෙන, උන්දෑ නැගගත් පෙට්ටිය මොකද්දැයි මට ද ටැලිපෝනයෙන් දැනුවත් කළේය. ඒ කෝච්චිය රාගමට එන්නට විනාඩි විස්සකට විතර කලිං අටමා ද රාගමට ආවේ ය.

අපි ඒ පරිදි පොල්ගහවෙල ස්ටේසමට සැටමෝල් උනෙමුය. කැමා ද එතනට ඇවිත් හිටියේය. ඊටපසු අපට තිබුණේ එතනිං මල්පිටිය හංදියට ගොහිං විචාරක මාමාට කෝල් එකක් දීම පමණිය.

මල්පිටිය හංදියට යන තුරු කැමාගෙන් බේරිමක් නැත. ඒ වෙඩිමෙං පසු උන්ගේ ගම බලාගෙන එන්නට යන්න අපට ආරාධනා කරන නිසාය. කැමා කියන විදිහට, පැය දෙකෙන් දෙකට තියෙනා තට්ටු ලොරියක හෝ බක්කි කරත්තයක නැගී හැතැම්ම බාගයක් ගිය තැන ඇති වැලක එල්ලී පැද්දී ගොහිං සංගිලි පාළමකින්ද එගොඩ වී කන්දක් නැග්ග පසු උන්ගේ ගමට ළඟා විය හැක. උන්ගේ මිදුලේ ඇති පුවක් ගහේ කරටියට නැගගත්තොත්, පුවක් වලු අස්සෙන් මුළු වයඹ පළාතම බලා ගත හැක ලු ය.

මල්පිටිය හංදියට ගිහිං විචා මාමාට කෝල් කර පැයක් යන්නට මත්තෙන්, T55 යුද්ධ ටැංකියක් පිඹගෙන ආවේය. එයිං එළීයට ඔලුව දැමු විචා මාමා "නැගපල්ලා වියකල් එක පාරෙ නතර කරං ඉන්න අමාරුයි" කිව්වේය.

රජයේ උසස් නිලතල දරණ උදවියට, පැන්ෂන් යන විට තමන් පාවිච්චි කළ වාහනය සුළු ගාණක් ගෙවා ගෙදර ගෙනයා හැකිය. විචා මාමා යුද්ධ ටැංකිය අරං ඇත්තේ එහෙමය. ඒ විදිහටම මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩකළ උන්දැගේ මස්සිනෙක් ගල් රෝලක් ගෙදර ගෙනිහිං තිබුණේය.

"අපරාදෙ ගල්රෝලක් ගෙනිච්චෙ" කතාව කියමින් විචා මාමා අපට කීවේය. "බැකෝ එකක් ගෙනිච්චනං කුළීයට දෙන්න තිබ්බ. අන්තිමේ අපේ මහගෙදර වත්තෙ තිබ්බ, උල්කාපාතයක් වැටිල හැදිච්ච වළක් වහන්න අර ගල්රෝල ඒ වලට දැම්ම..."

කතා කරමින්ම විචා මාමා මල්පිටිය හන්දියෙන් මහපාරට යුද්ධ ටැංකිය දමා ගයනුකිත්තානුසාරී හැරවුමක් කළේය. (ඒකට යූ ටර්න් එකක් යැයි කියන්නට බැරිය)

අපි වෙඩිං හෝල් එකට එන අතර මග වෙන වෙන සිද්ධී සිද්ධ වුනේ නැත. උනත් ඒ ගැන කියන්නට ගොහිං මේ පෝස්ටුව දික් කරගන්නට බැරිය.

ලබ්බා ඉතා අසරණ ආකාරයෙනුත්, අභීනව ලබුපතිනිය ජයග්‍රාහී ආකාරයෙනුත් ඉන්නා හැටි අපට සැලියුට් හෝල් එකට ආ විට දැකගන්නට හැකි විය. ඒ හෝල් එක තිබුණේ දැවැන්ත ‍ පොල් වත්තක් ඇතුලේය. ඒක කොච්චර දැවැන්තද කියතොත්, සිරිමාවෝ ගේ රජයෙන් වතු ජනසතු කරද්දී ඒ වත්ත බේරාගෙන තියෙ‍න්නේ වත්තේ අයිතිකාරයා අල්මාරිය දාලා අස්සේ හංගගෙනය. ඒ හෝල් එකේ පැත්තකින් වැවක් තිබුණේය. ඒකේ රැල්ලත් ගහනවාය. වැව පුරා නෙළුං පිපී තිබුණ අතර, ඒ නෙළුං නෙලන ගැටිස්සියන් දහ දෙනෙක් විතර ඔරු වල නැ‍ගී නෙලුං කවි කියමින් සිටියෝය. ගස්ලබ්බාට දෑවැද්දට ලැබෙන අලි දෙන්නා ඒ ගෝල් එකේ කණු දෙහෙක ගැට ගසා සිටියෝය.

අපි හත් අට දෙනා (මම, අටං, ආකාස කසුන්, මනෝ, කැමා සහ විචා) ඒ වැව අයිනේ තිබුන කොටසේ ඈඳිගත්තෙමු. එහෙයින් අපට වෙඩිං කේක් වෙනුවට දුන් දැවැන්ත චොකලට් එකත්, කරපු වල්කම් වෙනුවෙන් දෙන වෙල්කම් ඩ්‍රින්ක් එකත් මගෑරුනේය. ඒ උනාට ටිකකිං පීප්ප හතරක් පෙරලාගෙන පෙරලාගෙන ආව වේටර් ලා හතරදෙනෙක් අපිට වෙනම වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙන්නට පටං ගත්තෝය. පීප්ප වල තිබුණේ කිතුල් රා, බ්‍රැන්ඩි, විස්කි සහ පොල් අරක්කු ය. බයිට් වලට සෙක්සි පෝක්, ගෝන මාලු, මුව මස්, කචල් ෆිෂ් ඩෙවල්, සහ බැදපු කකුළුවන් තිබුණේය.

මේ පිංතූරෙ මගෙ ෆෝන් එකෙං කැමා ගත්තට, මෙතන දැම්මෙ විචාරක මාම
 එයාගෙ බ්ලොග් එකේ පළ කරපු තැනිං උස්සලා බව කරුණාවෙන් සළකන්න ය
දෙවෙනි පාර අපි බාර් එක වෙත ගිහිං එන අතරෙ අටමාට බෝතලේක මූඩියක් පෑගුණේය. ඒ උනාට ඌ හෙන හොඳය. අටමා කසුන් ගේ සියලු වගකීම් කරට ගත් අතර, කන්නට බත්පතක් ද කොත ගසා බෙදා දී, ඉන්පසු ආපහු ගිහිං හැම ජාතියකම ඩෙසට් වලිං පීරිසියක් පුරෝගෙන විත් කසුවා ගාවින් තියා, ඊට ඇඟල්ලක් වත් ගැහුවොත් අපිට කරනා දේත් කීවේය. ඒ කියපු වචන, මේ වගේ තැනකවත් කියන්නට බැරි තරං සුනීත විනීතය. වෙන එකක් තියා අර වැවේ හිටපු ගැටිස්සියන්ට කසුනා වෙනුවට ටෝක් ද කළේ අටමා ම ය.

අන්තිමේ සියල්ල හමාර වී ලබු යුවළ පිටත් වුනු පසුව අපි හතර දෙනා (මම, කසුවා, අටං, මනෝ) පොතුහැර ඉස්ටේසම වෙත ගෙනත් දැම්මේ විචාමාමා තනියම ය. ඒ තරං උන්දැ හෙන ෆිට් ය. ගෝන මස් හා වල් ඌරු මස් හැර වෙන කිසිම දෙයක් නොකන වෙජිටේරියන් ය.

පොතුහැර හැර ඉන්නා විට රේල් බස් දෙකක් එකට ඈඳුන මොකද්දෝ එකක් ආවේය. ඒකට නැගගෙන ඉන්නා විට අටමා ෆුට්බෝඩ් එකට බැස කැමාට ගෙදරට කියන නම කියා කෑගැසුවේය.

"ඒයි මෝඩයා මෙහෙ වරෙං..."

ඉතිං කැමා ගෙත්, වෙන්ට කැමී ගෙත් රෙදි නැත. අටමගෙත් නැත. එ් උනාට ඌට වගේ වගක් නැත.

කැමාත්, වෙන්ට කැමීත් දුවගෙන ඇවිත් අපි හිටපු බස් එකටම නැග්ගෝය. වෙන්ට කැමී ට ඇහෙන්නට අටමා, මගේ බෙල්ල මිරිකා තර්ජනය කර, ලස්සන වගන්තියක් කියවා ගත්තේය.

"මේ වගේ අහිංසක, හුරතල්, සුකුමාල, සුවිනීත, සාන්ත දාන්ත, කෙල්ලෙක් - මේ වගේ ගටිකන මූණක් ඇති, මල් පොන්නයෙකුට ගැළපෙන් නෑ"

ඉතිං අපි හැමෝගෙම රෙදි නැත. කැමාට පොන්නයෙක් කිව්වත් කමක් නැත. ඒකට එකතු කරපු මල් මල් විශේෂණය තමා ය හරි නැත්තේ.

අටමාගේ අදහස නම්, නර්ස් කෙනෙක් කවදාවත් හරි හමං මිනිහෙක් බඳින්නේ නැති බවය. ඌ ඊට උදාහරණ විදිහට දක්වපු නම් ලැයිස්තුව මෙතන කිව්වොත් මට අනිවා, ගෙට්ටුවකදී බඩ කට පුරා කන්නට ලැබෙනවා සහතික ය.

පොල්ගහවෙලිං අපි හරිහමං කෝච්චියකට නැග්ගෙමු ය.  එතෙන්දී අටමා දුවගෙන ගොහිං වතුර බෝතලයක් අරං ආවේය. ඒකත් අපි හතර දෙනා උගුරු දෙක දෙක බීවාට පසු, ඉවර වුනේය. උගේ කරුමෙට ඌ ගිය කඩේ සිගරැට් තිබී නැත. ඉතිං ඌ හෙන අමාරුවෙං ඇඹරි ඇඹරී යන්තම් ගණේමුල්ලට ආවේය. ගනේමුල්ලෙං මං බහිද්දී ඌ මගේ බෙල්ල බදාගෙන තව පොඩ්ඩෙං තොත්තුවකුත් දී කඩේකට දුවගොස් සිගරැට් දෙකක් ගෙනත් දෙන ලෙස ඉල්ලුවේය.

මාත් ඉතිං ගමේ අවුරුදු උත්සවේ මීටර් සීය දුවනාකාරයෙන් දුවගෙන ගොහිං සිගරැට් දෙකක් අරං ආපහු හැරෙනකොට, කෝච්චිය අද්දලාය. එතනම ඉඳං අටමාට කෝල් කළ විට,

"දැං ඉතිං මොනව කරන්නද, උඹ ඕක ගෙදර ගෙනිහිං ඩ්‍රැකියානිගෙං ගුටි කාපන්" යැයි අටමා මට කීවේය.

මට හෙන දුකය. ඒ,

අටමා පොල්ගහවෙල ඉඳං ම සිගරැට්ටුවක් නැතුව දුකසේ ඇවිදිං, මගේ හෝම් ටවුමෙන් ඌට සිගරැට් අරං දෙන්න බැරි වීම නිසා නෙවේය.

අර සිගරැට් දෙක ගෙදර ගෙනිහිං ගුටි කන්නට වෙන නිසාත් නෙවේය.

එයිං බේරෙන්න ඒ සිගරැට් දෙක විසික්කා කරන්න වෙන නිසාත් නෙවේය.

ගනේමුල්ලෙං මං බහිද්දී අටමාගේ ලයිටරය ඉල්ලාගෙන බහින්න බැරිවීම නිසාය.

ඉතිං බස් එකේ ගෙදර යන ගමං බස් එකේ ජනේලෙං සිංගරැට් දෙක විසික් කරපු මං, ඒ විසික් කරපු තැන බස් එකේ ජනේලේ තීන්ත නියපොත්තෙං හූරා මාක් කළේ, පහුවදා වැඩට එන ගමං එතනිම්ම අහුල ගන්නට හිතාගෙන ය.

218 comments:

  1. නෙද්දිකිං ඔය වල් මන්දිරය අපිටත් කතාකළානං අපිත් එනවනෙ.

    ReplyDelete
    Replies
    1. මදාවියාට ගත්තම ඌ උඹත් එක්ක පොල් ගහවෙලට එනවා කීවා බොල.අන්තිමට මදාවියාට නිවාඩුවක් දාන්න බැරිවුනා නොව.

      Delete
    2. සක් විතරක්. මට ඔය මනොව කිව්වෙ ප්‍රසන්නෙයයි මදාවියයි එනවමයි කියල. නැත්තං මයෙ බල්ලවත් යන්නෑ ඔය තරං දුස්කරතා මැද...

      Delete
    3. කොහෙ එන්නද? නයන්නෙම රවුම් කීයක්ද හැබෑට..?

      Delete
    4. උඹ ඔව්ව සිරාවට ගන්ඩෙපා. උඹ කිව්වොත් මං පණ උනත් දෙන්ඩ එනව. (ඩ්‍රැකියානිගෙං අහල හැබැයි...)

      Delete
  2. විචා අංකල් මගුලට එනකොට ගයනුකිත්තානුසාරී හැරවුමක් කළාට මගුල ඉවරවෙලා යනකොටනං දෙපැත්තෙ තියෙන ඔක්කොම සමතලා කරගෙනලු ගියේ කියල ඒ පැත්තෙ අය කතාවෙනවලු.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්, අඩ්ඩොව්.......අපි කැඳ බිව්වත් බෙට්ට කෙලින් හරිය.

      Delete
    2. ප්‍රසා,
      විචාට කඳුගැට පේන්න බෑ කියල විචී කියල තිබ්බයි කියල ආරංචියි...

      විචා,
      හට්ටියට ගියත් සෙකන්ඩ් වෙන්නෑ කියල ඉබ්බත් කිව්වලු හාවට... :-)

      Delete
    3. හට්ටියට ගියත් සෙකන්ඩ් වෙන්නෑ කියල ඉබ්බත් කිව්වලු හාවට...// අනිී මී කතාව ලියන්නටකො. අයියා ප්ලීස්.( ඉල්ලා ගෙන කෑම 2න්ඩ් වර්ෂන්)

      Delete
    4. මිරිස් තුන පහ ටික පිටේ බැඳගෙන ඉබ්බා ගෙට එනවා නම් ඌව හට්ටියට නොදා වෙන මොනා කරන්නද...

      Delete
    5. සුජී,
      කතාව නං ලිව්වැහැකි. ඊට පස්සෙ සුජී දාන කමෙන්ට් එකට මට තමා ආයෙම චාටර් වෙන්න වෙන්නෙ. ඒක නිසා දාන්නෙම නෑ.

      කසියන්ත,
      හුකෑස් බං. ඒක වෙන කතාවක්. මේක අර හාවගෙයි ඉබ්බගෙයි රේස් එකේ දෙවෙනි කොටස...

      Delete
    6. අනේ අනේ මං හොඳ ළමයා වෙලා කියවන්නම්. හුදී ජන පහන් සංවේගය උදෙසා හාවගෙයි ඉබ්බගෙයි රේස් එකේ 2 කොටස ලියන්නම වෙනවා ඔයාට.නැත්නම් මාතරින් එවනවා ගිනි පිල්ලියක්. අපගේ ගුරුකම් වැරදී නැත. ගිනි පිල්ලිය එවන හැටි ඕන නම් කමෙන්ට් කරන්නත් ඇහැකියි.

      Delete
    7. ඒයි ඩ්‍රැකී කියල දාපන්.. මේ සුජී කියන්නේ..
      (මාත් ඔය කතාව අහලා නෑ බන්)

      Delete
    8. එච්චර දිග කතාවකුත් නෙවෙයි. එච්චර රසවත් කතාවකුත් නෙවෙයි. ඕං එහෙනං කියනවා...

      පළවෙනි රේස් එකෙං පැරදිච්ච හාබ ඉබ්බට ආයෙමත් පාරක් චැලෙන්ජ් කළාලු. මෙදාපාර දුවන්න තිබ්බෙ කාපට් පාරක. හිමිදිරි පාන්දර. මේ පාර හාව නිදාගත්තෙත් නෑලු. ඉතිං ඉබ්බට ඇපත් නෑ. හනේ ඉබ්බ අර අටම බීපුවාම වගේ හති ඇර ඇර, ගාටද්දි, කඩවලට පාං දාල ආපහු බේකරියට යන බයික් එකකට අහුවුනාලු. පාං කාරයත් ඉබ්බව අරං පෙට්ටියට දාගෙන ඇරල යනවලු. යද්දි හාව පහුවුනාලු. හාව පහුවෙද්දි ඉබ්බ පෙට්ටියෙං එළියට ඔළුව දාල කියනවලු,

      "මං හට්ටියට තමා යන්නෙ. මසට යතත් මේ ඉබ්බ තොට නං සෙකන්ඩ් වෙන් නෑ" කියල.

      මේක දැම්මෙ ගිනි පිල්ලියට බයේ නෙවේය. අර අසරණ සුජියගෙ සහ සිංහයගෙ දුක් ගිනි නිවන්නය. සුජී අඬපු ඇඬිල්ලට මගේ පපුවෙ හෝස් ගළෝල ගියේය. ගිනි පිල්ලිය තියා මහසෝන ආවත් මේ ඩ්‍රැකියා බයේ පස්සට යන් නැත.

      Delete
    9. ඒකත් තවත් එක ගජබින්නයක්ද දන්නෑ.. ඒත් මරු කතාව බොල. අදමයි ඇහැව්වේ...

      Delete
    10. lassana kathawak Draky maath ahuwe adhai. :)

      Delete
    11. එහෙමයි වෙලා තියෙන්නෙ. මරු කතාව.තැන්කු වේවා!!! තව ගජ බින්නයක් ලඟ එනවාද??

      Delete
    12. සිංහ මචෝ,
      උඹ අහපු නැති එව්ව කොච්චර තියෙනවද? බොගෙ මළගෙදර නයිට ගහන ගමං මං ඔක්කොම කතා ටික කියන්නං.

      සෙනරත්,
      ඉස්තූතියි. මේක මට කිව්වෙ හිටපු ජේවීපී කාරයෙක්. :-)

      සුජී,
      ආයෙ නං ලැජ්ජා තියෙන තුරා, මම රෙදි අඳින තුරා, ගජබින්න නං දාන්නෙ නෑ.

      Delete
  3. මට පේන හැටියට අටම ඔක්කොගෙම රෙදි ගලෝල වගෙයි. හැක්...

    ReplyDelete
    Replies
    1. උබ හිතුවද යකෝ එක පෙලට මෙහෙම කොමෙන්ට් ටික දැම්හම් මේ උන්නාන්සෙ ස්කීන් ෂොට් එකක් ගහලා බොගේ දාවියේ කියලා......

      Delete
    2. ස්කීන් කොහොම වෙතත් දැං දෙතුන්දෙනෙක් ෂොට් එක දෙන්න ලෑස්තිවෙලා ඉන්නෙ කියලනං පේනව.

      Delete
    3. හැක්. හොද වැඩේ උබට.. කරොත් කරන්නේ අසමජ්ජාති අලුකොත්තේරු වැඩක්නේ..
      ලබ්බලගේ මගුල් ගෙදර ගියානම් ෂොට් එකකුත් ගහලා, ෂොට් එකකුත් කාලා එන්න තිබ්බා..

      Delete
    4. ප්‍රසා,
      අටම එක්ක ඉන්නකොට එක්කො අටම එක්ක / නැත්තං රෙදි එක්ක. ඔය දෙකම තියාගන්න බෑ.

      සිංහ මචං,
      බොලා එකෙක්කත් තේරුං ගන් නැද්ද බොලව් බ්ලොග් ලෝකයේ එක එක කාලෙට එක එක ප්‍රවණතා එනවයි කියන එක?

      Delete
  4. ආකාස කසුනට අටම ඔච්චර ආදරෙන් සැලකුවෙ මොන හේතුවකටද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. මොකද්ද බූදල් කතාවක් මං අහගෙන කසුව කියනව. මනොවත් අහගෙන උන්න...

      Delete
    2. අපෙන් අහන්නෙ? ගිහින් අටමගෙන් ම අහපියකො වලවෙට්ටුවො.

      Delete
    3. උගෙන් අහල උඹලට වගේ සඟිස්කෘතික අහගන්න මට ඕන නෑ බොල. හැක්..

      Delete
    4. අටම කියන සඟිස්කෘත සුරංගයෙ ශෛලියෙන් කියන්න ඕනෙ බං...

      Delete
  5. ලබ්බෙ තොය්ලෙ වගේ නැතුව ලබ්බෙ මගුල තියල තියෙනව කියල පේනව.

    ලබ්බටයි ලබ්බිටයි සුබ යුග දිවියකට ආසිරි..

    ReplyDelete
    Replies
    1. ආයෙ අහන්න දෙයක් නෑ මචං මගුල ගැනනං. ක්ලැසික් බෑන්ඩ් එකක් ගැහුව කොහොමද දන්නවද? අනික කෑම බීම... අන්න වෙඩිං!! (කොරනවනං)

      Delete
    2. ඉශ්කෝතු වේවා..!! සංගීත ඩෑල් එකත් ගස්ලබ්බත් එක්ක එකට පංතියෙ ඉඳපු ගොබිලෙක්ම තමා ඕන්..

      Delete
    3. ශැඃ නියමයි. පට්ට බෑන්ඩ් එක බං.

      Delete
  6. චැහ්.. උඹලට තිබුනෙ කැමාගෙ ගෙදරත් යන්න.

    ReplyDelete
    Replies
    1. කියන්ට තියෙන ඔක්කොම එකසැරේ කියල දාන්ට බැරි මොකද පකෝ.

      Delete
    2. හැක්... හැක්...
      පළමුව රවී දෙවනුව හැලපේ වේය...

      Delete
    3. කැමාගේ ගෙදර යන්න වාහන තුනක් ඕනේ. ඉස්සරහින්ම ඩෝසර් එකක්, දෙවනුව බැකෝ එකක්, තුන්වෙනුව මෝටර් ග්‍රේඩර් එකක්. ඊට පස්සේ අපි පයින් යන්න ඕනේ.

      Delete
    4. එන්න එපා තොපි එකෙක්වත්... ලොක්කො.....

      Delete
    5. උඹ ගනන් ගන්න එපා කැමා, උඹ රා ටික හොයල මට කෝල් එකක් දියං මම එන්නම්.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. ප්‍රසෝ,
      දවස් දෙකතුනක නිවාඩුවක් දාල තමා කැමාගෙ ගෙදර යන්න වෙන්නෙ. යන්ඩ දවස් එකහමාරයි, එන්ඩ දවස් එකහමාරයි. අර උන්ගෙ පුවක් ගහට බඩගාන්න විනාඩි දහයයි...

      හැලප්ස්,
      ඕක තමා බ්ලොග් කමෙන්ට් වල අලුත්ම ප්‍රවණතාවය. ඕකටත් සම්මානයක් දෙනවලු නෙලුං යායෙං. ඇනෝවෙක් තමා අනුග්‍රහය දක්වන්නෙ.

      ප්‍රසෝ,
      කමෙන්ට් ගොඩක් මැද ප්‍රසන්න පැනි කෑය...

      විචා,
      ඔය වාහන ටික ඇති අර හෙල ගාවට එනකං. එතනිං එහාට අර වැලේ එල්ලිල පැද්දෙන එක නං අනිවාර්යයි...

      කැමෝ,
      උඹත් එන්න නෙවෙයි රාගම හොස්පිටලය පැත්තෙ එහෙම. කැමී ගැන තියෙන අදහස අත්ඇරගං...!

      කම්මො,
      ඕකගෙ රා ගඳයි බං. ඊට හොඳා වරෙං කොත්මලේ යන්න අපිත් එක්ක.

      Delete
    9. හප්පටසිරි ලෙඩේ හොඳටම උග්‍ර වෙලා වගෙයි.

      Delete
    10. අන්තිමට ඇති කොමෙන්ටුව කම්මලයට අදාලව බව සලකන්න. ඒක දානකොට මූ මොකක්ද අටමගලයක් බ්ලොග් එකට කොර කොර හිටියෙ.

      Delete
    11. අටමගලෙ තාම ඉවර නෑ. ප්‍රසා දන්නවද, ඩයිනැමික් ටෙම්ප්ලේට් එක දැම්මහම, සමහර කමෙන්ට් පෙන්නන් නැත්තෙ ඇයි? ඒකට මොකෑ කරන්නෙ?

      Delete
    12. අනේ අම්මේ ඕව ගැන මම දන්නෑ.

      Delete
    13. මෙන්න මූ බ්ලොගට හූණියම් කටිනවෝ...

      Delete
  7. ඔය පොටෝ එක ගහනකොට කැමා බීලා වැඩිකමට කබරයා දාන්න ගිහින් හිටියේ.ඒකයි කැමා ඔය පොටෝ එකේ නැත්තේ.ඔය අපි බෙලි දික්කරගෙන අහගෙන ඉන්නේ අටමගෙයි විචාගෙයි රසකතා.

    අටමයි මමයි රාගමට එනකොට 8 ත් පහුවුනා.මාව බෝඩීමට ගෙනත් දැම්මෙත් අටමා උගේ බයික් එකේ.

    ReplyDelete
    Replies
    1. කැමා ෆොටෝ එකේ නැත්තෙ යකෝ ඌනෙ මේක ගත්තේ...

      Delete
    2. මනෝ,
      හෆූ බං කැමා බිව්වෙ කොකාකෝල විතරයිනෙ. කොකාකෝල වලට වෙරි වෙන කොල්ලෙක් මං ඔය ඇහුවමයි...

      තොපි දෙන්න කසුවගෙ පස්සෙං ගියාට, වැටෙයි කියල හිතං හිටිය එක වැටුන් නෑ නේ?

      අනික, අටම උඹව බෝඩිමට ගෙනත් මොකද්ද දැම්මයි කිව්වෙ?

      කැමෝ,
      ෆල ෆල ඩෝ යන්ඩ. අර මේසෙ යට දපල ඉන්නෙ උඹ නෙ. හොඳට බලහං...

      Delete
    3. අටමා එදා ඇවිත් මගේ කොම්පියුටර් කෑල්ල ගෙනිච්චේ නැත්තම් ඒක තවම මඟේ කාමරේ.

      කැමා කොකාකෝලා සෝඩා එක්ක සැන්ටින් කොරලනේ බං බිව්වේ.
      කට්ට්ය තව වීදුරුවක් දෙකක් ගත්තනම් තව හොද හොඳ සෙල්ලම් බලාගන්න තිබුනා.

      Delete
    4. උඹේ කම්පියුටර් කෑල්ල කිව්වෙ, උඹට ටයිප් සෙටිං හදල දෙන කෑල්ලද?

      හයියූ බං. කැමාට එච්චරවත් බොන්න බැයිද? කතාවනං කෝමද? කිතුල් රා වලිං කතාව. ටොනික් පියනක් පෑගෙන්න බෑ. ඕක කබරයත් දැම්මනෙ බං. කලිං දවසෙ කාපු සමපෝෂ හිටං තිබ්බ කබරය අස්සෙ...

      Delete
  8. සක්.. නියම සෙටා වීමක් නේ.. ගස් ලබ්බ නිකම් හරි අපිටත් කියුවනම් අපිත් එනවා නොවැ.. මායි ලොකු පුතයි එදා දවසම නිකන් උන්නේ.. අටම ව අඳුන ගන්නත් තිබ්බ එහෙමනම්.. :)

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි මටත් එන්න ආසාවෙන් හිටියෙ ලබ්බ මගුල් කිවුවෙ නෑ. අපරාදෙ මුන්ව හම්බවෙන්න තිබුන චාන්ස් එක.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කමි,
      නොකිව්වත් එන්න තිබ්බෙ. අපරාදෙ. ළඟට ඇවිත් කොල් එකක් දුන්නනං, විචා එනව ටී පණස් පහේ වෙඩිල්ල ව‍ගේ...

      අටං,
      කාටද බං?

      කම්මො,
      සිරාවට බං...

      Delete
    4. හනේ මගෙ කට... සෙක්..

      Delete
  9. ගණේමුල්ලේ සිට ගෙදර යන්නේ මොන බස් එකේ (214, 218, 223, 266, 276, 278) ද?

    ReplyDelete
    Replies
    1. මූ ඩ්‍රැකියුලා බව අමතක නොකළ මනාය.
      හොඳ වෙලාවට අටම ලයිටරේ දුන්නැත්තෙ. නැත්තං මුගේ තටු දෙකත් පුච්චගන්නව. හැක්..

      Delete
    2. රසික,
      මං යනව 223, 218, 214, 979 ඔය ඕනෙම බස් එහෙක. මං වැඩිපුරම යන්නෙ 223. ගිහිං වැලිපිල්ලෑවෙං බහිනව. මං ඉන්නෙ කටුවාලමුල්ලෙ. දැං කියන්නෙපා ඒක පරකන්දෙණියෙං කෑල්ලක් කඩල හදපු එකක් කියල. ඒ කෑල්ලක් කඩල හැදුවෙ රම්මුතුඋයන. අපි ඉන්නෙ පුරාණ ඓතිහාසික කටුවාලමුල්ලෙ. පරංගි හමුදාව සිංහල රජ්ජුරුවන්ට "කොටු වුන මුල්ල" - කල් යාමේදි උච්චඡාරණයෙ පහසුවට කටුවාලමුල්ල‍ බවට පත්වුනේ... ආං ඒ ගමේ.

      ප්‍රසා,
      තටු? එව්ව ඔක්කොම ඕල්රයිට් ඕනෙ වෙච්ච වෙලාවට හරි?

      Delete
  10. රෝමියෝ - ජුලියට් කථාව කියවලා නෑ වගේ.


    විචාගෙ විස්තරයට ගැලපෙන විදිහට කොමික් කෑලි ටික. නියමයි.

    ReplyDelete
    Replies
    1. බොලා කියවල තියෙනවද ඩ්‍රැකියා - ඩ්‍රැකියානි ඉතිහාසගත ප්‍රේම කතාව.

      Delete
    2. ඊයං,
      රොමියෝ ජුලියට් අකාලෙ මළාට ප්‍රේමය අමරණීයයි නෙ බං. ඒකයි මං කිව්වෙ.

      ප්‍රසා,
      ආං කියවනවනං කතා. ආදර්ශමත් ප්‍රේම වෘත‍ාන්ත...

      Delete
    3. හෘදේ පුරා නැග එන්නා ප්‍රේමේ..... දෝරේ ගලා.... ඕ.. ඕ...

      Delete
    4. ගල් කැට එකතු කරහං බෝතලේකට. ඒ කතාව දන්නැත්තං කියහං මං මේලක් දාන්නං.

      Delete
  11. මටත් ඔය ඉඳල හිටල තරහ ගිය වෙලාවට නම් මෙහෙත් ලබ්බෙ මඟුල් තියෙනව බං.

    මම නම් ඉතිං බ්ලොග්කරුවො කවුරුවත් පුද්ගලිකව හඳුනන්නෙ නෑ. කොහොම උනත්, අලුත් යුවතිපතින්ට අපෙනුත් සුබපැතුම් !

    මඟුල් කෙසේ වෙතත් උඹල හොඳ පිස්සුවක් කෙළල තියේ.

    ReplyDelete
    Replies
    1. මාත් මුන් එකෙක්වත් හැබෙහින් දැකලා නෑ නෙව...

      Delete
    2. ඩීඩීටී දකින්න ආසයි.

      සිංහයනං දවසක ගෙට්ටුවකදි දකින්න බැරි වෙයියැ?

      Delete
    3. ඉස්තූති වේවා..!!
      දකින්න වටින සැට් එකක් නේන්නං... හෙහ් හෙහ්

      Delete
  12. මේව ලබ්බ දන්නවනම් ආයෙ බඳිනව.
    අටමාට සහ උඹල හතර දෙනාට දීපු සපෝට් එක වෙනුවෙන් මගේ බලවත් මෙව්වා එක. ඔන්න මේක නැව්වා.

    ReplyDelete
    Replies
    1. ඇයි මන්දිරය ට පොල්ගහවෙලදි අටම ජාතිය අමතපු හැටිත් ලියහංකො.

      Delete
    2. ටොපි පොල්ගාවෙලට ආව
      මට කිව නං ටොපේ මූණත් තහඩ්ඩ හරි බලල රා මුට්ටියක් දෙකක් උස්සයං යන්ට එනෝ නෙ හැක්

      Delete
    3. කසුනෝ... උඹ මොකක්ද දැන් නැමුවේ...?

      Delete
    4. කසුවො,
      ලබ්බ ආයි බැංදොත් මං ඒ වෙඩිමටත් යනව.
      හා හා, ඔය ඔය, මෙතන ගෑල්ලමයිත් ඉන්නව. ඔය නමපු එක දිගෑරගනිං වහාම !

      අටම මනොවට කියපු දේවල් -
      කළණියෙං බැහැල කෝච්චියෙ එන්න තිබුණ බව. රටක විශ්වාසවන්තම ප්‍රවාහන සේවය කෝච්චිය බව. ගුරුවරුන් ට කියල වැඩක් නැති බව. උං කරන්නෙම මරි මොට්ටල වැඩ බව. ගුරුවරුන්ගෙ ළමයි ඊටත් අන්ත බව. උංගෙ *$%$@$$%^&**/* බව. තව මොක මොකවත් මතක නං මෙතන දාහං කසුන්...

      මහේෂ්,
      හෆූ බං. උඹත් පොල්ගහවෙල බව දන්නවනං කෙලිම්ම පොතුහැර යනව.

      කැමෝ,
      ඒක උඹට වැඩක් නෑ. උඹ පොඩි එකා. අර මල්පාත්තිය බලාගෙන ඉඳහං...

      Delete
    5. මම ගුරුවෘත්තිය වෙනුවට වෙන වෘත්තියක් තෝරාගන්න ඉන්නේ බං.අටමගේ අවලාදා අහනවට වැඩිය හොදයි ඒක.

      Delete
    6. එතකොට අටම කියයි ගුරුවරුත් තව හොඳයි. ගුරුවරු වෙලා ඉඳල වෙන රස්සාවලට ගිය උන් ඊටත් අන්තයි කියල.

      Delete
    7. ඔව්ව නැමුවා වගේ නෙමෙයි මචෝ... අනේ මන්ද... හෙහ් හෙහ්

      Delete
    8. උඹට ඉතිං නැවුං අත්දැකීම් ඇතිනෙ දැං?

      Delete
  13. මුලින්ම ගස් ලබ්බාටත් ලබු පලුවටත් සුභ විවාහා දිවියකට ආසීරි පතනවා.

    ඔය බයිලා ගහන, පිස්සු කෙලින, මනෝ ගහන, ආකාසෙන් එන, සුද්ද සිංහල කතා කරන එවුන්ගේ වර්තමාන මුහුනත් තහඩු ටික දැක්කේ අදයි.

    උදේ ජැන්ඩි පහට ඇදලා ගියාට හවස ගෙදර ගියේ හතර ගාතෙන් නෙව.

    අටමා මනෝගේ බෝඩිමට ගියේ ගෙදර යාගන්න බැරි උනු හින්දද??

    බොන්න තියෙනවනම් නිවාඩු දාලා හරි මගුල් ගෙවල් වල.....

    ReplyDelete
    Replies
    1. මං මේකට මොකුත් නොකියා ඉදීමෙං සිංහයගෙ අපේක්ෂා සුන් කරන්නට කල්පනා කරමි...

      Delete
    2. උබ හිතුව මදි මගේ අපෙක්ෂා සුං කරන්න.....

      Delete
    3. කවුද බං අපේක්ෂා.

      Delete
    4. බොලාටත් කෙලි නමක් පේන්න බෑ..
      අපේක්ෂා=බලාපොරොත්තු කියලා හිතාගනින්කෝ...

      Delete
    5. ප්‍රසා,
      අපේක්ෂා කියන්නෙ අර උපේක්ෂගෙ නංගි.

      සිංහ,
      අනේ ‍උඹේ බලාපොරොත්තු...!

      Delete
    6. උපේක්ෂාගේ නංගි ලස්සනද බන්..

      ඔන්න උබ මට බලාපොරොත්තු වැඩි කොලා...

      Delete
    7. ප්‍රොෆයිල් එක නං ලස්සනයි. කොහොමත් ඕනෙම වැඳිරියෙක් උඹලට අපිට වඩා නං ලස්සන ඇති බං.

      Delete
    8. ඉස්තූති වේවා මචන්...
      අනෙ අම්මියෝ.. මම නම් ඔය කාන්තා අභිවෘද්ධි කටයුතු වලට නෑ ඕන්

      Delete
    9. දැන් නෑ කියහං. බැන්දනෙ. :-)

      Delete
  14. කවුද උබලට කිව්වේ විචා රස කතා කිව්වයි කියලා මාමා කාරයා උබලට බොයිය දාලා පෝස්ට් එකක් කොටන ගමන් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. බොලාට ඉස්සෙල්ලා මිනිහා පෝස්ට් එක අප්ඩේට් කලානේ.. උබට දවස් ගානක් ගියා.

      Delete
    2. ඒක දැකල තමා බං මේක ලිව්වෙ. ඒකෙ නැති දේවල් කොච්චර තියෙනවද මේකෙ. හිතහං කො ඉතිං මේකෙත් නැති දේවල් කොච්චර තියෙන්න ඇතිද කියල...

      Delete
    3. ඒ ටික අටමා කොටයිද දන්නේ නෑ.. බොලා විචා මාමට සෙකන්ඩ් වෙන්න කැමති නෑ වගේ...

      Delete
    4. නිකමට හිතහන්... මේක කියවගන්න මට කොච්චර දවසක් ගියාද? හප්පේ....

      Delete
    5. නිකමට හිතන්න කොච්චර දේවල් තියෙනවද? ඔය උඹ කියන කියන එව්ව හිතන්න මට වෙලාවක් නෑ.

      Delete
  15. මොනවා වුණත් අරකාගේ මගුලට බාධාවක් නොකර පරිස්සමට අාවාට අපේ ස්තූතිය... මචං හොද වෙලාවට අර වාහන අස්සේ කබරයා දාන උන් සෙට් නූනේ..... හැක්

    ReplyDelete
    Replies
    1. මෙතන සමපෝෂ කන එවුවො නෑනෙ. ඒකයි.

      Delete
    2. වාහන අස්සෙ කබරගොයි රිංගවන්නෙ ටයර් වල හුළං අරින්නද?

      මොකද්ද ප්‍රසෝ ඒ සමපෝෂ කතාව?

      Delete
    3. අහල බලහං වෙඩිමෙ කපල් එකක් උන්නද කියලා... මුං දල්ලෑ.. ඕන්..

      Delete
    4. කපල් කියන්නෙ, විචාරකයි මනොවයි දෙන්නට දෙන්න බදාගෙන මරු ඩානස් එකක් දැම්ම නං මතකයි.

      Delete
  16. අන්න පොල්ගාවෙල ඉට්ටේසමේ සැට් එක බොලාට වනන්න බලං ඉන්නවලු එතන ඉදං ජාතිය ඇමතුවා කියල හිහි
    යකෝ පොල්ගාවෙල වගේ තැනකට ඇවිත් ඕම යන්ට හොදද මං අහන්නෙ අපිටත් කියල ඈ දන්නැද්ද ඉතිං හිහි
    ඩ්‍රැක් ශෛලියෙන් ලියපුවාම දෙයියනේ කියල අපායෙ නොයා දිවිය ලෝකෙ යන කතා ටිකක් කියෙව්වැකි ඔව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. මේකෙ එක වචනයක් නෑ බොරු.

      අපරාදෙ මං ඇත්තටම දන් නෑ මහේෂ් පොල්ගහවෙල කියල. ආයි ආවොත් කෝල් එකක් දෙන්නං. ෆෝන් එක විසිකරහං බැද්දට...

      Delete
    2. චැක් මහේෂයා පොල්ගහවෙල කියලා මතක්වුනේම නෑනේ.නැත්නම් ගෙදරට ඇවිත් බලෙන් හරි ඇදගෙන යන්න තිබුනා.

      Delete
    3. උඹ කසුන ගන්න කොටුවට ගියා වගේ, මහේෂය ගන්න ගෙදර ගියානං අපිට එදා මගුලට යන්ඩ වෙන්නෙ ලබු ජෝඩුව පිටත් උනාටත් පස්සෙයි. ගිහිං හෝල් එක අස් කරන්න තමා අපිට එහෙනං ඉතුරු වෙන්නෙ.

      Delete
    4. ශැහ්ඃ.. සොරි වේවා මහේශ්..තවත් පමා උනා නම් ඩ්‍රැකියෝ බොලා වෙඩි කනවා..

      Delete
    5. හැබෑට. අපි හෝල් එකට ආවත් වගේම උඹට ආචාර වෙඩිමුර තිස්දෙකක් තිබ්බනෙ...

      Delete
  17. විචාගේ ටැංකිය වැඩි ගානකට දෙනන් කමයක් බලහං. ඔන්න ඔය බොන්න ඕන පමාණය නොදන්න අටං වගේ හිත හොද මෝඩයන්ට උඹල එකතු වෙච්ච ඒ වගේ තැනකදි ගානට දෙන්න දැන ගන්න ඕන.. රෙදි නෑ ඔීයි ඕකාගේ කටට එන කුනුහරුප වලට.. ගහපිය ඒකට මඩු වල්ගෙන්..

    ReplyDelete
    Replies
    1. කෝ බොල උඹේ රයනුකිති ටික.

      Delete
    2. විචාගෙ ටැංකිය විකුණන්ඩ පුළුවං. වැඩේ තියෙන්නෙ ආර් එම් වී එකෙං ට්‍රාන්සර් එක කරගන්න බැරි එකයි. අනික ඒකට වෙනම ලයිසොමක් ගන්ඩ ඕනෙ එළවන්ඩ.

      අටමට මඩුවලිගෙයක් ගේන්න කියල අටමි සල්ලිත් දීල එවල තිබුණෙ.

      ප්‍රසෝ,
      මොන කිති?

      Delete
    3. ඇයි බොට පේන්නෙ නැද්ද මුගේ ක්‍ර ප්‍ර හැලිල. හැක්..

      Delete
    4. ඒක රයනුකිත්තද බං. මං හිතං උන්නෙ රකාරාංශය කියල. කමක් නෑ ප්‍රසන්න මුද්‍රණ නෙ කියන්නෙ.

      Delete
    5. යකෝ රයනුකිත්ත කියලා එකක් නෑ. රකාරාංශය තමයි නිවැරදි.

      Delete
    6. ගූ ගලයා ඒක හලලා දාලා..

      Delete
    7. පෙනේරෙකිං වෙන්නැති?

      Delete
    8. @දේශක යා

      පල පකෝ තෝ දන්න මගේ පමන

      Delete
    9. අටමවත් දන්නැති එක දේශකය කොහොම දැනගන්ඩද?

      Delete
  18. විචාලගේ ගමේ පොරවල් වැඩිහිටියන්ට සලකන්ඩ දන්නැ ඒකනේ හත් අටදෙනෙක් වාහනේ හරවනකොට කුහුහබ්බෙන් බැන්නේ

    ReplyDelete
    Replies
    1. අපි බයේ හිටියෙ උඹ අර ලේලන්ඩ් පෙට්ටියෙන් එලියට විසි වෙයි කියලා.

      Delete
    2. අටං.
      ඒක නේන්නං. මං දැක්ක සමහරු අතට අහුවෙච්ච අහුවෙච්ච ගල්, තක්කලි වගේ දේ වලිං දමල ගහනවත්...

      කැමා,
      උඹ බයේ හිටියෙ වෙනදෙයක් ගැන. ඒක අටම අපූරුවට ඉෂ්ට කරල දුන්නෙ මයෙ බෙල්ල මිරිකල...

      Delete
    3. සැක්.. ආතල් මිස් වෙලා නෙ..

      Delete
    4. ඒකනෙ බං. ලබු කෑල්ල දාල උඹ එන්ඩ තිබ්බෙ අපිත් එක්ක කෝච්චි‍යෙ යන්ඩ. මොකද, ලබු කෑල්ල එක්ක කාර් එකේ කොයි වෙලේ යන්ඩ බැරිද? ඒ වගේද අපි? ආයෙ කවද හම්බෙයිද දන්නෑ.

      Delete
  19. ඔය ෆොටෝ එක තෝ ගැහුවා නම් තෝ කොහොමද බොල මැද්දෙ වාඩි වෙලා ඉන්නෙ..? ඕක ගැහුවෙ මං යකෝ..

    ReplyDelete
    Replies
    1. තෝ වරෙන්කො රාගම ඉස්පිටිතාලෙන් බෙහෙත් ගන්න...

      Delete
    2. ෆොටෝ එකේ කැප්ෂන් එක කියවහංකො හරියට. මාව කන්ඩ හදන්නෙ. තෝ වරකො රාගම පැත්ත පළාතෙ...

      Delete
    3. කැමා කො‍කාකෝල බීලනෙ ඔය. ඒකත් අමුවෙං නෙවෙයි. සෝඩ එක්ක.

      Delete
    4. උඹල උගේ කොකා කෝලා එකට ඩිංග ඩිංග දැම්ම එක වැරදියි

      Delete
    5. අපි දැම්ම ඩිංග ඩිංග. පල පල යන්ඩ. උඹෙ වීදුරුවටනං ඩිංග ඩිංග සෝඩ දැම්ම උඹට වැඩි වෙයි කියල. කොහෙද, වැඩක් උනේ නෑ.

      Delete
  20. මම උඹට කලින් පොස්ට් එකේ කිව්වා කතාවම නැවතත් කියනවා.. උඹේ බ්ලෝග ක්ලික් කරපු ගමන් මාව ගෙනිහින් දැම්ම හෙන add ගොඩක් මැද්දෙන්.. ආයේ පාර හොයන ඇවිත් තමයි මේ යන්තම් පොස්ට් එක කියවගත්තේ.. කාගෙහරි ලනුවක් කාල මොකක්හරි කුණුගොඩක් බ්ලොග් එකේ එල්ලගෙන වගේ.. පොඩ්ඩක් හොයල බලහන් ..

    බොලා හෙන ආතල් එකක් අරන් වගේ නේද.. ඇත්තටම විචාරකගේ ඔය කියන වාහන තඩිය මොන ජාතියෙන් එකක්ද කියහල්ලකෝ.. යකෝ සිගරට් දෙකක් විසික් කොරනවා කියන්නේ දියමන්තියක් විසික් කොලා හා සමානයි නේද මේ කාලේ.. ලංකාවේ සිගා පට්ට ගණන් නේද බන්.. අපරාදේ උඹ බොන්නේ නැත්තම් ඊ බේ එකට දාල විකුණන්න තිබ්බ.. හැක්..

    අඩේ කැමාගේ ගමේ ඇවිදින්න යන්න හෙන ආසාවක් ආව කියහන්කෝ.. කොහෙද ඉතින් කරුමෙට ඉන්නේ ආශ්චර්යමත් රටේ නෙවෙයිනේ.. කරුමේ...කරුමේ...

    ReplyDelete
    Replies
    1. උඹ ආවහම කියපන්, පුවක් මලක් වෑන් එකේ ගහගෙන වනජීවී එකේ එකෙකුත් දාගෙන අලි වෙඩි ටිකක් අරන් යමු කැමාලගෙ ගමේ. මතක ඇතුව රටබීම බෝතල් ටිකක් අරන් වරෙං නැත්නම් කැමාලගෙ පැත්තෙ තියෙන්නෙ කසිප්පු විතරයි.

      Delete
    2. අම්බලංගොඩ ට උත්තර,
      1. මං වෙනස් කොළා මුලක හිටං. තාමත් ඒ ලෙඩේ තියෙනවද බලන්න.
      2. විචා‍ගෙ වාහනේ තනිකරම ටී පණස් පහ ටෑන්ක් එකක්. ආයෙ බොරුනං විචාගෙං අහන්න.
      3. සිගරැට් එකක් රු. 35/-. මං ඒක විසික්ක කළාට, පහුවදා බස් එකේ අර ජනේලෙ මං දාපු මාක් එක බලල, ආපහු ඇහිඳගත්තා.
      4. කැමාලගෙ ග‍මේ යාම ගැන කම්මල අමතන්න.

      කම්මො,
      වැඩක් නෑ බං. වාහන වල යන්ඩ බෑ එහෙ. යන්ඩ තියෙන්නෙ අර ටාසන් යනව වගේ තමා.

      Delete
    3. උඹේ මේකෙ කොමෙන්ට් එකක් පබිලිස් කරල පේජ් එක රීප්‍රෙෂ් වෙන්නනං සෑහෙන වෙලාවක් ගන්නව.

      Delete
    4. දැන් නම් ආවේ නැහැ.. ආයේ ඒ ප්‍රශ්නේ ආවොත් මම කියන්නම්..
      රට බීම කිව්වේ ඔය ලංකාවේ ටවුමක් ටවුමක් ගානේ තියන රට බීම හල් වල තියන එව්වා වෙන්ටැති.. අපොයි මම ගේන ප්ලාස්ටික් බෝතල් ගෙනල්ල බෝලාගෙන් කුණු කතා අහගන්න බැහැ බොලේ .. මෙහෙන් වීදුරු බෝතල් බෑග් එකේ දාගත්තම මගේ ඇඳුම් ටික ගෙන්නවත් බරක් ඉතුරු වෙන්නේ නැහැ නෙව මට. ඒ හින්ද මම ගේන්නේ ගෙනවානම් ප්ලාස්ටික් බෝතල් තමා.

      අපි පුංචි සන්දියේ ටාර්සන් කරලා අතපය කඩාගත්තු එකේ ඔන්න ඔහේ ඒ පළපුරුද්දෙන් ට්‍රයි එකක් දීල බලමු කැමාගේ ගමේ යන්න.

      Delete
    5. මාවත් එක්ක යමන් හොඳේ...

      Delete
    6. එන්ඩෙපා අපිත් එක්ක යන්ඩ. උඹ පලයං ඩබොල් දාල වයිෆ් එක්ක. නැත්තං අපි කියන කුණුහරුප වලට අර මෙන්ඩගෙ සාපෙ එතනම ඉෂ්ට වෙයි.

      Delete
  21. මේ ඩබොල් ලෙඩේ හින්ද මට කමෙන්ට් දාන එක එපා වෙලා තියෙන්නෙ. ආපහු බල බල මකන එක එපාකරපු වැඩක්.

    ReplyDelete
    Replies
    1. ආපහු මකන්ඩ කරදර වෙන්ඩ එපා මචං. ඩබොල් ලෙඩේ හරියට උඹේ අයිඩී එක වගේ. ඒක නැතිකරගන්න එපා.

      Delete
    2. උඹ ඒවා හිතන්න එපා යකඩ තලන්නෝ. උඹගේ එක කමෙන්ට් එකක් දැක්කම හිත අප්සෙට් වෙනවා බං. හැක්

      Delete
    3. අනේ ඔන්නෝව අමතක කරල දෙක දෙකම දාපං. හැක්..

      Delete
    4. දෙකක් නැත්තං ඒ කම්මලය නෙමෙයි.. වෙන එකෙක්

      Delete
  22. මේ ඩබොල් ලෙඩේ හින්ද මට කමෙන්ට් දාන එක එපා වෙලා තියෙන්නෙ. ආපහු බල බල මකන එක එපාකරපු වැඩක්.

    ReplyDelete
    Replies
    1. ආපහු මකන්ඩ කරදර වෙන්ඩ එපා මචං. ඩබොල් ලෙඩේ හරියට උඹේ අයිඩී එක වගේ. ඒක නැතිකරගන්න එපා.

      Delete
    2. උඹ ඒවා හිතන්න එපා යකඩ තලන්නෝ. උඹගේ එක කමෙන්ට් එකක් දැක්කම හිත අප්සෙට් වෙනවා බං. හැක්

      Delete
    3. අනේ ඔන්නෝව අමතක කරල දෙක දෙකම දාපං. හැක්..

      Delete
    4. දෙකක් නැත්තං ඒ කම්මලය නෙමෙයි.. වෙන එකෙක්

      Delete
    5. බොලාලට එක එකද තියෙන්නේ..

      Delete
    6. සිංහයො, උඩ එකෙත් ඕකම දාහං. උඹට ආතල් ගන්ඩ අපිම කියාදෙන්ඩෝනෙ. සක් ඉතරක්...

      Delete
  23. පේන හැටියට මෙගුලන් වෙඩිමක් කරගෙන වගේ...හිකිස්...

    ReplyDelete
    Replies
    1. "මෙගුලන් වෙඩිමක් කරගන්න" - දැන්ම යන්න ගිම්මිගෙ කොලමට...

      Delete
    2. මෙතෙන්දි මං ලබ්බව අල්ලගන්නව.

      Delete
    3. ලබ්බ පොළේ ගහන්ඩ...

      Delete
  24. හම්බේ!
    හිනාවෙලා පණගියා. අටමා හෙන සද්දෙට අර උදාන වාක්‍ය ප්‍රකාස කරන හැටි මැවිලා පෙනුනා.

    ලබුයුවලට සුබ මංගලම්!!

    ReplyDelete
    Replies
    1. හම්බේ... බස්සිට හිනා ගිහිං "පණ ගියා" නං, මගෙ අරමුණ ඉෂ්ට උනා. දැම්ම බස්සගෙං කොන්ත්‍රාත් එකේ ඉතුරු ගාණ ඉල්ලගන්ඩ ඕනෙ.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      මට අහගන්න හැටියක් උනේ නෑ නෙ ඒ වාක්කිය..

      Delete
  25. ලෙසටම ලියල සීං ටික මැවිල පේන්න :)

    ReplyDelete
  26. නියම විස්තරේ.

    ඔය බ්ලොග් යාලුවන්ටයි FB යාලුවන්ටයි විතරක් තමා බං තව ටික දවසකින් ඕවගේ ඒවට ආරාධනා කරන්න වෙන්නේ. ඒ මොකද ආස්සරේ කරන්නේ උන්ව විතරනේ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව සිරාවටම ඇත්ත ඩූඩ්. අපේ ගමේ යාළුවංව මං දැක්කෙ නෑ අවුරුදු පහකිං විතර. මං ගමේමයි ඉන්නෙ. උනුත් ඒ ගමේමයි ඉන්නෙ...

      Delete
    2. වෙඩිමට ආරාධනා කරනකොට ගොඩක් අය කිව්වෙ 'කාඩ් ඕන නෑ බං.. එෆ් බී ඉවෙන්ට් එකක් හදලා ඇඩ් කරපන්,කාඩ් එක ඊ මේල් කරපං' වගේ කතා..
      තව ඉස්සරහට මක්ක වෙයිද දන්නෑ.. හෙහ් හෙහ්

      Delete
    3. සිරාවට. ආතර් සී ක්ලාක් හිටියනං ආය‍ෙත් පිස්සු හැදෙනව.

      Delete
  27. //නර්ස් කෙනෙක් කවදාවත් හරි හමං මිනිහෙක් බඳින්නේ නැති බවය.//

    අටමා ගේ උදාන වාක්‍ය හරිය.එකනේ මම මොළේ කල්පනා කරලා නර්ස් කෙනෙක් ගෙන් බේරුණේ.:D

    ලබු යුවතිපතීන්ට සුබ මංගලම්.!!

    ReplyDelete
    Replies
    1. උඹ එකෙක්ගෙං. මං තුං දෙනෙක්ගෙං බේරුනා. (එක්කො තුංදෙනෙක්ම මගෙං ‍බේරුනා කියන එකද දන්නෑ වඩා හරි) තුංවෙනිය, මං අන්තිමට ‍කෝල් කරන කොට හිටියෙ අංගොඩ...

      Delete
    2. ඉස්තූති වේවා..!!
      නේස් නෝනලා නොවෙන්න ගස්ලබ්බ එදා ඇවිදිනවා බොරු.. එයාල හරි සැරයි නම් තමයි.. හෙහ් හෙහ්

      Delete
    3. ලබ්බ යන්ඩ තිබ්බෙ කිරිබත්ගොඩ හොස්පිටල්. ඒකෙ නර්ස් නෝනල තමා සියල්ල දත් උදවිය. ධනවන්තරී සෘෂිවරයත් උංගෙන් තමා ඉගෙනගෙන තියෙන්නෙ.

      Delete
    4. වැඩක් නැතුව නිකං ඉන්න හන්දාවෙන්ඩ ඇති

      Delete
    5. අම්මප බං. උන්ට $%$@^&%$$$%

      Delete
  28. මට මගුල නොකිව ඕකාට ළමයි 13 ලැබිය

    ReplyDelete
    Replies
    1. වැඩි නැද්ද???
      ලබ්බට සෑහෙන්න මහන්සි වෙන්න වෙයි. හැක්..

      Delete
    2. cricket team ekak hadha ganna puluwan winisuruwan dennath ekkama. :D :D

      Delete
    3. මෙන්ඩො,
      ලබ්බ කරපු දේට ලබු ගෙඩියට සාප කරන්ඩ එපා බං.

      ප්‍රසෝ,
      ලබ්බට තියෙන්න‍ෙ අත්තිවාරම දාන්න විතරයි. ලබු කෑල්ලට තමා ඊට පස්සෙ බර අදින්න වෙන්නෙ.

      සෙනරත්,
      ආන්න අදහස්... !

      Delete
    4. උඹ ප්‍රාදූර්භූත වෙන්නෙ කොහෙන්දෝ කියලා බල බල උන්නෙ... තෑගි පෙට්ටියකුත් ගෙන්න ගන්නත් එක්කම ආරාධනා කොරන්න උඹ මිසිං නෙ බං..

      Delete
  29. ලබූ මගුලේ සීන් එකට යන්න බැරි වීම ගැන ගොඩක් කනාටුයි...
    සයිට් එකේ වැඩ වගයක් නිසා නිවාඩු ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ...

    උඹ මගුල මැවිලා පේන්නම විස්තර කරලා තියෙනවා, අටමා ගොඩ වෙලාවට කතා කරන්නේ සගිස්කෘතික භාෂාවෙන්...
    අර කැමරා හොටා ගේ ගෑණු දරුවා පහුවෙනිදම ඌව ලිහල දැම්මද කියන එක මට සැකයි...

    ReplyDelete
    Replies
    1. උඹත් ආවනං කියල වැඩක් නෑ ලොකු... අපරාදෙ.

      වෙන්ට කැමී පොල්ගහවෙලදිම කැමාගෙ නාස් ලණුවත් ගළෝගෙන ඌව දාල අපි එක්ක රාගම ආව...

      Delete
    2. ලොකූල කස්ටිය එක පිම්මට නිදහස් දවසෙ කියන්න ඔපෙරා ප්‍රැක්ටිස් කොලා ලුනෙ ඩ්‍රැකියො..

      Delete
    3. ඔය ඕටි මරුවෝ ගැන අපි කතා නොකර ඉම්මු , සෙනසුරාද ගමන් වලට මුන් දෙන්නා කවදාවත් එන්නේ නැ , එක වෙනකං කොහොමහරි අදිනව

      Delete
  30. වෙඩිමට සුබපැතුවා කියන්න, මඩ ප්‍රහාර ගොඩයි. හික් හික්...

    ReplyDelete
    Replies
    1. ලබ්බ මේක දකියි නේ... ස්තූතියි.!

      Delete
    2. ඉස්තූති වේවා..!!
      මඩ..? කෝ කෝ...???
      හෙහ් හෙහ්

      Delete
  31. ගස්ලබු ගසට සහ ගෙඩියට අපගේ සුබ පැතුම් !!! මේ සෙට් එක හාපුරා කියා ගෙදර වද්දාගෙන සුබ වෙන්නේ කොහොමද කියලත් හිතෙනවා. ආකාසෙන් එන්න අටමා කිව්වනම් මාර ගති නේද ?

    ReplyDelete
    Replies
    1. අපි ටික ගෙදර වැදුන්නෑ. විචාගෙ ටැංකිය පාක් කරල තමා අපි හෝල් එකට ගියෙ. ටැංකියෙ බ්‍රේක් නැතිව හෝල් එක දිහාට ගියානං වදින්න තිබුණා.

      අටම කොහොමත් ආපහු ගියෙ ආක‍ාසෙං තමා... හෙහ් හෙහ්...

      Delete
    2. ඉස්තූති වේවා..!!
      අනිප්පාර කස්ටිය ගෙදර තමා... මොනා වරදින්නෙයි.. හෙහ් හෙහ්...

      Delete
  32. hondhatama hinaa wunaa...... :D:D
    Drakige mewani post walata man godaak kanathi. hama kenaatama anith ayata hinaawenna lipi liyanna baha. (l think)

    ReplyDelete
    Replies
    1. papaw yuwalata magen happy wedding wishes...!!

      (wicha,thumage blogeth wish kalaa)

      Delete
    2. මං සෑහෙන්න මහන්සි වෙනවා මෙහෙම ලියන්න. සමහරුන්ට නම් උපතිම්ම මේක පිහිටල තියෙනවා. මට නෑ...

      ස්තූතියි සෙනරත්...

      Delete
    3. ඉස්තූති වේවා..!!
      මෙව්ව තමයි ලැබුනු වටිනාම තෑගි..

      Delete
  33. මේ මිතුරන් පිරිසක් බ්ලොග්කරුවන් වෙලාද?
    නැතිනම් බ්ලොග්කරුවන් අතර මිත්‍රත්වයක් ගොඩ නැගිලාද?

    කොහොම උනත් අපූරුයි. මිත්‍රත්වයක්, විචාරශීලි අදහස් දරන්නන්, නිර්මානාත්මක අදහස් දරන්නන් අතර.

    බ්ලොග් කරුවන් අතර නව යුවලටත් ඔබ සැමටත් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. මට නම් මේ සියලු දෙනාම හමුවුනේ බ්ලොග් ලෝකයෙන්. අටම විතරක් දෙපාරක් මුණගැහුන. අනික් අය මුල් වතාවට දැක්කෙ. වෙලාවකට හිතෙනව, මේ මිත්‍රත්වය අපේ අනික් මිතුරන් අතර තියෙන බැඳීමටත් වඩා වැඩියි කියල. ගොඩක්ම, සමාන මට්ටමේ අදහස් නිසා වෙන්නැති.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      මක්ක උනත් මිත්‍රත්වය වැඩි වෙනවනම් අන්න අපි එතන්ට මනාපයි

      Delete
  34. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. අපහාස කිරීමට කොටන කමෙන්ට් මකන්නට සිදුවන බව කරුණාවෙන් සළකන්න.

      Delete
  35. ගූගලයා මට කරදර කරනවා.. ඉස්සෙල්ලා දුන්නා I'm not a robot කියලා. ඒකේ හරිය දැම්හම කොමෙන්ට් එක දාන්න දුන්නා. දැන් ඒකත් බැහැ බොල. දැන් පින්තූර වගයක් දෙනවා. ඒකෙත් සමහර එව්වා අදුරගන්න මට අමාරුයි. කොමෙන්ට් දාන්නත් පරක්කු වෙන්නේ මේ මගුල හින්දා.. දන්න එකෙක් ඉන්නවනම් කියලා දීලා.....

    ReplyDelete
  36. ආ කොච්චියෙනුත් ගිහිං තියන්නේ.. යුද්ධ ටැංකිය කොහොමද? මම දැක්කා විචාරක තුමත් මේ මගුල ගැන ලියල තියනවා..

    ReplyDelete
  37. ලබ්බා ලග තිබ්බ සිද්දාලේප සුවදක් අප්පා අර ළමයට නං කවදාවත් හෙම්බිඩිස්සාවක් හැදෙන එකක් නැ

    ReplyDelete
    Replies
    1. උඹ ඌ ඉම්බද? සැක් ඉතරක් සමනලය...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි