Monday, May 16, 2016

පිටස්තරයෙකුගේ වාර්තාවක්...

"...ප්‍රධාන මෙහෙයුම් අංශය,

මා අද වාර්තාවෙන් මගේ සමීක්ෂණයට ලක්වන ග්‍රහලෝකයේ ජීවීන් ගැන වාර්තා කරමි.

මේ ග්‍රහලෝකයේ ජීවීන් වර්ග  දහස් ගණනක් වාසය කළද, ඔවුන් සියල්ල එක් ප්‍රධාන වර්ග දෙකකට බෙදීමට අදහස් කරමි. ඒ ආහාර නමැති මූලික සාධකය මුල්කරගෙන ය. ඒ අනුව, ආහාර නිපදවන්නන් සහ ආහාර නිපදවීමේ හැකියාව නොමැති ජීවීන් ලෙස මොවුන් වර්ග දෙකකට බෙදේ.

ආහාර නිපදවන්නන්...

මොවුහු සූර්යයාගේ ආ‍ලෝක ශක්තිය උපයෝගී කරගනිමින්, තම ශරීරයේ අග කොටස් වලදී ආහාර නිපදවති.

එම ආහාර තම ශරීරයේ විවිධ කොටස් වල ගබඩා කරන අතර, සිය වර්ගයා බෝ කිරීමට නිපදවන කොටස් වලද මෙම ආහාර තැන්පත් කරති.

මොවුහු ඉතාම වැඩි වශයෙන් මෙන්ම, අනෙක් ජීවී වර්ගයා සමඟ සැසඳීමේදී, සංචරණය නොකරති. උපන් තැනට සීමා වෙති. එහෙත් තම අනාගත පරපුර ඉපදීමට පෙර විවිධ ස්ථාන කරා පතුරුවා හැරීමට විවිධ උපක්‍රම යොදාගනිති.

දියුණු ක්‍රමවේදයක් මඟින් තම වර්ගයා අතර හැඟීම් සන්නිවේදනය කරති.

මෙම ග්‍රහලෝකය මත අනෙකුත් ජීවීන් හට පැවතීමට සිදුසු පාරිසරික හා දේශගුණික තත්ත්වයන් පවත්වාගැනීමට සක්‍රිය ව දායක වෙති.

අවසාන කරුණ සහ ආහාර නිපදවීමේ හැකියාව නිසාම, මෙම වර්ගය මෙම ග්‍රහලෝකය මත සිටින උසස්ම ජීවී වර්ගය ලෙස හැඳන්විය හැක.

ආහාර නිපදවීමේ හැකියාව නැත්තන්...

මොවුන් ආහාර නිපදවීමේ හැකියාව නොමැති නිසාම අනෙක් ජීවීන් මත යැපෙති. ආහාර නිපදවන්නන් ගේ ශරීර කොටස් මෙන්ම, අනෙක් ජීවීන්ගේ ශරීර කොටස්ද ආහාරයට ගැනීම මොවුන්ගේ පැවැත්මට ඉවහල් වේ.

සංචරණ හැකියාව ඇත.

ආහාර යන සාධකය සහ වෙනත් සාධක ද මත ඉහතින් කී ආහාර නිපදවන ජීවී වර්ගයා ගේ පරපුර බෝ කිරීමට දායක වෙති.

සන්නිවේදනයට ශබ්දය නම් වායු තරංගය භාවිතා කරති.

මොවුන් අතරින් ඉතා වේගයෙන් බෝවී ඇති, මුළු ග්‍රහලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් එහි සහ අනෙකුත් ජීවීන් ගේ පැවැත්මට බලපෑම් එල්ල කරමින්, සියල්ල වෙනස් කිරීමේ හැකියාව ඇති එක් ජීවී වර්ගයක් වෙති. ඔවුන්,

දෙපයින් මෙන්ම, ඔවුන් විසින් නිපදවන ලද යාන්ත්‍රික සිරුරු වලින් සංචරණය කරති.

අනෙකුත් සියළුම ජීවී වර්ගයන් බෝකරති, පාලනය කරති, ඔවුන්ගේ සිරුරු වල ව්‍යුහය පවා සිය අභිමතයට වෙනස් කරති.

එහි අතුරුඵලයක් ලෙස තම වර්ගයාට අහිතකර ජීවීන් පවා  අනතුරුදායක ලෙස විකෘති කරති.

ඔවුන්ගේ ආහාරයට ලක් නොවන ජීවී වර්ගයක් මෙම ග්‍රහලෝකයෙහි නැත.

‍මොවුන්, ආහාර නිපදවීමේ හැකියාව නැති ජීවීන් ආහාරයට ගන්නේ ඔවුන් ඝාතනය කිරීමෙන් පසුව හෙවත් ඔවුන්ගේ මළසිරුරු කොටස් වශයෙනි.

එහෙත් මොවුන් අතින් භයානකම වධයට ලක්වන්නේ ආහාර නිපදවන්නන් ය. ඔවුන් ගේ ශරීර කොටස් කපා හෝ කඩා ගන්නේ මරණයට පත් කිරීමෙන් තොරවය. මෙම ජීවීන්ගේ ග්‍රහණයට ලක් නොවන කොටසක් නැත. ආහාර නිපදවන කොටස්, ආහාර බඩා කරන කොටස් පමණක් නොව, නව පරපුරක් බිහිකිරීමට සකස් වී ඇති කොටස් පවා මොවුහු ආහාරයට ගනිති. සමහර විට මොවුන් ගේ වර්ගයා බෝකරන බීජ වර්ග යන්තම් සක්‍රිය වීමට ඉඩහැර, ඇතිවන ළපටි ජීවීන් ආහාරයට ගනිති. මෙම බොහෝ ශරීර කොටස් නටන ජලයෙහි තම්බන අතර, සමහර විට බැදීම සහ පිළීස්සීම කරති. බහුතරයක් අවස්ථාවන්හිදී මෙම ජීවී කොටස් මියයන්නේ මෙසේ සකස් කරන අවස්ථාවේ දීය. සමහර විට ජීවය සහිත කොටස් සිහින්ව ලියා, ජීවය තිබියදීම ආහාරයට ගන්නා අවස්ථා ද ඇත.

මොවුන්, අනෙක් ජීවී විශේෂයන් බහුතරයක් කෘතිමව බෝ කර සිය ආහාරයට ගනිති.

ආහාරය සඳහා පමණක් නොව වෙනත් බොහෝ උවමනාවන් සඳහා මොවුහු ජීවී විශේෂ බෝකරති.

මොවුන් මුළු ග්‍රහලෝකයම කොටස් වලට බෙදාගෙන එම බිම් කොටස් වල වෙසෙන අනෙකුත් ජීවී ‍වර්ග පාලනය කරති. ඔවුන්ට අවශ්‍ය නැති තැන් වල සිටින ජීවීන් ඉවත් කරන අතර, අවශ්‍ය අවශ්‍ය ස්ථානයන්හි ජීවීන් රෝපණය කරති.


https://s-media-cache-ak0.pinimg.com/736x/da/62/17/da621715efec807827eb9a98b340e058.jpg

ඔවුන් බෙදා වෙන්කරගෙන ඇති භූමි කොටස් වල අයිතිය වෙනුවෙන් ඔවුන් සිය ජීවී වර්ගය්ම සාමාජිකයන් සමඟද ඇණ කොටාගැනීම ද විශේෂත්වයකි..."

-------------------------

http://1.bp.blogspot.com/__6X6hqq7nro/S9CYK5K7VfI
/AAAAAAAAEaI/67gu9e7KMIQ/s1600/earth-day.gif


"ඔයා මොකද මේ දවල් තිස්සෙ ඇහැරගෙන කරන්නෙ?" ඩ්‍රැකියානිගේ හඬ නැගුනේ මා පිටුපසිනි.

"මං හැදුව රේඩියෝ රිසීවර් එකක්. බලන්නකො මේ අහුවෙච්ච එක..." මම නැවත පටිගත වූ දෙය ප්‍රතිවාදනය කළෙමි.

ඇගේ මුව ඇපල්ගෙඩියක හැඩයට විවර වීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.

"මේ කියන්නෙ... මේ කියන්නෙ... "





















ප/ලි

මා මෙතෙක් සේවය කළ සේවාස්ථානයට සමුදීම තව ඇත්තේ එක් දිනකි. 18 වන දා සිට සේවයේ ශ්‍රේණිගත උසස්වීමක් සඳහා ආරම්භ වන දෙසතියක පුහුණුවකට යාමට සිදු‍වී තිබේ. මා මීළඟට අනුයුක්ත කෙරෙන්නේ කුමන ආයතනයකටදැයි තවම නොදනිමි. එතැනට ගොස් නැවතත් ජාලගත වීමට පහසුකම් සකසා ගැනීමට තවත් ටික කලක් ගතවනු ඇත.

පසුගිය සති කීපයේ මා හට සුහද බ්ලොග් කරුවන් හමුවීමට, ඔවුන් හා සංවාද ගොඩනගා ගැනීමට තිබූ ඉඩකඩ අඩු විය. ඒ මා කාරණා කීපයක් උදෙසා කාර්ය බහුල වීම නිසා ය. (මා බ්ලොග් ලොවට එන්නේ කාර්යාලීය ජාලයෙනි.)

එසේම, ඉදිරි සති කීපයේදී බ්ලොග් ලෝකය විසිට් කිරීමට මට හිමිවනුයේ ඉතාම අල්ප අවකාශයකි.

ටිකදිනකින් මා නැවත එනතුරු, මගේ සහෘදයන්, මගේ පරමාදර්ශයන් සහ මගේ සගයන් වන ඔබ සැමට කෙටිකාලීනව සමුදෙමි. ඔබ ඇසුරින් මා පෝෂණය වූ අතර, භාව විශෝධනයටද ඔබ සමඟ කළ සංවාදය ඉවහල් විය... ඒ සියල්ලට ඔබට මාගේ ප්‍රණාමය !

https://media0.giphy.com/media/l0NwC1UnHzAHfC50c/200.gif


http://sd.keepcalm-o-matic.co.uk/i/
keep-calm-and-i-ll-see-you-later.png

128 comments:

  1. අපෙත් ප්‍රමාණය.....

    ReplyDelete
  2. වෙන්ට ඒඕ මහත්තයට සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. දැං මොකක්ද ඔය ඩ්‍රැකාලෝකෙ ඒඕ කෙනෙකුට කරන්න තියෙන්නෙ

      Delete
    2. ගොඩක් ස්තූතියි රාජ්.

      ප්‍රසා,
      “ඒ“යන්නෙ ඉඳං “ඕ“යන්න වෙනකල් රාජකාරි...

      Delete
    3. Who is to do from P to Z? By the way just understood there is nothing to work on for CC's other than just sit and wait. :) lol..

      Delete
    4. CC has all the work that falls under letter "C"such as "cool things", "chatering", "calling", "complaining" etc...

      Delete
  3. මොකද්ද බං භාව විශෝධනය කියන්නෙ. ඕං ඕවට අල්ලගනින් වෙන එවුන්ව.
    උසස් වීමට සුභ පැතුම් මචෝ !!"""

    ReplyDelete
    Replies
    1. ඒක කපල කොටල සයිස්කරනවට මයේ හිතේ

      Delete
    2. භාව විශෝධනය කියන්නෙ සුන්නත්කරණය වගේ දෙයක්. මං ඒක පටංගන්නෙ ඇටමගෙං...

      Delete
    3. ගොඩක් ස්තූතියි කම්මලේ...

      Delete
    4. ඩ්‍රැකි භාව විශෝධනය කියන්නේ emotional release එකක් වගේ දෙයක්ද?

      Delete
    5. මම අදහස් කළේ ඒක ම තමයි...

      Delete
  4. වාර්ථාවනම් මරු..

    උසස් වීමට සුභපැතුම්.... අලුත් තැනත් අන්තර්ජාල පහසුකම් ලැබේවා... මං හිතන්නේ ඩ්‍රැකීට වැදගත්ම දේ උසස්වීමට පස්සේ එක වෙන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නිර්මාණි.

      ඔයාගෙ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ට වේවා...!!! :-)

      Delete
  5. යකෝ ටික කාලයකට පමණක් උඹේ නිවාඩු අනුමත කරමි......... ඉක්මනින්ම වර... ආ උසස් වීමට සුභපැතුම්.....

    ReplyDelete
    Replies
    1. නිවාඩු කියන්නෙ සාජකාරි නිවාඩු ඈ...?

      ගොඩක් ස්තූතියි කුරුට්ස්...

      Delete
    2. නිවාඩු අනුමත කරන්න මට දාපං මමනේ යකෝ මේකේ ලොක්ක

      Delete
    3. ලොක්කො කීයෙක්ද බොලේ?

      Delete
  6. ඇත්ත කියහං ඩ්‍රැකියාණි ඇවිල්ල බොට පොල්ලෙන් ගැහුවම නේද ඇහැරුනේ.

    ආ... උඹ ගිහිල්ල අලුත් තැන ඉන්න උංගෙ ප්‍රෙෂ් ලේ බීලම ප‍ටංගනිංකො.
    එනිවේ උසස් වීමට සුබ පැතුම්.

    මීට,
    னයා

    ReplyDelete
    Replies
    1. දැං ඔබ සිටින්නේ මෙතනයි. මේ තේ එක බීල පල්ලෙහට පලයං. හැක්.

      Delete
    2. තේ එක බොන්න සෑහෙන වෙලාවක් ගියා.

      ඩ්‍රැකියානි ගහන්නෙම ඔලුවටමයි බං. නැද්ද මොකක් හරි උපක්‍රමයක් බේරෙන්ඩ?

      සුබපැතුමට ස්තූතියි ප්‍රෙසා්...

      Delete
  7. එල ජය වේවා
    අපි තුන් දෙනාගේම සුබ පැතුම් මචෝ..
    පොඩි මෙන්ඩ ගේ උපන් දිනයට උබවයි පත්තරයි ඉයන් මාමයි එක්කරගෙන එන්නම්ලු උට උබව බලන්න ආසයිලු..
    මාමේ ඔයා මගේ උපන් දිනයට එන්න
    පොඩි මෙන්ඩ

    ReplyDelete
    Replies
    1. හොඳ තුන්දෙනාට එන්න කියල තියෙන්නෙ. හැක්..

      Delete
    2. මෙන්ඩොඃ,
      තුන්දෙනාටම ගොඩක් ස්තූතියි.
      ඉයන් මාමයි පත්තර මල්ලියි එක්ක කතා කරන්ඩ ආසයි. එයිට වඩා ආසයි පොඩි මෙන්ඩ මුණගැහෙන්ඩ. මං එනව කියහං පොඩ්ඩට.

      ප්‍රෙසා්,
      උඹට ඉන්වයිට් කරල නෑ හූ හූ...!

      Delete
  8. ජයවේවා! දියුණුවෙන් දියුණුවට පත්වේවා!!

    නමුත් ඩ්‍රැකියා, ඩ්‍රැකියා ලෙසම, අප සමග සිටීවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි විචා...

      මං මං ම තමා. මුල් වලින් ලැබුණු ගුණය ඉහළට යද්දි වෙනස් වෙන් නෑ.

      Delete
    2. ලොක්කෙක් උන ගමන් ඉස්සලම මුල අමතක කරපන් ඊට පස්සේ ඉහලට එන්න උදව් කරපු එවුන්ට සද්දේ දාපන්
      අන්න එහමයි මල්ලි දියුණු වෙන්නේ

      Delete
    3. එළ එළ...

      මේ දැං වෙනිය හම්බුනා කියහංකො. මං ඌවත් අමතක කළා...!

      Delete
  9. ලියමන සුපිරි ඩ්‍රැකී. වෙනස් විදියට දැකපු සුපිරිම ලිවිල්ලක්. ලයික් ඈ.
    උසස් වීමට සුබ පැතුම්, හනික ආපහු එන්ට ඈ.

    ReplyDelete
    Replies
    1. ඔව්... මං පොයින්ට් එකක් මතු කරන්න හැදුවෙ. එච්චරම මතු වෙලා නෑ කියලත් හිතෙනව.

      සුභපැතුමට ස්තූතියි... ළඟදිම එනව. කන්නෙ බොන්නෙ නැතුව හිටියත් බ්ලොග් පැත්තෙ නෑවිත් ඉන්න බෑ.

      Delete
  10. ඇති යන්තම් ටික දවසක් නිදහසේ හිටියැකි කට්ටියට

    ReplyDelete
    Replies
    1. ඉඳපිය! අද ඉඳං සති දෙකක් යනකං මං උඹව හීනෙං බයකරනව...

      Delete
  11. සුභපැතුම් සෑර් !!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ලොකු සෑර්...!!!!

      Delete
  12. jaජයවේවාඅ ...

    ReplyDelete
    Replies
    1. උඹේ කඩවසං දුරකථනෙට පිණි බාල. හැකක්..

      Delete
    2. maමාෂල් ල්,
      goගොඩක් ස්තූතියි ඉ ...

      ප්‍රසන්න,
      moමොකද්ද හැක? ක

      Delete
    3. විදනයේ උබ අලුතෙන් පටන් අරගෙන තියන මේ සෙල්ලම එච්චර හොද නැහැ ...උබ කෙමෙන්ට් හොර කොටනවා

      Delete
    4. කියල වැඩක් නෑ. බැණහං බං...!

      Delete
  13. සුභපැතුම්! :)
    හරි දැං අපි කන්නෙ මරාගෙන නං.... එහෙනං අපි මොනාද කන්න ඔ්න :O

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තනියො...

      ඒකම තමයි මාත් මතුකරන ප්‍රශ්නෙ. මස් මාළු කන්න එපා - නිර්මාංශ වෙන්න කියල කිව්වට, එළවළු කියන්නෙත් ජීවීන්. එතකොට ඒ ජීවීන් මැරුවට කමක් නැද්ද?

      Delete
    2. Everyday, thousands of innocent plants are killed by vegetarians. Help end the violence!! Eat bacon :D

      Delete
    3. Aruna seems to be attaining enlightenment !
      How many grains of rice we eat a day? Everyone of them can germinate and be a plant!
      Stop genocide !

      Delete
    4. ප්‍රා......මේක අර ඊමේල් එකෙන් අහුලගත්තේ.

      Delete
    5. You two have caught my point. As I see, lord buddha has faced the matter wisely. However buddhists don't see it.

      Delete
    6. I don't know about the point Count Drac but I just caught and slaughtered two carrots and a potato.

      Delete
  14. උසස්වීමට සුබපැතුම්!! හැබැයි අර අන්තිම කෑල්ල කියෝල ඔලුව කැරකෙන්න ගත්ත බං.උඹ කාටවත් බැන්නේ නෑ නේද.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතිය හැලප අයියෙ.

      අන්තිම කෑල්ලෙ මං හතර අතටම වනල දැම්ම. ඔළුව අල්ලං පාත් වෙච්ච අය විතරයි බේරුනේ...

      Delete
  15. අළුත් තැනත් ඩ්‍රැකියාගේ මෝහනයට නතු කරගෙන පෙර් අපරිදි ජාල ගත වෙන්න ලැබේවා කියලා විශ් කරනවා හිටං.

    ReplyDelete
    Replies
    1. ඒකට මාත් එකෙම්ම එකඟයි...!!! හිටං

      Delete
  16. සුභ උසස් වීමක් වේවා!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!!

      හැඃ... වැරදුනා...

      ගොඩක් ස්තූතියි පැතුම්!

      Delete
  17. දේශකයගෙ වෙරළු මල් කතාව මෙතනින් නරඹන්න.
    http://maathalan.blogspot.com/2013/12/2-galle-road-mother-in-law-2.html?showComment=1386212344500#c4730395696829702624

    ReplyDelete
    Replies
    1. උඹට මතක තිබුණ නේද මං ඒ ගැන ඇහුව කියල. ටැංකිව් ප්‍රෙසා්...

      Delete
  18. රාජ්‍ය සේවයේ බ්ලොග්කරණයට අලුත් ඒඕ මහතා කණකොකානොමඩවනු ඇතිය සිතමි.. හැක්. .ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මාත් එසේම සිතමි. (කණකොකානොමඩවීම ගැන)

      බොටත් ජය වේවා!

      Delete
    2. නෙද්දකිංග්, අයෙත් මේ අමුඩය මගේ පස්සෙන් ඉන්න පටං අරං හිටං.

      Delete
    3. ප්‍රෙසා්, ඔන්න ඔය වෙරළු ගෙඩිය දූෂකයගෙ කටෙං තියහං කණක් ඇහිල ඉන්ඩ...

      Delete
  19. Replies
    1. වෙසක් ද?

      හැක් හැක් ටැංකිව් බං නාඩි...

      Delete
  20. ආහාර කිව්වාම කොහොමත් දුබලයා ප්‍රභලයාට ගොදුරු වීමක් තමයි තියෙන්නෙ නේද?
    උසස්වීමට උණුසුම් සුභපැතුම්.. උසස් කතා අරගෙන උඩින් උඩින් එන්න උපරිමයෙන්ම පහසුකම් ලැබේවා..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවා. මිනිහා කියන්නෙ විලෝපිකයෙක්. ඌ වෙන මොනව කන්ඩද?

      සුභපැතුමට ස්තූතියි ගස්... උඹටත් ඉක්මන් සුව පතනව (නැත්තං අර කෙල්ල පවු

      ජයවේවා!!!

      Delete
    2. පුර්ණ ලිංගික බෙලහීන තාවයද ?

      Delete
    3. ලබ්බව කාපියව් එකතු වෙලා...

      Delete
    4. එහෙම එකක් නං මාත් දැං ඇමතියෙක් බොල..

      Delete
    5. ඉල්ලහං කාර් එකක්...

      Delete
  21. හදවතින්ම සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි ලලිත්...!

      Delete
  22. මෙයින් පසු සෑහෙන කාලයකට මට බ්ලොග් ලෝකයට නිදහසේ එන්න බැරි වේවි. එ්නිසා කමෙන්ට් වලට පිළිතුරු එවිගස දීමට නොහැකිවීම ගැන බලවත් කණගාටුව...!

    ReplyDelete
  23. අයියන්ඩී... සුභ පැතුම්!!!!

    ReplyDelete
  24. සුබ පැතුම් ඩ්‍රැකියෝ. ජය වේවා !!!
    පොස්ට් 1 නිකන් කොයිල් වගේ. මිනිස්සු (අපි) මහා ආත්මාර්තකාමි නෙහ්..
    ටක් ගාලා මැරිලා, ගහක් වෙලා ඉපදෙන්න හිතෙනවා. හී...

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි බාගි.

      ගහක් වෙලා ඉපදෙන්ඩ නං බැරි වෙයි නේ. අනික, අැයි වින්දිතයා බවට පත් වෙන්නෙ? හිංසකයා බවට පත් වීමෙන් වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙන කොට...

      Delete
  25. සුභ පැතුම් !

    //ඇතිවන ළපටි ජීවීන් ආහාරයට ගනිති. මෙම බොහෝ ශරීර කොටස් නටන ජලයෙහි තම්බන අතර, සමහර විට බැදීම සහ පිළීස්සීම කරති. බහුතරයක් අවස්ථාවන්හිදී මෙම ජීවී කොටස් මියයන්නේ මෙසේ සකස් කරන අවස්ථාවේ දීය. සමහර විට ජීවය සහිත කොටස් සිහින්ව ලියා, ජීවය තිබියදීම ආහාරයට ගන්නා අවස්ථා ද ඇත.//

    මෙන්න මේ ටික කියවනකොට හෙන බය හිතෙනවා !

    ReplyDelete
    Replies
    1. මයි පොයින්ට් එක්සැක්ට්ලි... නමුත් නිර්මාංෂ වෙන්න කියල කෑගහන ජෛන බෞද්ධයන් මේ ගැන මොකද කියන්නෙ?

      Delete
    2. බීටීඩබ්ලිව්... සුභපැතුමට ගොඩක් ස්තූතියි!

      Delete
  26. උසස් වීමට සුබ පැතුම්!
    බලාගෙන ගියාම එක තැන ඉදන් ලෝකෙට මෙච්චර දේවල් දෙන ශාක කොටස් කන වෙජිටේරියන්ල තමයි දරුණුම අපරාධ කාරයො :)

    ReplyDelete
    Replies
    1. ටැංකිව් කසුන්,

      කවුරුත් ජීවත් වෙන්න එපැයි. eat, survive, reproduce තමයි හැම ජීවියෙක්ගෙම ජීවිතයෙ මූලික අරමුණු...

      Delete
  27. සුබ පැතුම් උසස් වීමට.

    අමුතුම පැත්තකින් බලලා ලිව්ව පරිසර වාර්තාවක්.

    ReplyDelete
    Replies
    1. මනෝජ් ගෙ ජීවිතේ උසස් වීමටත් සුභපැතුම්!

      නෑ මේ මට හිතට ආව ප්‍රශ්නෙයක් (මස් මාලු කන එක නපුරු වැඩක් නං, එළවළු කන එක හොඳයිද කියන එක) ගැන දුරට හිතද්දි ලියවිච්ච එකක්.

      Delete
  28. සුභපතනවා මචෝ... කොහෙ ගියත් කොහොම හරි ආපහු වරෙන්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ... මං ආපහු ආව. (ස්ලෝ කනෙක්ෂන් එකක් මෙහෙ තියෙන්නෙ)

      Delete
  29. අඩේ මේ දාලා තියන්නේ මම අපේ ලෝකෙට යවපු රිපෝට් එකෙන් කොටසක්නේ මෙහාට ආපු ගමන්ම..
    ප්‍රොමෝෂන් එකට සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අඟා... අනික් රිපෝට් ටිකත් වෙලාවෙන් වෙලාවට දාන්නං ඈ...

      Delete
  30. දුබලයා බලවතාගෙද, දුප්පතා පොහොසතාගෙද, මහල්ලා තරුණයාගෙන්ද, නැත්තා ඇත්තාගෙන්ද, මිනිසුන් නොමිනිසුගෙන්ද බැට කන්නේ පහත් තැනින් සැමදා ගඟ ගලා බසින බැවිනි... ඟං වගුර දැක්කම මතක් උනා..පහත් තැනක් නොවි උසස් තැන්ක් ලැබෙන උසස් වීමට සුබ පැතුම් ඩ්‍රෑකී !!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.

      ඇත්තටම, මේ තනතුර අර මක්සිම් ගෝර්කි අම්මා පොතේ ලියනව වගේ, මැද පංතියෙ තනතුරක්. දෙපැත්තෙන්ම බලපෑම් තියෙනව.

      ඔයාගෙ නම කෙටි කරගන්න විදිහක් තියෙනවද? ඒක දැක්කහම මට මතක් උනේ ජෝන් ලෙනන් ගෙ ඉමැජින් සිංදුව.
      "...ඔබ කියාවි මම සිහින දකින්නෙක් කියල. ඒත් මම ඒ විදිහෙ ඉන්න එකම කෙනා නෙවෙයි..."

      Delete
    2. ඩ්‍රෑකී, මට මේ දවස් ටිකට කට්ටිය දාල තියනවා මෙන්න මේ නම්, කැමති එකක් තෝර ගන්න. නිම්නි, නිම්නා, නිතවිහිද.
      අපූරු සින්දුවක්, බැලුවාම අපි ඔක්කොමලා එක එක විදිහේ හීන දකිනවා :)

      Delete
    3. මම නිම්මි කියන්නං. (පරණ හිංදි නිළියක් හිටිය නිම්මි කියල)

      මට අද මතක් උනේ වෙන සිංදුවක්. එල්විස් ප්‍රෙස්ලිගෙ If I can dream.
      "... ඒත් මිනිහෙකුට හීන දකින්න ශක්තිය තියෙන තාක්
      ඔහුට තම ආත්මය මුදාගෙන ඉගිළෙන්න පුළුවන්..."

      Delete
    4. Ok ඩ්‍රැකී... අද නිම්නය පැත්තෙ ගියොත් එක එක විදිහෙ සින්දු ටිකක් අහන්නයි කියවන්නයි පුලුවන් වෙවී..

      Delete
  31. ඩ්‍රැකී, ඔබේ උසස් වීමට සුභ පැතුම්

    මේ ඉහත වාර්තාවෙන් ඔබ උත්සහ කරන්නේ මිනිසාගේ ආහාර රටාව ගැන යම් සාකච්චාවක් ගොඩ නගන්න කියලයි මට හිතුනේ.
    කොහොම වුනත් ඔබ මෙතැන කථා කරන ජීවී කොටස් දෙක ආහාර නිපදවන්නන් හා අනෙකුන් යන්න නූතන බටහිර විද්‍යා සංකල්ප අනුවත්, පැරණි ඉන්දියානු දැනුම් පද්ධති අනුවත් ගැලපෙන්නක්.
    ඒත් බුදු දහම අනුවනම් මේක ගැන අපට තියෙන්නේ වෙනමම කියැවීමක්. බුදු දහම විසින් මේ ජීවීන් කියන සංකල්පය කොතැනකදීවත් සලකන්නේ නැහැ කියන එකයි මගේ අදහස. එහි ඇත්තේ සත්ත්වයින් හා සත්ත්ව නොවනා භෞතික රූප කායන්.
    මේ ආහාර නිපදවන්නන් අයත් වන්නේ සත්ත්ව නොවන කොටසටයි.
    බුදු දහමේ මේවා බුදු හාමුදුරුවෝ එසේ කියා ඇතිනිසා අපි පිළිගත යුතු හෝ ඇදහිය යුතු කාරනා නොවෙයි. ඉතාම විද්‍යාත්මක පදනමකින් අරුත් දක්වා ඇති දේ. කථා කරනවානම් පොතක් ලිව්ව හැකි මාතෘකාවක්.

    ReplyDelete
    Replies
    1. මගෙ දැනුමෙ හැටියට උපසම්පදා වුනු භික්ෂූන් වහන්සෙලට, ගහක කොළයක්වත් සිදින්න අකැපයි. කොහොමත්, වෙනද වගේම නයනෙ උසස් මට්ටමකින් සංවාදයක් ගොඩනගනව. මම වෙලාව ඇති විදියට, දිගට මගෙ පිළිතුර ලියන්නම්, මෙතනම.

      Delete
    2. ඩ්‍රැකී ඔබගේ මේ පැනයට ගැලපෙන අදහසක් සහිත ලිපියක් මා ඒ වන විට සකසමින් උන්නේ. එහි අඩංගුකරුනක්ම මෙහි මා සඳහන් කලත් පසුව එය මෙතැනට නොගැලපෙන නිසා ඉවත් කලා. ඒ ගැන අමනාප වන්නට එපා.
      මගේ ඒ ලිපිය දැන් කථා 32 අඩවියේ පලවී තියෙනවා. ඔබ කැමතිනම් කියවා බලන්න.
      මගේ ලිපිය සඳහා ඔබ හා මෙතැන කල කතාවෙනුත් යම් පෝශනයක් ලැබුනා

      Delete
    3. අර පිළිතුර ඉවත් කළ එක හරි නැහැ. ඒක මෙතන මා මතු කරන්ට උත්සාහ කළ සංවාදයට හොඳ ප්‍රතිපෝෂණයක්. මම දෙතිස් කතාවට ගොහිං, ඒකෙ ලිංක් එකක් මෙතන දාන්නම්. කවදා හරි මේවා කියවන අයගේ පහසුව පිණිස...

      Delete
    4. මෙන්න නයනෙ ගෙ ලිපියට ලිංක් එක.
      http://katha32.blogspot.com/2016/05/live-alive.html

      මම එතන කමෙන්ට් නොකිරීම ගැන නයනෙ අමනාප වෙන්න එපා. මේ ලිපිය සම්පූර්ණයි. ඒ වගේම අනවශ්‍ය වචනයක්වත් නැහැ. ඉතාම හොඳ පැහැදිලි කිරීමක්...

      Delete
  32. රාජකාරීයේ උසස් වීමට බිලාල ලෝකයේ සුභ පැතුම් පිලිගන්න.
    අලුත් තැනකදී යලිත් හමුවෙමු..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පූස්...

      දැං මං ඉන්නෙ ධීවර අමාත්‍යාංශයෙ. ඕනෙද මාළු කට්ටක්?

      Delete
  33. සුභ පතනවා බොලාගෙ ඉදිරි අනාගතයට...බ්ලොග් ලියන අස්සෙන් ඉඩක් ලැබුනාමද බොලා වැඩක් කලේ කාර්යාලයෙ...හැක්...

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ, වැඩක් ආව ගමං දඩි බිඩි ගාල කරල ඉවර කරනව. ඊටපස්සෙ කකුල් වන වනා අන්තර්ජාලෙ සැරිසරනව...

      ටැංකිව් සිරා...!

      Delete
  34. සුභ පැතුම් අයියා. අලුත් තැනින් අන්තර්ජාල පහසුකම් වැඩියෙන් ලැබේවා..ඉක්මණින් නැවත ගජබින්නයකින් හමුවේවා..!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුජී...

      අලුත් තැන ඔය මොනවත් නෑ. මෙතන මගෙ තනතුර පුරප්පාඩු වෙලා තියෙන්නෙ අවුරුදු දෙකහමාරක විතර ඉඳල. ඉතිං තප්පරෙං තප්පරේ එරර් මැසේජ් එන පෙන්ටියම් ෆෝ කම්පියුටරයක් තියෙනව. මයෙ ඩොංගල් එක ගැහුවම 2ජී කනෙක්ට් වෙනව. ඉතිං මං ඉවසීම ප්‍රගුණ කරගෙන රිප්ලයි කරනව.

      Delete
  35. Replies
    1. කෙලියා තාප්පෙට
      මේ කවුද
      අපිට දෙන්නෙක් එපා

      Delete
    2. කියල වැඩක් නෑ බං. හිටපු එකත් ඕනෙවට වැඩියි. තව එකෙක් ඇවිත් මෙනවයිං මොනව වෙයිද දන්නෑ...

      Delete
  36. සුබ පැතුම් කොල්ලෝ

    ReplyDelete
  37. අලුත් තැන ඉතා හොද වේවායි පතමි

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තටම හොඳ තැනක් කසියා... ගොඩක් ස්තූතියි!

      Delete
  38. උසස් වීමට සුභ පැතුම්!

    මේ ලිපිය කියෙව්වම මට මතක් උනේ ටෙක්සාස් පාන්තෙ ඉන්න කාලෙ වෙච්චි දෙයක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මෙත්...

      ටෙක්සාස් කිව්වම මතක් උනේ බ්‍රයන් ඇඩම්ස් ගෙ here I am...
      ඒ කතාවත් ලියන්නකො අපට දැකගන්න.

      Delete
  39. මම මතුකරපු ප්‍රශ්නයට ධනාත්මක උත්තරයක් ලැබුණා, සුජීව කොකාවලගෙ මේ පෝස්ටුවෙන්...
    http://short-katha.blogspot.com/2016/06/blog-post.html

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි