මේ මම උපුටාගන්නේ ෆේස්බුක් හි ක්ලැරන්ස් රසික සමූහයේ Prabhath Prabhath මහතා ගේ ලිපියක්...
👉👉අමිරැ ජයමහ මහතාට නොලියුනු දෙයක් ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා තිබු නිසා ,මම ද මුන්ස්ටෝන්, ගෝල්ඩන් චයිම්ස් , සුපර් ගෝල්ඩන් චයිම්ස් හා විශේෂයෙන්ම ක්ලැරන්ස් විජේවර්ධන මහතාට අතිශයින්ම ගරැ කරන කෙනෙක් ලෙසින් මේ තොරතුරැත් ඉදිරිපත් කිරීමට සිතුවෙමි..
1970 අප්‍රේල් මාසයේදී, ක්ලැරන්ස් විජේවර්ධන ප්‍රමුකව ශානක විජිත් එකතුවී" ප්‍රසංගයක් පවත්වමු!" කියලා යෝජනා වෙනව. ඔවුන් එය "Breakaways from the Moonstones" ලෙස හැඳින්වූ අතර එය මොරටුවේ ශුද්ධ වූ එමානුවෙල් පල්ලියේදී සිදු විය. ප්‍රධාන ගිටාර් වාදකයෙකු වන ඇන්ටන් ගුණතිලක එම ප්‍රසංගය සඳහා එක් වුණා. එය අතිවිශිෂ්ට ප්‍රසංගයක් වුණා!
ඉන්පසු අලුත් කන්ඩායමක් ආරම්භ වෙනවා.
ක්ලැරන්ස් විජේවර්දනයන්ගේ ගායන දිවිය මල්වර ගැන්වෙන්නේ ඊට පසුව.ඉන් පසු ආරම්භ වුනේ ඔහුගේ දෙවන උපතයි. ඒ ගෝල්ඩන් චයිමස් කන්ඩායම නිර්මානය වීම.
ඒ ප්‍රසංගයෙන් පස්සේ, ජෙරල්ඩ් වික්‍රමසූරිය. මහතා 1970 දී ඒ කණ්ඩායම "Golden Chimes" ලෙස නම් කරනවා. (ඉතින් ඒක තමයි Golden Chimes සංගීත කණ්ඩායමේ ආරම්භය.
1970 අවුරුද්දේ මැද දී ඩික්සන් ගුණරත්න Lead guitar වාදකයා ලෙස Golden Chimes කණ්ඩායමට එකතු වුණා. ක්ලැරන්ස් rhythm ගිටාරයෙන්, චානක පෙරේරා bass ගිටාරයෙන්, ඩික්සන් ගුණරත්න lead ගිටාරයෙන් සහ විජිත් පීරිස් drums වාදනයෙන්. ඔවුන්ගේ පළමු EP තැටිය, නාමාවලිය CHB අංක 014 ) "The Dynamic New Sound of the Golden Chimes" ලෙස නිකුත් කළා,
. 'පාට පාට රන්තටු', 'සිහින් සිනාවයි', 'කිමද නාවේ' සහ 'මගේ පැල්පතේ' .ඉන් එලිදැක්වුනා
1971 දී අනිල් භාරතී සහ ලාංකිකා Golden Chimes කණ්ඩායමට ගායනයෙන් දායක වෙනවා. ලංකිකා පෙරේරා, ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායමක main female vocalist කෙනෙකු වූ පළමු කාන්තාවන්ගෙන් කෙනෙක්. ඔවුන් තවත් EP තැටියක් Philips ලේබලයෙන් නිකුත් කළා. (Super tone නාමාවලිය VTA අංක 1007) දරන මේ නිකුතුවේ 'මලයි වැලයි', 'සිහිල් නුවන්', 'සුරඟන වෙස් වලා' සහ 'මාගේ වියෝවෙන්' යන ගීත.එලිදැක්වුනා 'අනිල් භාරතී කන්ඩායමට එකතුවුනේ බටහිර ගීත ගයන්න. එකල ලාංකිකාද සිංහල මෙන්ම බටහිර ගී ගායනයටද දස්කම් දක්වූවා.නමුත් ශානක පෙරේරාගේ ඉල්ලීම මත ක්ලැරන්ස් විසින් අනිල් බාරතීට අද වෙයි ඉරු දින', 'මා ආදරෙයි නංගියේ' වගේ ගීත ගයන්නට අවස්තාව උදාකර දුන්නා ඔහු ගැයු "බෙත්ලෙහෙම්පුරේ" කියන නත්තල් ගීතය අදටත් ඉතා ජනප්‍රිය ගෝල්ඩන් චයිම්ස් මතකයට නංවන ගීයක්.
1971 චානක සහ ලංකිකා විවාහ වෙනවා.ක්ලැරන්ස් ඔවුන්ගේ විවාහ මංගල්‍ය වෙනුවෙන්ම "රන් සීනු හැඬවී" ගීතය නිර්මානය කර දෙනවා .ඒ දෙව්මැදුරේ ඔවුන් එකතුවී ගයන්නට. එය අපූරු ගීතයක් නමුත් ඔවුන්ට එය පටිගත කරන්න තියන අවස්තාව නැතිවී යනවා ඉරු දින', 'සඳයි තරුයි', 'තක්කිට තරිකිට', 'මුහුදු රැල්ල' යන ගීත එලිදකින්නේ ඊට පසුව 1972 සිහින පතුම් විමනේ රස මිහිර ගෙනා පුතුනේ සහ රන් මොනරුන් (ලන්කි මගේ පෙම්බර මිතුරී) ගමෙන් ලියුමක් යුග ගීතය යන ගීත නිර්මානය වෙන්නේ ලන්කිකා ඇතුලුවයි. (මේ බව 2000 ප්රසංගයේදී ලන්කිකා පැවසුවා) සිහින පතුම් විමනේ ගීතය නිර්මානය වෙන්නේ ලංකිකාට ඒ ඇගේ පුතා වෙනුවෙන් .නමුත් ඒ ගීතය අැයට කියන්නට ලැබෙන්නේ නැහැ. ඒ ගොල්ඩන් චයිම්ස් කන්ඩායමෙන් ක්ලැරන්ස් සහ ඩික්සන් ඉවත් වීම නිසා..ඔවුන් සඅපර් ගෝල්ඩන් චයිම්ස්. ලෙසට අලුත් කංඩායමක් හදනවා.ඒ ගීතය ක්ලැරන්ස් නැවත අැනස්ලී මලවන සමග එකතුවී සුපර් ගෝල්ඩන් චයිම්ස් නිර්මානය වීමත් සමගම නැවත ගායනා කරනව.
👇👇👇👇👇👇👇👇👇
ගෝල්ඩන් චයිම්ස් නැවත අලුත් වෙනවා
ඒ වෙනුවට රුක්ශාන් පෙරේරා ලක්ප්‍රිය ද සිල්වා සහ ලයසින් දසිල්වා එකතු වෙනවා.ලයසින් එකතුවෙන්නේ ඕර්ගන් වාදකයෙක් ලෙසට.
ක්ලැරන්ස් ගෙනා ශෙෙලිය කන්ඩායම් ගී බටහිර ගී රටාව නොබිදී ඉදිරියටම ගෝල්ඩන් චයිම්ස් ගෙන යනවා. ඉන් පසු ඔවුන් "අදුරට බැන බැන" ,සිහිවේ, සිහිනිඟ වටකුරු, පුතු නිදියයි ,ගීත එලිදක්වනවා ඒ ගීත නිර්මානය වෙන්නේ ලක්ප්‍රිය ද සිල්වා තුලින්. මොලකැටි පුතුනේ ගීතයට ගුවන්විදුලි තහනමක් ආවා කියා කතාවක්ද තිබුනා. පසුව රුක්ශාන් පෙරේරා ඉවත් වී ක්ලැරන්ස් ට එකතුවෙනවා සමගම ජයන්ත සිරිමාන්න එකතු වෙනවා ගෝල්ඩන් චයිම්ස්ට. ගමෙන් ලියුමක් පිලිතුරු ගීය ,මා මතක නති කලාට, වැනි ගීත එලි දක්වෙන්නේ ඉන් පසුව. එලෙස ඔවුන් තවත් තැටි තුනක් පවා නිකුත් කිරීමට හැකි වුණා. ඒක ඇත්තටම ධෛර්යයක්.
ක්ලරන්ස් විජේවර්දන ඉවත් වුනත් කන්ඩායම නොබිදී තියාගනිමින් ඔවුන් සිංහල ගීත මෙන්ම බටහිර ගීත තුලින්ද කන්ඩායම වර්ණ ගන්වමින් ගුවන්විදුලි වඩසටහන් දියත් කරා..මේ කාලය වන විට ගුවන් විදුලියේ කන්ඩායම් ගී වලට තිබුන අවස්තාවන් හීන වේගෙන යන යුගයක් වුනා. හදිසියේ ලක්ප්‍රිය සහ ලයසින් යන දෙදෙනා කන්ඩායමින් ඉවත් වී එවකට ක්ලරන්ස් විජේවර්දනයන් අරාම්භ කර තිබූ සුපර් ගෝල්ඩන් චයිම්ස් කන්ඩායමට එකතුවුනා.
1970 දශකය අග භාගය වන විට චානක පෙරේරා විදේශගත වෙනවා. ඒ වකවානුවේ ලාංකිකා නිර්මාන කිරීමෙන් බහැර නොවී ගීත කීපයක් පටි ගත කලා. ඇය, කරුණාරත්න අබේසේකරයන්ගේ පද වලට ප්‍රියා පීරිස් ගේ තණු නිර්මානයෙන් ගුවන් යානය ,දිනක සයුර රත්තරනේ වැනී ගීත එලිදක්වුවා.
පොඩි නිහැඬියාව බිදිමින් 1980 දි ගෝල්ඩන් චයිම්ස් යලි කරලියට ආවා. ඒ බටහිර සහ සිංහල කන්ඩායම් ගී දෙකම සමබරව ගයන කන්ඩායමක් ලෙස .එහි ශානක පෙරේරා ලන්කිකාගේ සොයුරු ඩොල්ලා පීරිස් ,නිහාල්, රවීන්ද්‍ර සහ සහ තිලක් යන සාමාජිකයන්ගෙන් සමන්විතවුනා. ඒ ප්‍රසිද්ද වේදිකාවට අමතරව දකුනේ සංචාරක හෝටල් වල සංගීතය සපයන කණ්ඩායමක් ලෙසයි.පසුව නොයෙක් වර කාලය සමග නිහාල් අස්මොන් සුරෙශ්නි පෙරේරා රන්ජන් ප්‍රනාන්දු ටෙරී මිස්කින් ,ජගත් පීරිස්,කන්ඩායම නියෝජනය කලා.
1987 ඔබ්සවර් පුවත් පත සන්විදානය කල "මියුසිකල් ස්ටාර්ස් " Musical Stars Musical සම්මාන උලෙලේ ජනප්‍රියම කන්ඩායමට (most Popular Band of The Year) හිමි සම්මානය හිමි කර ගන්නට ගෝල්ඩන් චයිම්ස් කන්ඩායමට හැකිවුනා .ඒවනවිට ඩ්‍රම්ස් වාදනයෙන් ශිරාස් සුදර සහ ලන්කිකාගේ සොයුරු ලක් දේවා කන්ඩායම නියෝජනය කරමින් සිටියා....පසුව වරින් වර එකතුවූ ශිරාන් ගෝමස්. අසන්ජී වික්‍රමසින්හ .බචී සෙට්ටමිගේ දිස්නක දනසේකර කන්ඩායම ඉදිරියට ගෙන ගියා ඒ ඔවුන්ගේ මල්බර යුගය වුනා.1991 දී බටහිර ජනප්‍රිය ගී අසුරෙන් 'මායා " නමින් අල්බමයක් එලි දක්වුනා ඒ ගීත ගයුවේ ලන්කිකා සමග ලක් දේව් විසින්. කුසුමන්,සමරු පොතේ,තාරුකා, ලදක් අනුලාවන් වගේ, පහන් තරුව, ආදර කුමරුනි, ඉන් කීපයක්.ඒ වෙනකොට කන්ඩායම් ගී පොකුරට එකතුවුනු මායා ඇල්බමයේ ගීත රචනා කලේ ලක්දේව විසින්.ඒ ගීත විවිද අර්තයන්ගෙන් සමන්විත වුනා
1980 දශකය වන විට ලංකාවේ හොඳම dance bands 5න් එකක් බවට golden chimes පත් වෙනවා. බොහෝමයක් celebrations වලට සෑම කෙනෙකුටම Golden Chimes නැතුවම බැරි band එකක් වුණා!
2000 දී, ඔවුන් ඔවුන්ගේ 30 වන සංවත්සරය සැමරුවා! මොරටුව බෞද්ද මන්දීරයේ පැවැත්වූ මෙම ප්‍රසන්ගය ශාලාව පිරී ඉතිරී යන ප්‍රසන්ගයක් වුනා ලක් දේවා රචනා කල මුතු සැමරුම් විශේශ ගීයක් ඔවුන් එදා ගායනා කල එය නැවත පටිගත කිරීමක් වුනේ නෑ . ලන්කි මගේ පෙම්බර මිතුරී යන රන් මොනරුන් ගීය ශානක එදා ගායනා කල ඒක විශේශ සිදුවීමක් සිරස මාද්‍ය තුලින් මෙම ප්‍රසන්ගය එලිදක්වූවා
පෙර යුගයේ තහනම් වූ "ගමෙන් ලියුමක් පිලිතුරු ගීය" ලක්දේව විසින් ගැයුවා. කඩායම් ගී ශෙෙලිය ඉදිරියට ගෙනයමින් ඔවුන් නව ගීත කීපයක් එලි දක්වූවා යොවුන් වසන්තේ ,හිරු නැගීලා ,කුරුලු කැදැල්ලේ ,සිතුම් නිල් දියේ ,ඉන් කීපයක් .
එම වසරේම ඔවුන්ගේ පලමු සී ඩී තටිය "කිමදනාවේ "නමින් තොරානා ලේබලය යටතේ එලි දක් වුනා.එහි ලක් දේවා විසින් නව ගීත 7 ක් නිර්මානය කර තිබුනා,
ශානක පෙරේරා විසින් ඔහුගේ කුලුදුල් ගීය "සාගර වෙරලේ "නමින් එහි අඩංගු වුනා.එහි පද තනු නිර්මනය වුනේ ලක් දේවා අතින් .ශානක ගායනා කලා. ගලා හැලෙනා ,දලදා පෙර හැර සිහින් සිනාවයි සිහින සාගරේ , ආදරයක් අතුලු පෙර ගැයු සහ නව ගීත වලින් එය රසවත් වුනා. 70 දශකයේ ශෙෙලියේ ගී නිර්මාන කරනයේ අඩුවක් නොලද ගොල්ඩන් චයිම්ස් කන්ඩායමට.විදේශීය අරයුම් ගලාගෙන ආවා.
දෙස් විදෙස් තුල සංචාරක ව්‍යාපාරය තුල ඉහල ප්‍රතිචාර ලබමින් ඔවුන් ඉදිරියට යද්දි ක්ලැරන්ස් විජේවර්දනයන් සමග ප්‍රසංග වලදි ඔවුන් නැවත හමුවුනා. පෙර මුසු කල ගී රසය නැවත අලුත් වුනා එවකට ක්ලැරන්ස් සුපර් ගෝල්ඩන් චයිම්ස් කන්ඩායමේන් ඉවත්ව අලුත් කන්ඩායමක් නිරිමානය කලා "මදාරා"නමින්. නව ගීත කිරීමට ආරාදනාවක්ද. ගෝල්ඩන් චයිම්ස් කංඩායමට ලබුනා,
කාලය සමග ලන්කිකා ප්‍රමුක ගෝල්ඩන් චයිම්ස් කන්ඩායමට 2024 වනවිට වරින් වර නව සාමාජිකයක් එකතු වුනා ප්රිමල් ප්‍රනාන්දු පුශ්ප ඩයස්, එරංග,කමල් ගාල්ලගේ ඉන් කීපයක්..කන්ඩායම් සන්ගීතයේ නොනැවතුන ගී මතක ගෝල්ඩන් චයිම්ස් ගැන දත් නොදත් තොරතුරු ඔබට තිලින කලේ ඉතා සතුටින්. මේ තෝරතුරැ වලින් පෙන්වන්වන්නේ ක්ලැරන්ස් ඉදිකල මාවත දිගේ ඔහු බිහි කල ගෝල්ඩන් චයිම්ස් කංඩායම කොතරම් දුරක් අාවාද යන්නයි. ක්ලැරන්ස්ගේ ශෙෙලියට බිඳක්වත් හානි නොකර ගෝල්ඩන් චයිම්ස් ඉදිරියටම ගෙනා ඒ පරපුරට ස්තුතියි. 🙏🙏🙏
+++++++++++++++ වැටමාර ටිකක් නයට ඉල්ලා ගත්ත ප්‍රා ජේ ගෙන්
ReplyDeleteප්‍රා ජේ කිව්වෙ අල බෝලයක් අතාරින්න කියලයි.😋🤣
Deleteදේශීය අලයො නගා හිටවන්න ඕන කියල තමයි කොමා ස‘ කියන්නෙ.
Deleteඅජිත්,
Deleteපහුගිය කාලේ ප්‍රාජේ නං ගැහුවෙ කරන්ට් වැටවල්
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
බකුසෝ,
මේ වගේ ද?
🥔🥔🥔🥔🥔🥔🥔🥔
අරටු නයෝ,
මං තකහනියක් අපේ නගා එක්ක කතා කළා ඒ ගැන,
මේ ගැන ද?
Deleteඒ අල හරි කමක් නෑ, වගාව නගා හිටුවන්ඩයි ඕනෙ
Deleteනයා හිටුවංටනං අහිකුණ්ටිකයෙක් ඕනෙ.
Deleteනගා කොහොමද දන්නෙ නෑ.
නගා මැරූ අල - නියඟලා ද
Deleteප්‍රා,
Deleteනයා හිටුවන්ට අපිටත් පුළුවං මෝල් ගහක් ගිල්ලෙව්වනං.
අජිත්,
නැහැ නේද? ගූගල් කියන විදිහට, නගා මැරූ අල කියන්නෙකහපාට මලක් පිපෙන ඉඟුරු වගේ පඳුරක්. නියඟලා ඉතිං සුදුපාට හීනි අලයක් තියෙන වැලක් නෙව, කහයි රතුයි මලක් පිපෙන.
This comment has been removed by the author.
ReplyDeleteකමෙන්ට් වල සෝදු පත් බැලීමට නයි එන නිසා, වෑංජන දෝෂ හේතුවෙන් ආතර් විසින් මකවන ලදී.
Deletehttps://www.facebook.com/share/19ZGHsKfLf/
Deleteඅම්මප මේ ආතරයටත් වෙන වැඩක් නෑනෙ.
Deleteආතරයට පුරුදු කරමු කොන්ක්‍රීට් දාන්න
Deleteලක්දේව විසින් ගැයූ "ගමෙන් ලියුමක් පිලිතුරු ගීය" හොඳ කොලිටි එකක් ලැබුනෙ නෑ.
ReplyDeletehttps://www.youtube.com/watch?v=2KMbOTZ4IhQ
ඒ ගීය තනම් වුනේ ඇයි කියල එක ප්‍රශ්ණයක්. කොහොමත් ඔය යුගේ දේශපාලනය වල් වැදිලා, රේඩියෝ සිලෝන් එකේ ඒකාධිකාරිය උච්චම කාලෙ. ඒ නිසාම රේඩියෝ සිලෝන් එක දරුණුවට දේශපාලනීකරණය වෙලා, කලාව පාදඩනීකරණය වෙලාත් තිබ්බා. විරුද්ධවාදී
කලාකරුවන්ගෙ තැටිවල, පොල් පරාල ඇණ වලින් ඉරි ඇන්දෙ රේඩියෝ සිලෝන් තැටි ගබඩාවෙදි.
න යන්න හැලුනා අපෙ හාංදුන්නේ. තහනම්, ඈ?😁
Deleteපිළිතුරු ගී වලට ඒ හැටි කැමැත්තක් නම් නෑ 90 අගභාගයේ විතර පිළිතුරු ගී වැහි වැස්සා වගේ මතකයි. ලක්දේව විසින් ගැයූ "ගමෙන් ලියුමක් පිලිතුරු ගීය" නම් හොයාගන්න බැරිවුණා
Deleteබකුස්,
Deleteඒ ගීතය ගැන දැනං හිටියෙ නෑ. ලිංක් එක දිගේ ගිහිං ඇහුවා. ඒත් මට නං එච්චර අල්ලලා ගියෙ නෑ.
රේඩියෝ සිලෝන් එකේ මන්ද මානසික පොලිටික්ස් ගැන ක්ලැරන්ස් මූවි එකෙත් කතා කරනව. ඇත්තටම මූන්ස්ටෝන්ලට එහෙම එකක් වෙලත් තියෙනව. අන්තිමට විජය කොරයා මූන්ස්ටෝන් සිංදු ඉංග්‍රීසි සේවයේ දාන්නෙ, ඕනෙ බම්බුවක් ගහගන්ඩ කියල.
නයන්න නෙමෙයි හැලිල තියෙන්නෙ, හ යන්න
නිහඬපාල,
මගෙත් ඒ තරම් කැමැත්තක් නෑ පිළිතුරු ගීතවලට. ඒක හරි ලේසියි නේ, කවුරුහරි හිතල ගීතයක් ලියල, තනුවක් දාල, සංගීතය නිර්මාණය කරල, අලුත් ම ප්‍රඩක්ට් එකක් එලියට දැම්ම ම, ඒකෙ සංගීතයයි තනුවයි අරං, ලිරික්ස් පොඩ්ඩක් වෙනස් කරල සිංදුවක් ගහන එක?
ඇණනං ඉතිං.......
Deleteපොල් පරාල වලින් ඇණ හැදුව කියල ඇහුවමයි නේද?
Deleteගාමිණී ඇණ වගේ නෙවෙයි, බකුසු ඇණ.
Deleteප්‍රසන්න, සමහරවිට වඩුමඩුවෙදි හදලා, ලී පුරුද්දන්ඩ ගහන ලී ඇණ ජාතියක් වෙන්ඩැති
No comment 😵💫
Deletehttps://www.seaart.ai/explore/detail/d2cs845e878c73dt2uk0?u_code=KLN4M55Q
Deleteහෙහ්, හෙහ් ඒකත් ඇණ කතාවක් තමයි - වෙල් ඇණයක්. ඒත් ප්‍රාජේ කිව්වෙ වෙන ......නෑ එක්කො ඕනෙ නෑ 😋🤣
Deleteහෙහ්,හෙහ් පොටෝ එකේ ප්‍රොම්ට් එක තමයි මරු, ඈ?👌😋🤣
Deleteමම ඒ පිංතූරෙ පෝස්ට් එකටත් එබුවා.
https://frozenlazyowl.blogspot.com/2021/08/blog-post_15.html
මෙතන ඉන්න කවෘහරි දන්නවද ප්‍රභාත් විජේවර්ධනගෙයි ක්ලැරන්ස් විජේවර්ධනගෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද කියල.
ReplyDeleteදන්න කෙනෙක් ඉන්නවනං, මටත් කියහල්ලා... 🐍💥🔦🤪
Deleteතව, චම්පික ප්‍රසන්න මාලවන ගැනත් හොයන්ඩ වටිනව
Deleteමම ගූගල්ට කිව්වාම හොයන්න කියලා උපාලි විජේවර්ධනගෙ නම දුන්නා.🤔
Deleteතව කොච්චර ඉන්නව ද, බකුස්?
Deleteහෙලේනා විජේවර්ධන
ඩී ආර් විජේවර්ධන
ෆිලිප් රේවත විජේවර්ධන
උපාලි
චන්න
ක්ලැරන්ස්
මං
අපේ අයියා
මයෙ පුතා හුටංබරස්
...
ඔව්වයෙ අග මුල හොයන්ඩ යන්ඩ එපා.
ඒ උනාට පාට Lee චම්පික ගැන හොයන්න එපා.
Deleteතව තියෙනව,
Deleteප්‍රසන්න රණතුංග
ප්‍රසන්න රණවීර
ප්‍රසන්න විතානගේ
ප්‍රසන්න බැද්දගේ
ප්‍රසන්න විජේවීර
සොත්ති ප්‍රසන්න
ආනමාලු ප්‍රසන්න
...
තව ඕනෙ ද?
This comment has been removed by the author.
DeleteThis comment was in fact removed by an owl.
Deleteහෑ! 😮😋
DeleteThis comment has a bean.
DeleteThis comment has soya
DeleteThis comment is not a comment
DeleteI would not comment but I will comment if everyone would comment.
Deletethis comment at least doesn't have any letters
Delete
Deletethis comment is flying in space
the above comment is actually by Drackey junior
DeleteNo comment
DeleteCo-ment
DeleteWhat he ment, is ... ohhh never mind
Deleteමම බ්ලොග් කියෙව්වට ඔය චිත්‍රපටියනම් බලන්නැ කියල හිතාගෙන ඉන්නේ ..
ReplyDeleteමේ සටහන් ටික නම් සෑහෙන වටිනවා
ෆිල්ම් එක ගැන මං දැකපු හොඳම විචාරය, කාර් පිස්සුව බ්ලොග් එක ලියපු තරිඳු ගෙ...
Deletehttps://www.facebook.com/share/p/1Aqm8tEWue/