Friday, April 1, 2016

අවසානයක් නොවේ... 2 කොටස


අංගනය කෙළවර වූයේ හාත්පස පැතිරි අඳුර මැද නැඟී සිටි කළුවන් භූතයෙකු වැනි ගරා වැටෙමින් පැවති මන්දිරය කි. එහි දැවන්ත පෝටිකෝව යටට කන්‍යා සොයුරිය දිව යත්ම, මහ වැස්ස ගඩ ගඩ හඬින් ඈ ලූහුබැඳ ආයේ ය.

ඇය හතිලමින් මොහොතක් ගත කළාය. සාක්කුවකින් ගත් කුඩා අත් ලේන්සුවකින් තරුණිය සිය මුහුණත් දෑතත් පිසදාගත්තා පමණි. මන්දිරයේ ප‍්‍රධාන දොරෙහි වම්පස පියන මළකඩ හඬක් නඟමින් විවර විය.

කන්‍යා සොයුරිය තිගැස්සිණ. සිය අත්බෑගය උරහිසින් පන්නා සුරතට ගත් ඈ, පසුපස හැරී බැලූවාය.

අද එතැන් සිට...

විවට දොර පියන අතරින් එළියට ආවේ කාලවර්ණ පැරණි දිග කබායකින් සැරසි මහල්ලෙකි. සුරතේ වූ සැරයටියකින් ඔහුගේ දුබල කයට වාරු ලැබුණි. වයස අසූවක් වත් ඇතැයි කිව හැකි රැළි වලින් පිරුණු ඔහුගේ මුහුණ දෙස බැලූ තරුණිය වෙවුලුවා ය. හාත්පස පැතිරි තද කළුවර පසුබිම් කර ගත් එම සුදුමැළි මුහුණෙහි, කාරුණික මඳ සිනාවක සේයාවක් විය.

‘‘තද වැස්ස...’’ ගැඹුරු ළිඳක පතුලේ සිට නැඟී ආවක් වැනි දුබල හඬකින් මහල්ලා ඈ ඇමතීය.

වේගයෙන් ගැහෙමින් පැවති සිය පපුව මත වමත තබා ගත් කන්‍යා සොයුරිය, හිස පහත් කර ඊට එකඟතාවය පළ කළා ය.

‘‘ඇතුළට එනවද? මෙතන හිරිකඩ නෙ.’’

කෘතඥතාපූර්වක බැල්මකින් මහල්ලා දෙස බැලූ ඇය, විවට දොරෙන් ඇතුල් වත්ම, දොරපියන මළකඩ හඬ නඟමින් සෙමෙන් සෙමෙන් වැසී ගියේය.

දෙදෙනා ඇතුල් වූයේ, චිමිනි ලාම්පුවක දුබල දැල්ලෙන් යන්තම් ආලෝකවත් වූ විසාල ශාලාවකට ය. අපිළිවෙල එහි හාත්පස ලියැවී තිබුණි. දොර කෙලින්ම, ශාලාවේ අනෙක් පස වූයේ දැවයෙන් නිමැවූ දැවැන්ත කවාකාර තරප්පු පෙළකි. අඟුරු, අළු හා ඇති තරම් දුහුවිල්ලෙන් වැසී ගිය පැරණි තාලයේ ගිණි උඳුනක් ඊට වම් පසින් විය. කැඩුණු බිඳුණු ගෘහ භාණ්ඩ, විවිධ මෙවළම් ආදියෙන් ශාලාවේ බිත්ති කොන් ඇහිරී තිබිණ. 

ගිණි උඳුනට මුහුණලා තබා තිබූ වූ බරසාර ඇඳි පුටුවක් වෙත මහල්ලා සිය සැරයටිය දික් කළේය. කන්‍යා සොයුරිය එදෙසට යාමට හැරුණා ය.

මහල්ලා උදුන අසළ තබා තිබූ අඩක් දිරාපත් වෙමින් පැවති ලී පෙට්ටියක් ඇර, ඉන් ගල් අඟුරු දෝතක් ඉවතට ගත්තේ ය.

‘‘දැන් ගල් අඟුරු හොයාගන්න තැනක් නෑ. පේනවනෙ, කොච්චර කාලෙකින් මේ චිමිනිය පත්තු කරල නැද්ද කියල.’’

ඔහු ගල් අඟුරු ටික උඳුනට දමා, කනප්පුව මත වූ චිමිනි ලාම්පුවෙන් තෙල් ස්වල්පයක් වත් කර, ගිණි තැබීය. මොහොතකින් ගල් අඟුරු රතුවන් ව ඇවිලෙන්නට ගති.

http://www.saltwater.co.uk/images/wallpaper/Coal-Fire-1024x768.jpg

කන්‍යා සොයුරිය සිය උරහිසෙහි වූ අත්බෑගය උරහිස ගස්සා ඉදිරියට ගනිමින් උදුන දෙසට පිය එසවූවා ය. ඇගේ ඇඟිලි තුඩු අත්බෑගයේ පැත්තක වූ ටික් අගුලෙහි දැවටෙත්ම එම අගුල විවර වී, සහල් ඇට වැස්සක් වැගිරෙන්නට පටන් ගති. සට සට හඬින් බිම පතිත වූ සහල්, නැවත නැවතත් උඩ පනිමින් ශාලාව පුරා විසිරෙන්නට ගත වූයේ තප්පර දෙක තුනකි.

මහල්ලාගේ ඇස් රතු විය. වකුටු වූ ඝන ඇසිබැමි යටින් ඒ දෑස් විසල් ව විවර වී, යොමු වූයේ තරුණියගේ මුහුණට ය.

ඇගේ මුහුණ බියපත්ව සුදුමැළි විය.

අපැහැදිළි හඬින් යම්කිසිවක් මුමුණමින් මහල්ලා ශාලාවේ බිමට නැඹුරු විය. හාත්පස විසිරී ගිය සහල් ඇට ඔහු එකින් එක සිය සුරතේ දිගු ඇඟලි තුඩු වලින් අහුලමින්, ගොටු කරගත් වමතට එකතු කරන්නට පටන් ගත්තේ ය.

කන්‍යා සොයුරිය ඔහු වෙත යොමු වූ දෑසින් යුතුව, සෙමෙන් සෙමෙන් ප‍්‍රධාන දොර දෙසට ඇදුණා ය. ඒ අතරම, සාක්කුවෙන් ගත් ජංගම දුරකථනයෙහි ඩයල් බොත්තම දෙවරක් එබුවා ය.

තරුණිය දොර අසලට අවුත්, ඉන් වම්පසට අඩි කිහිපයක් ගියා පමණි, මහ හඬක් නගමින් දොර පියන් දෙක බිඳී ගියේ ය. කැඩුණු දොර පියන් වල ලී කැබලි ශාලාව ඇතුළට විසි වෙද්දී, එතැනින් ඇතුළට ආ වේගවත් රිදීපැහැ ලෑන්ඞ් රෝවරයක්, ගලක් ගැසුවාක් මෙන් ශාලාව මැද නතර විය.

86 comments:

  1. ඩයල් බොත්තම දෙපාරක් එබුවාම බඩු බනිස් වෙලා.....

    ReplyDelete
  2. හොඳයි.. ගල් අගුරු කියද්දි නොරොච්චෝලේ මතක් උනා...

    දිගටම ලියන්න..
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ නං මොන වචනෙ කිව්වත් මතක් වෙන්නෙ නොරොච්චෝලෙ.

      "අහස", "ඉර", "අව්ව", "වැස්ස", "වතුර", "තරු...". "කණෘමැදිරියො", "කළුවර"...
      ඔය ඕනෙම දෙයක්...

      Delete
  3. යකෝ තව පොඩ්ඩෙන් හැප්පෙනවා...ඔහොමත් වාහන ගේනවද ගෙවල් මැද්දට ?

    ReplyDelete
    Replies
    1. ගේනවද කියලත් අහනව. තව පොඩ්ඩෙං සොල්දරේ ඔළුව උඩ...

      Delete
  4. අදත් බය කරලා නවත්තලනේ. තව ටිකක් දිගට ලියුවානම් තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. ලේසියක්ද බොස්? ඉතුරු ටික තාම ලියාගත්තෙ නෑ. මං ලියන්නෙ ස්ටේෂමේදි. වෙන වෙලාවක් නෑ...

      Delete
    2. හෆොයි එහෙමද? එහෙනම් චෝදනාව ඉල්ලා අස කර ගනිමි.

      Delete
    3. අවුලක් නෑ අවුලක් නෑ... මේ බ්ලොගේ අයිතිකාරයො පාඨකයොම තමයි. ඕනෙම දෙයක් ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනව...

      Delete
  5. දැං බෑ හෙටම කියෝනව.
    -னයා-

    ReplyDelete
  6. කො මේ පිට කසන කට්ටිය මොකද පරක්කු මොඩයින්ගේ දවස තාමත් සමරනවද තවම 6යයි තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. බැරිද ඇනෝ සපෝට් එකක් දෙන්ඩ?

      Delete
  7. අම්මෝ... මං හිතුවේ ආවේ ලැම්බෝගිනියක් කියලා. කන්‍යා සොයුරියගෙ හොඳ වෙලාවට ඇවිත් තියෙන්නෙ ලෑන්ඩ් රෝවරයක්. ඉතිරියත් ඉක්මණට....

    ReplyDelete
    Replies
    1. ඉක්මණට නං බෑ. මාසෙයක් වත් ඕනෙ...

      කෂ්ඨීය කියන හැටියට දිගට ලියන්ඩ නං මාස දෙකක්කත් ඕනෙ.

      Delete
  8. කියවල ගොඩක් දවස් කමෙන්ට් කරන්ඩ පරක්කු උනා, ඉතුරු ටිකත් දාමු...

    ReplyDelete
    Replies
    1. ආන්න බොරුවක් කිව්ව. අප්‍රේල් පළවෙනිද දාපු පෝස්ට් එක, ගොඩක් දවසකට කලිං කියවන්නෙ කොහොමද?

      Delete
  9. //හාත්පස විසිරී ගිය සහල් ඇට ඔහු එකින් එක සිය සුරතේ දිගු ඇඟලි තුඩු වලින් අහුලමින්, ගොටු කරගත් වමතට එකතු කරන්නට පටන් ගත්තේ ය.

    ඔය කියන්න හදන්නෙ ඩ්‍රැකී මූ උඹලගෙ එකෙක් කියලද?

    ReplyDelete
    Replies
    1. මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්ඩ පුළුවන්ද මං අහන්නෙ?

      උත්තරය මීළඟ කොටසින්...

      Delete
  10. ලෑන්ඩ් රෝවරයෙන් .... (වැරදුනා ලංකාවෙ උන්ට තේරෙන භාශාවෙන්) ඩිෆෙන්ඩරයෙන් කඩි මුඩියේ බැසගත් සුදු උසැති ඉන්දියානු පන්නයේ සාරියකින් සැරසී ගත් තරුණිය කන්‍යා සොයුරියගේ කෙහෙ වල්ලෙන් (වැරදුනා හිස පලඳනාවෙන්) ඩැහගෙන සුදු කමිසයකින් සැරසීගත ඇගේ ආරක්ශකයා වෙත තල්ලු කර දැම්මාය...................
    ..........................................................
    .........................................................
    ....................................................................
    ...................................

    ReplyDelete
    Replies
    1. සමාන්තර විශ්වයක් බිහිවෙයි... :-)

      මම දිගටම මේ එෆට් එක බලා‍පොරොත්තු වෙනව ඕං...

      Delete
  11. ඒ මොකද්ද බං උඹ ලියන්න හදන්නෙ..??හොල්මං ද රහස්පරීක්ශක ද මොකද්ද හිතාගන්න බෑ.. මොනව උනත් බොහොම කොට වැඩියි දැතියෝ.. යේක පොඩ්ඩක් අපිල ගැන ඉතල දිග ඔක්කොම්ම කරලා ලියනව පලාන්න යප්පා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හොල්මං කතා නං එපා අපි බයයි

      Delete
    2. ගැෂ්,
      ඕම ඉටාං ඕම ඉටාං... දෙන්නාං තමා නල්ල නේරම්... එල්ලාම් මුඩිඤ්ජි. ආඬවනේ මුරුගා...!

      අටං,
      හොල්මං තිනෙව නේන්නං බං අයියෙ. උඹ අදද දන්නෙ. අපි දැං කොච්චර කාලෙක ඉඳං දන්නවද? උඹ බයත් උනාද?

      මෙන්ඩොඃ,
      නෑ බං පැන්සල උල් කරල...

      Delete
  12. මේ මේ දිග වුණොත් කියවලා කියවලා කියවලා...
    අතරමඟ දාල යන්න හිතෙනව කොච්චර රසවත් වුණත්

    ReplyDelete
    Replies
    1. යන්ඩ එපා යන්ඩ එපා... මේක එච්චර දිග වෙන් නෑ.

      Delete
  13. එක කොටසක් මෙච්චර කෙටි කරන්න එපා මනුස්සයෝ, (ලේ බොන්නෝ) අපේ ලේ කෝප වෙනවා.

    ReplyDelete
    Replies
    1. ගනනින් මල්ටි බැරල් එකක් ඕකට තියලා දාන්න

      Delete
    2. විචාරකස්,
      ඉතිං අනේ පහුගිය කොටහට වඩා මේක කොච්චර ලොකුද? එකහමාර ගුණයක් ලොකුයිනෙ.

      මෙන්‍ඩොඃ,
      බැරල් එකක් නං තිබ්බ. බොට ඕනෙද?

      Delete
  14. මේ ඔයාගේ කම්මැලිකමට මෙතන පොඩ්ඩක් දානවා...මොනාද අනේ ටිකක් දිගට දාන්නකෝ...බය කරලා නවත්තනවා...
    අනිත් එක දිගට දැම්මේ නැත්තන් දත් දෙක හම්බවෙන්න හරිද ඩ්‍රැකියෝ...:P

    ReplyDelete
    Replies
    1. මුට ඔහම කියලා හරියන්නේ නැහැ

      !$^(*^%$#@$^*)*&$#%^6

      Delete
    2. Làjjawe. Ba. Mewwath. Comment. Karanawada.? D.

      Delete
    3. ගිම්මි,
      මං මේ කමෙන්ට් එක ප්‍රින්ට් කරල තියගන්නව, දත් දෙකේ රිසිට් එක විදිහට. දුන් නැත්තං දානව නඩු.

      මෙන්ඩො, ප්‍රසෝ,
      !$^(*^%$#@$^*)*&$#%^6 x 3

      විදානෙ,
      ඒකනෙ බං. විලි ලැජ්ජයි සංතෝසයි...

      Delete
  15. ලෑන්ඩ් රෝවරේ කිව්වම අර ඉටිකිරිස් බෝලෙ මතක් වුණා... දන්නව නේ අර ඉටිකිරිස් බෝලෙ!!!!
    දිගටම ලියමු.. ජය..!!

    ReplyDelete
    Replies
    1. ඉටිකිරිස් නං තමා. "බෝලෙ...?"

      කුක්කු මල්ලිත් දන්න දේවල් ඈ...

      Delete
  16. යකෝ නරියෝ ටිකක් දිගට ලියපන්කො...ඔහම නැව්තුවම අපිව උස්සලා පොළෙවේ ගැහව්වවගේනේ

    ReplyDelete
  17. මොකක්ද බං මේ වෙන්නේ? ලෑන්ඞ් රෝවරයක් ගෙනත් ආතල් කැඩුවානේ.

    ReplyDelete
    Replies
    1. අපිට ආතල්...ල්...ල්...ල්... නෑ!

      Delete
  18. යකෝ දෙපාරක් ඩෑල් කරල ඩිෆෙන්ඩරයක් ගෙන්න ගන්න මේ ගෑනි ඇමැත්තෙක්ගෙ සෙක්‍රටරි කෙනෙක් ද.
    ඇයි බං මෙච්චර දිගට මේක ලිවුවෙ. අර னයා එලෙව්වද පස්සෙන්.

    ReplyDelete
    Replies
    1. මයෙ පස්සෙං එලෙව්වෙ අර කෙබරාධිපති චන්දනයගෙ නයා...!

      Delete
  19. සහල් ඇට .. අත්බෑග් එකේ ..? පෝස්ට් එක දාපු දවසට සම්බන්ධයක් නැතුව ඇති නේ ?
    ගජබිංනාලංකාරයේ කතාවක් වගේ අද :)

    ReplyDelete
    Replies
    1. හාල් අහුරක් තිබ්බත් ඇති නේ?

      Delete
  20. මහල්ලා සහ කන්‍යා සොයුරිය එක්ව විසිරී ගිය සහල්, ඇටෙන් ඇටේ අටෙන් ඇටේ එකතු කර ආච්චිට සහල් ගරනවා පෙනුනි.

    ReplyDelete
    Replies
    1. මහල්ලා සහ කන්‍යා සොයුරිය එක්ව විසිරී ගිය සහල්, ඇටෙන් ඇටේ අටෙන් ඇටේ එකතු කර ද්රැකියා ගේ ආච්චිට සහල් ගරනවා පෙනුනි.

      Delete
    2. බොල දෙන්න එකට අඹරල මං හදනව නාස් ලණුවක්. එහෙනං...!

      Delete
  21. කෙටියෙන් ලියලා මාරුවෙන්න නේද හදන්නේ උඹ. ඊ ලඟ එක ටිකක් දිගට ලියපන්

    ReplyDelete
    Replies
    1. එහෙනං ටිකක් කල් ඉවසන්න වෙයි මචෝ...!

      Delete
  22. Mama....... boma. Bahia. We la.

    ReplyDelete
    Replies
    1. කොච්චර බය උනාද කියතොත් සිංහලත් අමතක උනා...

      Delete
  23. මේක අතීතයයි වර්තමානයයි මිශ්‍ර වෙලා ගලා යන කතාවක් වගේ. නියමයි.
    "ගල් අඟුරු හොයාගන්න තියන අමාරුව" සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. අඟහරුවා මේකෙ පොයින්ට් එක අල්ලගෙනවත් දෝ................

      Delete
  24. හරිබරි ගැහිලා කියවන්න සෙට් වෙනකොටම මෙන්න ඉවර වෙලා... බොගේ ලේ බොන්න හිතෙන්නෙ මේ වෙලාවට තමයි...
    ස්කුබී වරෙන් ඇඳ යටින් එලියට.. ලෑන්ඩ් රෝවර් එකේ ආපු එකා ලේ බොන එකා උනත් ඌ ගෙට එන්නේ ඊළඟ කොටසේ තමා.. එතකම් බයනතුව හිටහන්..හැක්..

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටහ වත් දිගට ලියන්නංකො. ස්කූබියට බය නැතුව මාසයක් හමාරක් ඉන්ඩැහැකි... අවුරුද්දට දාන රතිඤ්ඤ වලිං තමා බයක් වෙතොත් ඕං.

      Delete
  25. මොකක්ද බං කියවන්න ගද්දිම ඉවරනෙ.හරියට දොරකඩ වමනෙ ගියා වගේ.

    ReplyDelete
    Replies
    1. දොරකඩ...? බුවෑක්ක!!!

      හරි හරි බොස් ඊළඟ කොටහ දිගට ලියන්නංකො...

      Delete
  26. හුග දවසකින් මේ පැත්තෙ ආවෙ ගොයියො...ගජබින්නාලංකාර ලිය ලියා හිටිය ඩ්‍රැකියා දැන් ප්‍ර‍බන්ධ ලියන අන්දම දැක්කම සතුටක් දැනෙනවා...වැඩේ එලටම යනවා...ඉදිරි කොටස් සමග නැවත අපි හමු වෙමු.

    ReplyDelete
    Replies
    1. ඇයි සිරාම නෙව මට කිව්වෙ මාලා නාටක පටං ගන්ඩෙපා කියල...

      සිරා දැන් හෙණ බිසි නේද? සොරි අර මැසේජ් එකට රිප්ලයි කරන්ඩ බැරි උනා. අපිට නං දැම්ම කොත්මලේ යන්ඩ වෙන් නෑ. තාම අපේ පොඩ්ඩට එහෙ සීතල ඔරොත්තු දෙන් නෑ. ලබන අවුරුද්දෙ පෑවිල්ලට නං අනිවා යමු ඈ...

      Delete
  27. මේක දවාලක කියවන්න ඕනේ බන්.. නිකන් මොකට බය වෙනවද රෑට කියවල.. පස්සේ එන්නම්

    ReplyDelete
    Replies
    1. අයියෝ... චන්ද්‍ර අනගිරත්නගෙ ඩ්‍රැක්‍යුලා පොත මං කියෙව්වෙ ඉටිපන්දම් එළියෙං. ඒත් බය හිතුන් නෑ. එහෙව් එකේ පැතුම් මේකට බයවෙයියැ?

      Delete
    2. ඉර එලියට පිච්චෙනවනෙ

      Delete
    3. ගොඩක් ලෙජන්ඩ් වල, වැම්පයර් ලා අවුවට පිච්චෙන් නෑ. සමහර එව්වයෙ උන්ගෙ ඇස්වලට අමාරුයි. ට්වයිලයිට් එකේදි වැම්පයර්ලගෙ හම දිළිසෙන්න ගන්නව අවුවෙදි. ඒත් ගොඩක්ම විශ්වාසය තියෙන්නෙ අවුවට පිච්චිලා අළු වෙනව කියල. ඒක ඉතිං තමන්ට කතාව ගොඩනගන්න ඕනෙ වෙන විදිහට යොදාගන්න පුළුවන් සංකල්පයක්...

      Delete
    4. Photophobia වගේ කන්ඩිෂන් එකක් නිසා හැදුන කතා වෙන්න ඇති

      Delete
    5. https://en.wikipedia.org/wiki/Porphyria

      Delete
    6. http://haematodipsia.tumblr.com/

      http://www.lesvampires.org/clinical.html

      Delete
  28. කතා දෙකම තුන් හතර පාරක් කියෙව්වා ..ම්හු ...

    "දූ අල්ලන්නට හැන්දෑ යාමේ
    මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු...
    ධීර දුවේ මා බිය නොම වන්නේ
    සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ..." හැක්

    ReplyDelete
    Replies
    1. කතා දෙක කිව්ව‍ෙ මේ කතාවෙ කොටස් දෙකද? මගෙ පරණ කතාවක් තියෙනව කියවනවනං. කියවල අදහසක් දෙන්ඩ... මේකෙ ඉතුරු කොටස එන්න මාසයක් හමාරක් යනව. ඒකයි.

      Delete
  29. ඩ්‍රැකී ගේ අබ්බූත කතාව මට මිස් වී නැත . හෙන සතුටුය. මිස් වුණු දෙයක් ඇත. හදපත්ලෙන්ම සුබ පැතුම් . පරමාදයට සමාව!

    ReplyDelete
    Replies
    1. ආ... පමා වුනාට මොකෝ මෙතූ... ගොඩාාාක් ස්තූතියි...!

      Delete
  30. උඹලා අපිව බය කරන්න භාවිතා කරලා තියෙන අඩුවැඩිය මං කල්පනා කලේ.

    දිග ලෝගු
    පාලු මන්දිර
    තෙල් නොදාපු සරනේරු
    කලු පැහැය
    අඳුර
    වැහැරුනු සම
    ගල් අඟුරු

    ලෑන්ඩ් රෝවර්????

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා ඩූඩ්...

      “සොයන්න, එවිට නුඹට සම්භ වේ“ - ජේසු තුමා

      Delete
  31. ඔයාගෙ කොමෙන්ටුවෙ එළියෙං පාර හොයං ආවෙ ඔන්න.. එළ එළ. ඩ්‍රැකී ලියන්නෙ, පාලු මන්දිර, නාකි මනුස්සයෙක්.... හොල්මං වගේ. හෆ්ෆේ මං නං බයයි ඈ...

    ReplyDelete
    Replies
    1. බයයි? ඒක ඔය ප්‍රොෆයිල් නමට ගැළපෙන් නෑනෙ.

      මං ඔව්ව විතරක් නෙමෙයි ලියන්නෙ. තව තව කැටගරි තියෙනව. වෙලාවක් ලැබුණම ආයෙ ඇවිත් පොඩ්ඩක් ලේබල් යටතෙ අවුස්සල බලන්න, ඔයාට හිතට කැපෙන යමක් තියෙන්න පුළුවං.

      ඒක නෙමෙයි. වෙල්කම් ඈ...!

      Delete
    2. හීන ලේ පාට ඇයි කියල මං හීන කැටගරියෙ කිව්ව...අනිවා බලන්නම්,වැඩ අස්සෙ තමයි ඉතිං.

      Delete
  32. ඊට පස්සෙ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    ReplyDelete
    Replies
    1. අමතක කරල නෑ මද්දො... ටික කාලෙයක් යනව ඉතුරු ටික ලියන්ඩ. දැනට ඉතිං “විභාගේ තමයි අපේ අභාගේ...“

      Delete
  33. නියමෙට යනවාඩ්‍රැකීත ජය වේවා

    ReplyDelete
  34. අපරාදෙ හාල් ගණන් කාලෙ...( විහිලුවට කිව්වෙ ඈ )

    ReplyDelete
    Replies
    1. ලියපු කාලෙ එච්චර ගණං නෑ

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි