Thursday, April 7, 2016

කවුරු - කාටද? ඩ්‍රැකියාවෙලී විග්‍රහයකි...

දවසක් පිස්සෙක් පිහියක් අමෝරාගෙන තව පිස්සෙක් පස්සෙං එළවන්නට විය. ඒ පිස්සා ද පණ එපා කියා දුවන්නේ ය. පිහිය අතැති පිස්සා‍ එක එක දේ කියමින් කෑගහමින් ළඟ - ළඟම එළවං එයි.

"තෝ කනව යකෝ!"
"ඔහෙ හිටපිය!"
"මරණව තෝ!"
"කනව යකෝ කටු පිටිං!"

ආදී භයානක තර්ජන කරමින් අර පිස්සා මාරාවේශයෙන් ‍වගේ එළවං එද්දී, අනික් පිස්සා බල්ලට මෙන් හති ලමින් දුවන්නේය.

ඌ දුවගෙන දුවගෙන කොහොමින් හරි තාප්ප මුල්ලකට කොටු උනේය. බේරෙන්නට යන්ඩ තැනක් නැත. මිනීමරු පිස්සාට අතේ කෝට් ය.

මිනීමරු පිස්සා උගේ බෙල්ලෙන්ම අල්ලගත්තේය. අනික් අතේ තිබ්බ පිහිය අරූගේ අතේ තියා,

"දැං උඹ මයෙ පස්සෙං පන්නපං" කියා ආපසු හැරී දුවන්නට ගත්තේය.

-------------------------------------------

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මේළඟදී "බැරිනං මට දෙන්ඩ. මං කරල පෙන්නන්නං" යැයි කීවේය. ඒ කීවේ පාර්ලිමේන්තුවේදී නෙවේය. මහජන රැළියකදීය.

එහෙම රාජ්‍ය පාලන බලය කෙනෙක් අතින් තව කෙනෙක් අතට පවරා දීමට ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ නැත. එක්කෝ මහමැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින්, පාර්ලිමේන්තුවේ බහුතරය වෙනස් කරගැනීමෙන්, හමුදාවක් යොදවා රට අල්ලාගැනීමකින් බිහි කරන ඒකාධිපති පාලන ක්‍රමයකින් වගේ ක්‍රමයකින් මිසක් වෙන ක්‍රමයක් නැත.

------------------------------------------

දේශපාලන පළිගැනීම් නතර කරන්නැයි කියා ඒකාබද්ධ විපක්ෂය පොල් ගැසුවෝය. 

ඒ පොල් ගහපු අය අවංකවම දෙවොල් දෙවියන් විශ්වාස කර, තම කන්නලව්ව අසා දෙවොල් දෙවියන් තම තෙද අණසක පතුරුවා ආණ්ඩුව ගෙදර යවනු ඇතැයි අවංකව විශ්වාස කළා යැයි, අපි විශ්වාස කළොත් අපිට වඩා සුදුසු වන්නේ බත් නොවේ ය.

--------------------------------------------

මෙකී නොකී හැම කෙළියම සිද්ධ වෙන්නේ මහජන ප්‍රදර්ශනය සඳහා ය.

ඇත්තටම මහින්දට රාජ්‍ය බලය දිනාගැනීමට උවමනාව තිබුණි. ඒ වෙනුවෙන් ඔහු පහුගිය ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් මහන්සි විය.

එහෙත් දැන් ඔහුට රාජ්‍ය බලය දිනාගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ඕක නොවේ. තවමත් ශක්තිමත් දේශපාලන සංවිධානයක් වන එක්සත් ජනතා නිදහස් සංධානයේ ඔළුගෙඩි සියල්ලක්ම තමන් වෙත නතු කරගෙන, සුළුපක්ෂ ද දිනාගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමය. පහුගිය අයවැයේදී අයවැය පරාජය කිරීමට මහන්සි විය යුතුව තිබුණි. එය රාජ්‍ය බලය ආපහු දිනාගැනීමට තිබූ හොඳම අවස්ථාව ය.

ඒ වෙනුවට ඔහු කරන්නේ ඒකාබද්ධ ත්‍රීවීල් එකක් (කොපි රයිට් - විභීෂණ) දක්කමින්, සිංහල ජාතිකත්වය ප්‍රොමෝට් කරමින්, ආණ්ඩුවට විරුද්ධ ජනබලය ආමන්ත්‍රණය කරමින්, (ඔවුන් හට ආණ්ඩුව පෙරළීමට නායකත්වය නොදෙමින්) කොටිම්ම පහුගිය මහින්ද පාලන සමයේදී (ජනවාරි අටේ සිද්ධියේදී නොවේ) චම්පිකලා විමල්ලා නටපු නාඩගම නැටීමය.

"කෙනෙක්ගේ ක්‍රියාවක පරමාර්ථය සෙවීමට නම්, ඒ ක්‍රියාවෙන් වාසි සැළසෙන්නේ කාටදැයි බලන්න" කියා අපට කියන්නට ෂර්ලොක් හෝම්ස් අවශ්‍ය නැත.

මහින්දගේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාවලියෙන් සිද්ධ වන්නේ, 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙපිළක අතරමං වීමය.
එයින් කැපුවත් නිල් ඡන්දදායකයා ද වැට උඩට යාමය.

සමහර ශ්‍රී ලංකා කාරයන් නම් මහින්දට එකෙන්ම සපෝට් කරති (මා කියන්නේ මගතොටේදී ඇහෙන කතා ආශ්‍රයෙනි.) එහෙත් මෛත්‍රීපාලටත්, ජාතික ආණ්ඩුවේ අැමතිකම් දරණ නරිහාමිලාටත් ඡන්ද පදනමක් ඇති බව අමතක කළ යුතු නැත.

මේ වගේ තත්ත්වයකදී තමංගේ ඡන්ද පදනම රැක ගන්නට රනිල් උන්නැහැට:

තමංගේ ප්‍රතිරූපය නංවාගැනීම,
පොරොන්දු ඉටු කිරීම,
ජීවන බර අඩු කිරීම,
බදු අඩු කිරීම,
ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම... ආදී දහසකුත් දේ කරන්නට තෙල් පුච්චාගන්නට අවශ්‍ය වන්නේ නැත.

අන්තිමේදි බලනකොට මහින්දත් රනිල්ගේ පැත්තේය. 

ඉතිං රනිල් ලා ඡන්ද කාලෙදි කියාපු දහසකුත් එකක් හොරකම් අල්ලන්නට දැන්නම් හදිසි නොවිය යුතු ය. මහින්දානන්දලා, මහින්දලා, නාමල්ලා, විමල්ලා, ගම්මංපිලලා, බන්ධුලලා, ගොඨාභයලා, සජින් ද වාස් ගුණවර්ධන ලා, අලි රොෂාන්ලා ආදීන් ට එරෙහිව භාරදුන්න අල්ලස් චෝදනා සහ අනිකුත් චොදනා හමස් පෙට්ටියේ පුස්කන්නට ඉඩ දිය යුතුය.

කොටිම්ම ඒකාබද්ධ විපක්ෂය යහතින් පැවතිය යුතුය. රනිල්ට පහසු හෙටක් උදාවන්නේ එතකොට ය.

රොබින් හුඩ් නාට්ටියේ සර් ගයි ඔෆ් ගිස්බන්ව ‍ෙකාච්චර වාර ගාණක් රොබින් හුඩ්ට කොටු උනත් පුකට තට්ටු කර ආපහු නොටිංහැම් එළවන්නේ ඒක ය.

http://www.ushistory.org/gov/images/00020713.gif

අන්තිමේදි බලනකලට - අන්දරේල අපි සේරම
අන්තිමේදි බලනකලට - අන්දරේල අපි සේරම
අන්දරේ ලා...

61 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මහින්ද රාජපක්ෂ යන පුද්ගලයා මොකෙක් වුණත් පිස්සෙක් නම් නොවේ. 19 වන සංශෝධනයේදී එවකට සිටි ඉත්තන් හරහා විධායක බලතල සමහරක් අගමැති අතට යාමට සහයෝගය දීමත්, ජනාධ්පතිට අවුරුදු 4 1/2 යනතුරු පාර්ලිමේන්තුව විසිරුවීමට නොහැකි වගන්තියට අනුමත්ව් ඊමට දීමත්, මන්ත්‍රීවරුන්ට පිල් මාරු කිරීම අවහිර කරන වගන්තියට අනුමත වීමට ඉඩ නොදීමත්, ස්වාධීන කොමිසම් වල බහුතරය සිවිල් සමාජයට යා නොදී දේශපාලකයින් පත් කිරීමට වෙනස් කර ගැනීමත් තුල චීනයේ හෝ වෙනත් ආකාරයකින් මුදල් යොදවා බලය ඩැහැගෙන රට සහ ව්‍යවස්ථාව 2015 ජනවාරි 8 ට පෙර තිබූ තත්ත්වයම ගෙනයාමට සියළු ඉඩ ඉතුරු කරගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. මහින්දට න්‍යාය පත්‍රයක් තිබෙන බව පේනවා. නමුත් වඩාත්ම සුදුසු වන්නේ ප්‍රරෝකථන කිරීමට වඩා සිද්ධ වෙන දේ අධ්‍යයනය කිරීමයි කියා මට හිතේ. මෙය මෙතෙක් ලංකා ඉතිහාසයේ නොදුටු ක්‍රියාවලීන් සමූහයක එකතුවක්...

      Delete
    2. //මහින්ද රාජපක්ෂ යන පුද්ගලයා මොකෙක් වුණත් පිස්සෙක් නම් නොවේ. //

      :D

      Delete
    3. පිස්සෙක් නෙමේ. රොමාගෙ වාසනාවෙ තියෙන විදිහට ම, "වට පිට බල බලා ඉඳලා, අවසථාව දැකපු හැටියෙ කඩාවදින" ජාතියෙ කෙනෙක්.

      Delete
    4. මහින්ද අරජපක්ෂ කියන්නේ අවුරුදු 40 විතර ලනක්වේ දේශපාලනය කරලා තෙම්පරාදු වෙච්ච කෙනෙක් මිසක් පැරචුට්ටෙක් නෙමෙයිනේ. හැබැයි ඇන ගත්තේ පැරචුට්ටන්ට තෝන් ලනුව දීල.

      Delete
    5. නිවීහැනේ කල්පනා කරනකොට හිතෙනව, මහින්ද රාජපක්ෂට පැරචුට්ටංගෙන් තොර ගමන් මාර්ගයක් තිබුණෙ නෑ කියල. උන්නැහැගෙ දේශපාලන දැනුමෙ ධාරිතාවෙ හැටියට...

      උන්නැහැ පක්ෂ කඩල අනුගාමිකයො සන්ධානෙට ගත්ත. රනිල් පක්ෂ නොකඩා ජාතික ආණ්ඩුවක් හදාගෙන අනුගාමිකයො රැස් කරගත්ත. සටන් පොරමුණු දෙකක්. ස්ට්‍රැටජි දෙකක්. ප්‍රතිඵලය එකමයි...

      Delete
  3. Vote for the man who promises least; he’ll be the least disappointing.
    -Bernard M. Baruch

    Democracy is two wolves and a lamb voting on what to have for lunch.
    -Benjamin Franklin


    Democracy is a process by which the people are free to choose the man who will get the blame.
    -Dr. Laurence J. Peter

    Electile Dysfunction: The inability to become aroused over any of the choices for president put forth by either party.
    -Anonymous


    ReplyDelete
    Replies
    1. ලංකාවෙ හැමෝටම පැජරෝ එකක් ගන්න ලංකාවෙ සල්ලි ප්‍රමාණවත් මදි නිසා, ලංකාවෙ හැමෝම එකතු වෙලා තීරණය කරනවා අපි අතරින් පැජරෝ එකක් අරං දෙන්නෙ කොයි කොයි අයටද කියලා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඒකයි.

      - මානිගෙ තීරුව.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හරියට හරි ඩ්‍රැකී ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඒක තමයි

      Delete
    4. මං ඕක කියෙව්වෙ ඕලෙවල් කාලෙදි...

      Delete
  4. සිරිසේන ජනාධිපති වුනත්, රනිල් අගමැති වුනත් අදටත් රටේ අංක එකේ දේශපාලකයා මහින්ද. එහෙම නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. මට පේන හැටියට නම්, අංක එකේ ප්‍රතිරූපය මහින්ද. මහින්ද කියන්නෙ මිනිස්සුන්ගෙ හිත් දිනාගන්න හොඳටම දන්න දක්ෂ නළුවෙක්.

      Delete
  5. ඕක අපිට සරළ සූත්‍රයකින් වටහාගන්න පුළුවන්.

    2015 ට පෙර ආණ්ඩුවට එරෙහිව වෙන සියල්ල = ජාත්‍යන්තර බලවේය
    2015 න් පසු ආණ්ඩුවට එරෙහිව වෙන සියල්ල = මහින්ද
    එමනිසා : ජාත්‍යන්තර බලවේග = මහින්ද

    දැන් මෙම යහපාලන ආණ්ඩුව සියලු ජාත්‍යන්තර බලවේග සමග මිතුරුය.

    එමනිසා මෙම ආණ්ඩුව මහින්ද සමගද මිතුරුය.

    ගිස්බන් හැමදාම ගෙදර යන්නෙ ඇයි කියලා දැන් පැහැදිලියි නේද ?

    ReplyDelete
    Replies
    1. පේලි පහකින් වර්තමාන දේශපාලන තත්ත්වය තේරුම් කිරීම උදෙසා සෙන්නාට අපේ උපහාරය...!

      Delete
    2. සෙන්නො .… අඩේ ඒකනං මරු බං :D සුපිරි

      Delete
    3. ඒ කියන්නෙ ගිස්බන් = ජාත්‍යන්තර බලවේග

      Delete
    4. නෑ බං,

      මහින්ද = සෙන්නා

      Delete
    5. ප්‍රසා,

      ඒ දවස් වල රොබින් ගෙන් ඇහුවාම අනිවා ඌ ඔහොම තමා කියන්ඩ ඇත්තෙ...

      ඩ්‍රැකියා,

      හෑහ්...එහෙමද? ඒ කියන්නේ

      සෙන්නා = ජාත්‍යන්තර බලවේග ඈ...!? . කෝ මේ කොලර් කට්ට...

      Delete
    6. අන්තිමේදි

      ඔක්කොම = හැම එකක්ම

      Delete
  6. මම හිතුවේ ගිස්බන් රොබින් හුඩ් එක්ක ඩීල් දාල ගැලවිලා යනවා කියල..

    ReplyDelete
    Replies
    1. ඒ ඩීල් එක ලේසියෙන් කෙනෙකුට පේන්නෙ නෑ. ආලාපාලු මහත්තයට උනත් මෙගා ඩීල් ගැන කතා කරන්න පුළුවන් වෙන්නෙ ඒකයි. ඒ වුනාට ඒ කතා ඔක්කොම එළියට එන්නෙ ඡන්දෙකදි විතරයි.

      Delete
  7. කම්මැලියි බං පෝස්ට් එකට ගැලපෙන මුකුත් කොටන්න...

    ReplyDelete
    Replies
    1. මටත් කම්මැලියි අප්පා...

      Delete
  8. යහපාලන ආන්ඩුව ආපු අලුත සිරස ඉන්ටවීව් එකක් කලා සැටලයිට් එක්ක. එතනදි එයා කියනවා සිරිසේන නොන්ජල් පොරක් වගේ කතාවක්. එයාගේ කටේ විස්කි ටිකක් දාන්න ඕන හම්බ උන වෙලාවක.

    ReplyDelete
    Replies
    1. සැටලයිට් නෝනට නුපුරුදු ජාතියක් දානවනං කටේ, ඕං චැලෙන්ජ් එක...

      Delete
  9. මං දැං ටෙලිනාට්‍ය බලන්නෑ ඩ්‍රැකී. චැනල් මාරු කර කර ප්‍රවෘත්ති බලනවා... ඒවා සෝක්.... සෑහෙන ආතල් තියෙනවා ඒවයෙ...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ. මං දැං නිවුස් බලන්නෙත් නෑ. ඩොක්ටර් මාම කිව්ව වැඩිය හිනා වෙන්ඩ එපා කියල...

      Delete
  10. මේ පෝස්ට් එක බුක්මාක් කරගන්නවා පණපිටින් හිටියොත් 2019 දී බලන්ඩ.

    ReplyDelete
    Replies
    1. මොකෝ පණපිටිං නොයිඳ? අපි දෙන්න සෙට් වෙලා 2060 හේලිගෙ වල්ගතරුවත් බලමු.

      Delete
  11. රනිල් ට හොරු හොයන්න වගේ කිසිම දෙයක් ඕනෙ නෑ. බූරුවෙක් වගේ පාර්ලිමෙන්තුවේ බෙරිහන්දෙන්නයි. ජඩ කතා කියමින් කට මැත දොඩවන්නයි තිබුනම ඇති. ඇයි නරියෙක් වගේ (සුදුපුන්චා) විහිලුවක් වෙන්නත් හොඳට පුලුවන්.

    අනේ උගෙ .....................................

    ReplyDelete
    Replies
    1. සුදු පංචා එකේ හිවල්හාමි තමයි මාත් ආසම චරිතෙ. ඌ දකිනකොට මට මතක් වෙන්නෙ අපෙ බාප්පව. කොහොමද උගෙ සිංදු එහෙම?

      දවසක් ඌට වෙස් මූණක් හම්බවෙලා, ඒක දාගෙන ගොන් රාළව බය කරනව. “ක ක ක කාා“ ගාගෙන...

      Delete
  12. හෑ? දැතියො මේ පෝස්ට් එක දැම්මෙ මොකක් ගැනද බං?

    ReplyDelete
  13. "Rets irwanigas ist yutanib raut ilsef"
    ඔන්න ඔහොමයි අපරදිග දාර්ශනිකයෙක් මේ ගැන කියලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඕං බලහංකො. ඉඳල ඉඳල කමෙන්ට් එකක් දානව. ඊටපස්සෙ ඒක තේරුං ගන්ඩ අපි මහජන පුස්තකාලෙ පීරන්ඩ ඕනෙ. අඩු ගානෙ ගූගල් සර්ච් එක දන්න එකක්වත් දාහංකො මලේ...

      උඹ නං ඉතිං...!!!

      Delete
  14. අන්තිමේදි බලනකලට - අන්දරේල අපි සේරම
    අන්තිමේදි බලනකලට - අන්දරේල අපි සේරම
    අන්දරේ ලා...

    ReplyDelete
    Replies
    1. හුරේ... කමෝන්... වන්මෝ! අනෙ අම්මෝ!!!!

      Delete
  15. තව ඇමතිකම් තියෙනවා... එන්න මේ පැත්තට... තව ඉඩ තියෙනවා....
    කාපියව් ගූ..

    උඹත් මේව ලියන්න පටන්ගත්තද බන්? අන්දරේලා,උක්දඬු ගින්න එහෙම හොඳට මතක් වෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මං මීට කලිනුත් කීපයක් ලිව්ව. බැරිම තැන තමා මේක ලිව්වෙ.

      බොටත් ජයවේවා!

      Delete
  16. ය්කො මේකතවෙන් අපිට ගන්න පුලුවන් ආදර්සය මොකක්ද

    ReplyDelete
    Replies
    1. සමපෝෂ කෑමට පෙර වාහනය රිවස් කරනු...!

      සපත්තු පැළඳීමට පෙර සිතා බලනු...!

      Delete
  17. ආණ්ඩුවත්,ඒකාබද්ධ විපක්ෂයත් ජනතාවට නොඅඩුව ආතල් සපයමින් සිටි.

    ReplyDelete
    Replies
    1. අපිත් අවුරුදු පහෙන් පහට චැනල් මාරු කරනව.

      Delete
  18. උඹ පස්සෙ පිස්සෙක් පන්නපු එක තමයි මරු කතාව.

    ReplyDelete
  19. අන්ද..රේ...හ් මැරුණෙ නෑ
    තව මෙහේ... ඉන්නවඃ
    වෙනසක් අපේ නැතේ එයා කියා මෙයා කියා..

    ReplyDelete
    Replies
    1. කරෝලියා - ජරෝලියා - මරෝලියා... :-)

      Delete
  20. මටනං හිතෙන්නෙම අපොයි දෙයියනේ අර රජෙක් වගේ හිටි මනුස්සයාට ගිය කල කියලයි

    ReplyDelete
    Replies
    1. උන්නැහැ දැන් නිකම්ම මංත්‍රී වෙලා ඔය විදිහට හැසිරෙන්නෙ ඇයි කියලා යි දැන් බලන්ඩ ඕනෙ.

      Delete
  21. නියම කථාව ඩැකී

    ReplyDelete
    Replies
    1. ඕක මට මතක හැටියට, මානිගෙ තීරුවක හරි, රාවය, යුක්තිය වගේ පත්තරේක හරි තිබ්බෙ, 94 චන්ද්‍රිකා නෝන ජනාධිපති වෙච්ච ගමං කොමිෂන් පටං ගත්තනෙ හොරු අල්ලන්න. ඒ ගැන ලියපු ලිපියක තිබ්බෙ.

      Delete
  22. ඩ්‍රැකියාවෙලී, ඔය ඇති බන් වේලි වේලි හිටිය දැන් අලුතින් මොකක් හරි ලියපන්

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල එකක් ලියනව පැතුම්. ඤාව් වෙලා ඉන්නෙ හරිම බිසී...

      Delete
  23. Bola, umbanam harima ekek. Thogeng ahanne thoge Appa Mahagama Sekara; Da ?

    ReplyDelete
    Replies
    1. මොකද්ද වස්තුවෙ මෙතෙන්ට සේකරගෙ සම්බන්ධෙ?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි