''expr:dir='data:blog.languageDirection' xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr' ඩ්‍රැකීගේ අඩවිය: April 2016

Thursday, April 7, 2016

කවුරු - කාටද? ඩ්‍රැකියාවෙලී විග්‍රහයකි...

දවසක් පිස්සෙක් පිහියක් අමෝරාගෙන තව පිස්සෙක් පස්සෙං එළවන්නට විය. ඒ පිස්සා ද පණ එපා කියා දුවන්නේ ය. පිහිය අතැති පිස්සා‍ එක එක දේ කියමින් කෑගහමින් ළඟ - ළඟම එළවං එයි.

"තෝ කනව යකෝ!"
"ඔහෙ හිටපිය!"
"මරණව තෝ!"
"කනව යකෝ කටු පිටිං!"

ආදී භයානක තර්ජන කරමින් අර පිස්සා මාරාවේශයෙන් ‍වගේ එළවං එද්දී, අනික් පිස්සා බල්ලට මෙන් හති ලමින් දුවන්නේය.

ඌ දුවගෙන දුවගෙන කොහොමින් හරි තාප්ප මුල්ලකට කොටු උනේය. බේරෙන්නට යන්ඩ තැනක් නැත. මිනීමරු පිස්සාට අතේ කෝට් ය.

මිනීමරු පිස්සා උගේ බෙල්ලෙන්ම අල්ලගත්තේය. අනික් අතේ තිබ්බ පිහිය අරූගේ අතේ තියා,

"දැං උඹ මයෙ පස්සෙං පන්නපං" කියා ආපසු හැරී දුවන්නට ගත්තේය.

-------------------------------------------

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මේළඟදී "බැරිනං මට දෙන්ඩ. මං කරල පෙන්නන්නං" යැයි කීවේය. ඒ කීවේ පාර්ලිමේන්තුවේදී නෙවේය. මහජන රැළියකදීය.

එහෙම රාජ්‍ය පාලන බලය කෙනෙක් අතින් තව කෙනෙක් අතට පවරා දීමට ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ නැත. එක්කෝ මහමැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින්, පාර්ලිමේන්තුවේ බහුතරය වෙනස් කරගැනීමෙන්, හමුදාවක් යොදවා රට අල්ලාගැනීමකින් බිහි කරන ඒකාධිපති පාලන ක්‍රමයකින් වගේ ක්‍රමයකින් මිසක් වෙන ක්‍රමයක් නැත.

------------------------------------------

දේශපාලන පළිගැනීම් නතර කරන්නැයි කියා ඒකාබද්ධ විපක්ෂය පොල් ගැසුවෝය. 

ඒ පොල් ගහපු අය අවංකවම දෙවොල් දෙවියන් විශ්වාස කර, තම කන්නලව්ව අසා දෙවොල් දෙවියන් තම තෙද අණසක පතුරුවා ආණ්ඩුව ගෙදර යවනු ඇතැයි අවංකව විශ්වාස කළා යැයි, අපි විශ්වාස කළොත් අපිට වඩා සුදුසු වන්නේ බත් නොවේ ය.

--------------------------------------------

මෙකී නොකී හැම කෙළියම සිද්ධ වෙන්නේ මහජන ප්‍රදර්ශනය සඳහා ය.

ඇත්තටම මහින්දට රාජ්‍ය බලය දිනාගැනීමට උවමනාව තිබුණි. ඒ වෙනුවෙන් ඔහු පහුගිය ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් මහන්සි විය.

එහෙත් දැන් ඔහුට රාජ්‍ය බලය දිනාගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ඕක නොවේ. තවමත් ශක්තිමත් දේශපාලන සංවිධානයක් වන එක්සත් ජනතා නිදහස් සංධානයේ ඔළුගෙඩි සියල්ලක්ම තමන් වෙත නතු කරගෙන, සුළුපක්ෂ ද දිනාගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමය. පහුගිය අයවැයේදී අයවැය පරාජය කිරීමට මහන්සි විය යුතුව තිබුණි. එය රාජ්‍ය බලය ආපහු දිනාගැනීමට තිබූ හොඳම අවස්ථාව ය.

ඒ වෙනුවට ඔහු කරන්නේ ඒකාබද්ධ ත්‍රීවීල් එකක් (කොපි රයිට් - විභීෂණ) දක්කමින්, සිංහල ජාතිකත්වය ප්‍රොමෝට් කරමින්, ආණ්ඩුවට විරුද්ධ ජනබලය ආමන්ත්‍රණය කරමින්, (ඔවුන් හට ආණ්ඩුව පෙරළීමට නායකත්වය නොදෙමින්) කොටිම්ම පහුගිය මහින්ද පාලන සමයේදී (ජනවාරි අටේ සිද්ධියේදී නොවේ) චම්පිකලා විමල්ලා නටපු නාඩගම නැටීමය.

"කෙනෙක්ගේ ක්‍රියාවක පරමාර්ථය සෙවීමට නම්, ඒ ක්‍රියාවෙන් වාසි සැළසෙන්නේ කාටදැයි බලන්න" කියා අපට කියන්නට ෂර්ලොක් හෝම්ස් අවශ්‍ය නැත.

මහින්දගේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාවලියෙන් සිද්ධ වන්නේ, 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙපිළක අතරමං වීමය.
එයින් කැපුවත් නිල් ඡන්දදායකයා ද වැට උඩට යාමය.

සමහර ශ්‍රී ලංකා කාරයන් නම් මහින්දට එකෙන්ම සපෝට් කරති (මා කියන්නේ මගතොටේදී ඇහෙන කතා ආශ්‍රයෙනි.) එහෙත් මෛත්‍රීපාලටත්, ජාතික ආණ්ඩුවේ අැමතිකම් දරණ නරිහාමිලාටත් ඡන්ද පදනමක් ඇති බව අමතක කළ යුතු නැත.

මේ වගේ තත්ත්වයකදී තමංගේ ඡන්ද පදනම රැක ගන්නට රනිල් උන්නැහැට:

තමංගේ ප්‍රතිරූපය නංවාගැනීම,
පොරොන්දු ඉටු කිරීම,
ජීවන බර අඩු කිරීම,
බදු අඩු කිරීම,
ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම... ආදී දහසකුත් දේ කරන්නට තෙල් පුච්චාගන්නට අවශ්‍ය වන්නේ නැත.

අන්තිමේදි බලනකොට මහින්දත් රනිල්ගේ පැත්තේය. 

ඉතිං රනිල් ලා ඡන්ද කාලෙදි කියාපු දහසකුත් එකක් හොරකම් අල්ලන්නට දැන්නම් හදිසි නොවිය යුතු ය. මහින්දානන්දලා, මහින්දලා, නාමල්ලා, විමල්ලා, ගම්මංපිලලා, බන්ධුලලා, ගොඨාභයලා, සජින් ද වාස් ගුණවර්ධන ලා, අලි රොෂාන්ලා ආදීන් ට එරෙහිව භාරදුන්න අල්ලස් චෝදනා සහ අනිකුත් චොදනා හමස් පෙට්ටියේ පුස්කන්නට ඉඩ දිය යුතුය.

කොටිම්ම ඒකාබද්ධ විපක්ෂය යහතින් පැවතිය යුතුය. රනිල්ට පහසු හෙටක් උදාවන්නේ එතකොට ය.

රොබින් හුඩ් නාට්ටියේ සර් ගයි ඔෆ් ගිස්බන්ව ‍ෙකාච්චර වාර ගාණක් රොබින් හුඩ්ට කොටු උනත් පුකට තට්ටු කර ආපහු නොටිංහැම් එළවන්නේ ඒක ය.

http://www.ushistory.org/gov/images/00020713.gif

අන්තිමේදි බලනකලට - අන්දරේල අපි සේරම
අන්තිමේදි බලනකලට - අන්දරේල අපි සේරම
අන්දරේ ලා...

Friday, April 1, 2016

අවසානයක් නොවේ... 2 කොටස


අංගනය කෙළවර වූයේ හාත්පස පැතිරි අඳුර මැද නැඟී සිටි කළුවන් භූතයෙකු වැනි ගරා වැටෙමින් පැවති මන්දිරය කි. එහි දැවන්ත පෝටිකෝව යටට කන්‍යා සොයුරිය දිව යත්ම, මහ වැස්ස ගඩ ගඩ හඬින් ඈ ලූහුබැඳ ආයේ ය.

ඇය හතිලමින් මොහොතක් ගත කළාය. සාක්කුවකින් ගත් කුඩා අත් ලේන්සුවකින් තරුණිය සිය මුහුණත් දෑතත් පිසදාගත්තා පමණි. මන්දිරයේ ප‍්‍රධාන දොරෙහි වම්පස පියන මළකඩ හඬක් නඟමින් විවර විය.

කන්‍යා සොයුරිය තිගැස්සිණ. සිය අත්බෑගය උරහිසින් පන්නා සුරතට ගත් ඈ, පසුපස හැරී බැලූවාය.

අද එතැන් සිට...

විවට දොර පියන අතරින් එළියට ආවේ කාලවර්ණ පැරණි දිග කබායකින් සැරසි මහල්ලෙකි. සුරතේ වූ සැරයටියකින් ඔහුගේ දුබල කයට වාරු ලැබුණි. වයස අසූවක් වත් ඇතැයි කිව හැකි රැළි වලින් පිරුණු ඔහුගේ මුහුණ දෙස බැලූ තරුණිය වෙවුලුවා ය. හාත්පස පැතිරි තද කළුවර පසුබිම් කර ගත් එම සුදුමැළි මුහුණෙහි, කාරුණික මඳ සිනාවක සේයාවක් විය.

‘‘තද වැස්ස...’’ ගැඹුරු ළිඳක පතුලේ සිට නැඟී ආවක් වැනි දුබල හඬකින් මහල්ලා ඈ ඇමතීය.

වේගයෙන් ගැහෙමින් පැවති සිය පපුව මත වමත තබා ගත් කන්‍යා සොයුරිය, හිස පහත් කර ඊට එකඟතාවය පළ කළා ය.

‘‘ඇතුළට එනවද? මෙතන හිරිකඩ නෙ.’’

කෘතඥතාපූර්වක බැල්මකින් මහල්ලා දෙස බැලූ ඇය, විවට දොරෙන් ඇතුල් වත්ම, දොරපියන මළකඩ හඬ නඟමින් සෙමෙන් සෙමෙන් වැසී ගියේය.

දෙදෙනා ඇතුල් වූයේ, චිමිනි ලාම්පුවක දුබල දැල්ලෙන් යන්තම් ආලෝකවත් වූ විසාල ශාලාවකට ය. අපිළිවෙල එහි හාත්පස ලියැවී තිබුණි. දොර කෙලින්ම, ශාලාවේ අනෙක් පස වූයේ දැවයෙන් නිමැවූ දැවැන්ත කවාකාර තරප්පු පෙළකි. අඟුරු, අළු හා ඇති තරම් දුහුවිල්ලෙන් වැසී ගිය පැරණි තාලයේ ගිණි උඳුනක් ඊට වම් පසින් විය. කැඩුණු බිඳුණු ගෘහ භාණ්ඩ, විවිධ මෙවළම් ආදියෙන් ශාලාවේ බිත්ති කොන් ඇහිරී තිබිණ. 

ගිණි උඳුනට මුහුණලා තබා තිබූ වූ බරසාර ඇඳි පුටුවක් වෙත මහල්ලා සිය සැරයටිය දික් කළේය. කන්‍යා සොයුරිය එදෙසට යාමට හැරුණා ය.

මහල්ලා උදුන අසළ තබා තිබූ අඩක් දිරාපත් වෙමින් පැවති ලී පෙට්ටියක් ඇර, ඉන් ගල් අඟුරු දෝතක් ඉවතට ගත්තේ ය.

‘‘දැන් ගල් අඟුරු හොයාගන්න තැනක් නෑ. පේනවනෙ, කොච්චර කාලෙකින් මේ චිමිනිය පත්තු කරල නැද්ද කියල.’’

ඔහු ගල් අඟුරු ටික උඳුනට දමා, කනප්පුව මත වූ චිමිනි ලාම්පුවෙන් තෙල් ස්වල්පයක් වත් කර, ගිණි තැබීය. මොහොතකින් ගල් අඟුරු රතුවන් ව ඇවිලෙන්නට ගති.

http://www.saltwater.co.uk/images/wallpaper/Coal-Fire-1024x768.jpg

කන්‍යා සොයුරිය සිය උරහිසෙහි වූ අත්බෑගය උරහිස ගස්සා ඉදිරියට ගනිමින් උදුන දෙසට පිය එසවූවා ය. ඇගේ ඇඟිලි තුඩු අත්බෑගයේ පැත්තක වූ ටික් අගුලෙහි දැවටෙත්ම එම අගුල විවර වී, සහල් ඇට වැස්සක් වැගිරෙන්නට පටන් ගති. සට සට හඬින් බිම පතිත වූ සහල්, නැවත නැවතත් උඩ පනිමින් ශාලාව පුරා විසිරෙන්නට ගත වූයේ තප්පර දෙක තුනකි.

මහල්ලාගේ ඇස් රතු විය. වකුටු වූ ඝන ඇසිබැමි යටින් ඒ දෑස් විසල් ව විවර වී, යොමු වූයේ තරුණියගේ මුහුණට ය.

ඇගේ මුහුණ බියපත්ව සුදුමැළි විය.

අපැහැදිළි හඬින් යම්කිසිවක් මුමුණමින් මහල්ලා ශාලාවේ බිමට නැඹුරු විය. හාත්පස විසිරී ගිය සහල් ඇට ඔහු එකින් එක සිය සුරතේ දිගු ඇඟලි තුඩු වලින් අහුලමින්, ගොටු කරගත් වමතට එකතු කරන්නට පටන් ගත්තේ ය.

කන්‍යා සොයුරිය ඔහු වෙත යොමු වූ දෑසින් යුතුව, සෙමෙන් සෙමෙන් ප‍්‍රධාන දොර දෙසට ඇදුණා ය. ඒ අතරම, සාක්කුවෙන් ගත් ජංගම දුරකථනයෙහි ඩයල් බොත්තම දෙවරක් එබුවා ය.


තරුණිය දොර අසලට අවුත්, ඉන් වම්පසට අඩි කිහිපයක් ගියා පමණි, මහ හඬක් නගමින් දොර පියන් දෙක බිඳී ගියේ ය. කැඩුණු දොර පියන් වල ලී කැබලි ශාලාව ඇතුළට විසි වෙද්දී, එතැනින් ඇතුළට ආ වේගවත් රිදීපැහැ ලෑන්ඞ් රෝවරයක්, ගලක් ගැසුවාක් මෙන් ශාලාව මැද නතර විය.