Tuesday, December 19, 2017

මෞඉ ගෙ සරුංගලේ - පොලිනීසියානු ජනකතා අංක 3

මෞඉගෙ කතා ලියල ඉවරද? තව ලියනවද? ආදි වශයෙන් අපේ කන්තෝරුවේ සහ බ්ලොග් අවකාශයේ පාඨකයන්ගෙන් ආව ජීවිත තර්ජන නිසා තවත් කතාවක් ලියන්න තිබුණු කම්මැලිකම මැඩගන්න පුළුවන් වුනා.

මුලිම්ම කියන්න ඕනෙ, මං කලින් කොටස් වල මෞඉගෙ නම ලියපු විදියට වඩා මේ විදිය නියම උච්ඡාරණයට කිට්ටුයි. කෙනෙක්ට මේක කියන්න පුළුවන්, මව්වි කියල, මයන්න කියද්දි කට රවුම් කරල වි යන්න කියද්දි ව ශබ්දය යන්තම් පිට කිරීමෙන්.

මඕරි ජනශ්‍රැතිය අනුව මෞඉට කුරුල්ලෙකුගේ වෙස් ගන්න පුළුවන් කම තිබුණා. එයා අත්තටු වල උදව්වෙන් ගින්දර හොයාගත්ත හැටි අපි කලින් කියෙව්වා.

හවායි ජනකතාවක තියෙන හැටියට, මෞඉ තමන්ගෙ පියාඹන අත්දැකීම් එක්කම තමන්ගෙ නිර්මාණශීලීත්වය හැරෙව්වා සරුංගලයක් හදන්න. එයා අත්හදා බැලීම් ගණනාවකට පස්සෙ විශාල සරුංගලයක් හැදුවා. ඒක කොච්චර ලොකුයිද කිව්වොත්, එයාගෙ කාලෙ දකින්න තිබුණු ලොකුම ගෙදරටත් වඩා විශාල වුණා.

https://i.stack.imgur.com/2d0nV.png
ඒ සරුංගලය උඩ අරින්න එයා ගොඩාක් දිග යොතක් ඇඹරුවා, ඔලෝනා ගස්වල කෙඳි වලින්. සරුංගලයටයි, යොතටයි මෞඉ එයාගෙ මායා බලය ආරෝපණය කළා. ඒත් උඩඅරිද්දි ඒ සරුංගලේ නැගුනෙ හරිම හෙමින්. සුළඟ ඒක උඩට අරං යන්න එච්චර කැමැත්තක් දැක්වුවේ නැති බව පෙනුණා.

හවායි දූපතේ තිබුණු විශාලතම මිටියාවත වුණු, වායිපියෝ වල ජීවත් වුණු පූජකවරයෙක් මෞඉට මතක් වුනා. ඒ පූජකයගෙ නම කලෙයියොකු (Kaleiioku). එයා ළඟ තිබුණා ඉපු-මකනිය ක මෞමෞ නම් ලබු කැටයක්. ඒ නමේ තේරුම තමයි “සදාතනික සුළඟේ ලබු කැටය“. ඒ ලබු කැටය තුළ කලෙයියොකු සුළඟ හිර කරගෙන හිටියෙ. එයාට හිතුණොත් විතරක් එයා සුළඟ ලබු කැටයෙන් නිදහස් කරනව. ආපහු එයාට හිතුණහම සුළඟ ලබු කැටය තුළ හිරකරගන්නව.

මෞඉ කලෙයියොකු ට කතා කරලා; ලබුකැටය ඇරලා, සුළඟ නිදහස් කරලා, හීලෝ වලට එවලා එතනින් වයිලුකු ගඟ දිගේ එවන්න කියල කිව්වා. එයා සරුංගලය උඩ යවලා, යොත අල්ලගෙන හිටියෙ ඒ ගඟේ ඉවුරෙ. සුළඟ ටිකෙන් ටික හමාගෙන එද්දි, මෞඉ තමන්ගෙ දෙපය බිමට තෙරපාගෙන වැර ගත්ත තැන තවමත් එයාගෙ පා සටහන් තියෙනව කියල ස්වදේශිකයො කියනව.

සරුංගලය උඩ යන්න යන්නම, මෞඉ සිංදුවකින් කෑගහල කියන්න ගත්තා, වයිපියෝ නිම්නයට ඇහෙන්න.

“ සුළඟේ, වයිපියෝ සුළඟේ,
කලෙයියොකුගේ ලබු කැටේ ඉන්නා
ලබුකැටෙන් නිදහස් වී එන්න
සුළගේ, හීලෝ හි සුළඟේ,
ඉක්මණින්, ශක්තිමත් වෙමින් එන්න “

කලෙයියොකු පූජකයා ලබුකැටේ මූඩිය විවර කරළා ඒ ඇතුළෙ තිබුණු හීලෝ හි බලවත් සුළඟ මුදා හැරියා. ඒ සුළඟ මුහුදු වෙරළ දිගේ හමාගෙන ඇවිත් හීලෝ බොක්කට එද්දි, එයාලට මෞඉගෙ කටහඬ ඇහුණා.

“සුළගේ, හීලෝ හි සුළඟේ,
මා වෙතට ඉක්මණින් එන්න“

විශාල කළබලේකින් හමාගෙන ආපු සුළඟ කඳුකරය පැත්තට හැරුණා. වයිලුකු ගඟේ දුර්ග සහ උස් ඉවුරු අතරින් තෙරපිලා ගිය සුළඟ, එතනින් උඩට නැග්ගා, ඒ සුළං පාරට මෞඉ උඩ ඇරපු දැවැන්ත සරුංගලේ අහුවුනා. සරුංගලේ නොසෑහෙන වේගයකින් උඩට ඇදිලා යද්දි මෞඉ සතුටින් උඩපැන්නා. එයාට යොත අල්ලගෙන ඉන්න සෑහෙන මහන්සියක් වෙන්න සිද්ධ වුනා. ඒත් එයා සතුටින් ආයෙත් කෑගැහුවා,

“සුළගේ, හීලෝ හි සුළඟේ,
හනික කඳුකරේට එන්න“

මුහුදේ තමන්ගෙ අණසක පතුරුවාගෙන හිටපු දැවැන්ත සුළං රැළි ඔක්කොම ගොඩබිමට හැරුණා. සුළඟ මෞඉගේ ඇඟේ වදිමින් උඩට නැංගා.

සරුංගලය හදල තිබුණෙ මෞඉගෙ අම්මා හදපු ශක්තිමත්ම කපා රෙදි වලින්. ඒක ඉරුණෙ නෑ. ඒත් උපරිමයටම බොකු ගැහුණා සුළඟෙ වේගයට. මෞඉ අඹරපු යොතත් ඒකට ඇදෙන්න පුළුවන් උපරිමයට ඇදුනා. ඒත් සතුටින් මත් වෙලා හිටපු මෞඉ කෑගැසීම නැවැත්තුවෙ නෑ. අන්තිමේ සරුංගලේ යොත කැඩිලා, ඒක ගහගෙන ගියා දූපතේ ගිණිකඳු තියෙන පැත්තට.

මෞංට කේන්ති ගියා. එයා කඳුවලට උඩින් පැන පැන දුවන්න ගත්තා සරුංගලය පස්සෙන්. ඒ කන්දක් අඩි දාහතරදාහකට වඩා පළලයි. පිමි හයකින් විතර පස්සෙ මෞඉ හිටියෙ ගෙදරින් මයිල හැටක් විතර ඈත, සරුංගලය බිමට පාත් වුණු තැන. මෞඉට වේගයෙන් දුවන්න පුළුවන්කම තිබුණා. එයාට කිව්වෙ මෞඉ-මාමා (වේගවත් මෞඉ) කියලයි.

ආපහු ගෙදර ආවට පස්සෙ මෞඉ පරිස්සම් වුනා ඊළඟට සරුංගල් යවන්න සුළඟට ආරාධනා කරද්දි. හවායි වැසියො එයාගෙ වීරකම දැකලා ඒකෙන් යමක් ඉගෙන ගත්තා. සරුංගලයක් උඩ යවන්න සුදුසු වුනේ වියළි කාලගුණයක් සහිත දවසක්. ඉතින් ඒකෙ අනිත්පැත්ත තමයි, සරුංගලයක් උඩ යවල තියෙනවනම් ඒ කියන්නෙ, වැස්සෙන් කරදරයක් නැතුව කපා රෙදි වේලගන්නයි අනික් එළිමහන් වැඩ කරගන්නයි ඕනෙතරම් කාල වේලාව තියෙනව කියන එක. ඉතින් කඳුකරයෙ සරුංගලයක් උඩ පාවෙනව දැක්කොත් ඒඅය කියන්න පුරුදු වෙලා හිටිය, “අන්න මෞඉ සරුංගලයක් යවල“ කියල. ඒ අය විශ්වාස කරනව ඒක උඩ යවල මෞඉ ඒකෙ යොත වයිලුකු ගඟේ ඉවුරෙ තියෙන ගලක ගැටගහල තියෙනව කියල.

සරුංගලෙයි සුළඟෙයි ශක්තියෙන් මෞඉ වැඩක් ගන්න හිතුවා. එයා ඒක එයාගෙ කඳන් දෙකේ ඔරුවට ගැට ගැහුවා. හරි පැත්තට සුළඟ තියෙනවනම්, ඒ ඔරුව ගොඩක් වේගයෙන් ගමන් කළා. ඉතාම ඉක්මණට මෞඉට යන්න ඕනෙ තැනට යන්න පුළුවන් වුනා.

මෞඉ මියගියාට පස්සෙ, (ඒක වෙන දවසක කියන්න වෙන්නෙ.) එයා හවායි දූපත්, නවසීලන්ත දූපත් එහෙම මුහුදෙන් උඩට ඇදල ගත්ත බිලීකොක්ක වයිලුකු ගං ඉවුරෙ ලාවා අතරෙ තැන්පත් වෙලා ගල් ගැහුණු පාෂාණයේම කොටසක් බවට පත් වුනා. ගඟේ ඉහළ තියෙන වා-කෞහි කියා නම් කරපු දිග ගල් දෙකක් මෞඉගෙ කඳන් දෙකේ ඔරුව කියල විශ්වාස කරනව. කඳුකරයෙ මෞනා කියා සහ මෞනා ලොආ අතර තියෙන පැතළි බිම්කඩ, අහසින් බිමට වැටුණු මෞඉගෙ සරුංගලය කියා විශ්වාස කරනවා.

තවත් කතාවක් බලාපොරොත්තු වන්න.

කලින් ලියපු මෞඉගෙ කතා මේං:

52 comments:

  1. අහලම නැති ජනකතා වර්ගයක්.
    /එයා ළඟ තිබුණා ඉපු-මකනිය ක// මේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. /ඉපු-මකනිය ක මෞමෞ නම් ලබු කැටයක් - ඒ නමේ තේරුම තමයි “සදාතනික සුළඟේ ලබු කැටය“/ :-)

      අජිත් කලින් කොටස් දෙක කියවන්න නැතුව ඇති? පහළ ලිංක් දෙක තියෙනව. රසවත්...

      ගොඩක් ස්තූතියි උදේ පාන්දරම (මෙහෙට පාන්දර) කියවන්න ආවට...

      Delete
    2. කියෙව්වා. ලස්සනයි. කියෙව්වා.රසවත් විස්තරයක්.විස්තරයක්. මට මට පස්සේ මතක් වුනේ අර දෙවැනි කතාව අපි අ ළමයින්ට ගෙනාපු ගෙනාපු පොතක ළමා කතාවක් හැටියට තිබ්බ කියල. මෞරි ජාතිකයෝ කියන්නේ ටිකක් අපිට හුරු කට්ටියක් නේද

      Delete
    3. මම කොහෙ හරි කියෙව්ව, පොලිනීසියානුවන් සහ මඕරි වරුන් ආසියාතික සම්භවයකින් එන බව. ඒ නිසා තමයි අපිට හුරු ගතියක් පේන්නෙ.

      මාර විදිහට ජීවිතය සහ සොබාදහම විඳපු ජනතාවක් කියල පේනව ඔය කතා කියවද්දි. නැද්ද? හිතන්ඩකො, නොදියුණු මිනිස්සු, කඳන් දෙකේ ඔරු වල නැගගෙන, සිතියමක්වත් නැතුව අලුත් අලුත් දූපත් හොයාගෙන සංචාරය කරනවයි කියන එක මොනතරම් අවදානම් සහගත, චමත්කාරජනක, පිස්සු වැඩක්ද කියල. මේ අය සමකය වටේ හැම තැනක්ම ආවරණය කරල තියෙනව ඔය විදිහට...

      Delete
  2. මෞඉ කියල ලියනවට වඩා හුරුයි මෞයි කියල ලියන එක. ඒක අපිට හුරු ශබ්දයක්. ඔය කව්රු කිව්වත් අපට ආවේණික ශබ්ද රටාවට උච්චාරණය කිරීම තමා වෙන්නේ. මාත් ඔය පිලුම බලල මේ ජනකතා අරවා මේවා ප්‍රවාද සෑහෙන්න බැලුවා.. අර මෞයිගේ ආයුධය හැඩේට හත්දින්නත් තරු තියේ කියල කියන එක අහල තියේද?

    ReplyDelete
    Replies
    1. එහෙනං මෞවි කිව්වනං වැඩිය හරි. "යි" නෙවෙයි "වි" ශබ්දයක් අගට එන්නෙ.

      හද්දින්නත් තරු ඒ වගේද? අද රෑ බලන්ඩ ඕනෙ.

      Delete
  3. http://mythology.net/greek/greek-gods/aeolus/

    See- bag of winds

    ReplyDelete
    Replies
    1. මොකෝ මට අමතක? ඔඩිසියස් ආපහු ගෙදර යද්දි, ඉයෝලස් ගෙ දූපතට යනවනෙ. එතනදි එළු හම් මල්ලකට හැම වර්ගයකම හුළං පුරවල දෙනව. අතරමගදි ඔඩිසියස්ට නින්ද ගිය වෙලාවක (ඉතකා දූපත පෙනි පෙනී) සේලරුවො ටික අර මල්ල අරල බලනව.

      ඔය සිද්ධිය මට මතක් උනා ඔය හුළං පුරවපු ලබු කැටේ ගැන කියවද්දි...

      දන්නවද? ඔය ඉයෝලස් ගෙ පුතා නෙ සිසිෆස්. අර හැම දාම උදේට තඩි ගළක් තල්ලු කරගෙන යන්නෙ කන්දක් මුදුනට...

      Delete
    2. පර්සි ජැක්සන්ට හුලං දාල දුන්නෙ තර්මොස් එකක
      :-D

      Delete
    3. ඔය කිව්වහම පොඩ්ඩක් හොයල බැලුවෙ. මට ලයිට්නිං තීෆ් නං මතකයි. ඒකෙ හර්මිස් ගෙ පුතා නයිකි සපත්තු දෙකක් දුන්න. මෙඩ්‍යුසා සන්ග්ලාස් දාගෙන උන්න. හොලිවුඩ් බෝඩ් එක යටිං පාතාල ලෝකෙට බැස්ස. තර්මොස් එක මට මතක නෑ...

      බැලින්නං තව ෆිල්ම් එකක් තියෙනව. මැරිල හරි ඒකත් බලන්ඩ ඕනෙ. ටැංකිව් තොරතුරට

      Delete
  4. උදේ පාන්දර ඔලුව විකාර කලාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. what can I say axcept, youre welcome...


      https://www.youtube.com/watch?v=79DijItQXMM

      Delete
  5. අපිටත් පුළුවන් නේද මේ වගේ ජනකතා හදන්න. ඈ....

    ReplyDelete
    Replies
    1. මොකෝ බැරි?

      උඹ නිකං කම්මැලිකමට කතාවක් කිව්වත් ඒක ජනකතාවක් බවට පත්ව‍ෙනව කාලෙයක් ගිහිං...

      Delete
  6. මෙ කථා පෙල අළුත් අත්දැකීමක්
    ස්තුතියි ඩ්‍රැකී.

    ReplyDelete
    Replies
    1. නයනෙ ගොඩ කාලෙකිං... ස්තූතියි ප්‍රතිචාරයට.

      Delete
  7. මේ නම් වලට වෙන කටට හුරු නම් ටිකක් දාගත්තම පොඩි උන්ව නිදි කරන්න හොඳයි.. :D

    ReplyDelete
    Replies
    1. කලෙයියොකු = කලණ යකු
      මෞඉ = මිත්‍ර

      Delete
    2. ඉපු-මකනිය ක මෞ මෞ = සුමිත් කළණසිරි

      Delete
  8. තවත් කතා ටිකක්. දැන් ලේ බොන එක නතර කරලා ද මේ ජනකතා පස්සේ යන්නේ?

    ReplyDelete
    Replies
    1. ආ... මල්ලි. පරණ කතාවෙ දෙවෙනි කොටස් මාලාව ළගදීම බලාපොරොත්තු වන්න.

      Delete
  9. ඩ්‍රැකීගෙ කතා අහන්න ආසයි ඒත් පහු ගිය ඒව මග හැරී ගිහින්

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. ගුණසිංහ මහත්තය ටික දවසකින් දැක්කෙ....

      Delete
  10. මෞඉ ට මම හරි ආසයි අනේ... එයා හරිම කියුට්. එයත් එහෙනම් සරුංගල් යවන්න කියලා කඳු පෙරලගෙන දුවගෙන ගියපු කෙනෙක්! සන්තෝසයි!!!

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තඩියෙක්ට කියුට් කියනවනං ඉතිං, අපිව දැක්කොත් ඔයා වඩාගනියි :-)

      අර You're welcome සිංදුවෙ තියෙන්නෙ පොර සරුංගලයක් එක්ක ගහගෙන යන සීන් එකක්... ඒක තමයි මේ.

      Delete
    2. ඔයා කියන්නේ ඩිරකියෝ (හෑ .. ඔයාගේ නම ලියන්න බැහැනේ!) මම එයා ගැන කියවනකොට සම්පුර්ණයෙන්ම ඒ සින්දුව ඔලුවේ වාදනය කරමින්, රූපරාමු ඔළුගෙඩියේ ප්‍රොජෙක්ට් කරමින් තමයි කියවන්නේ. ඇයි ඌ කියුට් නැතිද? ගල්ගෙඩියක් වගේ හිටියට එයාගේ ටැටූ දොස් කියද්දී උනත් නැතුව උනත් මෝනාට උදව් කරනවනේ!

      Delete
    3. හැක්... ඩ්‍රැකී කියල ලියන්ඩ ඔච්චර අමාරුය?

      හැබෑට මට තරම්ම සිනමා උම්මාදයක් තියෙන තව මනුස්ස පරාණයක් ඔය දැක්කමයි.

      මෞවි කියුට්, ඇතුලාන්තයෙං. ඒ වගේම මං ආසයි ඌ මොආනව මුහුදෙ දාන සීන් වලට. අර කුකුළට කියන්නෙ, මයෙ බඩ ඇතුලෙ දාගෙන ආදරේ කරනව කියල... එව්වට එහෙම. හෙණ ජොලි, සංවේදී, හොඳ, අත්මාර්ථකාමී, කීර්තිය පස්සෙ හඹා යන, පරාර්ථකාමී... එහෙම කළවමක් තමයි උන්දැගෙ තියෙන්නෙ.

      Delete
    4. මගේ සිනමා උන්මාදය ටිකාරියක් විතර ප්‍රසිද්ද එකකි. විශේශයෙන් ඇනිමේටඩ් ඒවාට. zootopia බැලුවද? අන්න මූවි!! කියල වැඩක් නෑ

      උගේ කියුට් ගතිය නම් ආසම විදියක්. මෝනා උනත් මාර හැගීම් දනවන මූනක්. ඇක්ශන් නියමයි අනේ...

      ඔන්න ඉතින් මාව ආයෙමත් ඕක බලන්න පොලබවනවා....

      Delete
    5. ඈහ්... සූටෝපියා මොකෝ නොබැලුවෙ? මං බලපු හොඳම ඇනිමේටඩ් ෆිල්ම් තමා ඒ. ලිස්ට් එකක් ඕනෙයි?

      How to train your dragon
      How to train your dragon 2
      Despicable me
      minions
      Up
      Cars
      shrek
      shrek 2
      ice age 1,2,3,4, and shorts
      croods
      good dinosaur
      wall E
      ratatouille
      frozen
      Monsters Inc.
      wreck is ralph
      tangled
      hotel transylvania
      bolt
      (හිතට ආව පිළිවෙලට)

      මොආනගෙ තියෙන ඇක්ෂන් නම් පිස්සු තමා ඈ... අර කුණාටුවෙන් පස්සෙ මෞවි ඉන්න දූපතේ වෙරළෙ ඉඳං මුහුදට බණින හැටි කොහොමද? “මාළු දවස තිස්සෙ ම තමුසෙට චූ කරන එකයි!...“ මෞවි ගෙ මං ආස පොඩි පොඩි දුෂ්ටකම් වලට. (හේතුව මොකද දන්නෑ...)

      Delete
    6. අඩේ මං වගේ තව උං ඉන්නව එහෙනං ..
      ඒත් මං ඇනිමෙ බලනකොට අපෙ අම්ම බනින විදිහ තමා ඉවසන්ඩ බැරි ...
      මං බලනව විතරක් නෙමේ එකතුත් කරනව ...
      දැනට ටෙරා එකහමාරක් විතර තියනව ...

      Delete
    7. හැක් හැක්... කොහෙද මෙච්චර කල් ගිහිං හිටියෙ නිවුන්නො?

      මං ගාව තියෙනව ඩීවීඩී අල්මාරි බාගයක්... අපි එක අත්තෙ කුරුල්ලොනෙ, වවුලයි මදුරුවයි උනාට.

      Delete
    8. මටත් ඩ්‍රැකියානි ඉස්සර බැන්න, පොඩි එකා වගේ කාටුන් බලනව කියල. ඒත් පුතාට බලන්න දාල දුන්නට පස්සෙ, එයාටත් රහ වැටුණ ඒව ගැන.

      Delete
    9. ලිස්ට් එකේ සියල්ලම බලා ඇත. ඊට අමතරව
      Despicable me 2
      trolls
      monster university
      tinker ball ( all series)
      cendarella
      jungle book
      madaguskar
      planes

      අනේ තව ඇත. ලිවිමෙන් ආභාධ සහිතය.

      Delete
    10. මාත්
      Despicable me 2
      monsters university
      madagascar 1, 2, 3 + Penguins of Madagascar
      planes
      ෆිල්ම් වලට ආසයි.

      අර ටිංකර් බෙල් සීරීස් එක බැලුවෙ නෑ, ගෑල්ළමයි ගෙ එකක් කියල හිතල.

      අෘ... තව හෙණටම ආස එකක් තමා, Sing! කෝමද ඒකෙ සිංදු ටික? මං ආසම: ඉත්තෑ කෙල්ලගෙ රොක් සිංදුවයි, මීයගෙ පොප් සිංදුවයි...

      තව,
      Mr. Peebody and Sherman
      Finding Nemo
      Finding Dory
      Kung Fu Panda
      Chicken Run
      A Bug's Life
      Rango
      Surf's Up
      Horton hears a Hoo
      The Lorax
      Puss in Boots
      Cloudy with a Chance of Meatballs
      arthur christmas
      Ants
      Toystory
      Frankenweenie
      ...

      මොකද්ද ආබාධ ගැන කිව්වෙ?

      Delete
  11. னයා ටෝච් එකට බැට්‍රි කෑල්ලක් දාගන්න ආවෙ. කියවන්න පස්සෙ එන්නං.

    ReplyDelete
    Replies
    1. බැටරි දාන්ඩ මෙහෙ එන්නෙ? මේක කඩෙයක් කියල හිතුවද?

      Delete
  12. බොට කියන්න මාත් ඔහොම සරුංගලයක් හදල යැවුව. හුළගටත් ආරාධනා කළා. මොන...


    ඒක උඩ ගියේ නෑ කියහංකො. හැක්..

    ඒක වැටිච්ච තැන තමයි ප්‍රා.සභා පිට්ටනිය කියල මිනිස්සු විස්වාස කරනව.

    ReplyDelete
    Replies
    1. පත්තර නැට්ටක් ඇලෙව්වනං කොම්බු ගහන්නෑනෙ. කොහෙද ඉතිං දෙකක් දාගත්තහම උඹලට සියුම් තාක්ෂණික උපක්‍රම අමතක වෙනව.

      Delete
  13. උඹ කීපාරක් මොනා බැලුවද ..??
    ඒක බොක්කටම වැදිල වගේ ..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්...

      අපේ පුතා අවුරුදු දෙකයි වයස. පහුගිය කාලෙ එයා දවසකට තුං හතර පාරක් මොආනා බැලුව, මට ඉබේ බැලුනා. දැං බලන්නෙ ඉන්සයිඩ් අවුට්.

      Delete
    2. inside out????? අන්න මූවී!! නැද්ද. මාර කන්සෙප්ට් එකක් නේද ඒක!!

      ඔහොම අදහසක් මගේ ඔලුවේ තිබ්බා මම පුන්චි කාලේ. කෝ කොහෙද ඉතින් වටේ උන්නු එවුන් කිව්වනෙ මට කොයිල් කියල! අන්න බලන්න නේද ඈ??

      Delete
    3. සිරාවට... අන්න සංකල්ප...!

      වටේ ඉන්න උං කොයිල් කියන්නැත්තෙ මොනවටද ලිකී? සැලෙන්ඩ නාකයි. බැලුවද, Riley's first date?

      Delete
    4. තාම නැත.
      බලන්නම්. අනේ ඉතින් මාව ලමාරක්ශකෙන් හොයයිද?

      කමක් නෑ තව කට්ටිය ඉන්නවනෙ.

      Delete
    5. මායි ඇනෝෆීලිසුයි ඉන්නව ඇප දෙන්ඩ. බය වෙන්ඩ එපා ලිකී...

      Delete
    6. ඔය දෙන්නට ඇප දෙන්නේ එතකොට?????

      Delete
  14. වෙනස්ම විදියේ කතාවලින් අපිව දැනුවත් කළාට ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. what can I say axcept, youre welcome...


      https://www.youtube.com/watch?v=79DijItQXMM

      Delete
  15. මට අර පින්ටූරේ දැක්කට පස්සේ වර්තමාන ටැටූ කලාවට ඒවායේ පෝෂණය ලැබී ඇති සිතනවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. පච්ච කෙටීම බොහෝ ප්‍රාථමික සමාජ වල දකින්න තියෙන අංග අලංකරණ ක්‍රමයක්. නූතන පච්ච කලාවට ගොඩක්ම චීන, අප්‍රිකානු රෑප වලින් සකසාගත්ත පින්තූර යොදාගන්නව.

      Delete
  16. Replies
    1. මොකෝ මං නොදන්නෙ තරියා?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි