සරු බීජ ලියන අපේ පර්යේෂක මහත්තයා හෙවත්, ප්‍රවීණ ලේඛක සුනිල් කුමාරසිංහ අතුකෝරළ කාලාන්තරයක් තිස්සේ දිවයින බදාදා අතිරේකයට ලියපු ලිපි වලින් තෝරාගත් ලිපි එකතු කරලා ප්‍රකාශයට පත් කරපු පොතක්, දොරට වඩිනවා.
පොතේ නම, "ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය, සංස්කෘතිය සහ සන්නිවේදනය"
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී
2014-09-13 සෙනසුරාදා උදේ 9.30 ට තමයි දොරට වඩින උත්සවය...
එදාට එහෙ යන එකේ වැදගත්කම:
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ගේ ප්‍රමුඛ දේශනය
මාතෘකාව - "සිංහල සංස්කෘතියේ විශේෂ ලක්ෂණ"
ඊළඟට - කෘතිය ගැන හැඳින්වීම
ශ්‍රී ලංකා සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා,
සමාජ සේවා විද්‍යාලයේ කථිකාචාරිනී,
ශාමිණි අත්තනායක
මෙහෙයවීම සහ කථනය:
ප්‍රවීණ කිවි,
දෙ. වි. ගාල්ලගේ සහ
රන්බිම ප්‍රධාන කතෘ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කථක,
රන්ජිත් ප්‍රේමතිලක
පොතේ පිදුම:
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේද අධයයන අංශයේ අංශාධිපති
ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර
පුළුවන් අය එන්න... ඔළුවට හරවත් යමක් දාගෙන යන්න...