Thursday, August 16, 2018

පිටස්තරයාගේ වාර්තාව අංක 02 - රැකී රක්ෂා

http://2.bp.blogspot.com/-Z-jCBqHeaR0/TrVtBam2zoI/AAAAAAAAAAc/
BOK3Z7FluRw/s1600/1844152drawn2.jpg

මේ ග්‍රහ ලෝකයේ බුද්ධිමත් සත්ත්වයින් කොටසක් ද සිටිති.

ඔවුහු අනෙකුත් සත්ත්වයින් වගේම ආහාර ගනිති, ආශ්වාස ප්‍රශ්වාස කරති, තම වර්ගයා බෝකරති, උපදිති, මියයති... ඒත් ඔවුන්ගේ චර්යාවෙන් වැඩි හරිය අනිකුත් සත්ත්වයින්ට වඩා විහිළු උපදවන තරම් වෙනස් ය. "රැකී රක්ෂා" යනු එයින් එක් චර්යාවකි.

මොවුහු දිනපතා "රස්සාව" යැයි හඳුන්වන දේකට යති.

වෙනත් සත්ත්වයින් සේම ආහාර සොයා යාම එක් කොටසකගේ රස්සාවය. සොයා යාමටත් වඩා ඔවුන් කරන්නේ ආහාර නිපදවීම යැයි කියනු ලැබේ. වෙනත් ජීවී විශේෂ අමුතුවෙන් රෝපණය කරන ඔවුහු, තවත් ජීවී විශේෂ අල්ලාගෙන මරති. තමුන්ට දිනපතා උවමනා ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩි ප්‍රමාණ වලින් ඔවුහු මේ වැඩය කරති.

තවත් කොටසක් අනික් උදවියගේ චර්යාව පාලනය කරති. ඔවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණය නම් නිල ඇඳුමක් ඇඳීමය. එය එක්කෝ කාකි පාටැති කළිසමක්, කමිසයක් හා තොප්පියකි. නැතිනම් කහ හෝ තැඹිලි හෝ ගුරු පාට රෙද්දක් ගෙන ඇඟ වටා දවටා ගැනීමකි. මොවුන්ගේ උපදෙස් හෝ නියෝග අනික් උදවිය පිළිපදින්නේ ද හරිම විකට අන්දමකට ය. මේ අය ඇති තැන ඔවුන්ගේ උපදෙස් පිළිපදින බව ඉතාම මැනවින් පෙන්වන සහ ඊට ඉතා කැමැත්තෙන් කීකරු වන බව පෙන්වන උදවියම, ඉහත කී පාලනය කරන්නෝ නැති තැන එම උපදෙස් පසෙක ලා තමන්ට උවමනා පරිදි හැසිරෙති. හැබැයි එසේ නිදහසේ හැසිරෙන යමෙක්ගෙන් තමන්ට හිරිහැරයක් වූ තැන හිරිහැරයට ලක් වූ තැනැත්තාට, අර උඩින් කී උදවියගේ උපදෙස් හා නියෝග නිතැතින් මතක් වේ.

ඉහත කී කහ, තැඹිලි හෝ ගුරු පාට රෙදි පෙරවන්නන්ගේ රක්ෂාව ඉතා පහසුය. සෙසු සත්ත්වයින්ට තේරුම් ගත නොහැකි පටළැවිල්ලක් කියාපෑමට ඔවුන් කුඩා කළ සිටම පුහුණු කර තිබේ. ඒ පටළැවිලි සහගත දේට දෝත් මුදුන් තියා වඳින සෙසු සත්ත්වයා, තම තමන් සතු ඕනෑම දෙයක් මේ රක්ෂාව කරන උදවියට නිකම්ම දෙති. ඒ වෙනුවට ඔවුන්ට යමක් ලැබෙන අතර, එය ලැබෙන්නේ ඔවුන්ගේ ජීවිත කාලයෙන් පසුව වන්නේය.

මෙම රැකියාවම කරන තවත් අය සිටින අතර, එයින් සමහරෙක් උඩුකය නිරුවත්ව රත්තරන් නම් ලෝහය පොරවාගෙන සිටින අතර, තවත් උදවිය සුදු ලෝගු හෝ වස්ත්‍ර හඳිති.

"මුදල්" යැයි සම්මත යමක් වේ. එය මේ ලෝකයේ බුද්ධිමත් සත්ත්ව වර්ගයාගේ ඉහළම ආශාව, සංතුෂ්ටිය සහ වන්දනීය දෙය වේ. මේ කියන මුදල් සකස් කරන්නේ "ආණ්ඩුව" යැයි කියන සමූහයක් මඟිනි. ආණ්ඩුව කියන්නේ මෙම සත්ත්ව වර්ගයේ බහුතරයකගේ කැමැත්ත අනුව පත් කරගන්නා, එම වර්ගයේම එක් කොටසකි. සත්ත්වයින් කෝටි දෙකකගේ කැමැත්තෙන් දෙසීය විසි පස් දෙන‍ෙක් තෝරා ගනිති. උන් හැඳින්වෙන්නේ "පාර්ලිමේන්තුව" යන නමිනි.

ඒ දෙසීය විසි පහට අර කෝටි දෙකේම ගෞරවය ලැබේ. ඒ වගේම උන් හට අර උඩ කී පාලනය කරන්නන්ගේ උපදෙස් හෝ නියෝග අදාළ වන්නේම නැත. උන්ට රිසි රිසි සේ සම්පත් භුක්ති විඳිමින් ජීවත් වන්නට ඉඩ සැළසී තිබේ. ඒ වෙනුවට ඔවුන් රට "පාලනය" කිරීම, "ප්‍රතිපත්ති" සකස් කිරීම සහ "සංවර්ධනය" කිරීම යන කාර්යයන් කරති. ඒ නම් වලින් හැඳින්වෙන්නේ රටේ මුදල් සහ රටට ලැබෙන මුදල් මහාපරිමාණයෙන් යොදවා යම් යම් දේවල් කරවමින් ඉන් වැඩි හරියක් මුදල් තමන්ගේ සහ පවුලේ උදවියගේ සන්තකයේ තබා ගැනීම ය.

මෙකී දෙසීය විසිපහෙන් කොටසක් "ඇමති" හා තවත් එකෙක් "අගමැති" ලෙස හැඳින්වෙන අතර, අර කී දෙකෝටියෙන්ම තෝරාගන්නා තවත් එකෙක් "ජනාධිපති"ලෙස හැඳින්වේ. උන් ඉතාම වාසනාවන්ත කොටස ය. මොවුන් හට තම පෞද්ගලික කටයුතු කරගැනීමට අවශ්‍ය සියලු දේ නොමිලේ ලැබේ. වාසයට නිවසක්, පරිහරණයට වාහන, ඒවාට ඉන්දන, විවිධාකාර පරිහරණයට අතවැසියන්, යම් යම් දේ එතීමට, අත පිසදමා විසිකිරීමට සහ රටේ සිදුවෙන දේවල් දැනගැනීමට පත්තර, "බැංකු ගිණුම්" යන දේට තැන්පත් කිරීමට "වැටුප්", යම් යම් කටයුතු කරදීම වෙනුවෙන් සෙසු උදවියගෙන් ලැබෙන "අල්ලස්" සහ "කොමිස්", ඇමති විදිහට ඉන්නා කාලසීමාව අවසානයේ බැංකුවල තැන්පත් කිරීමට විශ්‍රාම වැටුප්, දරුවන්ගේ රැකී රක්ෂා සඳහා අනාගත ඇමතිකම්, හිත මිතුරන්ගේ ජීවිකාව සඳහා "රජයේ රක්ෂා" හෝ "කොන්ත්‍රාත්" ආදී දේ මොවුන් හට සැපයේ.

තවත් කොටසක් රක්ෂා වශයෙන් විවිධාකාර දේ කරති. ඔවුන් එම රක්ෂා වලින් මුදල් ද උපයාගනිති. ඒ මුදල් වලින් කොටසක් අර උඩින් කී ආණ්ඩුවට විවිධ අවස්ථාවලදී ගෙවිය යුතු වන්නේය. ඒ ගෙවන මුදල් වෙනුවෙන් ආණ්ඩුවෙන් ඔවුන්ට මොනම දෙයක්වත් සෘජුව ලැබෙන්නේ නැත. මෙම රක්ෂා කරන අය තමන්ගේ ආහාරය පිණිස යම් කිසි දෙයක් මුදලට ගන්නා විවිධ අවස්ථා වලදී, ඒ භාණ්ඩයේ වටිනාකමට අමතරව යම් මුදලක් ආණ්ඩුවට ගෙවිය යුතු වන්නේය. ඒත් ඒ භාණ්ඩය තැනීමටවත්, එය මිලදීගන්නා තැනැත්තා වෙත ගෙනත් දීමටවත් ආණ්ඩුව කිසිදු වියදමක් කර නැත. යමෙක් තමන්ගේ භාවිතයට වාහනයක් ගන්නා විට එම වාහනයේ වටිනාකම මෙන් කීප ගුණයක මුදලක් ආණ්ඩුව මොවුන්ගෙන් අයකර ගනිති. ඒ ද, ඒ වාහනය වෙනුවෙන් ආණ්ඩුව කිසිම මුදලක් වැය කිරීමෙන් තොරවය.

එසේ ආණ්ඩුව එකතු කරගන්නා මුදල් වලින් "පාර්ලිමේන්තුව", "ඇමති" ආදීන් සහ "රජයේ සේවක"යන් ගේ වැටුප්, වරප්‍රසාද ආදිය සළසා දනෙු ලැබේ. ඉහත කී වාහන ගැනීමේදී ද පාර්ලිමේන්තුවට සහ ඉහළ යැයි සම්මත රජයේ සේවයේ උදවියට ඉහත කී පරිදි ආණ්ඩුවට විශාල මුදලක් ගෙවීමට සිදු වන්නේ නැත.

මා මෙතක් කාලයකට තේරුම් ගත් දේ මේ විදිහය. මේ ලෝකයේ බුද්ධිමත් සත්ත්වයින්ගේ රැකී රක්ෂා හරිම සංකීර්ණ බවින් යුක්තය. දැනටමත් මට පිස්සු වගේය. ඔබහටත් එසේම වේවා!

http://www.sangam.org/2008/07/images/Collettecartooncirca1956.JPG

48 comments:

  1. Mama hithanne eka eka sathwa kottashaya ha karya bharaya gana awabodayak labaganna me post eka hama kenekma kiyawiya yuthuyi kiyala!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සරත් මහත්තයා... පළවෙනි කමෙන්ට් එකෙන්ම හිත පිරුණා...

      Delete
  2. ඔය අතර එක් කාලයකදී ඔය බුජ්ජිමට් යැයි සැලකෙන සත්ත්ව කොට්ටාශය තම වමතේ සුළැඟිල්ලේ කහට තවරාගෙන කඩදාසි කොල කැබැල්ලක පැන්සලයකින් කතිරයක් ගසා ලී පෙට්ටියකට දමා එති.

    ReplyDelete
    Replies
    1. ඊටපසු අල්ලපු එකාගේ ගෙදර ගල් ගැසීම සහ හූ කීම ගජරාමෙට සිදු කරති. ඒකට "දේශපාලනය" යැයි කියනු ලැබේ.

      Delete
  3. උඹ දැක්කෙ නැද්ද බුක්ධිමට් னයි ඉන්නව.

    ReplyDelete
    Replies
    1. උඹ මෙහෙත් ආවද? ආවනං දෂ්ට කරල පලයං, වැඩිය සද්ද නොකර...

      Delete
    2. ‘පුෂ්‘ ගාන සද්දෙ නැතුව දෂ්ට කරන එකේ කිසි ගතියක් නෑ බං.

      Delete
    3. හා හා එහෙනං කණට කරල 'පුෂ්' ගාහං...

      Delete
  4. "Religion is regarded by the common people as true, by the wise as false, and by the rulers as useful." ~
    - Seneca

    “Politics: “Poli” a Latin word meaning "many" and "tics" meaning "bloodsucking creatures".”
    ― Robin Williams

    ReplyDelete
    Replies
    1. "I've got nothing against God, it's his fan club I can't stand"
      - Me

      "If you can't convince them, confuse them"
      - Harry Truman

      Delete
  5. Replies
    1. ඒ... බං, අක්ක එහෙම කොහොමද? හොඳිං ඉන්නවද?

      Delete
    2. මම දන්නැතුව මූට අක්ක කෙනෙකුත් ඉන්නවද බං.

      Delete
    3. ඥාති වෙන අක්කෙක් ඉන්නව බං. දවසක් ෆේස්බුක් එකේ දාල තිබ්බ පොටෝ එක...

      Delete
    4. සහෝදර ප්‍රේමය අයියන්ඩී... හැක්!

      Delete
    5. බොට සහෝදර ප්‍රේමය වෙන්ඩ පුළුවං. අපිට පාං යැ...?

      Delete
  6. Replies
    1. අර කව්බෝයි අයිය අහනව වගේ... "මොකද හුග් ගාන්නෙ?"

      Delete
  7. මටත් පිස්සු වගේය. ඔබහටත් එසේම වේවා!

    ReplyDelete
    Replies
    1. හා හා...! පවුලෙ රහස් ප්‍රසිද්ධියෙ කියන්ඩ එපා යකෝ!

      Delete
  8. මමත් ආයමත් ආවා බ්ලොග් වලට සියලු ගවුරවය කමියාට

    ReplyDelete
    Replies
    1. බලහං ඔය කමිසයා කරපු දේ...!

      Delete
  9. මේවා අහලා දැකලා මට නම් හොඳටම පිස්සුද කොහෙද ?
    බොහොම රසවත් මේ වියමන.
    බොහොම ස්තූතියි ඔබතුමාට.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාටත් බොහෝම ස්තුතියි අගය කිරීමට

      Delete
  10. ටික කාලෙකට පස්සෙ හදිසියෙම ඩ්‍රැකී නැගිටලා අපිව පිස්සු වට්ටනෝ

    ReplyDelete
    Replies
    1. මීළඟ පෝස්ටුව 2020ට පෙර බලාපොරොත්තු වන්න... :-)

      එතෙක් ඔබට ගොඩක් ස්තූතියි ගුණසිංහ මහත්තෙයා!

      Delete
  11. මෙහෙම සත්වයෝ සිටින්නේ ලංකාවේ පමණි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ලංකාවේ පමණක් නොවේ විචාරක දියණි, මොබුටු, මාකෝස්, අබ්දුල් ගයූම් ආදීන් ගේ පාලන කාලයන්; බුරුමයේ අශින් විරතු භික්ෂුව දෙසන්නේත් බුදු බණ නම් නොවිය හැකියි. කොතනත් දේශපාලන සහ ආගමික බලය යනු ලේසි සහ වරප්‍රසාද සහිත රස්සාවක්.

      Delete
    3. මම දන්නේ නැහැ මකපු කෙමෙන්ට් එක මොකක්ද කියලා..ඒ උනාට නන්ගෝ කෙමෙන්ට් වලට සැලෙන්නවත් හිත රිදවගන්නවත් එපා..ඇනෝලාට විචා දුන්නේ දුවන්න

      Delete
  12. Vadath bayanaka kaha pata uniform gahana kattiya. Hethuwa eyala palakayo kiyana kattiyaga Reid hodana gaman general public unta agaisnt yana eka nawaththanna various reasons desa banawa. Theire trump cards are karmaya, life after death, dhaarmaya etc.They will never talk about our rights.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අම්මා පොතේ තියෙනව එක තැනක, "පූජකයන් දුප්පතුන්ට පෙන්වන පොල්ලක් වැනි නපුරු දෙවියන් වහන්සේ" ගැන.

      කොතනත් ආගම කියන්නෙ මිනිසුන් භේද කරවන, පංති භේදය ගැන උපේක්ෂා සහගත කරවන, රජයට එරෙහි කැරළි අධෛර්යවත් කරන, රජයට වාසි සහගත සිවිල් අරගල උත්සන්න කරවන මෙවළමක්...

      Delete
    2. ආගම් ජාති ඇදල අරන් රන්ඩු කරන එක සහ සමාජ තත්ත්ව ගැන මිනිස්සු ගහන බයිලා නම් මට පෙන්නන්න බෑ. ඔය ප්‍රශ්නෙ සහ ඔය සම්බන්දයෙන් මන් දරන ආකල්ප නිසා පුන්චි කාලෙ ඉදන් මට නීති දස දහස් ගනනක් දාල තිබුනා.

      ඇත්ත. ගොඩක් දුරට දේශපාලන වාසි තකා මේ දේවල් පාවිච්චි වෙන අවස්තා වැඩී වගේම කොයි තරම් තේරුම් කරන්න උත්සහ කරත් මේ දේවල් ඔලුවෙ දාගෙන ගහ මරාගන්න කොටසක් හැමදාමත් මේ සමාජෙ ඉතුරු වෙනවා.

      Delete
    3. මං ලිව්වෙ මට පේන දේ... මට පේන විදිහට මුඛ්‍ය පරමාර්ථය විදිහට කියන දේ නෙවෙයි සිද්ධ වෙන්නෙ, වෙනම දෙයක්. ඒක මොන ක්ෂේත්‍රයෙදි වුනත් එහෙමයි කියල පේනව. උදාහරණෙකට ගත්තොත්, ගිහියන්ට සියලු දේ අත්හැරලා මතු ආත්ම වල සුවපත් වෙන්න කියන ගමං, පූජකවරු ලෞකික සැපසම්පත් වැඩි වැඩියෙන් භුක්තිවිඳිනව. පුවත්පත් වලින් සත්‍ය තොරතුරු ජනතාවට දෙනව කිව්වට, ඒ අය කෙරන්නෙ ඕපාදූප සහ කුණු රසය ගෙන දෙන සිදුවිම් සාහිත්‍යමය විදිහට ඉදිරිපත් කරමින් තමංගෙ පත්තරේ වැඩි වැඩියෙන් විකුණගන්ඩ මහන්සි වෙන එක.

      Delete
  13. හ්ම් මේ සැරේ නං වැඩේ හරි වගේ.
    පොඩ්ඩක් අල්ලගෙන හිටු අර නයා ආධාර පත්තරයක් එකතු කරනව
    බෝට බේත් ගන්න. මාත් සුපියල් පහක්ම ලීවා ලොකු අකුරින්.

    ReplyDelete
    Replies
    1. පහක්ම ලිව්වනං වැඩේ ටක්කෙටම හරි. මං දැක්ක නයා කසිප්පු පොළ පැත්තෙ යනව හවස ආධාර පත්තරෙත් අරං. එතනිං ලොකු ගාණක් ආධාර ඉල්ලගන්ඩ වෙන්ඩැති...

      Delete
    2. ආදාර පත්තරෙත් කිහිල්ලේ ගහගෙන වැනි වැනි නයා හවස ගෙදර ගියා දැක්කා...

      Delete
    3. බඩාගාගෙන ගියෙ... බඩගාගෙන...

      බයිද වේ, ආදර පත්තරේ කිව්වෙ මොකද්ද බං? සීදේවි ද?

      Delete
    4. එකතු වෙච්ච ගාන කසිප්පු පැකට් එකකටත් මදි බං.

      Delete
  14. පිස්සු හදෙන්න දෙයක් නෑ ඉතින් ආයෙ අමුතුවෙන්... :P

    ReplyDelete
    Replies
    1. ඔව්! අහුවෙයකො ගල් ආඳි වෙලාවක, ආඳා යවා තබාලා වලපත අතට ගන්නෙ එහෙනං දැනගං...

      Delete
  15. Replies
    1. මීවනපලානේ ඩ්‍රැකරත්න

      Delete
  16. මා හැර අනෙක් සියලු සත්වයෝ නිවන් දකිත්වා.. එතකොට මට නිකන්ම මේ ඔක්කොම ලැබෙනවනේ..

    ReplyDelete
  17. னයා ඇවිල්ල පොත අස්සං කරල ගියා.

    ReplyDelete
  18. බඩ වියත රැකගෙන ආතල් එකක් ගන්නෙ කොහොමෙයි ඔහොඅ රස්සා නොකර😒😒

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි