Posts

Showing posts from October, 2016

ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර

Image
ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක, අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය ගැන රස කතා ටිකක් කියන්න පුළුවං උනා.
මේ ලිපියෙන් මං අහල මතක තියෙන ඉස්කෝලෙ මහත්තුරු කතා සහ වෙනත් කතා ටිකක් කියන්න තමයි හදන්නෙ. ඕං එහෙනං අහගන්ට...
දවසක් ඉස්කෝලෙ මහත්තේක් මගදි හම්බු වෙච්ච අපේ මේ අටම වගේ කෙනෙක්  හොඳට බොන කන පොරක්, ආගිය කතා කතා කරල, ඇහුවලු,
“ඉස්කෝලෙ මහත්තෙය, යංද පොඩි අඩියක් ගහන්ඩ?” කියල.
ඉස්කෝලෙ මහත්තෙය කාරණා කාරණා සහිතව උන්නැහැට තේරුං කරල දුන්නලු ඒ ගැන.
“උන්නැහැ, කාරණා තුනක් මත මම ඔය යෝජනාවට බෑකියනව...
එක. මම ගුරුවරයෙක්. මගෙන් ඉගෙන ගත්ත ළමයි බොහොමයක් දෙනා මේ සමාජයෙ ඉන්නව. මං බිව්වොත් ඒක ඒ අයට කරන අගෞරවයක්.