Wednesday, June 22, 2016

හක වස්තුව - the journey of the Valampuri

http://maxuncommon.weebly.com/uploads/2/6/9/1/26919294/1321652_orig.jpg

මේ පෝස්ටුව අතිශයින්ම අවර ය. අර පමණක් අය වැඩිහිටියන්ට පමණකි නැත්නම් 18+ කියා ලේබල් කරන වර්ගයේ එකකි. එහෙයින්, මෙය නොඉවසන පාඨකයෝ, හොරෙන් කියවීම සහ නිර්නාමිකව අදහස් දැක්වීම හැරුණු කොට, මෙම පෝස්ටුව මගහැර, මා මීළඟට පළ කරන ලිපිය කියවීමට සටහන් කරගෙන හැරී යාම මැනවි.

තුන් යහළු වික්‍රමය (ප්‍රවේශ කතාව)

http://images.mid-day.com/2013/dec/Chashmebuddoor.jpg


(ප්‍රධාන කතාවට කිසි සම්බන්ධතාවයක් නැති කවි පද දෙකක් හෝ හතරක් එහෙමත් නැත්නම් ගාථාවක් හෝ කතාවක් කියා, කතාවක් පටං ගැනීම අපේ චිරාත්කාලීන සම්ප්‍රදායකි. මේ කතාව ලියන්නේ ඒ අඛණ්ඩ, ලාංකේය සම්ප්‍රදාය රැකීමට ය. වල් අලි මරා හෝ සම්ප්‍රදාය රැකිය යුත්තේ ය. නැත්තං සිංහල ජාතිය වඳ වෙන්නේ ය.)

ලෙත්තේ, ලෙයියේ සහ පාම්බේ ගජ යාළුවෝ ය. දවසක් උන් ‍තුන් දෙනා උංගේ තවත් බොක්කෙ ෆිට් එකක් වන ඇම්බේ මුණගැහෙන්නට උගේ ගෙදර යන්නට පිටත් උනෝ ය.

කොහොමත් කොල්ලො තුං දෙනෙක් සෙට් උනාම බහුලව කෙරෙන දේ වන්නේ, දෙන්නෙක් එකතු වී අනිකාව චාටර් කිරීමය. මේ ගමනේදී ද ඒක ඒ හැටියෙන්ම කෙරුණේ ය. වැඩියෙම්ම චාටර් උනේ, චාටරය ඉවසන්නට බැරි ලෙයියේ ය.

පාර අයිනේ පොඩි මුඩුක්කු දේවාලයක් තියෙනවා යාළුවන් තුන් දෙනා දැක්කේ මේ අතර ය. ළඟ කඩේකින් පොල්ගෙඩියක්ද අරං දේවාලයට රිංගූ ළාමක ලෙයියේ පළි ගැහුවේ තමං චාටර් කරන එවුන්ට හත්පොළේ හැඳිගෑවෙන්ඩ ය.

අනික් උං දෙන්නට මේ වැඩෙං තවත් ආතල් ය. මේක මතක් වෙන මතක් වෙන පාරට ලෙත්තේ හූ කීවේය. පාම්බේ කොක දාගෙන හිනා වුනා පමණකි.

කොහොමිං කොහොමිං හරි තුන්දෙනා ඇම්බේ ගේ ගෙට සේන්දු වුනෝ ය. උං යාළුවාට කතා කරද්දී, ඇම්බේ කිතුලේ ය. රා මදින්නට ගොහිනි.

හක වස්තුව

(මේක ඉතිහාස කතාවක් ය. මං මේක ලියන්නේ මූලාශ්‍ර සහිතවය. ...එහ්හ්හ්හෙනං! ය...)

මහාසම්මත මනු කුළයෙන් ඔක්කාක රාජ වංශයෙන් පැවතෙන, තම කුළ පරම්පරාවෙන් මිහිකතට ස්වාමීත්වය දරණ, සූර්ය වංශයට සූරියකාන්ත මලක් වැනි, චන්ද්‍රවංශයට තරුවක් බඳු, නයි-ක ශ්‍රීන් විරාජමාන මහරජ්ජුරුවන්ගේ (රජාට නමක් දාන්නට බැරි නිසා වන්නම් කීපයක් මුලිං එකතු කළෙමි. කියවන්නන්ට නම මගඇරීමට මං කළ කපටිකම නොපෙනේවා!!!) හරක් පට්ටිය භාර නිළමෙ කෙනෙක් උන්නේ ය. උන්නැහේ පට්ටම් තකා වත්, පඩි තකා වත් නොව, හුදෙක් රාජකාරිය දේවකාරිය වසයෙන් සළකා සූර වීර වික්‍රමයෙන් හරක් බලාගන්නා නිසා, එයාගේ රාජපාක්ෂික භාවය ගැන සතුටු වූ මහරජ්ජුරුවෝ ඒ නිළමෙට මුකදාන නම් අභිධානයක් පටබැඳ රටේ ඉහළම පූජනීය වස්තුව වූ වමට කැරකුණු හක්ගෙඩියක් ප්‍රදානය කළ සේක. මතු කියවෙන්නේ ඒ හකේ කතාවය.

https://nawammawatha.files.wordpress.com
/2011/10/31-10-2011.jpg?w=630
හරක් පට්ටිය බලාගන්නා නිසා මුකදාන නිළමේ රටේ ප්‍රසිද්ධ වුනේ පට්ටියෙ මුකදාන නිළමෙ කියා ය. උන්දෑ ඔය තමුන්ට රජාගෙන් ලැබුණු හක ගැන කොච්චර ආඩම්බර උනාද කියතොත් යන යන හැම තැනම හක පං මල්ලෙ දාගෙන අරං ගියේ ය. නාන්ඩ ගඟට ගියෙත් පං මල්ලෙ හක අරගෙන ය.

දවසක් නාන්ඩ ගියපු නිළමෙ, හක සහිත පංමල්ල ගං ඉවුරේ තියා ගඟට බැස්සේ ය. පැත්ත පළාතට වැස්සේ නැති උනත්, ග‍‍ඟේ උඩහට වැටුණු වැස්සකින් ගඟේ වතුර මට්ටම වැඩි උනේ නිළමෙටත් නොදැනී ම ය. නිළමේ දකින විට ඉවුරේ තියා ආ හක පාවෙලා යනවාය. නිළමේද ටක් ගාලා හක පලෝ කරන්නට පටං ගත්තේ ය.

පාවෙලා පාවෙලා ආව හක පං ගොල්ලක රැඳුනේ ය.

මෙතැනින් කතාව වෙනස් වන්නේය. හකාවංශය නම් පැරණි පුස්තකය අනුව කතාව එක විදිහකි. සක්ධර්මරත්නාවලියේ කතාව ඊට වඩා බොහෝ විස්තරාත්මකව හා රසවත්ව ලියා ඇත. 

හකාවංශයේ සඳහන් පරිදි...

එහා ඉවුර දෙසට පාවෙලා පාවෙලා ආව හක පං ගොල්ලක රැඳුනේ ය. එතන පං වගා කරන පං ගොයියා ඒක දැක්කේ ය. ඒ එක්කම එතනට පීනාගෙන ආව මුකදාන නිළමේ තමංගේ හක අරගෙන යන්නට හැරුණේ ය. පං ගොයියා ඊට විරුද්ධ වුනු හෙයින් දෙන්නා අතර හකට පයිට් එකක් ඇති උනේ ය. මොනව කළත් බේරන්නට බැරි විය. අහළක හිටිය රාජපුරුෂයෝ තුන්දෙනෙක්ද මැදිහත් උනේ ය. ඒත් පරහට හිටින්නේ හකමය. හරි කැතයි ය. කෑවට හරි නෑ වගේ හිටියට පංගොයියාද සටන අත අරින්නේම නැත.

අන්තිමේ අංගම් ශිල්පය දක්වා මුකදාන නිළමේ ගොවියා අඩපණ කොට හක පුරවාගෙන ගෙදර ගියේය. එදා පටන් හක පංමල්ලේ දාගෙන යාම නැවතුනේ ය. ආරක්සාවට නිළමේ හක පරාලේ ගසා තැබුවේය.

සක්ධර්මරත්නාවලියේ සඳහන් පරිදි...

හක එහා ඉවුරේ පංගොල්ලක රැඳුනේය. ලලනාවන් තුන් දෙනෙක් ඒ වෙලාවේ පං නෙළන්නට ඇවිත් හිටි‍යෝ ය. ඉං එකෙක් හක දැක  ටක ටක ගා ළං වී ඒක අතට අරං බැලුවාය. ඒ විගසට, අනික් උන් දෙන්නාද ඒක දැක්කෝ ය. දැං ගෑණූ තුන්දෙනා හකට පයිට් ය. එකාට එකා දෙවෙනි නැත. අවසානයේ මුං තුන්දෙනා මහෞෂධ පණ්ඩිතයන් ගාවට ගෙනියන්නට සිද්ධ වුනේ ය.

මහෞෂධ පණ්ඩිතයෝ අර ගෑණුන් තුන්දෙනා වෙන වෙනම ළඟට කැඳවා හක ගැන ඇහුවෝ ය. ඒ තුන්දෙනා හක ගැන තමන්ගේ ඇති අයිතිය කීමට කීවේ කතා තුනකි.

"මං මේක ඉස්සෙල්ලම දැක්කෙ. පං ගොල්ලෙ තිබිලයි මට මේක හම්බුනේ. මේක මට පං දෙයියො දුන්න මගේම පං හක" ඒ මුලින් ආ කාන්තාවගේ කතාවය.

"අනේ මේ හක, අපේ ගෙදර පාලි පොත උඩ තියල තිබ්බ පාලි හක..." දෙවෙනි කාන්තාව එහෙම කිව්වාය.

"මේක අපේ සීයා පන්දුරුවාවෙන් ඇවිත් මෙහෙ පදිංචි වෙද්දි ගෙනාවෙ. මේක අපේ පන්දුරු හක..." ඒ තුන්වෙනි කාන්තාවය.

කොටිම්ම මහෞෂධ පණ්ඩිතයන්ටත් බැරි විය, හකට නියම අයිති කාරයා හොයා ගන්නට. බැරිම තැන පඬිතුමා මෙහෙම නියෝග කළේ ය.

"ඔය ගෑණු තුන්දෙනාටම හකෙන් පත ගානෙ දීලා යවපියව්...!"

ලලනාවො තුන්දෙනාම ඒ නියෝගයට දෝත මුදුන් දී කැමති වුන බව වැඩි දුරටත් සක්ධර්මරත්නාවලියේ සඳහන් වේ.

--------------------------------------------------
මූලාශ්‍ර,
Conciese Hakawamsa - Vilhelm Geiger
හකාවංසො (පාළි)
සක්ධර්මරත්නාවලිය (සිංහල)
සිංහල පුරාණ රස කතා - කස්තුරි ශ්‍රියන්ත

වැඩිදුර කියවීමට:
මුකදාන අපදානය සහ තවත් සිනමාපට
පුරාණ ලාංකේය ගැමි සමාජයේ ඛේදජනක වෙනස්වීම්
මහරජා, ලෙයියා සහ හක
මහරජා පංචිකයා සමග නිධන් හෑරීම

42 comments:

  1. ලියන්ඩ වෙලා නෑ කිව්වට මේ හක පලලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නිවීහැනේ හිත හිතා ලියන්ඩ වෙලා නැති හින්දනෙ මෙව්ව ලියන්නෙ.

      Delete
  2. ඉස්සෙල්ල එනකොට හක පුරෝල තිබුණෙ. හෙට කියෝල කොමෙන්ට් කරන්නං.
    -னයා-

    ReplyDelete
  3. මාත් කලින් ලිව්වා හක කතා සැට් එකක්. මේකේ වැඩියෙනුත් තියෙන නිසා හක පුරෝගෙන යන්නම්

    ReplyDelete
    Replies
    1. මේක මොකද්ද? කියවන්ඩකො සමියගෙ ලිපි දෙක. මං පෝස්ටුවෙ පහල ලින්ක් දැම්ම.

      Delete
  4. මං බැලුව මොකද මේ කියල. බැලින්නම් මේ දැතිය හක පලාගෙනනෙ.

    ReplyDelete
    Replies
    1. හකෙං පාන්ඩ බැලුවෙ. බැරිතැන පලල දැම්ම...

      Delete
  5. But wait, there's more..
    http://samigepunchilokaya.blogspot.com/2016/06/nu-2-why-these-movies-meant-to-be-bad.html

    ReplyDelete
    Replies
    1. Thanx prabath. Sami's writing is great. I added two links under this post

      Delete
  6. ඔක පතන පුස්තකයේ සඳහන් පරිදි නරි කැලෑව නම් ප්‍රදේශයේ හයිය පාන කුමරාට හක අයත් බව සඳහන් වේ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය කියන කැලෑවෙ තමයි හූමිත්ත, කැකනකොටහුරියා, කැකනදුර හුරියා, ගක්පහ ආදි දුර්ලභ ඖශධ පැල තියෙන්නෙ. කෙකට පුලියා, කෙතේ අලියා, ඇට මරියා, හිට මකුනා, හිටත් මකුනා, මලට ගරුවා වගේ ආවේනික සත්තුත් ඉන්නව

      Delete
  7. කමන අතාවක් හි හි

    ReplyDelete
  8. චික් විතරක් අලුත් එව්වා මොනවත් නෑ. හක පූ ගානවා දේවාල වල ඒකවත් කියලා නෑ.

    අර ලෙයියා ඇතුළු යාළුවො තුන්දෙනා කොක්කු වෙඩි තියන්න ගිහින් සම සමව බෙදාගත්තා දඩයම් කල කොක්කු. එකෙකුට කොකයි පලුවයි ගානේ හම්බවුනා.

    ටටා!

    ReplyDelete
    Replies
    1. හක පූ ගාන්ඩ ගියාට, හක පායි කිව්ව නිසා නිකං හිටිය.

      අර තුං දෙනාගෙං එකෙක්ට කොකයි කොක් පලුවයි හම්බෙලා තිබ්බ නෙ... මොනව කලත් කොකාට පාට් දාන්ඩ එන්ඩෙපා කිව්ව.

      Delete
  9. අර හක පුරාවත කියන පොත කියෙව්වෙ නැද්ද ? අපේ ගෙදරත් තිවුනා හකක්. ඒක ගෙනාවෙ හකේ පුඩිං දාන්න. පස්සෙ ඒක එක තැන තිවිලා පල්වෙලා. දැං ඒක පල් හක.

    ReplyDelete
    Replies
    1. හක පට්ටියක දාල, ලුනු ගොරක දැම්මනං පල් වෙන් නෑ. අර පොතනං කියවල නෑ. හක පාන අඩහැරය නං කියවල තියෙනව...

      Delete
  10. පොල් ලෙලි ගහනකොට රිදුනද?

    හැක්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. රේන්කෝට් එක දාන්න බැරිවෙලා.

      Delete
    2. ලෙත්තෙ හූ කිව්වම, ආයෙ රිදුනද කියලත් අහනව. අලියට පෑගිල චූත් ගියාද කියල ඇහුව එකේ අනික.

      ප්‍රසා දන්නව වගෙයි වෙච්ච දේ හරියටම...

      Delete
  11. තිඹිරි පකක් ගත් අඟනක් සඟන දැක කියලා බන පොතක තියනවා

    ReplyDelete
    Replies
    1. ඒක ගැන ඩබ්ලියු ඒ ද සිල්වාද කොහෙද හාස්‍යජනක කෙටි කතාවක් ලියල තියනව. සෙන්සර් බෝර්ඩ් එකක් ගැන

      Delete
    2. තිඹිරි පකක් දුන් අගනක් සගන දැක
      ඉතිරි සැපත් ලැබගෙන රන් විමානෙක
      සපිරි එළද පිරිවර ලියොම දාසෙක
      ඉදිරි පිහිට පින්මය ඉන් නොවව් සැක
      - ගුත්තිල කාව්යය 494 කවිය
      www.edulanka.lk/library/gutthilaya/gutthilaya-05

      Delete
    3. ප්‍රා කියපු එක ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා ද දන් නෑ ලිව්වෙ?

      Delete
  12. ඉතිං මහෞෂධ උන්නැහේ අර හකෙන් පෑරුවද බං ඊට පස්සෙ. මොකද ඒක ආයෙ දුන්න කියල ඔය පොතේ තිබුණෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. එතුමා හකෙං පාන්ඩ ගිහිං තමයි ගොවියාපුතු කියන කාඩ් එක වැදුනෙ. පරක් හකක සම්බන්දෙකුත් තියෙනවලු. හක පාරවන කතා තමයි ඉතිං.

      Delete
  13. සික් ඉතරක් මු නරක් වෙලා තියෙන තරමක්...

    ReplyDelete
  14. හෙහ් හෙහ්. අළුතින් වැඩට ගිය තැන මේකව තව නරක් කරලද කොහෙද මට පේන්නේ.

    ReplyDelete
    Replies
    1. නරක් වෙනවට මෙහෙ අයිස් දාල තියෙන්නෙ. ඒත් බේරන්ඩ බැරිනං වේලල උම්බලකඩ හදනව.

      Delete
  15. දහාටට අඩු නිසා දැති හුලහ මාම කියන එක අහලා කියෙව්වේ නෑ.

    ReplyDelete
    Replies
    1. 18 කියල මම අදහස් කලේ වයස අවුරුදු වලිං. එහෙම නැතුව, හැලිල ගිහිං කටේ ඉතුරු වෙච්ච දත් ගාන නෙවෙයි.

      Delete
  16. දැන් ඕක ලිව්වේ අපිට කියවලා හිනාවෙන්නද?

    ReplyDelete
    Replies
    1. කරු. අවශ්ය කටයුතු සදහා...

      Delete
  17. රටක සමාජයක සංස්කෘතිකාංග හා ජනතා ගෞරවයට පත් කථා වස්තූන් හා ග්‍රන්ත නාමයන් විකෘති කරමින් විහිළු කතා ලිවීමේ අයිතියක් ඊනියා ප්‍රජාතන්ත්‍ර වාදය තුල ඔබට ඇත.
    එහෙත් ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අනෙකාගේ නාසයේ ඉම ඉක්මවා යාමට අයිතියක් නොමැති බව ඔබ දන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. මගේ හැරමිටිය ඔබේ නාසයට ළං වන තරමට, මගේ චර්යාව ඔබ විසින් දියුණු කෙරේ...

      Delete
  18. ස්රන්ගය කියපු නිසයි මේ පැත්තේ ආවේ .. "පාසු වකේ " ජේස්ට මන්ත්‍රීතුමා එහෙම ආවා නම් පාර්ලිමේන්තුව දෙවනත් කරයි මේවා බලලා...

    ReplyDelete
    Replies
    1. මදැයි ඉස්සිස්සෙල්ලම ඇවිත් කියෝපු පෝස්ටුව...! හැම එකක්ම මේ වගේ නෑ කවිඳු. ආපස්සට ගිහිං බලන්ඩ.

      ඒ අතරෙ, වෙල්කම් ඈ...

      Delete
  19. ඈ බන් මට පහුගිය දොහේ අධික වැඩ නිසා බ්ලොග් කියවන්න එන්න බැරිවුණා ටිකට බොලා නරක් වෙලා තියන තරමක්..

    ReplyDelete
    Replies
    1. අපේ ෆ්‍රිජ් එක කැඩිල දැන් මාස දෙකක් වෙනව. ඒකයි...

      Delete
  20. හක පුරෝගෙන එහෙම එන්න කිව්වේ නැත්ද?

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි