පෙරසම (foreskin) කියන කොටස සමහර පිරිමි ළමයින්ට හරි වාතයක් වෙනවා. ඒ, ඒක පහලින් බද්ධ වෙලා තියෙන පිහිටීමක් තිබුණොත්. (මම මේක ‘දන්නෝ දනිති‘ ශෛලියෙන් ලියන්න යන්නෙ, මේ සබ්ජෙක්ට් එක කතාවට කෙළින්ම අදාළ නොවෙන නිසා.) මේ ප්‍රශ්නෙ තිබුණ මගෙ හොඳම යාළුවෙක් අපේ ඩොක්ටර් අංකල් හම්බවුණා. ඩොක්ටර් අංකල් කියන්නෙ, අපේ තාත්තගෙ නංගි කෙනෙක් බැඳල ඉන්න අපේ බාප්පා කෙනක්. එයා ලංකාවෙ එම්බීබීඑස් කරලා (මම කාලයක් කළා වගේ මේසන් බාස් ගෙ ගෝළ කම නෙවේ, ඔරිජිනල්) පස්සෙ ජොහැන්නස්බර්ග් ගියා. එහෙදි ඩීටීඑම් ඇන්ඩ් එච් කළා. අපි දන්න කාලෙ ඉඳන් එයා හිටියෙ එහෙ. දැනට අවුරුදු දහයකට විතර කලින් තමයි ආපහු පදිංචියට ලංකාවට ආවෙ.
ඩොක්ටර් අංකල් බොහොම පෞද්ගලිකව මගෙ යාළුවව පරීක්ෂා කරලා කිව්වා, මේකට නම් සැත්කමක් තියෙනවා, ඒත් ඔයාට ඒක කරන්න ඕනෙ නෑ. ඒක ටික කාලයක් පොඩි එක්සර්සයිස් එකක් (?) කළහම හරියනවා කියලා.
අපේ යාළුවගෙ හිතේ අප්සට් ගතිය යන්නත් එක්ක ඊට පස්සෙ ඩොක්ටර් අංකල් කතා දෙකක් කිව්වා.
ඩොක්ටර් ගේ පළමු කතාව
ඩොක්ටර් ජොහැන්නස්බර්ග් නුවර වැඩ කරන කාලේ, ඒ අය ඒරටට විදේශිකයන් වූ හින්දා එයාලගෙ සහායට දේශීය නර්ස් නෝනා කෙනෙක් සපයා දී තිබුණා ලු. ඒ නර්ස් නෝනලා රාජකාරියට අමතරව භාෂා පරිවර්තනයත් කරලා තියෙනවා. මෙහෙම එක දවසක් රෝගීන් පරීක්ෂා කරන අවස්ථාවක, ඩෝකටර් හිටපු තැනට අල්ලපු ක්‍යුබිකල් එකේ නර්ස් මහ හයියෙන් කෑගැහුවලු.
ඩොක්ටර් පුටුවෙන් නැගිටලා බැලුවලු මොකද කියලා. එතකොට අල්ලපු ක්‍යුබිකල් එකේ වයස හැටක විතර පිරිමි ලෙඩෙක් ඉන්නවලු, නර්ස් හිනාව තද කරගන්න බැරුව ඇඹරෙනවලු. ඉතින් අපේ ඩොක්ටර් අනිත් ඩොක්ටර් ගෙන් ඇහුවලු මොකද වුනේ කියලා. අනිත් ඩොක්ටර් කිව්වලු,
“මේ පේෂන්ට් මට කියනවා, එයාගෙ වහස හැට හතරයි ලු. එයාට ලිංගික වශයෙන් පසුබට ගතියක් දැනෙනවලු කියලා. ඉතින් මම ඇහුවා ඔයාට ඒක දැනෙන්නෙ කොහොමද කියලා. එයා කියනවා, කලින් නම් මම දවසකට හතර පාරක් xxx කළා. දැන් කරන්නෙ දෙපාරයි කියලා.“
“ඉතින් මම එයාට කිව්වා, ඔයාට කිසිම අවුලක් නෑ. ඔයා කියන එක ඇහුනම මට හිතෙනවා මම ලිංගිකව පසුබටයි කියලා“
“නර්ස් ඒක ලෙඩාට තේරුම් කළාට පස්සෙ, මම එයාට එයාට කිව්වා, මම ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් ඔයාගෙ අහවල් අවයවයට කොපුවක් හදා දෙන්නම්, ඒකෙ මුළ හරියට ටිකක් ඉස්සරහින් ගණකම නූලක් ගැටගහලා, ඉණ දෙපැත්තෙන් පිටිපස්සට ගන්න. ඊට පස්සෙ ඔයා ඕනෙ ඕනෙ වෙලාවට අර නූල පිටිපස්සට අදින්න. වැඩේ සාර්ථකව කරගත්තැකි කියලා.“
ඩොක්ටර් ගේ දෙවන කතාව (ඩොක්ටර් ට අනුව මේ කතාව කොළඹ මෙඩිකල් ෆැකල්ටියේ ලෙජන්ඩ් එකකි)
ඩොක්ටර් අංකල් කොළඹ මෙඩිකල් ෆැකල්ටියේ ඉන්න කාලේ, ඒ ගොල්ලන්ට උගන්නපු ලෙක්චරර් කෙනෙක් හිටියලු ඩොක්ටර් මැඩොන්සා කියලා. එයා ගෝලයොත් අරන් ජාතික රෝහලේ විසිට් එකක් යනවලු, එක එක රෝග ලක්ෂණ පෙන්නලා තේරුම් කරන්න. ඉතින් ගෝලයො අතර කොල්ලොයි කෙල්ලොයි දෙකම ඉන්න බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
දවසක් ඩොක්ටර් මැඩොන්සා ගියාලු ගෝල පිරිස එක්ක සමාජ රෝග වාට්ටුවට. (අපේ ඩොක්ටරුත් මේ ගෝල පිරිස අතරෙ හිටියා). ඒ වාට්ටුවෙ හිටියලු වීඩී හැදුණු හාමුදුරු කෙනෙක්. ඩොක්ටර් කෙනෙකුට රෝගියෙකුගෙ තත්ත්වෙන් තරාතිරමෙන් වැඩක් නෑනෙ, ඉතින් ඩොක්ටර් මැඩොන්සත්, අර හාමුදුරුවො ඇසුරින් ඒ රෝගයෙ ලක්ෂණ තමන්ගෙ ගෝලයින්ට කියා දුන්නලු. ඊට පස්සෙ එයා හාමුදුරුවන්ගෙන් නිකමට වගේ ප්‍රශ්න ටිකක් ඇහුවලු,
එයා ඇහුවලු “හාමුදුරුවනේ, මේක කොහොමද හාමුරුවන්ට හැදුනෙ?“ කියලා.
හාමුදුරුවො කියනවලු, “මහත්තයා, මම පහුගිය පොසොන් පෝයට ගියා අනුරාධපුරේ. එහෙදි මම එක තැනක තිබුණු ගළක් උඩට මුත්‍රා කළා. එතෙන්දි මගෙ මෙව්ව එක ඒ ගළේ ගෑවුණා. ඒ ගළ උඩ ම, මට කලින් තව කෙනෙක් මුත්‍රා කරලා තිබුණා. මම හිතන්නෙ එහෙම වෙන්න ඇති මේ කරුම ලෙඩේ හැදුණෙ“ කියලා
ඩොක්ටර් මැඩොන්සා එකපාරටම ඇහුවලු,
“ඈ හාමුදුරුවනේ. ඔය කියපු ගළ උඩ හු***ක් එහෙම තිබුණෙ නැද්ද“ කියලා.
මෙඩිකල් ශිෂ්‍යාවො ටික දිව්වලු එහා වාට්ටුවට යනකම්.
//ඒක ටික කාලයක් පොඩි එක්සර්සයිස් එකක් (?) //
ReplyDeleteඒකනේ කියන්නෙ දිනපතා ව්‍යායාම කිරීමෙක් නීරෝගී සිරුරක් ලැබෙනවා කියලා... :D :D
නිරෝගී සිරුරක් සහ නිරෝගී මනසක් :ඩී :ඩී
Deleteමරු කතා දෙක බං එළ
ReplyDeleteඉස්තූතියි අටං මාමේ. මගෙ අඩවියට සාදරයෙන් පිළිගන්නවා.
Deleteහාමුදුරුවරු තමා හාමුදුරුවරු :D
ReplyDeleteඒකනේ කියන්නේ, අපිට පන්සිල්, ඒඅයට වෙනම සිලක්. සිල්වත් හාමුදුරුවරුත් ඉන්නව. නරකම දේ ඒ අයත් ඇහැ කණ පියාගෙන ඉන්න එක.
Deleteහික් හික්...
ReplyDeleteමොකෝ අයියෙ හික් මීයෙක්වත් අහුවුනාද ?
Deleteහැබෑට ගල උඩ අහවල් එකක් තිබ්බද දන්නෙත් නෑ බං. ප්‍රොෆා හරිම නරකයි.
ReplyDeleteනරකයි කියන්නෙ හරී... කැතයි (අනිත් පිට පෙරළීම තහනම්.)
Deleteඇයි බං හෙන්රියෝ ගල කියන එකට තව කොච්චර තේරුම් තියෙනවද ? ගල දිගේ ගිහිං ලිස්සල !
Deleteඒකනේ කියන්නේ...
Delete