Thursday, May 23, 2013
බෞද්ධයෙක් කියන්නේ කාටද (තවදුරටත්...) - ඩ්‍රැකියාගේ වෙසක් කළාපය 4 කොටස
වෙසක් කළාපයෙ පසුගිය කොටසින්, බුදුන් වහන්සේ සිඟාලක ගෘහපතිට දේශනා කළ විදිහට බෞද්ධයෙක් ගේ ලක්ෂණ කතා කළා. ඒ පෝස්ටුවෙ අන්තිමට පොරොන්දු වුණු විදිහට මිතුරන් සහ සදිසාවන් ගැන අද කතා කරමු.
මිතුරු වෙසින් එන මේ 4 දෙනා ගැන පරිස්සම් වෙන්න:
1. තමන්ට යමක් ලබාගන්න විතරක් මිතුරුකම් දක්වන අය,
මෙයා හිස් අතින් ඇවිත් අපෙන් යමක් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. පොඩි දෙයක් දීලා, ලොකු දෙයක් ගන්න බලනවා. අවදානමක් ඇති වෙලාවට තමන්ගෙ කටයුතු විතරක් බලාගන්නවා. තමන්ගෙ ප්‍රයෝජනය විතරයි සළකන්නෙ.
2. වචනයෙන් විතරක් සළකන අය,
මෙයා, ‘කලින් කියන්න එපෑ උදව් කරන්න තිබ්බනෙ‘, ‘හරි හරි ආයෙ දවසක මෙහෙම උනොත් කියන්න අනිවාර්යයෙන් උදව් කරන්නම්‘ කියනවා. ඒත් දැන් උදව්වක් ඉල්ලුවහම, එයාට වෙලා තියෙන කරදර ගැන කිය කියා මගහරිනවා.
3. ඉදිරිපිටදි ස්තූති කරන, රැවටිළි කතා කියන අය,
මෙයා අපි කරන වැරදි ත් අනුමත කරනවා, හොඳ දේවලුත් වර්ණනා කරනවා, අපි ඉදිරිපිටදි අපේ හොඳ කියලා, නැති තැන අපේ වැරදි ගියනවා.
4. වැරදි වැඩ වලට මිතුරු වෙන අය.
මත්ද්‍රව්‍ය වලට, රස්තියාදුවට, සූදුවට, නැටුම්පොළවල් වල වල බහින්න තමයි මේ අය යාළු වෙන්නෙ. මේ වැරදි ගැන කලින් පෝස්ටුවෙ විස්තර වෙනවා.
නියම මිතුරන් 4 දෙනෙක් ඉන්නවා:
1. උපකාර කරන,
වෙරි වෙලා වැටිලා ඉන්න යාළුවා, ආරක්ෂා කරනවා, එයාගෙ ධනය ආරක්ෂා කර දෙනවා, යාළුවට අවදානමක් ආවහම උපකාර කරනවා, මොකක් හරි කටයුත්තක් තියෙන කොට දෙගුණයකින් විතර වස්තුව ලබා දෙනවා.
2. සැප දුක දෙකේම සමානව පවතින,
මෙයා තමන්ගෙ රහස් යාළුවට කියනවා, යාළුවගෙ රහස් පිටකරන්නෙ නෑ, යාළුවට විපතක් වුනොත් අත් හරින්නෙත් නෑ, යාළුවා වෙනුවෙන් ජීවිතය පවා කැප කරනවා.
3. හිතකර වැඩ වලට උනන්දු කරන,
මෙයා, යාළුවා පවු කිරීමෙන් වළක්වනවා, හොඳ වැඩ වලට යොමුකරනවා, අහල නැති දේවල් ගැන දැනුවත් කරනවා, සුගතියට පත්වෙන ක්‍රම හොයා දෙනවා.
4. අනුකම්පාකරන.
මෙයා, යාළුවාගේ පිරිහීම ගැන දුක් වෙනවා, දියුණු වෙනව නම් සතුටු වෙනවා, කවුරුහරි යාළුවගෙ වැරදි කියනවනම් වළක්වනවා, හොඳ කියන අය දිරිමත් කරනවා.
නුවණින් මේ මිතුරන් හතර කොටස හඳුනාගන්නා තැනැත්තා, මවක් දරුවා ඇසුරු කරනවා වගේ මේ මිතුරන් ඇසුරු කරනවා.
හික්මීමෙන් සහ නුවණින් යුක්ත තැනැත්තා, මලින් රොන් ගන්නා බඹරෙක් වගේ අනුන් ට පීඩා නොකර වස්තුව රැස්කරන්නට සමත්.
මෙහෙම රැස් කරන වස්තුව හතර කොටසකට බෙදන්න කියලා බුදුන් වහන්සේ කියනවා:
1. කොටසක් පරිභෝජනයට,
2. කොටස් දෙකක් ආයෝජනයට,
3. කොටසක් අනාගත අවදානම් වෙනුවෙන් සුරැකුම් විදිහට.
බෞද්ධයෙක් යුතුකම් ඉටු කළ යුතු සදිසාවන් :
1. මව්පියන් (නැගෙනහිර දිශාව)
2. ගුරුවරු (දකුණු දිශාව)
3. අඹු දරුවන් (බටහිර දිශාව)
4. මිතුරන් (උතුරු දිශාව)
5. සේවකයන් කම්කරුවන් (යට දිශාව)
6. මහණුන්, දාර්ශනිකයන් (උඩ දිශාව)
මේ සදිසාවන් ගැන විස්තර මීළඟ පෝස්ටුවෙන් කතා කරන්න වෙන හැඩයි. ඩ්‍රැකියා වැඩකරන කාර්යාලය වහන වෙලාව ළඟයි. මී ළඟ පෝස්ටුව කියවන්න ලැබෙන්නෙ වෙසක් පෝයෙන් පස්සෙ. එතෙක් ඩ්‍රැකියාගෙ බණ අහන්න ආව සියළු දෙනාටම ත්, දන්නා නොදන්නා ලෝක වාසී සියලු දෙනාටමත් ප්‍රීතිමත් සුභ වෙසක් මංගල්‍යයක් වේවා !!!
පින්තූරය ගත්තේ : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLKUC5lKUq6pb6WuQVFfYFcHeN4EulyIvqbYEcipW25P6EhjacbDFRfYQGWiqqzCL9pFhvXYjs7yO9VDwmUwy0few7uG4RUaqRe8Hrwsd80tj89n3OC646wHVS_nOziwnOsW_woa4L1gFE/s1600/z_pic350-vis+(1).jpg
මෙවැනි දෑ තමයි බුදුන් ගිහි පිරිස වෙනුවෙන් දේශනා කරේ. මෙමගින් පුළුවන් ගිහි ජීවිත ගෙවන අපේ ජීවිත හැඩ ගස්සවා ගන්න...
ReplyDeleteනමුත් මම පහු ගිය ටිකේ දැක්කා ගිහියන් වෙනුවෙන් දේශනා කල දේ සහ භික්ෂූන් වෙනුවෙන් දේශනා කල දේ අතර වෙනසවත් හඳුනා ගන්න බැරුව වැටුණ පෝස්ට් වෙනත් බ්ලොග් කීපයක..
ඒ වෙනස හඳුනා ගැනීමකින් තොරව යමෙක් ධර්මය අවබෝද කර ගනී නම් ඔහු නිසැකවම විපතට පත් වේ...
එවැනි පසු බිමක ඔබ මේ සියල්ල පැහැදිළිව බෙදා වෙන කර දැක්වීම පැසසිය යුතුය.
ස්තූතියි සහන් අයියා. ධර්මය සමහරු තමන්ගෙ බිස්නස් වලට ඕනෙ විදිහට වෙනස් කරලා ත් දේශනා කරනවා. ඔයා කියන වෙන් කිරීම හඳුනගන්න බැරි අයත් බුදුන් වදාළ ධර්මය කියලා මොනවාදෝ දේශනා කරනවා. තව ප්‍රසිද්ධ අය ෆේස්බුක් එකේ තියෙන පල්හෑලි සහ බොරුත් ධර්මය කියලා දේශනා කරනවා. මට නම් වශයෙන් මේ තුන්ගොල්ලො ගැන කියන්න පුළුවන්. මගේ මේ වෑයම බුදු දහම මොකක්ද කියලා හොයාගන්නයි.
Deleteඅන්න මේ ටික නම් දන්නවා සින්ගාලෝවාද සුත්‍රයේ තියනවා කියලා
ReplyDeleteඅන්න මචං, හොයලා බලන්න අනිත් ටිකත් ඊට කලින් තියෙනවා.
Deleteමේ වෙසඟේවත් බුදුන් දකිත්වා...!!!!
ReplyDeleteබුදුන් දැකිය යුතුම උන් ට නම් කල්පයක් වත් යයි නේද ඒකට?
Deleteඩ්රැකී පොසොන් පෝය වෙනතුරුම ධර්මය ලියනවද
ReplyDeleteනෑ නෑ. පොසොන් එකට වෙනම පොසොන් කළාපයක් ලියනවා.
Delete