එකෝමත් එක කාලෙක...
ගම්බද පාරක යමින් සිටි බෙරවායෙකුට දකින්න ලැබුණේ කවදාවත් අහලවත් නැති දර්ශනයක්.
රත්තරන් කොතක්... පළාත ම දිළිසවමින් එකපාරට ම පොළොවෙන් මතු වුණා. කීප මොහොතකින් ආපසු පොළොවට ම ගිළුණා. ආපහු තවත් තැනකින් මතුවුණා. ආපසු ගිළුණා. මේ විදියට කීප විටක් ම මතුවුණු රන් කොත, පොළොව දිගේ පහතට ඇදී ගෙන ගිහින්, පහතින් තිබුණු ඔයට වැටුණා.
මේ ආශ්චර්යය දැකපු බෙරවායා, මේ සිදුවීම නම් දේව හාස්කමක් බව හිතලා, ඊට කරන ආචාරයක් වගේ ම ඒ ගැන අවට සිටි ගම්වැසියන් ට දැන ගැනීමට හේවිසි ගහන්න පටන් ගත්තා.
මේ සිදුවීම කටින් කට ගියා. මේ කොත මතුවුණු විවර හැටියට හඳුනාගන්න පුළුවන් - පතුලක් නොපෙනෙන විවර තුනක් මේ කියන ප්‍රදේශයේ තියෙන ආකාරය පසුව සොයාගන්න පුළුවන් වුණා. බෙරවායාගේ කතාවේ කොත පහළට ඇදී ගිය මාර්ගය විදිහට සළකාගන්න පුළුවන් පුළුල් සහ ගැඹුරු ඇලක් වගේ ගල්වලින් හැදුණු මාර්ගයක් ඒ කියන ආවාට තුන අසළින් පටන් ගෙන ඔය දිහාවට පහළට සකස් වෙලා තිබුණා.
කටින් කට ගිය ජනප්‍රවාදය අනුව මේ ප්‍රදේශය කොත්තුනුගොඩ හැටියට හැඳින්වුණා. ඒ සමස්ත ප්‍රදේශය ම කොතක් මතුවුණු මලය (හෙවත් කඳුකරය) යන අර්ථයෙන් පසුකාලීනව කොත්මලේ නමින් හැඳින්වුණා.
* * *
ඇත්තට ම කොත්තුනුගොඩ මේ දක්වාත් ඔය කියන පත්ළක් නොපෙණෙන ආවාට තුන තිබෙණවා. ඒ අතරින් විශාල ම ආවාටය අසළින් පහළට ඇදෙන ගල් බිත්ති සහිත ඇළ මාර්ගය දැනටත් ගම්වැසියන් හඳුන්වන්නේ දෝව කියලා. දෝවේ ගල් බිත්තිවල සටහන් වෙලා තියෙනවා, උණු ලාවා පහතට ගළාගිය ආකාරය. ආවාටවල ස්වභාවය වගේ ම ඉහතින් තිබුණු ජනප්‍රවාදයෙන් ඇඟවෙන ආකාරයට, මේ කියන්නේ සක්‍රිය වුණු කුඩා ගිණිකන්දක් ගැන...
සමහරවිට අර කියන බෙරවායා ඇත්තට ම ගිණිකන්දක් දැක්කා ද? එහෙමත් නැත්නම්, මේ ආවාට සහ දෝව දැකපු පසුකාලීන ජනාවාස ඇතිකරගත් ගැමියන් මේ සියල්ල එකතු කරලා ජන කතාවක් නිර්මාණය කළා ද?
ඔය ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.
අපට පසුගිය දෙසැම්බර් 13 වැනිදා මේ ස්ථාන ඇස් දෙකෙන් ම දැකගන්න හැකි වුණා. පහතින් තියෙන්නේ ඒ ගැන සවිදු සත්සර විජේවර්ධන උන්නැහැ කළ යූටියුබ් විඩියෝව. ඔබත් දැකගන්න...
අපි තවත් කුතුහලාත්මක වීඩියෝ මේ චැනල් එකට එකතු කරලා තියෙනවා. ඉදිරියටත් තවත් වැඩිය දකින්න නොලැබෙන දේවල් ගැන, එහෙමත් නැත්නම් අපි හොඳට දන්න දේවල නොදන්න විස්තර ඇතුළත් විඩියෝ එකතු කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනික් අයටත් මේ ගැන කියන්න. ඔබ ලබා දෙන නොමිලේ ප්‍රචාරණය අපට ලොකු තල්ලුවක් සහ උනන්දු කිරීමක්. (මොනටයිස් කරලා, තවදුරටත් ගුණාත්මක විඩියෝ කිරීම සඳහා අවශ්‍ය වියදම් ආවරණය කරගන්න පොඩි පහේ ආදායමක් ලබා ගන්නත්...)
විඩියෝව පටිගත කරගැනීමට සහ ප්‍රදේශය ගවේෂණය කිරීමට උපකාර කළා:
නුවරඑළියේ එච්. ඒ. කණිශ්ක අභිෂේක මහතා
කොත්තුනුගොඩ
කේ. ඩබ්ලිව්. සුරවීර වෙද මහතා
කේ. එම්. නිවන්ක මහතා සහ ඔහුගේ පුතා වන,
කේ. එම්. හංස හේෂාන් පුතා

ඒකෙ පොඩ්ඩක් යටට බැහැල පොඩි කැණීම් ටිකක් කරලා පාෂාණ අරන් බලන්න බරීද ලාවා මිදිලා තියනවද කියල gneous rock - A very hard rock type that is difficult to erode. It is formed when magma cools under the surface or lava cools above the surface after an eruption.
ReplyDeletesedimentary rock - A soft rock type that erodes easily.
metamorphic rock - A rock that started out as some other type of rock, but has changed from its original form. For example, it can change because of high heat or high pressure.
sandstone - A type of sedimentary rock that wears away fairly easily but is easy to carve. This means it is good for building with.
ලන්නක නැට්ට ගැට ගහලා, (Praස) න්னව තමයි ආවාටෙට බස්සන්න වෙන්නෙ.🤔
Deleteවිස්තරේ පැහැදිලියි. ඒත් හෙන ගහනව.
Deleteඅජිත් අයියා,
Deleteඔය තොරතුරු ගැන දැනගෙන උන්නනං යන්න කලිං, යමක් තව කරන්න තිබුණා කියල හිතෙනව. ආයෙ ඉතින් කවදා යන්න ලැබෙයි ද දන්නෑ.
බකුෂ්,
ප්‍රසක්ඥ දෙයි අපට ලන්නක්. පොඩ්ඩක් දිරච්ච...
ප්‍රසෝ,
පොඩ්ඩක් පහළට බැහැල බලහංකො ඉතිං...
igneous rock විය යුතුය
ReplyDeleteමෙටමෝර්ෆික් ලක්ෂණ නම් ඔය කියපු දෝවෙ බිත්තිවල තිබුණා.
Deleteඅපරාදෙ ඒ කාලෙ දෙරණ TV තිබ්බෙ නැත්තෙ. නැත්තං ඇත්ත කතාව දැනගන්න තිබ්බ හිටං.
ReplyDeleteදෙරණට කිව්වනං, තවුසෙ බීම බෝතලේකට දාගන්ඩ තිබුණා.
Deleteමට පේන්නෙ ස‘ කොත හොයාගන්න බැල්මට් එකක් දානව වගේ.
ReplyDeleteකොත හම්බෙලා තියෙන්නෙ දැං. කොත ගහල දෙසාබාන්ඩයි තව ඉතුරු.
Deleteපතුල නොපෙනෙන සැම ආවාටයකම පතුලක් ඇති බවත්, මෙම සිද්ධියට னයෙකුගේ කිසිම සම්බන්ධයක් නැති බවත් මෙම බ්ලොගයේ අදහස් පලකරන හුදී පාටක ජනයාට සැලකර සිටිනු කැමැත්තෙමි.
ReplyDeleteතවද, කොත්තු සෑදීමෙන් පසු ඉවතලද කොටත් දැමූ ස්ථානය කොත්තු කුණු ගොඩ වී පසුව උච්චාරනයේ පහසුව තකා ‘කු‘ යන්න ලොප් වී කොත්තුනුගොඩ ලෙස හැඳින්වූ බවත් ඉතිහාසගත ජන අප්‍රවාදයේ සඳහන් වන බව සැලකුව මනාය.
(ඔවුවොවු.. කොත්තු කාල මැරිච්ච උං ඉන්න පැත්ත තමයි කොත්මලේ කියන්නෙ.)
පතුල නො-පෙනේ නං , ඒ ආවාට නාග ලෝකය දක්වා විහිදෙන බව, කැලනි පන්සලේ පොරදාන උන්නාන්සේ විසින් වදාරා ඇත.
Deleteප්‍රසක්ඥතුමා,
Deleteප්‍රසක් ගැන විශේෂයෙන් දන්නා තැනැත්තා ප්‍රසක්ඥ නම් වේ.
ඔව්වොවු අදටත් ඔය කොත්මලේ හරියෙ විශ්වාසයෙන් කොත්තුවක් කන්ඩ තැනක් නැත්තෙ ඒක නිසා වෙන්ඩැති.
බකුෂ්,
හූම්ම්ම්... අපට තදින් ස්පර්ෂ වෙන සද්යෙකුත් ඇහිලා බැලුවහම, ප්‍රසා ගෙ වයිෆ් උගෙ කණ අතගා ඇති බව දැනගන්ඩ ලැබුණා. ඒත් එක්ක ම පණිවිඩේකුත් ලැබුණා ටෙලිග්‍රෑම් එකකිං...
@ බස්සා, වැඩිය නාග ලොකෙ පැත්තෙ යන්න එපා. නාග ලොවින් බැස නා ලිය ගමනින් වරඟන පිරිවරිනා.... එරන්දතිය ආවොත් බොට කෙලවෙනව.
Deleteටෙලි ග්‍රෑම යනු දුර සිට බර කිරීම සඳහා භාවිතා කරන මිණුම් ඒකකයකි.
Deleteඑරන්දතිය එන පාර අයිනෙ නාන ළිඳක් තිබ්බොත් නං ලෙසට ම කෙළවෙනව.
Deleteඔය බර කිරන එක අයිති මුදලාලි වෙන්ඩැති ටෙලිපති කියන්නෙ?
නාන ලිඳක්?? කෝ බැස්ටියංතුමා?
Deleteඕනෙ ආවාටයක් පුරවල මකාගන්න පුලුවන් හොඳ බියුටි සැලොන් එකකට ගියාම
Delete@Praසන්ன
Deleteඑරන්දතී හැපින්නක්ද?
@Pra Jay
මම ඒත් ඇයි ඔබතුමා පරක්කු කියල බැලුවා.
@ඩ්‍රැකී
අර ආවාට වැටක්වත් නැතුව බූටෑවෙන් වැහිලා තියෙන හැටි දැක්කාම..... 😮🤔
ප්‍රා,
Deleteහ්ම්ම්... ස්ටූඩියෝ එකකිනුත් පුළුවන්, කොණ්ඩෙ අඩු කරලා, ලප පැල්ලම් මකලා...
බකුෂ්,
බූටෑවෙන් වැහිච්ච පතුල නෙපෙණෙන ආවාට තිබුණ ද ඉතිං අඹතලේ?
@ බස්සා, එරන්ද තී හින්ද හැපින්නක් වෙන්නැති.
Delete@ ප්‍රා, නිකසල හඳේ ආවාට තිබ්බෙ නැත්තං පියංකර නෑ කියල කවුද කියල තියෙනව.
හැම සඳවන් මූණකම පොඩි ආවාටයක්වත් තියනව. විස්වාස නැත්තං බැස්ටියං උන්නාන්සෙගෙන් අහල බලන්න. ඔක්කොම ඇණ
Deleteඇණ නිසා ආවාට හටගන්නවා - ආවාට නිසා ඇණ මුවහත් වෙනවා.
Deleteප්‍රසන්ට,
Deleteඑරන්ද කියන්නෙ කොල්ලෙක්ගෙ නමක් නෙ? එතකොට බස්සට තී කිව්වෙ ඇයි?
අපේ බැස්ටියං උතුමානං ඉතිං මුවා වෙනව
Delete@ ඩ්‍රැකී, බස්සට එච්චර දෙයක් කරන්න බැරි වෙයි මං හිතන්නෙ. හැක්..
Deleteමුවා වෙන්න ළිඳකුත් නැති වෙලාවේ...
මුවා නෙමෙයි සෙල්මුවා, සෙල්මුවා.💢😡
Deletehttps://www.facebook.com/share/r/1BDtEGjvHC/
Deleteමේං ප්‍රසාට වෙච්ච දෙයක්
නයා ගුටි කෑ හැටි
Deleteඒකෙ ප්‍රසන්නයා මහත්වෙලා තියෙන්නෙ ගුටි කාල ම ද කොහෙ ද...
Deleteගුටි කාල කාල ම පොල්පිති නයා වෙලා ඉන්නෙ දැං...
වීඩියෝ එක එළ කියල හුටංබරස්ට කිවුව.
ReplyDeleteඋන්නැහැ කිව්ව, මෙර්සි බොකූ කියල. (මේ දවස්වල ප්‍රංස ඉගෙන ගන්නව.)
Deleteජනප්‍රවාද වල ඇත්තක් නැත්තෙම නෑ. එත් තාර බර ඇරල ගන්නෝන. අර කියන්නහෙ ගිණි කන්දක් කියලයි මටත් හිතුනෙ. ඒත් බූ විද්දියාන්නයෙක් නොවෙයි නෙව. නේද.
ReplyDeleteවීඩියෝ වැඩේ නං පංකාදුයි. ඉස්සරහට තව ටිකක් අප්ග්‍රේඩ් වෙද්දි තවත් හොඳ කන්ටෙන්ට් ලැබේවි.
පුලුවන් තරං විනෝදාත්මකව ඉදිරිපත් කරන්න උත්සාහ කරමු අර ෆනී සයන්ස් වගේ(හරියටම මතක නෑ වචනෙ)
සුබ පතනවා
ඒක හොඳයි, අදහස... අපි බලමු ඉස්සරහට. ගොඩක් ස්තූතියි මචං උනන්දු කිරීමට.
Deleteතව එකක්. ඉදිරිපත් කිරීමේ පොඩි කෘතිම ගතියක් තියේ. (ලංකාවෙ වගේ නං කියයි පොඩි දරුවෙක්නේ තවම කියල. එත් ඉන්ටනැෂනල් ඕඩියන්ස් එක ටාගට් කරද්දි මීට වඩා ටිකක් තියෙන්න ඕන කියලයි මගෙ හැඟීම)
ReplyDeleteගිම්බල් එකක් ගන්න බලන්න. වීඩියෝ ස්ටේබලිටිය ගැන ටිකක් සලකා බලන්න. බැක්ග්‍රවුන්ඩ් ස්පීච් එකේදි වුණත් ලැග් ාවන එක ගැන ටිකක් සලකා බලන්න.
ඉස්සරහට යද්දි මේව හරියයි. හැම දේම එක ලාර බෑ කියල දන්නව. ඒත් ටි ටික හදාගමු.
පුලුවන් නං Boya වගේ මයික් එකක් යූස් කරන්න. නොයිස් කැන්සලින් හොදයි.
(නැත්කං උඹත් බැණපං මම කිසි දේක හොඳක් දකින්නැති අපත පෙත්තෙක් කියල)
පෙත්තා,
Deleteඇත්ත මහේෂ්. සමහරවිට මට හිතෙනව, මුන්දැ පටං ගත්ත කාලෙ මීට වඩා හොඳට ප්‍රසන්ට් කළා කියල. ඔය ටික කළේ මට බැණ බැණ... ඔලුවෙ කැක්කුමයි කියල. ඒ අස්සෙ කූඬැල්ලෙකුත් එල්ලුනා පොරගෙ කකුලෙ.
අපි අඩුපාඩු හදාගන්ඩ ඕනෙ. තව දැක්කොත් තව කියහං මචං.
ආ.. බොලා බණින්නැතෙයි.. 🤷🤷🤷
Deleteවෙන මොනා හරි තියේ නං ඒ ඒ වෙලාවට බලමු නේ..
අපි පුලුවන් විදිහට යන්න පුලුවන් ගමන යංකෝ. නැද්ද.
කන්ටෙන්ට් දෙකක් අතර ලොකු කාල පරතරයක් තියන්න එපා.
මට අන්තිමට කියන්න තියෙන්නෙ එච්චරයි.
ජයම.
ඇත්ත. පොඩ්ඩක් බලන්න මහේෂ් අපෙ පරණ වීඩියොත්... අපි පටන් ගත්ත දවස්වල මාාාර උණකින් කළා විඩියෝ. ආයෙ පොඩ්ඩක් උනන්දුවෙන් කරන්න ඕනෙ.
Deleteඅපුරුයි මහාචාර්ය හුටංබරස්ගේ වැඩ.. ආ.. මිට පස්සේ හුටංබරස් කියන්න එපා බං දැන් එයා ලොකුයි නේ.
ReplyDeleteඅසංග කොළොම්පුරේ
ඉතිං මං කිව්වෙ නෑනෙ. අසංගනෙ ඔය කියන්නෙ.
Deleteස්තූතියි මචං අගය කිරීමට
රත්තරන් පාටට ගිනියම්වූ ලාවා උතුරන්න වගේ ඒ ආවාට තුනෙන් විටින් විට පෙනිලා දෝව දිගේ ගිහින් ඔයට වැටිලා
ReplyDeleteඒක තමයි වෙලා ඇත්තෙ. නමුත් කොත්මලේ ජනාවාස වුණාට පස්සෙ කාලය කියන්නෙ, ලංකාව පෘළිවි ගෝලයේ මේ තියෙන ස්ථානයේ ම මේ තියෙන දේශගුණික තත්ත්වයන් යටතේ පැවතුණු කාලයක. ගිනිකන්දක් තියෙන්න පුළුවන් ද?
Deleteගිනි කන්දක්ම නෙමෙයි, පොඩි පැල්මකින් ලාවා පොඩි කොතක් වගේ
Deleteආාා... ඒක වෙන්න පුළුවන් තමයි.
Delete