Tuesday, October 31, 2017

බෙදුම්වාදය - ඩ්‍රැකියාවෙලී විග්‍රහයක්



http://www.salem-news.com/stimg/april252014/tamil-elam-logo.jpg
එක ආණ්ඩුවක් ඇති රටක් ඇතුලත තවත් රජයක් ඇති කරගන්න හිතෙන්නෙ ඒ රජයෙන් තමන්ගෙ අයිතිවාසිකම් රැකලා දෙන්නෙ නැත්නම්, එහෙම නැත්තං තමංගෙ අවශ්‍යතා ඉෂ්ට කරගන්ඩ බැරිනං, එහෙමත් නැත්තං තමන්ගෙ දක්ෂතාවලට සාධාරණ අවස්ථා ලැබෙන්නැත්තං. එහෙම නැතුව රටකින් කෑල්ලක් කඩාගෙන තමංගෙම පාලනයක් ඇති කරගන්න මිනිස්සු පෙළඹෙන්නෑ. මොකද, මහ ආණ්ඩුව අන්තිමේ හමුදා බලය හරි යොදවලා බෙදුම්වාදය පරාජය කරනව. එතකොට වෙනම රාජ්‍යයක් ඉල්ලන කණ්ඩායමේ ජීවිත තමයි අවදානමට ලක් වෙන්නෙ. කවුද කැමති තමංගෙ ජීවිත, තමංගෙ ළමයිංගෙ ජීවිත ඒ වගේ අවදානමකට ලක්කරන්න. අනික තමයි ස්වයං පාලනයක් කියන්නෙ, වෙනම ආණ්ඩුක්‍රමයක්, වෙනම පාර්ලිමේන්තුවක්, වෙනම පොලිසියක්, වෙනම රාජ්‍ය සේවයක්, වෙනම හමුදා, වෙනම දෙපාර්තමේන්තු - අමාත්‍යාංශ... පවතින රජයකින් වැඩ කෙරෙනවනං කාටවත් ඕනෙ කරන් නෑ ඔය විදිහෙ ආයතනික ව්‍යුහයක් ඇති කරගෙන වෙනම පාලනයක බරක් කරට ගන්න.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙනම රාජ්‍යයක් ඇති කරන්න පුළුවන් ව්‍යවස්ථා ඇති කරන්නෙ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවටත් වෙනම රාජ්‍යයක් ඇති කිරීමට කෙලින්ම හෝ අන්‍යාකාරයකින් අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවටත් ජනාධිපති ධූරයට, අගමැති තනතුරට, පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට සහ  රාජ්‍ය සේවයට පත් වන හැම කෙනෙක්ම දිවුරුම් දිය යුතු බව දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 32, 53, 61, 107, 157, 161 සහ 165  ව්‍යවස්ථාවලින් ප්‍රකාශ වෙනව. එහෙම දිවුරුම් දීලා පත්වෙන උදවිය එයිට පිටිං වැඩ කරනවනං ඒ ගැන නඩු පවරන්න පුළුවං.

අනික තමයි රටක් දෙකට කැඩීමෙන් දේශපාලනඥයන්ට ඇති වාසිය. ලංකාවෙ බහුතර ඡන්දෙන් පත්වුණු ජනාධිපතිටත්, කොළඹ දිස්ත්‍රික්කයෙ බහුතර මනාපෙන් පත්වුණු අගමැතිටත්, උතුරු නැගෙනහිර පළාත් ස්වයං පාලන ප්‍රදේශයක්තු කිරීම හෝ දේශනා කිරීම නොකරන බවට බවට පත්වීමෙන් ලැබෙන වාසියක් නෑ. සල්ලිද? මයෙ හිතේ ඔයිට වඩා පෞද්ගලික ආර්ථික වාසි තියෙනව ඔය පෝට් සිටි වගේ ප්‍රොජෙක්ට් වලින්. එහෙම එක්තරා ප්‍රදේශයකට ස්වයං පාලන අයිතිය ලබා දීල, මේ අය ඒ පළාත් වල ජනාධිපති / අගමැති වෙන්නද? බෑනෙ.

තේ කෝප්පයෙ කිඹුලා වෙන ෆෙඩරල් ක්‍රමය තමයි අනික් කාරණේ. දැනට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙනව මේ රට ඒකීය රටක් කියල. ඒකීය රටක් කියන්නෙ එක රජයක් යටතට පාලන බලතල සියල්ල එක් රැස් වුණු ක්‍රමයක්. ඒකට කියනව මධ්‍යගත පාලනය කියල. ඒකෙ විරුද්ධාර්ථය තමයි විමධ්‍යගත පාලනය. 87දි පළාත් සභා ගෙනල්ල දැනටමත් අපේ රට යම් දුරකට විමධ්‍යගත පාලනයක් ඇති රටක් බවට පත් වෙලා අවසන්.

විමධ්‍යගත පාලනය කියන්නෙ, මධ්‍යම රජයක් තියෙනව, ප්‍රාන්ත හෝ වෙනත් ක්‍රමයක ප්‍රාදේශීය ඒකක වලටත් පාලන බලතල තියෙනව. ඔය බලතල නිශ්චිතව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් මධ්‍යම රජයටත්, ප්‍රාදේශීය පාලන ඒකකවලටත් වෙන් කරල දීල තියෙනව. මෙහෙ පළාත් සභාවල ප්‍රධාන පරිපාලකයා වන ආණ්ඩුකාරයා පත් කරන්නෙ ජනාධිපති. එහෙම පළාත් සභාවෙ බලතල මධ්‍යම ආණ්ඩුවට වක්‍රව යටත් කරල තියෙනව.

යම්කිසි ප්‍රාදේශීය පාලන ඒකකයකට ස්වයං පාලන ඒකකයක් වශයෙන් ප්‍රකාශයට පත් වෙන්න ඕනෙ නම්, ඒක යෝජනාවක් විදිහට ප්‍රාන්ත ආණ්ඩුවට (හෝ ලංකාවෙ විදිහට නං පළාත් සභාවට) ඉදිරිපත් කරල සම්මත කරගන්න ඕනෙ. ඒ යෝජනාව සම්මත උනහම ඒ ගැන මධ්‍යම රජයටත් ජාත්‍යන්තරයටත් දන්වන්න වෙනව. එතකොට මධ්‍යම රජය මොකද කරන්නෙ කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සඳහන් වෙලා තියෙනව. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 154 ව්‍යවස්ථාවෙ හැටියට එහෙම වෙලාවක පළාත් සභාවක බලතල, පාර්ලිමේන්තුවෙ යෝජනා සම්මතයක් මඟින් ජනාධිපතිවරයාට පවරා ගන්න හෝ පාර්ලිමේන්තුවට පවරා දෙන්න පුළුවන්. ස්පාඤ්ඤයෙ මේ ළඟදි සිදු වුණු මේ සමාන අවස්ථාවෙදි, ස්පාඤ්ඤ රජයට හමුදා බලය යොදවන්න පවා අවසර තිබුණා. ඒ විදිහට ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවට ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙනවනම් ප්‍රාන්ත ආණ්ඩු (හරි මෙහෙ විදිහට නම් පළාත් සභා) වල බලය මධ්‍යම ආණ්ඩුවෙන් පාලනය වෙන හැටි, එතන බෙදුම්වාදයට නීතිමය ඉඩක් නෑ. ඒ නිසා ෆෙඩරල් කියන වචනෙ අර එක කාලෙක ජිනීවා කියන වචනෙ වගේ බය කරන්න යොදාගත්තට ෆෙඩරල් කියන වචනෙ විතරකින් රටක් බෙදෙන් නෑ.

තව දෙයක් තමයි, සිංහලෙන් “ඒකීය රාජ්‍යය“ කියල තියෙන තැන දෙමළෙන් “ඔරුමිත්ත නාඩු“ කියල තියෙනවලු කියන ප්‍රශ්නෙ. ඒ දෙමළ වචන දෙකේ තේරුම “ඒකීය රාජ්‍ය්‍යක්“ ම තමයි කියන එකයි මගෙ වැටහීම. ඔච්චර ඒක ප්‍රශ්නයක් වෙනවනම්, “සිංහල සහ දෙමළ පෙළ අතර තේරුම් වල වෙනසක් පවතින විට සියලු පරිවර්තන අභිබවා සිංහල පෙළ බල පැවැත්වෙන“ බව ඕනෙම නීතියක අර්ථ නිරූපණවල සඳහන් කරන බව මතක් කරගන්න එක හොඳයි. එතකොට දෙමළ වචන වලට බය වෙන්න ඕනෙත් නෑ.

අනික, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මොන විදිහ තිබුණත්, සන්නද්ධ අරගලයකින් ආණ්ඩුවක් පරාජය කරල වෙනම ආණ්ඩුවක් හෝ කීපයක් පිහිටුවාගන්න පුරවැසියන්ට හෝ ජාත්‍යන්තර බලවේගවලට පුළුවන්. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය ද ෆෙඩරල් ද කියන වෙනස අදාළ වෙන් නෑ. වඩා වැදගත් වෙන්නෙ රටේ පුරවැසියන්ගෙන් කොටසක් ඒ වගේ අරගලයකට තල්ලු කරන හෝ පොළඹවන සාධක රටේ පාලනයෙන් සහ සමාජ වාතාවරණයෙන් ඉවත් කරල, හැම රටවැසියෙකුටම සමාන අයිතිවාසිකම් සහ අවස්ථා ලැබෙන තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන එකයි.


අනික් අතට, කාට හරි වෙන් වෙලා යන්ඩ ඕන්නං, ඒ අයට යන්ඩ දෙන් නැතුව අල්ල ගෙන ඉඳීමෙ තේරුම මොකද්ද කියන එකත් මට ගැටළුවක්.



හරිනම් මේ දේවල් ජනතාවට පැහැදිලි කරන්න ඕනෙ ආණ්ඩුව මිසක්, අපි නෙවෙයි. අපිට ඒ වැඩෙත් කරන්න වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුවෙ ඉන්නෙත් තමංගෙ ඡන්ද පදනම සහ පෞද්ගලික වාසිය විතරක් තකන බිස්නස්කාරයො හින්දයි. ඒ නිසා කොහොමත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන මැතිවරණ ක්‍රමය ඇතුළු බොහොමයක් විධිවිධාන වෙනස් කිරීම උවමනයි.

35 comments:

  1. මේ ආකාරයට ඇත්ත කියාදී ඔබත් ප්‍රථම ත්‍යාගය වශයෙන් ධවල රථයක සවාරියක්, ආයුධ නැරඹීමට යාමක්, හෝ නඩුවක් දිනාගන්න

    ReplyDelete
    Replies
    1. එයිට අමතරව ගෞරව නාමයකුත් පටබඳිනවනෙ, “කොටියා, බෙදුම්වාදියා, ඩයස්පෝරාවා“ වගේ...

      Delete
    2. Meka atta, ohoma hitanam rate winase, deshadrohiyo

      Delete
    3. රට විනාස වෙන හැටි පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? ඔහොම බලනකොට ඉන්දියාව, ඔස්ට්‍රෙලියාව ඒහෙමත් දැනටම විනාස වෙලා අැති නේද?

      Delete
  2. නූතන තාක්ෂණේ හයියත් අරං තම තමංගෙ පළාත්වල පුරවැසියන්ගෙ ජීවිතේ පහසුවෙන් කරල දෙන, ශක්ති සම්පන්න ප්‍රාදේශීය පාලනයක් හදාගන්න අවංකව කටයුතු කරන්න කැමති කෙනෙකුට හොඳට ඒත්තු යන විදියට ලියපු ලිපියක්. ඩ්‍රැකියවෙල්ලි දිනේවා!

    ReplyDelete
    Replies
    1. දිනේවා! දිනේවා!

      ස්තූතියි

      Delete
  3. ඔයා ක්‍රිස්තියානි කාරයෙක් ද?

    ReplyDelete
    Replies
    1. මම ආගමිකයෙක් නෙවෙයි. මම අනුගමනය කරන්නෙ බුදුන්ගෙ දර්ශනය... (ඒක මේ පෝස්ටුවට අදාළ වෙන්නෙ කොහොමද කියල මට නම් තේරෙන්නෙ නෑ.)

      Delete
    2. බුදු හාමුදුරුවො උගන්නලා තියෙන්නේ ‍පොන්නයො වගේ ඉඳහල්ලා කියලා නේද?

      Delete
    3. ​බුදුන් උගන්වලා තියෙන දේ උවමනා නම් මම වෙනම ලියන්නම්. දේශපාලනය සහ රාජ්‍යතාන්ත්‍රික සංකල්ප වලට බුදුන්ගේ උගැන්වීම අදාළ කරගන්න ඕනෙ නෑ නේද? ලංකාව, වතිකානුව හරි කලින් තිබුණු ටිබෙට් හරි වගේ ආගමික රාජ්‍යයක් උනානම් ඕක ගැන හිතන එක වැදගත් වෙයි. මෙතනට අදාළ වෙන්නෙ රාජ්‍යයක් පාලනය කරද්දි උවමනා වෙන විධිවිධාන සැළසීම මිසක් ලියන අයගෙ ආගමික හෝ දර්ශනමය මතවාද අනුව රාජ්‍ය පාලන විධිවිධාන හැඩගැස්වීම නෙවෙයි.

      ඔයා කලින් ප්‍රශ්නය ඇහුවෙ ඔය විදිහෙ අපහාසාත්මක චේතනාවකින් නම්, ඒකෙන් ප්‍රකට වෙන්නෙ ඔයාගෙ මානසික පටුබව. ඒ ගැන මට කණගාටුයි.

      Delete
    4. අනික ඒකීය ව්‍යවස්ථාවක පෞරුෂයක් තියෙනවය, ෆෙඩරල් උනහම නපුංසකය කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට ලිංග භේදයකුත් තියෙනවයි කියල මම අදමයි ඇහුවෙ.

      Delete
  4. එල්. ටී. ටී. ඊ සංවිධානය සටන්කලේ ඒකීය ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන්.
    දෙමළු එයට විරුද්ධ වුනේ නෑ.

    ඒ වගේම දෙමළ පිරිමි කී දෙනෙක් තම පවුල තුලදී බිරිඳ සමඟ බලය බෙදා ගන්න කැමතිද?

    ReplyDelete
    Replies
    1. /දෙමළ පිරිමි කී දෙනෙක් තම පවුල තුලදී බිරිඳ සමඟ බලය බෙදා ගන්න කැමතිද?/
      ඔයා කැමතිද?

      Delete
  5. னයා ආව.
    බෙදාගන්න එක ගැන පස්සෙ බලමු.

    ReplyDelete
    Replies
    1. බලුප් එක උඹට - බැටරි ටික මට

      Delete
  6. “Power resides only where men believe it resides. [...] A shadow on the wall, yet shadows can kill. And ofttimes a very small man can cast a very large shadow.”
    ― George R.R. Martin

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි එකතු කිරීමට. මං ඒ තරම් තියරි කියවල නෑ. ඒ අඩුපාඩුව හදාගන්න හිතට ගත්ත.

      Delete
    2. Pra Jay or anyone , please translate the above Gorge R.R. Martin's quote into Sinhala with a small explanation

      Delete
    3. Pra Jay or anyone , please translate the above Gorge R.R. Martin's quote into Sinhala with a small explanation

      Delete
  7. මට තියනව මෙහෙම ප්‍රශ්නයක්....
    අපි කල්පනා කරල බලමු උඹ කියන කතන්දරයේ අග පැත්තෙ ඉඳල. ඔන්න ෆෙඩරල් රටක් තියනව. ඒකෙ ඉන්න සෙට් එකකට ඕන කෑල්ලක් කඩාගන්න. දැං එයාල කරන්න ඕන මොකක්ද?
    1. යුද්ධ කිරීමෙන් කෑල්ලක් කඩාගත්තොත් වැඩේ ගොඩදාගන්න පුළුවන්ද? බිහිවන අලුත් රටට ජාත්‍යන්තර සහය ගන්න පුළුවන්ද?
    2.ඒ කියන්නෙ ව්‍යවස්ථාව අනුව වෙන්වෙන්න බැරි නං (ස්පාඥ්ඥයේ වගේ) වැඩේ එතනින්ම අසාර්ථකයිද?
    3.වෙන්වෙන්න වලිකන එවුන්ගේ ඉල්ලීම් සාධාරණයි වගේ පේන අවස්ථාවක ජාත්‍යන්තරයේ හැසිරීම මොන වගේ වෙයිද?
    4.දැනටම වාර්ගික අවුල් තියන රටකට ෆෙඩරල් දීමේ අවදානමක් නැද්ද?
    5."අලුත් රටක් බිහිවීමට ඇති අවශ්‍යතා" මොනවාද?
    6.අපි දන්නා කාලයේම අලුතෙන් රටවල් කිහිපයක් බිහිවුනා.(නැ.ටිමෝරය, සුඩානයේ කෑල්ලක්.....) ඒවාට එජා සාමාජිකත්වයත් අවුලක් නැතුව ලැබුන. ඒවා බෙදීමට හේතු වූ කාරණා මොනවාද? "ව්‍යවස්ථාවේ බෙදෙන්න බෑ" කියල නොතිබීමත් හේතුවක් වුවාද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නවලට මගෙ උත්තර:
      1. යුද්ධ කිරීමෙන් කෑල්ලක් කඩාගත්තොත් වැඩේ ගොඩදාගන්න පුළුවන්ද? බිහිවන අලුත් රටට ජාත්‍යන්තර සහය ගන්න පුළුවන්ද?

      පුළුවන්. ඒක ගොඩක් සාධක මත රඳාපවතිනව. ජාත්‍යන්තර සහය ලැබෙන්නෙ ඒ දියුණු රටවල න්‍යාය පත්‍රය අනුවයි.

      2.ඒ කියන්නෙ ව්‍යවස්ථාව අනුව වෙන්වෙන්න බැරි නං (ස්පාඥ්ඥයේ වගේ) වැඩේ එතනින්ම අසාර්ථකයිද?

      මට පේන විදිහට එතනිං ඒ පරිච්ඡේදය ඉවරයි. නමුත් බෙදුම්වාදය නවතින්නෑ. ඒකට පවතින විසඳුමක් නොදුන්නොත්. ඒ කියන්නෙ එක්කො ඒකීය රට තුළ ජීවත්වෙන්න පරිසරය හදන්න ඕනෙ. නැත්තං ලේ හලල හරි වෙන් වෙනව.

      3.වෙන්වෙන්න වලිකන එවුන්ගේ ඉල්ලීම් සාධාරණයි වගේ පේන අවස්ථාවක ජාත්‍යන්තරයේ හැසිරීම මොන වගේ වෙයිද?

      ජාත්‍යන්තරය සහය දෙනවද, නැත්තං රජයට සහය වෙනවද කියන එක තීරණය වෙන්නෙ ඒ අයගෙ න්‍යාය පත්‍රය අනුව. එව්වට ස්ථිරසාර ප්‍රතිපත්ති නෑ.

      4.දැනටම වාර්ගික අවුල් තියන රටකට ෆෙඩරල් දීමේ අවදානමක් නැද්ද?

      ෆෙඩරල් දීලා වාර්ගික අවුල් විසඳන්නත් පුළුවන්. ගොඩක් දුරට වෙන්නෙ ඒකයි. යම් පමණක ස්වයං පාලන බලයක් ඒකෙන් ලැබුණම වෙනම රාජයයක් විදිහට යන්න ඕ අයට ඕනෙ වෙන්නෑ.

      5."අලුත් රටක් බිහිවීමට ඇති අවශ්‍යතා" මොනවාද?

      ජනතාවගෙ අපේක්ෂා, දේශපාලකයන්ගේ ඇන්දවීමේ හැකියාව (උදාහරණ - අලි ජින්නා), මව් රටේ අර්බුධ, ජාත්‍යන්තර පිළිගැනීම හෝ සහය දැක්වීම හෝ විරුද්ධත්වය

      6.අපි දන්නා කාලයේම අලුතෙන් රටවල් කිහිපයක් බිහිවුනා.(නැ.ටිමෝරය, සුඩානයේ කෑල්ලක්.....) ඒවාට එජා සාමාජිකත්වයත් අවුලක් නැතුව ලැබුන. ඒවා බෙදීමට හේතු වූ කාරණා මොනවාද? "ව්‍යවස්ථාවේ බෙදෙන්න බෑ" කියල නොතිබීමත් හේතුවක් වුවාද?

      මං හිතන්නෙ (මං හරියටම ඔය කාලෙ හොඳ අධ්‍යයනයක හිටියෙ නෑ ඔය ගැන) ව්‍යවස්ථාවෙ තියෙන දේවලට වඩා බලපෑවෙ ජාත්‍යන්තර න්‍යාය පත්‍ර.

      ගොඩක් ස්තූතියි රාජ් මේ සංවාදය විද්වත් පැත්තකට ගෙනිච්චට...

      ඔයාගෙ අදහස කියන්න.

      Delete
    2. නෑ, ඩ්‍රැකීගෙ පෝස්ටුවෙන් කියවෙනව, බලය බෙදීම (ෆෙඩරල්) නිසා මොකුත් අවුලක් ඇති නොවේය, වතුර කලයේ කිඹුල්ලු දකින්න එපාය වගේ අදහසක්.දැං ම⁣ෙගේ ප්‍රශ්න ටිකට ඩ්‍රැකී දීල තියන උත්තර ටික අනුව ⁣පේනව ව්‍යවස්ථාවෙ මොකක් වුනත් වෙනම රටක් ඇතිවීමට තවත් අමතර වැදගත් සාධක ගනනාවක් සම්පූර්ණ වියයුතු බවත්, ඒ කාරණා නීති පොතක තියනව වගේ ස්වයංක්‍රීය, පැහැදිලි දේවල් නොවන බවත්, ලෝක බලවතුන්ගේ අභිලාශයන් එක්ක වැඩේ ගොඩයාම හෝ නොවීම සිදුවිය හැකි බවත්..... මට පෙන්නන්න ඕන වුනේ අන්න ඒක තමයි.
      -රාජ්

      Delete
    3. මම කිව්වෙ ෆෙඩරල් වුන පමණින් රටවල් බෙදෙන්නෑ. ඒකීය රටවලුත් බෙදෙනව. (ඒ උනාට සටන් පාඨය තියෙන්නෙ “රට බෙදෙන ෆෙඩරල් ව්‍යවස්ථාව එපා“ කියල.) රටක් කැඩෙන්න බලපාන්නෙ වෙනත් සාධක. එයින් මූලික වෙන්නෙ රටේ ජනතාවගෙන් කොටසකට වෙනම රටක් උවමනා වීම. එහෙම උවමනාවක් ඇති වෙන්නෙ ඔවුන්ට පවතින රජයෙන් සාධාරණය ඉෂ්ඨ නොවෙන බව හෝ සමානාත්මතාවය නැති බව පේන්න තියෙනකොට.

      මම දන්නව රාජ් ඔය ප්‍රශ්න අහන්නෙ නොදැන නෙවෙයි කියල. රාජ්ගෙ දේශපාලන දැනීම මට වඩා ගොඩක් ඉහළයි. කොහොම හරි අපි දෙන්නමකියන්නෙ එකම දේ කියලයි මගෙ වැටහීම.

      Delete
  8. බෙදුම්වවාදය ඇති කරේ දෙශපලකයෝ
    ඒ කාලෙන් කාලෙට තමන්ගේ වැරදි වහ ගන්න
    චන්ද ගොඩ වැඩි කර ගන්න
    මේ වෙලාවේ මේ ව්‍යවස්ථාව ඇද්දේ අප කාටවත් ආදරයකට නොවෙඉ

    බැදුම්කරය වහන්න
    අහස උසට නැගල තියෙන බදු මිල වහන්න

    රජයේ දුෂණ වංචා වහ ගන්න
    මිනිසුන්ගේ අවධානය වෙන පැත්තකට හරවන්න තමා මේක ඇද්දේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. දෙපැත්තම එකම කොන්ත්‍රාත් එකක් කරන්නෙ...

      Delete
  9. ඩ්‍රැකියා කියා තිබෙන දේවල් වලට එකඟයි.ප්‍රශ්න වලට විසඳුම් ගෙන කොට එව්වා ඕනේ නැහැ අපි හිටිය විදියටම ඉමු කියලා කියනවා නම් එකෙන් වෙන්නේ ගිනි පුපුරු අළු යට නොනිමි තියෙන එක විතරයි.කොටි මොහොතක හරි ඇවිලෙන්න පුළුවන්.

    පාලත් සභා ගෙනාවේ 83 නෙමේ 87 ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සේ නේද ?

    ReplyDelete
    Replies
    1. 87 තමයි, මට වැරදිලා.

      සුළු ජාතීන්ට ප්රඑශ්නයක් තියෙන බව 47 ට කලින් ඉඳන්ම කතාවෙන දෙයක්. 56 උනේ ඒක තව ටිකක් උග්රෑ කරල බලයට පත්වීමේ කෙටි මගක් හදා ගත්ත එකයි. එතන ඉඳන් ඒක ඡන්දය දිනාගැනීමේ කොන්දේසියක් බවට පත් වෙලා. 83 දි ඇති කරපු භේදය සමනය කිරීම, යුද්ධය ඉවර වුනු ගමන්ම පටන් ගන්න තිබුණ. ඒ උනාට එහෙම උවමනාවක් කවුරුවත් පෙන්නුවෙ නෑ. බලයේ හිටිය හැම කෙනාම කළේ සිංහල බෞද්ධ ගැලරියට ආමන්ත්රඋණය කරපු එක මිසක්, ඡන්දදායකයන් නිසි විදියට දැනුවත් කිරීම නෙවෙයි.

      මං කලින් පෝස්ට් එකේ කිව්ව වගේ, සබුද්ධීක වීම ජනතාවට හොඳයි. ජනතාව අඳුරේ තැබීම දේශපාලන ව්යාලපාරයේ යෙදෙන අයට වාසියි.

      Delete
  10. බලන්න මේ අජිත් පැරකුම් තුමා දෙස
    http://www.w3lanka.com/2017/10/blog-post_26.html
    ඔහු කලක් හිරු (ප්‍රභාකරන්) කණ්ඩායමේ හිටිය කෙනෙක්.
    එහෙම හිටිය කෙනත් ක්‍රමයෙන් සත්‍යාවබෝධය ලබද්දී.
    ඔබතුමා වගේ සිංහල බෞද්ධයෙක්
    දෙමලෙක්, ක්‍රිස්තියානි කාරයෙක්, මාක්ස්වාදියෙක් වගේ කඩුප්පුලි කතා කීම ගැන මම කම්පා වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉහළ පෝස්ට් එකේ තියෙන කඩප්පුලි කොටස් පොඩ්ඩක් උපුටා දක්වන්න කරුණාකරල.

      අනික ඔය කියන විදිහට, දෙමළ, ක්‍රිස්තියානි, මාක්ස්වාදී කියන අය මේ සමාජයෙ ඉන්න හොඳ නැති කඩප්පුලියො කියල ද ඔයා කියන්නෙ? මාරයි...!

      පැරාගෙ ඔයා ඔය උපුටන පෝස්ට් එකේම මෙහෙමත් තියෙනව.
      /පවත්නා රාජ්‍ය ව්‍යූහය වෙනස් නො කර, බලය බෙදීමකින් ජනතාවට සෙතක් නො වන බව ඉතා පැහැදිලි ය./
      / ජාතිවාදයන් සමාජයේ තිබුණු පලියට ප්‍රගතිශීලීන් ඒවාට කර ගැසිය යුතු නැත./
      එයා එතන කියන්නෙ මාක්ස්වාදයෙ තියෙන අතාර්කික බව ගැන. ඒ මිස ෆෙඩරල් ද එ්කීය ද කියන එක ගැන නෙවේ...

      ඉතින් කම්පා වෙන්න... පාට කණ්නාඩියකින් ලෝකය පේන එක ගැන.

      Delete
  11. සාම්ප්‍රධයිකත්වයෙන් මිදෙන්න බැරි තාක් කල් රටක දියුණුවක් දකින්න බෑ
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවෙත් නොනගී

      Delete
  12. අනේ අම්මෝ උබ දන්නා දේවල් ..(විහිලුවට)..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මීළඟ එක පොඩි මෙන්ඩට, මචං... හෙට පෝස්ට් වෙයි

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි