Saturday, September 23, 2017

ඔපිස් පුරාවෘත්ත - Legends in Govt. Service

http://worldclassbenchmarking.com/wp-content/uploads/2016/02/Screen-Shot-2016-02-11-at-6.49.13-AM.png

ඔපිස් කතා කියල එකක් ලිව්වනෙව... මේ ඒකෙ දෙවෙනි කොටස වගේ එකක්. මෙතන මං කියන්න යන්නෙ ගහපු කාඩ් වගේ කතා සහ මං අහල තියෙන රජයේ සේවයෙ පුරාවෘත්ත ටිකක්.

කලිං කතාවෙදි අර ප්‍රසිඩන්ට් මහින්ද රාජපක්ෂ කෙලිම්ම කතා කරපු තීෆ් එකවුන්ටන් විමලසේන ඉන්නවනෙ... පොර අපේ අමාත්‍යාංශෙට ඇවිත් අවුරුදු දෙකක් යනකල්ම, වර්ෂාවසාන ගිණුම් පියවීමට හිටියෙ නෑ. මං හිතුවෙ පොර ඒකෙ වගකීමට බයේ කියල. ඉතිං අනික් එකවුන්ටන්ල දෙන්නත් එක්ක අපි (මං එතකොට රජයේ සේවයට නවක... පොඩි කොල්ලෙක්) එළකිරි වගේ එකවුන්ට් ක්ලෝස් කරල, මහා භාණ්ඩාගාරෙට යැව්ව ඉතුරු අග්‍රිම ටික. (රජයෙ සේවයෙ නොවෙන උදවිය ඔය මං උඩ ලියල තියෙන ග්‍රීක් වචන වල තේරුං එච්චර හිතන්ඩ එපාල)

ඉතිං අර අපේ තීෆ් එකවුන්ටන් වර්ෂාවසාන ගිණුම් පියවීමට නොහිටියෙ පොර ඒ දවස් වල ගියා ඕස්ට්‍රේලියාවෙ සංචාරෙකට. ඒ සංචාරෙ ගැන ඔපිස්සෙකේ පැතිරිච්ච කතා ටික තමයි පහළ තියෙන්නෙ. (මෙයිං ගොඩක් එව්ව ඔයගොල්ල අහලත් ඇති... මේ කතා ටික විමලෙට පටබඳිංන්ඩ හේතු උනේ, පොර නිතරම මට කියන්ඩ පුරුදු වෙලා හිටිය, “ඔය ඉංග්‍රීසි ටිකක් කට ගාගත්තට, කොම්පියුටර් අතගෑවට ඕක මහලොකු දෙයක් නෙමෙයි... කියල.)

අපේ ලොක්ක, ෆ්ලයිට් එක ඕස්ට්‍රේලියාවෙ කටුනායකට ඇවිත් නවත්තපු ගමං සීට් එකෙං නැගිටල ගියාලු දොර ගාවට. (බස්සෙහෙක උනත් නවත්තපු ගමං බැහැගත්තෙ නැත්තං ඒකෙ ඉන්න ඉබ්බො, ගොලුබෙල්ලො, කැස්බෑවො ඔක්කොම බහිනකං බලං ඉන්ඩ වෙනවනෙ...) ඒකෙ හිටපු සෝබමාන ගුවන් ඇටෙංඩොං කෙනෙක් කෑගැහුවලු, “සර්... ප්ලීස්ස්ස්... වේට්...“ කියල. ලොක්කත්, “සික්ස්ටි ටූ කිලෝස්“ කියාගෙන දොර අැරගෙන එලියට වැටුණලු. 

වැටිල කකුලක් ඇමැට්ටි වෙලා පොර ගෙනිච්චලු ඕස්ට්‍රේලියාවෙ මහ රෝහලට.. ගෙනිහිං ට්‍රොලියක ඉන්නවලු ඉමර්ජන්සි ට්‍රීට්මන්ට් කෑල්ලෙ. ඉද්දි අල්ලපු ට්‍රොලියෙ ඉන්නවලු පොරක් කැහැකැහැ. ඉතිං අපෙ ලොක්කත් මනුස්සකමට අරූ දිහා බලල හිනාඋනාලු.

ඒ ගමන අර කැහි ලෙඩා කියනවලු, “අයිම් සෆරිං ෆ්‍රොම් නිව්මෝනියා“ කියල.

ඉතිං ලොක්කත් කිව්වලු මනුස්සකමට, “අයිම් විමලසේන ෆ්‍රොම් ශ්‍රී ලංකා“ කියල.

සෆරිං කාරයට තේරුණාලු මූට මං කියපු එක තේරුන්නෑ කියල. ඒගමන පොර කිව්වලු, “නෝ මෑන්... නිව්මෝනියා... කේම් ෆ්‍රොම් කැටා...“ කියල.

ඒගමන අපේ විමලෙත් කිව්වලු, “ඕ යේස්... අයි කේම් ෆ්‍රොම් පෙටා“ කියල.

කොහොමිං කොහොමිං හරි යන්තං පය බිමගහගන්ඩ පුුළුවං වෙච්ච ගමං විමලෙ ගියාලු ඉස්පිරිතාලෙ කැන්ටිමට. යනකොට සුද්දෙක් ෆැන්ට බෝතලයක් බොනවලු. ඌ ඒක බීල ඉවර වෙලා, කිව්වලු “ෆැන්ටෑස්ටික්“ කියල. ඉතිං විමලෙත් ගත්තලු කෝක් එකක්. ඒක බීල විමලෙ කිව්වලු “කොකෑස්ටික්“ කියල.

ප්‍රා ලේ කාර්යාලෙක, ලේඛනාගාරෙ භාර හාදයයි, එකවුන්ටනුයි පුරුදු වෙලා හිටියලු හැම සිකුරාදම හවස සෙට් වෙලා බඹර පදම හොයං යන්ඩ. ඔය වැඩේට ඉතිං සල්ලිත් එපැයි. ඒකට අර එකවුන්ටන්ගෙ උපදෙස් පරිදි ලේඛනාගාර භාරකරු දැම්මලු ලියුමක් ප්‍රා ලේ ට. ලේඛනාගාරෙ මීයො ඉන්නව, බළලෙක් ඇති කරන්ඩ සහ ඒ බළලට රජයේ වියදමිං කෑම දෙන්ඩ අනුමැතිය ඉල්ලල. දාල අනුමත කරගත්තලු. ඉතිං හැමදාම සිකුරාද උදෙම්ම ලොඛනාගාර භාරකරු දානවලු වවුචරයක්, “බළලාගේ සතිපතා කෑම වියදම අතින් වියදම් කළ මුදල ප්‍රතිපූර්ණය කරගැනීම සඳහා...“ එකවුන්ටනුත්, මෙහෙම බලල - මෙහෙම බලනකොට ඒක වෝට් ලෙජර් දාල සහතික කරල, මුදල් පොතේ දාල, කෑෂ් චෙක්එකට දාල, සරප් (=රජයේ කාර්යාල වල ඉන්න කැෂියර්) බැංකුවට යවල මාරු කරවගෙන, හවස තුන වෙන්ඩ කලිං ලේඛනාගාර කාරෙයට ගෙවලත් ඉවරයි.

දවසක් ඔඩිට් කරද්දි ඔය වවුචර ටික අහුවෙලා, ඔඩිට් එකෙං ඇහුවලු, කෝ ඔය බළල? කියල. ඉතිං ලේඛනාගාර භාරකරුට පණිවිඩේ යවල, පැය බාගෙකිං විතර අරූ එනවලු, කොහෙංදෝ හොයාගත්ත කැහැටු ගැහිච්ච බළල් දණ්ඩෙක් උස්සගෙන...බළලත් එනවලු හරි සුවිනීත විදිහට වලිගෙ පුම්බගෙන, ඇඟිලි නියපොතු විහිද ගෙන, ඇස් ලොකු කරගෙන, යටිගිරියෙං මරහඬ දීගෙන...

ඔඩිට් කෂ්ටිය ඇහුවලු, “ඈ යකඩො? මෙච්චර වියදං කරල කන්ඩ දෙන බළල ද මේ කැහැටු ගැහිල ඉන්නෙ?“ කියල.

ලේඛනාගාර භාරකරු කිව්වලු ගත් කටටම, “නෑ සර්. ඒ බළල අද නිවාඩු. මේ උගෙ  ඇක්ටිං බළල...“ කියල.

රජයේ සේවයෙ දේශීය නිවාඩු (මෙරට ගතකරන නිවාඩු) ඉල්ලුම්පත්‍රයක් තියෙනව. පොදු 125 කියල ආකෘතියක්. ඕකෙ තියෙනව පුරවන්ඩ, නිවාඩු ඉල්ලුම්කිරීමට හේතුව. ඕකට ගොඩක්ම දෙනා ලියන්නෙ “පෞද්ගලික“ කියලයි. එක ඔපිස්සෙහෙක ලොක්කෙක් සැරෙයක් නීතියක් දාල තිබ්බ, ඔය වචනෙ ලියන්ඩ එපා, ඇත්තම හේතුව ලියන්ඩ ඕනෙ කියල. 

ඉතිං එකසැරෙයක් පොරට අනුමත කරන්ඩ දාපු නිවාඩු ඉල්ලුම්පත්‍රයක හේතුව ලියල තිබ්බලු, “අනියම් භාර්යාව සමඟ සංසර්ගයේ යෙදීම සඳහා මහනුවර යාමට“ කියල

මං ප්‍රෙස් එකේ ඉන්න කාලෙ...

ඒ කිව්වහම මතක් උනේ, ඕකෙ තිබුණ වැද්දුම් අංශය කියල බ්‍රාන්ච් එකක්. ප්‍රෙස් එක ස්වයංපෝෂිත කාර්යාලයක්. ඒකට ඕනෙ කරන ගොඩක්ම දේවල් ඒක තුලිම්ම තමයි කරගන්නෙ. ඔය වැද්දුම් අංශයෙන් තමයි ගොඩනැගිලි නවීකරණය සහ අලුත්වැඩියාව, මාකට් එකේ නැති යන්ත්‍ර කොටස් හදල සවිකිරීම, මැෂින් අලුත්වැඩියාව... ආදී නොයෙක් යාන්ත්‍රික වැඩ කළේ. ඔය අංශෙ හිටිය ප්‍රධානියා, වැඩබලන සුපරින්ටැන්ඩන්ට්. (ඒ දවස් වල ප්‍රෙස් එකේ හිටපු තරමක් ලොක්කො හිටියෙ - රජයේ මුද්‍රණාලයාධිපතිගෙ ඉඳං පහලට - වැඩබලන පදනමිං...) අර කියපු සුපරින්ටැන්ඩන්ට්ගෙ නම මෙන්ඩිස්... එයාගෙ අංශෙ හිටපු තරමක් උන්නෙ පෘතුගීසි කාරෙයො... කොස්තා, රුබේරු, ලිවේරා, සිල්වා, පේදුරු... ආදී වශයෙන්.

තව ඔය ප්‍රෙස් එකේ උන්න G. A. ලෙස්ලි පෙරේරා කියල ඒඕ කෙනෙක්. හරිම හොඳ මනුස්සයා. ඒ උනාට කවුරුත් එයාට කිව්වෙ ගල් පෙරේරා කියල (නමේ මුල් අකුරු ටික අගට තියෙන තිත් ටිකයි ස්පේස් ටිකයි අහක් කරල. ඇයි තව හිටිය W. A. L. කරුණාරත්න කියල කෙනෙකුත්...

ප්‍රෙස් එකේ හිටිය ගොඩක් අය රෑට උන්නෙත් ඔපිස්සෙකේමයි. ඒක පැය විසිහතර වැඩකරන කාර්යාලයක්. සතියකට නයිට් තුනක් කරල ඕටී පාරක් දාගන්ඩ පුළුවං. ඒ කාලෙ ඕක අයත් වුනේ ජඩමාධ්‍ය අමාත්‍යාංශෙට. ගරු ජඩමාධ්‍ය ඇමති හිටියෙ කෙහෙළිය රඹුක්වැල්ල කියල කෙනෙක්. ඉතිං හිටපු නවක පියන්ලා ඔක්කොම ගම්පොළ සහ නුවර අවට. උං ගෙදර යන්නෙ සිකුරාද හවස. ආපහු එන්නෙ සඳුද උදේ. ඉතිං උං කියනව, ගෙදර ගිහිං ඇඳේ නින්ද යන්නෑලු, ඔපිස්සෙකේ මේස උඩ නිදාගෙන පුරුදු වෙලා.

අර ඉහළිං කියපු කොස්තා දවසක් රාජකාරි වැඩකට වාහනයක් අරං ගියා. එයත් එක්ක ගිය ඩ්‍රයිවර් ගිහිං ආවට පස්සෙ ගිය ගමනයි, මීටරෙයි ලියද්දි රනිං චාට් එකේ, (එහෙම එකක් තියෙනව. සිංහලෙං කියන්නෙ ධාවන සටහන් පොත. හැම වාහනයක්ම ආ ගිය ගමං සහ මීටර් රීඩිං ඒකෙ ලියන්ඩ ඕනෙ.) ගියපු නිලධාරියගෙ නම අමතක වෙලා. ලිව්වලු “වඩිග පටුන මහතා සමඟ ජිනසේන ආයතනයට ගොස් අාපසු ආමි.“ කියල. කොස්තගෙ පොටෝ එක ඕං පහල තියෙනව. හිතාගන්න එකයි ඇත්තෙ ඇයි එහෙම ලිව්වෙ කියල.

ලොකු කරල බලන්ඩ ඕන්නං ක්ලික් කරන්ඩ කොස්තගෙ නහය
දවසක් ප්‍රෙස් එකේ තැපැල් අංශෙට ලියුමක් ආව. ඒකෙ ඇඩ්‍රස්කරල තිබ්බෙ “ලෝකෙ ලොකුම පොල් බූරුවට“ කියල. ඉතිං තැපැල් කාරය හිතල තියෙනව, එයා ඉන්නෙ ප්‍රෙස් එකේම තමයි කියල. මං ගියා තැපැල් අංශෙට ලියුං වගෙයක් රෙජිස්ටර් කරන්ඩ බාර දෙන්ඩ. එතකොට තමයි ඔය ලියුම දැක්කෙ. 

මං ඇහුව ඉතිං තැපෑල කරපු සීසී නෝනගෙං “මොකද කරන්නෙ ඔය ලියුමට? “ කියල.

“වෙන මොනව කරන්ඩද?“ එයා ඇහුව. “මේක අපි කඩන්නැතුව යවනව රජයේ මුද්‍රණාලාධිපතිට. නමට එවන ලියුං කඩන් නෑනෙ...“ කියල.

ප්‍රෙස් එකේ කාර්යාල නවීකරණය කරන්ඩ පටංගත්ත ඕං සැරයක්. පටංගත්තෙ ලක්ෂ ගාණක් වියදං කරල පිරිමි ටොයිලට් එක හදල. ඒක හදල විවෘත කරන කාලෙ තමයි, අර ජනාධිපති සිරිසේනගෙ මල්ලි, වැලිරාජු පොරෝපාරක් කාල මැරුණෙ. ඉතිං අපි එයාට කරන ගෞරවයක් විදිහට ටොයිලට් එකේ දොරට උඩිං එයාගෙ පොටෝ එකක් ගැහුව... ඒකෙ පොටෝ එකක් මං අරගෙන තිබුණ. දැං ඒක හොයාගන්ඩ නෑ. ඒක මේ වගේ එකක්... 

දවසක් ජේපී කෙනෙක් ගාවට ගිහිං කොල්ලෙක් දිවුරුම් පෙස්සමක් ලියාගන්ඩ, ඒ ජේපී ඔය දේශපාලනේ පදනමට ජේපී කම ලැබුණ කෙනෙක්... ලියල දුන්නලු දිවුරුම් ප්‍රකාශය මේං මෙහෙම:

“දෙය්යම්පා... බුදුම්පා... අම්මාපල්ල... මේ සුන‍ෙත් කුමාර කියන ළමයා හරිම හොඳයි. මං ඒක ඕනෙම දේවාලෙක දිවුරල කියන්ඩ ලෑස්තියි...!“

මයෙ හිතේ දැනට ඔය ඇති කියල. දැංවත් පාඩං කරන්ඩ නැගිට්න්න ඕනෙ ඒ හිංදා නවත්තන්නං. ආයෙ මතක් උනොත් තව කොටසක් ලියන්නං...

මේ ඉන්නෙ මං ප්‍රෙස් එකට ගිය මුල්ම දවස්වල දැකගන්ඩ ලැබුණ, ඒකෙ හිටපු පිළිගැනීමේ නිලධාරී වගේ හාදය.


පාඩං වැඩ හංද කාගෙවත් බ්ලොග්වලට යන්ඩ බැරි උනා... ඒ ගැන සමාවෙන්ඩල. විභාගෙ ඊළඟ මාසෙ අනිවා තියනව කියල විභාග කොමසාරිස් ජනරාල් දහ අතේ දිවුරල කියල තියෙනව. ඒ හංද ඔක්තෝබර් මැද ඉඳං ආයෙම මට පියාපත් දිගාරින්ඩ පුළුවං වෙයි...

54 comments:

  1. නියම කතා ටිකක් අර ඇක්ටින් බළලා හොයා ගත්ත එකම මදෑ නැත්තම් ඔඩිට් කොයිරි වලට උත්තර ලියාන එපෑ අහන ප්‍රශ්නත් ලේසි නෑනේ. මන් හිතන්නේ අර නිවාඩු දැමීමේ ඇත්තම හේතුව ලිවුවට පස්සේ ලොක්කට නින්ද යන්න එති නේද ?
    විචරාක දියණිය

    ReplyDelete
    Replies
    1. හැක්... නින්ද යන්නැතැයි?

      ඇත්තට ඒ කතාව අහල තිබුන් නැද්ද? රාජ්‍ය සේවයෙ ලෙජන්ඩ් එකක් නෙ ඒක...

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. ඇනෝ... මෙතනට අදාළ නැති පෞද්ගලික ප්‍රශ්න මෙතනට ගේන්න එපා. එව්ව තමුංගෙ තැනක විසඳගන්තන.

      Delete
    4. හ හොදයි .ඔව් අපි හමුව්නකම් බලා ඉන්නේ ...එලියට ගන්න තමයි අමාරු

      Delete
    5. තමුංගෙ තාත්තගෙ බ්ලොග් එකේ එයා මොනව ලිව්වත් ඔයාට ඇයි මෙච්චර අමාරු?

      Delete
  2. හුකෑස්ටික්.

    අයෑම් னයා ‍ෆ්‍රොම් හුඹහ. (ඇත්තටම මේ ඇක්ටිං னයා)

    ReplyDelete
    Replies
    1. කෝ නිත්‍ය னයා? ඇක්ටිං කරන්ඩ පත්වීම දුන්න ලිව්ම කෝ? ඔව්ව නැතුව පිළිගන්ඩ අමාරුයි...

      Delete
    2. னයාට අත් නැති හින්ද ලියුම කටේ තියාගෙන ආවෙ. මගදි ඇක්සිඩන්ට්ලි ඒක ගිලුන. දැං ඉතිං අනික් පැත්තෙන් එනකං ඉන්න වෙනව.

      Delete
    3. එච්චර වෙලා ඉන්ඩ බෑ. එහෙනං අල්ලල ගස්බැඳල ජාපාල ගුලියක් ගිල්ලන්නං...

      Delete
  3. කතා ඔක්කොම වගේ එළය...
    ඇක්ටින් බළලා සහ අනියම් භාර්යාව එක්ක අහවල් වැඩේ කරන්න යන්න නිවාඩු ඉල්ලන සිද්ධිය තමයි ගොඩක්ම එළ...

    ReplyDelete
    Replies
    1. ලීව් ෆෝම් එකේ “...අහවල් කාරිය කිරීම සඳහා...“ කියල ලිව්වනං තවත් හොඳයි නේද?

      Delete
  4. ඒක බීල විමලෙ කිව්වලු “කොකෑස්ටික්“ කියල.//
    //“අනියම් භාර්යාව සමඟ සංසර්ගයේ යෙදීම සඳහා මහනුවර යාමට“ //
    පට්ට යකූ

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං අපේ ස්ට්‍රෙස් රිලීෆ් තමා...

      රෙඩ්හීට් ෆිල්ම් එකේ ආනෝල්ඩ් රඟපාන්නෙ රුසියන් පොලිස් කාරයෙක්ට. එයා එනව රුසියන් මාෆියා කාරයෙක් අරං යන්ඩ ඇමරිකාවට. එහෙදි පොලිස් ඕඅයිසී කෙනෙක් එයාට කියනව, “අපි ස්ට්‍රෙස් රිලීෆ් වලට මාළු ටැංකි තියනව පොලිසි වල, සම්භාව්‍ය සංගීතය අහනව...“ කියල. ඊටපස්සෙ අහනව, “රුසියාවෙ මොකද කරන්න?“

      ආනෝල්ඩ් කියන්නෙ එක වචනෙයයි...

      “වොඩ්කා!“

      Delete
  5. ඔය විභාගෙ ප්‍රශ්ණ පත්තර ප්‍රින්ට් කරන්නේ ඔතන නෙමෙයිද? නැත්තං පාඩම් නොකරම ගොඩ දාගන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. එච්චර කොහෙද? කන්ෆිඩෙන්ෂල් ප්‍රින්ටිං අශෙ ලොක්කරනව ඒ කාලෙ වෙද්දි. කාඩ් එකක් ගහල තමයි ලොක් එක ඇරගන්ඩ තියෙන්නෙ. ඇරත් එක පාරක් ඉස්කෝලෙක වාර විභාග පේපර් එක මාකිං ස්කිම් එකත් එක්ක එකට ප්‍රින්ට් කරල දීල, එදයිං පස්සෙ ප්‍රෙස් එකට පේපර්ස් ලැබෙන්නෑ.

      මේ විභාගෙ පේපර් ගහන්නෙ විභාග දෙපාර්මේන්තුවෙම්මයි. ඒකට කරන්ඩ වෙන්නෙ ප්‍රසිද්ධ සර් කෙනෙක්ගෙ අවසන් සම්මන්ත්‍රණයට යන එක. එතෙන්දි විභාග පේපර් එකෙං 80% විතර ගොඩදානව...

      Delete
    2. //එක පාරක් ඉස්කෝලෙක වාර විභාග පේපර් එක මාකිං ස්කිම් එකත් එක්ක එකට ප්‍රින්ට් කරල දීල// ෂුවර් එකටම උඹේ වැඩක් වෙන්න ඇති.

      Delete
    3. මට ඇඟිල්ල දික් කරන්නෙ, උඹනෙ “දහසක් පොත් ඇති - මුද්‍රණ අධිපති...“

      Delete
  6. අර ලීව් එක ඇප්රූව් උනාද?

    ReplyDelete
    Replies
    1. බලහං ඉතිං උඹටත් තියෙන ප්‍රශ්න... ඒක යැව්ව බෙලිඅත්තෙ පොලිසියට.

      Delete
  7. "අනියම් භාර්යාව සමඟ සංසර්ගයේ යෙදීම සඳහා මහනුවර යාමට" මේ වගේ එවා දැන් පොලිසියටත් දෙන්න වෙලානෙ තියෙන්නෙ :D :D

    ReplyDelete
    Replies
    1. නෑ ඒකට පෙලිසියෙං වොරන්ට් එකක් ගන්ඩ වෙනව... නිාවඩුව වෙනම අනුමත කරගන්ඩ වෙනව. කෝච්චියෙ යනවනං ඒකට තවත් වොරන්ට් එකක්. එතකොට ඔක්කොම තුනයි...

      Delete
  8. ෂෝයි අනේ. "ඇක්ටින් බළලා" ඒක නම් මාර හිනායන කතාවක්. දඟ ගෙයි නොදා බේරුණා කියලා හිතාගන්ට.

    ReplyDelete
    Replies
    1. මොකද්ද ඒ දඟගෙයි කතාව?

      කමක් නෑ. දඟගෙයි දඬුවම් සියුමැලි වැඩියි කියල විජය කියල තියෙන්නෙ...

      Delete
  9. පට්ට හොඳම එක!
    පිං සිද්ද වෙච්චාවේ කාලෙකින් ආතල් කතා ටිකක් දුන්නට. ලඟ එන විවාහයෙනුත් වැරදුනා ව්භාගෙනුත් ජයවේවා !

    ReplyDelete
    Replies
    1. විවාහයෙනුත් ජය වෙලා තියෙන්නෙ... හැක් හැක්...

      ඔබටත් එසේම වේවා!

      Delete
  10. අඩේ.. අර අන්තිමට ඉන්න බල්ල බං ...
    ඌ දැක්කම අනිත් ඔක්කොම අමතක උනා ...

    ReplyDelete
    Replies
    1. සිරාවට. මට ඌ නං ජීවිතේට අමතක වෙන් නෑ... හරිම පොලයිට් බලු තඩියෙක්.

      Delete
  11. අඩේ මාරු කතා ටික බං. ඇක්ටිං බළලා තමයි හොඳම එක. ඉඳලා හිටලා හරි මෙහෙම ඇවිත් කොටලා යන එක හොඳයි. විගහබෙට ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි

      මං අහන්ඩමයි උන්නෙ දවස් ගාණක් තිස්සෙ...
      උදයට දිසානායක නං හවස් වෙද්දිත් දිසානායකමද?

      Delete
    2. හෙක් නැතුව නැතුව. දිසාවට නායක උනාට මොකද ගෙදර නම් ඉතින් උපනායක වගේ තමා :D

      Delete
    3. ගමට සිංහ ලග්නෙං - ගෙදෙට්ට වෘෂභ ලග්නෙං කිව්ව වගේ කතාවක්

      Delete
  12. ඔයි වාගෙ කතාවක් මාත් එක්කහු කරන්නං. යටත්විජිතෙ කාලෙ ඔය විදානෙයලෑ රස්සාවෙ මුලිම්ම හිටිය එවුං ලංකා මැනුං කරද්දි ගමේ හිස් ඉඩක අටෝනව කූඩාරං තුනක්. ලොකු එක විදානෙයට. අනික්වා මැනුං සහයකලට. ඔය කූඩාරං අටෝලා කනුවක් වෙනම හිටෝලා උස්සනව යුනියන් ජැක් කොඩිය. එතකොට එතන කිරීටයේ බලේ තියෙන තැනක්. ආයි කාටවත් ඇතුල්වෙන්න බෑ. කලිං කලට ඔය කඳවුරු බඩුත් වෙරිපිකේසන් කරනවනෙ. සුද්දා රට ඇරල ගියත් බඩු තියෙනවා. අන්තිමට ඔය වගේ කඳවුරක් විදානෙට බාරදීලා කලිං හිටිය මිනින්දෝරුවා පැංසං ගියා.

    ඔන්න ඉතිං විදානෙත් කඳවුර බාර ඇරගෙන දුරාවාරෙ ඉඩමක් මැනගෙන හිටියා. ඊළඟ වෙරිපිකේසන් එකට කණ්ඩායම් බාර නිලධාරීතුමා ඇවිල්ලා අහක්වෙලා එක එක බඩු තියෙනවද නැද්ද කියල ලෙජරෙත් එක්ක සංසන්දනය කරල බලද්දි විදානෙගෙං ඇහුවලු "කෝ යුනියන් ජැක් එක" කියලා. ඒ ගමන විදානේ කොහෙන්දෝ මන්දා මලකඩ කාච්චි මැදිං නැවිච්චි යකඩ පොල්ලක් ගෙනැත් පෙන්නල කිව්වලු.
    "මේං සර් යුනියන් ජැක්කෙක" කියල.

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව ඈ...විදානෙය හිතුවද දන්නෑ බස්වල ජැක් එකට ගහල කරකෝන පොල්ල කියල...

      ඔය කියන්නෙ අපේ රියර් ඇඩ්මිරල් ගැනද නැත්තං වෙන විදානෙයෙක් ද?

      Delete
  13. :) :) මේ තියෙන්නේ කතා
    විභාගේ හොඳින් ලියලා අපේ බ්ලොග් පැත්තේ ත් එන්න.

    ReplyDelete
    Replies
    1. මේ අද ගිහිං ආවෙ.

      මයෙ ඔය හදිසි ගමං නෑනෙ. වෙලාවක එන්නං බට්ටිකක් කාලම යන්ඩ...

      Delete
    2. ඩ්‍රැකි තුමෝ මටත් එක්කම බත් එකක් අරන් එන්ට :) :) :)

      Delete
    3. මං එන්නං වෙසක් එකට... කෑම බීම ඕනෙ තරං අරං එන්ඩ බැරුවෑ... මගදිගට දංසැල්

      Delete
  14. මේ කොස්තා උන්නැහේ ටෙලි නාට්ටිවල එහෙම උන්නද?
    දැකලා පුරුදුයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උපාසක... මටත් උන්නැහැ දැක්ක මුල් දවස් වල හිතුණ හොඳට දැකල පුරුදුයි කියල. ටෙලි වල නං පොර උන්නෙ නෑ මං දන්න විදිහට. හැබැයි හොඳට හුරු පුරුදු මූණක් තමා තියෙන්නෙ.

      Delete
  15. මෙව්ව බලල හිනාගිහින් දවසක ගෙදර අය මාව අංගොඩ ගිනියයි වගේ.. හිනාව නවත්තගන්න බෑ.
    නියමයි

    ReplyDelete
    Replies
    1. මෙව්වටත් හිනායනවනං, සුරංගෙයගෙ යාංහෑල්ල බලල මොනව වෙයිද දන්නෑ... කියවල තියෙනවද www.yanhella.blogspot.com

      Delete
  16. අදයි ඒකට ගියෙ , ලින්ක් එක සේව් කරගත්ත... එක නම් පට්ට 😍😍😍

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ. මුළ ඉඳං කියවන්න...

      Delete
  17. අදයි ඒකට ගියෙ , ලින්ක් එක සේව් කරගත්ත... එක නම් පට්ට 😍😍😍

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ. මුළ ඉඳං කියවන්න...

      Delete
  18. Replies
    1. අපේ ප්‍රියන්ත කියල යාලුවෙක් උන්න... පොරට මොකක් හරි කිව්වහම කියනව, “එළඑළඑළඑළඑළඑළඑළඑළඑළඑළඑළඑළඑළ....“

      Delete
  19. னයා මේ පැත්තට ඇවිල්ල අඩිය තියල ගියා හිටං

    ReplyDelete
    Replies
    1. අඩිය තියපු එකයි, හිටං ගියපු එකයි තමා ඇල්ලුවෙ නැත්තෙ

      Delete
  20. ඉල ඇදෙනවා බං මේවා කියවන්න ගිහිල්ලා එල හොදේ

    ReplyDelete
    Replies
    1. හෑ... ගොඩක් ස්තූතියි. මං මේ හදිස්සියට ලිව්වෙ... :)

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි