Friday, June 10, 2016

Training සහ New Post (දුම්රියකරණය & අලුත් තැපෑල)

http://i1.trekearth.com/photos/14423/funny_train.jpg
අපේ උසස්වීම වෙනුවෙන් ලැබුණ කාර්යාරම්භක පුහුණුව හරි සෝක් ය. ඒකෙන් ගොඩාක් වැදගත් දේවල් ඉගෙනගත්තාට අමතරව, සිරා යාළුවන් බර ගාණක්ද අඳුරගත්තෙමි ය.

මට ඉගෙන ගැනීමට පුළුවන් වූ පාඩම් බර ගාණකි.

පැය තුනක දේශනයකින් විෂයයක් උගන්වන්නට බැරි බව ඉන් එකකි. පුළුවන් වූයේ මෙහෙම විෂයයක් තියෙනවා ය කියා කියාදෙන්නට විතරය. ගොඩක් උදවිය ඒ විෂය හඳුන්වාදෙන ගමන් වැල් බයිලා ගායනා කරමින් අපිව නිදිමතින් මුදවා ගත්තෙමු ය. ඒ අතරේ සාලිය ධර්මවර්ධන, නිශාන්ත කමලසිරි, සුමිත් (නමේ අග කොටස කිව්වෙ නෑ) සහ විජය වික්‍රමරත්න යන මහත්වරු ලැබුණ කෙටි කාලය තුළ අපේ නව තනතුරේ වගකීම්, කාර්යභාරය සහ රාජකාරි වලදී කළ යුතු / නොකළ යුතු දේ ද, ඉගෙනගත හැකි මූලාශ්‍ර ද කියා දීමට වෙහෙසුනෝ ය. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ කොට ලේකම් දඩල්ලගේ උන්නැහැ ඇවිත් පෝඩියම් එක බදාගෙන හීන් හඬින් මොකද්දෝ දරු නැළවිල්ලක් කිව්වා කියාත් මතක ඇත.

අපේ සම මට්ටමේ පරණ නිලධාරීන් තුළ, "බොලාට ඔයිට වඩා ඉහළට යන්ඩ බෑ..." යන ආකල්පය වර්ධනය කරවීමේ වෑයමක අපේ යූනියන් එක සිටින බව දැනගැනීම තවත් දෙයකි. ඒකේ වාසි හා අවාසි ඇති බැවින් ඒ ගැන වැඩිදුරට කියන්ඩ මගේ බලාපොරොත්තුවක් නැත.


ඉගෙන ගත් වැදගත්ම පාඩම වූයේ පරිපාලන සේවයේ නිලධාරීන් තුළ අ‍පේ තනතුර ගැන තියෙන ආකල්පය ය. බොහොමයක් දේශකයන් කියූ විදිහට, ආයතනයක හැම උලව්වටම වගකියන්ඩ ඕනේ අපිය. ආයතනයේ පරිපාලනය, ඉහළ පහළ ඉන්න දෙගොල්ලො අතර සන්නිවේදනය (ඒ කියන්නෙ පහළ උං ගැන ඉහළට කේළම් කීම සහ පහළ උදවිය එක්ක එකතු වී ඉහළ උං ට බැණීම වගේ වැදගත් දේවල්), හදිස්සියෙ ඉහ මතට කඩා වැටෙන සිද්ධි කළමනාකරණය කරගැනීම, උත්සව සංවිධානය, ඒ උත්සව වලදි මයික් එක අතේ අළෝගෙන සිටිමින් වෙන එකෙකුටවත් කතා කරන්නට නොදී බයිලා ගායනා කිරීම, හැම රෙගුළාසියක්ම ගැන හොඳින් දැනගෙන ඉන්න ගමං ඉහළ නිලධාරීන් වැඩ අනාගත් විට ඒකෙ වගකීම බාරගැනීම... ඔය ආදී අටෝරාසියකට වගකියන්ඩ ඉන්නේ අපි ලු ය.

පරිපාලන සේවයේ ආකල්පය ගැන හොඳ කතාවක් ධර්මාචාර්ය මහාචාර්ය තිලකසිරි කිව්වා ය. ඒ කතාව දඩයක්කාරයෙක්, බල්ලෙක් සහ දඩයක්කාරයාගේ යාළුවෙක් ගැනය.

දඩයක්කාරයෙක්ට වැව ළඟදි බල්ලෙක් හම්බුනා. ඒ බල්ලට දිය මතුපිට දුවන්ඩ පුළුවං. ඉතිං දඩයක්කාරයා තමංගෙ යාළුවෙකුත් වැව ගාවට අඬගහගෙන ගිහිං බල්ලගෙ වික්‍රමය පෙන්නුවා. යාළුවා ඇහුවා, "ඒ බං, උඹේ බල්ලට පීනන්ඩ බෑ නේද?" කියලා.

ඔය යාළුවා අපේ ධර්මාචාර්ය මහාචාර්ය තුමා උනානං කියන්නේ ඕක නෙමෙයි ලු ය. එහෙනං උන්නැහැ බල්ලව අටපට්ටමේ පෙන්නා, ඊට පස්සෙ ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කරවා, යාළුවාටත් ගාණක් හම්බ කර දී, තමනුත් ගාණක් හම්බ කර ගන්නවා ලු ය.

මේ කතාවේ ඇත්ත තේරුම සහ මේ කතාව ඇසුරින් අපි ගැන පරිපාලන සේවයේ ඇති නියම ආකල්පය වැටහුනේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සමීක්ෂණ වැඩට අපිව අපේ ට්‍රේනිං එක අතර තුරේ යෙදවීමෙන් පසුව ය. අපට ධර්මාචාර්ය තිලකසිරිතුමා කීවේ දවස් දෙකක් හෝ තුනක් යන්නට වෙන බවය. ඒ කරලා හිටං අපව යෙදෙව්වේ, ගංවතුරට අහු වූ ගෙවල් ගානේ ගොහිං ෆෝම් එකක් පුරවාගැනීම ට ය. ඇත්තටම ඒ ෆෝම් එක පුරවා ගන්නට, ගමකට හැටක් විතර පත්කරලා ඉන්න ආණ්ඩුවේ රැකියාලාභී උපාධිධාරී (වෙන විභාගයක් කරලා රස්සාවකට එන්ට බැරි හෝ කම්මැළි, බහුතරයක්ම ගෙදර ඉඳං පඩිගන්නා) උදවිය යෙදවලා කරගන්ඩ තිබුණාය. අනික, අපි යොදවපු වසමේ ග්‍රාමසේකරයා අපිට අණ දෙන්නට ආවේය. එව්වට සෙකන්ඩ් වෙන්ඩ අපි කවුද, ඌ කවුද ය. අපි හරිනං උංගෙ පරිපාලන බලධාරියා වන පරිපාලන ග්‍රාමනිලධාරී ගේ මට්ටමේ ය.

දෙවෙනි දවසේදී අපට ආරංචි වුනේ ධර්මාචාරියගේ දෙමව්පියන් මතක් කළ යුතු වන විදිහේ ආරංචියකි. අපිව ඒ සතියම ඕන්නං තියාගෙන මේ වැඩය කරවා ගන්නා ලෙස ඌ කොළඹ දිසාපති හට කියා තිබුණේ ය. ඒ ගමන අපි අපේ කණ්ඩායම් නායකයා එක්ක කතා කර, ලොකු තැන ගෙන් විමසන්නට ගියෙමු ය. ඒ තුංවැනි දවස ය. එදා නායකයා අපි වෙනුවෙන් කතා කරන්ඩ උඩට ගිහිං, අපට තියෙන නියෝග ටික අහගෙන ඉඳලා ඇවිත් අපිට කිව්වෙමු ය. ඒ වෙලාවේ නං උගෙත් මාළුකන්නට මට පෞද්ගලිකව හිතුනේ ය.

කොයිහැටි වෙතත් දවස් හතරකට ඇදුනු ආපදා සමීක්ෂණ වැඩෙං අපේ කෂ්ටිය ගොඩක් ෆිට් උන එක ලොකු දෙයකි. ජයලාල්, චම්මි, දීපානි, ජග්ග, චමින්ද, චින්තක, අචින්ත, උදේ කුමාර (හවස උගුඩුවද දන්නෑ...), කුමාර සිල්වා, රුවනි ආදී (මෙතන නම් ලියන්න එකපාරටම මතක් නොවිච්ච, පස්සෙ අද රෑ නින්දට යද්දි මතක් වෙලා, රෑට හීනෙන් පේන උදවිය සමාව බාජනේකට දාන්ඩ ය.) පට්ට යාළුවො සෙට් එකක්ම සෙට් උනේ මේ ආපදා සහන වැඩෙං ය.

මේ වැඩේ නිසා, අර උඩිං ධර්මාචාර්ය තිලකසිරි උන්නැහැගෙ කතාව හරියටම තේරුණේ ය. ඒ අනුව, අපි වතුරෙ දුවවන්ඩ පුළුවං බල්ලො සෙට් එකක් උන අතර, අපිව යොදාගෙන ලකුණු හම්බකරගත්තේ තිලකෙ අයියා ය.

ඒකත් පුහුණුවෙදිම වැටහීම හොඳ දෙයකි ය. ඒක දැනගත්තට පස්සෙ අපි අලුත් තනතුරු වල වැඩකරද්දි ඉහළ නිලධාරීන් අපිට අරිද්දී අපේ බලාපොරොත්තු කඩ වෙන්නේ නැති ය.

ගහට ගහක් හම්බුනෙත් මේ ට්‍රේනින් එකේදිය. ඒ ආදරණීය වෙනිවැල් අයියා ය. උන්දැ එතන ඉහළ තනතුරක් දරන, බොහොම චාමෙට ජීවත් වෙන, රාජකාරිය ඇතුලෙ ලැබෙන අවස්ථාවලින් හොඳට ජීවිතය විඳින පොරකි ය.

පුහුණුව අතරෙ අපිට කතා පවත්වන්ඩ දුන්න විනාඩි පහකිං උපරිම ප්‍ර‍යෝජන ගත්ත මං (ඒ කියන්නෙ විනාඩි පහ විනාඩි දොළහකට ඇදපු එක ගැන ය),  බ්ලොග් ලෝකය ගැන අපේ සැට් එක දැනුවත් කළෙමු ය.

ඒ වගේම කළමනාකරණය ගැන සිංහලෙං බ්ලොග් එකක් ලියන නිශාන්ත කමලදාස මහත්තයත් දෙපාරක්ම අපට ලෙක්චර් දුන්නෙමු ය.

මීට දෙපෝයකට උඩින්, "මං ගිහිං එන්නං" කියා සමුගත් මා, බ්ලොග් එක පැත්තට ආවේ ඊයේ ය. කලිං පෝස්ටුවේ ප්‍රතිචාර වලට උත්තර දෙන්නට දවස් එකහමාරක්ම ගත උනේ ය. අලුත් තැන මට තවම හරිහමං අන්තර්ජාල පහසුකම් නැත. ඇත්තේ තප්පරෙං තප්පරේට එරර් මැසේජ් විකසිත වන, කෞතුකාගාර දෙපාර්තමේන්තුවට යැවීමට ඉල්ලා ඇතත් දුන්නේ නැති පෙන්ටියම් හතරේ පරිගණකයක් විතරය. ඉතිං සූධීහු කමන්ඩ ය.

මොකද, මං හිතාගෙන ඉන්නෙ, මෙතන වැඩ කරලා, මගෙ උපරිම දායකත්වය දීලා, මෙතන අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් බවට පත්වුනායිං පස්සෙ මට ඕනෙ කරන දේවල් ඉල්ලන්ඩ ය. එතකොට ඒවා මං උපයාගත්තා වෙන අතර, ඉහළ උදවියට "එව්ව දෙන්ඩ බෑ" කියන්ඩ බැරි තත්ත්වයක් එන්නේ ය.

එතෙක් මට ‍ගොඩක් බ්ලොග් වලට එන්ඩ බැරි වෙයි ය. මට මගඇරෙන එව්ව ගැන හිතෙන කොට මට මං ගැනම දුකයි ය. සුරංග මල්ලිගෙ චූටි මැණිකෙ පොළොස් උයන හැටි කියෙව්වෙත් ආපදා සහන වැඩේට යන ගමං ය. ඒක මං සෑහෙන දෙනෙකුට පෙන්නුවෙමු ය. පට්ට පෝස්ටුවකි ය.

මට ලැබුණ අලුත් තැන ගොඩක්ම හොඳය. මං බලාපොරොත්තු උනාට වඩා අන්තිම ඉහළය. එතන ස්ටාෆ් එක වැඩ සහ දැනුම අතිං මාර ‍පොහොසත් ය. ඒ අය මිනිට් එකක් දානකොට, කාරණාව කෙටියෙං කියා, ඊට අදාළ චක්‍රලේඛ ආදී විධීවිධානත් කියා, යෝජනාත් කර, දානවය. කාර්යාල ක්‍රම තිතටම වෙනවාය. මිනිට් වල මෙන්ම ලියුං වල ද හරස් සඳහන් කරනවාය. ඒවගේ උදවිය එක්ක වැඩ කරන්ඩ බොහොම ලේසි ය.

ඒවගේම අපේ අතිරේක ලේකම් මහත්තයත්, හරිම නිවිච්ච මනුස්සයෙකි. තමුං වැඩ ගොඩගහගෙන කරන අතරෙ, මං අලුත් නිසා වැඩ පුහුණුවෙනකල් කියා ටික ටික පොඩි පොඩි වැඩ මට එවනවා මිසක, තමංගෙ වර්ක් ලෝඩ් එක මට පවරා දුන්නේ නැත. කොටිම්ම තාත්තෙක් වගේය.

අන්තිම වශයෙන් කියන්ට තියෙන්නේ, අලුත් පෝස්ට් එක (මං කිව්වෙ අලුත් තනතුර) නිසා, අර කලිං ලිපියෙදි මෙන්ඩ කිව්ව වගේ මගෙ වෙනස්කම් වගයක් වෙනවාය. එව්වා පහළින් කියා දක්වන්නෙමි ය.

1 අද පටන් තමුන්නාන්සෙලා මට "ඔපිසර හාමුදුරුවෝ" කියා ඇමතිය යුතුය.
2 මගේ ආදර බර බාරියාව "ඩ්‍රැකියානි මුදියන්සෙ හාමුරුවෝ" නමින් ඇමතුම් ලබනු ඇත.
3 අපේ අම්මා "ඩිංගිරි හාමුදුරුවෝ" වෙන අතර,
4 අපේ ගෙදර බල්ලා ගැන කීමෙදී "චූටි කුකූ උන්නාන්සෙ" කියා කිය යුතුය.

(උදාහරණයක් කියතොත් - "වලව්වෙ කවුද, උන්නාන්සෙ කයිද වළඳයිද?" කියා අහගෙන අපේ ගෙදරට ආ යුතුය.)

90 comments:

  1. හුටා බොගෙ නම වෙනස් වෙලාද? ඔච්චර නම්බුනාම ලැබිලත් පෙන්ටියම් 4න්ද වැඩ කරන්නේ....සුබ වේවා...

    ReplyDelete
    Replies
    1. ඒසේම වේවා! මොනව කරන්ඩද? ලද දෙයින් සැනසිලා, වඩා හොඳ දෙයක් උපයගන්නව.

      Delete
  2. අලුත් අලුත් ලේ වර්ග රසබැලීමටත් ලේ කෝප වී ප්‍රෙෂර් නගින්නේ නැතිව සිටීමටත් හැකිවේවා
    පෙන්ටියම් 4 එක ලමේකුට දෙන්ඩ කියන්න

    ReplyDelete
    Replies
    1. අඩෝ එහෙම කතා කරන්නෙ කොහොමද. අපිත් වැඩ කරන්නෙ තවම පෙන්ටියම් පාට පෙට්ටි සොරි P4 ඒවයින් තමයි.

      Delete
    2. පූසා,
      මං අලුත් තැනට ගොහිං දවස් දෙකෙං ලේ දන්දීමක් කියල අටංපහුරක් තිබ්බ. ඒතෙන්දි මං ලේ බැංකුෙව මගෙ ඒකවුන්ට් ඒක අලුත් කළා. අර පෙන්ටියම් 4 ඒක අාපහු වින්ඩෝස් දාල ගත්තනං පට්ට භාණ්ඩෙ. වින්ඩෝස් 7 දැම්මැකි.

      ප්‍රසෝ,
      ඒ්ගමන මොන්ටිසෝරියක් දාගත්තද?

      Delete
  3. ආ උඹ දැං ගංවතුරෙද වැඩ. හොඳයි හොඳයි නාලම වරෙන්කො.

    මීට,
    னයා.

    ReplyDelete
    Replies
    1. ගංවතුර කටයුතු ඉවරයි බං. ඒව්වට වන්දි ගෙවන්නෙ ඊළඟ ගංවතුරෙදි උං ඉතුරු උනොත් විතරලු. නයාට දෙන්ඩද බිත්තරෙයක්?

      Delete
  4. http://news.nationalgeographic.com/news/2009/03/090311-dracula-fish-photo.html

    ReplyDelete
    Replies
    1. http://madurangacreations.blogspot.com/2014/04/blog-post_24.html

      Delete
  5. //ඒ ආදරණීය වෙනිවැල් අයියා ය. උන්දැ එතන ඉහළ තනතුරක් දරන, බොහොම චාමෙට ජීවත් වෙන// ආ.. ඔහෙත් අහුඋනාද එයැයිට. අනේ තව ටික දවසකින් ඩ්‍රැකියගෙ උල් දත් හතරම ගලෝල තියෙන හැටි මට මැවී පෙනෙනව පින්වත.

    ReplyDelete
    Replies
    1. ඒ්කනෙ, මට මතක තිබුණෙ වෙනියගෙ දෙපැත්තෙ දත් තිබුණෙ නෑ කියල. දැං උගෙ දත් තිස්දෙකම තියෙනවනෙ. කාගෙන් හරි ගලෝ ගත්තුව හයිකරගෙන වෙන්ඩැති ඒහෙනං.

      Delete
  6. තමුන්නාන්සෙට (තමුසෙට) ඔෆිසර චූටි කුකූ උන්නාන්සේ ගැන ඇමතීමට ඉදිරියට බලාපොරොත්තු වෙමි.
    $$^(!@$*!@(!+_$)(+_!$)+ මම කිවුවයි කියල හිතාගනිං. හැක්..

    ReplyDelete
    Replies
    1. 'ගැන' = 'යැයි' ලෙස චෙන්ජ් විය යුතුය.

      Delete
    2. ප්‍රසාගෙ කමෙන්ට් ඒක දාල, ඊට යටිං මගෙ කමෙන්ට් ඒකත් ප්‍රසාම දාල තියෙන්නෙ...

      Delete
    3. මදි තව බැනපිය
      $%(*&%%#@&()765
      $%&*)(&^$#@

      Delete
    4. මෙන්ඩ බණින්නෙ මටද, ප්‍රසාට ද?

      Delete
  7. ගත්තාට සමා වෙන්න "එහෙමයි" හාන්දුවනේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්... හ්ම්... ඒහෙම හොඳා...

      Delete
    2. හාන්දුවනේ...තෝ අහුවේච වෙලාවක වලදනවා

      Delete
    3. මං වඩිනව වැඩිල්ලක් - කාෙහාමද දන්නවද...?

      Delete
  8. පස්වාන්දහසකට පින්කරන හාන්දුරුනේ බයබෝයි ගැත්තාට අවසර..
    අන්තිම ඡේද දෙක තුන කියෝපු ගැත්තා 'හොඳ වැඩේ' කියා හිතූ හිතුම වෙනස් කොරගන්න අවසර..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ්ක නෙමෙයි, අර දෑවැද්දට හම්බුන අලි දෙන්න විකුණන්ඩ දාල තිබ්බ නේද ඉක්මන් ඒකේ. කකුලට බේත් කරන්ඩ සල්ලි හෙම හිඟ අැතිනෙ? අන්තිම කීයද දෙන්නෙ අලි දෙන්නම?

      Delete
    2. එහෙමයි ඔපිසර හාන්දුරුනේ.. එහෙම ගානක් කියන්නෙ කෝමෙයි ඔපිසර හාන්දුරුවන්ට..ඔය ඉන්නෙ.යහපත් වෙලාවක දක්කන් යන්න අපේ අමනාපයක් නෑ ඕං..
      CT100 කුත් තියෙනවා.දැං නං ඒක වත් විකුණන්න හිතිල තමයි ඉන්නෙ ඕන්..

      හෙහ් හෙහ්

      Delete
    3. හා හොඳා හොඳා... ඒහෙනං දෙන්නටම දාහක් දෙන්නං කො. පන්සීයක්ම තියෙන්වනෙ ඒකෙකුට...

      සීටී හන්ඩ්‍රඩ් ඒකනං දාහං අර වත්ත පල්ලෙහ ගල්වළට, මාළු පැටව් බෝ වෙන්ඩ. මට ඔය ඉන්දියන් මගුල් අරහං.

      Delete
    4. ඒ අලි දෙන්න FCID එකෙන් පැන්නුව දෙන්නෙක් ද?

      Delete
    5. ලබ්බ ඔය ගැන මොකුත් කියන ඒකක් නෑ. ඒ් ගැන හරියටම දැනගන්ඩ වෙන්නෙ උඩුවෙ බලපු උන්නාන්සෙගෙං අහල තමා...

      Delete
  9. අළුත් තැනදි උඹව අල්ලං තට්ටෙ ගෑවද මාළු කපන මන්නෙං එක පාරට හාමුදුරුවො උනේ ?

    ReplyDelete
    Replies
    1. මොකද? උඹල හාමුදුරුවො කියන්නෙ අර නෝට් ඒකට කොන්ඩෙ කපපු, පාලි ටිකක් කටෙ ගාගත්තු, කහකඩකාරයින්ට විතරද? අපිට කිව්වම වස් වදිනවද? දත් තිස්දෙක හැලෙයිද?

      Delete
    2. හදුන්නේ තෝ නාලද ඉන්නේ

      Delete
    3. නෑ. පැන් සැනහිලා වැඩඉන්නෙ...

      Delete
  10. ඇයි යකෝ ඔච්චර තනතුරු තානාන්තර දරන එකාට ගෙදර කොම්පියුටරයක් නෑ කියලද කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගෙදර තියෙනව හැලපයියෙ. පොඩ්ඩගෙ රාජකාරි කරන්ඩ ගියාම ගෙදරදි වෙලාවක් නෑ කම්පියුටරේ දාන්ඩ. විවෙකයක් තියෙන්නෙ වැඩට ගියාම විතරයි.

      Delete
    2. කන්තෝරුව කන්තෝරුව මම වැඩකරන
      ඒක තමයි මා හට ඇති විනෝද උයන

      Delete
    3. ඔය සිංදුව ලියල තියෙන්නෙ "සතුටු උයනෙ" වැඩ කරන ඒකෙක්.

      Delete
    4. වළං පිගන් හෝදන්න
      බිරිදගේ කකුල් මසච්ජ් කරන්න
      රෙදි හෝදන්න

      Delete
    5. ඔය රජකාරි ලැයිස්තුවෙං සියේට ඒකක් විතරයි...

      Delete
  11. මොකද්ද දුම්රියේ සම්බන්ධය?

    ReplyDelete
    Replies
    1. මේකට කොටුව ඉට්ටේසමේ පෝටර් කොමක් හම්බ වෙලා. මූ හිතාගෙන ඉන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරි කොම හම්බවුනා කියලා.

      Delete
    2. අඟා,
      උඹත් උඩ පැනගෙන අාව නේද කොච්චියක් ගැන කියවන්ඩ? ටේ‍ර්නිං කියන්නෙ සිංහලෙන් දුම්රියකරණය නෙ. ඔයවගේ තව වචනයක් තමයි, "බහුමාධ්‍ය ව්‍යාපෘතිකරණය"

      විචා,
      පෝටර් කම හම්බුනානං මං හිතාගන්නෙ සාමාන්‍යාධිකාරී වගේ සාමාන්‍ය කෙනෙක් කියල නෙමෙයි. හැරී පොටර් කියල හිතාගන්නෙ.

      Delete
    3. සම හරක් පොටර්ලා හිතං ඉන්නෙත් උන් සාමාන්‍යාධිකාරී කියල තමා.. :D

      Delete
    4. සම හරක් පෝටර්ල කාකි අැඳුමෙ බලේ පෙන්නන්ඩත් ඒනවනෙ.

      Delete
  12. ඉස්සරවෙලාම කියපං, ඔතන ඉන්න එවුන්ගෙන් කී දෙනෙකුට තේරෙනවද, කොම්පීතරේක සුවිච්චිය දාගන්ඩ? දෙවනුව, ඔතන ඉන්න එවුන්ගෙන් කී දෙනෙකුට තේරෙනවද, බොග දානවා කියන එක. තොගේ බොග විතරක් ප්‍රමෝට් කරගත්තා නේද?

    ඉතිං ඔතන ඉන්න ලොක්කට කිව්වේ නැද්ද, තෝ ලේ බොන්නෙක් කියලා. අඩු ගානේ, ඔතන ඉන්න ගෑණු දෙතුන් දෙනෙකුගේවත් ලේ බීලා පෙන්නපිය. එතකොට උන් බයවෙයි.

    නෙද්දකින් විතරක් ප්‍රසිද්ධියේ කුණුහරප ලියලා තියන හැටි. //සූධීහුකමන්ඩ ය//

    මේ අනික //වලව්වෙඋන්නාන්සෙ xකයිද//

    ලියුං වල ද හරස් සඳහන් කරනවාය. ඒ කියන්නේ කඳන් ඉරනවා වගේ වැඩක්ද? තෝ ඉන්නේ මාලිගාවත්ත ලී මෝලේද?

    ඊයේ හවස 3.00 ට විතර වැලිකඩ හිරගෙදර පහුකරගෙන යන ගමන්, තොපේ අර කලුපාට දොරටුවේ ඉන්න පොලිස්කාරයාට රවාගෙන ආවා මම.

    ReplyDelete
    Replies
    1. ඒතන උන්න අසූ අටක්. දහ දෙනෙක්වත් මගෙං හොඳ බ්ලෙග් මෙනවද කියල අැහුව. මං රෙකමන්ඩ් කළේ ඔය ලපයි සිපයි ගැන නං නෙමෙයි තමා. පහුගිය නෙලුං යායෙ හොඳම බ්ලොග් පහ.

      මං ලේ බොන්ඩ හිතනකොටත් උං ඒතන ලේ දන්දීමක් ලෑත්ති කොරල. ඉතිං මොකේදැයි දං වළඳන්නෙ?

      අතන සුධී කිව්වෙ සුධීකට. උන්දැ කමයි...

      අර "වළව්වෙ කවුද? ... " කියපු තැන "...උන්නාන්සෙ වළඳයිද?" කියල වෙනස් කරගන්ඩ ලා කරුණාකරලා...

      හරස් සඳහනට සිංහලෙං කියන්නෙ කේ‍රාස් රෙෆරන්ස් කියල...

      අර කලුපාට ගේට්ටුවෙ ඉන්නෙ පොලිස්කාරයො කියල මාත් හිතාගෙන උන්නෙ. මං ප්‍රෙස් ඒකට කලිං වැඩකළේ රාජ්‍ය සේවා කොමිසමේ. ඉතිං ඒ් කාලෙ වැඩ කරන ගැන ගැන කිව්වම පොලිස් කාරයො අපිට රජ්ජුරුවන්ට වගෙ සළකනව. දවසක් මං ප්‍රෙස් ඒකට අැවිත් ගේට්ටුවෙ ඉන්න උන්ට කිව්ව "පීඒස්සී ඒකෙං අාවෙ" කියල. කොහෙ? උං තඹේකට මායිං කළේ නෑ. පස්සෙ ප්‍රෙස් ඒකට මාරු උනාටත් පස්සෙයි දන්නෙ, ඒ් නිකං ම නිකං දෙපාර්තමෙන්තු සිකුරුට්ටො කියල. උංගෙ යුනිෙෆා්ම් ඒක පොලිස් අැඳුමට සෑහෙන්න සමානයි. බොත්තං පවා ඒක වගෙයි. උන්ට නං රැව්ව ඒකමයි කාරිය.

      Delete
    2. //අඩු ගානේ, ඔතන ඉන්න ගෑණු දෙතුන් දෙනෙකුගේවත් ලේ බීලා පෙන්නපිය//:D

      Delete
    3. //අඩු ගානේ, ඔතන ඉන්න ගෑණු දෙතුන් දෙනෙකුගේවත් ලේ බීලා පෙන්නපිය//:D

      හරියට මාසේ දිනේ අල්ලලා බීපන්

      Delete
    4. අා රසික මල්ලී... කෝමද?

      සැක් ඉතරක් බොල මෙන්ඩො...

      Delete
  13. Replies
    1. ගොඩක් ස්තූතියි ඉයන්...

      Delete
  14. Replies
    1. ගොඩක් ස්තූතියි (වරක් දෙක) අජිත් ධර්ම...

      Delete
  15. //වලව්වෙ කවුද, උන්නාන්සෙ කයිද?// හාන්දුරුවනේ.. අර බොග් එක ලියන්නේ නිශාන්ත කමලදාස මහත්තැන්.. කමලසිරි නෙවෙයි හාන්දුවනේ.. නම නොකියපු සුමිත් ගේ අගට ඕන්නං කන්නසිරිය කියල දාගන්න අවසරයි හාන්දුවනේ.. අනිත් එක *&^% නැතුව මින් මත ලින්ක් දානකොට open in new tab කියන box එක check කරලා දානවා හොඳයි හාන්දුවනේ..
    තරහා අවසර..

    ReplyDelete
    Replies
    1. හා හා හොඳා හොඳා ඒහෙනං...

      ඔන්න වැරදි ටික හැදුවා. අර, "කන්නරුසිය" කිව්වෙ, බඩජාරියෙක්ද?

      ඒ්ක නෙමෙයි. මොකද්ද අැක්සිඩන්ට් ඒකක් හැප්පිල තිබ්බෙ? දැං හොඳද? අතපය ඩැමේජ් ද?

      Delete
  16. හෆොයි බ්ලඩ් ට්‍රාන්ස්ෆර් එකේදි අවුලක් වෙලා. වැඩවසම් බ්ලඩ් එකක් මික්ස් වෙලා දුකේ බෑ අනේ.කොහොම හිටිය මනුස්පයෙක්ද මේ..

    ReplyDelete
    Replies
    1. හයියූ... අඬපං යෝදියේ... හෆූ... මට නං දැං ඉදල වැඩක් නැතෝ... (කොස්සත් වැඩක් නැතෝ...)!

      Delete
  17. ජය සතුට පතමි !!!.හැකි විගස පෝස්ටුවක් කොටන්න. 😊

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි බාගි... ළඟදිම ඒකක් දාන්නං.

      Delete
  18. ඔ.හා. සුභ පැතුම්...

    ReplyDelete
  19. ඒළ වෙනසකට මුල පුරලා වගේ.

    ReplyDelete
    Replies
    1. වෙනස සැපයි නේ?

      Delete
    2. ගස්ලබ්බගෙං ගල් කැට කතාව අහගං... :-)

      Delete
  20. ඩ්‍රැකී හාන්දුරුවනේ.. සුබ පැතුම් ඈ...මේ පැත්තෙ ආයෙ ආ එකනං හොඳයි. හොඳ බ්ලොග් මොනවද කියල ඇහුව කියන්නෙ බ්ලොග් ගැන දන්නව කියන එකනෙ, ඒක එල. අපි කිව්වම අහන්නෙ, මොකක්ද බං බ්ලොග් කියන්නෙ කියල. හැක්... ලපයි සිපයි වුණාට කමක්නෑ ඉතිං, ඔයාලවත් කියවන්නකො අපේ ඒව. හික් හික්

    ReplyDelete
    Replies
    1. සුබපැතුමට ගොඩක් ස්තූතියි.

      අර ලපයි සිපයි කතාව මං කිව්වෙ විචාරකට විහිළුවක් විදිහට. බ්ලොග් අවකාශයෙ ප්‍රවීණ - අාධුනික කියල බෙදීමක් නෑ. අද මුල්ම පෝස්ටුව දාන කෙනෙක්ට උනත්, පරණ කෙනෙකුට වඩා සිය දහස් ගුණයකිං පොහොසත් ලිපියක් ලියන්න පුළුවන් වුනොත්, ඒයාට ඒ් ගෞරවය ලැබෙනව. අැත්තටම මං කීපදෙනෙක්ට ඔයාගෙ සයිට් ඒක, ගිම්මිගෙ කොලම වගේ සයිට් කීපයක් රෙකමන්ඩ් කළා. හැබැයි මට ඔයාගෙ සයිට් ඒකේ අැඩ්‍රස් ඒක මතක තිබුණෙ නෑ.

      අනික තමා, කමෙන්ට් කරන පිරිසට වඩා වැඩි පිරිසත් බ්ලොග් කියවනව කියලත් දැනගන්න ලැබුණ.

      Delete
  21. ඔපිසර හාමුදුරුවෝ.....මේ බයිලා ගහලා ගජබින්න හෙම අමතක කරනවා නෙමෙයි ඔන්න...

    ReplyDelete
    Replies
    1. ඒ් මොකද්ද ගජබින්න කියන්නෙ? මට මතක නෑනෙ... මං මේ ළඟදි නවලෝක හංදිය පැත්තෙං ගියා.

      Delete
  22. http://www.topsinhalamp3.com/songs/roshan-de-silva-mp3-songs/ochchara-balagathu-(ellila-marunane-podi-nono)-mp3-song.php

    ReplyDelete
    Replies
    1. හතර විලි ලැජ්ජයි සන්තෝසයි...

      Delete
  23. කාලෙකට පස්සෙ බොලොක් පොස්ටුවක් කියෙව්වා(තිතක්)

    ReplyDelete
    Replies
    1. හැබෑට... කොහෙද මකබෑවෙලා උන්නෙ? මෙහෙ කොන දිඩි ගාල හෙව්ව...!

      Delete
  24. හොඳයි හොඳයි,
    ආයෙත් එහෙනම් ලියන්න පටන් ගනිමු.
    ඩ්‍රැකීගේ ලිපි නැතිවීම අඩුවක් වෙලා තිබුනේ

    ගං වතුර අත්දැකීම් ගැනත් ලියන්න

    ReplyDelete
    Replies
    1. ලිවීම නවත්තන්න අමාරුයි නයනෙ.

      ගංවතුර ගැනත් ලියන්න නං සෑහෙන දෙවල් තියෙනව. ඒ්කත් හොඳ අදහසක් තමා.

      අැයි අර සත්ත්ව - රූපකාය ගැන ලිපිය තමංගෙ බ්ලොග් ඒකේ දැම්මෙ නැත්තෙ? නිකං කුතුහලෙට අැහුවෙ.

      Delete
    2. ඔය ප්‍රශ්ණේම තව අය මගෙන් ඇහුවා.
      මම බ්ලොග් කියන දෙය හඳුනා ගත්තේ කතා 32න්
      බ්ලොග් ලිපි ලියන්න පටන් ගත්තෙත් එතැනින්.
      අදටත් මට පූර්ණ අවසරය තියෙනවා කථා 32කේ ලිපි ලියන්න.
      ඒවායේදි මගේ අදහස් වලට කණිෂ්කගෙන් කිසිම වාරනයක් නැහැ. ඒ ගැන මම ඔහුට ගරු කරනවා.
      ඉතින් මට ලිවිය හැකි වැඩි දෙනෙකුගේ අවධානයට ලක් වන තැනදී වඩා වැදගත් මාතෘකාවක් සාකච්චා කිරීම උචිතයි කියලා හිතුනා.

      Delete
    3. ඇත්ත නයනෙ, මාත් ගොඩක්ම අගය කරනව කණිශ්කගෙ මැදහත් ප්‍රතිපත්තිය.

      අර අදහස හොඳයි. නමුත්, තමන්ගෙ බ්ලොග් එකත් වැඩිදෙනාගෙ අවධානයට ලක්වන තැනක් කරගන්න උත්සාහ කරන එකත් හොඳ දෙයක්. ඒකට ගොඩක්ම බලපානව ඔය වගේ වැදගත් ලිපි පල කිරීම. ඒ වගේම අනික් අයගෙන් ලැබෙන ප්‍රසිද්ධිය. මං දැක්ක දෙතිස් කතාවෙ පෝස්ටුවක්ම දාල තිබුණ ඔයාගෙ බ්ලොග් එක ගැන. බ්ලොග් එක සින්ඩිකේටර් කීපයකට එකතු කරගන්න. මාතලං ගෙ සින්ඩිය, අටම්පහිය, සංදේශය ආදිය හොඳයි. ඒ අය අත දෙනව.

      Delete
    4. ස්තුතියි ඩ්‍රැකී, ඔබේ සුහද උපදෙස් මම අගය කරනවා
      ඒත් මම තවම ඔය හුඟක් තාක්ශනික කාරනා දන්නේ නැහැ, වෙන එකක් තියා බ්ලොග් කරුවන් භාවිතා කරන බ්ලොග් වලට ආවේනික හුඟක් වචන වල තේරුමවත් මම දන්නේ නැහැ.
      කාලයත් එක්ක හිමිහිට ඉගෙන ගෙන බලමු.
      මගේ බ්ලොගය ගැන කතා 32කේ පලවූ පෝස්ටුව තන්කරම කණිෂ්ක ඔහුගේ අභිමතයට කල දෙයක්.

      Delete
    5. බ්ලොග් සින්ඩිකේටරයක් යනු, බ්ලොග් සිය ගණනක පළවන අලුත් ලිපි වලට සබැඳියක් දක්වන වෙනම වෙබ් පිටුවක්. බොහෝ අය බිලොග් කියවීමට එන්නෙ මේ සින්ඩි හරහා. ඔබේ බ්ලොග් එකත් එවැනි සින්ඩි කීපයකට එකතු කරගන්න. තාක්ෂණික වශයෙන් නියම සින්ඩිකේටර් නොවුනත්, මාතලං ගෙ සින්ඩිය සහ අටම්පහිය එවැනි ප්‍රකට සින්ඩි දෙකක්. මගේ බ්ලොගේ දකුණු පස පහළ තිබෙනවා, මට අතදෙන එවැනි සින්ඩි වලට ලිංක්. ඔබත් අදම ‍ගොහිං ඔබේ බ්ලොගත් එවැනි සින්ඩි කීපයකට එකතු කරගන්න.

      එසේම, අලුත් ලිපියක් පළ කළ විට, එම ලිපියේ පහළින් දකින්නට ලැබෙනවා, වෙනත් තැන් වල ෂෙයා කළ හැකි පහසුකම්. ඒ හරහා ෆේස්බුක්, ගූගල් ප්ලස්, ලිංක්ඩ්ඉන් වගේ තැන් වල ෂෙයා කරන්න පුළුවන්.

      ඔය ආදී නොයෙක් ක්‍රම වලින් තමන්ගෙ බ්ලොග් එක බොහෝ දෙනාගේ අවධානයට පත් කරගන්න පුළුවන්.

      Delete
  25. ඔපිසර හාන්දුරුවො අලුතින් හම්බුවෙච්ච තානාංතරේ සහසුද්දෙංම කිව්වනං.

    ReplyDelete
    Replies
    1. අද්මිනිස්ත්‍රාතිකාර ඔපිසර හෙවත්, පරිපාලන නිලධාරී.

      (මැස්සෙක් ගිය උඩ කිව්වලු)

      Delete
  26. 1 අද පටන් තමුන්නාන්සෙලා මට "ඔපිසර හාමුදුරුවෝ" කියා ඇමතිය යුතුය.
    2 මගේ ආදර බර බාරියාව "ඩ්‍රැකියානි මුදියන්සෙ හාමුරුවෝ" නමින් ඇමතුම් ලබනු ඇත.
    3 අපේ අම්මා "ඩිංගිරි හාමුදුරුවෝ" වෙන අතර,
    4 අපේ ගෙදර බල්ලා ගැන කීමෙදී "චූටි කුකූ උන්නාන්සෙ" කියා කිය යුතුය.

    1)@%^&())*&^%@TIOO
    2) #*((*&^%$#@^&*(($%^^
    3)අම්මේ ඕකා හැදුවට වඩා හොදයි ....
    4) ඩ්රැයි

    මේවා අහන්න අපි ජිවත් උනානේ යකෝ

    ReplyDelete
    Replies
    1. 1)@%^&())*&^%@TIOO
      2) #*((*&^%$#@^&*(($%^^
      3) අම්මත් ඔ්කම කියනව බං. වැඩිය හොඳයිලු කූඩුවක දාල වවුලෙක් හැදුවනං.
      4) ජින් ද?

      මොකද, ජීවත් උනා අැති කියල හිතෙනවද?

      Delete
    2. පාටියක් දීපිය එතකන් සුබ පතන්නේ නැහැ
      බ්‍රෑන්ඩ් ඒක ගල්

      Delete
    3. ඉඳපං ඇරියස් එක හදා ගන්න කල්... බැයිනං හාඩ්වෙයා එකකිං ගනිං ගල් ලෝඩ් එකක්ම...

      Delete
    4. තොපි දෙන්න රණ්ඩු නොවී ගල් ලෝඩ් එක මට දියං... මේ දවස් වල කොරන වැඩේට ගන්න

      Delete
    5. ලබ්බො,
      උඹ බැන්දනෙ බං. දැං මොකටද ගල් ගැන කතා කරන්නෙ. කෙළිම්ම ඇතුල්කෝට්ටෙ පාක් කරන එකනෙ...

      මෙන්ඩො,
      කට ඇරගෙන වරෙං. පස්සෙ කියන්ඩ එපා "පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහ සාගරයක් වූයේ" කියල.

      Delete
  27. /// මෙතන වැඩ කරලා, මගෙ උපරිම දායකත්වය දීලා, මෙතන අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් බවට පත්වුනායිං පස්සෙ මට ඕනෙ කරන දේවල් ඉල්ලන්ඩ ය.////

    Good idea :) :)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි රාජ්‍ය සේවයෙ මගෙ මෙතඩ් එක. තනතුර මොකක් උනත්... මුලදි මැරීගෙන වැඩකරනව. පස්සෙ පස්සෙ හොර කොටන්ඩ පුලුවං

      Delete
  28. එහෙමයි හාංදුරුවනේ

    ReplyDelete
    Replies
    1. අන්න හොඳයි... ආන්න හොඳයි... බොහොම හොඳයි...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි