අභයගිරිය විකාශය සහ ලංකාවේ දර්ශනයට එහි බලපෑම...

www.imagesofceylon.com/ruins

පණ්ඩුකාභය රජු ගේ නගර නිර්මාණ සැළසුම ට අනුව ජෛන තවුසන් ගේ ආරාම නගරය ට උතුරු දෙසින් ඉදිකෙරුණි. ඛල්ලාටනාග රජු පහ කිරීම ට කුමන්ත‍්‍රණය කළ කුමාර වරුන් ති දෙනෙක්, කුමන්ත‍්‍රණය හෙළි වීමෙන් පසු, ගිරි නම් ජෛන පූජකයෙකු ගේ ආරාමයේ වූ දර සෑය ට පැන දිවි නසා ගත් බව ද, එහි පසුව අග්නි ප‍්‍රවේශ චේතියනමින් ස්ථූපයක් ඉදි කෙරුණු බව ද පැවසේ. වළගම්බා රජු මෙම ජෛන ආරාමය බිඳ, ක‍්‍රි. පූ. 89 දී පිරිවෙන් 12 කින් යුත් අභයගිරි විහාරය කරවී ය. රජු ගේ සහ නිඝණ්ඨයා ගේ නම් එක් වීමෙන් මෙම ස්ථානය අභයගිරි නම් වී යැයි මහාවංශයේ වන සඳහන, අභයගිරියට අපහාස මුඛයෙන් කළ සඳහනක් ලෙස සැළකිය හැක. මෙම කාලයේ බොහෝ ආරාම වල නම් අවසන් වන්නේ ගිරියනුවෙනි. වෙස්සගිරි, දක්ෂිණ මේඝගිරි, චේතියගිරි, බෝ උපුල්වන් කසුප් ගිරි යනු ඒ සඳහා උදාහරණ වේ. එහෙයින් අභය රජු කරවූ ආරාමය අභයගිරි වන්නට ඇතැයි යන ටී. ජී. කුළතුංග මහතා දක්වන අදහස වඩා පිළිගතහැකි මතය කි.

උතර, අබය උතර, අබයතුරා, අබාගිරි, අබගිරි මහ වෙහෙර, අබහයිගිරි ආදී වශයෙන් සෙල් ලිපි වල සහ සාහිත්‍යයේ සඳහන් වන්නේ මෙම විහාරාරාම සංකීර්ණය ය. ඇතුල් නුවර ට උතුරින් පිහිටි හෙයින් මෙම ආරාම සංකීර්ණය උත්තර නම් වන්නට ඇත. අභයගිරිය ත්, මහාවිහාරය ත් අතර ගැටුම අභයගිරියේ උත්පත්තියේ සිට ම ඇති වූව කි. මහාවිහාරය ට මෙය ඉතා දරුණු වූයේ මහසෙන් රජ දවස ය. ආරම්භයේ දී ආවාස දොළසකින් යුක්ත වූ අභයගිරිය, වළගම්බා රජුගේ ත්, අනුප‍්‍රාප්තිකයන්ගේ ත් අනුග‍්‍රහය නිසා නොබෝ කලකින් ම ආයතනික හා සාමාජික වශයෙන් ද, විදේශ සම්බන්ධතා සහ ජනප‍්‍රියතාව අතින් ද දියුණු විය. මේ වන විට අභයගිරි විහාරය තුළ සංඝාරාම විසි හතක් විය. තොළුවිල, මිහින්තලය, පූර්වාරාමය, කිරිබත් වෙහෙර, විජයාරාමය, පන්කුළිය අශෝකාරාමය සහ දක්ඛිණ විහාරය ද අභයගිරිය යටතේ පැවති ආයතන විය. ක‍්‍රි. . 412 දී අනුරාධපුරයේ විසූ ෆාහියන් භික්ෂුව එකල අභයගිරියේ භික්ෂූණ් වහන්සේ පන් දහසක් පමණ විසූ බව සඳහන් කර තිබේ. එතුමා ට අනුව මහාවිහාරයේ සිටි භික්ෂූණ් වහන්සේ ගණන තුන් දහස කි. ඇතුල් නුවර දළදා මාළිගයේ සිට අභයගිරිය වෙත ගිය වාර්ෂික පෙරහැරක් ද එතුමා විසින් විස්තර කර තිබේ. දන්ත ධාතුවේ භාරකාරත්වය ද අභයගිරිය සතුව පැවතුණි. දළදා මැදුරේ සිට අභයගිරිය දක්වා ගමන් කළ පෙරහැරෙන් පසු අභයගිරියේ දී තෙ මසක් පුරා දළදා ප‍්‍රදර්ශනය කරවූ බව සඳහන් වේ.

දන්ත ධාතුව සේ ම, දඹදිව බෝධි මණ්ඩ විහාරයේ පැවිදි ව සිටි තෙර නමක් කේෂ ධාතු රැගෙන ආ පසු, එය ද අභයගිරි විහාරය භාරය ට පත් කෙරුණි. එම භික්ෂුව ට පසුව සිලාකාල නමින් රජවීම ට ද මෙය හේතු වන්න ට ඇත. එම රජ දවස කසී රටෙන් පූර්ණ නම් වෙළෙඳා ධර්ම ධාතුව වැඩමවූ බව ද සඳහන් වේ. බුදුන් ගේ ධර්ම කාය වෙනුවෙන් පූජා පැවැත්වීම සහ ධර්ම ධාතු නිධන් කොට චෛත්‍ය තැනවීම ආරම්භ වන්නට ඇත්තේ මෙයින් පසුව ය. ඉදිකටු සෑයේ සහ විජයාරාමයේ මෙසේ නිධන් කරන ලද ධර්ම ග‍්‍රන්ථය ක පිටපත් හමු වී තිබේ. එසේ ම අභයගිරි ස්ථූපය ද කසුප් නම් රජෙක් ධර්ම ධාතු තැන්පත් කර එකසිය විසි රියන් කොට බැඳවූ බව සඳහන් වේ.

මහා විහාර දෙක අතර හය වන සියවසේ පැවති ගැටුමෙන් මහාවිහාරය ට ජය අත් විය. ඉන්පසු රජ පැමිණි රජවරුන් මෙම ආයතන දෙක ම පිළිබඳව මැදහත් ව සිටීම නිසා අට වන සියවසේ සිට දහ වන සියවස දක්වා ප්‍රකට ගැටුමක් ඇති නොවී ය. හත් වන සහ අට වන සියවස් වන විට අභයගිරිය, උත්තර මූල, කපාරා මූල, මහනෙත් පා මූල සහ වහදු මූල නම් වූ පීඨ හතරක් සහිත උසස් අධ්‍යාපන ආයතනයක තත්ත්වය ට පත් ව තිබුණි. නව වන සියවසේ දී අභයගිරිය මඟින් ඉන්දුනීසියාව සහ ජාවා දිවයින් හි බෞද්ධ ධර්මය පැතිරවූ බව ට සාධක ඇත. මෙම රාජ්‍ය වල අභයගිරි නමින් විහාරාරාම තැනවුණු බව, එම රට වල පුරාවිද්‍යාත්මක පර්යේෂණ වල දී හමු වූ අභිලේඛන වලින් හෙළි වී තිබේ. ජාවා රටෙන් හමු වූ එවැනි එක් සෙල් ලිපියක අභයගිරි සිංහල භික්ෂූණ් ගේ ආරාමයයැයි සඳහන් වේ. චීන මූලාශ‍්‍ර වලට අනුව, චීනයේ මෙහෙණි උපසම්පදාව පිහිටුවන ලද්දේ අභයගිරියේ ලංකාරාමයේ සිට වැඩමවූ තිසාරා තෙරණිය ප‍්‍රමුඛ තෙරණි වරුන් විසින් බව කියැවේ. පාළි ව්‍යාකරණ ග‍්‍රන්ථයක් වන කච්ඡායනා වර්ණනාව ලියූ මහ විජිතාවි තෙරුන් බුරුමයේ විජයපුර අසළ පිහිටි අභයගිරි විහාරයේ විසූ තෙර නම කි.

පෙර දවස ලක්දිව පැවති මූලායතන අට කි. උත්තර මූල, ගලතුරු මූල, මහනෙත් පා මූල, වහදු මූල, දකුණු මූල, සෙනෙවිරත් පා මූල, විල්ගම් මූල සහ කපාරා මූල යනු ඒ ආයතන වේ. අනුරාධපුර යුගයේ මෙයින් හතරක ම මධ්‍යස්ථාන පිහිටියේ අභයගිරි විහාරය තුළ ය. මෙයින් පැරණිතම පිරිවෙණ වන්නේ කපාරා මූලය යි. එය දාඨෝපතිස්ස රජු (659 - 667) විසින් ආරම්භ කරවන ලදි. සංඝ නන්දි තෙරුන් විසින් පිහිටුවන ලද සෙල් ලිපියක් අනුව මෙම ආයතනය කුට්ටම් පොකුණ ට උතුරින් පිහිටි පිරිවෙණ බව හඳුනාගෙන තිබේ. (මෙහි ඇති එක් සංස්කෘත සෙල් ලිපියක නිවැරදි දින වකවාණු සහිතව ක‍්‍රි. ව. 995 ජූලි මස 14 දින සිදු වූ චන්ද්‍රග‍්‍රහණයක් පිළිබඳව සඳහන් වේ.)

පස් වන අග්බෝ රජු (718 - 721) මහා නේත‍්‍ර පාදික නම් විහාරය කරවූ බව සඳහන් වේ. බෙල් මහතා පවසන්නේ නියම්ගම් පාය, මයුරපාද, අභයසුන්දරාරාම යන නම් වලින් හැඳින්වෙන්නේ ද මහනෙත්පා මූලය ම බව ය. මානවම්ම රජු (684 - 718) ඇසක් අන්ධ වූ සිය වැඩුමල් සොහොයුරා පැවිදි කොට, උත්තර මූල විහාරය ඉදි කරවා, එහි අධිපති කම පවරා, දළදාවේ භාරකාරත්වය ද එයට පැවරී ය. මේ හේතුවෙන්, උත්තර මූලය අනෙකුත් මූලායතනයන් හට ප‍්‍රධාන විය. දෙ වන මහින්ද (777 - 797) රජු කපාරා මූලයෙහි ද, උත්තර මූලයෙහි ද ආවාස ඉදි කරවී ය. වහදු මූලය ඇරඹුනේ ද මානවම්ම රජු විසිනි.

උසස් තාක්ෂණික ඥාණයකින් කෙරුණු කාර්මික නිර්මාණ රැසක් අභයගිරිය ආශ‍්‍රිතව හමුවී තිබේ. පට්ටලයක ලියවා ඔප දැමූ පළිඟු, කිරිගරුඬ කරඬු, පළිඟු මුද්‍රා සහ කානේලියන්, අඹතේස්ත, අගස්ති ආදී පාෂාණයන් ගෙන් කපා ඔප දමන ලද පබළු, සියුම් කැටයමින්  යුත් රන් ආභරණ, ශක්තිමත්ව තනා දීප්තිමත්ව ඔප දමන ලද මෝස්තර සහිත විවිධ මැටි බඳුන් ආදිය මෙවැනි නිර්මාණ අතර වේ. අඩක් නිම කරන ලද කරඬු සහ පබළු ද හමුවීමෙන් මේවා මෙහිදී ම කරන ලද නිර්මාණයන් බව පැහැදිළි වේ. විවිධ වර්ණ ගන්වන ලද වීදුරු නිර්මාණය ද මෙකල දැන සිටි බව පෙනේ. අභයගිරි භූමියේ කැණීම් වලින් සොයාගන්නා ලද උදුන් සහ කෝව සහිත තාවකාලික සහ ස්ථාවර කම්හල් කිහිපය කි. ගොඩනැගිලි පවුරු අසළින්, පොළොව මතු පිටින් ම වාගේ හමු වන තාවකාලික කම්හල් වලින් පෙනෙන්නේ ගොඩනැගිලි ඉදි කිරීමේ දී එයට අවශ්‍ය වන ඇණ ආදී ලෝහ නිර්මාණ එහිදී ම තනා ගන්නට ඇති බව ය.

රන්කරුවෙකු ට අයත් කම්මලක් ද අභයගිරියේ උත්තර මූලයේ රන් පොකුණ අසළින් හමු වී තිබේ. උදුන් සහ කෝව ට අමතර වල ඒ අසළ ම පිහිටි පොකුණෙන් රන් කහවණු ද, රන් ඵලක පහක් ද සොයාගෙන තිබේ. එසේම හමු වී ඇති ලෝකඩ බුදු පිළිම මෙහිදී ම නිපදවාගන්නට ඇති බව ට සාධක තිබේ. යාපනයේ සේතු කාසි සහ පෘතුගීසි කාසි හැරුණු කොට, ලංකාවේ ප‍්‍රථම කාසිය වන හස් එබූ කහාපණය පටන් ඇතා සහ ස්වස්තිකය, ශ‍්‍රී ලක්ෂ්මි කාසි, ගව සිංහ කාසි ආදී සියළුම දේශීය කාසි වර්ග ද පැරණි දකුණු ඉන්දීය, රෝම, ඉන්දු - රෝම කාසි ද අභයගිරියෙන් හමුවී තිබේ. මෙහි රන් කහවණු නිපදවීම ද සිදු කෙරී ඇති බව ට ස්වර්ණ ඵලක පිණ්ඩ හමුවූ රන්කරුවාගේ කම්හල සහ ක‍්‍රි. . නව වන සියවස ට අයත් කාසි අච්චු මඟින් පැහැදිළි වේ.

අභයගිරි භූමියෙන් හමු ව ඇති සෙල් ලිපි ගණන හැටක ට අධික ය. මේවා ක‍්‍රි. පූ. පළමු වන සියවසේ සිට ක‍්‍රි. . එකොළොස් වන සියවස දක්වා කාලය ට අයත් වන අතර පැරණි සිංහලෙන් සහ සංස්කෘතයෙන් ලියවී තිබේ. මේ අතර වන බ‍්‍රාහ්මී අක්ෂරයෙන් ලියැවුණු දමිළ ගෘහපතීන් ගේ සෙල් ලිපියේ අභයගිරියේ ද්‍රවිඩ භික්ෂූණ් වහන්සේ සහ ද්‍රවිඩ දායකයින්  පිළිබඳව සඳහන් වේ.

අභයගිරි විහාරයෙන් ලියැවුණු ග‍්‍රන්ථ පිළිබඳ විස්තර අපට දැනගත හැක්කේ සෙල්ලිපි, පැරණි පොතපතේ එන සඳහන් සහ විදේශයන් හි ඇති අභයගිරි පුස්තක වල පිටපත් ආශ‍්‍රයෙනි. ඒ අනුව, මහාවංශය ට සමරූපී උත්තර විහාර වංශය, මහාවංශ අට්ඨ කථා වලට ද ගුරු වූ උත්තර විහාර වංශ අට්ඨ කථා, මහා බුද්ධරක්ඛිත හිමි විසින් රචිත පැරණිම ලෝක ඉතිහාසය ලෙස සැළකිය හැකි රාජවංශ පුස්තකය, විසුද්ධි මග්ගය ට ගුරු කොට ගත්තේයැ යි සැළකෙන උපතිස්ස හිමි ගේ කෘතියක් වන විමුක්ති මග්ගය (මෙහි දැනට ඉතිරිව ඇත්තේ සංඝපාල තෙරුන් විසින් කෙරුණු චීන පරිවර්තනයක් පමණි), පාලි ජාතකට්ඨ කථා, සම්පිණ්ඩ මහ නිදානය (තවමත් අමුද්‍රිත මෙය කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙහි ඇති සමහර කථා ජනප‍්‍රවාදය වෙත මුසු වී ඇති අතර, සද්ධර්මාලංකාරයේ ද අඩංගු වේ.), නමස්කාර වර්ණනා (බුත්සරණ සහ පූජාවලිය වැනි භක්තිවාදී ග‍්‍රන්ථය කි.), මැදුම් සඟි අටුවාව, සහස්ස වත්ථුව, චතුස්ශතකය, ආනන්ද හිමියන් ගේ සද්ධම්මෝපායනය ආදී කෘතීන් මෙන් ම, අභයගිරියේ සිට පළමු වන කාශ්‍යප රජු වෙත සීගිරිය ට යවන ලෙස ලියැවුණු, ලංකාවේ ප‍්‍රථම දූත කාව්‍යය විය හැකි ශ‍්‍රමණ දූතය වැනි සාහිත්‍ය ද, උත්තර මූලයේ මුගලන් හිමියන් විසින් ලියැවුණු පාළි මොග්ගල්ලාන ව්‍යාකරණය වැනි ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ ද, අභයගිරියේ කෘතීන් වේ.

චෝළ අධිරාජ්‍යයේ ආක‍්‍රමණයේ දී අනුරාධපුරයේ බොහෝ ආයතන සේම අභයගිරිය ද ව්‍යසනය ට පත් විය. පළමුවන විජයබා රජු රට එක්සත් කළ පසු බොහෝ නායක හිමි වරුන් අගනුවර සමඟම පොළොන්නරුව ට විතැන් වූ අතර කාළිංග මාඝ ගේ ආක‍්‍රමණයේ දී එම විහාරාශ‍්‍රිත අධ්‍යාපන ආයතන වනගත වී විනාශ වී ගියේ ය.

එහෙත් අභයගිරිය මඟින් ඇති කරන ලද අධ්‍යාපනික සම්ප‍්‍රදාය විනාශ නොවී ය. මහා පරාක‍්‍රමබාහු රජ ඇවෑමෙන්, දළදා මාළිගයේ ආරක්ෂාව පිණිස වේෙළෙක්කාර හමුදාව නිළ කරන ලද්දේ එවක රාජගුරු තනතුර දැරූ, උත්තර මූල නායක නායක හිමි වූ මුගලන් තෙරුනි විසිනි. අනුරුද්ධ ශතකය ලියූ අනුරුද්ධ හිමියෝ උත්තර මූල යතිවරයෙකි. කුරුණෑගල සිව්වන පරාක‍්‍රමබාහු (1302 - 1326) රජ දවස විසූ තොටගමුවේ විජයබා පිරිවෙන් පති කායසත්ති හිමියෝ ද, කෝට්ටේ යුගයේ තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියෝ ද උත්තර මූලය ට අයත් වූහ. කෝට්ටේ යුගයේ දී ලියැවුණු කුවේණි අස්න ද උතුරු මූල තෙර නමකගේ කෘතිය කි. දඹදෙණි යුගය ට අයත් පූජාවලියේ කතුවර බුද්ධපුත‍්‍ර හිමි මහනෙත් පා මූල භික්ෂූණ් වහන්සේ නම කි. සිව්වන පරාක‍්‍රමබාහු රජු, පසුව මහනෙත් පා මූලයේ මධයස්ථානයක් බවට පත් වූ වීදාගම ඝණානන්ද පිරිවෙණ කරවා, සොළී රටෙන් මෙරට පැමිණි ශ‍්‍රී රාජගුරු හිමියන් ට පූජා කළේ ය. කෝට්ටේ යුගයේ දී එහි අධිපති වූ රන්මත්ගොඩ හිමියන් ද, උන්වහන්සේ ගේ අනුප‍්‍රාප්තික වීදාගම මෛත‍්‍රය හිමියන් ද මෙම මූලායතනයේ සුප‍්‍රකට පඬිවරු වෙති.

පිරිත් දේශනා වල බලයක් ඇතැයි වන විශ්වාසය, විහාරාරාම තෙර නමක ට පෞද්ගලිකව පිදීම හා ඒ ඇසුරින් බිහි වූ භික්ෂු පරම්පරානුගතව විහාර අයිතිය පවත්වා ගැනීම, අතීත බුදුවරුන් ඇදහීම, සර්වඥ ධාතු පවතින තුරු බුදුන් වහන්සේ වැඩ සිටින බව විශ්වාස කිරීම, බෝධිසත්ත්ව සංකල්පය, ඒ හා සම්බන්ධ වන ජාතක කථා සාහිත්‍යය හා පිළිම අභිෂේකය, රජවරුන් බෝසත් වරුන් බවට පත්වීමේ සංකල්පය, බුදුන් මහා පුරුෂ ලක්ෂණ සහිත අසමසම පුද්ගලයෙකැයි යන අදහස, ධර්ම ධාතු හා ධර්ම ග‍්‍රන්ථ වන්දනය සහ භක්තිවාදී ග‍්‍රන්ථ රචනය අභයගිරියෙන් බිහි වූ මහායානික ආභාසයේ ප‍්‍රතිඵලයන් ලෙස දැකිය හැක. බුදුන් ලක්දිව වැඩමවූ බව මුල් වරට සඳහන් වන්නේ ද මහායානික සූත‍්‍රයක් වන ලංකාවතාර සූත‍්‍රයේ ය. පැරණි ත‍්‍රිපිටකයේ නොවූ, පිරිත් සූත‍්‍ර එක් කොට සතර බණවර හෙවත් පිරුවාණා පොත් වහන්සේ සංග‍්‍රහ කෙරුණේ මහායාන ආභාසයෙනි. බුදුන් ගේ දර්ශනය ඇතුළත් කොට ආනන්ද හිමියන් විසින් රැුස් කෙරුණු සූත‍්‍ර, සජ්ජායනයෙන් අහිතකර බලවේග දුරු වෙතැයි ද, ශාන්තිය සැළසේයැ යි ද යන පසුකාලීන සංකල්පයේ ආරම්භය මෙහි මුල යි.  තෝනිගල සෙල්ලිපියේ ද සඳහන් වන අරියවංශ වෘත්තිය ද මෙහි ප‍්‍රතිඵලය කි. ලක්දිව ප‍්‍රථම පිරිත් උත්සවය පැවතුණේ උපතිස්ස (366 - 410) රජ දවස ය.

මූලාශ‍්‍ර

මහාචාර්ය කුලතුංග , ටී. ජී. - අභයගිරි විහාරය
සුමංගල හිමි, පිටිපන - අභයගිරි සංස්කෘතිය
Geiger, Wilhelm - Concise Mahavamsa
Mittons, G. E. - Lost Cities of Ceylon  - 1917
Ricalton, James - The City of the Sacred Bo-Tree. (Anuradhapura.) - 1891

ප/ලි

මෙයට එකතු කරන කමෙන්ට් අදහස් වලට, අද දින පිළිතුරු දීමට මා අපොහොසත් වුවහොත්, නැවත පිළිතුරු දීමට හැකිවන්නේ සඳදා දින බව කරුණාවෙන් සළකන්න...

ගජබින්නාලංකාරය 15 වන කොටස...

මෙතෙක් ලියා ඇති ගජබින්න වලට පටුනක් මුලින්ම...

1. බාප්පගෙ මිරිස් වගාව
2. ඉඩෝරෙට වෙලේ ළිඳක්
3. අලිමාලය
4. සුවාරිස් මුත්තගෙ දඩයම්
5. ඉර හඳ පල්ලා බොරු නෙමේ
6. අන්දිරිස් කිත්තගෙ මුහුදු වික්‍රම
7. වට්ටක්කා සහ පතෝල
8. ලබ්බෙ කානිවල් එක
9. කන්තලේ මහ වන මැද
10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා
11 බාප්පයි පුතයි
12. විලියොං ආතගෙ කාලෙ ගජබින්නයක්
13. ඩොක්ටර් වන් ෂොට් සහ ඉලෙක්ට්‍රොනික්ස්
14. බාප්පගෙ හේනෙ විත්ති

කාලෙකට පස්සෙ ලියන්න යන්නෙ, යාත්‍රාමුල්ලේ අන්දිරිස් කියන අපේ කිත්තට සිදු වෙච්ච සිද්ධියක්. මගේ වැල ගිය මුල ගිය තැං ගැන කලිම්ම සඳහන් කළත්, ඒ හත්මුතු (මගෙ දැනීමෙ සීමාවෙ හැටියට පස්මුතු) පරම්පරාව මං දන්න විදිහට ආපහු සඳහන් කිරීම කියවන්නගෙ පහසුවට හොඳයි කියා හිතේ. මේ විදිහයි මගෙ පරම්පරාව...

මම - යාත්‍රාමුල්ලගේ ප්‍රභාත් විජේවර්ධන (හෙවත් කවුරුත් දන්න විදිහට ඩ්‍රැකී)
තාත්තා - යාත්‍රාමුල්ලගේ සේපාල
ආතා - යාත්‍රාමුල්ලගේ විලියොං සිඤ්ඤො
මුත්තා - යාත්‍රාමුල්ලගේ සුවාරිස් අප්පු හෙවත් සුවාතා හෙවත් සුවාරිස් වඩුරාළ
කිත්තා - යාත්‍රාමුල්ලේ අන්දිරිස් අප්පු හෙවත් අනද වඩුරාළ

මේ කියන අනද වඩුරාළ අපේ ගමට ඇවිත් තියෙන්නෙ දකුණෙ යාත්‍රාමුල්ල කියන ගමෙං. එහෙමයි අපේ වාසගම හැදිල තියෙන්නෙ.

ඕං ඉතිං අපේ ගමට ඇවිත් පැළපදියං වෙච්ච අපේ අන්දිරිස් කිත්තා, පදිංචි උනේ ගොරකගහවත්ත කියන ඉඩමෙ. ඒ ගැන විස්තර පස්සෙ දවසක කියන්න බලාපොරොත්තු වෙනවා. (තවම ඒක ගොතා ගන්න බැරි වුනා) මේ ඉඩමෙ පහළ මායිම ඒ කාලෙ මහ විසාල ගඟකි.

ඕං අන්දිරිස් කිත්තා දවසක්දා බිලී බාන්න ගියා ඔය ගඟට.

https://s-media-cache-ak0.pinimg.com/236x/
46/e0/25/46e0256a10af45814144fba79aab9040.jpg

උන්දැ බිලී පිත්තට ගත්තෙ සාමාන්‍ය කිතුල් පිත්තක්. හැබැයි යොතට ගත්තෙ අලි කෙඳි වලිං අඹරපු ඔරිජිනල් යොතක්. මොකද, පහළ ග‍‍ඟේ උන්න මාලුවන්ගෙ සයිස් එකත් අලින්ටම දෙවෙනි නොවුන හංදා. (අපේ කිත්ත මාළුබාන්න පාවිච්චි කරපු නූල ම වැඩිදියුණු කරල තමා කිත්තං නූල් හදල තියෙන්නෙ. නමෙන්ම තේරෙනවනෙ කොපිරයිට් යන්න ඕනෙ කාටද කියල?) ටික වෙලාවකිම්ම, ඔන්න මාළුවෙක් ඇවිත් ගැහුව ඇමට. අන්දිරිස් කිත්තත් ටිකක් දුර මාලුවට ඇම ඇදං යන්න දීලා, ආපිට අදින්න ගත්තා.

කිත්තා දිනවා අදිනවා අදිනවා... කොහෙ? මාලුව එන්නෙම නෑ. ඌ තව තවත් ගැඹුරට ඇදගෙන යනව යොත.

බැරිම තැන අන්දිරිස් කිත්ත ඉඳගෙන උන්න තැනිං නැගිට්ට. කකුල් දෙකට බරදීල හිටගෙන, දෑතිම්ම බිලීපිත්ත අල්ලගෙන, මෙන්න මෙහෙම (යකඩො, ඇදපු හැටි පෙන්නන්න ගිහිං තව ඩිංගෙං කීබෝඩ් එක කැලේ...) ගස්සල ඇද්ද. ඇදපු පාර මාලුව යොතත් එක්කම කිත්තගෙ ඔළුවට උඩිං විසික් වෙලා ගියා. අන්දිරිස් කිත්ත හැරිල බලනකොට, ගං ඉවුරෙ සරුවට වැවිල තිබ්බ කොස් ගහේ මුදුන් අත්තෙ පළගත්ත කොස් ගෙඩියෙ යොත දහඅට පොටක් පැටළිලා, ඒකෙ අගිස්සෙ ගැස්සි ගැස්සි ඉන්නව තඩී.... ලූලෙක්... හරියටම විල්බැරෝවකිං එකයි ලූලා. (ඒ කියන්නෙ කොස්ගෙඩියෙං බාගෙයක් විතර)

https://s3.amazonaws.com/lowres.cartoonstock.com/
hobbies-leisure-hell-the_afterlife-devil-hades-lie-
jkn0364_low.jpg
ඉතිං මොකදැයි කරන්නෙ? ඒ ගමන අන්දිරිස් කිත්ත තේරුංගත්ත ඒ තරං සැරේට අදින්න හොඳ නැති බව. උන්දැ බිලීපිත්තත් අරං හිමීට ගහ යටට ගිහිං හිමිං සැරේ අදින්න ගත්ත යොත. කප විටක් ගස්ස ගස්ස අදිද්දි, කොස් ගෙඩිය මාලුවත් එක්කම පතබෑවුනා ගහ මුලට. ඉතිං කිත්ත "හොඳා අද කෑහැකි කොසුයි ලූල් මාලුයි" කියල හිතාගෙන ගහ යටට යද්දි, මෙන්න බොලේ අර තඩි කොස් ගෙඩිය පැනල දුවනව කැලේ කඩාගෙන.

මොකද ‍වෙලා තියෙන්නෙ?  කොස් ගහ යට නිදාගෙන හිටිය තඩි ඉත්තෑවෙක්ගෙ පිටට තමා කොස් ගෙඩිය වැටිල තියෙන්නෙ. උගෙ පිටේ කූරු වලට ඇමිණිච්ච කොස්ගෙඩියයි, ඒකෙ පැටළිච්ච ලූලයි අරං පැයට හැතැම්ම සීයක විතර වේගෙං දුවල ගිහිං ඉත්තෑව...

අන්දිරිස් කිත්ත එතනම ඉඳං එයාගෙ බාල පුතා වෙච්ච, ඒ කාලෙ යන්තම් කරදඬු උස්වෙච්ච වයසෙ හිටිය, අපේ සුවාතට අඬගැහුවා. උන්දැ පොඩිකාලෙ ඉඳම්ම ‍සූර දඩයක්කාරයා. සුවාත ඇසිල්ලකිං හොයාගත්ත ඉත්තෑවගෙ අඩිපාර. "කඩියො යමං"කියල උන්දැගෙ විස්වාසවන්ත බල්ලවත් ඉස්සර කරගත්ත සුවාත, ටී පනස් හයත් අරං වෙඩි කොටන තුවක්කුවත් අරං සීරුවෙං ගියා ඉත්තෑව ගිය පාරෙ.

ඉත්තෑව අල්ලගෙන සුවාත කැළෙං එළියට එන්න කාලාන්තරයක් ගතවුනා කියලයි ගමේ උදවියගෙ ජනප්‍රවාදයෙ තියෙන්නෙ. ඉත්තෑව කොච්චර බයවෙලාද කියනවනං, බස්නාහිර පළාතෙනුත් එළියට දුවල. අන්තිමේ සුවාත ඌව අල්ලගෙන තියෙන්නෙ මන්නාරමටත් කිට්ටටු හරියකදි. ඒ වෙනකොට ඉත්තෑවගෙ පිටේ තිබ්බ කොසේ ඉදිල, ඒකෙ පැටළිච්ච ලූල කරෝල වෙලා.

ඉත්තෑ මසුයි, වරකයි, ලූල් කරෝලයි ඔක්කොම කද බැඳගෙන සුවාත ගෙදර එද්දි, උන්දැගෙ දැළි රැවුලත් වැවිල, පෙළවාසියකුත් කරගෙනලු....

වෙච්ච සංගෙදිය හිංදා අනද වඩුරාළ කරපු වැඩේ, ගොරකගහවත්තෙ නානළිං දෙකක් කපලා, ඒ පස් ටික ගඟට දාල, ගඟ ගොඩ කරලා, කුඹුරු යායක් කළා. අදටත් අපේ ගම වෙන, කටුවාලමුල්ලෙ ඉඳං කොස්සින්න හරහා පැතිරිලා ගිය (දැන්නං පුරං වෙලා තියෙන්නෙ) කුඹුරු යාය තමා ඒ...

ඔය කුඹුරු යාය ගැනත් මං මගේ මුල් කියන පෝස්ටුවෙ පොඩි සඳහනක් කළා. අපේ අම්මගෙ තාත්තා, අපේ තාත්තගෙ ගෙවල් දොරවල් බලන්න ආපු වෙලාවෙ, අපේ බාප්පා උන්දැට ඔය කුඹුරු යාය පෙන්නලා,

"අර ලියදි - එකක් නෑ සේපාලගෙ" කිව්වලු.
(ඊට පස්සෙ වෙලෙං එගොඩ වෙලා හොරපොළකටත් ගිහිං හොඳට බොන්නත් අරං දුන්නලු...)

අපේ විලියොං අාතගෙ බීමට පිංසිද්ධ වෙන්න, අපට එක කුඹුරු ලියද්දක්වත් අයිති නෑ. ඉතිං බාප්ප කියල තියෙන්නෙ ඇත්ත.ඒක අපේ සීය හරියටම තේරුං ගත්තයි කියලත්, සීය ආපහු ගෙදර ගිහිං අපේ අම්මට කියල තියෙනව...

හමුවෙමු තවත් හරවත් ගජබින්නයක් සමඟින්. එතෙක්...

ගජබින්නාලංකාරය සමඟින් ඩ්‍රැකියා ඔබ සමඟයි සැමදා...

ඩ්‍රැකියාවලෝකනය

http://www.best-horror-movies.com/images/barnabas-collins-in-a-coffin.jpg
දිග හුස්මක් හෙළා පටන් ගමි...

සිංහයෙකු ගමනක් යන විට, තරමක් දුර පසු කර ගොස්, ආපසු හැරී තමන් ආ මග නිරීක්ෂණය කරතැයි සංස්කෘත සාහිත්‍යය‍ේ එන අදහසක් වේ. ඊට සිංහාවලෝකනය යැයි කියනු ලැබේ.

ඩ්‍රැකියා තමන් ආ මග දෙස ආපසු හැරී බලන්නට පටන් ගත්තේ දැනට දින හතරකට පමණ පෙර ය. එයින් අදහස් වන්නේ මෙම බ්ලොග් අඩවියේ පළ වූ ලිපි ගණනේ ප්‍රමාණය නොවේ. කමෙන්ටු නැවත කියවීමේ ඇති ආස්වාදය නිසා ත්, රාජකාරි අතරතුර මෙය සිදු කළ නිසාත් එපමණ දවසක් ගතවූ බවය.

2012 නොවැම්බර් මාසෙ 30 වැනිදා මා මෙය පටන් ගත්තේ විවිධාකාරයේ විෂයයන් ගැන කතා කිරීමටය.

මුලින්ම මාගේ වැල ගිය මුලගිය තැන් ගැන සඳහන් කොට, ඉන් පසුව ආරම්භ කළේ හිට් එකක් බවට පත් වූ බව පෙනෙන ගජබින්නාලංකාරය ය. පුරා විද්‍යාව, ඉතිහාසය සහ දර්ශන ගැන මා තුළ වූ කුතුහලය නිසා ලියන ලද ලියවිලි ද කලින් කල මෙහි පළවිය. මීට අවුරුදු පහළොවකට පමණ පෙර ලියන ලද රොමෑන්ටික් රහස් පරීක්ෂක සහ වැම්පයර් කතාවක් ද කොටස් දාහතරකින් යුක්තව පළ කරන ලදි.

එසේ ගොඩනැගුනු මේ බ්ලොග් අඩවියේ විශේෂ සන්ධිස්ථානයක් අද දින සටහන් වේ. ඒ ගැන සඳහන් කිරීමට පෙර, මා බ්ලොග් ලෝකයට ආ හැටි පිළිබඳව මතක් කිරීමට සිතමි.

මා කියවූ මුල්ම බ්ලොග් ලියැවුනේ පොඩි කුමාරිහාමි, සිරා, අඩවිරජා සහ සෑම් අතිනි. මාගේ මුල් කාලීන බ්ලොග් ලිපි වල ඔවුන්ගෙන් ලද ආභාසය මනාව පිළිබිඹු වනු ඇත.

මා මුල්ම ලිපිය ලියා දින විසිපහකට පසුවය, මා ලද මුල්ම කමෙන්ටුව එහි සටහන් වූයේ. ඒ මාගේ ආදරණීය කාර්යාල සගයෙක් වන, පොඩි පුතා අතිනි.

ඉන් පසු මා සොයාගෙන අවුත් උපදෙස් දෙමින් මා දිරිමත් කළවුන් වූයේ,

නවදැලිහේනෙ තිලිණ ද සිල්වා,
ආගිය කතා ලියන හසිත ගුණසිංහ,
හදගී පොත ලියන තිස්ස දොඩංගොඩ,
හෙන්රි බ්ලොග්වෝකර්,
සරත් ලංකාප්‍රිය,
වරක් දෙකක් ආ මාරයා,
දයල්බතී,
අයිලාස් ඒ,
අටං,
කළු පූමා,
සෑමා,
නලිනි චන්දිමා,
සයිලන්ට් සහන්,
(තමන් ලියු දේ විවේචනය වන විට, ඊට තදින් පිළිතුරු දී, බ්ලොග් ලිවීම නවත්වා ඇත. සිරාවට ඉතා ඕනෑකමින් බ්ලොග් කරණයේ යෙදුනෙකි. මොන විදියට හැසිරුණත් තමන් යහපත් මිනිහෙක් බව තම ලිවීමෙන් පෙන්වූවෙක් ද වේ)
ධාරා,
චාමි ගුරුගේ,
මාතලං, සහ
මාමා

මාතලං ගේ බ්ලොග් අඩවියේ මා සටහන් කළ කමේන්ට් එකක් අනුව මා සොයා ආ මාතලං, මා ඔහුගේ සින්ඩියට එක් කරගෙන, මගේ ඉල්ලීමකින්ද තොරව හොඳ ප්‍රසිද්ධියක් ලබා දුන්නා පමණක් නොව, මුල් අවස්ථාවලදී වැදගත් උපදෙස් ද නොමසුරුව ලබා දුන්නේය. ඉන් පසු ය, මේ බ්ලොග් අඩවිය සැඩපහරට හසුවූ ඔරුවක් මෙන් අනවරත ගමනක් යාම පටන් ගත්තේ.

ඒ අනුව මේ දක්වා මම පුරාවිද්‍යාත්මක ලිපි, ජනකථා, දේශපාලන අදහස්, පැරණි පත්තර, සඟරා සහ පොත් වලින් උපුටා දැක්වීම්, බුද්ධ දර්ශනය, ජේසු තුමන්ගේ ඉගැන්වීම්, හාස්‍යෝත්පාදක කතා, ආදී වශයෙන් ලියා ඇති පෝස්ට් ගණන 99 කි.

ඉහත දැක්වූවන්ට අමතරව, මේ දක්වා මාගේ බ්ලොග් අඩවියේ තම පියසටහන් තබා ගිය වුන් පහත දැක්වේ....

මහවෙදනා,
කෙන්ජි,
හැලපයියා,
අඩවි(කොට)රජා,
මනෝජ් ප්‍රනාන්දු,
චන්දන,
(හැමෝටම උදව් කරගෙන, අගේ ඇති බ්ලොගක් කරගෙන ගහක් ගලක් වගේ හිටිය මනුස්සයා. මොකක් හරි හේතුවකට, ප්‍රොෆයිල් එකත් මකාගෙන, බ්ලොග් එකත් මකාගෙන අතුරුදන් විය...)
නිකමා,
දූෂකයා,
වෙනිවැල් අයියා,
අයි ටී නිශාන්ත,
ඉවෝන් ලව්පූසා,
මයියා,
සිරා,
ගමන් මගේ මඟියා,
කුරුටු දිලිනි,
සුළඟ,
මඩිස්සලේ නිශාන්,
එක් මානවිකාවක්,
තිසර,
සචින්,
අරුණි ශපීරෝ,
සු දී ක,
දැන් නං එච්චර සමකය වටේ යන් නැති නලීන් දිල්රුක්ෂ,
පර්යේෂකයා,
තහනම් වචන,
හිරු,
හිතුවක්කාරි,
යසිත්(ඩොට්)නෙට්,
මොරබ්බා ද මොරබ්බා,
පැතුම් රයිටර්,
ලියන්න කම්මැළි - ඉඳල ඉඳල ලිව්වම පට්ට සෙන්නා,
සංජීව මෙන්ඩිස් හෙවත් එළ ද බ්‍රා මෙන්ඩා සහෝදරයා,
හයේ හ‍තරෙ දමිත් ගුණවර්ධන,
නිල් මානෙල්,
කතන්දර කාරයා, සහ රසිකලොජිස්ට්, (දෙකාම එකෙක‍ි)
ලොකු ශානා,
අසරණයා,
කෝරළේ මහත්තයා,
උමා(දසුන්),
චමි4යූ,
වැව් ඉස්මත්ත,
රාජ්,
ප්‍රசங்NA,
සිතුම් සයුර,
දිනේශ් උමගුලිය,
DDT,
ළා දම්පාට රෙහානි,
නිර්මලා මධුෂානි,
දිනෙල්ක,
AKM,
My life as a Gaijin!
ශ්‍රීමත් අරූ,
The Modern Patriot,
මැලේ රාළ,
සඳුන් දුලාංජන හෙවත් දුලා,
අඟහරුවා,
නදිනි අබේනායක,
ටිරාජ් අධිකාරී,
බෙන් ටෙනිසන්,
තනි අලියා,
අපූර්වි ඔමායා,
සිතුවිලි දහර,
සමී,
පොඩිකුමාරිහාමි
විචාරක wicharaka
බින්දි,
කළු ජෙමා,
අමුත්තා,
නාඩියා නාඩිරත්න,
ධනා,
desh දේශ්,
පැතුම් හේරත්,
සිහින මදාරා,
හරී,
සමීර සඳරුවන්,
ඉතිහාස ගවේෂක,
ඉන්දික උපශාන්ත,
සහෝදර,
මනෝශ් සඳරුවන්,
විශ්ව රංගනාත්,
ඩී. ඇම්. ජී. බක්සා,
වනිතා හඬ,
මහේෂ් රත්නායක,
ඕනමැන්ටල්,
අ.පේ. ගලපාත,
Sa rasa,
වීර කාන්තා,
ගස් ලබ්බ,
නිමෝ,
ප්‍රදීප් ගුණරත්න,
වීරේ,
කෝකි මකබාස්,
රන් සකු,
චතුරංග ප්‍රියශාද් (ප්‍රියා),
රියර් ඇඩ්මිරල් තැන්පත් සී. ජේ. විදානෙ,
තරිඳු පින්නදූව,
අලිසන්දිරි කොටුව,
සිහින සිත්තම්,
ජීවන ප්‍රනාන්දු,
ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා,
නිපුන ලියනගේ,
පත්තර බාප්පා,
සිංදු ඇනේ (වැරදුනා - ඇනෝ)
බුද්ධීක අනුරාධ,
ත්‍රී කුරුට්ටොස් බෑන්ඩ් එක,
කැන්ඩියන්,
මධු මදාවි,
හෙනහුරා,
සරත් පෙරේරා,
පොල්වත්තෙ ගෙදර මල්කොහා,
බූට් ඇනේ,
මිචිකෝ ඔගාවා,
බංඩා, (පට්ට රහස් පරීක්ෂක කතා ලියන්නෙකි.)
ලොකු ජෝන්,
වාසනාවන්ත මලින්ත ලක්මාල්,
කැමා හෙවත් යක්‍ෂ්‍යන්ත ශ්‍රීනාත්,
කම්මලේ ඩබොල් ආදිපාද,
තරිඳු රමේෂ් කැටිපෙආරච්චි,
වීදි‍ය‍ෙ බණ්ඩාර හෙවත් ලොකු පුතා,
(වීදියෙ බණ්ඩාර කියන්නෙ රස්තියාදු කාරයෙක් කියල ආර් ආර් සමරකොන්ගෙ නාට්‍යයක තිබ්බා)
නිරන්ජන් කරුණාතිලක,
සමරසේකර,
රවි,
වත්සලා, කෝ විජේරත්න?
අජිත් ධර්මකීර්ති,
හර්ෂන,
ප්‍රා ජේ,
දෙවැනි විභීෂණ,
පඩංගුවේ අයිතිකාර සජ්ජා,
සාරි කා විචාරිනී,
උගේ කිචී - ඌට කිචී,
ඊයන්,
මනා ගෙ පින්තාරුව,
ලංකා බ්ලොග් කියවනය,
උග්ගල් අලුත්නුවර එම්. පී. පී. ගුණසිංහ,
කල්‍යාණ මිත්‍ර,
බක්ෂි (යාක්ෂ්),
සිරිස් - බිරිස් - සිරි බිරිස් - සිස් - සිස්...
ඩිලාන් අකලංක,
ට්‍රාන්ස් සිල්වේනියාවේ දොස්තර මහතා,
තනි තරුව,
මල් මල් අඩවිය,
දිල්ශාන්,
නුවර උපේක්ෂා,
මනෝ මන්දිරා,
ආකාස කසුං,
නිදහසේ නවාතැනේ ඉන්නා ඇංගුලිෆෝමසියා
ඉන්දික බණ්ඩාර,
අපනයනකරු,
අවංක ආරියරත්න,
ගැබා,
මලියා,
තුශානි,
වර්ණ කුලකය,
ඉකොනොමැට්ටා,
ඩබ්ලිව්. මනෝජ් නිශ්ශංක ඩයස්,
අම්බලංගොඩ කතා,
මිත්‍ර වර්ණ (සබරෙ ඇනේ),
අනුත්තරා ඉරුගල්බණ්ඩාර,
අශාන් රවිඳු යුගාන්ත,
ටික්කා,
ලෙවියාතන්,
මහේෂ් සමන්ත කුමාර,
වැසි දැරිය,
මධ්‍යස්ථ මතධාරියා, (නොබෝදා තම බ්ලොගය අවසන් කළේ ය.)
භූෂණ කල්හාර,
සුජීවා අබේගුණවර්ධන,
කසුන් ජයනාත්,
රූපේ,
මින්,
සිතුවිලි සි,
බුරාතිනෝ,
ජගත් පතිරණ,
රංගන සහෝදරයා,
සහ නිර්නාමික කිහිපදෙනෙක්,

මේ දක්වා ඇති ඔබ සියලු දෙනා මා සමඟ නොසිටින්නට, මේ බ්ලොග් අඩවිය මළ බ්ලොග් අතරට එකතු වන්නේ උපන්ගෙයිහිදීම ය. ඔබ සියලු දෙනාගෙන් ම මා සුළු හෝ දෙයක් ඉගෙන ගත් අතර, මාගේ දැක්ම නිවැරදි කරගැනීමට ද එය මනා පිටිවහලක් විය.

ඉතින්, තවත් බර හුස්මක් හෙළා මාගේ සියවෙනි පෝස්ටුව අවසන් කරමින් මා අවසන් වරට කියන්නේ,

මා සමඟ රැඳී සිටියාට ඔබට බොහෝ පිං... 
ඔබ වැනි මිතුරන් ඇසුරු කිරීමට ලැබීම මාගේ මහත් වාසනාවක් ලෙස මම සළකමි...

දෙව්දුරු අරණේ මුනිවරයා - ඛලීල් ජිබ්රාන්

‘‘.... කෙත් බිමක් මැදින් ගළා ගිය පැහැදිලි දිය සහිත දිය පාරක ඉවුරෙහි තිබුණු කූඩුවක් මම දුටුවෙමි. ඒ කූඩුවෙහි යකඩ කූරු , නිපුණ අතකින් සාදන...

ගොඩක්ම කියවපු ලිපි