http://maxuncommon.weebly.com/uploads/2/6/9/1/26919294/1321652_orig.jpg |
මේ පෝස්ටුව අතිශයින්ම අවර ය. අර පමණක් අය වැඩිහිටියන්ට පමණකි නැත්නම් 18+ කියා ලේබල් කරන වර්ගයේ එකකි. එහෙයින්, මෙය නොඉවසන පාඨකයෝ, හොරෙන් කියවීම සහ නිර්නාමිකව අදහස් දැක්වීම හැරුණු කොට, මෙම පෝස්ටුව මගහැර, මා මීළඟට පළ කරන ලිපිය කියවීමට සටහන් කරගෙන හැරී යාම මැනවි.
තුන් යහළු වික්‍රමය (ප්‍රවේශ කතාව)
http://images.mid-day.com/2013/dec/Chashmebuddoor.jpg |
(ප්‍රධාන කතාවට කිසි සම්බන්ධතාවයක් නැති කවි පද දෙකක් හෝ හතරක් එහෙමත් නැත්නම් ගාථාවක් හෝ කතාවක් කියා, කතාවක් පටං ගැනීම අපේ චිරාත්කාලීන සම්ප්‍රදායකි. මේ කතාව ලියන්නේ ඒ අඛණ්ඩ, ලාංකේය සම්ප්‍රදාය රැකීමට ය.
ලෙත්තේ, ලෙයියේ සහ පාම්බේ ගජ යාළුවෝ ය. දවසක් උන් තුන් දෙනා උංගේ තවත් බොක්කෙ ෆිට් එකක් වන ඇම්බේ මුණගැහෙන්නට උගේ ගෙදර යන්නට පිටත් උනෝ ය.
කොහොමත් කොල්ලො තුං දෙනෙක් සෙට් උනාම බහුලව කෙරෙන දේ වන්නේ, දෙන්නෙක් එකතු වී අනිකාව චාටර් කිරීමය. මේ ගමනේදී ද ඒක ඒ හැටියෙන්ම කෙරුණේ ය. වැඩියෙම්ම චාටර් උනේ, චාටරය ඉවසන්නට බැරි ලෙයියේ ය.
පාර අයිනේ පොඩි මුඩුක්කු දේවාලයක් තියෙනවා යාළුවන් තුන් දෙනා දැක්කේ මේ අතර ය. ළඟ කඩේකින් පොල්ගෙඩියක්ද අරං දේවාලයට රිංගූ ළාමක ලෙයියේ පළි ගැහුවේ තමං චාටර් කරන එවුන්ට හත්පොළේ හැඳිගෑවෙන්ඩ ය.
අනික් උං දෙන්නට මේ වැඩෙං තවත් ආතල් ය. මේක මතක් වෙන මතක් වෙන පාරට ලෙත්තේ හූ කීවේය. පාම්බේ කොක දාගෙන හිනා වුනා පමණකි.
කොහොමිං කොහොමිං හරි තුන්දෙනා ඇම්බේ ගේ ගෙට සේන්දු වුනෝ ය. උං යාළුවාට කතා කරද්දී, ඇම්බේ කිතුලේ ය. රා මදින්නට ගොහිනි.
හක වස්තුව
(මේක ඉතිහාස කතාවක් ය. මං මේක ලියන්නේ මූලාශ්‍ර සහිතවය. ...එහ්හ්හ්හෙනං! ය...)
මහාසම්මත මනු කුළයෙන් ඔක්කාක රාජ වංශයෙන් පැවතෙන, තම කුළ පරම්පරාවෙන් මිහිකතට ස්වාමීත්වය දරණ, සූර්ය වංශයට සූරියකාන්ත මලක් වැනි, චන්ද්‍රවංශයට තරුවක් බඳු, නයි-ක ශ්‍රීන් විරාජමාන මහරජ්ජුරුවන්ගේ (රජාට නමක් දාන්නට බැරි නිසා වන්නම් කීපයක් මුලිං එකතු කළෙමි. කියවන්නන්ට නම මගඇරීමට මං කළ කපටිකම නොපෙනේවා!!!) හරක් පට්ටිය භාර නිළමෙ කෙනෙක් උන්නේ ය. උන්නැහේ පට්ටම් තකා වත්, පඩි තකා වත් නොව, හුදෙක් රාජකාරිය දේවකාරිය වසයෙන් සළකා සූර වීර වික්‍රමයෙන් හරක් බලාගන්නා නිසා, එයාගේ රාජපාක්ෂික භාවය ගැන සතුටු වූ මහරජ්ජුරුවෝ ඒ නිළමෙට මුකදාන නම් අභිධානයක් පටබැඳ රටේ ඉහළම පූජනීය වස්තුව වූ වමට කැරකුණු හක්ගෙඩියක් ප්‍රදානය කළ සේක. මතු කියවෙන්නේ ඒ හකේ කතාවය.
https://nawammawatha.files.wordpress.com /2011/10/31-10-2011.jpg?w=630 |
දවසක් නාන්ඩ ගියපු නිළමෙ, හක සහිත පංමල්ල ගං ඉවුරේ තියා ගඟට බැස්සේ ය. පැත්ත පළාතට වැස්සේ නැති උනත්, ගඟේ උඩහට වැටුණු වැස්සකින් ගඟේ වතුර මට්ටම වැඩි උනේ නිළමෙටත් නොදැනී ම ය. නිළමේ දකින විට ඉවුරේ තියා ආ හක පාවෙලා යනවාය. නිළමේද ටක් ගාලා හක පලෝ කරන්නට පටං ගත්තේ ය.
පාවෙලා පාවෙලා ආව හක පං ගොල්ලක රැඳුනේ ය.
මෙතැනින් කතාව වෙනස් වන්නේය. හකාවංශය නම් පැරණි පුස්තකය අනුව කතාව එක විදිහකි. සක්ධර්මරත්නාවලියේ කතාව ඊට වඩා බොහෝ විස්තරාත්මකව හා රසවත්ව ලියා ඇත.
හකාවංශයේ සඳහන් පරිදි...
එහා ඉවුර දෙසට පාවෙලා පාවෙලා ආව හක පං ගොල්ලක රැඳුනේ ය. එතන පං වගා කරන පං ගොයියා ඒක දැක්කේ ය. ඒ එක්කම එතනට පීනාගෙන ආව මුකදාන නිළමේ තමංගේ හක අරගෙන යන්නට හැරුණේ ය. පං ගොයියා ඊට විරුද්ධ වුනු හෙයින් දෙන්නා අතර හකට පයිට් එකක් ඇති උනේ ය. මොනව කළත් බේරන්නට බැරි විය. අහළක හිටිය රාජපුරුෂයෝ තුන්දෙනෙක්ද මැදිහත් උනේ ය. ඒත් පරහට හිටින්නේ හකමය. හරි කැතයි ය. කෑවට හරි නෑ වගේ හිටියට පංගොයියාද සටන අත අරින්නේම නැත.
අන්තිමේ අංගම් ශිල්පය දක්වා මුකදාන නිළමේ ගොවියා අඩපණ කොට හක පුරවාගෙන ගෙදර ගියේය. එදා පටන් හක පංමල්ලේ දාගෙන යාම නැවතුනේ ය. ආරක්සාවට නිළමේ හක පරාලේ ගසා තැබුවේය.
සක්ධර්මරත්නාවලියේ සඳහන් පරිදි...
හක එහා ඉවුරේ පංගොල්ලක රැඳුනේය. ලලනාවන් තුන් දෙනෙක් ඒ වෙලාවේ පං නෙළන්නට ඇවිත් හිටියෝ ය. ඉං එකෙක් හක දැක ටක ටක ගා ළං වී ඒක අතට අරං බැලුවාය. ඒ විගසට, අනික් උන් දෙන්නාද ඒක දැක්කෝ ය. දැං ගෑණූ තුන්දෙනා හකට පයිට් ය. එකාට එකා දෙවෙනි නැත. අවසානයේ මුං තුන්දෙනා මහෞෂධ පණ්ඩිතයන් ගාවට ගෙනියන්නට සිද්ධ වුනේ ය.
මහෞෂධ පණ්ඩිතයෝ අර ගෑණුන් තුන්දෙනා වෙන වෙනම ළඟට කැඳවා හක ගැන ඇහුවෝ ය. ඒ තුන්දෙනා හක ගැන තමන්ගේ ඇති අයිතිය කීමට කීවේ කතා තුනකි.
"මං මේක ඉස්සෙල්ලම දැක්කෙ. පං ගොල්ලෙ තිබිලයි මට මේක හම්බුනේ. මේක මට පං දෙයියො දුන්න මගේම පං හක" ඒ මුලින් ආ කාන්තාවගේ කතාවය.
"අනේ මේ හක, අපේ ගෙදර පාලි පොත උඩ තියල තිබ්බ පාලි හක..." දෙවෙනි කාන්තාව එහෙම කිව්වාය.
"මේක අපේ සීයා පන්දුරුවාවෙන් ඇවිත් මෙහෙ පදිංචි වෙද්දි ගෙනාවෙ. මේක අපේ පන්දුරු හක..." ඒ තුන්වෙනි කාන්තාවය.
කොටිම්ම මහෞෂධ පණ්ඩිතයන්ටත් බැරි විය, හකට නියම අයිති කාරයා හොයා ගන්නට. බැරිම තැන පඬිතුමා මෙහෙම නියෝග කළේ ය.
"ඔය ගෑණු තුන්දෙනාටම හකෙන් පත ගානෙ දීලා යවපියව්...!"
ලලනාවො තුන්දෙනාම ඒ නියෝගයට දෝත මුදුන් දී කැමති වුන බව වැඩි දුරටත් සක්ධර්මරත්නාවලියේ සඳහන් වේ.
--------------------------------------------------
මූලාශ්‍ර,
Conciese Hakawamsa - Vilhelm Geiger
හකාවංසො (පාළි)
සක්ධර්මරත්නාවලිය (සිංහල)
සිංහල පුරාණ රස කතා - කස්තුරි ශ්‍රියන්ත
වැඩිදුර කියවීමට:
මුකදාන අපදානය සහ තවත් සිනමාපට
පුරාණ ලාංකේය ගැමි සමාජයේ ඛේදජනක වෙනස්වීම්
මහරජා, ලෙයියා සහ හක
මහරජා පංචිකයා සමග නිධන් හෑරීම