tag:blogger.com,1999:blog-30850960224799011222024-03-18T08:29:20.079+05:30ඩ්‍රැකීගේ අඩවියඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger303125tag:blogger.com,1999:blog-3085096022479901122.post-9220595212651004132023-12-31T02:49:00.002+05:302023-12-31T02:49:24.137+05:30වෙතාල කථා - 7 තරඞ්ගය
6 තරඞ්ගය

ශූරයාට ඕතොමෝ දිය යුත්තී ය. හෙතෙමේ සියසිරුරත් සියපණත් නො තකා බාබෙලෙන් (අතෙහි ශක්තියෙන්) රකුසා පරදවා කාන්තාව ලබා ගත්තේ ය. ඥානි විඥානි දෙදෙන ඔහුට උපකාරී වූහ. එපමණකින් ඒ කාන්තාව ඔවුන්ට අයත් නො වේ. නැකැත්තන් හා වඩුවෝත් අන්‍යයන්ට උපකාර නො වෙත් දැයි සලකනු මැනවැ"යි රජතෙමේ සිය පිළිතුර අවසන් කෙළේ ය. වේතාලයා අතුරුදහන් වී ය.

7. තරඞ්ගය

1

රජතෙමේ නැවත ද ඇට්ටේරියගස මුලට ගොස් වේතාලාධිෂ්ඨිතශවය (වේතාලයා වැහුනු මිනිය) කර තබා ගෙණ ගමනාරම්භ කෙළේ ය. නැවත ද වේතාලයා කථාරම්භ කෙළේ ය.

සත්‍වශීලචරිතය

නැගෙනහිරදිග වෙරලෙහි තාම්‍රලිප්ති නම් නගරයක් ඇත. එහි චණ්ඩසිංහ නම් රජෙක් රාජ්‍යය කෙළේ ය. හේ ධීර ය. වීර ය. ත්‍යාගි ය. වැසියන්හට පියෙකු වැන්න. එක් දිනෙක්හි දකුණුදෙස්වැසි සත්‍වශිල නම් එක්තරා දිළිඳු කැත් කුමරෙක් එතුමන් වෙත පැමිණ සේවයට බැඳුනේ ය. බොහෝකල් රාජසේවය ද කෙළේ ය. එසේ ද වූවත් කැත්කුමරා හිතූ තරම් වැටුප් ඒ රජුගෙන් නො ලැබින. "මමම රජකුලයෙහි උපන්මි. එහෙත් මෙතරම් නිර්ධන වූයේ කවර හෙයින් ද? දිළිඳු නමුදු, කවර හෙයින් මහබඹහු විසින් මම මහෙච්ඡයෙක් (බොහෝ ආශා ඇත්තෙක්) කරණ ලද්දෙම් ද? මේ රජතෙමේ බොහෝකලක පටන් මෙසේ වෙහෙස ගෙණ සේවාකම් කරණ, කිලිටි වූ ගත් ඇත්, බඩසාදුකින් පෙළෙන මා දෙස අද වත් නො බලයි. අහෝ! රජුන්ගේ ක්‍රෑරගතියක හැටි! මෙහෙකරුවන්ගේ සුවදුක් නො සොයන අධිපතීන්ට නින්දා වේවා! නැහැ. නැහැ. අපේ රජතුමා එබඳු අධිපතියෙක් නො වේ. එතුමා යහපත් සේවකයන්ට කප්රුකකි. එතුමා නරක ය යි සිතන මට ම නින්දා වේවා! මම අයහපත් සේවකයෙක් ද? නැත. ඉතින් එසේ නම් මට පමණක් මෙබන්දක් වීමට හෙතුව කිම? හෙතුව තමයි, අභාග්‍ය ය. අහෝ! මගේ අභාග්‍යයක මහතැ!"යි සිතමින් කල් ගෙවී ය.

එක් දවසෙක්හි රජ මුවදඩ යනු පිණිස මහසෙන් පිරිවරා නික්මින. භාග්‍යයට ලං ව සිටි සත්‍වශිල ද ඒ සමග ගොස් රජු වෙත ම සිට නොයෙක් වික්‍රම පෑ ය. වාතාශ්වරූඪ වූ රජ සහ සත්‍වශිල ද මුවන් ලුහුබැඳ වනයෙහි බොහෝ දුර ගියහ. රජතෙමේ, සියසෙනඟින් වෙන් වූයේ, ආ මග තෘණපර්‍ණාදියෙන් (තණකොළ ආදියෙන්) වැසුනු හෙයින් දත නො හී, තමන් පසු පස්සෙන් පයින් ම දුවමින් සිටි සත්‍වශීලයා දැක "යහපත් පුරුෂය, කිම, ආ මග දන්නෙහි දැ?"යි පිළිවිත. (ඇසී ය.) හේ බදැඳිලි ව (අත් දෙක එක් කොට ගෙණ) "එහෙයි, දේවයන් වහන්ස, එය දනිමි. ඔබ වහන්සේ බොහෝ වෙහෙසුනු සේක. එහෙයින් මෙහි මඳක් කල් නැවතී විශ්‍රාම ගන්නා සේක්වා. දෙවයන්වහන්ස, මේ මිහිකතගේ මෙවුල්දමෙහි මැදිමිණිරුවන වැනි වූ පැතිරෙණ රශ්මිමාලා ඇති පද්මබන්දු (සූර්ය්යා) තෙමේ අහස් මැද අතිශයින් බබලා ය"යි සැළ කෙළේ ය. රජතෙමේ ඔහුගේ බස් පිළිගෙණ පැන් ටිකක් සොයා ගෙණ එනු පිණිස ඔහු මෙහෙයී.

සත්‍වශිල ද රජු අණ මුදුනෙන් පිළිගෙණ ඉතා උස් රුකක් මුදුනට නැඟ හාත්පස බැලී. වනමැද අතුළ රිදී පටක් මෙන් ගලා බස්නා මනරම් මහගඟක් දැක, සතර මහානිධානය දුටු මහදුගියෙකු මෙන් සතුටින් ඉපිළ ගියේ, ගසින් බැස අවුත් ඒ බව රජුට සැළ කෙළේ ය. රජතෙමේ ද ඔහු සමග එහි ගොස් දිය නා වෙහෙස සන්සිඳවී ය. රජු නාන අතර සත්‍වශිල ද අසුට තණපැන් දී විඩා දුරු කෙළේ ය. රජු නා අවසන්හි සත්‍වශිල සියඔඩොක්කුවෙන් ඇඹුලු (නෙල්ලි) ගෙඩි ගෙණ සෝදා රජුට පිළිගැන්වී ය. රජ "ඒ කොයින් ලබන ලද දැ"යි විචාළේ ය. "දෙවයන් වහන්ස! ගත වූ අවුරුදු දසයෙහි මම බෙහෙවින් ඇඹුලු කමින් ඔබ වහන්සේට සේවය කරමින් හැසිරෙමි. එහෙයින් මා අතෙහි ඇඹුලුපල නිතර ම තිබේ ය"යි පිළිවදන් දුන්නේ ය.

රජ ඔහුගේ බැගෑ තෙපුල් අසා ලජ්ජිත වූයේ "සේවකයන්ගේ සුවදුක් නො දන්නා වූ රජුන්ට නින්දා වේවා. රජ්ජුරුවන්ට සේවකයන්ගේ අවස්ථා නො දන්වන රජ පිරිවරට ද නින්දා වේවා!"යි සිතා සත්‍වශිලගේ බලවත් ඉල්ලීම නිසා නෙල්ලිගෙඩි දෙකක් ගෙණ වළඳා දිය බී මඳක් කල් විශ්‍රාම ද ගත්තේ ය. ඉක්බිත්තෙන් සත්‍වශිල විසින් පෙන්වන ලද මගින් නුවරට ගොස් බොහෝ ධනධාන්‍යයන්ගෙන් සත්‍වශිලගේ ගෘහය පිරවී. එතෙකුදු වුවත් නෙල්ලිගෙඩි දෙකෙහි නය නො ගෙවිනැයි සිතී ය. සත්‍වශිල ද එදා පටන් රජ්ජුරුවන් සමග ම හැසිරෙන්නේ සමාන සුවදුක් ඇත්තේ සතුටින් කල් ගෙවී ය.

2

එකල්හි "ලක්දිව සිංහලනරපතීහුගේ දූකුමරියක් දෙවඟනන් පරයන රූසිරින් බබලන්නී ය"යි චණ්ඩසිංහ රජ දැනගත්තේ තමන්ගේ අගමෙහෙසුන් තනතුරට ඇය ඉල්ලා නොයෙක් පඬුරුපාක්කුඩම් ද දී සත්‍වශිලයන් ප්‍රධාන කොට ඇති දූතපිරිසක් ලක්දිවට එවී ය. ඒ පිරිස ඉටුදෙවියන් පුදා සුබමොහොතින් නැවු නැංගහ. ඔවුන් නැගි නැව අනුකූල (පක්ෂපාතී-තමන්ට වුවමනා දෙසට හමන) වාතයෙන් මුහුද මැද යාත්‍රා කරන්නට වන. ඔවුන් අවට ක්ෂිතිජය තෙක් මහදියකඳ මිස අන් කිසිවක් නො වී ය. මුහුදුගමනෙහි මුල් දින කීපය ගොඩබිම දිගේ ඈත පෙණෙන කඳුමුදුන් බලමින් වෙරල දිගට පිහිටි නොයෙක් මනහර දර්ශනයන් කරා නෙත් යවමින් සිත් පිණවූ පිරිසට මුහුදෙන් ම පායා බැස යන සඳ සහ තාරකාත්, තමන්ගේ මහත්කම නො සලකා නිගරු කොට තමන් මතුවෙහි යාත්‍රා කරණ නැව ගිල්වා දැමීමට තර්ජනය කරමින් මෙන්, මුහුද විසින් මෙහෙයන ලද්දාක් වැනි, එදෙසට පෙරළිපෙරළී එන මහරළපෙළත් මිස අන් කිසිවක් නො පෙණින. වරක් කරකැවී දියෙන් උඩ පනින මහමසෙකු හා සමහර විටෙක අසහට නැග මඳක් දුර පියාඹා මුහුදට බස්නා කුඩා මසුන් රැළක් ද පෙයාවෙන් (සුළිසුළඟින්) අහසට නඟන ලද මහකණු වැනි දියකඳන් ද දැක්ම ඔවුන්ගේ පුදුමයට කරුණු වි ය. ඔවුන්ට ඊට පෙර නුපුරුදු, නැවියන්ගේ ශපථ (දිව්රීම්) හා තර්ජන අධික කථාවත්, පුදුම සින්දුත් ඇසීම ප්‍රීතියට නො කරුණු නො වී ය. කරදියෙන් සෝදා මිරිදය වක්කර පිසින ලද සහලේ බත සම්බල් සමග කෑම ද අමිහිරි නො වී ය. මුල දී ඔවුන්ට මඳ මඳ අසනීප ඇති වූ නමුත් මුහුදට පුරුදු වත් වත් ම ඒ අසනීප ක්‍රමයෙන් නැති වි ය. ඔවුන්ගේ යාත්‍රාව සන්තොෂදායක විය. මෙසේ ගමන් කර කීප දිනක් ගත වූ පසු ඈත ක්ෂිතිජයෙහි තරුවක් වැනි යම් කිසිවක් පෙණෙන්නට වන. නියමුවා නැව් තල්ල එදෙසට ම එල්ල කොට පදවන්ට විය. ඉදිරියට ගමන් කරත් කරත් ම ඒ තරුව වැනි ද්‍රව්‍යය ටිකින් ටික මහත් වි ය. ඊට යටින් ක්‍රමයෙන් සිහින් ව උඩට නෙරාගිය හිම මෙන් සුදු වූ කොටසක් ද පෙණෙන්ට වන. මේ අන් කිසිවක් නො ව ගොඩ බිමෙහි ඈත ගස් උඩින් පෙණුනු මහ සෑයක රන්කොතින් සැරසුනු මුදුන ය. අවසන්හි, ගමනේ කෙළවර, ලක්දිව නැගෙනහිර වෙරලෙහි වූ ඉතා මනහර වරායෙක්හි දී වි ය.

ගොඩ බිමට නෙරාගිය මුහුදුබොක්කකි. මහනැව් යාත්‍රා නො කරණ නමුත්, මහගඟක් දිවයිනෙහි මැද දකුණු දෙසින් පිහිටි මහකන්දකින් පටන් ගෙණ බොහෝ ගම් නියම්ගම් පසු කර යොදුන් විස්සක් පමණ දිග මඟ ගෙවා අවුත් මේ මුහුදුබොක්කට වැදී විශ්‍රාම ගණී. ගොඩබිම සිට මුහුදෙහි බොහෝ දුරට විහිද ගිය බිම්පටි දෙකකින් හා ඒ මැද කුඩා දූපතකින් ද මේ මුහුදුබොක්කෙහි මුවදොර සෑදුනු හෙයින් මුහුදුබොක්ක බොහෝ සෙයින් රැළපතරින් වෙන් වූයේ ය. එහි සිට උතුරු දෙසට ගොඩබිම කා ගෙණ ගිය තවත් අත්තකි. එය මුහුද පසින් (පැත්තෙන්) කඳුගැටයකින් වැසුනේ වෙයි. බස්නාහිරදෙස සමතලා පොළොවෙන් සැදුනේ ය. මේ වරාය දිවයිනෙහි නැඟෙනහිර වෙරලට ස්වභාවධර්මය විසින් දෙනලද වටිනා තෑග්ගකි. දූතපිරිසෙහි සමුද්‍රයාත්‍රාව අවසන් වූයේ මේ වරායෙහි දී ය.

3

නැවියෝ මහහඬ නඟමින් නැංගුරම් ලූහ. රුවල් එකිනෙක ඇකිළූහ. වෙරලෙහි ගස්මතුවෙහිබලා සිටි කවුඩෝ, එබඳු හඬ නිතර අසන්ට ලැබෙන හෙයින් ඒ හඬින් බිය නො ගෙණ, නැව වෙත පියාඹා ආහ. අළුත් එලවළු පලතුරු ආදී වෙළෙඳබඩුවලින් පිරුණු ඔරුවල නැඟි වෙරලෙහි සිට ආ මිනිස්සු ගණු දෙනුව පටන් ගත්හ. නොබෝ වේලාවකින් නැවියෝ නැවෙන් ඔරුවක් මුහුදට බෑහ. දූතපිරිස ඊපිට නැගි කෙණෙහි ම එය වෙරලට ගමන් ගත. සෙසු මගීහු ද ගොඩ බටහ. රාජදූතයෝ නගරයෙහි ඉඩ පහසු ඇති මැඳුරක් කුලියට ගෙණ නැවතුනහ. ඉකිබිති ඔවුන් විසින් තමන්ගේ පැමිණීමෙහි අභිප්‍රාය නැවුතොට භාර නිලමේට දන්වන ලදි. නිලමේ ද දිවයින මැද පිහිටි අගනුවර වසන රජ්ජුරුවන්ට විදෙශරාජදූතයන්ගේ ආගමනය පැයක් ඇතුළත දී දැනගන්ට සැලැස්වී ය.

විදුලිපනිවුඩ යැවීමේ ක්‍රමයක් නො තුබුනු නමුත් පුරාතනයෝ ද ස්වදේශයේ තොරතුරු හා පණිවුඩත් ඉක්මනින් හුවමාරු කර ගත්හ. එකල්හි හැම උස් ඉඩම්වල ම සංඥාදායක (සංඥාවන් දෙන) ස්ථානයෝ වූහ. එක් එක් තැන එක් එක් කොඩිගසකි. විදෙශයකින් මිතුරුපිරිසක් පැමිණි කෙණෙහි නැව්තොට අසල පිහිටි කොඩිගසෙහි සුදු කොඩියක් ලෙලදෙන්ට පටන් ගණී. ඒ කොඩිය ගස මුදුනට පැමිණෙනු සමග ම නිතර එබන්දක් ගැණ පරීක්ෂාවෙන් සිටින ඊලඟ කොඩිගස භාරකාරයා ද එබඳු ම කොඩියක් ඔසොවයි. මේ ක්‍රමයෙන් පනිවුඩය නොබෝවේලාවකින් රාජධානිය කරා පැමිණෙයි. හතුරුසෙනක් ආබව දන්වන්නේ ඒ නියමිත ස්ථානයන්හි ගිනිමැළ දැල්වීමෙනි.

නැව්තොටෙහි පටන් මහත් පෙරහැරකි. ආයුධයන් ගෙන් සැරසුනු සෙබළමුළක් අසුන් පිට නැගී පළමු ව ගමන් ගත්හ. ඉක්බිති කුඩ කොඩි සේසත් අතින් ගත් සුදු ඇඳුමින් සැරසුනු මිනිස්සු ගමන් කළහ. උදාරදර්‍ශනයෙන් යුත් අධිපතිපිරිසක් විනිතහස්තීන් අරා (හික්මුනු ඇතුන් පිට නැගී) උන්හ. තූර්ය්ය වාදකයෝ ගමනට සුදුසු තාලයන් වයමින් තාලයට අඩිය තැබූහ. ඊලඟට ගායකයෝ රජ්ජුරුවන්ට හා සියදෙසටත් ආගන්තුකපිරිසටත් ආශිර්වාද සහිත කොට බඳනා ලද ගී ගයමින් වෘත්තයට හොබනා සේ අත්පා ආදී අඟපසඟින් රැඟුම් දක්වමින් පිළිවෙළට ගමන් කළහ. ඊලඟට චණ්ඩසිංහ රජුගේ අගනා පඬුරු ගත් අත් ඇති උදාරවෙශයෙන් සැරසුනු පිරිස ද, ඒ එක්ක ම සුදුසළු ඇඳගත් සුදු තලප්පාවෙන් හිස වෙළාගත් ශක්තිමත් මිනිසුන් විසින් උසුලාගෙණ යනුලබන රන්සිවිගෙවල්හි නැගි සත්‍වශිලයන් ප්‍රධානකොට ඇති දූතපිරිස ද වූහ. පෙරහැරෙහි පසුකොටස පාබළසෙනගින් අරක් ගන්නා ලද්දේ වි ය.

නිතර මෙ වැනි පෙරහැරවල් දැක පුරුදු වූ මඟ දෙපස පිහිටි ගම්හි වැසියන්ට මෙය එතරම් පුදුමයක් නො වූ නමුත් මහාදෙශයක සිට මහසයුර තරණය කොට කුඩා දිවයිනකට පැමිණි ඒ කුඩා පිරිසට අළුත් කුඩා රටෙහි සමෘධිය දැක්ම පුදුමයට හෙතු වි ය. පෙරහැර ගමන් ගත් මග බොහෝ සෙයින් සෘජු වි ය. තාර දමා කලු ගස්වා නො තුබුනු නමුත් වැසි කාලයේ දී මඬ විය හැකි හැම තැන් ම ගල් අතුරා සම කරණ ලද්දේ ය. දෙපස සිටුවනලද සියඹලා ගස් පෙළින් සෙවන කරණ ලද්දේ ය. පසු කළ යුතු සියලු ගඞ්ගාවන්හි ම මහගල්කණු සිටුවා, ඒ හා ගලින් ම කළ තලාන් (බල්ක) සවි කොට, ඒ මතුවෙහි ගල්ලෑලි අතුරා ශක්තිමත් ලෙස කළ පාලම් වි ය. මඟ දෙපස හිස් ඉඩමක් හෝ වල් වූ ඉඩමක් ඔවුන්ගේ දෙනෙතට හසු නො වී ය. ගව්වෙන් ගව්වෙහි දෙවෙනි මුහුදක් වැනි මහවැවකි. ඒ අතර මහ වැව් හා සම්බන්ධ වූ කුඩා වැව් සියගණනකි. මේ වැවුවල දියෙන් වැඩෙන ගොයමින් විසිතුරු කුඹුරු යාය ක්ෂිතිජය තෙක් පැතිර ගියේ ය. ගොයම්කුඹුරු අතර නිල්වන් ව පෙණෙන අඹඋයන් ය. නොහොත් පොල් වතු ය. නැතහොත් නොයෙක් පලතුරුවලින් ගැවසුනු ගෙවතු ය. අමාවක්පොහෝදිනක වලාකුළු නැති සිය දහස් ගණන් තරු ඇති පිරිසිදු අහස්තලයක් මෙන් පෙණෙන පිපුපු කපුගෙඩිවලින් යුත් කපුහේන් ආගන්තුකයන්ට ඈත දී මායාවක් වි ය. ඊට ලං ලං වත් ම තව වරක් එසේ නො රැවටෙන්නට ඉටාගත්හ. තණබිමක ලැග සිටින බැටෙළුපැටවුන් මෙන් පෙණන, පැසුණු මෙනේරි කුරක්කන් ආදී තෘණ ධාන්‍ය අතර වැතර තිබෙන, නන්පැහැයෙන් සිත්කලු, ලබු පුසුල් තියඹරා කොමඬු කැකිරි ආදී ගෙඩි ජාති දුටු කලකින් එබඳු දෙයක් නුදුටු, අමුත්තන්ගේ කටෙහි කෙළ ඉනුවේ ය. මග දෙපස සුදුහුණු ගානාලද බිත්තිවලින් හා උළු සෙවිලි කළ වහලින් ද යුත් ගෙවල් සියල්ල ම එක සේ විශාල නුවූ නමුත් පිරිසිදුකමින් එක සමාන වි ය.

සියලු ම ගෙවල් අසල ගෙයි කඩවසමට ගැළපෙන මල් වත්තක් හා පලතුරුවත්තකි. ගමින් ගමෙහි දිග පළල ඇති තණබිමකි. සියදහස්ගණන් ගවයෝ තණ කමින් නිදහසේ එහි ඇවිද්දහ. ඒ අතර ගොපලුලමයි එක් ව පන්දු ගැසූහ. ලී කෙළියහ. තවත් නොයෙක් සෙල්ලම් කළහ.

4

පිටරටින් පැමිණි දූතයෝ මඟ දෙපස විසිතුරු බලමින් ක්‍රමයෙන් බස්නාහිරදෙසට මහපෙරහරින් ගමන් කොට ඒක් පසකින් මහවැවකින් ද ඉතිරි පසින් ගොයම් කෙත්වලින් හා පලතුරුඋයන්වලිනුත් වට වූ පර්වතයක් වෙත පැමිණියහ. ඒ පර්වතය වනාහී දඹදිව සිට එහි පැමිණී උතුමෙකුගේ නමට ගෞරව කිරීමට ඒ නමින් ම හඳුන්වනු ලැබේ. පාමුල සිට මුදුන තෙක් ම ආනුභාව සම්පන්න පෙණීමෙන් යුත් මන්දිරාදියෙන් වැසුනේ ය. අඟල් තුදුසක් (දහහතරක්) පමණ පළලැති දික් කළුගල් ලෑලි වලින් කළ සොපාන පංක්තීන්ගෙන් හා වංගු සහිත කොට තනනලද අඩිපාරවලින් ද ගමන් පහසුව සලසන ලද්දේ ය. අතරින් පතර නිමල්සිහිල්දියෙන් පිරිපුන් පොකුණු ය. නෙළුම්, මානෙල් ආදී මල්ජාතිවලින් පොකුණු දිය ද, දෑසමන් ඉද්ද සේවන්දි (රෝස) ආදී මල්පැලෑටිවලින් පොකුණුඉවුරු ද සැදුම් ලද්දේ ය. හිස මුඩු කොට කසාවන් සිවුරු පෙරෙවි, දමනය කරණලද ඉඳුරන් ඇති මහ තෙරහු තන්හි තන්හි ධර්‍මශාලාවන්හි වැඩ හිඳ මිනිසුන්ගේ සුචරිතවර්‍ධනයට ඉවහල් වන අවවාදානුශාසනා කළහ. ඇතැම්හු ජනසඤ්චාරයෙන් තොර වූ ගල්ගුහාවලට වී අරමිණිය ගොතා වැඩහිඳ, සිරුරු කෙළින් තබාගෙණ එක් ක්‍රමයකට ආශ්වාසප්‍රශ්වාස කරමින්, ලෞකිකසුඛ සම්පත්තියෙහි නිසරුබව හා ජීවිතයෙහි අස්ථිරභාවයත් සලකමින්, සිත එකඟ කරගෙණ භාවනා කළහ. ඇතැම් භික්ෂූහු ශිෂ්‍යයන්ට භාෂාධර්‍මශාස්ත්‍ර ඉගැන්වූහ.

රජදූතපිරිස පර්වතයෙහි, ඇස් ඇදගන්නා ශොභාව බලමින් ඔබ මොබ ගමන් කළහ. මහතෙරුන් වහන්සේ වෙත එළඹ ධර්මසාකච්ඡා කළහ. පාඨශාලාවන්ට ගොස් අධ්යාපනක්රම පරීක්ෂා කළහ. ගුරුවරයන්ගෙන් ඒ පිළිබඳ තොරතුරු විචාළහ. එක් තැනෙක මොර, වීර ඇදී ඇටවර්ග රාශියක් වි ය. සත්‍වශිල ඒ දැක එහි එළඹ උගන්වමින් සිටි තරුණභික්‍ෂූණ් වහන්සේ හා කථාව පටන් ගත්තේ ය.

"ස්වාමිනි, මේ කුඩා දරුවෝ මොක ද?"

"මහතානෙනි, මේ ලමයි පැවිදි වීමට බලාපොරොත්තු වන්නො"

"මේ හැම දෙන ම?"

"නැහැ. මෙයින් වැඩි දෙනෙක්."

"අනික් අය?"

"ඔවුහු ඉගෙණීමට මෙහි පැමිණ සිටින්නො"

"මොවුන්ගේ වියදම කොහොම ද?"

"ඔවුන්ගේ මවුපියන්ගෙන්; නැත් නම් මහවාසලින්"

"කුමට ද, ස්වාමිනි, අර ඇටගොඩක්?"

"ගණන් උගන්වන්න"

සියරටෙහි දී එබඳු ඉගැන්වීමක් නුදුටු සත්‍වශිලහට භික්ෂූන් වහන්සේගේ පිළීතුර සතුටුදායක නො වී ය.

"ඇයි, ස්වාමිනි, ගණන් උගන්වන්ට වැලිපිලෙහි ඉලක්කම් ලිවීමෙන් බැරිදැ?"යි සත්‍වශිල තවදුරටත් ප්‍රශ්ණ කෙළේ ය. තරුණභික්‍ෂූන් වහන්සේ කරුණ පැහැදිලි කෙළේ ය. "මහතානෙනි, අපි ගණන් ඉගැන්වීමට වැලිපිලි පමණක් නො ව තල්කොළය ද පාවිච්චි කරන්නෙමු. එහෙත් ඒවා ගන්නේ ඒ ඒ අවස්ථාවට සුදුසු පරිද්දෙනි. පටන් ගැන්මෙහි දී නුවණ නො මේරූ කුඩා දරුවන්ට ඉලක්කම්වලින් ගණන් ඉගැන්වීම පහසු නො වේ. දෙකත් හතරත් කීය දැ යි කියන්ට නො හැකි දරුවා අඹගෙඩි දෙකකුත් තවත් අඹගෙඩි හතරකුත් එකට එකතු වුනා ම කීය දැයි ඇසුවොත් අඹගෙඩි හයකැයි කියන්ට දනී. එයින් පෙණෙන්නේ කුඩා දරුවන්ගේ සිත සඞ්ඛ්‍යාවන්ට වඩා සඞ්ඛෙය්‍යයන්ට (ගණන්වලින් පෙන්වනු ලබන දේවලට) ඇදෙන බවයි. ඒසේ ම ගුණ ගැණ අවබොධයක් නැති ලදරුවා ගුණවතුන් ගැණ දනී. ආදරය ගැණ හැඟීමක් ලදරුවාට නොමැති යි. එහෙත් පියා නොහොත් මවු තමාට ආදරවන්ත ය යි ඒ ලදරුවා දනියි. මෙසේ බලන කල ලදරුවන්ට ගුණයන්ට වඩා ගුණීන් (ගුණ ඇත්තන්) ගැණ අවබොධ කිරීම පහසු ය. ලදරුවන්ගේ ගතිය මෙබඳු හෙයින් අඩු කිරීම් එකතු කිරීම් ආදී ගණන් ඔවුන්ට උගන්වන්ට අපි මේ ඇට ජාති ගන්නෙමු. අකුරු උගන්වන්ට මත්තෙන් ම මෙසේ ගණන් උගන්වනබව ද කියන්ට සතුටු ඇත්තෙමු. මෙසේ ද්‍රව්‍ය පෙන්වීමෙන් සංඛ්‍යාවන් උගන්වා ඊලඟට අකුරු ලියන්ට කියන්ට උගන්වන්නෙමු. වැලිපිල ව්‍යවහාරයට ගන්නේ එකල්හි ය. තල්කොළය ගන්නේ ත්‍රෛරාශිකාදී ගණන් ඉගැන්වීමට ය."

දූතපිරිස භික්ෂූන්වහන්සේගේ විස්තරය අසා සන්තුෂ්ට ව, තවත් නොයෙක් තන්හි ඇවිද, ස්වභාවධර්මය හා මනුෂ්‍ය ඥානයෙහි බලයත් එකතු වීමෙන් ඒ කන්දෙහි පහළ ව තුබුනු විසිතුරු බැලූහ. ගෞරවාන්විත නමස්කාරයකින් පසු ඒ පුදුමකන්දෙන් නික්මුනහ. පැය කීපයක ගමනින් පසු මහපවුරකින් ආරක්ෂා කරණලද, වලාකුළු පැහැර සිටි මහාමන්‍දිරයන්ගෙන් හා මහාචෛත්‍යයන්ගෙන් ද ඉතා පිරි සුදු සෘජු වීථීන්ගෙන් ද ගහන වූ, නොයෙක් දෙසින් පැමිණි නොයෙක් භාෂා කථා කරණ මිනිසුන් ගැවසුනු, නැගෙනහිර දෙස හා බස්නාහිරදෙසත් එකතු කරණ මධ්‍යස්ථානය වූ, සියලු රටවල ම සාදන ලද බඩුමුට්ටුවලින් පිරුණු මහසල්පිල්වලින් සිත්කලු වූ මහානගරයකට පැමිණියහ. සිරිත් පරිදි රජමැදුරට ගොස් ඇමතිමඬුලු පිරිවරා වැඩ සිටි මහානුභාවසම්පන්න රජතුමන් දුටහ. සියරජතුමන් විසින් එවූ පඬුරු ඔප්පු කළහ. සන්දෙශය ද පිළිගැන්වූහ.

මෙසේ ඔහු තුමූ කීපදවසෙකින් ම තමන් ගිය කටයුතු නිමවා දිවයිනෙහි බැලිය යුතු තැන් බලා සිංහලරජහු විසින් දුන් සතුටුපඬුරු ගෙණ සිංහලරජුගේ දූතයන් ද සමග සියදෙසට එනු පිණිස නැව් නැංගහ.

5

වාතය අනුකූල වූ හෙයින් කර්ණධාර (කප්පිත්තා) තෙමේ ආ මගින් නො ගොස් ලං වූ මඟකින් නැව යාත්‍රා කරවී ය. සමුදුර මැදට පත් කල්හි ඒ සමුදුරෙන් ඉතා උස් වූ ද, මහත් වූ ද දඹරණින් කළ විසිතුරු පැහැ ඇති සැලෙන කොඩියක් සහිත ධ්වජයක් දුටුවන් විස්ම පත් කෙරෙමින් පහළ වී ය. එකෙණෙහි ම මහවැස්සක් වසින්ටත් තද කුණාටුවක් හමන්ටත් වන්නේ ය. ඒ සමග ම හදිසියෙන් පහළ වූ ඒ ධ්වජය නැවෙහි කුඹගසෙහි පටලැවුනේ ය. එයින් නැව පෙරළෙන්නට මෙන් පටන් ගත. ඒ දුටු බමුණෝ 'තමන් මුහුදුබත් වෙතැ'යි මරබියෙන් බෙරිසන් දෙන්ට වන්හ. වීර වූ සත්‍වශිල තෙමේ කච්චිය තර කොට ඇඳ කඩුව අතින් ගෙණ ධ්වජය දෙසට පැන්නේ ය. ධ්වජය එකෙණෙහි ම නැවෙහි කුඹගසෙන් මිදී මුහුදෙහි ගිලුනේ ය. සත්‍වශිල ද ධ්වජය අනු ව ම ගිලුනේ ය. නැව ද ධවජය හා ගැටීමෙන් වූ වේගයෙන් යම්තම් නො පෙරළී බේරුණේ ය. ධවජය අනුව ගිලුනු සත්‍වශිලතෙමේ මහත් වූ දිව්‍යනගරයකට පැමිණියේ මිණිමුවාටැඹින් බබලන රන්මුවාමැඳුරු ඇති ඒ පුරයෙහි යහපත් රුවනින් බඳිනාලද පැයගැටපෙළ ඇති පොකුණු සියගණනින් මනරම්, නොයෙක් විසිතුරු මල්පලලියතුරුපෙළින් විසිතුරු, අඹ දඹ ඈ පලරස බී මත් වූ ලිහිණිගණා විසින් නිති කුල්නාලද (නිතර හඬ නැඟූ) උයනෙක්හි කරවන ලද නන්මිණියෙන් විසිතුරු රදුබිතු (මහබිත්ති) පෙළින් යුත් උමාදෙව්රැඳුරක් දැක පිවිස උමාදේවිය වැඳ පිදී ය.

සත්‍වශිල දෙවියන් වැඳ පුදා 'මේ සිහිනයක් ද? නැතහොත් ඉන්ද්රජාලයක් දැ'යි සිතමින් සිටින අතර, ඉඳුවරන් (මහනෙල් මල්) වැනි ඇස් ඇති, සඳ වැනි මුහුණින් මනහර, සුපිපි සුදුකුසුම් බඳු සිනාවෙන් දුටුදුටුවන් සිත් ඇදගන්නා මහරිකුසුම් (මාරා මල්) සේ මොළොක් සිරුරු ඇති දෙවඟනක් තමන් වැනි ලලනාවන් දහසක් විසින් පිරිවරණ ලදු ව එහි පැමිණ දොර හැර දෙව්මැඳුරට ද සත්‍වශිලගේ සිතට ද එකවිට පිවිස දෙවියන් පුදා දෙවොලින් පිට වූ නමුත් සත්‍වශිලගේ සිතින් නම් බැහැර නො ගියා ය. සත්‍වශිල ද ඇය අනු ව ගියේ හැම සැප පුරා ලූ නිධානයක් වැනි අනික් පහයකට වනි. කාන්තාතොමෝ ද පෙරටු ව ගොස් මිණි පලඟෙක්හි හුන්නා ය. සත්‍වශිල ඇය දැක ලං වූයේ සිතියම්රුවක් මෙන් නිසල ව සිටියේ ය.

දිව්‍යකාන්තාවගේ අදහස් දත් එක් මිඩියක් (දාසියක්) එසේ හුන් සත්‍වශිලයා දැක ලං ව "මහතානෙනි, ඔබතුමා මෙහි පත් අමුත්තෙකි. එහෙයින් අපගේ ස්වාමිදුව විසින් කරණු ලබන ආගන්තුකසත්කාර විඳිනු මැනව. මා සමග එනු මැනව. පළමු කොට දිය නා වළඳනු මැනැවැ"යි කියා ඔහු කැඳවා ගෙණ එක් ගෙදිගුවිලක් (ගේ අසල කරණ ලද දික් පොකුණක්) වෙත ගොස් එහි බැස නාන්ට කීවා. සත්‍වශිල ද විමසුම් නැති ව එහි බැස්සේ ය. බට කෙණෙහි ම තාම්‍රලිප්තිනගරයෙහි චණ්ඩසිංහ රජුගේ උයනෙහි වැව මැදින් මතු වි ය! එහි හදිසියෙන් පැමිණි තමා දැක විස්ම පත් වූයේ "මේ කිමෙක් ද? මොහොතකට පළමු ව මා සිටි උයන කොහි ද? ඒ දෙවඟනගේ අමාරස වැනි දැකුම කොහි ද? ක්ෂණයකින් ම ඇගෙන් වෙන් වීම නමැති මේ මහාවිෂ කෙසේ වී ද? මෙය ස්වප්නයක් නො වේ. මම අවදි ව ම සිටියෙමි. එකැතින් (ඒකාන්තයෙන්) ඒ මිඩිය විසින් මම රවටන ලද්දෙමි. මූඪ වූයෙමි"යි සිතමින් ඒ දෙවඟන නැති දුකින්, උමතු වූවෙකු මෙන්, වැලපෙමින් එ උයනෙහි ඔබ මොබ ඇවිද්දේ ය.

වියෝදුක් ගිනිදැල් වැනි රන්වන්මල්රේණුයෙන් වැසුනු ගතැති ඔහු දැක උයන්පල්තෙමේ ගොස් රජුහට සැළ කෙළේය. රජ, තෙමේ ම අවුත් විචාරා සියලු තොරතුරු දැන "මෙතෙම මපින්බෙලෙන් අනඞ්ගගයා විසින් විඩම්බනය (විහිළු) කරණ ලද්දේ ය. මොහුට වූ නය ගෙවන්ට සුදුසු අවස්ථාවක් පැමිණියේ ය"යි සතුටු ව "යහළුව, ශොක නො කරව. මම නුඹ ඒ මගින් ම එහි පමුණුවා ඒ අසුරඟන ලබා දෙන්නෙමි"යි කියා ඔහු සැනසී ය.

එක් දිනෙක්හි රජතෙමේ රාජ්‍යය ඇමතියන්ට භාර කොට සත්‍වශිලත් සමග නැවු නැග ඔහු කී මගින් මුහුදෙහි යන්නේ මුහුද මැද පැන නැගි ධ්වජය දැක්කේ ය. සත්‍වශිල ද එය බලා "දෙවයන් වහන්ස, ම විසින් පෙර දක්නා ලද්දේ ද මේ ධ්වජය මැ යි. මා එය අනු ව ගිලුනුකල්හි දෙවයන් වහන්සේ ද ධ්වජය අනුව දියෙහි ගිලිය යුතු"යි කියා මුහුදට පැන්නේ ය. රජ ද ඒ සමග ම මුහුදට පැන්නේ ය.

මුහුදුදියෙහි ගිලුනු ඒ දෙදෙන දිව්‍යමය පුරයට පැමිණියහ. එය දැක විස්මයප්‍රාප්ත රජතෙමේ උමාදෙව්මැඳුරට ගොස් උමාව වැඳ සත්‍වශිල හා එක් පසෙක්හි හිඳ ගත. එකෙණෙහි පෙර සත්‍වශිල විසින් දුටු කාන්තාව පිරිවර සහිත ව දෙව්පුද පිණිස එහි පැමිණියා රජ සහ සත්‍වශිල ද දුටුවා. සත්‍වශිල සතුටින් කුල්මත් වූයේ "දෙවයන් වහන්ස, අර අඟනන් මැද බබලන කාන්තාරත්නය ගැණයි සැළ කෙළේ. මගේ සිත සොරා ගත්තේ ඒ කාන්තාව විසිනුයි. ඇය නැති ව ජීවත් වීමෙහි ඵලය කුමක් දැ?"යි කියමින් ඇය රජුට පෙන්වී ය. රජ ඇය දැක 'මේ කාන්තාව කෙරෙහි මොහුගේ ආලය අයුක්ත නො වේ ය'යි සිතී. ඕතොමෝ ද දිව්‍යලක්‍ෂණ සමන්විත රජහු දැක "මේ උත්තමපුරුෂයා කවරෙක් ද? කවර හෙයින් මෙහි පැමිණියේ දැ"යි සිතූ. රජතෙමේ ද ඇය ගැණ නො සැලකූවෙකු මෙන් ඈ කෙරෙහි අවඥාව (පහත් කොට සැලකීම) පෙන්වමින් සත්‍වශිල සමග උයනට ගියේ ය. ඒ කාන්තාව දෙවොලින් නිකුත් ව එක් යෙහෙළියක අමතා "අප මෙහි එද්දී සිටි මහාත්මයා කොහි ද? නුඹ විසින් එතුමා සොයා අපගේ මැදුරට පැමිණ ආගන්තුක සත්කාර විඳින්නට ආරාධනා කළ යුතුයි. එතුමා පිදිය යුතු ශ්‍රෙෂ්ඨයෙකැ"යි කියා පිටත් කළා ය.

6

ඕතොමෝ ද රජු වෙත ගියා. කාන්තාවගේ පනිවුඩය දැන්වූවා. රජ එය අසා ආරාධනය නො පිළිගත් බව පෙන්වමින් "සොඳුර, වචනයෙන් ම අතිථිසත්කාරය කරණ ලදි. අපට අන් කිසිවක් නුවුව මනා ය"යි කී ය. දූතිය ගොස් ස්වාමිදුවට රජුගේ වචන සැළ කළා. ඕතොමෝ 'අසාමාන්‍ය වූ කිසි යම් උදාර පුරුෂයෙකැ'යි සිතා, මිනිසෙකු විසින් නො ලැබිය හැකි වූ ද සත්කාර විඳීමෙහි ආසා නැති ඒ රජුගේ ධෛර්‍ය්‍යපාශයෙන් ආකර්ෂණය කරණු ලබන්නී තොමෝ ම උයනට අවුත්, සියමැඳුරට පැමිණ සංග්‍රහ විඳින ලෙස අවිටිලිබස් කියූ.

රජතෙමේ ඇගේ ඇරයුම නො පිළිගත් ලෙසක් දක්වමින්, "භද්‍රාව, (යහපත් ස්ත්‍රිය) මම තොපගේ අතිථිසත්කාර විඳින්නට මෙහි නො පැමිණියෙමි. මගේ මේ මිත්‍රයා විසින් කියන ලද උමාරුව දැක වඳිනු පිණිස මුහුද මැද ධ්වජමාර්‍ගයෙන් මෙහි පැමිණියෙමි. එහෙයින් නුඹ ද දිටිමි"යි කී ය.

කාන්තාතොමෝ එය අසා "එසේ නම්, මේ තාක් ඔබ නුදුටු ඉතා ආශ්චර්‍ය්‍ය වූ මාගේ පුරය බලන්නට එනු මැන වැ"යි ඇරයූ. රජ ද එය අසා සිනාසී "ඔව්! 'නහන වැව!' තිබෙන ඒ නුවර ගැණ ද මාගේ මේ යහළුවා මට කීයේ ය"යි කී ය. "දෙවයන් වහන්ස, එසේ නො කියනු මැනව. මම විහිළු කරණසුලු අඟනක් නො වෙමි. පිදිය යුත්තන්ට කවරෙක් විඩම්බනා (විහිළු) කෙරේ ද? මම වනාහි වෙසෙසින් ඔබ ගේ අධිකධෛර්‍ය්‍යය විසින් දැස්සක් කරණ ලදිමි. දැන් ඔබගේ මිඩියක වූ මාගේ පැතුම නො බිඳිනු මැනැවැ"යි ඕතොමෝ ඇවිටිලිබස් කීවා.

රජ එබස් අසා සත්‍වශිල හා ඇය ද සමග මැඳුරට ගොස් ශක්‍රපුරයට විඩම්බනා කරමින් මෙන් තුබුනු ඒ මනහර පුරයෙහි සිරි බැලී ය. ඒ අඞ්ගනා තොමෝ එහි දී රජතුමා රුවන් පලඟෙක්හි වඩා හිඳුවා දෙවොචිත (දෙවියන්ට සුදුසු) සත්කාරයෙන් රජහු පිණවා "මහපිණැත්ත, මම වනාහි කාලනෙමි නම් අසුර රජුගේ දුවකිමි. මගේ පියතෙමේ විෂ්ණුහු විසින් සුරලොවට ගන්නා ලදි. (යුද්ධයෙන් මිය යන අය සුරලොව උපදින බවට ඇති විශ්වාසය ගැන මෙතැන සඳහන් වේ. එහි තේරුම, කාලනෙමි අසුරයා විෂ්ණූ විසින් යුද්ධයක දී මරන ලද බව ය.) මගේ පියාට අයත් මේ දෙනුවර විස්සම්හු විසින් නිමවන ලදි. හැම සැපත් ඇති මෙහි ජරාවෙහි නමකුදු නැත. මරණය දුලබ ය. දැන් ඔබතුමා මාගේ පියා සේ සලකමි. එහෙයින් මෙහි යෙහෙන් වැස සැප විඳිනු මැනව. මා ද ආරක්ෂා කර ගණු මැනවැ"යි කියූ.

"මම ද නුඹ දුවක ලෙස පිළිගණිමි. පියාගේ අවවාදයෙහි සිටීම දරුවන්ගේ යුතුකමකි. එහෙයින් දැන් මා කියන්නක් කළ යුතු ය. මේ සත්‍වශිල මගේ සුහෘදයෙකි. (යහළුවෙකි) නෑයෙකි. අසාමාන්‍යවීරයෙකි. ඔහුට මගේ දුව වූ නුඹ භාර්‍ය්‍යාව කොට දෙමි. ඔහු සමග යෙහෙන් මෙහි වැස සැප විඳුව"යි කියා රජතෙමේ අසුරාඞ්ගනාව සත්‍වශිලහට පාවා දුන්නේ ය. කාන්තාතොමෝ ද සත්‍වශිල උමාදෙවියගේ ප්‍රසාදයෙන් ලද වල්ලභයා යි සිතා ආදරගෞරවයෙන් පිළිගත්තා ය.

රජ සත්‍වශිල අමතා "යහළුව, මවිසින් වැළඳූ නුඹගේ ඇඹුලුගෙඩි දෙකින් එකක නය දැන් ගෙවන ලදි. අනික් ගෙඩිය පිළිබඳ නය තව මත් නො ගෙවන ලදි. සුදුසු අවස්ථාවෙක්හි එය ද ගෙවන්නට උත්සාහ කරන්නෙමි"යි කියා අවිලම්බ ව (පරක්කු නො වී) සිය දෙස යායුතු බව ද දැන්වී ය. අසුර කාන්තාව මාහැඟි පුද පඬුරු රජුහට පිළීගැන්වූ. රජතෙමේ ඔවුන් දැක්වූ මගින් මිනිස්ලොවට පැමිණ බොහෝ කලක් යෙහෙන් රාජ්‍යය කෙළේ ය.

වෙතාලයා මේ කථාව කියා, "රජතුමනි, ඔවුන් දෙදෙනා අතුරෙන් කවරෙක් සමුද්‍රපතනයෙහි (මුහුදට පැනීමෙහි) දී අධිකවීර්‍ය්‍ය ඇත්තේ වී ද? නො වළහා කියව. නැත් නම් පෙර කළ ශාපය ම වන්නේ ය"යි කී ය.
ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com24tag:blogger.com,1999:blog-3085096022479901122.post-23534727111032540902023-12-24T10:36:00.001+05:302023-12-24T10:36:22.454+05:30බ්‍රයන්ගේ ජීවිතය...
අවුරුදු දෙදාහකට පමණ පෙර...

අමුත්තන් තුන් දෙනෙක් යමක් සොයමින් යති. ඔවුන් එළැඹෙන්නේ මවක සහ එදින ම උපන් බිළිඳෙකු වෙත ය. ඔවුන් දකින මව බියපත් වෙයි. නමුත් පසුව ඇය ඔවුන් ගෙන් ප්‍රශ්න කර, ඔවුන් එළවා දමයි. එහිදී ඔවුන් කියන්නේ, තමන් යුදෙව්වන්ට බිහි වූ අලුත් රජු බැහැ දකින්නට තෑගි ද රැගෙන ආ වගයි. "තෑගි" යන වචනය නිසා තරුණ මව ඇගේ බිළිඳා, බ්‍රයන් දකින්නට අමුත්තන්ට ඉඩ සළසයි.

බ්‍රයන් තරුණ වියට පත් වූ පසු, ජුදයාව රෝමයේ පාලනයෙන් මුදවා ගැනීමේ අරමුණින් පිහිටුවා ගත් ජුදයාවේ මහජන පෙරමුණ නම් සංවිධානයට එක් වෙයි. ඊට එකතු වීමේ දී ඔහුගේ සුදුසුකම් සහ කැපවීම පරීක්ෂා කිරීමට ඔහුට ලැබෙන මුල් ම මෙහෙයුම වන්නේ, "රෝමකයනි, ජුදයාවෙන් පිටවෙයව්!" යන්න, නගරයේ ප්‍රධාන තැනක බිත්තියේ ලිවීමට ය. නිතර රාත්‍රී මුර සංචාර යන ලීජන්වරුන්ගෙන් බේරී මෙය ඉටු කිරීම අති දුෂ්කර කාර්යයකි. නමුත් එය සිතුවාටත් වඩා "සිය ගුණයකින්" ඉටු කිරීමට බ්‍රයන් සමත් වන්නේ මෙසේ ය.

රෝමක සෙබළුන්ට අහුවෙන බ්‍රයන්, ජුදයාවේ රෝමක පාලකයා වන පොන්ටියුස් පිලාත් වෙත අරගෙන යන තැන. පිලාත් ට "ර" යන්න කියවෙන්නෙ නෑනෙ. ඒ වෙනුවට කියවෙන්නෙ "ව" යන්න. ඉතිං බ්‍රයන්ගෙ තාත්තා "රෝමන්" කෙනෙක් කිව්ව ම, පිලාත් ගෙ මුවින් ඔහු "කාන්තාවක්" වෙනව.

ඒ කාලේ තිබුණු යුදෙව් මූලධර්මවාදී සමාජය. දස පනතේ එක් පනතක් වන, "දෙවියන් වහන්සේ ගේ නාමයෙන් බොරුවට දිවුරීම" ට හසු වුණු තැනැත්තෙක්ට ගල් ගැසීම...

අවසානයේ බ්‍රයන් ද, කුරුසියේ තබා ඇණ ගසනවා.

සෑහෙන ආන්දෝලනයට ලක් වුණු, මොන්ටි පයිතන් කණ්ඩායමේ නිර්මාණයක් වන මේ චිත්‍රපටිය, ඇතැම් රටවල තහනමට පවා ලක් වුණා. ඊට සමගාමීව, "නොට් ද නයින් ඔ'ක්ලොක් නිවුස්" හි කතා බහට ලක් වුණා. මොන්ටි පයිතන් බැතිමතුන්ට අපහසුතාවක් ඇති වුණු, ජේසුස් ක්‍රිස්තුස් ගේ කතාව...

චිත්‍රපටිය යූ ටියුබ් හි තිබෙනවා. ටොරන්ට් බාගත කරගන්නවානම්, මෙන්න...
ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com48tag:blogger.com,1999:blog-3085096022479901122.post-32892193125915155832023-12-19T23:47:00.000+05:302023-12-19T23:47:07.065+05:30යුද්ධ කතා සහ ප්‍රේම කතා
අපේ හිතවත් ඩී ජී ඇම් බස්සා මහතාගේ බ්ලොග් එකේ නොබෝ දා පළවුණු මෙන්න මේ කමෙන්ටුව කියවද්දි කාලෙකට කලින් කියවන්න සහ අහන්න ලැබුණු කතා කීපයක් මතක් වුණා. මෙන්න මෙහෙමයි ඒ කතා:

ට්රැෆල්ගාර් චතුරස්‍රය

මේක දෙවෙනි ලෝක යුද්ධ කාලෙ. අනිවාර්ය යුධ සේවයට බැඳෙන්න අකමැති වෙච්ච එංගලන්තයේ තරුණයෙක්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයෙ දි තමන්ට ඇස් පෙනීම හොඳ නැති බව අඟවලා බේරෙන්න කල්පනා කළා. ඉතින් සම්මුඛ පරීක්ෂණේ දි එයා ට මේසෙ උඩ තියෙන වාර්තාව කියවන්න කිව්ව ම, “මොන වාර්තාව ද?” කියලා ඇහුවා. පැන්සලක් දික් කරලා වාර්තාව පෙන්නුවහම, “කොසු මිටක් දික් කරන්නෙ ඇයි?” කියලා ඇහුවා. ඔය වගේ කොමිටල් උත්තර දීලා උන්දැ කොහොම හරි සම්මුඛ පරීක්ෂණේ ෆේල් වුණා.

පහුවදා නමියා අර තරුණයා ගියා ෆිල්ම් එකක් බලන්න. ගිහින් සීට් එකක් හොයාගෙන වාඩි වෙලා වටපිට බලද්දි තමයි දැක්කෙ, තමන්ව ඉන්ටවිව් කරපු එක් කෙනෙක් ඉන්නව පිටිපස්සෙ සීට් එකේ. “මළ කෙලියයි. මගෙ වැඩේ මාට්ටු නේ ද?” කියල ටික වෙලාවක් කල්පනා කරපු තරුණයා, එක පාරට ම පිටිපස්සට හැරිලා ඇහුවා, “සර්, මේ බස් එක ට්රැෆල්ගාර් චතුරස්‍රයෙ නවත්තනව ද?” කියලා.

මීටරේ ට බොරු කිරීම

මේක ටිකක් අවරයි. ඒ නිසා කියවන්න එපා.

උඩ කතාවෙ වගේ ම තරුණයෙක් අනිවාර්ය හමුදා සේවයට බඳවා ගන්න ඉන්ටවිව් එකේ දි, ඇස් පේන් නෑ කියලා බොරු කරන්න ට්‍රයි කළා. නමුත් ඉන්ටවිව් කරපු හමුදා ලොක්කා ඌට වඩා ටිකක් කපටි කමින් වැඩියි. ඉතින් එයා කරපු වැඩේ, අර තරුණයාට ඒ කාමරේට වෙලා ඉන්න කියලා, එළියට ගිහින්, හැඩ වැඩ ඇති හමුදා සෙබළියක් ඊට යාබද කාමරේට එව්වා. ඒ කාමර දෙක අතර දොර අඩවන් කරලා, අර සෙබළිය එකින් එක එයාගෙ ඇඳුම් අයින් කරන්න ගත්තා, බොහොම හෙමින්. අන්තිමේ පෑන්ටියයි බ්‍රා එකයි විතරක් ඉතරු වෙද්දි හමුදා ලොක්කා ආපහු කාමරේට ඇවිත්, නමියගෙ අර තරුණයගෙ කළිසමේ උඩ හරිය දිහා හොඳ ට බලලා, කිව්වා:

“මල්ලි මේ... මට බොරු කළාට, උඹෙ මීටරේට බොරු කරන්න බෑ. කට්ට උඩ ගිහින් තියෙන්නෙ හොඳට ම” කියලා.

සුහද නිවාඩු

මේ කතාව මම මීට පෙර කොතනක හරි ලියලා තියෙනවා. මට කියවන්න ලැබුණ විදිහට, ඊශ්‍රායල් පලස්තීන සීමාවෙ වෙච්ච කතාවක්...

ඊශ්‍රායෙල් කාලතුවක්කු හමුදාවට අලුතින් බැඳුනු කොල්ලෙක් ට ගමේ යන්න නිවාඩුවක් ගන්න ඕනෙ වුණා. ඒත් හමුදාවට බැඳුන අලුත නිසාත්, යුද්ධෙත් ගණ සැරට යන නිසාත්, ඌට නිවාඩු ලැබුණෙ නෑ.

ඔහොම ඉද්දි එක දවසක් මූ උදේ පාන්දර ම යුධ පෙරමුණේ ඉඳන් තමන්ගෙ කඳවුරට ආවා, පලස්තීන යුද්ධ ටැංකියක් අල්ලගෙන.

ඌ කරපු වීර කමට, පදක්කමක් රෙකමන්ඩ් කරලා, මාසයකට නිවාඩුවකුත් ලැබුණා. එදා හවස මෙස් එකේ මූ වෙනුවෙන් පාටියකුත් තිබුණා.

පාටියෙ දි උගෙ යාලුවෙක් ඇහුවා, “උඹ කොහොම ද බං ඔය ටැංකිය අල්ලගත්තෙ?” කියලා.

මූ කියනව, හොඳට ම වෙරි පිට...

“මෙහෙමයි මචං. මං අපේ ටැංකියක් එලවගෙන යුද්ද පෙරමුණ හරියට ගියා. ඒ හරියට, පලස්තීන ටැංකියකුත් ආව. මං ටැංකියෙන් බැස්සා. අරුත් උගෙ ටැංකියෙන් බැස්සා. මං උගෙන් ඇහුවා, ‘උඹට නිවාඩුවක් ගන්න ආස නැද්ද?’ කියලා. ඌ ඒකට එකඟ වුණා.

“ඊට පස්සෙ අපි දෙන්නා ටැංකි මාරු කරගෙන ආපිට තම තමන්ගෙ කෑම්ප්වලට ගියා. මයෙ හිතේ දැන් උගෙ කෑම්ප් එකෙත් ඌට මේ වගේ ම පාටියක් දෙනව ඇති.”

කැමති ද?

ප්‍රසන්ன චූටි කාලෙ එක වතාවක්, සෑහෙන්න කල්පනා කරලා කරලා, යාලුවොත් එක්ක කතා කරලා, හිතට හොඳට ගට් එක අරගෙන, ගිහිං කෙල්ලෙක්ගෙන් ඇහුවලු. කරුමෙ කියන්නෙ, මුගෙ කලබලේට මූ අදාළ ප්‍රශ්නෙ ඇහුවෙ පැත්ත මාරු කරල.

ඒ කියන්නෙ? ඒ කියන්නෙ මූ ඇහුවෙ: “මේ... නංගි, ඔයා මට කැමතියි, මං ඒ ගැන මොක ද කියන්නෙ?” කියල.

“මං කොහොම ද දන්නෙ?” කියල කෙල්ලත් ගස්සගෙන යන්ඩ ගියා ලු.

කෝලං

දවසක් මහේෂ් කියල කොල්ලෙක් හෙණ අප්සට් එකේ ගියාලු පොරගෙ යාළුවෙක් ගාවට. ඒ යාලුවට කොල්ලො සෙට් එකේ ම කියන්නෙ, “ලව් ඩොක්ටර්” කියල. එච්චරට ඌට එක්ස්පීරියන්ස්, කෙල්ලො ටෝක් කරන විදිහ ගැන.

“මොක ද බං? උඹ නිකං ගොනා පයිං ගහපු ලන්තෑරුම වගේ?” ලව් ඩොක්ටර් ඇහුවා.

“නෑ බං... මං කෙල්ලෙක්ගෙන් ඇහුවා.”

“හා හා හරි හරි...” අරූ ඉතුරු ටික හිතා ගත්තා. “උඹ ඔව්ව ගණං ගන්ඩෙපා බං. ඔය ඕනෙ ම කෙල්ලෙක් දා ගන්ඩ සිම්පල් ටැක්ටික් ටිකක් තියෙන්නෙ.”

“උඹ නං කියයි. උඹ දන් නෑනෙ ඒකි මට කියපු දේවල්...” මහේෂය අඬනව ඉතිං.

“හරි හරි බං. ඔය කොයි කෙල්ලත් එකපාර ම කැමතියි කියන්නෙ නෑ. එතකොට උන් ගැන කොල්ලො හිතන්නෙ උන් බඩු කියලා. ඉතිං ඔය කොයි කෙල්ලත් ඉස්සෙල්ලා බෑ කියනව. උන්, ‘බෑ’ කියන්නෙ, පස්සෙ ‘හා’ කියන එකට ම තමයි බං.”

“ඉතිං ඒකි බෑ කිව්වෙ නෑනෙ බං.”

“එහෙනං? මොකද්ද කිව්වෙ?”

“ ‘මල කෝලං. පළයං යන්ඩ’ කියලනෙ කිව්වෙ බං...”

ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com52tag:blogger.com,1999:blog-3085096022479901122.post-42402210093761893942023-12-16T21:54:00.001+05:302023-12-16T22:00:46.579+05:30 වෙතාල කථා - 6 තරඞ්ගය
5. තරඞ්ගය

"දෙවජාති ඇත්ත, ඒ සියල්ලන් අතුරෙන් ශුද්‍රකරජ තෙමේ ම ශ්‍රෙෂ්‍ඨවීරයා ය"යි රජ පිළිවදන් දින.

"නරපතිය, ලෝකයෙහි අන් කිසිවකු විසිනුදු නො කට හැකි දුෂ්කරක්රියාවක් කළ ඒ වීරවරයා කෙසේ නම් වීරශ්රෙෂ්ඨ නො වන්නේ ද? සියදූපුතුන් බිලි දෙනු ප්රත්යක්ෂ වශයෙන් දැක ද ධෛර්ය්යයෙන් නො ගිලිහුනු ඒ ධර්‍මවතිය කවර හෙයින් වීරශ්රෙෂ්ඨ නො වන්නී ද? බාලවියෙහි සිටිය ද එබඳු අධිකධෛර්ය්ය ඇති ඒ සත්‍යවරයා කවර හෙයින් වීරශ්රෙෂ්ඨ නො වන්නේ ද? එසේ තිබිය දී ඒ එක ම ශුද්‍රකරජ ප්‍රවර ය යි කවර හෙයින් කියයි දැ?"යි වේතාලයා නැවත ද ප්‍රශ්න කෙළේ ය.

"යක්ෂෙශවරය, වීරවර, ධර්මවතී, සත්‍යවර යන තිදෙනා වීරශ්රෙෂ්ඨ නො වෙතැයි මම නො කියමි. ඔහු ද වීරශ්රෙෂ්ඨයෝ ය. එහෙත් ශුද්‍රකරජ ඒ තිදෙනාට ම වඩා වීරශ්රෙෂ්ඨයා යයි කියමි. කවර හෙයින් ද යත්:- කුලපුත්‍ර වූ ඒ වීරවරයා ශුද්‍රකරජ වැනි නො වේ. ඔහුට අයත් හැම දෙය ම වියදම් කොට හිමියා රැක ගැන්ම ඔහුගේ යුතුකමකි. ඔහුගේ භාර්‍ය්‍යාව වූ ධර්මවතී ද හිමියා ගත් මග ගත්තී ධර්මය ම රැක්කා ය. ඒ දෙදෙනාගෙන් උපන් සත්‍යවර තෙමේ ද එබඳු ම ය. හූ (නූල්) යම්බඳු ද, එයින් වියූ පිළිය ද එබඳු ය. රජුවිසින් යම්බඳු මෙහෙකරුවන්ගේ දිවි පුදා සිය දිවි රකිනු ලැබේ ද, එබඳු මෙහෙකරුවන් උදෙසා දිවි පිදූ ශුද්‍රක රජ කෙසේ නම් ඒ මෙහෙකරු වූ වීරවරයන්ට වඩා ශ්රෙෂ්ඨවීරයෙක් නො වන්නේ ද?"

රජුගේ බස් අසා වේතාලතෙම පෙර මෙන් ම අතුරුදන් වී ය.

6. තරඞ්ගය

1

රජ තෙමේ ශිංශපා (ඇට්ටේරිය) වෘක්ෂමූලයට ගොස් පෙර සේ එල්බෙමින් තිබුණු මළසිරුර බා ගෙණ එන්නට වන. වේතාල තෙමේ ද අනික් කථාවක් ආරම්භ කෙළේ ය.

සොමප්රභාකථාව

උදේනි නුවර පුණ්‍යසේන නම් රජුගේ හරිස්වාමි නම් ඇමැතියෙක් වී ය. ඔහුට දෙවස්වාමි නම් පුතෙක් ද සොමප්රභා නම් දුවක් දැ යි දරු දෙදෙනෙක් වූහ. වැඩිවිය පත් දූ තොමෝ රූපශ්‍රීයෙන් ද අගතැන් පැමිණියා ය. ස්ත්‍රීන් විසින් දතයුතු සියලු ශිල්ප ශාස්ත්‍ර උගත්තා ය. සියලු ස්ත්‍රී ගුණයන්ගෙන් යුක්ත වූවා. නොයෙක්දෙසින් බොහෝ දෙන ඇය සරණ අසා මඟුල්කපුවන් එවූහ. ඕතොමෝ ඒ සියල්ල ප්රතික්ෂෙප කොට ස්වකීය නිශ්චය මවට දැන්වූ: "මෑනියෙනි, මම ශූරයෙකු හෝ ඥානියෙකු (ජ්යොතිශ්ශාසත්රඥයෙකු) නැතහොත් විඥානියෙකු (වඩුවැඩ ආදී ශිල්පයන්හි දක්ෂයෙකු) කැමැති වෙමි. එබන්දෙකුට මා විවාහ කොට දිය යුතුය. නො එසේ වූවෙකුට දුන හොත් මම මැරෙන්නෙමි"යි කීවා ය. මවුතොමෝ දුවගේ අභිප්‍රාය සියහිමියාට හා පුතුට ද දැන්වූවා.

එක්දිනෙක්හි හරිස්වාමීහු වෙත තරුණ බමුණෙක් එළඹ මෙසේ කී ය:- "මම ඔබ දුවගේ රූපසෞන්දර්ය්යය අසා ඇය ලබාගණු පිණිස පැමිණියෙමි. මම ඔබගේ කුලයට සුදුසු උතුම් බමුණුකුලයෙක්හි උපන්මි. ධනවත්මි. මට නැත්තේ ගුණවත් බිරින්දක පමණයි,"

"පින්වත් තරුණය, මාගේ දුව ඥානි. විඥානි, ශූරයන් මිස අන් කෙනෙකුන් නො පතයි. ඔවුන් අතුරෙන් පින්වතා කවරෙක් දැ?"යි හරිස්වාමි විචාළේ ය.

"මම විඥානියෙක්මි. මා සමාන විඥානියෙක් අන් තැනෙක නැත්තේ ය"යි තරුණයාගේ පිළිතුර වී ය.

"එසේ නම්, භවත්හුගේ විඥානය දක්වනු මැනවැ"යි හරිස්වාමි නියම කෙළේ ය.

තරුණතෙමේ කීප දිනකින් ගගනයාත්‍රාවක් සාදා හරිස්වාමි එහි නංවා ගෙණ අහසට නැංගේ ලෝකයෙහි නොයෙක් තැන ගොස් රමණීයස්ථාන පෙන්වී ය. එයින් තුටු වූ හරිස්වාමිතෙමේ ඔහුට එයින් සත්වැනි දිනයෙහි සියදුව දෙන්නට ගිවිස්සේ ය.

මේ ගිවිසුම කළ දිනයෙහි ම, එය දැනගන්නට මත්තෙන් එක් තරුණයෙක් තරුණියගේ සොහොයුරා වෙත ද, තව එකෙක් මව වෙත ද අවුත් තරුණිය ප්‍රාර්‍ත්‍ථනා කළහ. හරිස්වාමි මෙන් ම ඔහුගේ පුතා ද තමන් වෙත ආ තරුණයාගෙන් හෙතෙම ශූරාදීන් අතුරෙන් කවරෙක්දැ'යි විචාළේ ය. හෙතෙම "මම ශූරයෙක්මි"යි පිළිණ (ප්‍රතිඥා , පිළිගැණීම) කොට අන්කෙනෙකුන් විසින් නො දත් බොහෝ අවිසරඹ දක්වා දෙවස්වාමි සතුටු කෙළේ ය. දෙවස්වාමි ද එයින් සත්වැනි දිනයෙහි සිය සොහොයුරිය ඔහුට දෙන්නට ප්‍රතිඥා කෙළේ ය.

මව වෙත පැමිණි තරුණ තෙමේ ද, 'ශූරාදීන් අතුරෙන් කවරෙක් දැ'යි විචාරණලද්දේ 'ඥානියෙක්මි'යි කී ය. නැණැති ඒ මවු තොමෝ ද ඔහු අතින් අතීතානාගතකාලයන් පිළිබඳ බොහෝ කරුණු ගැණ ප්‍රශ්න විචාළා ය. සුදුසු පිළිතුරු ද ලැබුවා ය. ඕතොමෝ ඒ තරුණයා ශ්‍රෙෂ්ඨ වූ ඥානියෙකැ යි නිශ්චය කළා ය. එයින් සත්වැනි දිනයෙහි සිය හිමියා හා පුතාත් ගෙට ආ කල්හි සියදුව ඔහුට දෙන්නට ගිවිස්සා ය.

සත්වැනි දිනයෙහි සියල්ලෝ හරිස්වාමිහුගේ ගෙට රැස් වූහ. මවුපියපුත්හු තමන් විසින් වෙන වෙන ම කළ ගිවිසුම් ඔවුනොවුන්ට කීහ. එක ම තරුණිය සඳහා තුන්දෙනා වරයන් තිදෙනෙකුන් කැඳවීමෙන් හරිස්වාමි තෙමේ බෙහෙවින් ව්‍යාකූල වූයේ ය. 'කුමක් කට යුතු දැ?'යි නිශ්චය කළ නො හැකි වී ය.

2

අහෝ, පුදුමයකි! එකල්හි ම ඒ සොමප්රභාතොමෝ පෙණෙන්ට නො සිටියා ය. සියල්ලෝ ව්‍යාකූල වූහ. එහෙත් ඥානිතෙමේ ශ්රාස්ත්ර බලන්ට පටන් ගත. කාන්තාව රකුසෙකු විසින් පැහැර ගෙණ ගොස් වින්‍ධ්‍යවනයෙහි සඟවන ලද බව ඔහුගේ ශාස්ත්‍රයෙන් දත හැකි වි ය. එ තෙමේ ඒ බව අන්‍යයන්ට ද කී ය. විඥානිතෙමේ එකෙණෙහි ම ගගනයාත්‍රාවක් සාදා ඥානියා හා ශූරයාත් කැටි ව වින්‍ධ්‍යවනයෙහි කාන්තාව සඟවනලද තැනට ගියේ ය.

ගල්ලෙන දොරකඩ රකුසා එක් අතකින් මහයගදාවක් ගෙණ අනෙක් අතින් දැළිරැවුලු ඇද ඇද සියලු ම සිරුරින් විසුළු දක්වමින් රැකවල් ගෙණ සිටියේ ය. අඳුන්කුළක් වැනි උස්ගතින් හා මල බැඳුනු යකඩකෙඳි වැනි කෙසින් වැසුනු හිසින් ද, දැලි බැඳුනු මහකොරහක් පමණැති රුදුරු මුහුණ මතුයෙහි පිහිටි කප්කෙළ රිවිමඬුලු (කල්පාන්තයෙහි සූර්ය්ය මණ්ඩල) දෙකක් වැනි රතැස්යුවලින් හා දික් වුව ද මිටි වූ, මැදින් බුන් නඟුලිසක් වැනි, නැහැයෙන් ද, පුරදියවක් හි ලසඳයුවලක් (පුරපක්ෂයෙහි (මාසේපෝය ගිය) දෙවෙනි දින අළුත් සඳවල් දෙකක්) වැනි නැමි දළයුවලින් ද, ඌරුකරක් වැනි කරින් හා සිරුරුබර දැරිය නො හැකිව මෙන් පෙරට නැමීගිය දන යුවලින් ද බිහිසුණු රකුසා ඔවුන් දැක කිපී ඔවුන් හා සටනට පැමිණියේ ය. ශූරතෙමේ දිවි නො තකා ඔහු හා යුදට වැද ඔහු මරා තරුණිය නිදහස් කර ගෙණ ඇයත් සමග ගගන යාත්‍රාවෙන් ම තරුණියගේ ගෘහයට පැමිණියේ ය. එහි දී ඒ තිදෙනා අතර තරුණිය උදෙසා වාක්සංග්රාමයක් වී ය.

"මම මගේ ශාස්ත්‍රබලයෙන් මැය සිටිතැන දැන නො කීයෙම් නම්, කිසිවෙක් මෑ ලබා ගැණීමෙහි සමත්ථර් නො වේ. එහෙයින් මට ම මේ කාන්තාව අයිතිය"යි ඥානිතෙමේ කී ය.

විඥානිතෙමේ "මම ගගනයාත්‍රාව නො නිමවූයෙම් නම්, තෙපි ඒ දුර්ගස්ථානයට එතරම් ශීඝ්‍ර ව කෙසේ යන්නහු ද? අහසෙහි සිට යුද කළ ඒ රකුසා සමග ශූරතෙමේ කෙසේ නම් යුද කරන්නේ ද? මගේ යාත්‍රාව නිසා ම ඒ සියල්ල පහසු වී ය. එහෙයින් කාන්තාවගේ ස්වාමිභාවයට මම ම සුදුසුසෙමි"යි කී ය.

"මම ඒ රකුසා යුද කොට නො මැරීම් නම්, තෙපි දෙදෙන කොතරම් යත්න කළත් මේ කාන්තාව නො ලබන්නහු ය. මාගේ බාහුබලය නිසා ම කාන්තාව ලදිමු. එහෙයින් කාන්තාව මට ම දිය යුතු ය"යි ශූරතෙමේ කී ය.

"රජතුමනි, ඒ තිදෙනාගෙන් කවරෙකුට ඒ කාන්තාව දිය යුතු ද? පෙර මවිසින් කළ ශාපය ද සිහි කරව"යි වේතාලතෙමේ තූෂ්ණීම්භූත ව ගමන් කළ රජුහට කී ය.
ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com60tag:blogger.com,1999:blog-3085096022479901122.post-61962170893340065912023-12-09T22:00:00.001+05:302023-12-09T23:34:28.271+05:30පුදුම පහුරු ගමන
ලොකු නැවකින් තරණය කළ යුතු මහා සාගරයක් ‘බල්සා’ කඳන්වලින් තැනූ පහුරකින් තරණය කළායයි යමෙකු ඔබට කීවොත් ඔබ පුදුම වනු ඇත.

යුරෝපීයයෝ ශාන්තිකර සාගර තරණයේදී ලෝකයේ අනෙක් ගොඩබිම්වලට බොහෝ ඈතින් පිහිටියාවූ ද, එකිනෙකින් ඈත්වූ ද කුඩා දූපත් හා පැතලි හිරිගල් පර සමූහයක් සොයා ගත්හ. මේ මහ සයුර මැද දූපත් ඇතැයි ඔවුහු නොසිතූහ. මේ දූපත් ජනාවාස ව ඇතැයි ඔවුහු කිසිසේත් ම බලාපොරොත්තු නොවූහ. හැඩ රුව ඇති, උස මනුෂ්‍ය වර්ගයක් මේ දූපත්වල වාසය කළහ. හැම දූපතක ම ගම්බිම් හා පැල්පත් ද, වගා කරන ලද කෙත්වතු හා පූජනීය ස්ථාන ද තිබිණ. සමහර දූපතක පිරමීඩ ද, ගල් අතුළ මංමාවත් ද, සිවු මහල් ගෙයක් තරම් උස ගල් පිළිම ද විය. මේ අද්භූත දර්ශනය තේරුම් ගැනීමට යුරෝපීයයෝ අපොහොසත් වූහ.

විශේෂඥයෝ නොයෙක් මත පළ කළහ. අන්‍ය විශාරදයෝ මේ මත නිෂ්ප්‍රභ කළහ. මේ දූපත් වාසීන් කිනම් රටකින් පැමිණි අය ද කියා ඔවුන්ට තීරණය කළ නොහැකි විය. විද්‍යාඥයන්ට මේ ප්‍රහේලිකාව විසඳා ගත නොහැකි වූ විට විද්‍යාඥයන් නොවන අය වෙනත් මත පළ කළෝය. එක සමාන නටබුන් තිබුණු සියලු ම දූපත් ඉතා ඈත කාලයකදී දකුණු අමෙරිකාව වැනි මහා ද්වීපයකට ගොඩ බිමකින් සම්බන්ධ ව තිබෙන්ට ඇතැයි ඇතැමෙක් කීහ. භූවිද්‍යාඥයෝ මේ අදහස නොපිළිගත්හ. මේ දිවයින්වල ක්ෂුද්‍ර ජීවීන්, ගොලුබෙල්ලන් වැනි සතුන් ගැන හදාළ සත්ව විද්‍යාඥයෝ මේ දිවයින් එකිනෙකින් ද, අවට මහාද්වීපයන්ගෙන් ද, මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිට ම සම්පූර්ණයෙන් ම වෙන් ව තිබුණු බව ඔප්පු කළහ.

නොයෙක් දෙනා පළ කළ මනඃකල්පිත මතාන්තර ද විද්‍යාඥයන්ගේ සියලු මත ද සලකා බැලූ නෝර්වීජියානු ජාතික මානව විද්‍යාඥයෙකු වූ තෝර්හෙයර්ඩාල් මේ දිවයින්වල වැසියන් පෙර කවර අවස්ථාවකදී හෝ දකුණු අමෙරිකාවේ සිට මෙහි පැමිණෙන්නට ඇතැයි අදහසක් පළ කෙළේය.

ඒ අදහස පහළ වූයේ මෙසේය. ඔහුට ඇහුම් කන් දෙමු.

“වෙනත් බොහෝ දිනවල මෙන් හඳපානේ මුහුදට මුහුණ ලා අපි වෙරළේ ඉඳ ගතිමු. විශාල රළ පෙළ මුහුදෙන් නැගී අවුත් වෙරළේ ගල්පරවල හැපී බිඳෙන ඝෝෂාව සියලු ශබ්ද මැඩගෙන නැගිණි.

“හරි පුදුමයි නේ, මේ වගේ රළ දූපතේ අනිත් පැත්තේ කවදාවත් නැහැ.” මගේ බිරිඳ කීවාය.

“මේ සුළං මූණත නේ, ඒක නෙ හැමදා ම රළ මේ පැත්තෙන් ගහන්නේ” මම කීමි.

තෝර් සහ ඔහුගේ බිරිඳ ලිව්

මුහුදු රළ පෙළ දිගට ම පෙරළී ආවේ නැගෙනහිරින් ය. මුහුද මතුපිට කැළඹුණේ මේ සදාතන නැගෙනහිර වෙළඳ සුළඟිනි. නැගෙනහිර ක්ෂිතිජයේ සිට මේ දෙසට මුහුදු රළ පෙළ පෙරළීගෙන ආවේය. නොනැවතී ඉදිරියට ආ රළ පෙළ වෙරළේ ගල්කුළුවල හා හිරිගල් පරවල හැපී බිඳිණි. සුළඟ වෙරළින් ද, වන හිසින් ද, කඳු මුදුනින් ද, ඉහළට නැග බාධා නොමැති ව බටහිර දෙස දූපත් හරහා හමා ගියේය. ඈත නැගෙනහිර ක්ෂිතිජයෙන් නැග ආ සුළඟ හා මුහුදු රළ, කාලයාගේ ආරම්භයේ පටන් නැගෙනහිර සිට බටහිරට ආවේය.

නැගෙනහිර දෙස, දකුණු අමෙරිකාව පිහිටි බව අපි දැන සිටියෙමු. ඒ සැතපුම් 4,300ක් ඔබ්බෙනි. එතෙක් දුර සාගරය විනා අන් කිසිවක් නොවීය.

ඉදිරියේ සිටි මහල්ලාට අපි කන් දීගෙන සිටියෙමු.

“ටිකී දෙවියෙක් වාගේ ම නායකයෙක්. අද අපි ඉන්න මේ දූපත්වලට අපේ මුතුන් මිත්තන් එක්කරං ආවෙ ටිකී. ඊට ඉස්සර අපි හිටියෙ මූදෙං එතර ලොකු රටක.” යනුවෙන් මහල්ලා ඔහුගේ කතාව කියාගෙන ගියේය.

අපි වාඩි වී සිටි මාර්තියස් කොදෙව් වැලේ පාතිහිවා දූපතේ නැගෙනහිර වෙරළේ විසූ ගෝත්රිකයන්ගෙන් ඉතිරි ව සිටි අයගෙන් මේ මහලු ටෙයිටෙටුවා ද කෙනෙකි. පොලිනීෂීයානුවරුන් විසින් සූර්යයාගේ පුත්‍රයා ලෙස සැලකුණු ශ්‍රේෂ්ඨ නායක දෙවියා වූ ටිකී ගැන තම පියාත්, ඊට පෙර තම පියාගේ පියාත් කියූ කථා තවමත් විශ්වාස කරන්නා වූ ද, ඒවා බොහොමයක් මතකයෙහි රඳවාගෙන සිටින්නා වූ ද අය අතුරෙන් ටෙටුවා ද කෙනෙකි.

අප එදින නිදන්නට පැල්පතට රිංගා ගත් විට මේ දූපත් වාසීන්ගේ මුල් බිම හා ටිකී පිළිබඳ මහලු ටෙයිටෙටුවාගේ කතාන්තරය මගේ සිතේ රැව් දෙන්නට විය. මට නින්ද ගියේ නැත. මම බිරිඳ ඇමතීමි.

“මේ අහන්නකෝ, අර වනාන්තරේ තියෙන ටිකීගෙ ලොකු ගල් රූප අපි දකුණු අමෙරිකාවේදී දැක්ක ගල් ටැම් වගේ නේ ද?” මගේ සිතිවිල්ල අනුමත කරන්නාක් මෙන් මුහුද හඬ නංවනු මට ඇසිණ. ටිකෙන් ටික මට නින්ද ගියේය.

පාතිහිවා දූපතේදී දුටු දෙයින් හා මහලු ටෙයි ටෙටුවාගේ කතාව ඇසීමෙන් පහළ වූ අදහස ඔස්සේ වැඩිදුර කරුණු සෙවීමට හෙයර්ඩාල් දකුණු අමෙරිකාවට ගියේය. පොලිනීෂීයානු ගෝත්‍රිකයන්ගේ දෙවියා වූ ටිකී පිළිබඳ ඉන්කාවරුන්ගේ ප්‍රවාද පීරු රටේදී ඔහුට අසන්නට ලැබිණ.

ඉන්කාවරුන් අතර ප්‍රචාරය වී තිබී කටින් කට ආ ජනප්‍රවාදයක් මෙසේය:

“ඉන්කාවරුන් පීරු රට ආක්‍රමණය කරන අවධියේ ටිටිකාකා විල බඩ දියුණු ශිෂ්ටාචාරයක නටබුන් ඉතිරි කර අතුරුදහන් වූ සුදු මිනිසුන්ගේ ප්‍රධාන පූජකයා ‘විරකෝචා’ නමැත්තෙකි. කොකියුම්බා නිම්නයේ සිට පැමිණි කාරි නමැත්තෙක් විරකෝචාගේ ගෝත්‍රිකයන්ට පහර දුන්නේය. මේ සටන වූයේ ටිටිකාකා විල් මැද දූපතකය. මේ සටනින් දිගු රැවුල් ඇති සුදු මිනිස්සු වැඩි දෙනා ඝාතනයට ගොදුරු වූහ. නායක විරකෝචා සහ ඔහුගේ කුලුපග මිත්‍රයෝ අතලොස්සක් මරණයෙන් ගැළවී ශාන්තිකර වෙරළට ආහ. ඊට පසු ඔවුහු අභිරහස් ලෙස අතුරුදහන් වූහ.”

විරකෝචා යනු ඉන්කාවරුන් විසින් දෙන ලද නමක් බව හෙයර්ඩාල්ට පැහැදිලි විය. මොහු ආදී ම කාලවල වැඩි වශයෙන් හැඳින් වුණේ සූර්යටිකි යන අරුත් ඇති කොන්ටිකි හෝ අග්නිටිකි යන අරුත් ඇති ඉලාටිකි යනුවෙනි. පීරු රටෙන් ලබා ගත් තොරතුරු අනුව ද අවුරුදු දහයකට පෙර පාතිහිවා දූපතේ දී ලබා ගත් තොරතුරු අනුව ද ටෙයිටෙටුවා සඳහන් කළ ටිකී සහ පීරු ප්‍රවාදයේ විරකෝචා නැත්නම් කොන්ටිකි එක් අයෙක් ම යයි හෙයර්ඩාල් නිගමනය කළේය.

ස්ථිර ව මේ නිගමනයට බැස ගත් හෙයර්ඩාල්, කොන්ටිකි යන්නට ඇතැයි සිතූ පරිදි බල්සා ලීයෙන් පහුරක් තනා තම මිත්‍රයන් ද කැටුව ශාන්තිකරය තරණය කළේය. නැගෙනහිර වෙළඳ සුළඟේ ආධාරයෙන් ඔවුහු පොලිනීෂියානු කොදෙව්වලට ගොඩ බැස්සෝය. කොන්ටිකි ද පහුරුවලින් සාගරය තරණය කළ බවට කිසිම සැකයකුදු නැති විය. ආදී ම මිනිසුන් පහුරකින් සාගරය තරණය කළා යයි කීවොත් දැන් ඔබ පුදුම වන්නේ නෑ නේ ද?

ධෛර්යය ඇත්නම් සාගරය තරණයට පහුරක් වූවත් ඇති.

ඉහත ලිපිය උපුටා ගත්තේ හැත්තෑව - අසූව දශකයේ සිංහල කියවීම් පොතකින්. රවි අයිය කියන විදිහට ඒ හතේ නැත්තං අටේ පන්තියෙ පාඩම් පොත.

තෝර් හෙයර්ඩාල්ගේ කොන්ටිකි ගවේෂණය ගැන, එයා ම හදපු වාර්තා චිත්‍රපටියක් තිබෙන අතර, එයා ම ලියපු පොතකුත් තිබෙනවා. 2012 දී ඒ ගැන වික්‍රමාන්විත චිත්‍රපටියකුත් හැදුණා.

කොන්ටිකි ගවේෂණය ගැන අපේ අංග සම්පූර්ණ බ්ලොග් කරුවෙකුව සිටි විචාරක ලියා තිබෙන ලිපි පහතින්.

පළමු කොටස

දෙවන කොටස

තෙවන කොටස

අවසාන කොටස

ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com43tag:blogger.com,1999:blog-3085096022479901122.post-88168475522896413722023-12-05T22:46:00.000+05:302023-12-05T22:46:34.067+05:30විරකෝචා

ආරම්භයේ දී පැවතුනේ අන්ධකාරය පමණකි. අන්ධකාරය තුළ, ටිටිකාකා නම් වූ මහා විලේ ජලස්කන්ධය විය. මේ ජලය තුළින් විරකෝචා හෙවත්, ඉල්ලා ටික්සි විරකෝචා හෙවත්, දීප්තිමත් තැනැත්තා නොහොත්, මූලාරම්භකයා නොහොත්, සමුදුරේ පෙණ පිඬ, හටගත්තේ ය. ඔහු පෘථිවිය සහ ආකාශය නිර්මාණය කෙළේ ය. ඔහු මුල් ම මනුෂ්‍යයන් තැනී ය. ඉන්පසු ඔහු අතුරුදන් විය. ඒ වනවිටත් පැවතුනේ අන්ධකාරය ම ය.

නමුත්, මුල් ම ජීවීන් තමන් අප්‍රසාදයට පත් කළ හෙයින්, විරකෝචා නැවතත් ටිටිකාකා විලෙන් මතු වී ය. ඔහු වැනි තවත් බොහෝ තැනැත්තන්, බොහෝ විරකෝචාවන් ඔහු සමඟ වූ හ. ඔහු මුල් ම ජීවීන් ගල් බවට පත් කළේ ය. ඒ ඔවුන් ඔහු තුළ ඇති කළ කෝපයට දඬුවමක් වශයෙනි. ඉන් පසු ඔහු සූර්යයා මවා, එය, ඊට අදාළ ගමන් මාර්ගයේ යන ලෙස ට සැළැස්වී ය. ඔහු චන්ද්‍රයා සහ තාරකා ද නිර්මාණය කළ අතර, ඒවා ආකාශයේ පිහිටුවී ය. මේ දේවල් ඔහු තිවනාකූ හි දී සිදු කෙළේ ය.

තව ද, ඔහු තිවනාකූ හි දී අලුත් මනුෂ්‍ය ගෝත්‍ර බිහි කළේ ය. ඒ එක් එක් ගෝත්‍ර ඔහු මැවුවේ, පාෂාණවලිනි. ඒ සෑම ගෝත්‍රයකට ම නායකයෙකු ද, ගර්භණී වූ ස්ත්‍රීන් ද, දරනිවල ලූ දරුවන් සහිත ස්ත්‍රීන් ද, ඇතුලත් විය. මුල් ගෝත්‍රය මැවූ පසු ඔහු එය තිවනාකූ හි පසෙකින් තැබී ය. ඉන් පසු ඔහු තව තවත් ගෝත්‍ර මැවී ය. මේ සෑම මැවුමක ම, ඔහු ඔවුන් පැළඳ සිටිය යුතු වූ ඇඳුම් ද සායම් කෙළේය. එසේ ම දිගු කෙස් සහිතව සිටිය යුතු වූ තැනැත්තන්හට දිගු කෙස්වැටි ද, කෙස්ස කපා දැමිය යුතුවන් කෙටි කෙස්වැටි සහිතව ද මැවී ය.

ඉන්පසු ඔහු තම විරකෝචාවන් කැඳවා, ඒ ගෝත්‍ර පෙන්වා, එක් එක් ගෝත්‍රය හැඳින්විය යුතු නම් ද, වාසස්ථාන පැවතිය යුතු ස්ථාන ද කීවේ ය. ඔහු කියමින්: "මා ඔවුන් පාෂාණවලින් මවා, සායම් කරන ලද හෙයින්, ඒ අයුරින් ම ඔවුන් මා ඔබට පෙන්වා දුන් පළාත්වල උල්පත්වලින්, ගංගාවලින්, ගුහාවලින්, සහ කඳුවැටිවලින් පැමිණිය යුතු ය."යි පැවසී ය.

ඉන්පසු ඔහු තම විරකෝචාවන් හිරු නැඟෙන දෙසට යවමින්, ඒ එක් එක් ගෝත්‍ර කැටිව යන ලෙස නියම කළේ ය. එහෙත් දෙදෙනෙක් ඔහු තමන් වෙත රඳවා ගෙන, ඉන් එකෙකු නිරිත දෙස සමුද්‍ර තීරයටත් අනෙකා වයඹ දෙස කැලෑ සහිත පහත් බිම් දෙසට ද යැවී ය. ඔවුන් ඉන්පසුව තවත් ගෝත්‍ර කැඳවාගෙන උතුරු දිශාභිමුඛව ගමන් කළ හ. විරකෝචා තමන් ම ඔවුන් දෙපළ ට මැදින් කූස්කෝ සහ කෂමාර්කා දෙසට වැටුණු රාජකීය මාවත දිගේ යමින් තවත් ගෝත්‍ර කැඳවාගෙන ගියේ ය.

ඔහු ගමන් කරද්දී යෂ්ටියක් රැගෙන ගියේ ය. ඔහු මහළු වූ අතර, ඔවුන් පවසන පරිදි, ඉදිරියට නැඹුරු වූ සිරුරකින් සහ දිගු රැවුළකින් යුක්ත විය. ඔහුගේ ප්රාවරණය දිගු වූ අතර, කෙස් වැටිය ද දිගු විය.

ඔහු කානා ගෝත්‍රය සඳහා ලබා දුන් කාචා ප්‍රදේශයට පැමිණ, කානා ගෝත්‍රය කැඳවූයේ ය. නමුත් ඔවුහු ආයුධ අතැතිව ඉදිරියට ආහ. ඔවුන් විරකෝචා දුටුවිට, ඔහු ඇඳිනීමට නොහැකි ව, ආයුධ අමෝරාගෙන ඔහු මැරීමේ අදහසින් කඩා පැන්නහ. ඔවුන් එනු දැක, ඔහු ආකාශයෙන් ගින්දර කඩා වැටීමට සළස්වා, ඔවුන් සිටි තැන ට ආසන්නව පිහිටි කන්දක් ගිණි ගැනීමට සැළැස්වූයේ ය. ඔවුහු ගින්දර දැක බියපත් වූ හ. ඔවුන් තම ආයුධ බිම දමා විරකෝචා අසළට දිව ගොස් ඔහු ඉදිරිපිට බිම වැටුණාහ. ඔවුන් එසේ කරනු දැක විරකෝචා සිය යෂ්ටිය ඔසවා ගින්දරට තට්ටු කළෙන්, ඒ ගින්දර නිවී ගියේ ය.

ඉක්බිති, ඔහු ඔවුන්ගේ මැවුම්කරුවා තමන් වූ බව ඔවුන්ට කීවේ ය. ඔවුහු ඔහු වෙනුවෙන් මහා දේවස්ථානයක් ගොඩ නඟා රන් සහ රිදී බොහෝ ප්‍රමාණයක් පූජා කළ හ.

පසුව ඔහු උර්කොස් වෙත පැමිණියේ එහි වූ උස් කඳු මුඳුනකට නැංගේ ය. එහි මුඳුනේ ඔහු අසුන් ගෙන, ඒ ප්‍රදේශයේ වාසය කළ මිනිසුන්ට කන්දෙන් නැඟ එන ලෙස ට නියෝග කෙළේ ය. විරකෝචා එහි වාඩි වී සිටි හෙයින් ඔවුහු ඔහු වෙනුවෙන් එහි ස්වර්ණමය සිංහාසනයක් ඉදි කළෝ ය.

එතැනින් ද ඔහු විවිධ ගෝත්‍ර කැඳවමින්, කුස්කෝ වෙත ළඟා වන තුරු ඉදිරියට ම ගියේ ය. ඒ ස්ථානයේ දී ඔහු ඇල්කහුයිසාවුන් බිහි කළේ ය. තව ද ඔහු එම ස්ථානය කුස්කෝ යැයි නම් කෙළේ ය. එසේ ම, තමන් පිට ව ගියාට පසුව, ඉන්කාවන් බිහි කරවනු පිණිස උපදෙස් තබා ගියේ ය. එතැනින් ඔහු උතුරු දෙසට තවත් ගෝත්‍ර කැඳවමින් ගමන් කෙළේ ය.

අවසානයේ දී ඔහු මැන්ටා ප්‍රදේශයේ දී මුහුදු තීරයට එළඹියේ ය. එතැන දී ඔහු සිය ප්රාවරණය විහිදුවා, ඒ මතින් මුහුදු රැළිවලට ඉහළින් ගමන් කෙළේ, නැවත කිසිදාක දර්ශනය නොවී ය. ඔහු වෙන් වී ගිය ආකාරය අනුව, ඔහුට විරකෝචා, සමුද්‍රයේ පෙණපිඬුව යැයි කියනු ලැබේ.

පින්තූරය, මී ළඟ කොටසකට අදාළ යි.

මූලාශ්‍ර

https://www.limaeasy.com/peru-guide/history-of-peru/peruvian-legends-myths-tales/the-legend-of-viracocha
ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com32tag:blogger.com,1999:blog-3085096022479901122.post-36049539937251285902023-12-02T22:00:00.000+05:302023-12-03T07:49:07.737+05:30වෙතාල කථා - 5 වන තරඞ්ගය
4 වන තරඞ්ගය

"වේතාලය, එක් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක ක්‍රෑර වූ පමණින් හැම පුරුෂයෝ හෝ හැම ස්ත්‍රීහු ක්‍රෑර ය යි ද, පවිටු ය යි ද කියතොත් සාධාරණ නො වේ. යහපත් ගුණවත් ස්ත්‍රීහුත් පුරුෂයෝත් සිටිති. එහෙයින් පුරුෂයාට වඩා ස්ත්‍රිය හෝ ස්ත්‍රියට වඩා පුරුෂයා හෝ පාපිෂ්ඨ ය යි මම නො කියමි. එහෙත්, යක්ෂෙශ්වරය, ස්ත්රීන්ගේ සිත දුර්වලය. දු සිතෙහි ලොභද්වෙෂාදීක්ලෙශයෝ (ලොභය ක්‍රොධය යනාදී සිත කිලුටු කරණ දේ) වඩා බල පවත්වති. ඒ අතින් සලකා බලන විට පුරුෂයන්ට වඩා ස්ත්‍රීන් පාපිෂ්ඨ වීමට ඉඩ තිබෙන බව වැටහේ. යහපත් අය ඇසුරු කිරීමෙන් ස්ත්රීචිත්තයෙහි ඇති දුර්වලභාවය නැති කරගත හැක්කැ"යි රජතෙමේ වේතාලයාගේ ප්රශ්නය විසඳී. වේතාලයා සහිත මෘතකලෙවරය එකෙණෙහි ම අන්තර්ධාන වී ය. රජ නැවත ද එය ගෙණ එනු පිණිස පෙර මෙන් ම රුක්මුලට ගියේ ය.

5. තරඞ්ගය

1

රජතෙමේ මෘතකලෙවරය කරට ගති. එකෙණෙහි එය කොක්හඬ ලා සිනාසී බිම වැටින. රජ නැවත ද ධෛර්ය්ය කර එය කරට ගෙණ වහවහා එන්ට වන. "රජ්ජුරුවෙනි"යි වේතාලයා කථාව ඇරඹී. "මෙහි අදහස කුමක් ද? දුරාචාර (නරක පැවතුම් ඇති) වූ ඒ තවුසා පිණිස කවර හෙයින් මෙතරම් වෙහෙසෙන්නෙහි ද? නිෂ්ඵල වූ මේ ප්රයත්නයෙහි නුඹගේ විවේකයෙක් නො පෙණේ. හොඳයි, එසේ වේවා. නුඹේ වෙහෙස දුරු වන්නට තවත් කථාවක් කියමි."

වීරවරකථාව

රජතුමනි, ශොභාවතී නම් නගරයෙක් ඇත. ඒහි බොහෝ පැරකුම් ඇති මහතෙද ඇති ශුද්‍රක නම්ක රජෙක් වි ය. දිනනසුලු ඒ රජුගේ තෙදගින්න එතුමා විසින් බලාත්කාරයෙන් අල්ලා ගෙණෙන ලද සතුරු රජුන්ගේ බිසොවුන් විසින් සැලූසෙමෙරපවනින් (චාමරයෙන් නගනලද වාතයෙන්) නිරතුරු වැඩුනේ ය. ඔහු කරණ කොට ගෙණ ලොප් නො කළ දම්සැරුම් ඇති (නො නැසූ ධර්මයෙහි හැසුරුණු) සැපතින් පිරුණු මිහිකත රාමාදී රජදරුවන් මතක නැති කළා ය.

කිසියම් දිනෙක්හි ශූරයන්ට ප්‍රිය වූ ඒ රජුට සේවාකම් කරණු පිණිස වීරවර නම් වීරයෙක් පැමිණියේ ය. හෙතෙමෙ හතරරියන්හමාරක් පමණ උස් ය. උසට හොබනා සේ මහත් ය. එකල සිරිත් පරිදි කොට කර කපන ලදු ව කර දක්වා එල්ලෙමින් තිබුණු කෙස්වල්ල ඔහු සෙබළෙකු බව ප්‍රකාශ කෙළේ ය. ඔහුගේ නළල පටු ය. එහෙත් වටකුරු තියුණු දෙනෙත් තියුණුනුවණ ඇතිබවට ලකුණක් වි ය. නැහැය උස් ය. දික් ය. උඩුරැවුලින් වැසුනු දෙතොල් රත්පැහැයෙන් මනහර ය. සිහින් ය.කොඬොල්අබරණ (කණෙහි පලඳින ආභරණයක්) නො පැලඳි නමුත් එල්බෙන පෙති ඇති දෙකන් මිනිසුන් සිතූ පරිදි වීරත්වය පෙන්වන කැඩපත් වැනිය. ලම්බකර්ණ වූ ඔහුගේ බෙල්ල දික් ය. මහත් ය. මුහුණ සිරිමත් ය පිටතට නෙරාගිය මස්පිඬුවලින් ගැවසුනු බායුවල හා පළල් වූ පපුව ද මහත්වූ කායශක්තිය පෙන්වන කොඩි වැනි වී ය. රතුපැහැති ශුභරෙඛාවලින් ගැවසුනු දෙඅතුල් ඔහුගේ භාග්යවද්භාවය පෙන්වන අතර, අතුරු සිදුරු ඇති ඇඟිලි ඔහුගේ අත ත්‍යාගයෙන් පිවිතුරු වූබව ප්‍රකාශ කෙළේ ය. සෙබළකමට මිතුරෙකු බව පෙන්වන ලකුණුවලින් සැරසුනු ඔහුගේ සිහින්ඉඟෙහි බැඳි පළල්පටියෙහි එක් පසකින් සිරිය ද අනික්පසෙහි ඊතල පිරුණු හියොවුර ද වී ය. දික් වූ දුන්න වම්උරයෙහි එල්බුනේ ය. දකුණතෙහි කඩුව හා වමතෙහි පලිහ ද වි ය. ධර්මවතී නම් භාර්‍ය්‍යාව ද, සත්‍යවර නම් පුතා ද, වීරවතී නම් දුව ද, තවත් මෙහෙකරුවෝ කීපදෙනෙක් ද ඔහුගේ පිරිවර වූහ.

හෙතෙම රජුගෙන් වැටුප් වසයෙන් දින පතා මසුරන් පන්සියය බැගින් ඉල්ලී ය. රජතුමා ඔහු දැක්මෙන් ම 'මහා වීරවරයෙකැ'යි සලකා ඔහු ඉල්ලූ වැටුප් දෙන්නට භාණ්ඩාගාරිකයාට නියම කෙළේ ය. 'දින පතා එතරම් මහත් මුදලකින් හෙතෙම කුමක් කරාදැ'යි සොයනු පිණිස චරපුරුෂයන් ද යෙදී ය.

වීරවරතෙමේ උදෑසන්හි රජු බැහැ දැක මධ්‍යාහ්නයෙහි ප්‍රධානද්වාරයෙහි රැකවල් ගෙණ සිටී. තමාගේ වැටුප් වසයෙන් ලැබෙන මසුරන්වලින් සියයක් ගෙයි වියදම් සඳහා භාර්‍ය්‍යාවට දෙයි. අනික් සියයකින් වස්ත්රාභරණාදිය හා සුවඳ බුලත් ද ගණියි. තුන්වැනි සියය ආගමිකකර්තව්යය සඳහා යෙදී ය. අනික් දෙසියය මහණබමුණන්ට දන් දෙන්ටත් අනාථයන්ට පිළිසරණ වන්ටත් වියදම් කෙළේ ය. රාත්‍රී කාලයෙහි හුදෙකළාව ප්‍රධානද්වාරයෙහි රැකවල් කෙරෙමින් සිටියේ ය. දිනපතා ඔහුගේ චාරිත්රපරිපාටිය මෙබඳු වී ය. රජතෙමේ මෙය අසා ඔහු කෙරෙහි ඉතා Praසන්ன වි ය.

ගිමින් පෙළෙමින් තිබූ ලොකය සනසමින් වර්ෂාකාලය සම්ප්‍රාප්ත විය. උතුරෙහි සිට දකුණට විහිද ගිය විසිතුරු පැහැති දෙව්දුනු සියගණනින් හා දියෙන් බර නිල්වන් වලාකුළින් ද අහස සැරසින. මොනරු පිල් විදහා ගෙණ නටන්ට පටන් ගත්හ. කොළොම්මුහුනමල් ආදි වෘක්ෂයෝ නිල්වන් පතින් හා නන්වන් මලින් ද සැරසුනහ. ගම්බද බාලයෝ කෙසෙල්කඳන් එකට බැඳ පසුරු තනන්ට පටන් ගත්හ. ගඞ්ගා නමැති අඞ්ගනාවෝ තඹවන් අළුත් වතුර නමැති රෙදිපිළියෙන් සැරසී මුහුද නැමැති හිමියා වෙත වහවහා ගමන් කළහ. පෙර පක්ෂීන්ගේ බිජුවටෙහි රස නො දත් මත්ස්‍යයෝ ගඟ අසල පඳුරු අග බැඳි කුරුලුකදල්ලට පැමිණ දුලබබොජුන් කුහුලින් අනුභව කළහ. වුව මනා තරම් අහර නො ලැබ කෙට්ටු වූ පෙටියෝ ගම්වැසියන්ගේ පැසුනු ගොයම්කුඹුරුවල වී කා තර වූහ.

එක් දිනෙක්හි මහරැයෙහි සිවුදිගින් මේඝකූට නඟා මහත්සේ වසින්නට වි ය. සියලු අහස කළුවැසිවලාවලින් පිරී ගියේ ය. පිට පිට ගසන දහස්සුවහස් විදුලියෙන් ලෝකයාගේ ඇස් අඳුරු වී ගියේ ය. ගැඹුරුසෙනහඬින් කන් බිහිරි වී ය. පොළොව අහසට ඇදගණු සඳහා දෙවියන් විසින් හෙලනු ලබන දළරැහැන් වැනි ජලධාරාවෝ පොළොව සිදුරු කරන්නට වන්හ. රාජමාර්ගයෝ (මහපාරවල්) මිනිසුන්ගෙන් තොර වූහ. කල්පාන්තයෙහි හටගන්නා මහවැස්ස මෙන් ලොව බියමුහුදෙහි ගලමින් ඒ මහවැස්ස වස්නා කල්හි වීරවරතෙමේ රජමැඳුරෙහි ප්‍රධානදොරටුව රැක්කේ ය. ශුද්‍රකරජ එ සේ බිහිසුණුඅඳුරෙහි පොද නො කැඩෙන වැස්සෙහි ඒ වීරවරයාගේ අදහස් දැනගණු කැමැත්තෙන් ද්වාරය වෙත එළඹ "මෙහි කවරෙක් රැකවල් ගෙණ සිටී දැ"යි උස් හඬින් ඇසී ය. "දෙවයන් වහන්ස, මම; වීරවරයා"යි පිළිතුරු ලැබින. රජ ඔහු කෙරෙහි Praසන්ன වූයේ 'මෙතෙම උතුමෙකි. මා කෙරෙහි භක්තිමත් ය. මොහු උසස් පදවියකට අවශ්‍යයෙන් ම පත් කළ යුතු ය'යි සිතී ය.

2

අන් දිනක්හි ද එබඳු මහවැස්සෙහි රජතුමා එහි ගොස් විචාරා පෙර මෙන් ම පිළිතුරු ලැබ පෙර සේ ම සිතී ය. එකෙණෙහි ම ඉතා බැගෑපත් ලෙස වැලපෙන ස්ත්‍රියකගේ හඬක් ඇසින. රජතෙමේ "මේ හඬන ස්ත්‍රී කවරෙක් ද? කවර හෙයින් ද? මගේ රටෙහි අපරාධ නැත. දිළින්දෝ හෝ දුඃඛිතයෝ නැත. එහෙයින් මෝතොමෝ කවරක් දැ?"යි සිතා එය සොයනු පිණිස වීරවරයාට විධාන කෙළේ ය. "එම්බල, වීරවරය, ඈත කිසියම් ස්ත්‍රියක් වැලපෙයි. ඕතොමෝ කවරක් ද? කවර හෙයින් අඬයි ද? වහා එහි යව. පරීක්ෂා කරව."

අණ ලත් කෙණෙහි ම වීරවරතෙමේ අවි පමණක් සහාය කොට ගෙණ (තමන් සමග යන්නන් කර ගෙණ) මහඅඳුරෙහි මහවැස්සෙහි අඬන තැන වෙත යන්ට පිටත් වී ය. අහසින් වැටෙන මහදිය දහර හෝ හිමකැට ගැණ නො සැලකී ය. ක්‍ෂණක්‍ෂණයෙහි බබලන විදුලිය සහිත අභිනව මෙඝාන්ධකාරය ගණන් නො ගත. එබඳු බිහිසුණුරැයෙහි තනි ව ම පිටත් වූ ඔහු කෙරෙහි කරුණාවෙන් රජතෙමේ ද අවි ගෙණ පහයෙන් බැස වීරවරයාට නො පෙණී ඔහු අනු ව ගියේ ය. වීරවරයා වැලපුම්හඩ අනු ව ගොස් නුවරින් පිටත විලක් වෙත පැමිණියේ ය. එහි දී වීරවරතෙමේ "අහෝ, ශූරයානෙනි! අහෝ, කරුණාවන්තයානෙනි! අහෝ, දානපතියානෙනි! නුඹ නැති ව මම කෙසේ වසම් ද? ඔබගෙන් පසු කාගේ මුහුණක් බලා සැනසෙම් ද? අහෝ! ඔබ මෙන් කවර කුමරෙක් කවර රජෙක් මා රකී ද? දැහැමි හිමියෙකුගෙන් තොර ව විසුමට වඩා නිරයෙහි විසුම මැනව. අය්යෝ! මගේ දැහැමි හිමියා රැක දෙන්ට පොහොසත් වීරයෙක් නැද් ද? ඉතින්, ඔබ නැති ලොව අඳුරු ය. ඔබ නැති රට යමපුරයට ද වඩා බියකරු ය. අහෝ!" යනාදී බැගෑබස් කියමින් වැව්දියමැද සිටගෙණ වැලපෙන මනහරරූසිරින් දෙවඟනක වැනි අඟනක දැක විස්මයප්‍රාප්ත ව "තී කවරහි? හිමියා කවරේ ද? ඔහුට කුමක් වී ද? කවර හෙයින් අඬහි දැ?"යි විචාළේ.

"මම මිහිකත ය. මේ ධාර්මික ශුද්රකරජතෙමේ මාගේ හිමියා ය. මෙයින් තුන්වැනි දිනෙහි ඔහුගේ මරණය වන්නේ ය. එබඳු හිමියෙකු කෙසේ ලබම් දැ?යි සොවින් හඬමි"යි ඕතොමෝ කීවා.

වීරවරතෙමේ එය අසා කම්පිත වි ය. සියහිමිරජතුමා උදෙසා, අවශ්‍ය නම්, සිය දිවි දෙන්නට ද ඉටා ගත්තේය. "දේවිය, යම්බඳු පිළියමකින් ඒ ලෝහිමියාගේ ආරක්ෂාව වේ නම්, එබඳු පිළියමක් ඇද්දැ?"යි ඇසී ය.

"දරුව, නුඹ හැර අන් කවරෙක් මීට සමත්ථර් ද? හිමියා කෙරෙහි ඇලුම් ඇත්තේ ද? එතුමාගේ මරණය වැළැක්වීමට උපායක් ඇත. අසව. ඒ රජ්ජුරුවන්ගේ මාලිගාව අසල එතුමන් විසින් කරවන ලද කාලි කෝවිලක් ඇත. ඒ කෝවිලට අරක් ගත් දෙවියන්ට නුඹේ පුතා බිලි දුන හොත්, රජතුමාට විපතක් නො වන්නේ ය. තවත් අවුරුදු බොහෝ ගනනක් ජීවත් වන්නේ ය. අද ම තොප විසින් එය කළොත් මිස, අනික් දිනෙක්හි කිරීමෙන් වැඩෙක් නැතැ"යි මිහිකත කීවා.

වීරවරතෙමේ "මම එය දැන් ම කරන්නෙමි"යි කියා ගෙට යන්ට නික්මින. "තොපට යහපතක් ම වේවා!"යි කියා මිහිකත ද නො පෙණී ගියා. රජතෙමේ සියල්ල අසා ගති. ඉක්බිති ඒ මහඅඳුරෙහි වීරවරතෙමේ වහා සියගෙට ගොස් භාර්‍ය්‍යාව පුබුදුවා මිහිකත කී සියල්ල ඈට දැන්වී ය. ඕතොමෝ ද එය'සා විස්මයාකූල ව "අපේ රජතුමන්ට මෙයින් යහපතක් වේ නම්, ඔබ ම පුතා පුබුදුවා මේ බව කියනු මැනවැ"යි කීවා. වීරවරතෙමේ පුතු පුබුදුවා වෘත්තාන්තය කී ය. "පුත්‍රය, නුඹ කාලිදේවියට බිලි කොට දුන්නොත් අපේ රජතෙමේ ජීවත් වන්නේ ලු. නැත් නම් මෙයින් තුන්වැනිදිනයෙහි මැරෙන්නේ ලු. එහෙයින් ලොවට උපකාරී වූ එතුමාගේ ජීවිතය ආරක්ෂා කරන්ට නුඹේ ජීවිතය කාලිදෙවියට පුදව!"

ලදරුතෙමේ ද එය අසා වීරත්වය දක්වමින් "පියානන් වහන්ස, ඉදින් අපේ දෙවයන් වහන්නේ මගේ දිවි පිදීමෙන් බොහෝ කල් ජීවත් වන සේක් නම්, මම පින්වත් වෙමි.අප කෑ එතුමාගේ වැටුපට සුදුසු වැඩ ද කළා වන්නේ ය. කවරහෙයින් පමා කරණ සේක් ද? වහා මා දෙවොලට ගෙණ ගොස් කාලිදෙවියට බිලි දෙනු මැනව. මාගේ ජීවිතයෙන් රජතුමාට වන අවමඞ්ගල දුරු වේවා!"යි කියා දෙවොලට යනු පිණිස සැරසුනෛ් ය. වීරවරතෙමේ "පුත්‍රය, නුඹ මගේ පුතෙකු බව ඔප්පු කෙළෙහි ය"යි කියා ඔහු කර හිඳුවාගෙන නික්මුණේ ය. ඔහුගේ භාර්‍ය්‍යාව හා දුවත් ඔවුන් සමග ම දෙවොලට ගියහ. රජතෙමේ ද ඔවුන්ට නො පෙණී ඔවුන් අනුව ම ගියේ ය.

වීරතෙමේ දෙවොලට ගොස් සියපුත් සත්‍යවරයා කරින් බස්වා දේවිය ඉදිරිපිට හිඳුවී ය. ධෛර්ය්යපිණ්ඩයක් වූ ලදරු සත්යවරතෙමේ දේවිරුව වැඳ ඇඳිලි බැඳ ගෙණ "මහතෙද ඇති දේවිය, මාගේ හිස බිලි ගෙණ අපේ රජතුමා තවත් අවුරුදු සියයක් ජීවත් කරණු මැනව. සියලු උවදුරු නැති කොට රාජ්‍යය පාලනය කරන්ට සලසනු මැනවැ"යි කියමින් පියාගේ කඩුව ගෙණ සිය අතින් ම සියගෙල සිඳ ගත්තේ ය. එකෙණෙහි ම අහසින් "පින්වත් වීරවරය, අනික් කවරෙක් තොපට වඩා ස්වාමිභක්ත ද? අන් කවරෙක් තමන්ගේ එක ම වීර පුත්‍රයා බිලි දී සියහිමි රජ ගලවා ගණීදැ"යි යන හඬෙක් ඇසින.

වීරවරයන්ගේ දුව, වීරවතිය සිය සොහොයුරාගේ හිස බදාගෙණ අඬමින් සොවින් ලය පැළී මළා ය. ඉක්බිති ඔහුගේ භාර්‍ය්‍යා වූ ධර්‍මවතිය හිමියාට මෙසේ කීවා:- "ස්වමිනි, අප විසින් අපගේ ස්වාමි වූ රජතුමන්ට යහපත කරණලදි. දැන් මගේ දුව, වීරවතිය ද සොහොයුරාගේ මරණය දැක සොවින් මළා ය. දරුවන් නැති මා ජීවත් ව ඉඳීමෙන් කම් කිම? පළමු කොට ම මූඪ වූ මා විසින් අපගේ දේවයන් වහන්සේට හිත පිණිස මගේ මේ, කුණුපුවක්ගෙඩියක් පමණකුදු නො අගනා, හිස කාලිදෙවියට බිලිදිය යුතු වී ය. දැන් කුමක් කරම් ද? මම වහා ගින්නට පැන නැසෙන්නෙමි. ඊට අවසර දෙනු මැනව."

"හොඳයි, එසේ කරව. දරුවන් මළ දුකින් පෙළෙමින් ජීවත් වීමෙහි කවර ප්‍රීතියක් ද? නුඹ විසින් අපගේ රජතුමාගේ ප්‍රයෝජනය සඳහා හිස නො දෙන ලදැයි ශොක නො කරව. ඉදින් අන් කෙනෙකුන්ගේ හිසබිලි දීමෙන් එය කළ හැකි වී නම්, කිම, මම මගේ හිස ඉතිරි කර ගණිම් ද? මේ දරවලින් ගිනිමැළයක් ගසන තුරු මඳක් කල් ඉවසව"යි වීරවරතෙමේ භාර්‍ය්‍යාවට කියා ගිනිමැළයක් දැල්වීය. ඕතොමෝ ඇවිළෙන ගින්න දෙස බලා හිමියා පාමුල වැටී වැඳ කමා කරවා ගෙණ දෙවරූපය දෙස බලා වැඳ "පින්වත් දේවිය, පරලොව දී මේ උතුමා ම මාගේ හිමියා වේවා! මාගේ සිරුර ද බිලි ගෙණ තුටු ව ඔබ අපේ දේවයන් වහන්සේ ශුද්‍රක රජතුමා, බොහෝ කලක් ආරක්ෂා කරනු මැනවැ"යි කියා ගින්නට පැන්නා ය.

"ම විසින් රජතුමන්ට කළයුතු දෑ කොට නිම කෙළෙමි. දෙවියන්ගේ වචනයෙන් ම මම එය දනිමි. ම විසින් අනුභව කළ බතට මම දැන් නය නැතියෙක් වෙමි. එයින් දැන් තනි වූ මට ජීවත් වීමෙහි මොන කැමැත්තක් ද? ම බන්දෙකු, පොෂ්ය කටයුතු මුළුපවුල නැති කොට, හුදකලා ව ජීවත් වීම නො හොබී. එහෙයෙින් මගේ සිරුර ද බිලි දී කාලි දේවිය පිණවන්නෙමි."යි සිතා වීරවරතෙමේ දෙව්රුව ඉදිරියට ගොස් දෙදණ බිම ඇන හිඳ පළමු කොට කාලි දේවියට ස්තූති කෙළේය. ඉක්බිති "කාලිදේවීන් වහන්ස වැජඹෙනු මැනව! ජය ගනු මැනව! ලෝවැසියා විසින් පුදන ලද පා ඇති මෑනියන් වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවා! මා ද බිලි ගෙණ අපගේ ශුද්‍රක දේවයන් වහන්සේ කෙරෙහි පහදිනු මැනවැ!"යි යාච්ඤා කොට අසිපත ගෙණ සිය ගෙල සිද හෙලී ය.

3

සැඟවී සිටි භූපතිතෙමේ ඒ සියල්ල දැක ව්‍යාකූල වූයේ පුදුමයට පැමිණියේ ය. ශොක කෙළේ ය. "අහෝ! මා විසින් මෙ බඳු වීරපුරුෂයෙක් මීට පෙර නො දක්නාලදි. නො ද අසන ලදි. සියපිරිවර සහිත මේ සත්පුරුෂයා විසින් මා පිණිස දුෂ්කරකාර්ය්යයක් කරණලදි. මේ පුදුම ලොවෙහි මොහු වැනි වීරයෙක් නැත. ස්වාමියා පිණිස පුත්‍රාදීන් හා හා ස්වකීයජීවිතය ද පරිත්‍යාග කිරීමෙන් මොහු කළ උපකාරයට සුදුසු උපකාරයක් මම නො කෙළෙම් නම්, මගේ ජීවිතයෙන් කම් කිම? මම කෙළහි ගුණ නො දන්නා තිරිසනෙකු මෙන් නො වම් ද? ධෛර්ය්ය නැති වීමෙන් මට අපකීර්‍තතිය ම වන්නේ ය"යි සිතා අසිපත ඇද ගෙන දෙව්රුව ඉදිරියට පැමිණ "දේවිය, හැමදා ජීවත් වීමට අයොග්‍ය වූ මාගේ මේ විනශ්චර ශරීරය බිලි ගෙණ ප්‍රීතිමත් ව අනුග්‍රහ කරණු මැනව. මේ නොයෙක් ගුණරුවනින් පිරිපුන් වීරවරයා අඹුදරුවන් සහිත ව ම නැවත ජීවත් කෙරේවා!" යි කියා සියබොටුව කපන්නට සැරසින. එකෙණෙහි ම "දරුව, සැහැසිකම් නො කරව. නුඹගේ මේ ධෛර්ය්යයෙන් ප්‍රීත වීමි. අඹුදරුවන් සහිත වීරවරතෙමේ නැවත ජීවත් වේවා"යි අදෘශ්‍යමාන කිසිවෙකු විසින් කියනලද වචන ඇසින. ඒ වදන්පෙළ අවසන් වනු සමග ම අඹුදරුවන් සහිත වීරවරතෙමේ පෙර මෙන් ජීවත් ව නැඟී සිටියේ ය.

රජ එය දැක නැවත ද සැඟවී සිට සතුටුකඳුළින් පිරුණු දෙනෙතින් ඔවුන් බලා තෘප්තියට නො පැමිණියේ ය. වීරවරතෙමේ ද නිදා පිබිදියාක්හු මෙන් ඒ පුතා ද පත්නිය ද දුව ද බලමින් පුදුමයෙන් අවුල් වූ සිතැත්තේ වී ය. වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නම් කියා අඬ ගැසී ය. "මළා වූ තෙපි නැවත කෙසේ දිවි ලැබ නැඟිටියහු ද? මෙය මාගේ විභ්‍රමයක් (මුළාවක් - වැරදි හැඟීමක්, [=Delusion]) ද? නොහොත් ස්වප්නයක් ද? ඉන්ද්රජාලයක් ද? නැතහොත් කාලිදේවියගේ අනුග්‍රහයක් දැ?"යි එකිනෙකාගෙන් ප්‍රශ්න කෙළේ ය. ඔහු ද දෙවානුග්‍රහයෙන් දිවි ලත් බව සිතූහ.

වීරවරතෙමේ අඹුදරුවන් ලැබ තුටුවූයේ දේවිය වැඳ ගෙට ගොස් අඹුදරුවන් නවතා රජමැඳුරට ගොස් සිය රැකවලෙහි ම පෙර මෙන් සිටියේ ය. රජතෙමේ ද අනෙක් දොරකින් පහයට පිවිසියේ ය. මුල පටන් මේ වන තෙක් වූ සියල්ලට ගත වූයේ තුන් පැයකි. රජතුමා නිදා සිටියෙකු මෙන් අඟවමින් නැවත ද "සිංහද්වාරයෙහි කවරෙක් රැකවල් ගෙණ සිටී දැ?"යි විචාළේ ය.

"දෙවයන් වහන්ස, මම වීරවරයා"යි පිළිතුරු ආ ය. "තෝ එහි ගියෙහි ද? ඒ ස්ත්‍රී කවර හෙයින් අඬා දැයි පරීක්ෂා කෙළෙහි ද?"

"එහෙයි, දෙවයන් වහන්ස! ඒ ස්ත්‍රියක් නො වේ."

"එහෙ නම්?"

"කිසියම් රාක්ෂියකි. මා එහි ගොස් ඇඬූ කරුණ විචාළ කල්හි ම නො පෙණී ගියා."

"ඉතින්?"

"ඉතින් වෙන කිසිවක් නැහැ, දෙවයන් වහන්ස!"

රජතුමා වීරවරයාගේ වචන අසා පුදුමයට පැමිණියේ ය. "අහෝ, වීරභාවයක හැටි! ගැඹුරුබවක හැටි! මෙලොව ඇතැමුන් සුලු වැඩක් කොට මහත්පැසසුම් ලබන්නට සිතන අතර, මෙ තෙමෙ අන් කෙනෙකුන් විසින් නො කළ හැකි මහත් කාර්ය්යයක් කොට ද, ඒ පිළිබඳ වචනමාත්‍රයක් කියන්නට සතුටු නො වේ ය"යි සිතා රජතෙමෙ සිරියහන් ගබඩාවට ගොස් ඉතිරි රැය ගත කෙළේ ය.

උදාසන්හි නරපතිතෙම ආස්ථානශාලාවට (රැස්වීම් පවත්වන ශාලාවට) පැමිණියේ වීරවරයන් පිළිබඳ රාත්රීවෘත්තාන්තය ඇමැතියන්ට කී ය. වීරයාගේ ගුණවර්ණනාව ඇසීමෙන් සියල්ලෝ විස්මයට පැමිණියාහු ඔහුට මුව නො සෑහෙන සේ පැසසූහ. රජතෙමේ ද යුවරජපදවියෙන් වීරවරයා පිදුයේ මතු නො වේ. තමන් හා සමාන යසඉසුරෙන් සමන්විත ද කෙළේ ය.

වේතාලයා මේ කථාව කියා "රජතුමනි, මේ සියල්ලන් අතුරෙන් කවරෙක් වීරශ්රෙෂ්ඨ ද? ඉදින් දැන ගෙණ නො කීයෙහි නම්, පෙර කී ශාපය නුඹගේ හිස පිට හෙන්නේ ය"යි පැන විසඳුම්හි රජතුමන් ධෛර්ය්යවත් කෙළේ ය.

පේන විදිහට කථාතරඞ්ගිනියෙ තියෙනවට වඩා ප්‍රමාණයක් වේතාල කතා, කථාසරිත්සාගරයෙ තියෙනව. මෙතන තියෙනව ඒ ටික ඉංග්‍රීසියෙන්...

ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com23tag:blogger.com,1999:blog-3085096022479901122.post-77645611978333995652023-11-26T06:03:00.000+05:302023-11-26T06:03:23.148+05:30වැඩ පහසු කරන, කාලය ඉතිරි කරන...
මේ ගැන ලියන්න පටන් ගන්න කොට ම කතාවක් මතක් වුණා.

සිගරැට් බොන මල්ලිට, අයියා උපදෙස් දෙනව...

"දැන් මට කියහං දවසකට සිගරැට් කීයක් බොනවද උඹ?"

"දවසකට අඩුම දහයක්වත් බොනව. ඇයි?"

"ඉතිං බලහංකො. දැන් සිගරුට් එකක් රුපියල් 125යි. දවසකට උඹට යනව වියදම, රුපියල් 1,250/- ක්. මාසෙකට යනව, 37,500 ක්. ඒ කියන්නෙ අවුරුද්දකට... 450,000 ක්. අවුරුදු දහයක් උඹ ඔය සල්ලි ඉතුරු කළා නං, ලක්ෂ 45ක්. බොට ඔය සල්ලිවලින් බංගලාවක් හදාගන්ඩ තිබුණ."

මල්ලි අහනව අයියගෙං:

"දැං උඹ සිගරැට් බොන්නෙ නෑනෙ. දැං කෝ ඔය විදිහට ඉතුරු කරල උඹ හදාගත්තු බංගලාව?"

දැන් යමු අපේ මාතෘකාවට. මගෙ ගැටළුව තියෙන්නෙ, අපි අපේ වැඩ පහසු කරගන්න නොයෙක් තාක්ෂණයන් යොදා ගන්නවා. වට්සැප්, ඊමේල් වගේ. අපට හොඳ පාරවල් සහ හොඳ වාහන භාවිත කරන්න ලැබෙනව. ගෙදරදොරේ වැඩ පහසු කරගන්න නොයෙක් උපකරණ තියෙනව.

ඒ විදිහට අපි ඉතිරි කරගත්ත කාලය කෝ?

අපි මුල ඉඳල පටන් ගත්තොත් මෙහෙමයි...

ඔන්න ඉස්සර කාලේ උන්නා, මානව කණ්ඩායම්, ගෝත්‍ර. ඒ අය කළේ දඩයම් කිරීමත්, පල වැල අල ආදිය එක් රැස් කිරීමත්.

ඔය අතරෙ උන්න ටිකක් වැඩිපුර හිතන කට්ටියක් පටන් ගත්තා, කැලේ ගිහින් දඩයම් කරනව වෙනුවට සත්තු අල්ලගෙන ඇවිත් ගේ ගාව කොටුවකට දාගෙන ඇති කරන්න. පලවැල රැස් කරනව වෙනුවට පැල උදුරගෙන ඇවිත් ගේ වටේ හිටෝ ගන්න. පේන විදිහට ලේසියි.

නමුත් දඩයක්කාරයට / පලවැල රැස් කරන්නට වඩා ගොපල්ලට / ගොවියට ජීවිතය ලේසි වුණේ නෑ.

දඩයක්කාරයන්ට ලොකු දඩයමක් ලැබුණම, බඩ පිරෙන්න කාලා, ඉතිරි ටික මී පැණිවල හෝ වේලාගැනීමෙන් ඉතිරි කරගන්නවා. ඒ කියන්නෙ දවස් ගාණකට බර වැඩ නෑ.

ගොපල්ලා සත්තු බලා ගන්න ඕනෙ, කොටි වගේ විලෝපිකයන්ගෙන්, හොරුන්ගෙන් බේර ගන්න ඕනෙ. තණකොල කවන්න ගෙනියන්න ඕනෙ. පායන කාලෙට වතුර හොයල දෙන්න ඕනෙ. ලෙඩට දුකට බලන්න ඕනෙ. මුළු දවස ම කරන්න වැඩ තියෙනව.

ගොවියා, ගොවිපොල සකස් කරන්න ඕනෙ. පොලොව සකස් කරලා, ඇල වේලි හදලා, පායන කාලෙට වතුර දාලා, අස්වැන්න කන්න එන සත්තුන්ගෙන් පරිස්සම් කරගෙන, අන්තිමේ අස්වැන්න නෙලාගෙන, ගබඩා කරගෙන, පරිස්සම් කරගන්න ඕනෙ ඊළඟ කන්නයෙ අස්වැන්න නෙලනකම්.

පේන විදිහට, වැඩ පහසු කරගත්තා කියලා කරගෙන තියෙන්නෙ, වැඩ වැඩි කරගැනීම සහ සංකීර්ණ කර ගැනීම.

ආපහු වර්තමානයට ආවොත්, අපි රස්සා කරන්න පටන් ගත්ත කාලෙ, ලියකියවිලි අපට ලැබෙන්නෙ තැපෑලෙන් සහ ෆැක්ස් මඟින්. එහෙම ලැබෙන වැඩ ඉවර කරන්න අපට සාධාරණ කාලයක් ලැබෙනව. ඒ කියන්නෙ, තැපෑලට යන කාලයත් එක්ක. නමුත් දැන් අපට ලියවිලි සහ තොරතුරු ඊට වඩා ඉක්මණට ලැබෙනව. ඒ වගේ ම ඒ තොරතුරු ආපිට අපෙන් බලාපොරොත්තු වෙන්නෙත්, දිනක් හෝ දෙකක් ඇතුළත.

ෆෝන් එකේ වට්සැප් ඔන් කළහම, ඒකෙ රාජකාරිවලට අදාළ වට්සැප් සමූහ තියෙනව විස්සක් විතර. එක එක විෂයයන්වලට අදාළව. ඊට අමතරව, දරුවගෙ ඉස්කෝලෙට අදාළවත් තියෙනව වට්සැප් සමූහ පහක් - හයක්. රාජකාරි ඊමේල් ගිණුම වෙන ම.

ඔය හැම එකක් ම අප්ඩේට් වෙන වාරයක් ගානෙ බලන්න බැරි වෙන නිසා වෙන ම නිලධාරියෙක් පත් කරල තියෙනව, ඔෆිස් එකේ. ඒත් මගෙ වගකීම ඔහුට යන්නෙ නැති නිසා, මමත් නිතරම ඔය දේවල් ගැන බලන්න ඕනෙ. ඒ අතරෙ මහජන පැමිණිලි, පළාත් පාලන ආයතනවල වැඩ හරියට නියම වෙලාවට නීතියට අනුව සිදු වෙනව ද කියලා අධීක්ෂණය කිරීම...

අන්තිමේ අපේ රාජකාරි පහසු කරගන්න යොදාගන්න නවීන තාක්ෂණය එක්ක අපි යන්ත්‍ර බවට පත් වෙමින් ඉන්නව.

ඉතින්, වැඩ පහසු කරන, කාලය ඉතිරි කරන නවීන තාක්ෂණය එක්ක, ඉතිරි කරගත්ත කාලය කෝ?

(පහල සිංදුව මේකට අදාළ වෙන්නෙ යන්තමින්. නමුත් ප්රශ්නය එක ම යි.)

මේකෙ ජෝන් ලොගී බෙයාඩ් ට ඉන්න නළුවා, මාත් එක්ක ධීවර අමාත්‍යාංශයෙ වැඩ කරපු යාළුවෙක්. එයා ගොඩක් ටෙලි නාට්‍යවල ඉන්නවා.
ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com44tag:blogger.com,1999:blog-3085096022479901122.post-12205073715469879942023-11-21T20:13:00.000+05:302023-11-21T20:13:22.773+05:30සිත නිවන මෙලඩි
විශ්වීය සංගීතය ගැන මගෙ කලින් පෝස්ටුව ගැන වෙන තැනක අසංග දාල තිබුණු කමෙන්ට් එකක "ඔලුව අතගාන සංගීතය" ගැන කියලා තිබුණා. ඒක කියවපු වෙලාවේ ඉඳන් විටින් විට මට මතක් වුණු ගීත කීපයක් පහතින් දක්වනවා.

ඔබේ රසවින්දනය මගේ රසවින්දනයට සමපාත විය යුතුයි කියා දෙයක් නැතත්, මේවායේ මම දැකපු විඳීම ඔබටත් දැනෙයි ද කියලා බලමු...

මුලින් ම නිහඬබවේ හඬ...

මේක මට හමුවුණේ, ක්ලැරන්ස් ගේ හිරු සඳු මැකිලා ගීතයෙන්. මම සිංහල සිංදුව ප්ලේ කරලා අහන්න සැළැස්සුවාම, මගේ යාළුවෙක් වන කවිඳු ට, එයා මට කීවේ ඒ මෙලඩියේ මුල් ගීතය sound of silence බව...

මී ළඟට මයිකල් ජැක්සන්...

ඔබ තනිවී නෑ...

ලෙයොන් ද ප්‍රොෆෙෂනල් එකේ ස්ටිං හෙවත් මී මැසි දෂ්ටනයා ගේ හදවතේ හැඩය ත් අමුතු මෙලඩියක්.

සීතලෙන් ගල් වුණු මැඩෝනා...

ජෝජ් මයිකල් - ළදරුවෙකු වෙත ජේසුතුමන් වගේ...

කුළුබඩු කෙල්ලන් සදහට දිනේවා...

ඒ වගෙම තොටුපල අයිනෙ වික්ටර් රත්නායක...

සිහිල් සුළං රැල්ල ඊට හතයි!

ජෝන් ඩෙන්වර්, දාලා ගියපු ඇනීට කියන ගීතය, මම අහපු සුන්දර ම විරහ ගීයක්...

අවසානයට... ඔලිවර් ට්විස්ට් තමන්ගෙ දුක්බර ජීවිතය අවසානයේ, කරුණාවන්ත මහත්මයෙකුගේ රැකවරණය යටතේ නින්දට වැටිලා, දකින පළමුවෙනි උදෑසන මේ...

මේක ලියලා ඩ්‍රාෆ්ට් එකක් විදිහට සේව් කරලා තියෙද්දී, මේ සෙනසුරාදා දහයට සොඳුරු සඳවතිය මේ දවස්වල ඇහෙන සිංදු ගැන පෝස්ට් එකක් දාලා තිබුණා. ඒ ලිපියත් බලන්න මෙතනින් ගිහින්...
ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com40tag:blogger.com,1999:blog-3085096022479901122.post-6136736154456938002023-11-18T21:58:00.000+05:302023-11-18T21:58:44.562+05:30වෙතාල කථා - 4 තරඞ්ගය - ශනිදා දහයට!
3 තරඞ්ගය

රජ තෙමේ වේතාලයාගේ ප්රශ්නය විසඳී:- "යමෙක් බොහෝ දුක් විඳ මෘතසංජීවන මන්ත්‍රය ලැබගෙණ අවුත් ඇය ඉපිදවූයේ ද, ඔහුගේ භාර්‍ය්‍යාභාවයට ඒ කාන්තාව සුදුසු නොවේ. හෙතෙමේ ඇගේ පියතනතුරට සුදුසු ය. යමෙක් ඇගේ ඇට ගංගානදියෙහි ප්රක්ෂෙප (දැමීම) කරන්ට ගියේ ද, හෙතෙමේ ද පුත්‍රයන්ට අයත් කටයුත්තක් කළ හෙයින්, ඇගේ හිමියා නො වෙයි. මළහුගේ ඇට ගංගානදියෙහි හෙලීමත් මතකදන් ආදිය දීමත් මළහුගේ දරුවන්ට අයත් වැඩක් හෙයිනි. යමෙක් ඇය දැවූ සොහොන අසල ම සිට තපස්කම් කෙළේ ද, හෙතෙමේ ආලය කරන්නෙකුගේ ක්‍රියාවක් කළ හෙයින් ඇගේ හිමියා වීමට සුදුසු යි."

වේතාලයා පෙර මෙන් ම අතුරුදන් වි ය. රජ ද ඔහු ගෙණෙනු පිණිස නැවතත් ඇට්ටේරියාගස වෙත ගියේ ය. මහාත්මයෝ, පණ ගිය නමුදු, හෙන සියදහස් ගණන් හිස හෙතුදු, පටන් ගත් කටයුත්ත නො නිමවා නො නවතිත් ම ය.

4 තරඞ්ගය

1

රජතෙමේ පෙර මෙන් ම මිනිය කර තබා ගෙණ නිශ්ශබ්ද ව ආයේ ය. "රජතුමනි, මේ අඳුරෙහි ගමනාගමනය කරමින් බෙහෙවින් පීඩිත වන්නෙහි ය. මම තොපට කථාවක් කියමි. එය සාවධාන ව අසනු"යි වේතාලයා තවත් කථාවක් කියන්ට පටන් ගත්තේ ය.

ගිරා - සැළලිහිණි වාදය

පෙර පැළලුප්නුවර වික්රමකෙශරි නම් රජකේ වි ය. ඒ රජතුමන්ගේ දිව්‍යඥාන ඇති සියලු ශාස්ත්‍ර දන්නා ගිරවෙක් සිටියේ ය. ඒ ගිරවා ද දෙවිකෙනෙකුන්ගේ ශාපයෙන් ගිරාබවට පැමිණියෙකි. ඒ රජුගේ පුත්කුමරා ගිරවාගේ උපදෙශයෙන් මගධරජුගේ දූකුමරිය විවාහ කර ගත්තේ ය. ඒ රජකුමරියට ද ඉතා නැණවත් සැළලිහිණියක් වූවා ය. කුමරියගේ පාණිග්රහණමඞ්ගලයෙන් පසු ඒ සැළලිහිණියා හා ගිරවාත් එක ම මැඳිරියෙහි ලන ලදහ.

එක් දිනෙක්හි ගිරාතෙමේ සැළලිහිණිය අමතා "සොඳුර, අපි එක ම මැඳිරියෙහි වසමු. එක බඳුනෙහි වළඳමු. එක ම තැන නිදමු. මම පුරුෂයෙක්මි. පින්වතිය ස්ත්‍රියකි. පුරුෂයෙකුට භාර්‍ය්‍යාවක ද, ස්ත්‍රියකට ස්වාමියෙකු ද වුව මනා ය. නැත් නම් වල් වැද තපස් රැක්ක යුතුය. දැන් අපට එය කළ නො හැක්ක. දැන් ගිහිගෙයි විසීම අප විසින් කට යුතු ය. එහෙයින් පින්වතිය මගේ භාර්‍ය්‍යාව වුව මැනැවැ"යි කී ය.

"පුරුෂයෝ දුෂ්ටයෝ ය. කෙළෙහි ගුණ නො දන්නෝ ය. එහෙයින් මම කිසි ම පුරුෂයෙකුට භාර්‍ය්‍යා නො වන්නෙමි"යි සැළලිහිණිය ගිරවාගේ යොජනාව ප්රතික්ෂෙප කළා ය.

"පුරුෂයෝ දුෂ්ට නො වෙති. දුෂ්ටයෝ ස්ත්‍රීහු ම ය. ස්ත්රීන්ගේ හෘදය ඉතා ක්‍රෑර ය"යි ගිරවා සැළලිහිණියගේ වචනයන්ට විරුද්ධ වි ය.

මෙයින් ඒ ගිරාසැළලිහිණි දෙදෙනා අතර විවාදයක් උපන. විවාදයෙහි විනිශ්චය ලබාගැණීම සඳහා රජකුමරාට එය සැළ කළහ. රජකුමරා "කවර හෙයින් පුරුෂයෝ අකෘතඥයෝ ද? ඇති සැටි කියව"යි සැළලිහිණියට නියම කෙළේ ය. සැළලිහිණිය ස්වපක්ෂසමර්ත්ථනය (තමන්ගේ පක්ෂය ඔප්පු කිරීම) පිණිස පුරුෂදොෂප්රකාශක මේ කථාව කීවාය.

රත්නාවතීකථාව

"කුමාරයන් වහන්ස, කාමන්දකී නම් නගරයෙහි මහාධන ඇති වෙළෙන්දෙක් විසී ය. ඔහුගේ පුතා ධනදත්ත නමි. පියා පරලොව සැපත් කල්හි ධනදත්තයා ද්යුත (සූදු) ක්‍රීඩාදියෙහි යෙදී ධනය වනසන්නට පටන් ගත. ධූර්තයෝ ද ඔහු හා එක් ව නොබෝ දිනකින් ම ඔහුගේ වස්තුව පැහැර ගත්හ. ධනදත්තතෙමේ දිළිඳු ව එ නුවර විසීමට ලජ්ජිත වූයේ අනික් නගරයකට ගොස් අහරටිකක් ඉල්ලා ගණු සඳහා එක්තරා වෙළෙඳෙකුගේ ගෙට ගියේ ය. වෙළෙඳතෙමේ ඔහු පිළිබඳ තොරතුරු විචාරා කුලවත්බව දැන ඔහු තමන් වෙත ම නවත්වා ගත්තේ ය. හෙතෙම ඔහුගේ දක්ෂභාවය දැක ඔහු කෙරෙහි අතිශයින් ප්‍රසන්ன වී ය. රත්නවතී නම් සිය දුව ද මහත් ධන සහිත ව ඔහුට විවාහ කොට දුන්නේ ය.

කළ විවාහ ඇති ධනදත්ත තෙමේ මයිලනුවන් ලඟ ම විසී ය. කල් යත් යත් අභිනවසුඛයෙන් මත් ව පෙර තමන් දිළිඳු වූ අයුරු විස්මෘත (අමතක) කෙළේ ය. නැවත ද සූදු කෙළීමෙහි ආශා ඇති ව සියදෙසට යනු කැමති වී ය. එහෙයින් ඒ ශඨ(කපටි)තෙමේ කෙසේ නමුත් රත්නවතියගේ මවුපියන්ගෙන් අවසර ගෙණ එක් මැහැල්ලක හා රත්නවතිය ද සමග සියදෙස් යනු පිණිස පිටත් වී ය. පිළීවෙලින් මහවනයකට පැමිණ දුර දී ම ඒ වනයෙහි සොරබිය ඇතැයි කියා රත්නවතියගේ සියලු ආභරණ මුදවා පොදියක් බැඳ තමන් අතට ගත්තේ ය. මෙසේ ඇගේ අබරණ අයත් කරගත් ඒ දුෂ්ටයා ඒ ගුණවත් බිරින්ද හා මැහැල්ල ද මරණු පිණිස එක්තරා වළෙක්හි හෙලා පලාගියේ ය. යුව රජතුමනි, බලනු මැනව, සූදුආදියෙහි ඇලුනු අකෘතඥයන්ගේ හෘදය කඩුවක් මෙන් කර්කශ පරිදි!

මැහැල්ල එහි ම මළා ය. රත්නවතිය තවත් කල් ජීවත් වීමට පින් ඉතිරි ව තිබුනු හෙයින් ඉතා වෙහෙස විඳ ගොඩට අවුත් බොහෝ දුක් විඳ සියපියාගේ ගෙට ම ගියා ය. මවුපියන් "කවරහෙයින් තී මෙසේ තනි ව වෙහෙසුනු සිරුරු ඇති ව පැමිණියෙහි දැ?"යි විචාළ කල්හි "මාර්ගයෙහි දී සොරුන් විසින් අපේ බඬු පැහැර ගන්නාලදි. මගේ ස්වාමිපුරුෂයා බැඳ ගෙණ යන ලදි. මැහැල්ල වළෙක්හි වැටී මළා ය. මම යම්තම් දෛව බලයෙන් ජීවත් වෙමින් ඒ වළෙහි ම සිටියෙමි. ඒ අතර කිසියම් කරුණාවත් මගියෙකු විසින් වළෙන් ගොඩගන්නා ලදිමි"යි ඒ පතිව්රතාතොමෝ අඬමින් කීවා ය. මවුපියන් විසින් ඕ තොමෝ සනසන ලද්දී එහි ම සියහිමියා ගැණ ශොක කරමින් සිටියා.

සියදෙසට ගිය ධනදත්තයා නො බෝ කලකින් ම දිළිඳු වී ය. නැවත ද මයිලනුවන් වෙත ගොස් වස්තුව ගෙණ එන්නට අදහස් කෙළේ ය. ඔවුන් දුව ගැණ ඇසුවොත්, දුව තමන්ගේ ගෙයි සිටින බව හා මග සොරබිය ඇති හෙයින් කැටි ව නො ආ බවත් කියන්නට සිතා ගත්තේ ය. මෙසේ නිශ්චය කර ගෙණ මග ගෙවා ඔහු නැඳි මයිලන්ගේ ගෙට ගියේ ය. රත්නවතිය දුර දී ම ඔහු දැක ඇඳින ඉදිරියට ගොස් පාමුල වැටී වැඳ, ඔහු විසින් වනයෙහි දී කළ සියල්ල සඟවා මවුපියන්ට අනික් ලෙසක් කී බව දැන්වූවා ය. ස්වාමියා දුෂ්ට වූවත් පතිව්රතාවන්ගේ සිත අන් තැනක නො ඇලේ ම ය. දෙවයිනි, ස්ත්රීන්ගේ ගුණවත්කමක මහත බලනු මැනව!

ඉත්බිති ඒ කාලකණ්ණියා නො බිය ව මයිලනුවන් වෙත ගොස් වැඳ සිටියේ ය. හෙතෙමේ ද බෑනා දැක පිණා ගියේ මහොත්සව කරවී ය. ධනදත්තයා නැවත ද පෙර මෙන් සැපතට පැමිණියේ නොබෝ දිනකින් ම සියදෙස යනු කැමැත්තෙන් නිදි ගෙණ සිටි බිරින්ද මරා ඇගේ සියලු ධනය පැහැර ගෙණ පලාගියේ ය.

"යුවරජතුමනි, මෙසේ බෙහෙවින් පුරුෂයෝ ලාමකයෝ ය. කෙළෙහි ගුණ නොදන්නෝ ය"යි සැළලිහිණිතොමෝ තමාගේ කථාව අවසන් කළා ය.

සැළලිහිණියගේ කථාව අසා යුවරජ සිනාසුනේ ය. "දැන් තෝ තාගේ මතය සමතර්ථනය කිරීමට කරුණු කියව"යි ගිරවාට විධාන කෙළේ ය.

ධර්මිෂ්ඨ හොරෙක්!

"දෙවයන් වහන්ස, සැළලිහිණියගේ කථාව නො පිළිගත හැක්ක. එයින් ස්ත්රීන්ගේ ගුණධර්මයට වඩා දුර්වලකම ප්‍රකාශ වන්නේ ය. රත්නවතියගේ දුර්වලකම නිසා ම ඕතොමෝ වැනසුනී ය. ධනදත්තයා දඬුවම් ලැබීමට සුදුසු අපරාධකාරයෙකි. එබඳු ඔහු රැකගත් රත්නවතිය නිර්දෝෂ ය යි ද, ගුණවත් ය යි ද කිසි ම නීතිඥයෙක් නො කියයි. සීයාගේ මුහුණ වැන්නැයි කොටියාගේ මුහුණ බදා ගත් මෝඩයාට වූදෙය ම , තමාහිමියා ය යි තමාගේ මරුවා ගෙට ගත් රත්නවතියට ද වී ය. දෙවයන් වහන්ස, එයින් පුරුෂයන්ගේ දොෂ ප්‍රකාශ නො වේ. කලාතුරකින් පුරුෂනාමය දරණ රකුසන් පාපක්‍රියාවක් කළ පමණින් සියලු පුරුෂයෝ දුෂ්ට නො වෙති. පුරුෂයන් දුෂ්ටය යි කියන්නා ම දුෂ්ටයෙකි. දෙවයන් වහන්ස, ස්ත්‍රීහු ක්රෑරයෝ ය, සැහැසියෝ ය. දුෂ්ටචරිත ඇත්තෝ ය. ලාමකයෝ ය. ඔබවහන්සේ මගේ මේ කථාව ද අසනු මැනවැ"යි කියා ගිරවා කථාවක් ඇරඹී.

එක්තරා නගරයෙක්හි මහත් ධන ඇති ධර්මදත්ත නම් වෙළෙන්දෙකුට ඉතා මනහරරූසිරින් යුත් දුවක් සිටියා. ඕතොමෝ තමන්ට සමාන වූ ධනය හා කුලය ද ඇති, නෙත් නැමැති ඇටිකුකුළන්ට පුන්සඳමඬලක් වැනි තරුණ වෙළෙන්දෙකුට දෙන ලදු. කිසියම් කලෙක්හි ඇගේ ස්වාමියා සියරට ගිය කල්හි සියපියගෙහි සිටි ඕතොමෝ මනහරරූ ඇති කිසියම් පුරුෂයෙකු දුටුවා ය. දුටුමතින් ම ඔහු කෙරෙහි ආලය කළා ය. ඔහු සියගෙට ගෙන්වා ආහාර පාන දීමෙන් සංග්‍රහ ද කළා ය.

මඳ කලෙකින් ඇගේ ස්වාමියා සියරට සිට ආයේ නැඳි මයිලන්ගේ ප්‍රීති වර්ධනය කෙළේ ය. උත්සවාවසානයෙහි හිමියාට ද මත්තෙන් නින්දට ගිය දුෂ්ටභාර්ය්යාව නිදි ගත් බව බොරුවට අඟවමින් සිට, ස්වාමියා මාර්ගක්ලාන්තියෙන් (ගමන් වෙහෙසින්) නිදි ගත් කල්හි, සොර සැමියා සිහි කොට ඔහු වෙත යනු පිණිස සැරසුනී ය.

එකෙණෙහි එක් සොරෙක් ගෙය බිඳ ඔවුන්ගේ ඕවරකයට (කාමරයට) වන්නේ ය. සොරසැමියා වෙත යන්නට සැරසුනු කුලටාව (වෙසඟන) සොරු ගෙට වන්බව නො දැන ගෙයින් නිකුත් වූවා ය. සොරතෙමේ "යම් රත්නාභරණන් උදෙසා මම මෙහි පැමිණියෙම් නම්, එ අබරණ පැලඳ මෝතොමෝ යන්නී ය. වේවා! මෝතොමෝ කොයි යන්නී දැ?යි පළමු කොට සෙවිය යුතු ය. පසු ව අබරණ පැහැර ගණිමි"යි නිශ්චය කොට ගෙණ ඈ අනු ව ම ගියේ ය. තරුණිය ද නිකුත් ව තමන් බඳු පවිටු වූ තවත් කතක ලවා සුවඳ බුලත් ආදිය ගෙන්වා ගෙණ උයනට වැද සඞ්කෙතස්ථානයට (නියම කරගත් තැනට) ගියා ය. ගොස් වටපිට බැලුවා ය. ඇගේ සිතට ප්‍රිය දර්ශනයෙක් එහි නො වී ය. ඇගේ සොරසැමියා කරවැල් ලාගෙණ මැරී ගසක එල්ලෙමින් සිටිනු දුටුවා ය. මරණය කෙසේ වූවක් දැ යි ඕතොමෝ නො දත්තී "අයියෝ! මම නැසුනෙමි!"යි පපුවට දෑතින් පහර දී ගණීමින් වැලපුනා ය. වැලප අවසන්හි මළකඳ ගසින් බා සුවඳවිලෙවුන් තවරා මල් හා අබරණ පලඳවා සැරසුවා ය. ඉක්බිති ඒ දුෂ්ටස්ත්රිය මළකඳෙහි මුඛය චුම්බනය කරන්ට පටන් ගත්තා. එවිට ම යක්ෂයෙකු විසින් අරක් ගන්නා ලද ඒ මළකඳ භයානක ශබ්දයක් කොට මුඛය විවෘත කොට ඇගේ නැහැය කඩා ගත්තේ ය. ඕතොමෝ එයින් ව්‍යාකූල (කලබල) වූවා එතැනින් ඉවත් ව 'ඔහු ජීවත් වෙතැ'යි සැකයෙන් නැවත අවුත් මළ සිරුර පිරික්සා බැලුවා ය. නිසල කෙසෙල්කඳක් මෙන් ශීතල වූ මළකඳ දැක බිය පත් ව අඬමින් යෙහෙළියත් සමග සියගෙට ම ගියා ය.

සැඟවී සිටි සොරා ද ඒ සියල්ල දැක අබරණ පැහැර ගැන්ම මතක නැති කොට "අහෝ! මේ පවිටුගැහැණිය විසින් කෙළේ කුමක් ද? ස්ත්රීන්ගේ අදහස් කෙසේ නම් මෙතරම් බිහිසුණු ද? දැන් මෝතොමෝ තවත් කුමක් නම් නො කරන්නී දැ?"යි සිතා නැවත ද ඇය පසුපස්සෙන් ගියේ ය.

ඒ පවිටු ගැහැණිය ගෙට වන් කෙණෙහි මහහඬින් කෑ ගාන්නට වන්නී ය. "අයියෝ! මා මරණවෝ! ඉක්මනින් වරෝ! මා ගලවපියෝ! මේ දුෂ්ටයා, ස්වාමියෙකු මෙන් සිටින හතුරා, නිරපරාධ වූ මගේ නැහැය කඩා කෑවෝ!"

ඇගේ විලාප හඬ අසා ගෙවැසි සියල්ලෝ නින්දෙන් නැඟිට එහි දිව ආහ. ඇගේ පියතෙමේ නැහැය සුන් ඈ දැක කිපී බෑනා බැඳවී ය. තරුණ තෙමේ 'කුමක් කටයුතුදැ'යි නිශ්චයක් නැති ව ගොළුවෙකු මෙන් සිටියේ ය. ඔහු උදාසන්හි රජු වෙත ගොස් නඩුව සැළ කළහ. රජතෙමේ කරුණු විමසී ය. තරුණයා කිසිවක් නො දත්තේ තමාගේ නිරපරාධභාවය ම කියා සිටියේ ය. එහෙත් ඔහුට විරුද්ධ සාක්ෂ්‍ය අධික වූ හෙයින්, රජතෙමේ, එකල්හි පැවති නීතිය පරිදි, ඔහු මරාදමන්ට නියම කෙළේ ය.

එවිට සොරතෙමේ ඉදිරියට ගොස් "දෙවයන්වහන්සැ"යි රජු අමතා තරුණයාගේ නිර්දොෂභාවය කියන්ට වන: "දෙවයිනි, මම සොරෙක්මි. එහෙත් මම අපරාධ නුරුස්නෙමි. මේ නගරයෙහි පාපිෂ්ඨයන්ට මිස ධර්මිෂ්ඨයන්ට මගෙන් කිසි ම හානියක් නැත. මේ ගැහැණි පවිටු ය යි කලක පටන් මම දැන සිටියෙමි. එහෙයින් ඇයගේ අබරණ පැහැර ගන්ට ඇගේ ගෙය බිඳ ඇතුල් වුණෙමි"යි සියල්ල විස්තර කොට "දෙවයන් වහන්ස, මැගේ නැහැය තවමත් ඒ මළමිනියෙහි මුඛය තුළ ඇතැ"යි සොරා කථාව අවසන් කෙළේ ය. සභාවෙහි සිටි සියල්ලෝ පුදුමයට පත් වූහ. රජතුමා මිනිසුන් යවා සොරා කී ස්ථානයත් මළකඳත් පරීක්ෂා කරවී ය. සොරා විසින් කී සියල්ල සත්‍ය ය යි ඔප්පු වී ය. රජතෙමේ තරුණ වෙළෙඳා් නිදහස් කොට ඒ දුෂ්ටස්ත්රියගේ දෙ කන් සිඳුවා සියදෙසින් පිට කරවා ඇගේ පියසතු ධනය තරුණ වෙළෙඳාට දෙවී ය. සොරාට පුරාධ්යක්ෂ (නගරාධිපති) පදවිය දුන්නේ ය.

"යුවරජ්ජුරුවන් වහන්ස, ගැහැණු මෙසේ ස්වභාවයෙන් ම ක්රෑරයහ. දුෂ්ටයහ. ලාමකයහ"යි ගිරවා කථාව අවසන් කෙළේ ය.

එ කෙණෙහි ම ගිරවා ශාපයෙන් මිදී දෙවියෙක් වී දෙව්ලොවට ගියේ ය. ශාරිකාව ද දෙවඟනක් වී ඔහු අනු ව ගියා ය.

"මෙසේ ඒ සභාවෙහි මේ විවාදය නිර්ණීත (තීන්දු) නො වී ය. යුෂ්මතා මේ ප්රශ්නය විසඳීමෙහි සමතර්‍ථ ය. එහෙයින්, රජතුමනි, මට කියනු මැනැව: ස්ත්‍රීහු පුරුෂයන්ට වඩා පාපිෂ්ඨ ද? නො හොත් පුරුෂයෝ ස්ත්රීන්ට වඩා පාපිෂ්ඨ ද? ඉදින් දැන දැන නො කීයෙහි නම්, නුඹේ හිස සුණු විසුණු වන්නේ ය"යි වේතාලයා ප්‍රශ්න ඇසී ය.

ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com35tag:blogger.com,1999:blog-3085096022479901122.post-68634144185483976392023-11-14T22:30:00.001+05:302023-11-14T22:30:06.558+05:30අංගොනෝනගෙ දේශනාව
"හනේ දෙයියනේ-මේ දහසක් බුදුන්ගෙ පාන්දර මේ වගෙ පාදඩ වැඩ කරන එවුන්ට නං හොඳක් සිද්ධ වෙන්න එපා! අතීසාරෙ-කොලරාව-හැදිලා මුංගෙ පවුල් පිටින්ම තැම්බිලා-හැඳිගෑවිලා-මකබෑවිලා යන්ඩ ඕනේ-දෙයියනේ අරහෙන්පායනව-මෙහෙන් බහිනව දෙයියනේ... ..."

ආවේශවූ කපුවෙකු-දේවාලයක තේවාව පටන්ගන්නාක් මෙන් වටින්-පිටින් හිරු එලිය වැටෙත්ම උඩකන්දලමේ ගෙදර අංගොනෝනා, දේශනාවක් පටන් ගත්තාය.

".... හනේ දෙයියනේ-! සමන් දෙයියනේ-විෂ්ණු දෙයියනේ-කතරගම දෙයියනේ-දැඩිමුංඩ දෙයියනේ-මගේ දුක බලාල හනේ මුංට හොඳ හැටි අච්චු කරන්ඩ ඕනෙ ....."

තාමත් ඇය දිගටම දේශනාව ගෙනයන්නීය. ඇගේ දේශනාව අසා තෙපානිස් ගොයියාද නිදාහුන් කබල් බූරු ඇඳෙන් නැගිට, දෑත දිගහැර-කසට පිරි දත් කුට්ටම සහිත මුව හොඳහැටි අයා බරපතල ඈනුමක් ඇර-දෑසේ පිරි කබ දෑතින්ම පිසදමා මිදුලට බැස්සේය. අංගො නෝනා තම දේශනාව නොනවත්වාම ගෙනයන්නීය.

"හොඳයි-මං කොරඤ්ඤං මුංට වැඩෙ! අම්මපා අදමයනව කොළඹ, ගොහින් ගානව හුණු දවටගහ පල්ලියෙ, මුංගෙ හැත්තවරිගෙම හැඳිගෑවිල යන්න ....."

තෙපානිස් ගොයියා උඩ බිම බලන්නට විය. අංගො නෝනාගේ තොරතෝංචියක් නැති බැනුම් කාටද? මොකටද? යනු ඔහුට ප්රහේලිකාවකි. එහෙත් අංගොනෝනාගේ හෑල්ලේනම් කෙලවරක් නැති.

ඇය වරක උඩ පනිිියි-දෑතින්ම පපුවට ගසා ගනියි-පොළොවෙන් වැලි අහුරක් ගෙන අහසට වීසිකරයි-තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේම නම් කියා ඔවුනට තම දුක කියා පායි.

දැන්නම් තෙපානිස් ගොයියාට ඉස්පාසුවක් නැත. අහළ පහළ ගෙවළ, නාකි-තරුණ-බාල, ගැහැනු-පිරිමි කව්රුත් වත්තේ වැටට හේත්තුවී අංගොනෝනා දෙස බලා සිටිති.

"ඒකිට යකෙක්ද කොහෙද වැහිල වෙන්නැති."

දෙල්ගහ ගෙදර මිසිලින් නැන්දා කීවාය.

"නෑ බොල ඒකිට මොකක්දෝ වස වැරැද්දක් වෙලා තියෙනවා. නැත්තං ඕකි ඔහොම බෙරිහන් දෙන්නෑ!"

සේපාලිකා ගහ ගෙදර ජොසපින් අක්කා එයට හරස් කැපුවාය.

"ඒ ගැන කියාල වැඩක්නෑ-මොකක් හරි පොඩ්ඩක් ඇත්තං, උන්දැටඒක ඇති මුළු දවසෙම කෑගහන්න."

කන්දෙ ගෙදර මැංචි අක්කාද ඔවුනට හවුල් වූවාය.

අංගො නෝනා තවමත් බෙරිහන් දෙයි. උඩපනියි-ඒ මේ අත දඟලයි-සිංහල භාෂාවේ වත් නැති අමු කුණු හරුප දෙසා බායි. ඇගේ මේ කෑගෑම කාගේත් කුතුහලයට තුඩු දෙන්නට විය. අවට රොක් වූ පිරිස කව්රුත් කසු කුසු ගාන්නට වූහ.

"ඇයි හත්වලාමේ! මොකද අංගො තොට දෙයියන්නෙ හාල්වත් කැවිලාද"

මේ අතර, වැටේ කඩුලුපොලු දෙක උඩින් පැනගෙන මිදුලට ඇතුළුවුණු, ඉස්සරහ ගෙදර ලැසි අක්කා ඇසුවාය.

අංගොට-අනූනවයටම නැංගේය. ඇඳහුන් කිලිටි චීත්ත රෙද්දේ කොණක්ද දණහිස දක්වා ඔසවා ගත්තාය.

“තෝ ආවද මගෙන් පුරස්සන අහන්න? මා දන්නෙ නැතිව වගේ හරියට. මේ මගෙ කට අවුස්ස ගන්නෙ නැතිව හොඳ හිතින් යන අතක තොලොංජි වෙලා පලයන්! හ්ම්- මං දන්නව කව්ද ඕක ගත්තෙ කියලා. ඊයෙ හවස මෙහේ ඇවිත් කයියාරුවට වැටිලා යන ගමන් හිමිහිට ඒකත් ඔඩොක්කුවේ ගහගෙන ගිහින් තියෙනවා."

ලැසි අක්කා දෙසට හැරුණු අංගො නෝනා බැන වදින්නට වූවාය. “කැලේ හිටි කොටි අවුස්සගත්තාක් මෙන්“ ලුසි අක්කාටද යකා ඇවිස්සුණි. අංගො නෝනා මෙතෙක් බැන වැදුණේ තමාට බව ඇය දැන ගත්තාය.

“තෝ හිතුවද බොල, මං මේ ගිය-ගිය ැතන හොරකං කරන එකියක් කියාලා?“

ලුසි අක්කා ඇසුවාය.

“හාපෝ නෑ! හෙරකං කොරන්නෙමනෑ - කාටත් නොකියාම හංගගෙන යනවා.“

අංගො නෝනා කීවාය.

“ඔව්-මං හොරකං කොළා තොගේ......!

“දෙනව මං තොට ඒක හොරකං කරන්න.“

“නෑ-නෑ තෝ ඒක හොරෙං දීලාම නෑ. අපි පොඩි බබ්බු නොවැ-මේ අහළ-පහළ ලස්සන ගැටයෙකුටවත් ඉන්න දෙන්නෙ නැති ... !“

“පේනවද මේකිගෙ කතාව-හරියට ඇහෙන් දැක්කවගේ කියන හැටී! තෝ වගේ පිළීකනු ගානෙ, රෑ තිස්සෙ සවරං ගහන්නෑ බොල මං!“

“පිළිකනු ගානෙ රස්තියාදු ගහල නෙමෙයි නොවැ-තෝ තෙපානිසුත් එක්ක හොරා පැනල ගියෙ-නම්බුකාර හාමිනේ !“

එකලඟ ගෙවල් දෙකේ මේ ගෑණු “කුල-මල“ කියමින් බැන ගනිති. කොල්ලො කුරුට්ටෝ ඉඳහිට ගල්-මුල් එවති කුරුම්බා කෝම්බ එවති හූ කියති; මුස්ලිම් කුරානයේ වත් නැති විධියට, ශුද්ධ ලෙස ඔවුන්“ආගිය-මුලගිය“ සෑම රහසක්ම ප්‍රසිද්ධියේම ගෙනහැර පාති.

උළුහස්සට පිටදී-එලිපත්ත උඩ සිටි තෙපානිස් ගොයියාට දැන්නම් ඉවසුම් නැති. මේ ගැහැණුන් දෙදෙන ඔවුන්ගේ බැනුම් වලට තමාවද ගාවාගනු ඇසුණු තෙපානිස් ගොයියාද ආවේශවිය.

“මොකක්ද බොල ........ මේ තෝ කොරන වැඩේ-මේ දහසක් බුදුන්නෙ පාන්දර?“ ගැහැණුන් දෙදෙන අතරට වන් තෙපානිස් ගොයියා, අංගොනෝනාගේ කෙස් වැටියෙන් අල්ලා ගත්තේය.

“නිකං යනව ඕයි තමුසෙ යන අතක, මට යකා නග්ගන්නෙනැතිව!“ අංගො නෝනා-තෙපානිස් ගොයියාට බැන වැදුනාය.

“පේනවද තෙපානිස් මේකිගෙ සැර? හ්ම්! මේකි එනව මාව බයකර ගන්න“

ලුසි අක්කා කීවාය.

“ඒ වැයින් වැඩක් නෑ-තෝත් පල ගෙදර!“

තෙපානිස් ගොයියා-ලුසි අක්කාවද එලවා ගත්තේය.

“ඔව් ඉතින් ඔඹට ගෑණි මොනවා කළත් හොඳයි. උඹත් පිරිමියෙක් නෙවැ බාන් ... “

තරමක කෝපයකින් ලුසි අක්කා කීවාය. විෂ කටුවක් තම පපුව හරහා වැදුනාක් මෙන් තෙපානිස් ගොයියාට අමාරුවක් දැනුනේය.

“යකෝ ලුසී-මංකිව්වෙ තොට යන්නයි. නැත්තං කඩනව තොගෙ අඬු !“

තරහෙන් පිපිරෙමින් තෙපානිස් ගොයියා කීවේය.

“හොඳා එහෙනං කඩල බලමු!“යි කියමින් මෙවිට වත්තට ඇතුළුවූ සිව් වැන්නෙකි.හේ ලුසි අක්කාගේ සැමියාය.

“මොකෝ කරෝලිස්-උඹත් එනවද? හොඳයි එහෙනං වරෙං බලන්න.“

තෙපානිස් ගොයියා ගෙටවැදී තඩි පොල්ලක් ගත්තේය. කරෝලිස් වැට ලඟට ගොස් ගැට සහිත පොලු කැබැල්ලක් උදුරා ගත්තේය.

“හොඳා එහෙනං වරෙන් බලන්න බොට අද මම පෙන්නඤ්ඤං කරෝලිසා කව්ද කියල.“

පොලු කැබැල්ල අමෝරාගත් කරෝලිස් ඉදිරියට පැන්නේය.

“තෙපානිසාගෙ හැටි බලන්න එහෙනං වර මෙහාට!“යි කියමින් ඒ හාම තෙපානිස්ද පැන්නේය.

තෙපානිස්ලේ තඩි පොල්ලත්, කරෝලිස්ගේ ගැට සහිත පොල්ලත් එකට ගැටුණි. පිරිස කව්රුත් “මීයට පිම්බාක් මෙන්“ බලා සිටිති. අංගොනෝනා-තෙපානිස්ගේ බෙල්ල බදාගෙනය ලුසි අක්කා-කරෝලිස්ගේ බඳ වටා දෑත් යවාගෙනය.

පිරිමින් දෙදෙන මේ කිසිවක් නොතකා, පොරට මාන බලති. වරෙක-එකෙක් පහර දෙයි අනෙකා එය වළකයි. නැවතත් පළමු වැන්නා පහරක් දෙයි. පළමු පරිදිම දෙවන්නා එය වළකයි අහම්බෙන් දෙදෙනාටම වැරදෙයි ඉන් දෙදෙනාම පහර කති.

අසල ගස් මුදුන්වල නැගගත් කොල්ලෝ පොර කුකුළු පිටියේදී මෙන් හූ කියත්. අතු කඩා ඒ වායින් පහර දෙත්.

දැන්නම් පොරය ගං සැරේටම කෙරීගෙන යයි, එකෙකුට එකෙක් නොපරදින සේ එකගොඩේ පොරකති උන් දෙදෙනාගේම අත පය සීරී ලේ ගලයි.

තෙපානිස්ගේ කටේ උඩු ඇන්දේ දත් සියල්ලම ගැලවියාය කරෝලිස්ගේ දකුණු කණේ කෑල්ලක් නැති.

එන්න-එන්නම අහල-පහල ගම්මු තව තත් රොක් වන්නට වූහ. එහෙත් ඔවුන්ගේ පොරය බේරීමට කව්රුත් බිය වූහ.

මේ අතර කව්දෝ කෙනෙක් /ගමේ රාළහාමි කරා දිව යන්නට විය. ස්වල්ප වේලාවකින් ගමේ රාළහාමි පැමිණීයේය ඔහු ආයේ, මඩකලොපු සරම ඉනවටා ඔතමිනි. ඔහු අත තඩි පොලු කැබැල්ලක්ද විය.

“ඔහෙහිටු-ඔහෙහිටු-තොපි දෙන්නවම මරාල දැන්නැ!“යි කියමින් රාළහාමි පොරය මැදට පැන්නේය. ගෝරි කාරයෝ තරමක් මෙල්ලවී දෙපසට වූහ. ඓහෙත් උනු‘නගේ ගැහැණු නැවතත් බැනුම පටන් ගනී.

“නවත්තාපියව් යකෝ-ඔය ගෝරනාඩුව!“

මෙවිටද රාළහාමි කෑගැසුවේය. ගැහැණුද දෙපසට වූහ.

“හා-කියාපියව්-කියාපියව් මොකක්ද කෛ තේරුම?“ රාළහාමි ඇසුවේය.

“අනේ බුදු රාළහාමි! මං හාන්කාවිසියක් දන්නෙනෑ, මේකි මට හොඳටෝම බැන්නා“

ලුසි අක්කා පිං සෙංඩු වූවාය.

“ඔව්-රාළහාමි! එලිවුනු හැටියෙම මේන් මේකි පටන් ගත්තා දේශනාව. ඒ පාර මං අහගෙනයි මේකි අපේ එකීටත් බනිනවා, ඉතින් එහෙමනං බැරියැ රාළහාමි! අර අරූ තෙපානිසා! ඌත් ආවානෙවැ අපේ එකීට ගහන්න.“

ඉහින්-කනින් ලේ ගලමින් කරෝලිස් අයියා කීවේය.

“හැබෑද තෙපානිස් මොකක්ද මේකෙ තේරුම!“

තෙපානිස් දෙසට හැරුණු රාළහාමි ඇසුවේය.

“අනේ මන්ද රාළහාමි: මේ අපේ එකීගෙ මොකක්ද නැති වුනැයි කියල ඒකි කෑ ගැහුව, ඒකට මෙන්න අරකියි-ඒකිගෙ මිනිහයි ආපි, අපිට ගහන්ඩ“

ලෙයින් පිරුණු, දත් කැඩුනු කටින්-බොල්හඬ නංවමින් තෙපානිස් ගොයියා පිලිතුරු දුනි. රාළහාමි අංගොනෝනා දෙසට හැරුනේය.

“මොකක්ද බොල අංගො තොගෙ නැතිවුනේ!“ ඔහු ඇසීය.

“හානේ රාළහාමි මගෙ හැඹිලිය!“ මහත් දුකෙකින් මෙන් හති දම-දමා අංගො කීවාය.

“ඉතින් යකෝ තොගෙ හැඹීලිය නැති වුනානං, ඒක තෝ දාපු තැනක හොයන්න එපායැ;“ රාළහාමි සැරවිය.

“පුලුවන් තරං හෙව්ව රාළහාමි-ඊටත් මට සිහිය නැතිවයැ දාපු තැන අමතක වෙන්න. අනේ රාළහාමි මමනං හොඳටෝම දන්නව ඕක ගත්තෙ අරකි තමයි.“

“කොහොමද බොල තෝ ඒකිම ගත්තැයි කියන්නෙ ?“

“ඕකි ඊයෙ රෑ ජාමෙයක් වෙනකං මෙහෙ පච දෙස බබා හිටියා එත.කොටත් තිබුන හැඹිලිය.“

“ඉතින් ඒකෙ සල්ලි කොච්චර තිබුනද?“

“හානේ රාළහාමි - ශත හැටයි!“ අංගො නෝනාගෙ කටින් ඒ වචන ටික පිටවුනා පමණි. රැස්ව සිටි කවුරුත් හිනැහෙන්නට පටන් ගත්හ. කොල්ලෝ හූ ! කීහ. රාළහාමිට ද නැග ආ සිනාව නතර කරගන්නට පවා බැරිව, හප හපා සිටි බුලත් විට ඉස්මොල්ලේ ගියේය.

“අනේ-බලන්න රාළහාමි, පණ තියෙන මනුස්පයෙක් ඕවගෙ හොරකමක් කරයිද? ඕකිගෙ ශත හැට අරන් අපට ඇති වැඩේ මොකක්ද, රාළහාමි?“

මෙතෙක් පසෙකටවී බලාහුන් ලුසි අක්කා මැදට පැන්නාය.

“හා-හා ඒවැයින්-මේ වැයින් වැඩක් නෑ-වරෙල්ලා බොලා ඔක්කොම යන්න මාත් එක්ක පොලීසි!“

රාළහාමි අණ කෙළේය. කව්රුත් පොලීසි යාමට සූදානම්ව මගට බැස්සෝය. අංගො නෝනා හදිසියේම නැවතුණාය.

“හානේ රාළහාමි! පොඩීයක් ඉන්ඩ රාළහාමි-මේ මගේ රෙද්ද ඉරිලා-මේක ඇඳන් පාරෙ බැහැල යන්ඩ ලැජ්ජයි! මං වෙනින් එකක් ඇඳගෙන එන්නං“යි කියමින් ඇය පිටුපස සහමුලින්ම ඉරීගිය රෙද්ද පෙන්නමින් වහා ගෙතුලට දිව ගියාය. ගතවූයේ මොහොතෙකි. අංගො නෝනා ඉරුණු රෙද්ද ඉනවටා ඔතමින්ම යළි එතැනට දිව ආවාය.

“හනේ රාළහාමි! අපියි වැරදිකාරයෝ හනේ ලුසී-හනේ කරෝලිස්, අපට සමාවෙයන්, අපියි වැරදි කාරයෝ“යි කියමින් ලුසී අක්කාගේත්-කරෝලිස් අයියාගේත් කකුල් අල්ලා පිංසෙංඩු වන්නට වූවාය. කවුරුත් විස්ම ප්‍රාප්තව බලා හුන්නෝය.

“මොකද බොල මේ-තොට යකා වැහිලද?“ පුදුමයට පත් රාළහාමි-ඇසීය. “අනේ රාළහාමි අපිටයි වැරදුනේ හැඹිලිය තිබුනා“ අංගො නෝනා කීවාය.

තෙපානිස් ගොයියාට අංශක නවයකුත් දශම නවයටම නැංගේය. ලුසීත්-කරෝලිසුත් ජයග්‍රාහී ලීලායෙන් අවට සිටි කාගේත් මුහුණු බලා සිනාසෙන්නට වූහ.

“කොහෙද පට්ටියෙ-තොගෙ හැඹීලිය තිබුනෙ?“

තෙපානිස් පැන ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගනිමින් ඇසුවේය.

“හනේ ඕයි ටිකක් ඉන්නවකො කියනකන්“.......

“ඉතින් කියාපිය යකෝ-කියාපිය“

ඒක තිවුනෙ මගේ රෙද්ද අස්සෙ! මේ යටට ඇඳගෙන උන්නු රෙද්ද අස්සෙ පටලැවිලයි තිබුනෙ!“

තෙපානිස් ගොයියාගේ දෙනෙත් උඩුකුරුවී ගියේය. කාගේත් කටවල් මහා හයියෙන් ඇරුණේය; කොලු රැළ අතරින් දිග හූවක්! නැගුණේය.

“අනේ බොල අංගො-තොට වලිගයක් තිබුන නං තෝව මරාගෙනත් කාවි“ යනුවෙන් සිනා ඉවසනු බැරි රාළහාමිගේ මුවින් ඉබේටම පිටවිය.

පිට කවරයත් මුල් හා අග පිටුත් නැති පරණ පොතක් අපේ තාත්තාගේ පොත් එකතුවේ ඇත. තද දුඹුරුපාට බ්‍රවුන් පේපර් කවරයක් දමා තිබුණු මෙහි මුල් පිටුවේ “අංගොනෝනගෙ දේශනාව“ යැයි ලියා තිබුණි. එහි මුල්ම කෙටිකතාව වන මේ කතාව කවුරු ලියපු එකක් දැයි මම දන්නේ නැත. දන්න කෙනෙක් ඇත්නම් කියන සේක්වා!

ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com37tag:blogger.com,1999:blog-3085096022479901122.post-16041754102354198302023-11-11T22:11:00.001+05:302023-11-26T07:43:56.339+05:30වෙතාල කථා - 3 තරඞ්ගය (ශනිදා දහයට (විතර) !)
1 තරඞ්ගය

2 තරඞ්ගය

"යක්‍ෂාධිපතිය, ඔබ විසින් නො දත්තේ කිමෙක් ද? එසේ ද වුවත් කියන්නෙමි"යි රජතෙමේ පැන විසඳන්ට පටන් ගත්තේය. "පින්වත් වෙතාලරාජය, පව්පින් දෙක ම වන්නේ සිත ප්‍රධාන කර ගෙණ ය යන බව ධර්මයෙහි ප්‍රකාශ වෙයි. ඔවුන් දෙදෙනා මැරීමට කිසිවෙකු තුළ සිතක් නො වී ය. එහෙයින් කිසිවෙකුට වත් ඔවුන්ගේ මරණයෙන් පවක් විය නො හැකිය. ඔවුන්ගේ මරණයෙන් යම් දොසක් වේ නම්, එය ද යට කී තිදෙනා කෙරෙහි ආරෝපණය කළ නො හැක්ක. කර්ණෝත්පල රජතෙමේ ම දොෂාරොපණය කරණු ලැබීමට සුදුසු වෙයි."

"ඒ රජුගේ කවර දොසක් ද? රාජපුත්රාදී තුන්දෙන ම ඒ වැරැද්ද කිරීමට සම්බන්ධ වූහ. එසේ ඇති කල්හි කවර හෙයින් ඔහු නිරපරාධ වෙත් ද? හංසයන් කෙතෙහි හැල් වී කෑ කල කවුඩෝ වැරදිකරුවෝ වෙත් ද? තොපගේ විනිශ්චය කිනම් යුක්තියක් මත රඳා තිබේදැ?"යි වේතාල තෙමේ ප්‍රශ්න කෙළේ ය.

"යක්ෂෙශ්වරය, මන්ත්‍රිපුත්‍රයා නිරපරාධ ය. හෙතෙම ඔහුගේ ස්වාමියාට හිත වූ කටයුත්තෙහි යෙදුනේ ය. එය ඔහුගේ උතුම් ගුණයකි. එසේ ම රාජපුත්‍ර පද්මාවතී යන දෙදෙන ද ඔවුනොවුන් කෙරෙහි ආලය කරමින් සිටි හෙයින් කටයුතු නොකටයුතු විමසීමෙහි අඥ වූහ. සිය අදහස ම සම්පාදනය කිරීමෙහි වෙහෙස ගත්හ. එහෙයින් ඔහු ද දොෂාරොපණය ලැබිය යුත්තෝ නො වෙති. රජ නීතිශාස්ත්‍රයෙහි දක්ෂ විය යුතු ය. චරපුරුෂයන් මඟින් ප්රජාවන්ගේ තත්ත්වය දත යුතුය. ධූර්‍තචරිත පිරික්සිය යුතු ය. කර්ණොත්පල රජතෙමේ නීතියෙහි දක්ෂ වූයේ නමුදු, චාරයන් (ඔත්තුකාරයන්) මගින් රටවැසියාගේ තතු නො දැන, ධූර්‍තචරිත නො දැන, කරුණු නො විමසා, පද්මාවතිය නුවරින් බැහැර කරවී ය. ඇගේ මවුපියන්ගේ මරණයට හෙතුව මෙය ම ය. එහෙයින් ඒ රජතෙමේ ම දොෂාරොපණ කරණු ලැබීමට එක ම සුදුස්සා ය"යි වික්‍රමසේනරජ තමන්ගේ විනිශ්චයට හෙතු දැක්වී ය.

වෙතාලයා රජුගේ දැඩි සිත පිරික්සන්නට මායාබලයෙන් එකෙණෙහි ම ඒ ඇට්ටේරියගසට ම ගියේ ය. වික්රමසේන රජ ද ඔහු ගෙණ න්නට නැවත ද එහි ගමන් කෙළේ ය.

3. තරඞ්ගය

1

වික්‍රමසේනරජ ඇට්ටේරියගස ලඟට ගොස් මිනිය කොතැන්හි දැ යි බැලී ය. පෙර මෙන් ම ගසෙහි ල්ලෙමින් තුබූ මිනිය දැක ගසට නැඟ රැහැන කපා එය බිම හෙලී ය. බිහිසුණු හඬක් කොට එය බිම වැටින. රජ නැවත ද එය කර තබාගෙණ නිශ්ශබ්ද ව එන්නට වන. මිනියෙහි වැහුනු වෙතාලයා රජු සමග කථාව ආරම්භ කෙළේ ය. "රජ්ජුරුවෙනි, නුඹට නුසුදුසු මහත් පීඩාවෙක්හි වැටුනෙහි ය. නුඹේ මේ ධෛර්ය්යගුණයෙන් මම සතුටුවෙමි. එහෙයින් වෙහෙස සන්සිඳෙනු පිණිස කථාවක් කියමි. අසව."

මළවුන්ට පණ දීම!

"මහරජ්ජුරුවෙනි, මේ ලොකය උන්මත්තකාගාරයක නොහොත් නාඩගම්මඩුවක් වැන්න. නාඩගම්මඩුවෙහි නළුවෝ තමන් තමන්ට නියමිත රැඟුම් දක්වා බැහැර යන්නාහ. එමෙන් ම මේ ලොකයෙහි මිනිස්සු ද ටික කලක් තමන් තමන් විසින් දැක්විය යුතු නාඩගම් දක්වා මැරී යති"යි කථාවෙහි මුල පිරී ය.

යුෂ්මතා යමුනානදිය ගැණ දන්නෙහි ය. එය හඳුන්වන්ට මම වැඩි වර්ණනාවක් නො කරමි. ඒ ගංඉවුරෙහි එක් බමුණුගමක් ඇත. එහි ත්රිවෙදපාරප්රප්ත එක් බමුණෙකුට දුවක් සිටියා. ඕතොමෝ රන්වන් ය. කිතුල්මල් රැහැන් මෙන් දික් වූ ඇගේ කෙශකලාපය මොනරකරක් මෙන් නිල් ය. පුන්සඳ සේ පැහැපත් මුහුණ නෙලුම් මලක් සේ මනහර ය. දික් වූ දෙඇස අහිංසකභාවය පෙන්වන ලකුණක් වි ය. දෙමටමලක් වැනි නැහැය නැණවත්බව ප්‍රකාශ කෙළේ ය. ඇගේ මනාකඩවසම් සහිත සියලු ම අවයව එක් ව ඇගේ රූපශොභාව දියුණු තියුණු කෙළේ ය. ඕතොමෝ රූසිරින් පමණක් නො ව ගුණවත්බැවින් ද අනික් කතුන් පැරදවූ. මේ පින්වත් යුවතියගේ ගුණකථාව රට හැමතැන පතළ වි ය. ධනයෙන් නො අඩු, ගුණයෙන් පිරිපුන්, නැණින් පොහොසත්, බමුණු තරුණයෝ තිදෙනෙක් ඇය ගැණ අසා ඇගේ මවුපියන් වෙත පැමිණියහ. එකල්හි රටෙහි පැවති සිරිත පරිදි, තමන්හට වෙන් වෙන් වශයෙන් ඇය විවාහ කොට දෙන මෙන් තුමූ ම යොජනා කළහ.

විවාහයොජනාව කොට වැඩි දවසක් නො ගියේ ය. කාන්තාතොමෝ හදිසිලෙඩකින් මළා. ඇගේ නැදෑයෝ මළකඳ ආදාහන කළහ. තරුණයෝ තිදෙන සුන් වූ බලාපොරොත්තු ඇත්තාහු අතිශයශොකයට පැමිණියහ. ඔවුන්ගෙන් එකෙක් ඒ සොහොනෙහි ම පැලක් සාදාගෙණ හිඟාකමින් එහි ම නැවතී සිටියේ ය. එකෙක් බමුණුසිරිත් පරිදි ඇගේ ඇට ගඞ්ගානදියෙහි දමනු පිණිස ගියේ ය. අනෙකා තවුස්වෙස් ගෙණ තන්හි තන්හි ඇවිදින්ට වන. මළවුන් ඉපිදවිය හැකි බෙහෙතක් හෝ මන්ත්‍රයක් දන්නෙකු සොයා නොයෙක් තන්හි හැසුරුණේ ය. පළමු කොට මහවනය මැද පිහිටි තාපසාරාමයන් කරා එළඹියේ ය. දික්රැවුළින් වැසුනු මුව ඇති, සැඩපලු ගෙතුනු කෙසින් හා දැලිකුණු වැකුනු ගතින් ද නොදැකුම්කලු, වැහැරි (ගස්වල පට්ටා) ඇඳ හෝ නො ඇඳ, එක් අතක් නොහොත් එක් පයක් ඔසවා ගෙණ නැතහොත් මහඅව්වෙහි ගිනිමැළ සතරක් සතරදෙසින් මොළවා ඒ මැදට වී ඉන්නා වූ ද, තියුණුඋල් ඇති කටු උඩුකුරු කොට අතුරා ඒ මත ශයනය කරන්නා වූ ද, දෘෂ්ටියෙන් උමතු වූ, ඇතැම් තවුසන්ගේ දුෂ්කරක්‍රියා පරීක්ෂා කෙළේ ය. ශරීරයට වැඩි සුව හෝ වැඩි දුක් හෝ නො දී මධ්‍යස්ථ පිළිවෙත් පුරණ දෘෂ්ටියෙන් අන්ධ නුවූ, ගුණයෙන් උතුම් වූ, නැණින් වැඩි හිටි, තවුසන්ගේ ධර්මකථා ශ්‍රවණය කෙළේ ය.

2

ඉක්බිති හෙතෙමේ පිළිවෙලින් නොයෙක් දනුවුුු හැසිරෙමින් ස්වභාවයෙන් ම රම්‍ය වූ ගම්හි ගම්හි පිහිටි, මිහිකත වැඳුමට මෙන් හිස නමාගත් රන්වන් කරලින් යුත් ගොයමින් වැසුනු කෙත් බැලී ය. බටු මිරිස් ලබු පුසුල් ආදී නොයෙක් ලවළුපැලෑටිවලින් නිල්වන්, අලබතලවලින් සාර වූ ඕවිටි හා දෙල් කොස් අඹ දඹ ආදී බොහෝ පල මල්තුරු පෙළින් විසිතුරු වතු ද පසු කෙළේ ය. ගොයම් ඉපනැල්ලෙහි තණ කමින් සිටින කිරිබරනෑඹිදෙනුන් අවට පෙම් කෙළනා බොළඳවසුපැටියන්ගේ සුරතල් බලමින් අංඅගින් නියරවල් බිඳිමින් ඉදිරියෙහි දකුණු පයින් පොළොව පළන්නට මෙන් බිම ඉරි අඳිමින් මහ හඬින් තැස් ලමින් (ගොනුන් ඇන ගන්ට මත්තෙන් කරණ ශබ්දය කරමින්) පොරට සැලසී සිටි, බිම වදිනා තරමට බෙල්ලෙහි එල්ලෙන තැල්ලෙන් ද උඩට නෙරා ගිය වටකුරු මහමොල්ලියෙන් හා දික් වූ හවරියෙන් ද සැරසුනු මහත් ගොන්පෙළ නැරඹී ය.

දෙපිලට බෙදී මැද පොල්කෝම්බ දෙකක් මුණින් නමා ඒ උඩ කෝටුකැබැල්ලක් තබා සාදනලද මට්ටය බිඳීමට එදෙසෙට නාරංගැටයක් නොහොත් කදුරුගෙඩියක් එල්ල බලා දමාගසන ලමාපෙළ ද, ගෙදර ඇති වැඩපල නො කොට ගෙහිමියන්ට හොරෙන් පැන අවුත් සෙල්ලම්පිටිවලට වී සෙල්ලම් කරමින් සෙල්ලම් බලමින් පොර බදමින් කාලය ගෙවාදමන මෙහෙකරුලමයින් ද, එදිනට නියමිත පාඩම් සූදානම් කරගෙණ පිරිසිදුඇඳුම් ඇඳ පාසල් කරා කඩියන් මෙන් කඩිසර ව ගමන් කරණ හික්මුනු සිසුන් ද, ඉර පායන තෙක් ඇඳෙන් නො නැගිට ඉඳ මවුපියන්ගේ බැණුම්දෙඩුම් මැද අවදි ව බඩ පුරා කා බී කැඩී ඉරී ගිය පොත් කුණුමාලු මෙන් අතින් එල්ලා ගෙණ වටපිට බලමින් මඟ දෙපස තිබෙන එක ම දම්පඳුරක් වත් හිඹුටු වැලක් වත් අනික් පලතුරු ගසක් වත් නෑර හැම ගසක් යටට ම යමින්, මඟදිගෙහි පොර බදමින්, මඟ දෙපස ඇති හැම කුරුලුකූඩවලට ම එබී බලමින්, ගොළුබෙල්ලන් මෙන් හෙමින් හෙමින් පාසල් කරා ඇදෙන කම්මැලි ලමයින් ද, දක්ෂ ලමයින්ට තෑගිබෝග දී ඔවුන්ගේ ගණන් පිටපත් කර ගණිමින් පාරේ තැනින් තැන වාඩි වී ඉඳ ගෙණ හොර කම්හි මුල්පාඩම පුහුණු කරණ හොර ලමයින් ද, පාසැලට වී දක්ෂ ලමයින් සතුටින් වැඩ කරණ අතර, මැදිදවාලෙහි අතුඅග වාඩි වී සිටින රිලවුන් මෙන් නිදි කිරණ අලස සිසුන් ද දැක අවවාද කෙළේ ය.

මලින් බර පලින් සරු තුරුලියපෙළින් හා, මිනිසුන් දැක ද බියපත් නො ව බලාසිටිනා මුවන්ගෙන් හා රුකින් රුකට පියාඹමින් මිහිරිපලරස විඳිමින් මිහිරිනදින් ගායනා කරණ ලිහිණිසමූහයාගෙන් ද මුළු මුළු ව ගොදුරු සොයා හැසිරෙණ වැලිකුකුළු ඇටිකුළු ඈ විහඟුන්ගෙන් ද යුත් මනහර උයන් වැනි වනපෙත් ද බලා සිත් පිණවී ය.

රකුසන්ගේ ශරීරයට ද වඩා කලු වූ ගතින් හා ප්‍රෙතයන්ගේ හඬට ද වඩා අමිහිරි වූ නදින් ද යුත් සෙනසුරු වාහනය වූ කපටිකවුඩන්ගෙන් පිරුණු, මැලවී ගිය එහෙයින් ම රසයෙන් අඩු ඒලවළුපලවැල ආදිය තබා ගෙන විකුණන කඩපිල්වලින් දෙපස සැදුනු වීථීන්හි ධූලියෙන් තොරක් නැති, නොයෙක් දුශ්චරිතයන්ට නොයෙක් දුර්වවනයන්ට උල්පත් වැනි නානාවිධරොගයන්ට නිධාන වැනි, දක්ෂ මිනිසුන් විසින් අමුතුවෙන් ඇති කළ දෙයින් මිස ස්වභාවයෙන් රම්‍ය නුවූ, පණුවන් කෑ මසන් ගෙඩි මෙන් පිටතින් පෙණෙන ඔපය ඇතුළතින් නැත්තා වූ නගරයන් ද බැලී ය.

ඔහු මෙසේ සොවින් බර සිතින් හා කඳුලින් පිරුණු නෙතින් ද ඩහදියෙන් තෙත් වූ ගතින් ද යුතු ව ගමින් ගම නුවරින් නුවර සැරිසරණ කල්හි ග්‍රීෂ්මකාලය පැමිණියේ ය. තවුසාගේ සිතෙහි ශොකාන්ධකාරයට නසන්නට මෙන් දහවල්දවස ක්‍රමයෙන් දික් වි ය. සූර්‍ය්‍යයා තමන්ගේ මුළු බලය යොදා වහවහා පොළොවෙහි දිය බොන්නට පටන් ගත්තේ ය. ගං ඇළදොළ සිඳී ගියේ ය. කුඩා ජලාශයයන්හි සිටි මත්ස්‍යයෝ මරබියෙන් ගැහෙන්නට වන්හ. කලු කවුඩන් හා සුදු කොක්කුත් එකතු ව මඩමතුපිට හිඳ ගෙණ මගුල් කෑහ. සීරුන්ගේ දික් වූ නාදය මිනිසුන්ගේ කන් විනිවිද ගෙණ ගියේ ය. පිට්ටනිවල තණ සියල්ල ම පිදුරු වී ය. තුරුලියවල කොළ වියලී ගියේ ය. වනපෙදෙස්හි ලැව්ගිනි නිතර පෙණෙන්නට පටන් ගත. දිය නො ලබා මිරිකුනු මුවපෙළ ඈත පෙණෙන මිරිඟුව දැක ජලය යි සිතා එවෙත දිව ගොස් අවසනක් නො දුටුහ. ගිමින් මිරිකුනු තරුණජනයෝ ජලක්‍රීඩාවෙන් දවස ගෙවූහ.

3

තවුස්වෙස් ගත් බමුණා ද ග්‍රීෂ්මයෙන් පීඩිත වූයේ එක් බමුණුගෙයකට ගොස් නවාතැන් ගත. ගෘහස්වාමීහු ඔහුට මැනවින් සංග්‍රහ කළහ. එක් දිනෙක්හි ඔහු වළඳින් සිටින අතර ලදරුවෙක් බත් ඉල්ලා අඬන්නට වන. ගෘහිණි තොමෝ ලදරුවා නළවන්ට උත්සාහ කළ නමුතු නො හැකි වූවා. ඕතොමෝ කිපුනී ය. ලදරුවා ගෙණ දැල්වෙමින් තිබුනු ලිපෙහි දැම්මා. අශරණබාලයා ගින්නට අසු ව අළු වී ගියේ ය. බත් වළඳමින් සිටි තවුසා එය දැක ඉතා කලකිරුණේ බත් නො කා නැගිට්ටේ ය. ඊට කරුණු කිම් දැ යි ගෘහිණිය විචාළා. "මෙබඳු රාක්ෂසගෘහයකට පැමිණීම මගේ අභාග්‍යයෙන් වී ය. සියදරුවා සුලුවරදක් නිසා මරන්නට තරම් ක්‍රෑර වූ තොපගෙන් මොන දන් ද? තොපගේ සමීපයෙහි සිටීම ද පව් පිරීමට කරුණකි. එහෙයින් වහා ම මම තොප වසන මේ රටෙහි වත් නො සිට යන්නෙමි"යි පිළිවදන් දී තවුසා ගමනට සැරසින. ගෘහිණි තොමෝ "ස්වාමීනි, ඉක්මන් නුවුව මැනව. ඉක්මන්කම වනාහි අනර්‍ත්‍ථයට මුලක් බව නො දන්නා සේක් ද? සියදරුවන්ට තබා තිරිසනෙකුට වත් හිංසා කිරීම ක්‍රෑරතර පාපක්‍රියාවක් බව අපි දු නො දන්නමෝ නො වෙමු. අපගේ බලය පෙන්වනු පිණිස මම එය කෙළෙමි. අපබලය දක්නට කැමැතිසේක් නම්, මොහොතක් කල් රඳා සිටිනු මැනැවැ"යි කියා පැරණි පුස්කොලපොතක් ගෙණ බලා මන්ත්‍රයක් ජප කොට ඒ ලදරුවා දා ඉතිරි වූ අළු ගොඩට දියඇඳිල්ලක් (දෝතක්) ඉස්සාය. එකෙණෙහි ලදරුතෙමේ සිනාසෙමින් නැඟිට ආයේ ය.

තවුසා එය දැක සන්තුෂ්ට ව ආහාර අනුභව කෙළේ ය. මන්ත්‍රය පිළිබඳ තවත් තොරතුරු විචාරා දැනගත්තේ ය. නොයෙක් ඇවිටිලිබස් කියා උපචාරවිධි සහිත මන්ත්‍රය ලබාගත්තේ වහවහා යථොක්ත සොහොන කරා එළ්ඹියේ ය. ගඞ්ගානදියට ගිය තරුණයා ද එවේලාවෙහි ම එහි පැමිණියේ ය. "යහළුවෙනි, ශොකය දුරු කරවු. ඔය පැල කඩා දමවු. දැන් මට මළ ප්‍රියාව ඊපදවීමට ශක්තිය තිබේ ය"යි තවුසා කී ය. අනිත් දෙදෙන තවුසා ශොකයෙන් උමතුබවට පැමිණ සිටිතැයි සිතූහ. තවුසාට විහිළු ද කළහ.

ඉක්බිත්තෙන් තවුසා කොළගොටුවක් තනා ඊට පැන් පෙරා ගෙණ මතුරා සොහොනට ඉස්සේ ය. අනිත් දෙදෙනාගේ පුදුමයත් සමග මළතරුණිය සොහොනින් නැංගා, ගිනිදෙවියන් වැඳ පිටතය නික්මුනා, පෙරට ද වඩා කාන්තිමත් දෙහයක් දැරුවා ය.

මෙසේ නැවත දිවි ලද ඇය දැක තිදෙන ම ඇය ලබන අටියෙන් කලහ කරන්ට පටන් ගත්හ. "මෝ තොමෝ මගේ මන්ත්‍රබලයෙන් දිවි ලැබුවා ය. එහෙයින් මෝ මට ම භාර්‍ය්‍යා වන්නී ය"යි එකෙක් කී ය. ගංගානදියට ගිය තරුණයා ඔහු නවතා "මා පුණ්යක්ෂෙත්රයන්හි ඇවිදීමෙන් වූ පිණින් මෝ තොමෝ දිවි ලද්දී ය. නුඹේ මන්ත්‍රබලයෙන් ම නො වේ. එහෙයින් මෝ තොමෝ මට ම අයිති ය"යි කී ය . අනෙකා "මා විසින් මැගේ අළු නො නැසිය දී රක්නා ලදි. ඒ අළු නො වූයේ නම්, කිසිවෙක් මැය නැවත ඉපදවිය හැකි නො වේ. එහෙයින් මැයගේ හිමියා මම් ම ය"යි කී ය.

වේතාලතෙමේ මේ කථාව කියා "පිින්වත් නරපතිය, ඔවුන්ගේ නඩුව විසඳීමෙහි යුෂ්මතා ම සමර්ත්ථය. අනෙකෙක් සමත්ථර් නො වේ. එහෙයින් කියනු මැනව: ඒ කාන්තාව ඒ තිදෙනා අතුරෙන් කවරෙකුගේ භාර්‍ය්‍යාව වන්ට සුදුසු දැ?"යි පිළිවිස "ඉදින් දැන ගෙණ බොරු කීවොත් නුඹගේ හිස සියක් කඩකට පැළෙන්නේ ය"යි තරවටු ද කෙළේ ය.

කලින් වගේ ම තමයි. පිළිතුර ලබන සතියේ කියන තෙක් අනුමාන පිළිතුරු පහතින් දක්වන්න.

තට්ටයියාත්, නිදි අයියාත් කුඩා කල, (ඒ් කියන්නෙ කෝපි වසංගතේ එන්නත් කලින්) කියවාපු අම්බිලිමාමා සඟරාවෙ පළ වුණු වේතාල කතාවක් නිදි විසින් මා වෙත එවා තියෙනවා. ඒක මම ඊළඟ බදාදා දවසක පළ කරන්නම්...

4 තරඞ්ගය
ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com47tag:blogger.com,1999:blog-3085096022479901122.post-13363397805781152262023-11-04T23:49:00.002+05:302023-11-26T07:42:09.513+05:30වෙතාල කථා - 2 තරඞ්ගය (ශනිදා දහයට!)
1 තරඞ්ගය

1

රජුගේ වීරභාවයෙන් සතුටු වූ ශවාධිෂ්ඨිත (මිනිකුණට අරක් ගෙණ සිටි) වෙතාලයා එතුමන් අමතා "රජ්ජුරුවෙනි, ගමන්වෙහෙස දුරු වනු පිණිස කථාවක් කියන්නෙමි. අසව"යි කියා මෙ කථාව ඇරඹී ය.

පද්මාවතී කථාව

මෙහෙසුරුහට නිවෙස් වූ කෙලෙස්කුළෙහි තැනිතලා පෙදෙස් මෙන් පින්වත්දනන් විසින් ගැවසුනු බරණැස් නම් නුවරෙක් ඇත. එහි සියතෙදින් සතුරුරජුන් වනසා ලූ ප්රතාපමුකුට නම් රජෙක් වි ය. ඒ රජුට රූ සිරින් මල්සරා දප් හළ (අනංගයාගේ ආඩම්බර දුරු කළ) සුරු බැවින් හා තෙදවිකුමින් ද කඳ කුමරුන් මන් බුන් (මානය බින්දා වූ), වජ්රමුකුට නම් පුත්කුමරෙක් උපන. ඒ කුමරුගේ යහළු වූ මහනැණැති කිසියම් ඇමැති කුමරෙක් සිටියේ ය. ඒ තරුණකුමරු දෙදෙන එක් දිනෙක්හි කෙළිදෙළෙන් දඩයම් පිණිස බොහෝ ඈත ගොස් ශූරභාවය නැමැති ශ්රීකාන්තාවගේ චාමර වැනි සිංහ ග්රීවාවන්හි කෙසුරුරැස් තියුණු අවිපහරින් සිඳිමින් එක්තරා මහවනයකට පැමිණියහ. වෙහෙසට පත් එදෙදෙන එහි මනා විලක් දැක එයින් දිය බී අත්පා සෝදාගෙණ ගසක් මුල හිඳ ගෙණ ඉසුඹු ලන්නට වන්හ.

මේ අතර ඔහුතුමූ රූපශ්‍රී නමැති හැල්ලෙන් (ඇල්ලෙන්) ඒ විල පුරමින් මෙන් ද, මනහර බැලුම් හෙලුමෙන් එහි අමුතු නිලුපුල්වනයන් මවමින් මෙන් ද, සඳ පැරදවූ මුහුණින් පියුම් ගෙණ ඇර පාමින් මෙන් ද, පිරිවර සහිතව එහි සැපත් කාන්තාවක දුටහ. ඒ කාන්තාතොමෝ එකෙණෙහි ම ඒ රජකුමරුගේ සිත පැහැරගත්තා ය. කුමරතෙමේ ද ඇයගේ දෙනෙත් අත්පත් කර ගත. ඒ කාන්තාතොමෝ කුමරු දැක්මෙන් හටගත් විකාර ඇත්තී ලජ්ජාවෙන් කිසිවක් නො කිය හැකි ව හිතෙහි අදහස් සලකුණුවලින් දක්වන්නී උත්පලයක් ගෙණ කණෙහි පැලැන්දා ය. දත් මැද්දා ය. පද්මයක් හිසෙහි ගැසුවා ය. හදවත මතුවෙහි අත තැබුවා ය.

රජකුමරතෙමේ ඇගේ ඒ සලකුණු එකකුදු නො දත්තේ ය. නැණැති ඇමැතිපුත් තෙමේ ම සියල්ල තේරුම් ගත්තේ ය. ඇසිල්ලකින් ඕතොමෝ එහි නොසිට පිරිවර සමඟ පිටත් ව ගියා ය. ඇය සියගෙට ගිය නමුත් ඇගේ සිත කුමරා කෙරෙහි ම විය. කුමරතෙරේ ද සිය නුවරට ගියේ ඒ අඟන ගැණ සිතමින් දිනෙන් දින කෘශත්වයට (කෙට්ටුබවට) පැමිණියේ ය. වෑරුණු සිරුරු ඇති ව නිතර සිතිවිල්ලෙන් හුන් ඒ කුමරා දැක මන්ත්‍රිපුත්‍රතෙමේ ඔහු අස්වසමින් ඊට හෙතු විචාළේ ය. කුමරතෙමේ "යහළුව, නුඹට නොකියන රහසෙක් ඇද්ද? මේ රහස නුඹට කියමි. එහෙත් නුඹ මට පිහිට වීමට සමර්තථ ය යි නො සිතමි. එදා අර විල ලඟ දී දුටු කත සුරඟනක් ද? නරඟනක් ද?ගදඹඟනක් ද? නාඅඟනක් ද? අහෝ! කියන්නට නො දනිමි. ඕතොමෝ බැල්මෙන් ම මගේ සිත පැහැර ගත්තී ය. සිත නැතිව කෙසේ ජීවත් වන්නෙම් ද? මෙ තෙක් දවස් වත් මා ජීවත් වීම මට මහත් පුදුමයකි! යහළුව, ඇගේ ගම නො දනිමි. නම නො දනිමි. කුලය නො දනිමි. ඉතින් මම ඇය වෙත කෙසේ නම් පැමිණෙම් ද? එහෙයින් මා අස් වැසීමෙන් කම් නැතැ"යි ගොත ගසමින් කී ය.

"දේවයන් වහන්ස, ඒ ගැණ නො සිතනු මැනැව. ඔබගේ සිත පැහැර ගත් ඇය වෙත ඔබ පැමිණවීමට මම සමර්තථයෙමි. ඇය විසින් කළ සලකුණු ඔබවහන්සේ නුදුටු සේක් ද? එයින් ඇඟවූ අදහස් නො දත් සේක් ද? කර්ණයෙහි උත්පලය ගැසීමෙන් ඇය විසින් අඟවනලද්දේ ඈ කර්ණොත්පලරජුගේ රාජ්‍යයෙහි වසනබවය. දත් මැදීමෙන් අඟවන ලද්දේ දන්තඝාටක නැමැත්තෙකුගේ දුවක බවයි. ඇගේ නම පද්මාවතී ය යි පියුම හිසෙහි ගැසීමෙන් අඟවනලදි. දෙවයන් වහන්ස, ඇගේ නම ගම දැන ගැණීමට මේ මදි ද? හදවත මත අත තැබීමෙන් අඟවන ලද්දේ ඇගේ ජීවිතය ඔබ කෙරෙහි පිහිටි බවයි. ඉතින්, ඇය ලබාගැණීම දුෂ්කර ය යි කවරහෙයින් සිතන සේක් ද? කාලිඞ්ගදෙශයෙහි කර්ණොත්පල නම් රජෙකු වසන බවත්, එතුමාගේ අමාත්‍ය වූ දන්කඝාටක නැමැත්තහුට පද්මාවතී නම් දුහිතෘරත්නයක් සිටින බවත් වෙළෙඳුන් ගෙන් අසා දැන සිටිමි. එහෙයින් ඈ කළ සංඥා මම පහසුවෙන් ම තේරුම් ගතිමි"යි කියමින් ඇමැතිපුත් තෙමේ කුමරා තුටු කෙළේ ය. කුමරතෙමේ අදහස සිද්ධ කර ගැණීමට උපා ලද්දේ සන්තොෂයට පැමිණියේ ය.

2

ඉක්බිති ඒ කුමාරයා ප්‍රියාව ලබන අටියෙන් නැවත යහළුවා සමග මන්ත්‍රණය කොට ගෙණ පහසුවෙන් ගෙණ යා හැකි ධනය ද ගෙණ දඩයමෙහි යනබව අඟවා ඒ විල වෙත යනු පිණිස නික්මුනේ මඳක් දුර ගොස් වාතාශ්වවෙගයෙන් සෙනඟ පසු කොට යහළුවාත් සමග කලිඟුදෙස බලා ගියේ ය. එසේ සෙනඟින් වෙන් වූ ඒ දෙදෙන කර්ණොත්පල රජහුගේ නුවරට පැමිණ දන්තඝාටකයාගේ මන්දිරය සොයා දැන ගෙණ ඊට නුදුරින් වූ කිසියම් මැහැල්ලකගේ ගෘහයට නවාතැන් ගණු පිණිස පිවිසියහ. මැහැල්ල ඔවුන්ට නවාතැන් දුන්නා ය. ඔහු ද අගනා මැණිකක් මැහැල්ල අතට දී එය විකුණා මිල ගෙණ ආහාරපාන සම්පාදනය කරන්නට කීහ. චක්‍රරත්නය උදෙසා පෙහෙ ව (සූදානම් ව නොහොත් අටසිල් සමාදන් ව) හොත් රජෙකු සක්රුවන දැක පිණා යන්නාක් මෙන් මැහැල්ල ද තමාගේ ජීවිතයෙහි නො ලද තරම් ධනයක් ලැබ සන්තුෂ්ට වූවා ඒ මිණිරුවන මහත් මුදලකට විකුණා වුව මනා ද්‍රව්‍ය ගෙණ අවුත් රසමුසුබොජුන් පිස ආගන්තුකයන් දෙදෙනා වැළඳවූ ය. බොජුන් වළඳා අවසන්හි මන්ත්‍රිපුත්‍රතෙමේ ධනය ලැබීමෙන් තමන්ට කීකරු වූ මැහැල්ලගෙන් තොරතුරු විචාළේ ය: "මෑනියෙනි, කිම, මෙනුවර දන්තඝාටක නම් කෙනෙකුන් අඳුනන්නෙහි ද?"

"ඔවු, පුතේ, හොඳින් ම අඳුනමි. මම ඔහුගේ කිරිමවයි. ඔහු විසින් මම ඔහුගේ දුව රැක බලාගැණීමට යොදන ලදිමි. එහෙත් දැන් මම එහි නො යමි. ඇඳ ගෙණ යන්ට මට දැන් වතක් (රෙද්දක්) නැත. අර කාලක්ණ්ණියා, අනේ! උන්දැට දෙවියන්ගේ පිහිටයි! මගේ හොර තක්කඩි කොල්ලා, මගේ හොඳ රෙද්ද, පද්මාවතිය දුන් රෙද්ද, හොරකම් කරගෙණ ගොස් විකුණලා සූදු කෙළියා. තවත් රෙද්දක් තිබෙනවා දැක්කොත් ඒකත් හොරකම් කරාවි. ඒ නිසා අළුත් රෙද්දක් ගන්ටත් බැහැ" මැහැල්ල කීවා.

මන්ත්‍රිපුත්‍රතෙමේ එ අසා වස්ත්‍ර ගැණීමට මැහැල්ලට ධනය දුන්නේ ය. මැහැල්ලගේ පුතා කැඳවා අවවාද හා මුදල් ද දී තමන්ගේ ප්‍රයොජනයට සලසා ගත්තේ ය.

ආගන්තුකයන්ගේ නිර්ලොභපරිත්යාගයෙන් සන්තුෂ්ට වූ මැහැල්ල "දන්තඝාටකයාගෙන් කවර ප්‍රයොජනයක් දැ?"යි විචාළා ය.

ඔහුගෙන් අපට වැඩක් නැත. එහෙත් ඔහුගේ දුව, පද්මාවතිය, හමු වීම අපට අවශ්‍ය ය. මේ රහස නුඹ කිසිවෙකු සමග කියන්ට එපා. මේ මගේ යහළුවා බරණැස් රජ්ජුරුවන්ගේ දෙටුපුතා ය. මෙතුමා එක්දිනෙක්හි අසවල් විල්තෙර දී පද්මාවතිය දුටුවේ ය. ඕතොමෝ ද මෙතුමාට ආලය කරණබව සලකුණුවලින් ඇඟවූවා ය. එහෙයින් ඇය කැඳවා ගෙණ යනු පිණිස මෙහි ආවෙමු. නුඹ ඈ වෙත ගොස් අප මෙහි අවුත් සිටිනබව රහසින් කියන්ට ඕනෑ. අප විසින් කරණ කියන සියල්ලක් ම රහසේ ම තබාගත යුතු"යි තරුණයා මැහැල්ලට කී ය.

මැහැල්ල පද්මාවතිය වෙත ගියා. ගොස් සුදුසු අවසරයක් ලැබ "දරුව, ඒ රාජපුත්රමන්ත්රිපුත්ර දෙදෙන ඔබ උදෙසා මෙහි පැමිණ මාගේ ගෘහයෙහි සිටිත්. දැන් කුමක් කටයුතුදැ?යි කියව"යි කීවා.

පද්මාවතී තොමෝ එබස් අසා මැහැල්ලට බැන්නා ය. බැණ දෑතෙහි කපුරු තවරා මැහැල්ලගේ දෙකොපුලට ගැසුවා ය. ඉක්බිති පරිභවයෙන් දුඃඛිත වූ මැහැල්ල අඬමින් ගෙට අවුත් "දරුවෙනි, නුඹලාගේ බස් නිසා මට වූ විපත් බලනු. මෙ වැනි අන්තරායදායක වැඩ මීට පසු ව මට නම් කියන්ට එපා ය"යි කීවා.

3

තරුණකුමරතෙමේ මැහැල්ලගේ බස් අසා බලාපොරොත්තු සුන් කර ගත්තේ ය. එහෙත් මහනැණැති ඇමැතිපුත්තෙමේ ඔහුගේ ශොකය දුරු කෙළේ ය:- "යහළුව, ශොකී නො වනු මැනැව. රහස රකිනු කැමැති ඕ තොමෝ මැහැල්ලට තර්ජනය කළා ය. ඒ තර්ජනය සැබෑ සිතින් කරණ ලද්දක් නො වේ. කපුරුවලට චන්ද්රපර්ය්යාය නාම (චන්ද්ර්රයාට කියන නම) ව්‍යවහාර කරණ බව නො දන්නෙහි ද? කපුරු තැවරූ දසැඟිල්ලෙන් මැහැල්ලගේ දුර්වණී මුඛයට ගැසීමෙන් ඇය විසින් අඟවන ලද්දේ, දාවල්හි ඔබතුමා හමුව කථා කරණු දුටුවොත් ඇගේ මවුපියන් කිපෙන බවත්, හමු වීමට සුදුසු කාලය රාත්‍රිය බවත්, සඳඑලිය ඇති රාත්‍රිය දහවලට වඩා වැඩි වෙනසක් නැති බවත්, මේ ශුක්ලපක්ෂයෙහි සඳඑලිය ඇති දශරාත්රියක් ඉතිරි ව තිබෙන බවත්. එහෙයින් එකල්හි නො පැමිණිය යුතු බව හා සුදුසුකල් එනතුරු බලාපොරොත්තු විය යුතු බවත් ය."

කුමාරයා සිය යහළුවාගේ ප්‍රඥාපාටවයට (ප්‍රඥාව පිළිබඳ දක්ෂකමට) සන්තුෂ්ට වූයේ දසදවස දසවසක් මෙන් ගෙවී ය. ඇමැතිපුත් තෙමේ නැවත ද මැහැල්ල තුටු කෙළේ ය. සිය මනදොළ සපුරා දුන හොත් මැහැල්ල රන්රුවනින් වසන බවට ගිවිස්සේ ය. ධනලොභී වූ මැහැල්ල නැවත ද පද්මාවතිය ලඟට ගියා මඳකලක් නිශ්ශබ්ද ව සිටියා ය. යුවතිතොමෝ එදින මැහැල්ල කුමරුන් ගැණ කථා කරන්නට මත්තෙන් ම ඇය විසින් පෙර කී කථාව කියා ඒ වැරැද්දට දඬුවම් වශයෙන් රත්නෙළුම්මල්පසකින් මැහැල්ලගේ මුහුණට ගැසුවා ය. අවමන් ද කළා ය. මැහැලිතොමෝ පෙරළා අවුත් තමන්ට වූ සියලු ගැහැට පැවසුවා ය. පෙරට ද වඩා කිපුනු බව දැන්වූවා ය. ඇඬුවා ය.

තරුණ මන්ත්‍රිපුත්‍රයා මැහැල්ල සනසා කුමරා එක් පසකට කැඳවාගෙණ ගොස් "කුමාරයන්වහන්ස, සැක නො කළ මැනව. පද්මාවතී මේ දවස්හි ඔත්පල ව සිටිනී ය. තව දවස් පසක් බලනු මැනව. රත්නෙළුම්මල්පසින් මැහැල්ලට ගැසීමෙන් ඇඟවූයේ එයයි. ඔබට තව කීප දිනකින් ඇය හමු විය හැකි"යි කියා ඔහු ද සැනසී ය.

කීපදිනක් ගෙවුනු පසු මන්ත්‍රිපුත්‍රයා නැවත ද මැහැල්ල පද්මාවතිය වෙත යැවී ය. පද්මාවතී එදින පෙර මෙන් රළු නො වූවා. මැහැල්ල ආදරයෙන් පිළිගත්තා. රසමුසු අහර වැළඳවූවා. මිදිරස බොමින් එදින මැහැල්ල සමග සතුටින් ගත කළා. මැහැල්ල ද තර්ජනය කරණ බියෙන් කුමරුන් ගැණ කිසිවක් ඇයට නො කීවාය. සවස්කල්හි මැහැල්ල සියගෙට යනු සඳහා සැරසෙනවිට ම බැහැරින් මහත් කලබල ශබ්දයක් ඇසින: "ඔන්න, ඔන්න! මත් ඇතෙකු දම් (දම්වැල්) බිඳගෙණ එනවා! අසුඅසු වුනු දෙය සුණුවිසුණු කරණවා! මිනිසුන් මරණවා!"

ඒ ඇසූ පද්මාවතී මැහැල්ලගේ ගමන වැළහූ. "අම්මෙ, දැන් මේ ඇතු විසින් අවුල් කළ මඟින් යන්ට එපා. මම නුඹ පෙට්ටියක දමා රැහැනින් වාකවුළුවෙන් පිටත බිමට බාවන්නම්. එතැනින් උයනට පලයන්. උයනෙහි පවුර ලඟ මහගහකට නැඟී එයින් ප්රාකාරයට පැන එයින් ද පිටත සිටි ගහකට නැග බැස පරිස්සම් සහිත ව ගෙදර පලයන්"යි මාර්ගය කියා දාසියන් ලවා මැහැල්ල කවුළුවෙන් පිටතට බෑවුවා ය. මැහැල්ල ද කී මඟින් ගෙට ගොස් සිදු වූ දෙය නො වළහා කුමරුන්ට කීවා.

"කුමරුනි, ඔබගේ මනොරථය පල ගන්නා දවස අද යි. පද්මාවතිය විසින් යුක්තියෙන් ඔබ යා යුතු මඟ පෙන්වන ලදි. ඒ මගින් ඇද ඔබ එහි යා යුතු"යි අමාත්‍යපුත්‍රයා පද්මාවතියගේ අදහස නිවැරදි ලෙස තේරුවේ ය. ඉක්බිති කුමරතෙමේ ජනසඤ්චාරය අඩු වූ කල්හි රජ කුමරෙකුට සුදුසු වූ ම අබරණ පැලඳ ඒ මතුවෙහි මැහැල්ගේ ඇඳුම් ඇඳ මැහැල්ලගේ වෙස් ගෙණ මිතුරාත් සමග මැහැල්ල ආ මගින් ම උයනට වැද පද්මාවතියගේ මැඳුර සමීපයට ගියේ කවුළුවෙන් පිටත එල්ලෙමින් තුබුනු පෙට්ටිය හා එය බැඳි රැහැන අල්ලා ගෙණ මතුමහලෙහි මඟ බලමින් සිටි දැස්සනුත් දැක්කේ ය. හෙතෙමේ මිතුරා එහි ම නවතා ගොස් පේටිකාවට නැංගේ ය. දාසියෝ පෙට්ටිය රැහැනින් ඇද කුමරා උඩට ගත්හ. මැහැල්ලට මෙන් සිරිත් පරිදි විහිළු කළහ. පද්මාවතිය ද 'ඒ මැහැල්ල දෝ!'යි සැක කළා. කුමර තෙමේ මැහැල්ගේ වෙස් හැර සිය තෙද සහිත සොඳුරු තරුණරූසපුව පද්මාවතියට පෑයේ ය. පද්මාවතිය කුමාරයාගේ රෑපශ්‍රීයෙන් පුදුමයට පත් වූවා ආහාරපානාදිය දීමෙන් සංග්‍රහ කළා ය.

කුමරතෙමේ මඳ වේලාවක් කථා කරමින් සිට ආ මගින් ම උයනට ගොස් යහළුවාත් සමග සියනිවෙසට ගියේ සෙනෙහෙවචනයෙන් මිතුරාගේ සිත ද, ධනයෙන් මැහැල්ලගේ සිත ද තුටු කෙළේ ය.

4

තරුණ ඇමැතිපුත්තෙමේ මතු බලාපොරොත්තුවෙන් එදින ම මහතවුසෙකුගේ වෙස් ගත. මැහැල්ලගේ කපටි පුතා ද වෙස් මාරු කරවා ඔහුගේ අභියුක්තයා (ඇබිත්තයා) කෙළේ ය. තමන්ට පමණක් දෙවෙනි වූ කපටි කොලුවා ලවා තමන්ගේ යශොඝොෂය මිනිසුන් අතර පැතිරවී ය.

කුමරතෙමේ මෙසේ කීපදිනක් ම පද්මාවතිය වෙත ගියේ ය. එක්දිනෙක්හි දෙදෙනා කථා කරමින් සිටින අතර "කුමරතුමනි, මා විසින් කළ සළකුණු ඔබතුමා දැනගත්තේ කෙසේ දැ?"යි පද්මාවතිය කුමරාගෙන් ඇසුවා. කුමාරයා ද උත්තර දෙමින් "ප්‍රියාව, ම විසින් එය නො දන්නා ලදි. මගේ මිතුරෙක් වූ ඇමැතිපුතෙක් මා සමග අවුත් මෙහි සිටී. හෙතෙම නැණින් සුරගුරු වැන්න. මන්ත්‍රණයෙහි අසුරගුරු වැන්න. දිව්‍යඥාන ඇති ඔහු විසින් ම ඒ සියල්ල දැන ගන්නාලදි"යි කී ය.

මෙය අසා ඒ කපටකාන්තාතොමෝ ඇසිල්ලක් නිශ්ශබ්ද ව සිටියා ය. ඇතුළින් චඤ්චල වූ නමුදු පිටතින් ඒ බව සඟවන්නට වෑයම් කළා ය. කුමරාගේ ප්‍රඥාවත් යහළුවා නිසා කමන්ට විපතක් විය හැක්කැයි සිතුවා ය. ඔහුට ක්‍රොධ කළා ය. ඔහු මැරිය යුතු ය යි නිශ්චය කරගත්තා ය. අවසන්හි මෙසේ කීවා: "ස්වාමිනි, එසේ නම් ඔහු ගැණ මට මේ තාක් නො කීමෙන් ඔබ විසින් වැරැද්දක් කරණ ලදි. ඔබගේ යහළුවෝ මාගේ භාතෘහු (සහෝදරයෝ) ය. මා විසින් මාගේ භාතෘ වූ ඔහුට ම පළමු කොට බත්බුලත් දීමෙන් බුහුමන් කටයුතු වි ය. වේවා! දැන් කුමක් කරන්ට ද? හෙට උදාසන්හි ඔහුට ද පඬුරු යවන්මෙි."

රජකුමර ඇගේ අනුමැතිය ලැබ ගෙට අවුත් මිතුරා හමු වී ඈ කී සියල්ල කී ය. බුද්ධිමත් මන්ත්‍රිපුත්‍රයා ඇයගේ සංග්‍රහ තමන් විසින් පිළිගැන්ම නො ම සුදුසු යයි ද, එය ආදරයෙන් කරණු නො ලබන්නකැ යි ද සනිටුහන් කෙළේ ය.

උදෑසන ඔවුන් කථා කරමින් සිටින අතර පද්මාවතියගේ යෙහෙළියක් කිරිබත් හා බුලත් ද ගෙණ එහි පැමිණ මන්ත්රිපුත්රයාගේ සුවදුක් විචාළා, ඔහුට බුහුමන් කළා ය. පද්මාවතියගේ පඬුරු ද පිළිගැන්නුවා, "කුමාරයන් වහන්ස, ඔබගේ ප්‍රියාව වූ පද්මාවතිය අද එහි දී ම ඔබ වළඳවන්නට කැමැත්තෙන් සිටී. එහෙයින් වහා එනු මැනැවැ"යි කුමරාට ආරාදනා ද කළා ය.

"මේ කිරිබත් මට ම පමණක් සෑහේ. අප දෙදෙනාට ප්‍රමාණ වන සේ නො එවන ලද්දේ අපේ කුමාරයන් වහන්සේට එහි ම භොජන පිළියෙල වී ඇති හෙයින් විය යුතු ය. දිය නා අවුත් මම මෙය වළඳමි. කුමාරයන් වහන්සේ ද තව ම ජලස්නානය නො කළ සේක. උන්වහන්සේ දිය නා තව ටිකකින් එහි වඩින සේක. ඒ තාක් තෙපි යව"යි ඇමැතිපුත්තෙම ඇය යවා "යහළුතුමනි, එක් පුදුමයක් බලනු මැනැව. මම දැන් එය ඔබට පෙන්වමි"යි කියා එක් කිරිබත්කැටියක් ගෙන එහි සිටි බල්ලෙකුට දුන්නේ ය. බල්ලා එය කා එකෙණෙහි ම විසංඥව වැටුනේ ය. කරුණාවන්ත වූ තරුණයා එක් බෙහෙතකින් බල්ලා සුවපත් කෙළේ ය. ඒ දුටු රජකුමරා "මේ ආශ්චය්යර් කිමෙක්දැ?"යි පිළිවිසියේ ය.

කුමරතුමනි, පද්මාවතිය ඔබ කෙරෙහි ඉතා අනුරක්ත ය. ඇගේ අදහස්ප්රකටනයෙන් (ප්‍රකට කිරීමෙන්) මා ධූර්තයෙකු (කපටියෙකු) කොට ඕතොමෝ සැලකුවා. මා ජීවමාන ව සිටියොත් ඔබතුමා ඇය කෙරෙහි වඩා ඇලුම් නො කරතැයි ද, මගේ උවදෙසින් ඇය හැර දමා සිය නුවරට යතැ යි ද, සිතා මා මරන්නට මේ කරණලද උපක්‍රමය යි. මා නැත් නම් ඔබතුමාගේ ජීවිතය ද අන්තරායසහිත ය. එහෙයින් ඔබතුමා අත්හැර යෑම ද නො කට හැකි ය. මේ කපටගැහැණි තවත් කෙ බඳු උපක්‍රම කරා දැ යි නො දනිමි. මැහැල්ලගේ උපකාරයෙන් මට තව වරක් විෂ දෙන්ට ද පුළුවන. හැම වේලෙහි ම සිහියෙන් හා පරීක්ෂාවෙන් සිටිය හැක්කෝ කවු ද? යම් ලෙසකින් මට විෂවර්ගයක් කැවී විසංඥ වූවොත් මේ බෙහෙත ඔබතුමා මගේ මුව තුළ දැමිය යුතු යි. තව ද මෙහි වැඩිකල් සිටීම නුවණට හුරු නො වේ. වහා සිය රටට යා යුතු ය. පද්මාවතිය ද කෙසේ වුවත් ගෙණ යන්ට වුව මනා ය. ඊට මම උපායක් සිතන්නෙමි"යි අමාත්‍යපුත්‍රයා කී ය. කුමාරයා ඔහුගේ චාතුර්ය්යය දැක වඩා පහන් වූයේ ඔහුගේ ආරක්ෂාව සඳහා තමන් විසින් කළ හැකි සියල්ල කිරීමට ඉටා ගත්තේ ය.

5

එදින ම 'රජුගේ බාලපුතා, මළේය'යි ප්‍රසිද්ධ වි ය. මන්ත්‍රිපුත්‍රතෙමේ මේ මරණය තමන්ගේ කාර්ය්යසිද්ධියට උපකාරයක් කර ගන්ට සිතා කුමරා අමතා "කුමරුනි, ඔබ පද්මාවතිය ලඟට ගොස් ඇයට මේ බෙහෙත දෙනු මැනැව. මෙයින් ඕතොමෝ දෙපැයක් යන තුරු මළාක් මෙන් විසංඥ වන්නී ය. එවිට ඔබතුමා මේ ත්‍රිශූලයෙන් ඇන ඇගේ උකුළ තුවාළ කොට ඇය පලන් ඉතා මහඟු ආභරණයක් ද පැහැර ගෙණ වහා එනු මැනැව. ඊට පසු කට යුතු දෙය මම දන්නෙමි"යි කියා කුමරා යැවී ය.

කුමරා තිසුලවිය ගෙණ පද්මාවතියගේ මැඳුරට ගියේ ය. පද්මාවතිය සියමිතුරා පිළිබඳ තොරතුරු අසන්ට මත්තෙන් ම භක්තිමත් බුද්ධිමත් හිතවත් මන්ත්‍රීන්ගේ වචන ප්‍රභූන් විසින් නො ම විමසිය යුතුය'යි සිතා සියයහළුවා දුන් බෙහෙත උපායකින් පද්මාවතියට කැවී ය. එයින් ඕතොමෝ මුසපත් ව නිදන්නට වන. රජකුමරතෙමේ යහළුවා කී සේ සියල්ල සම්පූර්ණ කර වහා යහළුවා ලඟට ගොස් පද්මාවතියගේ ලක්ෂයක් අගනා මුතුහර ඔහු අත තැබී ය.

තවුස්වෙස් ගත් ඇමැතිපුත්තෙමේ එය රැගෙණ තමන්ගේ ඇබිත්තයාත් සමග අමුසොහොනට ගොස් "මේ මුත්හර විකුණා මුදල් ගෙණෙව. කිසිවෙකු මෙය නුඹට කොයින් ලැබුනේ දැ යි ඇසුවොත්, මා විසින් දුන් බව කියා ඔහු ද මා ලඟට කැඳවා ගෙණ එව"යි කියා ඒ කපටි කොලුවා යැවී ය.

මේ අතර 'පද්මාවතියගේ ගෙට හොරෙක් ඇතුල් ව ඈ පලන් මුත්හර පැහැරගෙන ගියේ ය'යි නගරයෙහි පැතිර ගියේ ය. තරුණියගේ පියතෙම සොරුන් ඇල්ලීමට රාජ පුරුෂයන්ට විධාන කෙළේ ය.

අභියුක්තයා මුත්හර විකුණනු පිණිස අබරණවෙළෙඳ සැලකට ගොස් එය පෙන්වී ය. වෙළෙන්දෝ ඒ බව රාජ පුරුෂයන්ට දැන්වූහ. රාජපුරුෂයෝ අවුත් මුත්හර හා තාපසයාගේ අභියුක්තයාත් අල්ලා ගෙණ දන්තඝාටකයා වෙත ගොස් සැළ කළහ. හෙතෙම මුත්හර ඇඳින එය ලත් පරිදි ඇසීය. අභියුක්තයා "මහතුනි, මම මේ ගැණ කිසිවක් නො දනිමි. මගේ ගුරු වූ මහතෙදබල ඇති තවුස්තෙමේ මෙය විකුණා මුදල් ගෙණඑන්ට මට නියම කෙළේය. ඒ නිසා මම මෙ ගෙන ආමි. ඔබතුමන්ට මේ පිළිබඳ තොරතුරු දැන ගන්ට වුව මනා නම්, මා සමග ඒ තාපසයන් වහන්සේ ලඟට එනු මැනව. එතුමා සියල්ල නොවළහා කිය"යි කී ය.

රාජපුරුෂයෝ කොලුවාත් සමග තවුසා ලඟට ගියහ. ගොස් මුත්හර ලත් පරිදි විචාළහ. ධූර්ත වූ මන්ත්‍රිපුත්‍රතෙමේ එය ලද පරිදි කී ය:- "මහතුනි, මම තවුසෙක්මි. මට ඉන්ට නියමිත් තැනක් නැත. තැනින් තැන ඇවිදින්නෙමි. මම මේ සොහොනෙහි කීපදිනක පටන් සිටිමි. ගත වූ රාත්‍රියෙහි මෙහි පැමිණි යකින්නන් පෙළක් දිටිමි. එයින් එක් යකින්නක් ලදරු රජකුමරෙකු ගෙණ අවුත් මරා භෛරවයාට බිලිදෙන්ට සැරසුනා ය. ඒ රජකුමරා කෙරෙහි අනුකම්පාවෙන් මම යකින්නන් එලවා ලීමට මන්ත්‍ර ජප කරන්ට පටන් ගතිමි. එයින් කිපුනු ඒ යකින්න මාගේ අක්ෂමාලාව (මන්ත්‍ර ජප කිරීමෙහි දී වාර ගණන මතක තබාගණු පිණිස ගන්නා ඇටවැල (Rosary)) උදුරාගන්ට නොයෙක් විකාර වෙස් ගණිමින් නොයෙක් මායා දක්වමින් මා ලඟට ආවා ය. මම ද එකෙණෙහි මගේ මේ මන්ත්රපුතත්රිශූලයෙන් (මන්ත්‍රයෙන් පවිත්‍ර කළ තිසුලවියෙන්) ඇගේ උකුලට ඇන්නෙමි. ඇගේ කණ්ඨයෙන් මේ මුත්හර ද උදුරාගතිමි. මෙබඳු මුත්හරකින් අප වැනි තවුසන්ට කවර ප්‍රයෝජනයක් ද? එහෙයින් එය විකුණා මුදල් ගෙණ එයින් හෝමද්රව්ය ගෙණ එන්ට මගේ අභියුක්තයාට දුන්නෙමි."

රාජපුරුෂයෝ මුත්හර ගෙණ රජ්ජුරුවන් වෙත ගොස් තවුසාගේ කථාව දැන්වූහ. රජ ද ආප්තවනිතාවන් (විශ්වාස කට හැකි ස්ත්‍රීන්) ලවා පද්මාවතියගේ ශරීරය පරීක්ෂා කරවී ය. තවුසා කී පරිදි උකුළෙහි ත්‍රිශූලයකින් ලත් තුවාළයෙක් ද වී ය. වැඩි දුරට පරීක්ෂා කිරීමෙන් එය තවුසාගේ තිසුලවියෙන් වූවක් බව ම ප්‍රකට වි ය. පද්මාවතිය ද මෙය මන්ත්රිපුත්රයාගේ උපක්රමයෙකැයි සිතා නිශ්ශබ්ද ව සිටියා ය. ඇයගේ දැස්සෝ ද සත්යප්රවෘත්තිය එලි කිරීමට බිය වූහ.

6

"මුත්හර පැහැර ගැන්ම සොරෙකුගේ වැඩක් විය නො හැක්ක. මගේ ප්රධානඅමාත්යයෙකුගේ ගෙයින් සොරාගත් දෙයක්, ඊට පසු දින ම, විකුණනු පිණිස මේ නුවරට ම සොරෙක් නම් නො එවයි. පද්මාවතියගේ උකුළ තුවාළ කිරීමෙන් සොරෙකුට ඇති ප්‍රයෝජනය කිම? තවුසාගේ ත්‍රිශූලය සොරාට කොයින් ද? තවුසා සොරෙක් ද? සොරෙක් නම් මුත්හර විකිණීම අන්අයුරකින් කරන්නේ ය. රැකවල් සහිත තැනකට ඇතුල් ව තවත් මහඟු අබරණ තිබිය දී මුත්හරක් පමණක් හැරගෙණ සුලු තුවාළයක් පමණක් කොට කාට වත් නො දැනෙන ලෙස පැන ගියේ කෙසේ ද?" යනාදීන් රජතුමා තර්ක කෙළේ ය. පද්මාවතිය යකින්නකැයි ද, ඇය විසින් තමන්ගේ පුත් කුමරා මරණලදැයි ද, නිශ්චයට පැමිණියේ තවුසා වෙත එළඹ, ඈට කටයුතු නිග්‍රහ (දඬුවම) කිමෙක් දැ යි විචාරා ඔහුගේ කියමන ලෙස ඇය නුවරින් බැහැර කරවී ය. ඇගේ මවුපියන්ගේ ඇඬුම්වැලපුම් සියල්ල නිෂ්ඵල වි ය.

ඇගේ යහළු රජකුමරතෙමේ ද සාමාන්යනාගරිකයෙකු මෙන් පිරිස සමග ගොස් වනයෙහි සැඟවුනේ රාජ පුරුෂයන් පෙරළා නගරයට ගියකල්හි ඇය වෙත ගොස් සැනසී ය. අමාත්යපුත්රතෙමේ තවුස්පිරිකර සොහොනෙහි ම දමා සිය ඇබිත්තයාත් සමග නුවරට ගොස් ඉතා ජව සම්පන්න අශ්වයන් සිවුදෙනෙකුන් මිලට ගෙණ මැහැල්ලත් කැඳවා ගෙණ කුමරා සිටිතැනට ගොස් පද්මාවතියත් රැගෙණ සිය නුවරට ම ගියේ ය. පද්මාවතියගේ මවුපියෝ සියදුව ගැණ ශොක කිරීමෙන් මළහ.

වේතාලතෙමේ මේ කථාව කියා, "රජ්ජුරුවෙනි, මේ ගුණවත් අඹුසැමි දෙදෙනාගේ මරණයෙන් පව් වන්නේ රාජපුත්‍රයාට ද? මන්ත්රිපුත්රයාට ද? නැතහොත් පද්මාවතියට ද? මගේ සිතෙහි මේ ගැණ මහත් සැකයක් පවතී. යුෂ්මතා නුවණඇතියන් අතුරෙන් ශ්‍රෙෂ්ඨයෙකු මෙන් පෙණෙන්නෙහි ය. එහෙයින් මගේ සැකය දුරු කරව. ඉදින් දැන දැන ද මට උත්තර නො දෙන්නෙහි නම්, එකාන්තයෙන් ම නුඹගේ හිස සියක් කඩකට පැළෙන්නේ ය. යහපත් පිළිතුරක් දුන් කෙණෙහි ම මම නැවත ද මගේ ඇට්ටේරියගසට යන්නෙමි"යි පැන විචාරා සිය අදහස ද දැන්වී ය.

"යක්‍ෂාධිපතිය, ඔබ විසින් නො දත්තේ කිමෙක් ද? එසේ ද වුවත් කියන්නෙමි"යි රජතෙමේ පැන විසඳන්ට පටන් ගත්තේ ය...

කුමක් වන්නට ඇත් ද, රජුගේ පිළිතුර?

මීළඟ කොටස වෙන තෙක් ඔබේ පිළිතුරු පහතින් කමෙන්ට් කරන්න.
ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com68tag:blogger.com,1999:blog-3085096022479901122.post-90851758829147861192023-10-28T22:00:00.004+05:302023-11-05T16:24:07.815+05:30වේතාල කථා - 1 තරඞ්ගය (ශනිදා දහයට!)

1

සියලු සැපතට නිවෙස් වූ දඹදිව්තෙලෙහි ගෝදාවරී නම් ගඟක් වෙයි. සිහිල්දියකඳින් පිරිපුන් කවයි පාඨිනාදී (කාවයි, පෙටි ආදී) මත්ස්‍යසමූහයාට කෙළිමඬලක් වූ, හංසසාරසාදී (හංස සේරු ආදී) ජලචර පක්ෂීන්ට ක්ෂේමභූමියක් වූ, නොයෙක් සියගණන් නෞකාවන්ගේ යෑම්ඊමෙන් අවකාශරහිත වූ, නිතර දිය කෙළනා තරුණමිනිසුන් විසින් නංවනලද රළපෙළින් හා දුටුදුටුවන් කැලුම්යොතින් බැඳ තමන් වෙත අදින මිණිරුවනින් ගැවසුනු වැලිතලාවන්ගෙන් ද සිත්කලු ඒ ගඟ ඉවුරෙහි ප්‍රතිෂ්ඨාන නම් ජනපදයක් වෙයි.

ඒ ජනපදයෙහි වික්‍රමයෙන් ශක්‍රයා පැරදවූ වික්රමසෙන නම් නරපතියෙක් වී ය. හෙතෙම ඉතා ගුණවත් ය. ධනවත් ය. රටවැසියන්ට පියෙකු වැන්න. රාජනීති නො ඉක්මවා රට රැකියේ රටවැසියාගේ අභිවෘද්ධියට හෙතු වන සියල්ල ම නො පිරිහෙලා කෙළේ ය. මල නො තළා රොන් ගන්නා බමරා මෙන් රටවැසියන් නො පෙළා අයබදු ගත්තේ ය. එතුමා පියෙකු මෙන් සැලකූ රටවැස්සෝ ද රටෙහි දියුණුව හා ආරක්ෂාවත් සඳහා වියදම් කිරීමට අයබදු, කිසි කෙඳිරීමක් නැති ව, නො මසුරුව ම, ගෙවූහ. මෙසේ දෙ පක්ෂයෙහි සමගියෙන් ඒ රට නොයෙක් අතින් දියුණු වී ය. තමන් රැකුමෙන් තුටු වූ මිහිකත තුමානන්ට ආකරයෙන් රුවන් ද, වනයෙන් ඇතුන් ද, වෙලින් අස්වැන්න ද සතතයෙන් දුන්නා ය.

ඒ රජතුමන් දැහැමින් රාජ්‍යය කරණ කල්හි එතුමාගේ ත්‍යාගගුණය හා වීරභාවයත් අසා ප්‍රසන්ன වූ එක්තරා තවුසෙක් දින පතා එතුමා වෙත පැමිණ විසිතුරු ලෙස මැටියෙන් කළ දඹගෙඩිය බැගින් දී යන්නේ ය. රජතෙමේ දඹ පිළිගෙන භාණ්ඩාගාරිකයාට දෙයි. භාණ්ඩාගාරාධ්‍යක්ෂ තෙමේ ද ඒ දඹ ගෙන ගොස් කෙළිබඩු රැස් කරණ ගබඩාවෙහි තබයි. මෙසේ දොළොස් වසක් ගත වි ය. රජතෙමේ එක් දිනෙක්හි වත් 'කවර හෙයින් මේ මැටිමුවා දඹ පිළිගන්වන්නෙහි දැ?' යි තවුසා නො විචාළේ ය.

තෙළෙස්වනවසෙහි එක්දවසෙක්හි රජතෙමේ තවුසා විසින් පරිත්‍යාග කළ මෘන්මය ඵලය, හදිසියෙන් එහි පැමිණි, කෙළිවඳුරෙකුට දුන්නේ ය. වඳුරා 'සැබෑ ගෙඩියකැ'යි සිතා එය මුව තුළ බහා සැපී ය. එකෙණෙහි තවුසාගේ නොහොත් රජහුගේ භාග්‍යයෙන් දෝ කැලුම්කඳු විහිදුවමින් බබලන මහඟුමිණිරුවනක් එයින් බිම වැටුනේ ය.

රජතෙමේ මැණික ගත්තේ ය. භාණ්ඩාගාරිකයා ගෙන්වා 'පෙර දුන් ඵල කොහි දැ?'යි විචාළේ ය. භාණ්ඩාගාරික තෙමේ සියලු ඵලයන් රජු ඉදිරියට ගෙණායේ ය. රජ ඵලයන් පැළවී ය. එක් එක් ඵලයෙක්හි මිණි රුවනක් වි ය. රජතෙමේ රුවන්රැස බලා පුදුමයට හා ප්‍රීතියටත් පැමිණියේ දෙවෙනිදින තවුසා පැමිණෙන තෙක් නො ඉවසිල්ලෙන් බලා උන්නේ ය.

එදින ද පෙර මෙන් තවුස්තෙම මැටිමුවා ඵලයක් ගෙණ රජු වෙත එළඹියේ ය. රජ ඵල පිළිගැන්වීමෙහි යුහුසුලු වූ තවුසා නැවැත්වී ය. දින පතා ඵලයන් දීමෙහි අදහස විචාළේ ය:- "වහන්ස, ඔබට මෙතරම් මිණිරුවන් කොයින් ද? කවරහෙයින් ඒ අගනාරුවන් මැටියෙන් වසා දැමූසේක් ද? මෙතරම් අගනා මිණිරුවන් කුමක් නිසා දින පතා මට දුන් සේක් ද? මගෙන් කුමක් කැමති වන සේක් ද? දැන් මම ඔබගෙන් නය ගැතියෙක් වෙමි. නයින් නිදහස් නො වී ඇසිල්ලකුදු සිටීම මට රුචි නො වේ. එහෙයින් වහා කියන්න: ඔබට මම කුමක් දෙම් ද? කුමක් කරම් ද? ඔබගේ බලාපොරොත්තුව පවසන තෙක් අද මම ඔබගේ මේ ඵලය නො ගන්නෙමි."

තවුසා අභිප්‍රෙතාර්ථය රහසින් රජුට දැන්වී ය: "මහා වීර රජතුමනි, මම මන්ත්‍රශාස්ත්‍රයෙහි කෙළවරට පැමිණියෙක් මි. මේ පොළොවෙහි සැඟවී තිබෙන නිධාන මම දනිමි. එහෙයින් මට ධනයෙන් අඩුබවක් නැත.ඊට වඩා ශ්‍රෙෂ්ඨස්ථානාන්තරයක් මම බලාපොරොත්තු වන්නෙමි. අතිශ්‍රෙෂ්ඨ වීරවරයකුගේ සහායත්වය ඊට අවශ්‍ය ය. වර්තමාන ලොකයෙහි ඔබ වැනි වීරයෙක් කොතැනක වත් නැත්තේ ය. තුටුපඬුරු නො ගෙණ ම ඔබ මට පිහිට වනබව මම දනිමි. එහෙත් අනුන්ගෙන් නිකම් උපකාර ගැන්ම මා වැනියෙකුට තරම් නො වේ. එහෙයින් දොළොස්වසක් මුළුල්ලෙහි ඔබට මේ මිණිරුවන් පරිත්‍යාග කෙළෙමි. මගේ භාග්‍යය කවදා උදා වන්නේ දැ යි මම නො දනිමි. භාග්‍යය උදා නුවූ කල්හි, කොතරම් වීරයන්ගේ උපකාර ලැබුවත් මවිසින් බලපොරොත්තු වන කාර්යය සිද්ධ නො වේ. මගේ භාග්‍යය විපාක දෙන්නට ආසන්න වූ කල්හි මැටියෙන් වැසූ මිණිරුවන් ඔබට ප්‍රකට වන බව සලකා මම එසේ කෙළෙමි. මැටියෙන් වසා ඔබට දුන් මිණිරුවන් ප්‍රකට වූයේ මගේ භාගයය උදා වූ හෙයින. එහෙයින් අපෙක්ෂිතාර්ථය ආරම්භ කිරීමට දැන් සුදුසු කාලය යි. ඊට ඔබ මට සහාය විය යුතු යි."

2

රජ තවුසාගේ ඉල්ලීම පිළිගත්තේ ය.තමන්ගෙන් කවර උපකාරයක් බලාපොරොත්තු වන්නේ දැයි යි විචාළේ ය. කවරක් වුවත් නො වළහා වහා කරණබවට ගිවිස්සේ ය.

තවුසා රජ්ජුරුවන්ගේ උදාරගුණයෙන් පහන් වූයේ "උතුමානෙනි, එසේ නම් එන අමාවක් පොහෝදින රැයෙහි මෙනුවර මහසොහොනෙහි දකුණුදිග මහනුගගස යට මම සිටිමි. ඔබතුමා තනි ව ම එහි පැමිණිය යුතු යි. ඔබ පැමිණිකල්හි මට අවශ්‍ය උපකාරය කියන්නෙමි" යි කියා රජුගෙන් ගිවිසුම් ගෙණ පිටත් ව ගියේ ය.

නියම කළ දින රැයෙහි වීරක්‍රියා කිරීමෙහි අධික ආශා ඇති රජතෙම නිල්වත් හැඳ කඩුව හා දුනුහී ද ගෙණ හුදකළා ව ම මහසොහොනට ගියේ ය. නුගය සොයමින් ඔබ මොබ ඇවිද්දේ ය. මහනුගගහ දැක එවෙත පැමිණියේ මතුරු දපමින් (මන්ත්‍ර ජප කරමින්) හුන් තවුසා දුටුවේ ය. "තවුසානන් වහන්ස, මේ මම යි. ඔබ වදාළ ලෙස ආයෙමි. කුමක් කරම් ද? කියනු මැනැවැ"යි විචාළේ ය.

"ස්වාගතයි! (යහපත් පැමිණීමකි. (welcome)) රජතුමනි, මෙයින් දකුණු දෙස ඇට්ටේරිය ගසක් ඇත. මළසිරුරක් එහි එල්ලෙයි. ඒ මළසිරුර මෙහි ගෙණ එනු මැනව. මට උවමනා උපකාරය මෙ පමණ"යි යනු තවුසාගේ බස් වි ය.

රජ තවුසා කී ලෙස ගස මුලට ගියේ මලකඳ දැක්කේ එය ගසින් බාන්නට ගසට නැඟෙන්නට වන. සියගණන් බිහිසුණු අවතාරයෝ භයානක ශබ්ද කරමින් රජුගේ ක්‍රියාව වළක්වන්නට උත්සාහ කළහ. ඇතැම් අමනුෂ්‍යයෙක් සිහවෙස් ගෙණ මහත් සේ නාද කරමින් රජුගේ හිස මතට පැන්නේ ය. දෙකොපුල් පළාගෙණ නිකුත් වූ දික් දළ ඇති, ගිනිගුළි වැනි පිටතට නෙරාගිය ඇස්ගුළිවලින් රෞද්‍ර වූ මුඛයෙන් දුටුවන් උමතු කරවන තරම් විකෘත වූ, ඒ අමාවක්දිනෙහි මහරැයට ද වඩා කලු වූ ලොමින් වැසී ගිය මහකලුගතින් හා ගතට නො සරි ලන නොදික් අත් පයින් ද යුත් රකුසෝ වහසිබස් බෙණෙමින් රජු හා පොරට ආහ. ඇතැම් අමනුෂ්‍යකෙනෙක් ගිනි ගෙණ දිලියෙන අවි ලෙලවමින්, සර්පයන් වැනි දික් දිව් බැහැර කර සොලවමින් කුලු වැනි මහකන්පෙති දෙපිට ගසමින්, මහ කලුனයින් වැනි හිසකෙහෙයෙන් මුව වසමින්, කුළුගෙවල් වැනි හිස් වනමින් "තාගේ හදවත ඇද කම්හ. තා ගිල දමම්හ. පරසක්වළ ගසම්හ. තා ගත අපගේ කඩුවෙන් පෙති ගසම්හ. තා අපගේ හියොවුර කරම්හ. සිටුව. නො පලව" යනාදී තර්ජනවචන කියමින් රජු වෙත ලං වූහ. මෙසේ නො සිතිය හැකි නො කිය හැකි තරම් වියරු වෙස් ගෙණ වියරුබස් කියකියා සියගණන් භූතයෝ රජු බිය ගන්වන්නට උත්සාහ කළහ.

රජුගේ සිත ඔවුන්ට බිය වීමට තරම් දුර්වල නො වී ය. රජ බිය වන සුල්ලෙක් වූයේ නම්, මන්ත්‍රවිද්‍යාවෙහි පරතෙරට පත් ඒ තවුසා දොළොස් අවුරුද්දක් ධනය දේ ද? බිය යනු කුමක් දැ යි රජ නො දත්තේ ය. බිය නැතියන්ට යකුන් රකුසන් ගෙන් උවදුරක් නොවනබව තවුසා මෙන් ම රජ ද දත්තේ ය. රජතෙමේ සියලු රකුසන් තණ පතක් පමණකුදු නො සැලකුවේ ය. සිය අසිපත වනමින් අමනුෂ්‍යයන් පැලවී ය. කලින් ම තවුසා උගන්වනලද ආරක්ෂා මන්ත්‍ර ජප කරමින් ගසට නැංගේ මළසිරුර බැඳි රැහැන කැපී ය.

මළසිරුර බිම වැටින. ඒ මළසිරුරක අයුරු නො පෙන්වීය. බිම වැටුනු කෙණෙහි ම දිවි ඇතියෙකු මෙන් කෑ ගාන්නට වන. රජ වහා ගසින් බැස්සේ ය. තමන් වෙත දිව ආ අමනුෂ්‍යයන් පලවා හැරියේ ය. කෑ ගානා මළකඳ වෙත ගොස් එය එක් අතකින් පිරිමදිමින් අනික් අතින් උතුරුසළුව ගෙණ පවන් සලමින් ගසින් වැටීමෙන් වූ වේදනාව පහ කරන්නට මෘදුවචනයන්ගෙන් කථාව පටන් ගත.

එකෙණෙහි ම මළසිරුර කොක්හඬ ලා සිනා සී අහසට පැන පෙර මෙන් ගසෙහි එල්ලෙන්නට වන. වීර වූ රජ ද පෙර මෙන් අමනුෂ්‍යයන් පලවමින් ගසට නැග රැහැන කපා එය බිම දැමී ය. මළසිරුර "මා මරණවෝ!" යි බෙරිහන් දෙමින් පොළොවෙහි වැටුනේ ය. රජ ද රැහැන අල්ලා ගෙණ ගසින් පැන සිරුර එසෙව්වේ ය. එවිට එය නැවත ද සිනාසෙන්නට පටන් ගත.

රජතෙමේ ඒ මළසිරුර වෙතාලයෙකු (මිනීකුණුවලට අරක් ගෙණ සිටිතැයි කියන භූතයා) විසින් අධිගෘහිත ය යි සලකා "කුමට සිනා සෙහි ද? මගෙන් තට අද මිදීමෙක් නැත. මා සමග එව"යි කියා එය කර තබා ගෙණ තූෂ්ණීම්භූත ව වහවහා තවුසා වෙත එන්නට වන.

2 තරඞ්ගය...

අපේ සහෘද බ්ලොග් රචිකාවියක් වන නිලක්ෂි බණ්ඩාර වරක්, වේතාල කතා ගැන ලියා තිබුණා. ඒක කියවද්දි මතක් වුණේ, මම පොඩි කාලේ නිතර කියවන්න පුරුදු වෙලා හිටපු පොතක් තිබුණා, වැලිවිටියේ සෝරත හිමියන්ගේ "කථාතරංගිණිය" නමින්. පසුකාලීනව තමයි දැනගන්න ලැබුණේ, ඒක කථාසරිත්සාගරය කියන මහා ග්‍රන්ථයේ කොටසක් කියන වග.

කථාසරිත්සාගරය ලියූ හැටිත් තවත් අපූරු කතාවක්. මෙන්න මෙතන තියෙනවා ඒ කතාව. ඉතින් අදින් පටන් ගෙන, සතියකට වරක් කථාතරංගිණියේ කොටස් සියල්ල මේ බ්ලොග් එකේ පළ කරන්න හිතා ගත්තා. මීළඟ කොටස මීළඟ සතියේ බලාපොරොත්තු වන්න.

මේක වැලිවිටියේ සොර්ත හාමුදුරුවන්ගේ පරණ සිංහල භාෂාවෙන් තියෙන්නේ. පොතේ තියෙන පද බෙදීම, විරාම සහ න ණ ල ළ භේදය ඒ විදිහට ම මෙතනත් ටයිප් කරලා තියෙන්නෙ. ඒ වගේ ම අමාරු වචන හැටියට මට හිතුණු වචනවලට, පොතේ පාද සටහන්වල යොදලා තිබුණු තේරුම් මම ඒ ඒ තැන්වල වරහන් ඇතුළෙ යොදලා තියෙනවා.

ගැළපෙන පින්තූරයක් හොයද්දි දැක්කෙ, මේ කතා ටික ටීවී සීරීස් එකක් විදිහට 1985 ප්‍රතිනිර්මාණය කර තිබෙන බව.
ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com41tag:blogger.com,1999:blog-3085096022479901122.post-39627562447787503402023-10-21T22:01:00.000+05:302023-10-21T22:01:03.073+05:30වැල කෑ පබිලා - ශනිදා දහයට!

මෙන්න ඔහු දවසක් කී කථාව. අහගන්න.

"තොසින් වසන හේනේ දැන් කාලේ

ඉසන් අප්පුගේ පුත් මම පබිලේ

ගසින් වැටුණු වැල කුණකට ආලේ

අසන්න මහතුනි මට වුනු අවුලේ

ලාබෙට ලැබුනට පුහු පොල් කෑවා

ඒපිට වැල කුණකුත් ඇද බෑවා

මේවට බඩ පුම්බාගෙන ආවා

කෑමට නරකයි කොයිවත් මේවා

ගහේ තිබුණු කුණු වැල ගෙඩියකට වෙලා ඔට්ටු

රහේ ඉඳන් හොඳයි කියා ඔක්කොම කලෙ තට්ටු

ඔහේ ඉතින් බඩ පිපුනයි ගෙඩියක් සේ පිට්ටු

කොහේ ගියත් වැල නොකන්න එදා වුනයි මට්ටු

රෝගේ තදවී හැදුනයි වමනේ

වාගේ බෙර ගෙඩියක් බඩ පිපුනේ

මාගේ ලොකු අයියගේ කර පිටිනේ

මෝගේ ගෙදරට කෙරුවයි ගමනේ

තාත්තා ඇයි බොල ආවේ ඇහුවා

බේත් ගන්න මම ආවයි කීවා

සාත්තුවට කවුරුත් නැත කීවා

මාත් ඔහේ වැටිලා බුදියෑවා

තුන් වේලක් ලුණු කැඳටම වේලුනි

ඉන් මගේ පණ ටික යාන්තම් බේරුනි

ඔන්න ඉතින් මේ වුන දේ අහමිනි

කන්ට එපා කුණු වැල හෙම මහතුනි"

දයානන්ද ගුණවර්ධනයන්ගේ “ආනන්ද ජවනිකා” නාට්‍යයෙන්

රචනය: ශිමත් ඩි. බී. ජයතිලක

ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com54tag:blogger.com,1999:blog-3085096022479901122.post-12047857631885020262023-10-14T22:00:00.001+05:302023-10-14T22:53:54.668+05:30තුන් සොල්දාදුවෝ 1973 - ශනිදා දහයට!

අලිසන්දිරී දූමා නමැත්තාණෝ මහා පබඳුවාණ කෙනෙකි...

කළු දළ මල හෙවත් The Black Tulip පොතේ සිංහල පරිවර්තනයේ හැඳින්වීම පටන් ගන්නේ උඩ තියෙන වාක්‍යයෙන්.

ඇලෙක්සාන්ද්‍ර දියුමා ගේ ඉතා ම ප්‍රසිද්ධ නවකතාවක් වන තුන් සොල්දාදුවෝ කතාවෙන් හදපු චිත්‍රපටි ගණනාවක් තියෙනවා. එයින් මම කැමති ම චිත්‍රපටිය ආවෙ 1973 දි. A Hard Day's Night, The Beatles Help!, Supperman II ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රිචර්ඩ් ලෙස්ටර් ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි සිනමා තිර පිටපත ජෝජ් මැක්ඩොනල්ඩ් ලීවේ.

කූඹියෝ ටෙලි නාට්‍යයෙ කුඩා චරිතවලට ප්‍රසිද්ධ නළුවො අරගෙන තිබුණා වගේ, මේකෙත් ඉන්නව සහය චරිතවලට ක්‍රිස්ටෝෆර් ලී, චාල්ටන් හෙස්ටන්, රිචඩ් චේම්බර්ලේන්, ඔලිවර් රීඩ්, රාකේල් වෙල්ච්, ජෙරල්ඩීන් චැප්ලින් (ඔව්, අරයගෙ දුව...) ආදී උදවිය.

මේකෙ මම දකින හොඳ ම දේ තමයි, කතාවට යටින් දිවෙන සරළ හාසයය. හාස්‍යය මතු කරන්නෙ එදිනෙදා යථාර්ථවාදී අවස්ථාවලින්. මේ ඊට හොඳ උදාහරණයක්...

බේබද්දෙකුත් ඇතුළත් වුණු මස්කිටීයර් තුන් දෙනා, ලේසියෙන් කෑම ටිකක් එකතු කරගන්න රෙස්ටොරන්ට් එකේ දාගන්න වලිය ඒ වගේ තවත් තැනක්...

ඉතින්... සුප්‍රකට කතාවක් නිසා තිර පිටපතේ සාරංශයක් මෙතන ලිවීම වැඩක් නෑ. ඒ වගේ ම, කාඩිනල් රිෂලියු හැටියට චාල්ටන් හෙස්ටනුත්, රොෂ්ෆෝ හැටියට ක්‍රිස්ටෝෆර් ලීත් කැපී පෙනෙන "සුළු" රඟපෑමක් කරන බව පැවසීම ප්‍රමාණවත්.

මේ චිත්‍රපටිය 1975 වර්ෂයේ බ්‍රිතාන්‍ය ඊවිනින් ස්ටෑන්ඩර්ඩ් සිනමා සම්මානවලින් හොඳ ම විකට චිත්‍රපටිය හැටියටත්, ගෝල්ඩන් ග්ලෝබ් සිනමා උළෙලේ හොඳම විකට හෝ සංගීතමය නිළිය සම්මානයත් දිනාගත්තා. ඒ වගේ ම මෙහි තිර පිටපත, මහා බ්‍රිතාන්‍යයේ රයිටර්ස් ගිල්ඩ් සම්මානවලින් 1975 බ්‍රිතාන්‍යයේ හොඳ ම විකට තිරපිටපත හැටියටත් තේරුණා.

චිත්‍රපටිය බාගත කරගන්න ටොර්න්ට් සබැඳිය මෙතනින්...
ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com54tag:blogger.com,1999:blog-3085096022479901122.post-19881287929496036082023-10-10T20:48:00.000+05:302023-10-10T20:48:33.050+05:30කුදා රජ වීම

සිදු වූයේ මෙසේයි. අහගන්න.

1. එකමත් එක රටක - සිටියේ ය කුදු මිනිහෙක්.
ඔහුට ම ගැලපෙනා - බිරිඳ ද කුදු ගැහැණියකි.

2. මේ කුදු ජෝඩුවට - උපන් දරුවෝ ද කුදු වූ.
කුදු පවුල එක් වී - වැවූ පලතුරු උයනකි.

3. පලතුරු උයනෙ වූ - පලතුරු ගස් ද කුදු වූ.
ගස්වල පලගත්ත - ඒ පලතුරු ද කුදු වූ.

4. කුදු පලතුරු නෙලා, - අසුරා ලොකු කූඩයක
කුදු මිනිහා රටේ - රජ්ජුරුවන්ට යැව්වේ.

5. රජ්ජුරුවො තුටුව, - කෑ හ පලතුරු සේරම.
දවස් දෙක තුනකින් - රජ්ජුරුවෝ ද කුදු වූ.

6. තව ද දවසක කුදා - පලතුරු කඩා රැස්කොට,
කූඩයක අසුරා - බිසවට යැවී අදරින්.

7. පලතුරු ලත් බිසව - වැළඳුවා බොහො සතුටින්.
රජ්ජුරුවන් මෙන් ම - බිසව ද අනේ කුදු වූ.

8. නැවත දවසක කුදු - මිනිසා නෙළා පලතුරු
කූඩයක අසුරා, - ඇමතියන් හට යැව්වේ.

9. ඇමතියෝ එක් වී, - පලතුරු කෑ හ සතුටින්.
ඊට දිනකට පසු - ඒ ඇමතියො ද කුදු වූ

10. රජ, බිසව, ඇමතින් - කුදු වූ බව ඇසූ කල,
රට වැසියන් එක්ව, - කුදු මිනිසාව අල්ලා,

11. මරණ බව කී කල - කුදු මිනිසා ඔවුන් හට
කීයේ මේ ලෙසින් - කිසි බිය සැකක් නොමැ'තිව.

12. 'තොපි මා ගේ බලය - නොම දැන කරවු කලබල.
දැන්වත් දැනගනිවු - මා ගේ බලය හොඳ හැටි.

13. 'හෙට එළිවෙන්ට පෙර - තොප ගේ රජකමට මා
පත් කර නොගත්තොත් - තොපවත් කුදු කරන්නෙමි.'

14. කුදු මිනිහා මෙසේ - කී කල්හි රට වැසියෝ
කුදු වීමට බියෙන් - ඔහුට ම දුන්නු රජකම.

- කේ. ජී. පෙරේරා

හැත්තෑව - අසූව දශකයේ පාසල් කියවීම් පොතකින්...
ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com40tag:blogger.com,1999:blog-3085096022479901122.post-20205369842144549942023-10-07T22:01:00.003+05:302023-10-08T14:58:42.344+05:30විශ්වීය සංගීතය (ශනිදා දහයට!)
"සංගීත ශිල්පියෙක් වෙන්න බැරි නම්, හොඳ රස විඳින්නෙක් වෙන්න"

අපේ තාත්තා ගලහිටියාව සෙන්ට්‍රල් එකේ ඉගෙන ගන්නා කාලයේ, දවසක් ඒකෙ සංගීත ගුරුතුමා තාත්තට කිව්වලු, ඉස්කෝලෙන් පස්සෙ පැය දෙකක් සංගීතය උගන්නන්නම් කියලා.

ඉතින් තාත්තත්, ඉස්කෝලෙන් පස්සෙ නතර වෙලා.

පළවෙනි දවසෙ, මාස්ටර් තාත්තට කියල දුන්නලු, තබ්ලාව ළඟ වාඩි වෙලා, දකුණු අතේ දබරැඟිල්ලෙන් දකුණු පැත්තෙ වාද්‍ය භාණ්ඩය (මං හිතන්නෙ චල් එක) ට තට්ටු කරන්න. ඉතින් තාත්තත්, එදා පැය දෙක ම දබරැඟිල්ලෙන් තට්ටු කර කර හිටියලු.

ඒ අතරෙ මාස්ටර් ඇඳුම් මාරු කරලා, නාලා, කාලා, පත්තරෙත් බලලා... පැය දෙක ගත වුණාට පස්සෙ ඇවිත් තාත්තට යන්න දුන්නලු.

දෙවෙනි දවසෙ තාත්තාට කියා දුන්නලු දබරැඟිල්ලයි මැදැඟිල්ලයි දෙකෙන් තබ්ලාවට තට්ටු කරන්න.

තාත්තා ඒ කාලෙ, කටුවාලමුල්ලෙ ඉඳන් කිලෝ මීටර් හතරක් විතර පයින් යන්නෙ ඉස්කෝලෙට. ආප්ප දෙකක් කාලා, සෙරෙප්පු දෙක ගෙවෙනවට අතට අරං...

දවල්ට කන්න වෙන්නෙ ගෙදර ආවට පස්සෙ. ඉතිං හවස හතර විතර වෙනකං බඩගින්නෙ ඉන්න බැරි නිසා තාත්තගෙ සංගීත පංතිය ටික කාලෙකින් ම නතර වුණා ලු.

අර උඩින් මම සඳහන් කරපු කියමන, ඔන්න ඔය සංගීත මාස්ටර් අපේ තාත්තට කියපු එකක්.

පංති නොගියට, තාත්තා ඉතා ම දක්ෂ විදියට ඩෝලැක් ගහන්න පුළුවන්, ඒ වගේ ම ඔලුව අතගානවා වගේ දැනෙන කටහඬකින් සිංදු කියන්න පුළුවන් සංගීත කාරයෙක්.

මගෙ හෝම් කමින් එකේ සෙල්ලම් කළෙත් තාත්තගෙ බෑන්ඩ් එක. (ඒ වෙනකොට තාත්තා මිය ගිහින්. තාත්තට කරන සැළකීමක් විදිහට එයාගෙ යාළුවො ටික නොමිලේ සංගීතය සැපයුවා හෝම් කමින් එකට)

අසූව දශකයේ අපේ ගමේ තිබ්බ වෙඩිමක සංගීතය සපයන තාත්තගෙ බෑන්ඩ් එක
සුදු ෂර්ට් එකක් ඇඳගෙන නැගිටලා සිංදු කියමින් ඉන්නෙ අපේ තාත්තා.

තාත්තගෙ ආභාෂයෙන් මටත් විවිධ භාෂාවල සංගීතය රස විඳින්න පොඩි කාලෙ ඉඳන් ම පුළුවන් වුණා.

මෙලෝ මළදානයක් පදමාලාවෙ නොතේරුණත් තනුව සහ සංගීතය නිසා මම හොඳින් ම රසවින්ද ටිකක් මෙතැන් සිට...

පළමුවෙන් ම එනිග්මා වෙතින් දුක...

මී ළඟට ජේම්ස් ලාස්ට් ගේ හුදෙකළා වූ එඬේරා...

මේ මියුසික් එක ඉස්සර කාලේ ගෝයා ඇඩ් එකෙන් ඇහුණු නාකි උදවිය මේ කොණට...

මේ ඒක ම නෑනා මුස්කුරි වෙතින්...

මේ ඒක ම ලියෝ රෝහාස් වෙතින්...

ලියෝ රෝහාස් කියන්නෙ පැය ගාණක් එක දිගට අහං ඉන්න පුළුවන් සංගීත සයුරක්... මේ එයා lion king ෆිල්ම් එකේ circle of life කරන හැටි.

යොන්නා යින්ටොන් ගෙන් නෝර්ඩික් දරු නැළවිල්ලක්...

මේ තවත් එකක්. වෘකයාගේ ගීතය...

මෙයා තමයි අර... මගෙ කලින් කතාවෙ ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් අවුරුදු හාරසීයක් විතර අතීතයට ගිහින් ඇහැරෙනකොට ක්‍යුනිං ගායනා කරමින් හිටපු එඬේර කෙල්ල ගැන ලියන්න මට අනුභූතිය සැපයුවේ...

සෙල්ටික් කාන්තාවෝ මී ළඟට...

ෆාඅන් හෙවත් යක්සයෝ මේ...

අදට අවසාන වශයෙන් මේ ක්ලැනැඩ්...

උඩ මියුසික් ඇහෙනකොට, මේක මතක් වෙන්න ම ඕනෙ...

තට්ටයියගේ සිහිල් සුළං රැල්ලට සමාන්තර ලිවීමක් වශයෙනි...
ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com55tag:blogger.com,1999:blog-3085096022479901122.post-6686773876630397922023-10-05T14:11:00.000+05:302023-10-05T14:11:24.158+05:30අලියා ගිණි ගැනීම - (ගජ බින්න? ඒ මොනවද?)

අපෙ බාප්පා කන්තලේ වැඩ කරන කාලේ...

මේ වෙන කොට මගේ ආදරබර පාඨක (නයි පාඨක ද ඇතුළත් ව) කැලට අමතකත් වෙලා ඇති අපේ අන්දිරිස් කිත්තා, සුවාතා, විලියොං ආතා සහ බාප්පගේ හපංකම්. ඒ ගැන පටුනක් පල්ලෙහයින් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ මේ කතාවත් කියවලා ඉම්මු.

ඔන්න ඉතිං අපේ බාප්පා කන්තලේ ගස් කපන වාඩියේ වැඩ කරන කාලේ, එක වංගියක් සරුවට වැවුණු අක්කර දෙතුන් සීයක බටකොල ගාලක් කපන්න සෙට් වුණා.

ඔහොම වැඩ කරගෙන ඉන්න අතරෙ, බාප්පා බට කොල පඳුරකට ගහපු පොරෝ පාරක් වැදුණා, අලියෙකුගෙ පුංචි කකුලට. බටකොල ගාලෙ සනීපට සිනීඳුවට බටකොල කකා හිටපු අලිය අංදුංකුංදුං වෙලා මේ මෙකද වුණේ කියල බලද්දි දැක්කෙ බාප්පව. "අද දෙන්නං තොගෙ පුංචි කකුල කල්ක චූර්ණ වෙලා යන්ඩ" කියලා හිතාගෙන අලියා බාප්පගෙ පස්සෙං එලෝගෙන ආවා.

බාප්පත් හෙණ දීර වීර එඩිතර මිනිහා. උන්දැ කළේ මොකද, අලියට ආ වේගෙන් ම දුවන්න සැලැස්සුවා. ඒ කොහොම ද, උන්දැ ඉස්සර වෙලා දිව්වා. අලියා උන්දැගෙ පස්සෙන් දිව්වා.

අලියා දැන් හොඬවැලත් උස්සගෙන වලිගෙත් උස්සගෙන දුවගෙන එනව පස්සෙන්. බාප්පා මෙහෙම මෙහෙම දුවනව...

ඔහොම යද්දි බාප්ප වැටෙන්ඩ ම ගියා. අත්දෙක බිම තියලා වාරුවක් ගත්තා. එහෙම වාරු ගන්නකොට, බිම තිබුණු ගල් කෑලි දෙකක් අතට අහුවුණා.

බාප්පා දුවන ගමං ම හැරිලා අලියට ගැහුවා ගලකිං.

හොඬවැල උස්සගෙන හති දාගෙන දුවගෙන එන අලියගෙ කටට තමයි අර ගල වැටුණෙ. අලියා ගුඩුස් ගාල ඒක ගිල්ලා.

බාප්ප ආපහු අනික් ගලෙනුත් ගැහුවා.

ඒකත් වැටුණෙ අලියගෙ කටට. අලියා ඒකත් ගුඩුස් ගාල ගිල්ල විතරයි, අලියගෙ බුරියෙන් ගිණි දල්ලක් මතු වුණා. අලියා දුවන වේගෙට හුළං වැදිලා අර ගිණි දල්ල ටිකෙන් ටික ලොකු වෙලා මහ ගිණි ජාලාවක් වුණා.

ආන්න එතකොටයි අලියා නතර වුණේ.

ඉතිං එදා ගස් කපන වාඩියෙ රෑ කෑමට රෝස්ට් කරපු අලි මස් තිබුණා.

කොහොම ද ගිණි ගත්තෙ ඇහුවා? රවි අයියගෙ මාමණ්ඩි කියනව වගේ ආාාන්න ඒක තමයි මේකෙ තියෙන අවයවය.

අලිය කාල හිටියෙ බඩ පිරෙන්ඩ බටකොළ. ගල් දෙක බඩට වැටුණ ගමං, ඒ ගල් දෙක එකට වැදිලා, ගිණි පුපුරක් හට ගත්තා. ඒ ගිණි පුපුරෙන් බඩේ තිබුණු බට කොළ ටික, බට කැලේ ගිණි ගත්තා වගේ ගිණි ගත්තා.

මෙතෙක් ලියපු ඇත්ත කතාවලට පටුණ...

1. බාප්පගෙ මිරිස් වගාව

2. ඉඩෝරෙට වෙළේ ළිඳක්

3. අලිමාලය

4. සුවාරිස් මුත්තගෙ දඩයම්

5. ඉර හඳ පල්ලා බොරු නෙමේ

6. අන්දිරිස් කිත්තගෙ මුහුදු වික්‍රම

7. වට්ටක්කා සහ පතෝල

8. ලබ්බෙ කානිවල් එක

9. කන්තලේ මහ වන මැද

10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා

11 බාප්පයි පුතයි

12. විලියොං ආතගෙ කාලෙ ගජබින්නයක්

13. ඩොක්ටර් වන් ෂොට් සහ ඉලෙක්ට්‍රොනික්ස්

14. බාප්පගෙ හේනෙ විත්ති

15. අනද කිත්තගෙ බිලී බෑම

16. ලබ්බෙ මගුල

17. කෙටි කලබල ගජබින්න.

18. අනද කිත්තා කටුවාලමුල්ලට ආ හැටි

19. අන්දිරිස් අප්පු සහ ගොරක යකා

20. විකුම්ගෙ වික්‍රම

21. නුවරඑළියෙ වග

22. අරුම ගමන

23. කළුවර

24. කකුල් තුනේ බීරි මුවා

විශේෂ ස්තූතිය - රොමයියගෙ කයිය පොත මට දුන්න ප්‍රා ජේ ට...
ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com66tag:blogger.com,1999:blog-3085096022479901122.post-23186657505809421432023-10-01T21:01:00.001+05:302023-10-01T21:03:36.864+05:30පැන්ඩීසියානු පුරාවෘත්ත - හතරවැනි මහා පැන්ඩිස්
තුන්වැනි මහා පැන්ඩිස් රජතුමා පැන්ඩීසියාවේ රජකම් කරන කාලය...

පැන්ඩීසියාව ලස්සන ගහ කොල, කඳු, දිය ඇලි, ගංගාවලින් පිරුණු රටක්. මල් පැණි එකතු කරන කඩිසර මී මැස්සො, බඹරු නිතර ම තමන්ගෙ වදවල පැණි පුරවන්න මහන්සි ගත්තා. ඒ, මේ රටේ පාලකයන් වෙච්ච පැන්ඩීසියානුවන්ට රසවත් ම ආහාරය වුණේ පැණි නිසා.

තුන්වැනි මහා පැන්ඩිස් රජතුමා බොහො ම කරුණාවන්ත රජ කෙනෙක්. එතුමා අනෙක් පැන්ඩීසියානුවන්ට වගේ ම, ගහ කොළ, මල්, අනෙක් සත්තු හැම දෙනාට ම බොහො ම යහපත් විදිහට සළකමින් ආරක්ෂා කරගත්තා.

මහා පැන්ඩිස් රජතුමාගේ රැජිණ අසනීප වුණේ ඔය අතරෙ. රාජකීය වෛද්‍ය කොන්ඩිස් තමන් දැනගෙන හිටපු සෑම වෙදකමක් ම කරලත්, රැජිණ සනීප කරන්න බැරි වුණා.

ඔය අතරෙ දවසක් දා රජතුමාගෙ පුස්තකාලය භාර ඇපෙන්ඩික්ස් හති දාගෙන දුවගෙන දුවගෙන රජ මාළිගාවට ආවා "රජතුමා!... රජතුමා !!" කියලා කෑ ගහගෙන. එයාගෙ අතේ තිබුණෙ රෝල් කරපු පාච්මන්ට් එකක්.

"මම හිතන්නෙ මේක හොඳ විසඳුමක් වෙයි අපේ රැජිණ සනීප කරන්න..." ඇපෙන්ඩික්ස් පාච්මන්ට් කඩදාසිය දිග අරින ගමන් රජතුමාට කිව්වා.

මායා ස්ට්‍රෝබෙරි පඳුරක් ගැන තමයි ඒ පාච්මන්ට් එකේ ලියලා තිබුණෙ. ඒ ස්ට්‍රෝබෙරි පඳුර හැදුණෙ බඹරකැලේ කියන ඝන වනාන්තරේ මැද. එතැනට යන පාර ගැන යන්තම් සඳහන් කරලා තිබුණා අර පාච්මන්ට් කඩදාසියෙ.

ඉතින් මහා පැන්ඩිස් රජතුමා තමන්ගෙ දක්ෂම සෙන්පතියා වුණු වන්ඩිස් ට කිව්වා මායා ස්ට්‍රෝබෙරි පඳුරෙන් ස්ට්‍රෝබෙරි එක ගෙඩියක් හරි අරගෙන එන්න යන්න ලෑස්ති වෙන්න කියලා. වන්ඩිස් කියන්නෙ බොහො ම උස මහත, වළහෙක් වගේ රළු පෙනුමක් තියෙන, සටන් ශිල්ප ඔක්කොමට ම දක්ෂ කෙනෙක්. ඒ වගේ ම එයා හරිම යහපත් කෙනෙක්.

ඉතින් පහුවදා උදේ පාන්දර ම වන්ඩිස් එයාගෙ කඩුවත්, දුන්නත්, පළිහත් අරගෙන රජතුමා එක්ක පිටත් වුණා බඹරකැලේ යන්න. වෙන රජ කෙනෙක් නම් සෙන්පතියා පිටත් කරලා තමන් මාළිගාවේ නතර වෙනවා. නමුත් තමන්ගෙ රැජිණට තිබුණු ආදරේ නිසා රජතුමාත් මේ ගමන යන්න තීරණය කළා.

සෑහෙන දුරක් ගිහින් ගිහින් රජතුමයි සෙන්පතිතුමයි බඹරකැලේ ළඟට ආවා. පාච්මන්ට් කඩදාසිය ආපහු දිග ඇරලා බලපු රජතුමා, ස්ට්‍රෝබෙරි පඳුර තිබුණෙ බඹරකැලේ මැද දිය ඇල්ලක් පාමුළ තිබුණු ගල් ගුහාවක් ළඟ කියලා දැන ගත්තා.

පාච්මන්ට් එකේ තිබුණු මග සළකුණු බල බලා ඉස්සරහට ම ගිය මහා පැන්ඩිස් රජුයි වන්ඩිස් සෙන්පතියයි අන්තිමේ දි දිය ඇල්ල ළඟ ගල් ගුහාව පේන තරමට ළඟට ආවා. ඒත් එතන දැවැන්ත මකරෙක් නිදාගෙන උන්නා.

"මකරා අවදි වෙන්න කලින් අපි ගිහින් ස්ට්‍රෝබෙරි කඩා ගම්මු" වන්ඩිස්, රජතුමාගෙ කණට කරලා කිව්වා. ඒත් රහසින් කියපු ඒ කතාව මකරට ඇහුණා. මකරා නැගිටලා සෙන්පතියාට පහර දෙන්න ඉස්සරහට පැන්නා.

වන්ඩිස් බය වුණේ නැහැ. එයා ඔහුගේ දැවැන්ත කඩුව දෑතින් ම අරගෙන මකරාට පහරක් දුන්නා. මකරාට කේන්ති ගිහින් ලොකු හුස්මක් ගත්තා, ගින්දර පිඹින්න හිතාගෙන.

මහා පැන්ඩිස් රජතුමා ඉස්සරහට පැන්නා. රජවරු ඒ විදිහයි. එහෙම නැතුව වෙන කෙනෙක් ඉස්සරහට දාලා තමන් බේරෙන්න හිතන්නෙ නෑ.

මකරා ගින්දර පිඹින්න කට ඇරපුවාම තමයි රජතුමා දැක්කෙ, මකරගෙ ඉස්සරහ දත් දෙකක් අස්සෙ ලොකු කෝටු කෑල්ලක් හිර වෙලා තියෙන හැටි. එයා වන්ඩිස් ගෙ දුන්න අරගෙන ඊතලයක් විද්දා කෙලින් ම මකරාගෙ ඉස්සරහ දත් දෙක අතරට.

ඊතලය වැදිලා දත් දෙක අස්සෙ හිර වෙලා තිබුණු කෝටු කෑල්ල ගැළවිලා විසි වුණා.

එක පාරට ම දැනෙන්න පටන් ගත්ත සනීප දායක හැඟීම එක්ක මකරාගෙ තිබුණු කේන්තිය නැති වුණා. මකරා තමන්ගෙ ඔලුව බිමට පාත් කරලා, පැන්ඩිස් රජතුමාටයි සෙන්පතියාටයි ආචාර කළා.

තමන්ට උදව් කරපු නිසා ඒකට කළ ගුණ සැළකීමක් විදිහට තමන්ගෙ ගුහාවෙ තිබුණු ස්ට්‍රෝබෙරි ගොඩක් කඩලා, මකරා රජතුමාට තෑගි කළා.

රජතුමායි සෙන්පතියයි ආපහු නුවරට ආවේ ලොකු සතුටකින්.

ඒ දෙන්නා මීට පෙර ගියපු වීර චාරිකාවල දි කවුරු හරි සතෙක්ව මරන්න සිද්ධ වුණා ම මේ වගේ සතුටකින් ආපහු එන්න ලැබෙන්නෙ නෑ. මකරව මරන්නෙත් නැතුව ගිය වැඩේ කරගෙන එන්නත් ලැබුණු නිසා තමයි ඒ තරම් සතුටක් දැනුණෙ.

ඒ ගෙනාපු මායා ස්ට්‍රෝබෙරිවලින් එක එක විදිහෙ කෑම ජාති හදලා පැන්ඩිස් රජතුමා තමන්ගෙ රැජිණට දුන්නා. ස්ට්‍රෝබෙරි යුෂ, අයිස් ක්‍රීම්, ජෑම්... එක එක විදිහෙ කෑම.

ඒවා කාලා බීලා රැජිණ ඉක්මණට ම සනීප වුණා. ඊට පස්සෙ ටික කාලයකින් පැන්ඩිස් රජතුමාටයි රැජිණටයි පුත් කුමාරයෙක් ඉපදුණා.

එයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රතු පාටයි, බඩ පැත්තයි, මූණයි, අතුල් පතුල් හතරයි විතරක් රෝස පාටයි.

ඒ කුමාරයාට හැමෝම කිව්වෙ, හතරවන පැන්ඩිස් කියලා.

ඒත් එයාට පැන්ඩීසියාවෙ රජවෙන්න බැරි වුණා. ඒ වෙනුවට එයා මිනිස් ලෝකෙට ඇවිත්...

ඒක වෙන ම කතාවක්. ඒ ගැන අපි වෙන දවසක කියවමු.

හතරවැනි මහා පැන්ඩිස් සහ හුටංබරස්

බ්ලොග් ලෝකයට ආපහු එන්න සෑහෙන දවසක් ගියා. මේ පහුවුණු කාලය තුළ මගෙ ජීවිතය සහ ජීවන රටාව සෑහෙන ව්‍යාකූල තත්ත්වයක පැවතුණේ. "ඇයි?" කියලා මට කතා කරලා අහපු සහෝදර බ්ලොග් වැසියන්ට යම් තාක් දුරකට ඒ ගැන කියන්න ලැබුණා.

ඇත්තට ම කාර්යබහුල වුණා. ඒ වගේ ම රෑ අවදියෙන් ඉඳීම - ශරීර සෞඛ්‍යය වෙනුවෙන් කැප කරන්න වුණා. ඒ එක්ක මම මීට කලින් ගොඩ වැදුණු බ්ලොග්වලට ඇවිදින් කියවීමත් දිරිමත් කිරීමත් කරන්න වෙලාව නැති වුණා.

නමුත් මින් පස්සෙ ආපහු ඒ දේවලට වෙලාව හදාගන්නයි බලාපොරොත්තුව.

ඉතින්, එහෙනම්, මට වෙල්කම් බැක්!
ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com43tag:blogger.com,1999:blog-3085096022479901122.post-75784185468810997062023-06-18T18:20:00.000+05:302023-06-18T18:20:27.813+05:30වනගත ශාන්ත පාවුලු තුමා

නුවරඑලිය සිට කඳපොල දෙසට යන B332 පාරේ, පීඩෘ තේ ෆැක්ටරිය පෙනෙන මානයේ පාර අයිනේ පල්ලියක් තියෙනවා. මේ පල්ලියට යන එන බැතිමතුන් බහුතරය කතෝලිකයන් නොවෙයි.

තමන්ගේ හිතේ තිබෙන පීඩාවන්ගෙන් සහනයක් ලබන්නට, මෙතනට ඇවිත් පල්ලියේ ඇති කුරුස මත හුණු ආලේප කරලා ප්‍රාර්ථනා කරන්නට හින්දු, බෞද්ධ ආදී විවිධ ආගමිකයන් එනවා. මෙතනට බාරයක් වුණොත් එය අනිවාර්යයෙන් ම ඉෂ්ට වන බව ඉතා ම බහුතරය විශ්වාස කරනවා. ඒ වගේ ම එහි ඇත්තක් තිබෙන බව මටත් විවිධ පුවත් මඟින් අහන්නට ලැබිලා තියෙනවා.

මේ මෑතක මමත් මේ පල්ලියට ගොඩ වුණේ, මගෙ හිතේ තියෙන සිහිනයක් ගැන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න හිතාගෙන. (මං පොර ශෛලියෙන් සඳහන් කරපු ඒ පාඨයෙ තේරුම තමයි, මාත් බාරයක් වෙන්න ගියා කියන එක) එතකොට තමයි මම දුටුවේ, වනගත ශාන්ත පාවුලු තුමාගෙ නම. එයිට කලින් මම එහෙම ශාන්තුවරයෙක් ගැන කිසි ම දෙයක් දන්නෙ නෑ.

ඉතින් මම එතුමා ගැන හොයලා බැලුවා. එතන දි දැනගන්න ලැබුණු දේ තමයි පහලින් තියෙන්නෙ.

රෝමක අධිරාජ්‍යයට අයත් වූ ඊජිප්තුවේ තීබ්ස් නගරයට ආසන්න ප්‍රදේශයක ව්‍යවහාර වර්ෂ 227 ආසන්න කාලයක දී උපත ලැබූ මෙතුමා, තීබ්ස් හි ශාන්ත පාවුලු තුමන් ලෙස ද හැඳින්වෙනවා. එතුමාට හිටියේ එක් සොහොයුරියක් පමණයි. ඔවුන් දෙදෙනාගේ මවුපියන් මිය යාමෙන් පසුව, දේපළ තනිවම උරුම කර ගන්නට සිතූ ඒ සොහොයුරියගේ සැමියා, පාවුලුතුමන් ක්‍රිස්තියානි ලබ්ධිකයෙකු යැයි චෝදනා කළා. ඒ, එතුමාට අවුරුදු 16 දී. රෝමක අධිරාජ්‍යයන් වන ඩේසියස් සහ ඔහුගේ අනුප්‍රාප්තික වැලේරියේනස් ගේ පාලනය යටතේ විනිශ්චයට ලක් වුණා. මේ විනිශ්චය අතරෙ, ව්‍යවහාර වර්ෂ 250 ආසන්න කාලයක දි පාවුලු තුමා තීබ්ස් ආශ්රිත කාන්තාරයට පලා ගියා.

එතැන සිට එතුමා ජීවත් වුණේ කාන්තාරයේ පිහිටි පැහැදිලි උල්පතක් අසළ ගුහාවක. ඒ ගුහාව ළඟ තිබුණා එක තාල වර්ගයේ ගසක්. ඒ ගසේ කොළවලින් එතුමා තමන්ගේ ඇඳුම් සකස් කර ගත් අතර, අවුරුදු 43ක් වයස් වන තුරු එතුමා ගේ ආහාර වුණේ ඒ ගසේ ගෙඩි. එතැන් සිට දිනපතා රේවන් කපුටෙක් එතුමා ට පාන් බාගයක් ගෙනත් දුන් බව සඳහන් වෙනවා. මෙතුමා යාඤා කරමින් සහ සාමදානයෙන් මෙම ගුහාවේ වාසය කළා.

ඒ අතර, ව්‍යවහාර වර්ෂ 342 ආසන්න කාලයක දී ඊජිප්තුවේ ශාන්ත අන්තෝනි තුමන්ට සිහිනයකින් ශාන්ත පාවුලු තුමන් ගැන දැනගන්නට ලැබුණා. එතුමා ඒ අනුව කාන්තාරයට ගිහින් වනගත තාපස තුමන් මුණ ගැහුණා. ඒ වෙද්දි ශාන්ත පාවුලු තුමන්ට වයස අවුරුදු 113 ක් වූ බව ශාන්ත ජෙරෝම් තුමා ලියූ විටා පවූලි නම්, පාවුලු තුමන්ගේ චරිතාපදානයේ සඳහන්.

ශාන්තුවරයන් දෙදෙනා එක් දිනක් සහ එක් රැයක් පුරා සාකච්ඡා කළ බව සඳහන් වෙනවා. දෙ දෙනා එකිනෙකා ට ගෞරව කිරීමක් වශයෙන් පාන් ගෙඩියට ආශීර්වාද කොට එය කැඩීමට එකිනෙකාට ආරාධනා කළ බවත්, දෙ දෙනා ම එය තම අත්වලින් අල්ලා කැඩීමේ දී හරි මැදින් කැඩී ගිය බවත් කියැවෙනවා.

දෙ වන වර ශාන්ත අන්තෝනි තුමා ශාන්ත පාවුලු තුමන් හමු වීමට ගිය විට එතුමා මිය ගොස්. අන්තෝනි තුමා තමන්ට ඇලෙක්සැන්ඩ්‍රියාහි පාප් තුමා වූ පළමුවෙනි ඇතනේසියස් තුමා තෑගි කළ ටියුනික් රෙද්දකින් පාවුලු තුමන්ගේ දේහය ඔතා භූමදාන කළා. එහි දී සිංහයන් දෙදෙනෙක් එතුමාට වළ සෑරීමට උපකාර කළ බව සඳහන්.

තාල ගසේ කොළවලින් වියන ලද, ශාන්ත පාවුලු තුමන්ගේ ලෝගුව ශාන්ත අන්තෝනි තුමා රැගෙන ආවා. එතුමා ඊට කොයිතරම් ගරු කළා ද කියතොත්, එය ඇන්දේ අවුරුද්දකට දෙවතාවක් පමණයි. ඒ පාස්කු දින සහ පෙන්තකෝස්ත දින යන දින දෙකයි.

වනගත ශාන්ත පාවුලු තුමන්ගේ මංගල්ල දිනය ජනවාරි 15 සැමරෙනවා. එතුමා ගේ ප්‍රධාන දේවස්ථානය ඊජිප්තුවේ නැගෙනහිර කාන්තාරයේ රතු මුහුද කඳුවැටිය අසළ ඉදිකර තිබෙනවා. බැතිමතුන්ගේ අදහස, එය පිහිටා තිබෙන්නේ ශාන්ත පාවුලු තුමන් වාසය කළ ගුහාව මැදි කර බවයි.

13 වන සියවසේ දී හන්ගේරියාවේ දී පළමුවන වනගත ශාන්ත පාවුලු තුමන්ගේ නිකාය ඇරඹුනේ එතුමාට ගරු කිරීමක් වශයෙන්. සාමාන්‍යයෙන් ආරණ්‍යවාසී ශාන්ත පාවුලු තුමන් නිරූපණය කරන්නේ තාල ගසක්, සිංහයන් දෙදෙනෙක් සහ රේවන් කපුටෙක් සමඟයි.

මූලාශ්‍ර:

https://en.wikipedia.org/wiki/Paul_of_Thebes

https://www.catholic.org/saints/saint.php?saint_id=5280

https://www.britannica.com/biography/Saint-Paul-of-Thebes
ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com42tag:blogger.com,1999:blog-3085096022479901122.post-28276463958221276222023-05-30T11:31:00.001+05:302023-08-16T19:29:18.543+05:30ඈ කවුද?
ශ්‍රී සඟරාවක පල වුනු ගංගා චිත්‍ර කතාව මීට කලින් මෙතන පල කරද්දි මම කියපු අනික් චිත්‍ර කතාව මේ.

ඔන්න එහෙනං ඒකත් එන්ජෝයි...

ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com32tag:blogger.com,1999:blog-3085096022479901122.post-77979850184020655072023-05-16T22:19:00.002+05:302023-05-16T22:19:08.890+05:30ගංගා
ශ්‍රී සඟරාවක පළ වුණු චිත්‍ර කතා දෙකක් මා ලඟ තියෙනවා. මීට බොහො ම කාලයක ඉඳන් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතාගෙන උන්නත්, ස්කෑනර් එකේ ගැටළුව නිසත්, වෙන වෙන අතපසු වීම් නිසත්, වැඩේ කල් ගියා.

නමිනං උන්නැහැගෙ මේ පෝස්ට් එක දැකපු ගමන ඒ අදහස ආපහු ඉස්මතු වුණා. තවත් කාලෙකට කල් යන්න කලින්, මේ කතාව දානවම යි කියලා හිතා ගත්තා.

මේක ස්කෑන් කළේ මොබයිල් එකේ කැම්ස්කෑනර් ඇප් එකෙන්. ඒකත් වැඩේට සෑහෙනව කියල පේනවා.

ඔන්න එහෙනම්, එන්ජෝයි...

ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com43tag:blogger.com,1999:blog-3085096022479901122.post-20354998413861057332023-04-30T18:17:00.000+05:302023-04-30T18:17:47.792+05:30උතුරුකරයන් සමඟ පළමු හමුවීම

උතුරුකරයේ වැසියන් ඔවුන්ගේ වෙළෙඳ බඩු ද සමඟ පැමිණ වොල්ගා ගඟ අසබඩ වාඩි ලා ගන්නා ආකාරය මම මගේ ඇස් දෙකෙන් ම දුටුවෙමි. එතරම් යෝධ මිනිසුන් මම ඊට පෙර දැක නැත්තෙමි. ඔවුහු තල් ගස් සා උස් වූ අතර, රත් පැහැයට හුරු සමකින් යුක්ත වූහ. ඔවුහු යට ඇඳුම් හෝ කෆ්තාන් ඇන්දේ නැති අතර, ඔවුන’තර වූ පිරිමි රළු රෙද්දක් උරහිස හරහා ඒකාංශ කොට දමා ගෙන සිටියේ එක් අතක් නිදහස් වන පරිදි ය.

සෑම උතුරු වැසියෙක් ම පොරොවක්, කිණිස්සක් සහ කඩුවක් රැගෙන ගිය හ. මේ ආයුධ නොමැතිව ඔවුහු කිසිම විටෙක දකින්නට හැකි නො වූහ. ෆ්රෑන්ක් හුරුවට තනන ලද ඔවුන්ගේ කඩුපත් පුළුල් වූ අතර, එහි රැළි සහිත රේඛා වැටී තිබුණි. ඔවුන්ගේ සෑම මිනිසෙක් ම ඇඟිලි තුඩුවල සිට ගෙල දක්වා, ගස්, සතුන් සහ වෙනත් දේවල පින්තූර පච්ච කොටා ගෙන සිටිය හ.

ගැහැණුන් ඔවුන්ගේ පපුව මත සවි කර ගත් මංජුසාවක් පැලඳ සිටිහය. මෙය ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සතු ධනය හෝ සම්පත් අනුව, යකඩෙන්, තඹෙන්, රිදියෙන් හෝ රනින් තනන ලද්දක් විය. මෙම මංජුසාවට සවි කරන ලද මුද්දක් සහ ඒ මත කිණිස්සක් විය. ඔවුහු ගෙළෙහි රන් සහ රිදී දම්වැල් පැලැන්ද හ.

ඔවුහු දෙවියන් විසින් නිර්මාණය කළ පිළිකුල් සහගත ම ජාතිය වූහ. ඔවුහු මළ පහ කිරීමෙන් පසු පිස දා ගත්තේ නැත, රාත්‍රියේ අපවිත්‍ර වීමෙන් පසු සෝදා ගත්තේ ද නැත. මෙයින් ඔවුහු වල් බූරුවන්ට වඩා උසස් නො වූහ.

ඔවුහු සිය රට සිට පැමිණ, ඔවුන්ගේ යාත්‍රා වොල්ගා නම් මහා නදියේ නැංගුරම් ලා, එහි ඉවුරුවල විශාල දැව මය නිවාස තනති. ඒ එක් එක් නිවාසයක අඩු හෝ වැඩි වශයෙන් දහ දෙනෙක් හෝ විසි දෙනෙක් හෝ වාසය කරති. සෑම මිනිසෙකුට ම කවිච්චියක් ඇති අතර, ඔහු එහි තමන් විකිණීමට තබා ගෙන සිටින රූමත් තරුණියන් සමඟ වාඩි වී සිටීයි. ඔහු, තම මිතුරෙකු බලා සිටිය දී එම තරුණියකගේ පහස ලැබීමට නො සිතනු ඇත. ඇතැම් විට ඔවුන් කිහිප දෙනෙකු, එකම වෙලාවේ ඔවුනො’වුන් බලා සිටිය දී, මෙසේ හැසිරෙන අවස්ථා ද ඇත.

විටින් විට වෙළෙන්දෙක් තරුණියක් මිල දී ගැනීමට මෙම නිවසක් තුළට යන විට, ඇගේ ස්වාමියා ඇය වැළඳ ගනිමින් සිටියේ නම්, ඔහු තම කැමැත්ත සම්පූර්ණ කර ගන්නා තුරු ඇය වෙළෙන්දා ට දීමට අදහස් නො කළ ද, එය ඔවුන’තර එතරම් සැලකිය යුත්තක් නොවේ.

සෑම උදෑසනක ම වහල් කෙල්ලක් වතුර බඳුනක් ගෙන’වුත් ඇගේ ස්වාමියා ඉදිරිපිට තබයි. ඔහු එයින් තම මුහුණ ද, අත් ද, හිස ද සෝදා, බඳුනට ඉහළින් හිස පීරා ගනියි. ඉන් පසු ඔහු තම නාසය පිරිසිදු කර, බඳුනට කෙළ ගසයි. මෙසේ තමා මත ඇති කුණු සියල්ල ඔහු වතුරට එක් කරයි. ඔහු තම කාර්යය අවසන් කළ විට වහල් කෙල්ල එම බඳුන ඊ ළඟට සිටින මිනිසා වෙත ට ගෙන යයි. ඔහු ද ඉහත කී සියල්ල සිදු කරයි. එසේ ඇය නිවසේ සිටින සියලු දෙනා ම තම නාසය පිරිසිදු කර, බඳුනට කෙළ ගසා, තම මුහුණ සහ හිස සෝදා ගන්නා පිණිස වතුර බඳුන එකිනෙකා වෙත ගෙන යයි.

මම මගේ ම දෑසින් දැක ඇති අන්දමට මෙය උතුරු වාසීන් අතර පවතින සාමාන්‍ය හැසිරීමයි. නමුත් අප ඔවුන් අතරට ගිය කාල වකවානුව මේ යෝධ මිනිසුන් අතර අසතුටුදායක බවක් පැවතුණි. එහි ස්වභාවය මේ ලෙස ය:

ඔවුන්ගේ ප්‍රධාන නායකයා වූ විග්ලිෆ් නමැත්තා රෝගාතුර වී තිබුණි. ඔහු රඳවා තිබුණේ වාඩි බිමෙහි ඈතින් පිහිටි ගිලන් කූඩාරමක ය. ඔහුට පාන් සහ වතුර සපයා තිබුණි. මේ සම්පූර්ණ කාලය තුළ කිසිවෙක් ඔහු බලන්නට හෝ ඔහුට කතා කිරීමට අසලට ගියේ නැත. ඔහු රැක බලා ගැනීමට වහලෙක්වත් සිටියේ නැත. මිනිසෙක් තම ශක්තියෙන් ම රෝගාබාධයන්ගෙන් සුව පත් විය යුතු බව උතුරු මිනිසුන් විශ්වාස කිරීම මීට හේතුවයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කළේ විග්ලිෆ් නැවත තමන් හා එක් වීමට වාඩි බිමට නො පැමිණෙනු ඇති බවත්, ඒ වෙනුවට ඔහු මියයනු ඇති බවත් ය.

ඔවුන් අතරින් වංශවත් තරුණයෙකු වූ බුලිවයිෆ් ඔවුන්ගේ නායකයා හැටියට තෝරා ගෙන තිබුණි. නමුත් රෝගාතුර වූ ප්‍රධානියා තවමත් පණ පිටින් සිටි හෙයින් නව නායකයා නිල වශයෙන් පිළිගැනීමට හැකි වූ යේ නැත. අප ඔවුන් වෙත පැමිණි වකවානුවේ ඔවුන් අතර පැවති අපහසුතාවට හේතුව වූයේ එය යි. එසේ වුවත්, වොල්ගා අසබඩ වාඩි ලා සිටි මිනිසුන් අතර ශෝක වීමක් හෝ හඬා වැලපීමක් දක්නට නො ලැබුණි.

ආගන්තුකයන්ට අනුග්‍රහ දැක්වීමේ කාර්යය කෙරෙහි උතුරු වැසියෝ ඉහළ වැදගත්කමක් ලබා දෙති. ඔවුහු සෑම ආගන්තුකයෙකුට ම උණුසුම්ව ආචාර කරති, ආගන්තුක සත්කාර කරති, යෙන් ද, නොසෑහෙන තරම් ආහාර සහ ඇඳුම් ද සපයති. අධිපතියෝ සහ වංශවත්තු ඉතා උසස් ලෙස ආගන්තුක සත්කාර කිරීමේ ගෞරවය වෙනුවෙන් තරග කරති. අපගේ තවලම් කණ්ඩායම බුලිවයිෆ් වෙතට පමුණුවන ලද අතර, අප වෙනුවෙන් මහා භෝජන සංග්‍රහයක් පවත්වන ලදි. එහි ප්රධානත්ව බුලිවයිෆ් විසින් ම හොබවන ලද අතර, ඔහු උස, ශක්තිමත් මිනිසෙකු බව ද, ඔහුගේ සමත්, කෙස් සහ රවුළත් පිරිසිදු සුදු පැහැ වූ බව ද, මම දුටුවෙමි. ඔහුගේ ඉරියව්වලින් නායකයෙකුගේ ලක්ෂණ පෙනෙන්නට තිබුණි.

භෝජන සංග්‍රහයේ අරමුණ ගෞරව කිරීම වූ බව හඳුනාගත් අපි කණ්ඩායම ආහාර රස විඳින බව පෙන්වූයෙමු. එහෙත් එහි වූ කෑම රළු වූ අතර, භෝජන සංග්‍රහය පවත්වන ලද්දේ කෑම සහ බීම විසි කර ගනිමින්, මහ හඬින් සිනාසෙමින් සහ විනෝද වෙමිනි. මේ රළු භෝජනය අතර’තුර වංශවතෙකු තම සහචරයන් ඉදිරිපිට ම වහල් කෙල්ලක සමඟ සිමාවකින් තෙරව විනෝද වීම ද සාමාන්‍ය දෙයක් විය.

මෙය දුටු මම ඉවතට හැරී “දෙවියන්ගේ සමාව අයදිමි” යි කීමි. මගේ චකිතය ගැන උතුරු වැසියෝ මහ හඬින් සිනාසුණ හ. ඔවුන්ගෙන් කෙනෙකු මට පරිවර්තනය කර දෙමින්, එසේ විවෘතව විනෝද වන අවස්ථා පිළිබඳ දෙවියන් සතුටු වන බව කීවේ ය. “අරාබිකාරයන් වන නුඹලා නාකි ගෑණු වගෙයි. සජීවී බව දකින විට නුඹලා වෙවුලනවා.” යි ඔහු මට කීවේ ය.

මම පිළිතුරු දෙමින්, “මම නුඹලා අතර ආගන්තුකයෙක්. අල්ලාහ් මට ධාර්මිකව ජීවත් වීමට මග පෙන්වාවි” යි කීවෙමි.

එය ඔවුන්ගේ සිනාව වැඩි කිරීමට හේතු විය. එහෙත් ඔවුන්ට එහි විහිළුවක් පෙනුණේ කොතැන දැයි මට තේරුම් ගත නො හැකි විය.

උතුරු වැසියන්ගේ සම්ප්රදාය යුධ ජීවිතය කෙරෙහි ගරු කරන්නක් විය. ඇත්තෙන් ම මේ විශාල මිනිස්සු අනවරතයෙන් සටන් කරති. ඔවුන් කවදා වත් ඔවුනො’වුන් අතර හෝ ඔවුන් වැනි වෙනත් ගෝත්‍ර අතර හෝ සාමයෙන් සිටියේ නැත. ඔවුන්ගේ යුද්ධ සහ නිර්භීත බව ගැන ගීත ගායනා කරන ඔවුහු, රණ ශූරයෙකු ලෙස මියයාම ඉහළ ම ගෞරවය ලෙස සලකති.

බුලිවයිෆ්ගේ භෝජන සංග්‍රහයේ දී ඔවුන්ගේ සාමාජිකයෙක් ගායනා කළ නිර්භීත බව සහ සටන් පිළිබඳ ගීතයක් ඔවුහු බොහෝ සේ රස වින්ද හ. එහෙත් ඊට සහභාගි වූයේ කීප දෙනෙකි. උතුරු මිනිසුන්ගේ සැර බීම ඔවුන් තිරිසනුන් සහ ගාල කඩා ගත් බූරුවන් බවට පත් කළේ ය. ගීතය මැද හරියේ දී යමෙක් සුරතාන්තයට පත් වූ අතර, රණශූරයන් දෙදෙනෙකු මත් වී ඇත කර ගත් කලහයක් මාරාන්තික සටනක් බවට පත් විය. ගායකයා මේ කිසිම අවස්ථාවක් ඔහුගේ ගායනයට බාධාවක් කර ගත්තේ නැත. ඇත්තෙන් ම විසි වී ආ ලේ පහරක් ඔහුගේ මුහුණට වැටෙනු මම දුටුවෙමි. එහෙත් ඔහු එය පිස දැම්මේ, ගායනය මොහොතකට වත් නතර නො කරමිනි.

මෙය මම ඉමහත් සේ අගය කළෙමි.

සෙසු පිරිස සේ ම බීමත් වූ බුලිවයිෆ්, මා ඔවුන් වෙනුවෙන් ගීයක් ගැයිය යුතු යැයි අණ කළේ ය. ඔහු එය උදක් ම බල කර සිටියේ ය. ඔහු කුපිත කිරීමට අකමැති වූ මම කෝරානයෙන් පද කීපයක් ගායනා කළෙමි. පරිවර්තකයෙක් එය පදයෙන් පදය නෝර්ස් භාෂාවට පරිවර්තනය කරන ලදි. ඒ සඳහා මට ලැබුණේ, ඔවුන්ගේ කවටයා ලබන ප්‍රශංසාවට නො වැඩි සැලකිල්ලකි. පසුව මම අල්ලාහ් වෙතින්, ශුද්ධ වූ වචන එසේ භාවිත කිරීම ගැනත්, පරිවර්තනය වෙනුවෙනුත් ක්ෂමාව අයැදීමි. පරිවර්තනය අරුත් සුන් වූවක් බව මට දැනුණි. ඒ පරිවර්තකයා ද බීමත් ව සිටි හෙයිනි.

අපි උතුරු වැසියන් සමඟ දින දෙකක් ගත කළෙමු. අපි පිට ව යාමට සිතා සිටි උදෑසන, ප්‍රධානියා වූ විග්ලීෆ් මිය ගිය බව පරිවර්තකයා අපට දැන්වීය. ඉන් පසු සිදු වන දේ කුමක්දැයි දැක ගැනීමට මම අදහස් කළෙමි.

පළමුවෙන්, ඔවුහු ඔහු දෙණක තැන්පත් කළහ. ඒ මත්තෙහි වහලයක් ඉදි කෙරුණි. ඒ දින දහයක් පුරාවට මළහු වෙනුවෙන් ඇඳුම් කපා මැසීම සඳහා ය. ඔවුහු මළ තැනැත්තා සතු වූ භාණ්ඩ ද ගෙනැවිත්, ඒවා කොටස් තුනකට බෙදූ හ. එයින් පළමු කොටස ඔහුගේ පවුලට ය; දෙවැනි කොටස, ඔහු වෙනුවෙන් සකස් කළ ඇඳුම් පැලඳුම් සඳහා විය; තරුණියක් ස්වේච්ඡාවෙන් මිය යාමට සහ ඇගේ ස්වාමියා සමග ආදාහනය කරනු ලැබීමට ඉදිරිපත් වන දිනය සඳහා, ඔවුහු තෙවැනි කොටසින් සැර පානයන් මිලට ගත් හ.

ඔවුන් වයින් භාවිත කළේ උමතුවෙන් මෙනි. මම දැනට මත් කියා ඇති පරිදි ඔවුහු දිවා රෑ දෙකෙහි ම බීමත් වූහ. යමකු අතෙහි වූ කුසලානයක් සහිත ව මිය ගියේ කලාතුරකින් නොවේ.

විග්ලීෆ් ගේ පවුලේ අය ඔහුගේ කෙල්ලන් සහ වහලුන්ගෙන්, “ඔහු සමඟ මැරෙන්නේ නුඹලා අතරින් කවුදැ” යි ඇසූහ. ඔවුන් ගෙන් එකියක් “මම” යි කීවාය. ඒ වචනය පිට වූ වේලාවේ සිට ඇය තව දුරටත් නිදහස් තැනැත්තියක නො වීය. ඒ වචනය ආපසු ගැනීමට, ඇයට අවසර නැත.

එසේ ඉදිරිපත් වූ කෙල්ල, එතැන් සිට තවත් කෙල්ලන් දෙදෙනෙකු භාරයට පත් කෙරුණි. මොවුන්ට ඇය බලා ගන්නට සිදු වූ අතර, ඇය පසුපස යාමටත්, අවස්ථානුකූලව ඇගේ පා සේදිමටත් සිදු විය. අනික් අය මිය ගිය තැනැත්තාගේ කටයුතුවල හෙවත් ඔහුට ඇඳුම් කැපීමෙහිත්, වෙනත් අවශ්‍ය දේ පිළියෙල කිරීමෙහිත් නිරත වූ හ. මේ කාල සීමාව පුරා ම අර කෙල්ල බොමින් සහ ගී කියමින් ප්‍රීතිමත්ව සහ සැහැල්ලුවෙන් ගත කළා ය.

මේ කාලය තුළ, මී ළඟ රජු හෙවත් නායකයා වීමට සිටි බුලිවයිෆ් නම් වංශවත් තරුණයා හට තෝර්කල් නම් එදිරිවාදියෙක් ඉදිරිපත් විය. මා ඔහු දැන සිටියේ නැත. ඔහු කැත, කලහකාරී අයෙක් මෙන් ම, මේ රතු වන් පැහැපත් ජාතිය තුළ සිටි අඳුරු වන් මිනිසෙක් විය. ඔහු නායකයා වීමට රහසින් තැත් කළේ ය. මේ සියල්ල මා දැන ගත්තේ පරිවර්තකයා වෙතිනි. මන්ද යත්, අවමංගල උත්සවයට සූදානම් වෙමින් සිටි මිනිසුන් අතර සම්ප්‍රදායට පිටින් කිසිවක් සිදු වන බවට පෙන්නුම් කෙරුණු කිසිදු සලකුණක් නො වූ හෙයිනි.

බුලිවයිෆ් මිය ගිය තැනැත්තාගේ පවුලේ සාමාජිකයෙක් නොවූ හෙයින්, ඔහු අවමඟුල මෙහෙයවූයේ නැත. පවුලේ අය පමණක් අවමඟුල් කටයුතු සූදානම් කිරීම නීතියක් විය. බුලිවයිෆ් සැමරීම් සහ සාමාන්‍ය විනෝදවීම් සඳහා පමණක් සහභාගී විය. රාත්‍රි භෝජන සංග්‍රහයේ දී හැරුණු විට ඔහු රජු වශයෙන් හැසිරුණේ නැත. භෝජන සංග්‍රහයේ දී පමණක් ඔහු රජු වෙනුවෙන් වෙන් කෙරුණු උස් ආසනයේ වාඩි විය.

ඔහු අසුන් ගත්තේ මේ ආකාරයෙනි: උතුරු වැසියෙක් සැබැවින් ම රජු බවට පත් වූ විට, ඔහු භෝජන මේසයේ මුල ම පිහිටුවන ලද, ගලින් තනන ලද අත් ඇඳි සහිත විශාල ගල් ආසනයේ වාඩි වෙයි. විග්ලිෆ්ගේ ආසනය ද එවැන්නක් විය. එහෙත් බුලිවයිෆ් එහි වාඩි වූයේ සාමාන්‍යයෙන් මිනිසෙකු වාඩි වන ආකාරයට නොවේ. ඒ වෙනුවට ඔහු වාඩි වූයේ එහි අත් ඇන්දක් මත ය. ඔහු පමණට වඩා බීමත් වූ විට හෝ මහ හඬින් සිනා සුණු විට එතැනින් බිමට ඇද වැටුණි. විග්ලීෆ් භූමදානය කරන තෙක් ඔහු එම ආසනයේ වාඩි නො වීම සම්ප්රදාය විය.

මේ සියලු කාලය තුළ තෝර්කල් රහසින් යමක් සැලසුම් කළ අතර, අනිකුත් අධිපතියන් සමඟ මන්ත්‍රණය කළේ ය. මා මන්ත්‍රකාරයෙකු හෝ මායා කාරයෙකු වූ බවට ඔවුන් සැක කරන බව දැන ගන්නට ලැබී මම මහත් අපහසුතාවට පත් වීමි. මේ කතා විශ්වාස නො කළ පරිවර්තකයා, විග්ලීෆ් මියයාමට සැලැස්වූයේ මා බවත්, බුලිවයිෆ් මී ළඟ නායකයා වීමට ද කරුණු සැලැස්වූයේ මා බවත්, තෝර්කල් කියූ බව මට කීවේ ය. එහෙත් ඇත්තෙන් ම, ඒ කිසිවකට මම කොටස් කාරයෙක් නො වූයෙමි.

දින කීපයකට පසුව, ඉබ්න්-බස්තු ද, ටාකින් සහ බාර්ස් ද ඇතුළු මගේ කණ්ඩායමට පිටත් වී යාමට මම අවසර ඉල්ලුවෙමි. නමුත් උතුරුකර වාසීන් අපට පිට වී යාමට අවසර නො දෙමින්, අපි අවමඟුල් උත්සවය වෙනුවෙන් නතර වී සිටිය යුතු බව කියමින්, ඔවුන් නිතර ම රැගෙන යන කිණිසි උරුක් කර ගෙන තර්ජනය කළ හ. එහෙයින් අපි නතර වීමු.

විග්ලීෆ් සහ කෙල්ල ගින්දරට බිලි දෙන දිනය උදා වූ විට, ඔහු ගේ යාත්‍රාව ගං ඉවුර මතට අදින ලදි. බර්ච් සහ වෙනත් ලීවලින් තනන ලද මුලුවලට තබන අඩ සහ මිනිසුන් නිරූපණය කිරීමට තනන ලද දැව පිළිරු ද, එය වටා තබන ලදි.

ඒ අතරතුර මිනිසුන්, මට තේරුම් ගත නොහැකි වූ වචන කියමින් ඒ මේ අත යන්නට වූහ. උතුරු වැසියන්ගේ භාෂාව සවනට අප්‍රිය සහ තේරුම් ගැනීමට දුෂ්කර එකකි. මියගිය නායකයා ඒ වන විටත් ඈතින් පිහිටි ඔහුගේ දෙණෙහි සතපා තිබුණි. ඊ ළඟට ඔවුහු කවිච්චියක් ගෙනවුත්, යාත්‍රාව තුළ තබා, ග්‍රීක රන් රෙද්දකින් ආවරණය කළ හ. ඒ රෙද්දෙන් ම කරන ලද කොට්ට ද එහි තබන ලදි. ඉන් පසු එතැනට ආවේ කැත මහළු ස්ත්‍රියකි. ඔවුහු ඇය, මරණයේ දේව දූතිකාව යැයි හැඳින්වූහ. ඇය එහි පැමිණ කවිච්චිය මත පෞද්ගලික භාණ්ඩ විසුරුවා හැරියා ය. මළ ඇඳුම් මැසීමට සහ අනෙක් සියලු කළමනා පිළියෙල කිරීමට ඇය සහභාගී වූ අතර, කෙල්ල මැරීමට නියමිත ව තිබුණේ ද ඇය වෙත ය. මම ඈ මගේ දෑසින් දුටුවෙමි. ඇය අඳුරු පැහැ, මිටි තරබාරු, කුදු ගැසුණු තැනැත්තියක් වූවා ය.

ඔවුහු දෙන වෙත පැමිණි විට, එහි වහලය ගළවා, මළ මිනිසා පිටතට ඇද ගත් හ. එවිට ඔහු සෑහෙන තරම් කළු පැහැයට හැරී ඇති බව මම දුටුවෙමි. එරට පැවති අධික ශීතල ඊට හේතු විය. ඔවුහු දෙණ තුළ ඔහු අසලින් සැර බීම, පලතුරු සහ ලූට් නම් වීණාවක් තබා තිබුණි. ඒවා ද එළියට ගන්නා ලදි. සමේ පැහැය හැරුණු කොට, විග්ලීෆ් ගේ පෙනුම වෙනස් නො තිබුණි.

බුලිවයිෆ් සහ තෝර්කල් එක ළඟින් පෙළට සිට ගෙන සිටි අතර, අවමඟුල් උත්සවය පුරා ඔවුන් මිතුරන් බව ප්‍රදර්ශනය කරනු මම දුටුවෙමි. නමුත් ඔවුන්ගේ ඒ පෙනුමෙහි කිසිදු සත්‍යතාවක් තිබුණේ නැති බව පැහැදිලි ව පෙනුණි.

විග්ලීෆ් නම් මියගිය රජු හට මේ වෙලාවේ දී යට ඇඳුම්, කලිසමක්, බූට් සහ රන් රෙද්දෙන් කළ කෆ්තානයක් අන්දවා ඔහුගේ හිස මත රන් රෙද්දෙන් සාදා සේබල් ලොමින් සැරසූ හිස්වැස්මක් පලඳවන ලදි. ඉන්පසු ඔහු ඔහුගේ යාත්‍රාවෙහි තනා තිබුණු කූඩාරම තුළට රැගෙන ගොස්, ඇතිරිලි දමා තිබූ කවිච්චියේ වාඩි කරවා, නොවැටෙන පරිදි කොට්ටවලින් වට කරන ලදි. එසේ ම ඔවුහු සැර බීම, පලතුරු, සුවඳ තලා හෙවත් බේසිල් ගෙන’වුත් ඔහු අසලින් තැන්පත් කළ හ.

ඉන් පසුව ඔවුහු බල්ලෙකු රැගෙන’විත්, දෙකඩ වන සේ කපා යාත්‍රාව තුළට විසි කළ හ. ඔවුහු මළහුගේ ආයුධ සියල්ල ඔහු අසලින් තැබූ හ. අශ්වයන් දෙන්නෙක් දක්කා ගෙන ආ ඔවුහු, උන් දෙදෙනා දහදිය ගලන තුරු පසු පසින් එලවූහ. ඉන් පසු බුලිවයිෆ් ඉන් එකෙක් තම කඩුවෙන් පහර දී මැරූ අතර, තෝර්කල් අනෙකා මැරී ය. ඔවුහු තම කඩුවලින් අශ්වයන් කෑලිවලට කපමින්, එම කැබලි යාත්‍රාව තුලට විසි කළ හ. බුලිවයිෆ් තම අශ්වයා මැරුවේ වඩා අඩු වේගවත් බවකිනි. එය බලා සිටියවුන්ට සංකේතාත්මක දෙයක් වූ බව පෙනුණ ද, එහි තේරුම මට වැටහුණේ නැත.

හීලෑ හරකුන් දෙදෙනෙකු ඉදිරියට ගෙනැවිත්, කෑලිවලට කපා, යාත්‍රාව තුලට වීසි කරන ලදි. අවසානයේ ඔවුහු කුකුළෙකු සහ කිකිලියක ගෙනැවිත්, මරා, ඔවුන් ද යාත්‍රාවට විසි කළ හ.

මිය ගිය තැනැත්තා සමඟ මිය යාමට කැප වූ තරුණිය මේ අතර, එතැන වූ කූඩාරම් එකිනෙකට ඇතුල් වී පිට වූවා ය. ඒ එක් එක් කූඩාරමේ සිටියවුන් ඇය සමඟ සැතපී, “ඔබේ ස්වාමියාට කියන්න, මම මේ දෙය සිදු කළේ ඔහුට ඇති ආදරය නිසා පමණක් බව” යි කීවෝ ය.

මේ වන විට සවස් කාලය ළඟා වෙමින් පැවතුණි. ඔවුහු, දොරක රාමුවක් වැනි හැඩයකින් යුත්, ඔවුන් කලින් තනා තිබූ දෙයක් මතට ඒ තරුණිය නැංවූවෝ ය. ඇය එහි සිට, මිනිසුන් ඉහළට එසවූ අත් මත තම පාද තැබුවා ය. එසේ මිනිසුන් ඇය, රාමුවට ඉහළින් එසවූහ. ඇය ඇගේ බසින් යමක් කීවා ය. එවිට ඔවුහු ඇය පහළට ගත් හ. නැවතත් ඔවුහු ඇය එසවූහ. ඇය පෙර පරිදි ම යමක් කීවා ය. නැවතත් ඔවුහු තෙ වැනි වතාවටත් ඇය එසවූහ. ඉන් පසු ඔවුහු කිකිළියක ඇගේ අතට දුන් හ. ඇය උගේ බෙල්ල කපා, ඌ ඉවතට විසි කළා හ.

ඇය කළේ කුමක්දැ යි මම පරිවර්තකයාගෙන් ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “පළවෙනි වර ඇය කීවේ, ‘අහන්න, මට පේනවා මගේ තාත්තා සහ අම්මා’ කියා; දෙවෙනි වර කීවේ, ‘අහන්න, දැන් මට පේනවා මගේ මියගිය නෑදෑයන් සියලු දෙනා ම අසුන් ගෙන සිටිනවා’ කියා; තුන් වෙනි වර ඇය, ‘අහන්න, එතන මගේ ස්වාමියා ඉන්නවා, පාරාදීසයේ අසුන් ගෙන. පාරාදීසය හරිම ලස්සනයි, හරිම කොළ පැහැතියි. ඔහු සමග ඔහුගේ මිනිසුන් සහ කොල්ලන් ඉන්නවා. ඔහු මට අඬ ගහනවා, මා ඔහු වෙත ගෙන යන්න.’ කීවා” යි කීවේ ය.

ඉන් පසු ඔවුහු ඇය යාත්‍රාව වෙත කැඳවා ගෙන ගිය හ. එතැන දී ඇය තම වළලු දෙක ගළවා මරණයේ දේව දූතිය නම් වූ, තමා මරණයට පත් කරන්නට නියමිත මහලු කාන්තාවට දුන්නා ය. ඇය තමන්ගේ දෙපයේ දමා ගෙන සිටි ආභරණ දෙක ද ගළවා සේවක කෙල්ලන් දෙ දෙනා වෙත යැවුවා ය. ඒ දෙදෙනා මරණයේ දේව දූතිය ගේ දූවරු වූ හ. ඉන් පසු ඔවුහු ඇය යාත්‍රාවට ඔසවා තැබූ හ. නමුත් එහි වූ කූඩාරම වෙත රැගෙන නො ගිය හ.

මෙ’විට පලිහ සහ යෂ්ටි අතින් ගත් මිනිසුන් පැමිණ ඇයට සැර බීම කුසලානයක් දුන් හ. ඈ එය රැගෙන, යමක් ගායනා කොට, එය හිස් කළා ය. ඈ කීවේ, “මෙයත් සමඟ මම මගේ ආදරණීයයන් අත හැර පිටවී යන්නෙමි” යි යන්න බව පරිවර්තකයා මට කීවේ ය. ඉන් පසු තවත් කුසලානයක් ඇගේ අත තබන ලදි. ඇය එය රැගෙන දීර්ඝ ගායනයක් ආරම්භ කළා ය. කැත මැහැල්ල ඇයට තරවටු කරමින්, පමා නො කර කුසලානය හිස් කොට, ඇගේ ස්වාමියා වැතිර සිටින කූඩාරම තුළට යන ලෙස කීවා ය.

මේ වෙලාව වන විට තරුණිය විසඥ වන්නට ආසන්න ව සිටි බව පෙනුණි. ඇය කූඩාරමට ඇතුල් වන්නට යන බවක් පෙන්වූවාය. එවිට ම මායාකාරිය අගේ හිසෙන් අල්ලා කූඩාරම තුළට ඇද ගෙන ගියා ය. මෙ’විට මිනිස්සු තමන් අතේ වූ යෂ්ටිවලින්, පළිස්මතට පහර දෙන්නට පටන් ගත්හ. ඒ හඬින් තරුණියගේ විළාප හඬ යටපත් විය. විලාප හඬ අනික් කෙල්ලන්ට ඇසුණේ නම්, ඔවුන් අනාගතයේ දී තම ස්වාමියන් වෙනුවෙන් මිය යන්නට ඉදිරිපත් වීම අධෛර්යවත් වන්නට ඉඩ තිබුණි.

මිනිසුන් හය දෙනෙක් ඇය පසුපසින් කූඩාරම තුළට ගිය අතර, ඒ සියලු දෙනා ම ඇය සමග කායික සම්බන්ධතා පැවැත්වූහ. ඉන් පසු ඔවුහු ඇය ඇගේ ස්වාමියා ගේ පසෙකින් වැතිරවූහ. මිනිසුන් දෙදෙනෙකු ඇගේ දෙපා අල්ලාගත් අතර, තවත් දෙදෙනෙක් ඇගේ දෑත් අල්ලා ගත්හ. මරණයේ දේව දූතිය නම් වූ මැහැල්ල ඇගේ ගෙල වටා ලණුවක් ගැට ගසා, එහි දෙකෙළවර අනික් මිනිසුන් දෙදෙනාට අදින්නට දුන්නා ය. ඉක්බිති, පළල් තලයක් සහිත කිණිස්සක් ගත් ඇය තරුණියගේ ඉළ ඇට අතරින් ඇන, ඉදිරියට ඇද්දා ය. ඒ අතර, මිනිස්සු දෙදෙනා ඇගේ ගෙල වටා ගැට ගසන ලද කඹයෙන් ගෙල සිර කර ඇය මිය යන තුරු ඇද ගෙන සිටිය හ.

මියගිය විග්ලිෆ්ගේ නෑදෑයන් මෙ’විට ඒ අසලට ආහ. ඔවුහු නිරුවත් ව, දැල්වෙන ලී පන්දමක් බැගින් අතට ගෙන, යාත්‍රාව දෙසට පිටුපස හරවා ආ පස්සට ඇවිද ගොස්, ඒ දෙස බැලීමකින් තොර ව, ඊට ගිනි තැබූහ. චිතකය ඉක්මණින් ම ගිනි දැල්ලෙන් වැසී ගියේ ය. යාත්‍රාවත්, කූඩාරමත්, මිනිසා සහ තරුනියත්, අනෙක් සියල්ල මත්, පුපුරමින් නැගෙන ගිනි ජාලාව විසින් ගිල ගත්තේය.

මගේ පසෙකින් සිටි උතුරු වැසියෙක් පරිවර්තකයා වෙත යම් අදහසක් පැවසීය. ඔහු කීවේ කුමක්දැ යි මම පරිවර්තකයාගෙන් ඇසීමි. ඊට ලද පිළිතුර වූයේ මෙය විය. “අරාබි කාර නුඹලා,” ඔහු කීවා, “මෝඩයන් රැළක් වෙන්න ඇති. නුඹලා බොහෝ ආදරය කළ සහ ගරු කළ මිනිසා, නුඹලා පොළොව තුලට විසි කර දමනවා, බඩ ගාන සතුන්ටත්, පනුවන්ටත්, කා දමන්නට. අපි අනෙක් අතට, හණික ඔහු පුළුස්සනවා. එවිට ක්ෂණයකින්, මොහොතක්වත් පමා නොවී, ඔහු පාරාදීසයට ඇතුල් වෙනවා.”

ඇත්තට ම, පැයක් ගතවන්නටත් පෙර, යාත්‍රාවත්, එහි වූ දැවත්, කෙල්ල සහ මිනිසාත්, අලු බවට පත් විය.

මේ දවස්වල ගජරාමෙට පරිවර්තන වැඩක් කරමින් ඉන්නෙ. ඒ නිසා දීර්ඝ බ්ලොග් ලිපි කියවන්න එන්න බැරි වීම ගැන කණගාටුයි. ඉහතින් තියෙන්නෙ පරිවර්තනය කරපු තුන් වෙනි පරිච්චේදය. මේක අමුවෙන් තියෙන්නෙ, තවත් කීප වරක් සංස්කරණය කරන්න ඕනෙ. එහෙම උනත් මම හිතුවා ඔයගොල්ලන් මේක කියවන්න කැමති වෙයි කියලා.

ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com40tag:blogger.com,1999:blog-3085096022479901122.post-56824202258472255982023-04-17T20:37:00.000+05:302023-04-17T20:37:12.511+05:30රොසෙට්බකල් සහ කොකිස්
රොසෙට්බකල් ලෙසට නෝවීජියන් සමාජයේ හැඳින්වෙන, රොසෙට් කුකී නත්තල් කාලයට සකස් කරන, පාරම්පරික කැවිල්ලකි. මෙය සකස් කරන්නේ, තිරිඟු පිටි, කිරි, සීනි, ලුණු සහ බිත්තර යොදා සකස් කරගන්නා දියාරු මිශ්‍රණයක, යකඩ අච්චුවක් ඔබා, එහි තැවරෙන පිටි මිශ්‍රණය ගැඹුරු තෙලේ බැද ගැනීමෙනි.

පහත විඩියෝවෙන් පෙනෙන්නේ, රොසෙට්බකල් හෙවත් රොසෙට් කුකී සකස් කරගන්නා ආකාරයයි.

රොසෙට් කුකී බොහෝ රටවල දක්නට ලැබෙන කැවිලි වර්ගයකි. විවිධ ජාතීහු මෙය විවිධ නම්වලින් හඳුන්වති. මෙහි මූලාරම්භය ලෙස සැළකෙන නෝවීජියානු සහ ඩේනිශ් ප්‍රදේශයන්හි මෙය රොසෙට්බක්කල්, රොසෙට්ටර් යන නම්වලින් හැඳින්වෙන අතර, ෆින්ලන්තයේ රොසෙට්ටි යන නමින් ද, ස්වීඩනයේ ස්ටෘවොර් නමින් ද, ස්පාඤ්ඤයේ දී ෆ්ලොරේස් මන්චෙගාස් හෙවත් මන්චෙගන් මල් නමින් ද හැඳින්වේ.

මැද පෙරදිග සහ බටහිර ආසියාකරයේ ද හමුවන මෙම කැවිල්ල, ඉරානයේ දී ශිරිනි පන්ජෙරෙයි නම්වන අතර තුර්කියේ දී දෙමිර් තතිසි නමින් ද, ටියුනීසියාවේ දී ෂෙබ්බක් එල්-යාන්නා ලෙසින් ද, ඇෆ්ඝනිස්ථානයේ දී කුල්චා-එ-පන්ජෙරේ ලෙසින් ද, ශ්‍රී ලංකාවේ දී කොකිස් නමින් ද හැඳින්වේ.

ඉන්දියාවේ දී රෝස කුකී හෙවත් රෝස විස්කෝතු නම් වන මෙම කැවිල්ල, බංග්ලාදේශයේ ෆුල්ඣුහි පිතා හෝ ෆුල්කුචි පිතා හැටියට ද, මැලේසියාවේ දී කුයිහ් ලොයං ලෙස ද, තෙලුඟු බසින් ගුලාබි පුව්වුලු ලෙස ද, දෙමළෙන් අච්චු මුරුක්කු ලෙස ද, මලයාලම් භාෂාවෙන් අච්චප්පම් ලෙස ද නම් කර තිබේ.

රොසෙට් කුකී ආසියාකරයට ආවේ කෙසේ දැ යි ලිඛිත සාක්ෂි සොයාගන්නට නැත. එහෙත් පොදුවේ විශ්වාස කෙරෙන්නේ ලන්දේසි වෙළෙඳ කණ්ඩායම් සමඟ 17 වන සියවසේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙත මෙම කැවිල්ල ආ වග ය. ලන්දේසි සංක්‍රමණ සිදුවූ ප්‍රදේශ සියල්ලක ම පාහේ මෙම කැවිල්ල ව්‍යාප්ත වී තිබීම මෙම අදහස කුළුගන්වයි.

පහත දැක්වෙන්නේ රොසෙට් කුකී සඳහා යොදාගන්නා විවිධ හැඩතල රැසකි.

මූලාශ්‍ර:

https://en.wikipedia.org/wiki/Rosette_(cookie)

https://www.tine.no/oppskrifter/kaker/vafler-og-smakaker/rosetter-rosettbakkelse

https://dmcoffee.blog/where-do-rosette-cookies-come-from/

https://www.whetstonemagazine.com/journal/the-rose-cookie-through-the-lens-of-colonialism
ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com59