Monday, March 28, 2016

හදවතින්ම...

-------------------------------------------------------------------
මේ ලිපියට කලිං පලවෙන්නට නියමිතව තිබූ "අවසානයක් නොවේ" කතාවේ දෙවෙනි කොටස, මගේ කරුම දෝෂයක් හේතුවෙන් පළ නොවෙන අතර, එය මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු විය හැකි බවට පාඨකයෝ කරුණාවෙන් අල කන්ඩය. (ආනයනික අර්තාපල් ගණං අඩු ය. පකිස්ථාන් අල ඒ අතරිනුත් ඉතාම හොඳය. ඒවා ගොඩක් දුරට ලංකා අර්තාපල් වගේම ය.)
-------------------------------------------------------------------

ගරු - තර සභාවෙන් අවසරයි...

මම මේ වෙලාවෙ මුලින්ම ස්තූති කරන්ඩ කැමතියි, මට ඉතිහාස කැටගරියෙ තුංවෙනි ස්ථානය ලබා දෙන්ඩ තීරණය කළ විනිශ්චය මණ්ඩලයට.

ඒ වගේම මේ නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල පවත්වාගෙන යන්ඩ උරදෙන, තිරයෙන් පිටිපස්සෙ ඉන්න මම නොදන්න ගරු මහත්වරුන්ට, අජිත් ධර්මකීර්ති අයියට, නොසෑහෙන්න මහන්සි වුන බව අපි දෑහිම්ම දැක්ක කළ්‍යාණ මිත්‍ර සුමිත් කළණසිරි ට, සංගීතයෙන් අපේ දෙසවන් පුරවලා උතුරවා දාපු මනා, සජ්ජා, ඇතුළත් වාද්‍ය වෘන්දයට, කෙටි නාට්‍ය ආදිය අපට දැකගන්ඩ සළස්වපු උදවියට, කොටිම්ම කියතොත් නෙළුම්යාය 2015 සම්මාන උළෙලෙ කුදු මහත් සෑම අංගයක්ම සාර්ථක ලෙස ඉටු කරපු හැම දෙනාටම (නැත්තං මේ කතාව කොහෙං නවතියිද දන්නෑ...) ගොඩක් ස්තූතියි.

මා ඉතිහාසය විෂයට නැඹුරු ‍වන්නට මුල් අඩිතාලම සැපයූ මගෙ (දැනට ජීවතුන් අතර නැති) තාත්තට, අපේ ඕලෙවල් ඉතිහාස ගුරුතුමිය වුනු බන්දුමතී මහත්මියට සහ අපේ බාහිර උපාධි පන්තියෙ පුරාවිද්‍යා ලොකු සර් වුණු ශාන්ත බණ්ඩාරනායක මහත්මයට මීළඟට මගෙ කෘතඥතාවය පිරිනමන්න කැමතියි.

බ්ලොග් එකක් ලියන්න මුල් අදහස් බීජය මා තුළ රෝපණය වුනේ "‍පොඩි කුමාරිහාමි", "සිරාගෙ කාමරේ", "සෑම් ගෙ කතාව" සහ "තහනම් අඩවිය" බ්ලොග් ආශ්‍රයෙන්. ඒ නිසා මං මීළඟට ස්තූති කරන්නෙ ප්‍රවීණා පලීපාන මහත්මියට, සංජීව සිරිවර්ධන මහතාට, සමින්දික ශ්‍රීමන්ත පෙරේරා මහතාට සහ  හර්ශන අධිකාරී තරුණ මහතාට.

මගෙ බ්ලොග් එකේ මුල් කාලෙදි මාව දිරිමත් කරපු සදාදරණීය කමෙන්ට් කරුවන් සහ සින්ඩිකේටර් කරුවන් සියළු දෙනාටම මාව මේ තරම් දුරක් ගෙනඒම සම්බන්ධයෙන් මගේ හද පිරි කෘතඥතාවය... මේ තාක් කාලයක් මගේ බ්ලොග් එක ආශ්‍රය කරපු සියළුම පාඨකයන් ද මේ අවස්ථාවෙදි සිහිපත් කළ යුතුයි.

සම්මාන උළෙලට පාර කියූ ගූගල් මැප් එකට සහ ඒ අටමගලෙ විශ්වාස කරලා මං බීඑම්අයිසීඑච් පැත්තට යන්න යද්දි නියම මග පෙන්වපු සුරංග ට ඊළඟට ස්තූතියි.

සම්මානයක් ගන්ඩ තරංවත් දෙයක් ලියන්ඩ පසුබිම සැපයූ, උලතියන ව්ලාඩ් හවත් ව්ලැඩිස්ලෝස් ඩ්‍රැගූලියා වොයිවෝඩ් වරයාට, උන්දැට එහෙම හැසිරෙන්න බලපෑ මැතියාස් කෝවිනස් නම් හංගේරියානු රජුට සහ මෙහ්මඩ් නම් ඔටෝමන් පාලකයාට, ඩ්‍රැක්‍යුලා ගැන මුඛපරම්පරාගත් තොරතුරු සහ ඓතිහාසික ලියවිලි පවත්වාගත් සියලු දෙනාට, උන්දැගෙ නම අරං පොත් ලියපු බ්‍රෑම් ස්ටෝකර්ට සහ ඒ පොතෙන් ගහපු බයිස්කෝප් වල ඩ්‍රැකියුලාට නැටුව ක්‍රිස්ටෝෆර් ලී මහත්තෙයට මගෙ ප්‍රමාණය ප්‍රණාමය පුදකරනවා.

අවසානයට, මට මේ කාඩ් එක ගහපු මහතුවා හෙවත් දීපාල් කාන්චන කුලරත්න ට සහ ඩිකී හෙවත් සෝබන (කස්තුරි) ශ්‍රියන්ත ට ද, ඒ කාඩ් එක ප්‍රොමෝට් කරපු සාගල, ඉන්දික (ශාන්ත ෆෝකා මුනිතුමා) සහ ආසිරි (හර්කියුලීස්) මිතුරන්ට ද ඉස්තූති කරමින්,

අන්තිමටම, මාව සම්මාන උළෙලට වැදගත් විදිහට අන්දවලා එවමින්, "යන්න. ඔයාට එකක් අනිවාර්යෙන්ම ඇති." කියා දිරිගන්වපු මගේ ආදරණීය බිරිඳ මෙන්ම මගේ හොඳම යාළුවාද වන, නිලන්ති දිසානායක හෙවත් ඩ්‍රැකියානි ට සහ මට ‍සම්මාන උළෙලට එන්න පුළුවන් වෙන විදිහට, කලින් දවසෙ හවස රාගම රෝහලෙන් ටිකට් කපාගෙන ගෙදර ආව මාස පහක් වයස මගෙ පොඩි පුතා ට ආදර බර ස්තූතිය ‍ද මේ අවස්ථාවෙ පිරිණමමින්, මගේ වචන සුවල්පය (හොඳ සුවල්පය...! මාගලත් මීට වඩා කොටයි) මෙයින් අවසන් කරනවා.

http://image.slidesharecdn.com/
random-150629132542-lva1-app6891/95/-31-638.jpg?cb=1435584547


---------------------------

සම්මානයක් ගත්ත එවුං වේදිකාවෙන් බහින්ඩ කලිං මයික් එකට ළං වෙලා ස්තූති කරන සිරිතක් මං දැක තිබේ. ඒත් මේකෙ සම්මාන දුන්න විදිහට එහෙම කතා කොරන්ඩත් දුන්නනං, සම්මාන උළෙ‍ල මේ වෙනකොටත් පැවැත්වෙනවාට කිසිම සැකයක් නැත. එහෙයිං මං ලෑස්ති කරං ආව කතාව තව ටිකක් ඔපමට්ටං කර පෝස්ටුවක් විදිහට දානවා ය. සුධීහු කමත්වා ය.

---------------------------

මේ සම්මාන උළෙලට ආව එක මට ගොඩක් හොඳය. රූපෙ (ඌ නං උගෙ ප්‍රොෆයිල් කාටුන් එක වගේමය), දිනේශ් උමගුලිය, වත්සලා කෝ විජේරත්න, මාතලං, රසිකලොජිස්ට්, ටෙක් සයුරා, විභීෂණ ‍ද සෙකන්ඩ්, චෙෆාකි, රන්දිල්, බස්සියි බස්සයි, අජිත් ධර්ම, නාලක ගුණවර්ධන, මනෝ මන්දිර, රියර් ඇඩ්මිරල් සහ මාෂල් නාමධාරී සමපෝෂ රිවස් විදානෙ, ආදරණීය ඕනෙ, ඇටම්පහුර, හයේ හතරෙ දමිත් ගුණවර්ධන, ලියන් නෑ හෙවත් වෙනී අයියා, විචාරක මාමා, ඩයිනෝසරයා ගෙන් කටුස්සා පැවතෙන බවට ජීවමාන සාධකයක් ආදී (නම ලියන්ඩ බැරි උන උදවිය සමා වෙන්ඩය) ගොඩාක් දෙනා හමුවෙලා කතා කරන්ඩත්, ඉයන්, පැරා ආදී තවත් බොහොමයක් අය දැකගන්ඩත් හම්බුණ එකම ඇතිය. අහසිං කසුං එක්ක කතා කොරන්ඩ බැරිවීම මහා දුකකි. සිංදු ඇනෝගේ නම මයික් එකේ කියවෙද්දී, සම්මානය ගන්ඩ මෙන් නැගිටලා ඇවිත් වේදිකාව ගාවිං දොර ඇරගෙන එළියට ගිය උන්දෑ මට අහුවුනොත්... ඒ ඔක්කොටමත් වැඩිය මෙච්චර කාලෙයක් මට මුණ නොගැහුණු මගෙ බාල සහෝදරයා වුන සුරංග (මෙටෆොරිකලි කිව්වෙමි. සිරා ගන්ට එපාය) හමුවීම ඉහටත් උඩිං ය.

සම්මානෙත් එක්ක හම්බුණ පොත සහ ඉයන් ගෙ සීඩී එක, ගොඩක් වටිනවාය. සල්ලි ටිකකුත් ගෙනාවනං තවත් පොත් ගන්ඩත් තිබුණේ ය. අර හම්බුණ පෙන් ඩ්‍රයිව් එක ඩ්‍රැකියානිට ගොඩක් ප්‍රයෝජන වනු ඇති අතර, සම්මානෙත් එක්ක හම්බුණ සල්ලි ටික එවෙලේ මගෙ හිතේ තිබ්බ කළබොලේට (මයෙ හිතේ) ඔඩිටෝරියම් එකේ ක්ලීනිං සර්විස් එකට මා විසින් සද්භා‍වයෙන් පරිත්‍යාග කර ඇති බව වැටහේ.

116 comments:

  1. උණුසුම් සුබ පැතුම් ඩ්‍රැකී කොලුවෝ...ජයම වේවා !!

    ReplyDelete
    Replies
    1. අම්මෝ...! මේ දවස්වල තියෙන රස්නෙ මදිවට උඹෙ සුභපැතුමට අතත් පිච්චෙනව. ටැංකිව් සෙන්නො...

      Delete
    2. ---------------------------------------------------


      දුෂණය පවුල්වාදය තුරන්කර ශ්‍රි ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කල ජනවාරි 8 විප්ලවයේ පෙරගමන් කරුවෙකු වන ප්‍රවීන ලේඛක "මාතලං" ප්‍රියන්ත හේවගේ මැතිදුන් බ්ලොග් සම්මාන උළලේ නිසි ඇගයීමකට ලක් නොකිරීම පිළිබද අපගේ බලවත් කණස්සල්ල...!


      "මාතලං" ලේඛකයාණෙනි අතිගරු රනිල් වික්‍රමසිංහ අගමැතිදුන් , ජනාධිපතිතුමා ඇතුලු ප්‍රගතිශීලී ජනතාව ඔබ සමගයි...!


      ------------------------------------

      Delete
    3. අයියෝ...! දන්නැද්ද? ගියපාර සම්මානය ගත්තට පස්සෙ මාතලං ඉල්ලා හිටිය මීළඟපාර සම්මාන උළෙලට එයාගෙ බ්ලොග් එක නිර්දේශ කරන්න එපා කියල.

      Delete
  2. ඇයි බං උඹ සුරන්ගයත් එක්ක ඉන්නකොට මම කථා කලේ?

    ReplyDelete
    Replies
    1. ඒකට කතා කොලා කියන්ඩ පුළුවන්නං ඉතිං...

      කමක් නෑ කමක් නෑ. වෙච්ච වැඩේ මේකයි. බිලොග් ලෝකෙදි මචං ලෙවෙල් එකේ ඉඳල, එතනදි වයසක, සබං පෙට්ටි කට් එක ගහපු පොරක් දැක්කම මගෙ කටට අගුල් වැටුණ.

      Delete
  3. උණුසුම් සුබ පැතුම්..

    ReplyDelete
  4. Replies
    1. එසේම වේවා කමි. බොට නං හොඳ ගාණට මහන්සි ඇති...

      Delete
  5. සුබ පැතුම් ඩ්‍රැකීයෝ.
    උඹ එදා කාගෙවත් ලේ බොන්ට ගියේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි මනෝජ්. ලේ තියා කෝපි එකක්වත් බොන්ඩ බැරි උනා.

      Delete
  6. /// සිංදු ඇනෝගේ නම මයික් එකේ කියවෙද්දී, සම්මානය ගන්ඩ මෙන් නැගිටලා ඇවිත් වේදිකාව ගාවිං දොර ඇරගෙන එළියට ගිය උන්දෑ මට අහුවුනොත්... ////

    අන්න එයාව මාත් හොයනව මෙහෙ.... ඔක්කොම බලං හිටිය උන්දැ ස්ටේජ් එකට නැගල සම්මානෙ ගන්නකං.... හි හි

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අඩේ. ඌ තමා එතන දවසේ ඩෑල් එක වුණේ. කොටිංම අර නාට්ටි ඇතුලෙ ඉයර්පෝං එකක් ගහං එස්සයිස් කරපු කෙනාට වත් එච්චර මාර්කැට්ටු වෙන්න බැරි වුණා..
      මං ඒත් බැලුව සිංදුව මට දාගෙන මැසෙජ් කරන වෙලේ කවුද උගෙ සම්මානෙ උස්සන්න යනේකා කියල. අපි සැට් එකම හටෙ නාවලා වගේ. හිහි..
      හැමේක්කෙනාම බලං හිටියෙ ඌ ඉස්ටේජ් එකට නගිනකං හැක්...
      හා නෑ කියන කවුරුහරි ඉන්නව නං අත උස්සපත්තලා.
      අඩු ගානෙ සිංදුවව හොදට අදුනන ඉවානයයි කලණයයි දෙන්නත් හොදටම නෑව නේ.. හිහි

      Delete
    2. මොකක්ද බන් මේ සින් එක .?????????

      Delete
    3. හිරු,
      දැකල කතා කරන්න ආසාවෙං උන්නෙ. දැං ඉතිං ආයෙ ඊළඟ අවුරුද්දෙ තමා. මේ අවුරුද්වෙත් උනන්දුවෙං ලියමු ඈ...

      මහේෂ්,
      ඇත්ත බං. සිංදුව ඔය කවුරුවත් දැකල නැතුව ඇති. ගොඩක් උං බලං උන්නෙ උෟව දැකගන්ඩ. එහෙව් වෙලාවක අර වගේ ජෝගියක් දාන්ඩත් සෑහෙන ආත්ම විශ්වාසයක් තියෙන්ඩ ඕනෙ නේද?

      සිංදු,
      මං පහල කමෙන්ට් එකට රිප්ලයි කළා. උඹ කොහෙ මකබෑවුනාද සම්මානෙ ගන්ඩ නෑවිත්?

      Delete
  7. සුභ පැතුම් මචං........... උඹව හමුවීමත් ලොකු සතුටක්....

    අයියෝ සල්ලි...................
    ඕක මොකක්ද බං නැට්ට පිටිං අලි මැරෙන්නේ නේද????

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. උඹල දොළහෙං එකෙක් හරි දැකල කතාකරන්ඩ ලැබුණ එක පිනක්.

      අරක නං ඇත්ත කුරුට්ස්... නැට්ට පිටිං මැරිච්ච අලිංගෙ නැට්ට කපාගෙන යන්නෙ, නේද?

      Delete
  8. සුභ පැතුම් අයියා..සම්මානෙත් එක්ක හම්බුණ සල්ලි ටික එවෙලේ මගෙ හිතේ තිබ්බ කළබොලේට (මයෙ හිතේ) ඔඩිටෝරියම් එකේ ක්ලීනිං සර්විස් එකට මා විසින් සද්භා‍වයෙන් පරිත්‍යාග කර ඇති බව වැටහේ. // ගණන් ගන්න එපා අයියා. බල්ලොවත් කන්නෙ නැති සල්ලි. ඒ වගේද තමන්ගේ නිර්මාණයකට ලැබෙන ඇගයීම. ඒක මිළ කරන්න බැරි දෙයක්. ජය වේවා..!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගො. අර කතාව ඇත්ත. ඒ සල්ලි වලට වඩා මට හම්බෙච්ච දේවල් ගොඩක් වටිනව. සම්මානෙ කවද හරි වැදගත් වෙන්නෙ පොඩි එකාට. ඌට මං ගැන ආඩම්බර වෙන්ඩ පුළුවන් වීම මට ගොඩක් වටිනව. ඒ වගේම වටිනව බ්ලොග් ලෝකයෙන් අඳුනගත්ත මිනිස්සු හැබැහින් දැකල කතා කරන්න ලැබුණ එක. අර දවසක් ඩූඩ් කිව්ව වගේ, අපේ යාළුවො විදිහට ඉතුරු වෙලා ඉන්නෙ මේ සෙට් එක විතරයි...

      අපේ යාළුවෙක් දවසක් කිව්ව, "බල්ලොත් නොකන ඊටිං සල්ලි" කියල. (ඉංග්‍රීසි කෑල්ලකුත් දැම්මෙ නැත්තං වැඩක්ය?)

      Delete
  9. අම්මපා මේ දෙවනි විභියයි දැතියයි දෙකම එකයි. අපිව මතක් කරලම නෑනෙ :-D :-D (just kidding ) සෝචනීයයි සොබාවිකයි.. හැක්..

    සිරාවටම දැතිය කියනකොට මං හිතං හිටියෙ කෙට්ටු උස දිග නල දත් දෙකක් තියෙන සුදු(මැලි) පාට පොරක් ගැන. කොහෙද මූව දැකල ඒ ඉමේජ් එක කුඩු පස්ටාං වෙලා ගියෙ නිකං අර මිනියන්ස්ල ඩැකියුලාගෙ උපං දිනේට ඉර එලිය පෙන්නුවම බුවා දූවිලි වුණා ටත් ඉක්මණට කියාංකො..

    වචන දෙක තුනක් හරි කතා කරගන්න ලැබුණ එකට සතුටුයි ඩ්‍රැක්.. ආයෙත් දවසක හම්බෙමු..
    දෙවනි පාරටත් සුභ පැතුම් අපෙන්..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අනේ බං සොරි ඈ... උඹත් මං ගොඩක් කල් ඉඳං ම අඳුනන බ්ලොග් කාරයෙක්. එදාම තමයි දැක්කෙ. වැඩිදුර කතා කරන්ඩ බැරි උනා.

      අර උපමාව නං මරු බං. මැවිල පේනව... :-)

      ස්තූතියි සුභපැතුමට. අවුරුදු උස්සවේදි හම්බෙමු.

      Delete
  10. //ආශ්‍රය කරපු සියළුම පාඨකයන් ද මේ අවස්ථාවෙදි සිහිපත් කළ යුතුයි.// අපිටත් ඉස්තූති කරාට උඹටත් ඉස්තූති. කතා කරන්න බැරි උනාට කිසිම අමනාපයක් නෑ. දැත්තව මට කලින් දවසක් හම්බුනානෙ. ආයේ අපි හම්බෙනව ෂුවර්.
    මටත් එදා ආපු ගොඩ දෙනෙක් මිස් වෙලා. කමක්නෑ අපි ආයේ කොහෙදි හරි හම්බෙයිනෙ. එදාට බලාගමු.

    බොගේ සම්මානෙට මගෙත් සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන්.

      වැඩේ තියෙන්නෙ, හරිනං උඹ ගාවට අපි ඇවිත් කතා කරන්ඩ ඕනෙ, උඹ මේ ඉටු කරන වැඩ ප්‍රමාණය දිහා බැලුවම. ඒකයි මට එදා කතා කරන්ඩ බැරි උනාට කණගාටු.

      Delete
  11. ඉතින් මචෝ ඔන්න මගෙනුත් සුබ පැතුම්...
    එදා පරිස්සමින් ගෙදර යන්න ඇති කියලා හිතනවා...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව් විභියා. මං ගෙදර යනකොට 9.20 යි. සුරංගයට කතා කළා පහුවදා උදේ. ඌ කිව්ව ඌ ගෙදර ආවෙ එවෙලෙයි කියල. :-)

      ටැංකිව් බං. සේම් ටු යූ...!

      Delete
  12. අඩේ ඩ්‍රැකී අයියෙ සිරාවටම ඒක වැටිලද බං! මදෑ උඹ දඟලපු විදියට වෙනින් මුකුත් නොවැටී බේරුණා! හැක් හැක්....

    ReplyDelete
    Replies
    1. හනේ බං... වෙන මොනව වැටුනත් කමක් නෑ බං. මං බැඳල.

      Delete
  13. සුභ පැතුම් වේවා :)

    //සම්මානයක් ගන්ඩ තරංවත් දෙයක් ලියන්ඩ පසුබිම සැපයූ, උලතියන ව්ලාඩ් හවත් ව්ලැඩිස්ලෝස් ඩ්‍රැගූලියා වොයිවෝඩ් වරයාට

    උඹ හරි මිනිහෙක්නං මූව ගෙන්නල පාටියක් දෙන්න ඔ්න :D

    ReplyDelete
    Replies
    1. /උඹ හරි මිනිහෙක්නං මූව ගෙන්නල පාටියක් දෙන්න ඔ්න :D/
      මං හරි මිනිහෙක් නෙමෙයි. වැරදි මිනිහෙක්. ඒ නිසා මං මටම පාටියක් දීගන්නව...!

      ඉස්තූතියි තනියො...!

      Delete
  14. අඩා ලේ බොන්නා. උඹ මගේ ආසනේට පස්ස පේළියක ඉන්න වෙලාවේ මම බොහොම බයේ හිටියේ මගේ බෙල්ල හපයි කියලා.

    මල් හතයි නේද වැඩේ. මමත් මේ ලියුං කොටයක් ලියඤ්ඤං කියලා හිතාන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. හුරේ... විචාරක මට බය වෙලෝ...! (අද රෑ නින්ද යන එකකුත් නෑ සංතෝසෙට...)

      මල් හතයි කියන්නෙ... මල් හතළිස් නමයයි. මළ ගෙදර ඉවර වෙලා තමා ඉතිං ඔය කොට ගැන වග කියන්ඩ වෙන්නෙ. ඕං කිව්ව...!

      Delete
  15. සුභ පැතුම් කිව්වා ඔන්න සම්මානයට! මට එදා එන්න බැරි උනා. මට සම්මාන නම් නෑ, ඒත් කට්ටියව මීට් වෙන්න තිබ්බ ආව නම්. විශේෂයෙන් ඔබතුමාව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... සංචාරක කැටගරියෙං උඹට ඊළඟ අවුරුද්දෙ සම්මානයක් තියෙයි කියල මට සෑහෙන විශ්වාසයක් තියෙනව. (තුමා කියන්ඩ එපා බං. ලැජ්ජාවෙ බෑ...)

      අවුරුදු උස්සවේදි සෙට් වෙමු!

      Delete
    2. මට සම්මාන එපා!! මම ඕවා ගන්නේ නෑ.
      අවුරුදු උත්සවයේ සෙට් වෙන වැඩේ නම්, කනගාටුයි කියන්න. මම තුමා නොඑමි..

      Delete
    3. අපරාදෙ... මොකෝ සීන් එක? විභාගයක්ද?

      Delete
    4. නෑ අප්පා. එන්න කෝච්චියක් නෑ. පාන්දර එකට නැගිටින්න කම්මැලී.

      Delete
    5. අනේ කෝච්චියො... :-) එහෙනං කලිං එකට ආවෙ කොහොමද?

      Delete
    6. ඒ කෝච්චිය දැන් කලින් වෙලාවට වඩා පැය භාගයක් කලින් පිටත් වෙනවා. එකයි අවුල.

      Delete
    7. පැය බාගෙනෙ වෙනස. අර බීන් දත් පුරවන්න ගියා වගේ වරෙං. අපි වෙනුවෙන් පැය බාගෙයක්...

      Delete
  16. ඉරිසියාවේ බෑ. මේ ඩ්‍රැකියට සම්මානයක් හම්බවුනානේ.

    මම හිතුවේ පොඩි එකාට අසනීප හින්දා උඹට එන්න බැරි වෙයි කියලා. බලනකොට උඹ කලින්ම ඇවිල්ලනේ.

    සුභ පැතුම් කෝටියයි ඔන්න

    ReplyDelete
    Replies
    1. රුසියාවට එහා ඈ...

      උඹ දත් මැදං ආව නේ, මං නැති අතරෙ මයෙ සම්මානෙ ගන්ඩ... හෙහ් හෙහ් හෙහ්...

      ඉස්තූතියි බං. උඹට හරි හැටි කතාකරන්ඩ හම්බුන්නෑ. කෑම කියපු ගමං මං එහෙට දිව්ව. දවල්ටත් කෑවෙ නැතුව බං උන්නෙ. අනික, උඹට නං කොයි වෙලේ කතා කරන්ඩ බැරිද? ජීවිතේට දැකපු නැති උං හිටියනෙ කතා කරන්ඩ. අනික සමහරු මං දැක්කෙ අවුරුදු තුනකට පස්සෙ.

      Delete
  17. සුබ පැතුම් ඈ.තව ගජ බින්න වැඩි වැඩියෙන් ලියපං

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි හැලපයියෙ. වැඩේ කියන්නෙ, නෙලුං යායෙ ගජබින්න කැටගරියක් නෑනෙ... :-)

      Delete
  18. ආ.. මචෝ.. තංතෝසෙයි එකෙන්ම..!සෑහෙන ෆන් එකක් අරන් තියෙනවා වැඩේ අස්සෙ.එල එල.. ඉක්මනටම හම්බෙමුකෝ...
    ඩ්‍රැකි පැට්ටට ඉක්මන් සුව පතමින් නිහඬ වෙමි.
    ඉස්කෝතුයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් මොකෝ අර ෆවුසි ශ්‍රීමනී ඇතුලත්මුදලිට කියපු වර්ඩ් එකෙං?

      ඉස්තූතියි බං. පොඩ්ඩට දැං ගොඩක් දුරට හොඳා.

      උඹ නිහඬ වෙන්ඩෙපා. වයිෆ් එහා මෙහා වෙනකං ඉඳල තව දුමක් දාහං...

      බොටත් ජය වේවා!!!

      Delete
    2. යේක පව්ෂි මාතියා ශ්‍රීමනී නෝනට මොක්කද කීවා??
      වයිෆ් කොළඹ බං.... අපිලා ඔක්කොම තනියෙන් පන් එකේ තමා ඉන්නවා.

      Delete
    3. චන්ද්‍රිකා නෝන අගමැති වෙච්ච පාර, රැස්වුන පළවෙනි පාර්ලිමේන්තුවෙදි ලොබියෙදි ශ්‍රීමනී නෝනව දැකල පවුසි ඇහුවලු,

      "මොකෝ නෝන තංතෝසෙ වගේ?" කියල.

      ශ්‍රීමනී නෝන කිව්වලු, "අද බ්‍රා එකක් ඇඳං එන්ඩ බැරි උනානෙ" කියල.

      උඹ අර අටමගෙ බුකුං පෝස්ට් එක වයිෆ්ට පෙන්නුවද?

      Delete
  19. ඩ්‍රැකී සම්මානේ ගන්න යනකොට අප්පුඩි ගැහුවට කතා කරන්න නම් හම්බුනේ නෑ.. සම්මානේට හදවතින්ම සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඉස්තූතියි... කතා කරන්න ආසාවෙං උන්නෙ. අවුරුදු උස්සවේදි හම්බෙමු...

      Delete
    2. ඔව් අප්පා...මේ මටත් කතා කොරන්ට බැරි උනා කියහංකො...බලුම වැඩක් උනේ....මේ වැම්පයර් රාජයා ට අත්පුඩි තැලුවට කතා කොරන්ට බැරි උනා..මං හොටු පිහිද පිහිද ගෙදර ආවේ..හික්..පස්සෙ මතක් උනා අවුරුදු උත්සවය කියල එකකුත් එනව නේද කියල​..එතකොට සතුටට ඇඬුනා බොල...

      Delete
    3. ඈ...! ලොක්කත් ආවද? මං දැක්කෙ නෑනෙ අප්පා.
      බුහෑ...

      Delete
  20. Replies
    1. ටැංකිව් බං. උඹ පරක්කු වෙලා එනව කිව්වට ආවෙ නෑනෙ?

      Delete
    2. මොනවා කරන්නද මචෝ අන්තිම මොහතවෙනකන් ට්‍රයි එකක් දුන්නා එන්න ..
      මගේ අලුත් රස්සාව නිසා මට ගොඩක් දේවල් කැප කරන්න වෙලා ..බලමු ඊලග අවුරුද්ද වෙනකොට මම ඔලුව උස්සලා ඉදි

      Delete
    3. උඹට ජය වේවා! කොහොම හරි නැගිටහං. පස්සෙ බැරියැ අනික් දේවල්.

      Delete
  21. බොක්කෙන්ම සුභ පැතුම් මචෝ !!!!!!!

    //සිංදු ඇනෝගේ නම මයික් එකේ කියවෙද්දී, සම්මානය ගන්ඩ මෙන් නැගිටලා ඇවිත් වේදිකාව ගාවිං දොර ඇරගෙන එළියට ගිය උන්දෑ මට අහුවුනොත්..// මේ හරුපේ මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් බං. උඹව දැකගන්ඩ ගොඩක් උං ආසාවෙං උන්නෙ. හැමෝම පිටිපස්ස බැලුව කවුද මූ කියල. එතකොට පිටිපස්සෙ ඉඳගෙන උන්න කොල්ලෙක් නැගිටල බැහැගෙන බැහැගෙන ඇවිත්, ස්ටේජ් එක දිහාට ඇවිල්ල, එතන දොරක් ඇරගෙන එළියට ගියා. ආතල් කෝටියයි! එතකල්වත් ඉවානෙය කිව්වෙ නෑ, උඹ එන්නැත කියල.

      ඉස්තූතියි සුභපැතුමට. ඒවගේම මගෙනුත් සේම් ටු යූ මචං...!

      Delete
    2. මට පේන්නෙ ඉවානුත් රැවටුණා මෑන්ස්ට. හැමෝම අත්පුඩිත් ගහ ගහ බලාගෙන හිටිය ඒ මනුස්සය ස්ටේජ් එකට එනකම්. කිසිම ගානක් නැතුව එතනම දොර ඇරගෙන එළියට ගියා කියහන්කො. :D

      Delete
    3. සිරාවටම. ඌ නං සිංදුවගෙ කොන්ත්‍රාත් එකක්ම තමා කරල තියෙන්නෙ.

      Delete
  22. Replies
    1. ඉස්තූතියි.

      කෝ? ඔයා ආවෙ නෑනෙ...

      Delete
    2. ඕන්න ඉතින් කිව්වා... ඇයි හත්වලාමේ මෙතන කීදෙනෙක් ඇවිල්ල නැද්ද? මාවම කන්ට හදන්නේ.... උඹේ දත්දෙක පෙරන්ගානවා දැන් මම අම්මප!

      Delete
    3. කවුරු ආවත් නාවත් වලියක් ඇදගන්ඩ ඉතිං ඉන්නෙ එකයි නෙ. දත් දෙක නං පෙරංගාන්ඩ බැරිවෙයි. මං ඒක කුළියට දුන්න ගිම්මිට.

      Delete
    4. මේකා කියන බොරුරුරු.....මට නන් දුන්නේ නෑ..

      Delete
    5. දත් දෙක තියා මාසෙ කුළියවත් හම්බ වෙන් නැති පාටයි...

      Delete
    6. ඒ කියන්නේ ගිම්මි අපේ දැතිහුලහගේ දත් ගැලෙව්වා? දමනය කලාද?? මේකත් අර පන්සලේ අලි පැටියා ගෙනත් දාපු කේස් එක වගේනේ අප්පා. දැන් ඉතින් දත් නැතුව 'හුළහ' විතරද?

      Delete
    7. ඕකිට නං අහුවෙන්ඩෙපා උපේක්ෂා. හිරිවට්ටන් නැතුව දත් ගළවන්නෙ. (උඹ වගේමයි) මේ දැති තියෙන්නෙ හුලහට නෙ. මං එව්ව අපෙ මාමගෙ කම්මලට ගෙනිහිං කෙලිං කරල දෙන්නං කියල තමා ගැළෙව්වෙ.

      Delete
    8. /.... කම්මලට ගෙනිහිං කෙලිං කරල දෙන්නං කියල තමා ගැළෙව්වෙ./ මගේ කට කසමි ය. කාන්තා පරාණ ටිකක් සිටිනා නිසා යන්ට යමි ;D :D

      Delete
    9. ඕකට හොඳයි කහඹිලිය කොල සම්බෝලෙ, රතුළූණු ටිකක් වැඩිපුර දාල...

      Delete
  23. ලබන පාර අපි එකතු වෙලා එකට ට්‍රයි කරමු දැතියෝ.. හැක්..

    ආහ්.. අර සිංදුවා මට දීපු කොන්ත්‍රාතු එක තමා මං කරේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. දේශෝ උඹනම් පට්ට කොල්ලෙක් ඈ ..හැක් හැක්

      Delete
    2. දූෂකය,

      ඒ ජෝගිය දාල - එහෙනං පස්සෙ දෙමළ සම්මානයක් ගත්තෙ?

      Delete
  24. ප්‍රා ජේ මුණගැසීමත්, කම්මල, මහේෂ් රත්නායක, කුරුට්ටෙක්... ආදීන් දැක කතා කිරීමට ලැබීමත් නිසා මං තාම ඉන්නේ පාවෙවී වගේ ය. ප්‍රාජේ නං මං හිතුවාට වඩා ගොඩක් ම මහතය.

    ReplyDelete
    Replies
    1. ඇයි ලොකු පුතා... ඌත් හම්බුනා.

      Delete
    2. ඔය ප්‍රාජේ ඔහොම ඉන්න එක සතුටු වෙයල්ල, දවසක් මාව බල්ලෙකුට කියල කවන්ඩ ඇදගෙන යන්න හැදුව අර කටුස්ස වගේ සයිස් එකට හිටියනම් බල්ල මාව තාමත් හපනව.

      Delete
    3. කටුස්ස අහුඋනානං බල්ල හපන්නෙ චුවිංගම්. උඹ නං හතර රියං පුරුසයනෙව. ප්‍රා ජේ එහෙමයැ? උන්දැ නවරියං...

      Delete
  25. සම්මාන වලට සුබපැතුම්
    ජයවේවා !

    අල කමිං බලා සිටිමි :)

    ReplyDelete
    Replies
    1. අල කිලෝ හතළිහෙ ගෝණියක් ආර්ථික මධ්‍යස්ථානයකින් ලාබෙට ගත හැක.

      Delete
  26. ගිය අවුරුද්දෙ මාර්තු 26 වෙනිද තමයි සහෝදරයො වගේ ආශය කරන බ්ලොග් කාරයො ටික හම්බ උනේ, මේ අවුරුද්දෙ හම්බ උනේ උඹ, සුරංග ,විභීශන, කුරුටු තුෂාර, හිරු, රසික ,විදානෙ , තුෂානි මෙන්න මේ ටික.
    ගිය පාර නෙළුම් යාය වර්ජනය කලා කියල ලොකු පුතත් එක්ක බැනගෙන තමයි කල්‍යානය ලොක්ක මගෙන් ගුටි කන එක නතර කරල යාළුවෙක් කලේ

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මෝ! මට නං ගහන්ඩ එපෝ! උඹ එකක් ගැහුවොත් දෙකක් වදියි.

      පට්ට ඈ. උඹ හම්බවෙන්ඩ පුල පුලා උන්නෙ.

      Delete
  27. උණුසුම් සුභ පැතුම් ඩ්‍රැකියා. එවෙලේ කතාබහ කරගන්න බැරි වෙච්ච එක නම් ලොකු පාඩුවක්. ආපහු හම්බ වෙමු ඉක්මණටම.

    ReplyDelete
    Replies
    1. අම්මෝ අශාන්, සම්මාන දෙකටම සුභ පැතුම් ඈ... අවුරුදු උත්සවයක් තියෙනව කියල ආරංචියි. ‍එතෙන්දි මෙදාපාරට වඩා නිදහසේ කතා කරන්ඩ ලැබෙයි.

      Delete
    2. අහා බොහොම ස්තූතියි බොහොම ස්තූතියි. නිවාඩු දවසක් නම් අනිවා එනවා. ඒකෙදි සෙට් වෙමු.

      Delete
  28. දැති හුලහගෙ මෙව්ව එකට මෙව්ව වෙච්ච සම්මානෙ ගැන මගේ හද පත්ලෙන් නැගී එන සුබ පැතුම් මෙව්ව එක මේ අවස්ථාවෙ ප්‍රකාශ කරන්න කැමතියි.

    බොගෙන් ටෝච් පාරක් කාපු එකේ පලිය ගන්න එදාට එන්න බැරිවෙච්ච එක ගැන බොක්කෙන්ම එන කණගාටුවත් මේ අවස්ථාවෙ ප්‍රකාශ කරන්න ඕන.

    මීට
    -னයා-

    ReplyDelete
    Replies
    1. උඹේ මෙව්ව එක ගැන මගෙත් මෙව්ව එක...

      අවුලක් නෑ. ගොඩ‍කවෙල අසල්වැසියෙක් ඇවිත් උන්න උගෙ අම්මත් එක්ක. ඒත් ඉතිං මං වටපිට බල බල හිටියෙ ප්‍රසා ඇවිත්ද කියල. සැරෙයක් තිස්ස දොඩංගොඩට රැවටුනා උඹ කියල.

      මං එදා ආවෙ ලන්තෑරුමකුත් අරං. ඊළඟ පාර නං ටෝච් එකෙන් බේරෙන්ඩ බෑ. දෙන්නෙ පැට්ටෝල්මැස් එකෙං, පාංසකූල වෙන්ඩ...

      Delete
  29. ගිම්මිත් හම්බුනා. උන්දැ ගාව මයෙ දත් දෙක... ආපහු ඉල්ලුවට දුන්නෑ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් බොරු ප්‍රචාර කරනවද මන් අහන්නේ...මෙයා වෙන කාටද මන්ද දීල එනවා මෙතන මගේ දත් දෙක ඉල්ලන්න :P :P

      Delete
    2. සම්මානෙත් ඉල්ලුව බලල ආපහු දෙන්නං කියල. හොඳ වෙලාවට දුන්නැත්තෙ...

      Delete
    3. ආයෙත් හම්බ වෙයිනෙ කොහෙන් හරි දෙනවා එදාට ඉතුරු දත් ටිකත් බඩටම යන්න...:D :D

      Delete
    4. කූඹිච්චි වගේ ඉඳං තියෙන සැර! මට ගහන්න නං උඩ පනින්න වෙයි...

      Delete
  30. Replies
    1. තාම වෙරි බැහැල නෑ වගේ.

      Delete
    2. Esema ea

      (මයෙ කීබෝඩ් එකේ එබ්ලිව් අකුර දෙන්ඩද දවසකට දෙහෙකට?)

      Delete
    3. එබ්ලිව් නෙමෙයි ඩබ්ලිව්...

      ප්‍රෙසා්,
      උඹ ඉතිං අසල්වැසිය ගැන දන්නවනෙ. මූ බීල, ආරක්ෂිතව රිවස් කළාලුනෙ. අර කෙලිං ගිය කකුළුවගෙ කතාවෙ වගේ.

      Delete
  31. මුලින්ම ඩරකියට උණුසුම් සුබ පැතුම්...!!!

    අඩේ මන් හිතන් හිටියේ සුදු උස මහත දත් දෙකක් ලස්සනට දෙපැත්තෙන් තියන කොල්ලෙක්වනේ චැක්..මගේ හීනේ කුඩු පට්ටන් උන අයිෂු....:D :D

    ReplyDelete
    Replies
    1. මුලිම්ම ටැංකිව්...!!!

      ගෙම්බිගෙ බලාපොරොත්තු කඩකිරීමට ලැබීම ගැන මගේ බලවත් ප්‍රීති ප්‍රමෝදය!

      Delete
  32. සම්මාන වල පදනම කුමක් වුනත්, සම්මාන ලැබූ ඩ්‍රැකී ඇතුළු සියලු දෙනාටම සුභ පැතුම්. මෙවන් සම්මාන වලින් දිරිමත් වී තවත් ලියන්න.
    අපිට කියවන්න යමක් ලැබෙන්නේ ඔබලා ලියන නිසයි.
    දැං පත්තර වල කියවන්න දෙයක් නැති එකේ ඒ අඩුව බ්ලොග් කරුවන් විසින් බොහෝ දුරට පුරවමින් සිටීම ගැන ඇත්තෙන්ම සතුටුයි.

    ඒවගේම මගේ දැන ගැනීම පිනිස, ඔය සම්මාන උලෙලට ආරාධනා ලැබෙන්නේ සම්මාන වලට නිර්දේශ වුනු බ්ලොග් කරුවන්ට විතරද?
    අපි වගේ බ්ලොග් කියවන්නන්ට කැමැත්තක් තිබුනත් එන්න විදියක් නැතිද?
    ඩ්‍රැකී සංවිධායක මණ්ඩලයේ නෙවෙයි කියලා දන්නවා, ඒත් ඉතින් මේවා ගැන දන්නවා ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සිතුවිලි සී.

      සම්මාන උළෙලට සහභාගි වෙන්න ඕනෙම අයෙකුට පුළුවන්. අපි ළඟම වාඩි වෙලා හිටියා, ඒ විදිහේ බ්ලොග් කියවන පවුලක්. මහත්තයයි, නෝනයි, දුවයි. ඒ අය සුරංග එක්ක කිව්ව, ඒ අය බ්ලොග් කියවන අය කියල. කමෙන්ට් කරන්නෙ නැතිවුනාට, සුරංගගෙ බ්ලොග් එකේ ලිපියක් පළවෙලා පැයක් ඇතුළත ඒ අය කියවනව කිව්ව.

      ගොඩක් වෙලාවට මට හිතෙන්නෙ ඊළඟ සම්මාන උළෙලත් මාර්තු 26 ම තියෙයි. ඒ ගැන නෙළුම් යාය අඩවියෙන් හරි, කලාහිත බ්ලොග් එකෙන් හරි දැනගන්න පුළුවන් වෙයි.

      Delete
    2. පිළිතුරට ස්තුතියි ඩ්‍රැකී මල්ලි,
      අපරාදේ නිකන් වත් බ්ලොග් කාරයෝ ඔහොම විවෘත්ත ආරාධනාවක් තියෙනවා කියලා දැනුවත්කරලා තිබුනානම් මම එදා එනවා. මම හිටියෙත් කිරුලපන අවටමයි.
      බ්ලොග් කාරයින්ට සුභ පැතුවේ අපරාදේ
      ජීවත් වෙලා හිටියොත් එන්න කාල වේලාව ලැබුනොත් ලබන අවුරුද්දේ එන්න පුළුවන්.

      Delete
    3. අපරාදෙ. එහෙම උනානං හම්බවෙලා කතා කරන්න තිබුණ. ලබන සැරේ හමුවෙමු.

      Delete
  33. උණුසුම් සුභපැතුම් drakee ..පොඩි drakee ටත් නීරෝගීසුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. අපිට නම් ඉතින් හැමදාම ඔය උළෙලවල් අහන්න කියවන්න තමා වෙන්නේ බන්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අම්බලංගොඩස්... සමහරවිට ලබන සැරේ එන්න පුළුවන් වෙයි?

      පොඩ්ඩට දැන් නම් හොඳටම හොඳයි. ගොඩක් ස්තූතියි.

      Delete
  34. පංකාදුයි දැති හුලහ. ඒක නෙවෙයි මාස පහේ පොඩි එකා මොකද බං ඉස්පිරිතාලෙ හිටියේ?

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බෑක් ඩූඩ්.

      පොඩ්ඩට උනේ, ඕං මුලිම්ම කිරි බොන් නැතුව අඬනව. නළවගන්ඩම බෑ. අපි ඉතිං අරං ගියා අපේ අර බල්ලෙක් වයිබ්‍රේට් කරපු ඩොක්ටර් මාම ගාවට. උන්දැ කිව්ව වෛරල් ඉන්ෆෙක්ෂන් එකක් තියෙනව. පැනඩෝල් දෙන්ඩ කියල. ඒක කළා. හරි ගියෙ නෑ.

      ඒ ගමන චැනල් කළා ස්පෙෂලිස්ට් කෙනෙක්. එයා හොඳට චෙක් කළා. එයාට අල්ලගන්ඩ බැරි උනා ලෙඩේ. ඒ ගමන එයා රාගම රෝහලේ එයාගෙ වාට්ටුවට ඇඩ්මිට් කරන්ඩ ලියල දුන්න. එතෙන්ට ගියාම, එතන හිටපු ජූනියර් ඩොක්ටර් (මල්ලි) කෙනෙක් හොඳට චෙක් කරල හොයාගත්ත උගුරෙ සැරව බිබිලි ඇවිත් කියල. ඒකට බේත් දුන්න. පහුවදා වෙනකොට පොඩ්ඩට ගොඩක් හොඳයි. ඊට පස්සෙ බඩ බුරුල් කරල යන්න පටං ගත්ත. ඒක මයෙ හිතේ රෝහලෙන් බෝවෙච්ච ලෙඩක්. ඒකට ජීවනී දෙන්න කියල, පහුවදා දවල් ටිකට් කැපුව.

      දැන් ලෙඩ දෙකම හොඳයි. පොඩ්ඩ හොඳිං ඉන්නව. මං ගෙදර ගියාම කියන්නං හෙන්රි සීය (වැරදුනා - මාමා) මතක් කළා කියල.

      Delete
  35. මචෝ මෙතන නම කියවන්න ඕනෑම එකෙක් අපි හැමෝටම අමතක වෙලා උ ගැන හොයලා බලපං
    මදු මාදවී

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඌට සම්මානෙයක් තිබ්බ. ඉවාන් කිව්ව සනීප නෑ කියල. විදානෙ කිව්ව බලන්ඩ යනව කියල. එදැයිං පස්සෙ විදානෙයත් නෑ ඇටත් නෑ...

      ඉක්මණ් සුව ප්‍රාර්ථනා කරමු...! මූ තමයි පහුගිය ටිකේ සිද්ධ වෙච්ච කමෙන්ට් විප්ලවයෙ පෙරගමන්කරු...

      Delete
  36. සුබම සුබ පැතුම් ඩ්‍රැකියෝ, ජයෙන් ජය පතමි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි භාගි...!

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි