Posts

Showing posts from June, 2016

ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

හක වස්තුව - the journey of the Valampuri

Image
මේ පෝස්ටුව අතිශයින්ම අවර ය. අර පමණක් අය වැඩිහිටියන්ට පමණකි නැත්නම් 18+ කියා ලේබල් කරන වර්ගයේ එකකි. එහෙයින්, මෙය නොඉවසන පාඨකයෝ, හොරෙන් කියවීම සහ නිර්නාමිකව අදහස් දැක්වීම හැරුණු කොට, මෙම පෝස්ටුව මගහැර, මා මීළඟට පළ කරන ලිපිය කියවීමට සටහන් කරගෙන හැරී යාම මැනවි.

තුන් යහළු වික්‍රමය (ප්‍රවේශ කතාව)



(ප්‍රධාන කතාවට කිසි සම්බන්ධතාවයක් නැති කවි පද දෙකක් හෝ හතරක් එහෙමත් නැත්නම් ගාථාවක් හෝ කතාවක් කියා, කතාවක් පටං ගැනීම අපේ චිරාත්කාලීන සම්ප්‍රදායකි. මේ කතාව ලියන්නේ ඒ අඛණ්ඩ, ලාංකේය සම්ප්‍රදාය රැකීමට ය. වල් අලි මරා හෝ සම්ප්‍රදාය රැකිය යුත්තේ ය. නැත්තං සිංහල ජාතිය වඳ වෙන්නේ ය.)

ලෙත්තේ, ලෙයියේ සහ පාම්බේ ගජ යාළුවෝ ය. දවසක් උන් ‍තුන් දෙනා උංගේ තවත් බොක්කෙ ෆිට් එකක් වන ඇම්බේ මුණගැහෙන්නට උගේ ගෙදර යන්නට පිටත් උනෝ ය.

කොහොමත් කොල්ලො තුං දෙනෙක් සෙට් උනාම බහුලව කෙරෙන දේ වන්නේ, දෙන්නෙක් එකතු වී අනිකාව චාටර් කිරීමය. මේ ගමනේදී ද ඒක ඒ හැටියෙන්ම කෙරුණේ ය. වැඩියෙම්ම චාටර් උනේ, චාටරය ඉවසන්නට බැරි ලෙයියේ ය.

පාර අයිනේ පොඩි මුඩුක්කු දේවාලයක් තියෙනවා යාළුවන් තුන් දෙනා දැක්කේ මේ අතර ය. ළඟ කඩේකින් පොල්ගෙඩියක්ද අරං දේවාලයට රිංග…

Training සහ New Post (දුම්රියකරණය & අලුත් තැපෑල)

Image
අපේ උසස්වීම වෙනුවෙන් ලැබුණ කාර්යාරම්භක පුහුණුව හරි සෝක් ය. ඒකෙන් ගොඩාක් වැදගත් දේවල් ඉගෙනගත්තාට අමතරව, සිරා යාළුවන් බර ගාණක්ද අඳුරගත්තෙමි ය.

මට ඉගෙන ගැනීමට පුළුවන් වූ පාඩම් බර ගාණකි.

පැය තුනක දේශනයකින් විෂයයක් උගන්වන්නට බැරි බව ඉන් එකකි. පුළුවන් වූයේ මෙහෙම විෂයයක් තියෙනවා ය කියා කියාදෙන්නට විතරය. ගොඩක් උදවිය ඒ විෂය හඳුන්වාදෙන ගමන් වැල් බයිලා ගායනා කරමින් අපිව නිදිමතින් මුදවා ගත්තෙමු ය. ඒ අතරේ සාලිය ධර්මවර්ධන, නිශාන්ත කමලසිරි, සුමිත් (නමේ අග කොටස කිව්වෙ නෑ) සහ විජය වික්‍රමරත්න යන මහත්වරු ලැබුණ කෙටි කාලය තුළ අපේ නව තනතුරේ වගකීම්, කාර්යභාරය සහ රාජකාරි වලදී කළ යුතු / නොකළ යුතු දේ ද, ඉගෙනගත හැකි මූලාශ්‍ර ද කියා දීමට වෙහෙසුනෝ ය. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ කොට ලේකම් දඩබල්ලගේ උන්නැහැ ඇවිත් පෝඩියම් එක බදාගෙන හීන් හඬින් මොකද්දෝ දරු නැළවිල්ලක් කිව්වා කියාත් මතක ඇත.

අපේ සම මට්ටමේ පරණ නිලධාරීන් තුළ, "බොලාට ඔයිට වඩා ඉහළට යන්ඩ බෑ..." යන ආකල්පය වර්ධනය කරවීමේ වෑයමක අපේ යූනියන් එක සිටින බව දැනගැනීම තවත් දෙයකි. ඒකේ වාසි හා අවාසි ඇති බැවින් ඒ ගැන වැඩිදුරට කියන්ඩ මගේ බලාපොරොත්තුවක් නැත.


ඉගෙන ගත්…