පහුගිය දෙසැම්බර් නිවාඩුව පුතාට කදිම අත්දැකීමක් කරන්න මට උවමනා වුණා. ශිෂ්‍යත්ව විභාගය ඉවර වුණ ගමන් ම එළඹුනු ඒ නිවාඩුවේ මෙතෙක් තිබුණු පන්ති, පාඩම් කිරීම් ආදී කටයුතුවලින් මිදිලා ලැබුණු නිවාඩුව නිසා.
නමුත් මට නිවාඩු තිබුණෙ නෑනෙ. මට වැඩ තිබුණා. ලංකාවෙ ලස්සන ම දිස්ත්‍රික්කයක වැඩ කිරීම එක අතකින් බැලුවොත් වාසනාවක්.
ඉතින් මට පුළුවන් වුණා, පුතාටත් මම දකින දේවල් දකින්න ඉඩ ලබා දෙන්න. ඒකට තවත් රුකුළක් වුණේ, මගෙ කාර්යාලීය ගමන් සගයා වුණු කණිෂ්ක. ගිය ගිය තැන මම ගියපු කාර්යාලවල නිලධාරීන් පුතාව ආදරයෙන් පිළිගත්තා. ඒ වගේ ම කණිෂ්කත් පුතාව තමන්ගෙ යාළුවෙක් සහ දරුවෙක් වගේ බලාගත්තා.
ඉතින් පුතාට අවස්ථාව ලැබුණා, ආගරපතන, මස්කෙළිය, නෝර්වුඩ්, අඹගමුව සහ පුන්ඩලුඔය අවට ප්‍රදේශ දැකගන්න. ඒ අතරෙ, ඩන්සිනන් ඇල්ල, කාස්ල්රී සහ නෝටන්බ්‍රිජ් ජලාශ, බිංදුවෙ හැතැප්ම කණුව, සප්තකන්‍යා කඳුවැටිය ආදිය දැකගත්තා.
අපි අද කතාකරන්න යන්නෙ, අවුරුදු 52 කට කලින් සිදුවුණු එක් සිදුවීමක් ගැන.
ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපළේ සිට ජෙඩා බලා යන එක් ගුවන් යානයක්...
ඒක ගුවන් ගත වුණේ ගරුඩා ඉන්දුනීසියා ගුවන් සමාගම යටතේ වුණත්, ගුවන් යානය අයිති වුණේ ඕලන්දයේ මාටින්එයා සමාගමට. මක්කම වන්දනාවට යාමට ඒ දිනවල තිබුණු අධික මගී ඉල්ලුම සම්පූර්ණ කරන්න, මාටිනෙයා සමාගමෙන් කුළී පදනමින් ගුවන්යානා කීපයකුත්, කාර්යමණ්ඩල කණ්ඩායම් 6 ක් සහ ස්ථාන කළමනාකරුවෙකුත් ගරුඩා ගුවන් සමාගමට ලබා දී තිබුණා.
අපි අවධානය යොමු කරන මාටිනෙයා පීඑච් එම්බීඑච් එම්පී 138 දරණ ඩීසී 8 ගුවන් යානය ඉන් එකක්.
1974 දෙසැම්බර් 04 වෙනිදා මේ ගුවන් යානය සුරබයා ගුවන් තොටුපොළෙන් පිටත් වෙන්නට සූදානම් වෙද්දී, එහි කාර්ය මණ්ඩලයට ආහාර විෂ වීමක් සිදු වෙලා තිබුණා.
ඉතින් හදිසියේ ම ඒ වෙනුවට වෙනත් කණ්ඩායමක් යොදවන්න සිද්ධ වුණා. ප්‍රධාන ගුවන් නියමු කැප්ටන් හෙන්ඩ්‍රික් ලැමේ, සහකාර නියමු හෙවත් පළමු නිලධාරි රොබට් බ්ලොම්ස්මා, ගුවන් ඉංජිනේරු ජොහැනස් ගිජ්ස්බෝටස් විජ්නෑන්ඩ්ස් ඒ අලුතින් යොදවපු අය.
ගුවන් යානය සුරබයා සිට කොළඹටත් (කටුනායක), එතනින් නැවත ඉන්ධන පුරවාගෙන ජෙඩා වෙතත් පියාසර කරන්න නියමිත ව තිබුණා. නමුත් අලුතින් යෙදවූ ප්‍රධාන නියමුවරයා ඊට පෙර කවදාවත් සුරබයා සිට කොළඹට පියාසර කළ අත්දැකීමක් තිබුණේ නෑ. සහකාර නියමුවා මුළු ගමන් මාර්ගයට ම නවකයෙක්.
සාමාන්‍යයෙන් මේ වගේ ගමන්වලට ප්‍රථමයෙන් නියමුවන්ට, පළපුරුදු නියමුවන් සමඟ පියාසර කර, නව ගමන් මාර්ග ගැන අත්දැකීම් ලබා ගන්න අවස්ථාව ලබා දෙනවා. නමුත් මෙ දින ඇතිවුණු හදිසි තත්ත්වය මත මේ අය යොදවන්න සිදු වී තිබුණා.
මේ විදිහට ගුවන් යානය ජාත්‍යන්තර වෙලාවෙන් 12:03 පැය ට හෙවත් ඉන්දුනීසියා වෙලාවෙන් 07.03 ට සුරබයා වෙතින් පිටත් වුණා. විශේෂ සිදුවීමකින් තොරව යානය, කොළඹ ගුවන් තොරතුරු කළාපයේ සීමාවට ළඟා වුණා කොළඹ වේලාවෙන් රාත්‍රී 09.52 ට. ගුවන් නියමුවා කොළඹ කළාපීය පාළක මැදිරිය අමතා දැන්වූවා, ඔවුන් කටුනායක සිට නාවුක සැතපුම් 130 ක් දුරින් සිටින බව. නැවතත් 09.55 ට ඇමතූ නියමුවා දැන්වූවා, ඒ වන විට ඔවුන් නාවුක සැතපුම් 120 ක් දුරින් මුහුදු මට්ටමේ සිට අඩි 35,000 ක උසකින් සිටින බව.
කොළඹින් ගුවන් යානයට උපදෙස් දුන්නා අඩි 15,000ක් දක්වා පහතට බසින ලෙසටත්, නාවුක සැතපුම් 50 දී නැවතත් අමතන ලෙසටත්.
නැවතත් ප.ව. 10.05 ට ගුවන් නියමුවා කොළඹ අමතා දැන්වූවා, ඔවුන් සැතපුම් 50 ක් දුරින් අඩි 16,000ක උසකින් සිටින බව.
එතන දී කොළඹින් ඔවුන්ට උපදෙස් ලැබුණා, අඩි 5,000 දක්වා පහතට බසින්නත්, අඩි 8,000 දී නැවත අමතන ලෙසටත්. ඒ වගේ ම කොළඹින් කටුනායක පාළක කුළුණට මෙම ගුවන් යානයේ පැමිණීම ගැන දැනුම් දුන්නා.
ගුවන් යානය නැවතත් 10.08 ට පමණ කොළඹ අමතා තමන් අඩි 8,000 ක උසකින් සිටින බව වාර්තා කළා. එතන දී කොළඹින් ගුවන් යානයට දැන්වූවා, කටුනායක හා සම්බන්ධ වන ලෙසට.
ඒ අනුව ගුවන් යානය කටුනායක අමතන්නට උත්සාහ කළා. කිහිප වතාවක් ගුවන් විදුලි තරංගමාලා කීපයක් ඔස්සේ උත්සාහ කළ පසු ඔවුන්ට රාත්‍රී 10.09 වන විට සම්බන්ධතාව ගොඩනගා ගත්තා කටුනායක පාළක කුළුණ සමග. ඒ වන විට තමන් නාවුක සැතපුම් 14ක් දුරින්, අඩි 7,000 සිට අඩි 6,000 ක් දක්වා පහත බසිමින් සිටින බව ගුවන් නියමුවා කටුනායක දැන්වූවා.
කටුනායක සිට සැතපුම් 14ක් තරම් ආසන්න වී ඇති නිසා අඩි 2,000 ක් දක්වා පහත බසින ලෙසට කටුනායකින් දැන්වූවා.
ඉන් පසු මේ ගුවන් යානයෙන් කිසි ම සන්නිවේදනයක් නිකුත් වුණේ නැහැ.
කොත්තැල්ලෙන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ජී. ආර්. පුංචිසිඤ්ඤෝ එදා රෑ විමලසුරේන්ද්‍ර බලාගාරයේ රාජකාරියේ නිරත වී සිටියා. රෑ 10:15 ට විතර පොළොව හෙල්ලෙන තරම් මහා ශබ්දයක් ඔහුට ඇසුණා.
කොත්තැල්ලෙන මුරුත්තැන්න ගමේ පදිංචි 21 හැවිරිදි සුමනදාස එදා රෑ සාදයකට සහභාගී වී සිටින අතර, ගුවන් යානයක් ගිණි ගනිමින් සප්ත කන්‍යා කඳුවැටියේ අංජිමලේ කන්දේ හැපෙනු දුටුවා. ඒ ගැටීමත් එක්ක කන්දේ තිබුණු බට පඳුරු ගිනිගත්තා.
හැටන් තැපැල් කාර්යාලයේ රාත්‍රී දුරකථන කියාකරු ලෙස සේවයේ යෙදි සිටියා මල්දෙණිය නම් මහත්මයෙක්. ඔහු කටුනායක ගුවන් තොටුපළ අමතා දැන්වූවා, මස්කෙළිය ප්‍රදේශයේ ගුවන් යානා අනතුරක් සිදු වී ඇති බව.
අංජිමලේ යනු දෙමළ භාෂාවෙන් 5 වන කන්දයි. යානයේ වම්පස පියාපත සප්තකන්‍යා කඳුවැටියේ හතරවන කන්දේ ගැටුණා, ඉන් සමබරතාව බිඳුණු යානව පස්වන කන්දේ පාෂාණමය මුහුණත ගැටිලා පිපුරුවා.
යානයේ සිටි මඟීන් 185 දෙනා ම ඉස්ලාම් බැතිමතුන්. කාර්ය මණ්ඩලයේ 9 දෙනාත් සමඟ ඔවුන් සියලු දෙනා ම ජීවිතක්ෂයට පත්වුණා.
මුදාගැනීමට පසුවදා එහි ගිය හමුදාවේ සෙබළුන් සහ ගම්වැසියන්ට ප්‍රදේශයට ආවේණික අයහපත් දේශගුණය වගේ ම, භූමියේ විෂම පිහිටීමත් අභියෝගයක් වුණා. ගෙන ඒමට හැකි වුණු තරම් සිරුරු කොටස් ගෙනැවිත් කඳුවැටිය පාමුළ හෙවත් නෝටන් බ්‍රිජ් හි තර්බර්ටන් ප්‍රදේශයේ සමූහ මිනීවළක මිහිදන් කෙරුණා. එහි ස්මාරකයක් ද ඉදි කෙරුණා.
මේ සිදුවීම වුණේ කොහොම ද?
යානයේ ගුවන් යානා දත්ත රෙකෝඩරය හෙවත් කළු පෙට්ටියත් විනාශ වී තිබුණා. ඉතා දුෂ්කර ලෙස වුවත් සොයා ගත හැකි වුණේ, මෙහි පටිගත වන පටියෙන් අඩි 130 ක් දිගට ඉතිරි වූ කොටස් පමණයි. එහි සටහන් වී තිබුණේ ත් ගුවන් ගමනේ මුල් කොටස්වල සන්නිවේදනයන්. ඉතින් ගුවන් යානා අනතුර ගැන පසුව කෙරුණු විමර්ශනයට යොදා ගත හැකි වුණේ පාලක කුළුණුවල සටහන් වූ සන්නිවේදනයන් පමණයි.
ඒ අනුව මෙම අනතුර විමර්ශනය කරලා, ලංකාවේ සිවිල් ගුවන්ගමන් දෙපාර්තමේන්තුවෙන් විමර්ශන වාර්තාවක් නිකුත් කෙරුණා.
ගුවන් නියමුවා කියූ හැටියට, කටුනායක සිට සැතපුම් 14ක් දුරින් ඔවුන් සිටියා නම්, ඔවුන් සිටිය යුත්තේ කොළඹට ආසන්න තැනිතලා කළාපයේ. එහි දී අඩි 2,000කට පහත බැස්වීම ගැටලුවක් නැහැ. නමුත් ඒ අවස්ථාවේ ඇත්තට ම ඔවුන් සිට ඇත්තේ කටුනායකින් නාවුක සැතපුම් 56ක් දුරින්. ඒ කියන්නේ මධ්‍යම කඳුකරයේ. සප්ත කන්‍යා කඳුවැටියේ උස ම කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 5,148ක් උසයි. ඉතින් සිදු වූ දෙය සිතා ගන්න පුළුවන්.
එයින් පෙනෙන්නේ, ගුවන් යානයේ දුර මැනීමට පැවති උපකරණ දෝෂ සහිතව පැවතුණු බව. මේ සඳහා ප්‍රධානව භාවිත කෙරුණේ, ඩොප්ලර් රේඩාර් පද්ධතියක්. මෙහි දුර පෙන්වා ඇත්තේ නාවුක සැතපුම් 46ක් අඩුවෙන්. මේ ගැන මුල් ගුවන් නියමුවා සහ කාර්ය මණ්ඩලය දැනගෙන සිටියත් නැතත්, අලුතින් යෙදවන ලද කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබුණේ නැහැ.
එම පද්ධතියේ දෝෂයක් තිබුණත්, ආසන්න වශයෙන් දුර ගැන අදහසක් ගැනීමට කාළගුණ රේඩාර් පද්ධතියෙන් පුළුවන්. නමුත් පසුව අනාවරණය වූ අන්දමට, එම පද්ධතියත් දෝෂ සහගත එකක් ව තිබුණා.
ඉතින් අන්තිමට, මේ ගුවන් යානා අනතුරට හේතුව, ඇන්ටන් ජෝන්ස් කියනවා වගේ... "කාර්මීකරණ දෝෂයක්!"
මෙය ඒ කාලය වන විට ලෝකයේ සිදු වී තිබුණු දෙවැනි විශාලත ම ගුවන් අනතුර. දැනට එය ලොව 37 වැනි බිහිසුණු ම අනතුර වන අතර, ලංකාවේ සිදු වූ දරුණුත ම ගුවන් යානා අනතුර යි.
මේ ගැන අපේ හිතවත් සවිදු සත්සර විජේවර්ධන මහතා කළ විඩියෝව පහතින් තිබෙණවා.
මූලාශ්‍ර:
Report on the accident to Martinair DC-8 PH-MBH on 4th December 1974 at Theberton Estate, Maskeliya, Sri Lanka. - Ministry of Transport, Department of Civil Aviation. 16 June 1975.








ගුවන් යානා අනතුරුයි නැව් ගිලී යාමුයි තරං අවාසනාවන්ත තවත් විදි නැතිව ඇති මනුස්සයෙක් මැරෙන්න. නේහ්.
ReplyDeleteඊට වඩා අන්ත දේවල් වෙනව නං තමයි ඒත් මට ඔයදෙක ගැන මාර බයක් තියෙන්නෙ 😃😃😃
වීඩියෝ එක හොඳයි. අවුලක් නෑ. එක දිගට ෂූට් කරලද තියෙන්නෙ. කැමරා ඈන්ගල් වෙනස් කර කර කඩල ගන්න බැලුවෙ නැතිද. පොඩි ඩාර්ක් ගතියක් තියේ. එඩිටර් මෙතන සේවය නියමාකාරයෙන් කරල නෑ පොඩි ඩ්රැක් තුමාට කියන්නෝන එඩිටර්ව සේවයෙන් පහ කරල නව නිලධාරියෙක් බඳව ගන්නය කියල 😃😃😃
කන්ටෙන්ට් එක කොලිටි. ඒකෙ දෙකක් නෑ. ටික ටික අඩු පාඩු හදාගමු.. ජයම 🥰🥰🥰
නැවු ගිල්ලෝපුව ගැන දැනගන්න නං අර කොලොම්පුරයගෙන් අහන්න ඕන. මිනිහ තරං නැවු ගිලපු පොරක් මේ සක්වලේම නෑ.
Deleteඅම්මපා කියාන් 😂😂😂
Deleteඅං ගිලපු නයෙක් එක්කනේ බං අපි මේ ඉන්නේ ඉතිං කොහොමද නැව් ගිලින්නේ?
Deleteමහේෂ්,
Deleteමට හිතාගන්න පුළුවන් දරුණුතම මරණය තමයි, අර ඉන්දියාවෙ පොඩි ළමයෙක් වැටුණෙ ඉතා ම පටු ඉතා ම ගැඹුරු වළකට... ආං ඒක.
කොහොමත් එඩිටරයා සහ කැමරාකාරයා සත පහකට කමක් නෑ. ඌ ඊට වඩා නිර්මාණශීලී වුණා නම් ප්‍රශ්නෙන් බාගයක් ඉවරයි.
ප්‍රසක්ඥ,
ඌ ම තමයි ඒ ගිලිච්ච නැවුවල තිබිලා එක එක ඇන්ටික් දෙවල් ගොඩ අරං මිනිස්සු මරන්නෙ. කුමන්ත්‍රණ කාරයෙක්...
මහේෂ්,
ප්රසන්නයාපා!
අසංග,
පිහිපාරක් ගිලහං!
හොඳ විස්තරයක්. පොඩි මහත්මයා ගේ Video විස්තරය රූප පෙළක් එක්ක වගේ අවනම් මරු.
ReplyDeleteහ්ම්ම්... ඒක හොඳ අදහසක්. අපි බලමු ඒක ඇඩැප්ට් කරගන්න ඉස්සරහට. ස්තූතියි.
DeleteDC 8 මැක්ඩොනල්ඩ් ඩග්ලස්. දැන් උන්දලා සිවිල් ගුවන් යානා හදන්නෙත් නෑ.
ReplyDeleteහ්ම් අවුරුදු 52ක්. හැම දෙයක්ම කොච්චර වෙනස්ද අද?
අපේ දොස්තර මාම කිව්වා තව සැරයක් කටුනායකදි ඩීසී 10ක් ද කොහෙද කඩං වැටුණ කියල ඔය වගේ ම.
Deletehttps://www.youtube.com/watch?v=VIzwER8oflQ
Deleteආාා... ඒක ඩීසී 03 ජම්බෝ නේ?
Deleteඑතකොට ප්ලේන් එකේ ග්‍රව්න්ඩ් ප්රොක්සිමිටි වෝනිං වැඩ කරලත් නැද්ද කියල හොයල බලන්න කලු පෙට්ටිය නෑනෙ.
ReplyDeleteඔය කියන වකවානුවෙ ප්ලේන් වල ග්‍රව්න්ඩ් ප්රොක්සිමිටි වෝනිං තිබ්බද?
Deleteකරුමෙ තමයි. ඒක ඉස්සරලම ප්ලේන් වලට හයි කරල තියෙන්නෙත් 1974 දි ලු.
Deleteහොඳ වෙලාවට මං ඒකට මුහුණ දෙන්ඩ කලිං බකුසා උත්තර දීල තියෙන්නෙ.
Deleteඔහේ ඒකට මූණම දෙන්න ඕන නෑ. වෙන මොකක් හරි දියං.
Deleteදෙන්නං ටෝච් පාරක් එහෙනං?
Deleteමේ නයත්, අහක යන නයි ඇදලා අරං ඔඩොක්කුවෙ ඔබා ගන්නවා.🤣
Deleteඌ පුල් චාර්ජ් එකේ ඉන්නෙ දැං. පහළ ඇනෝ ලිංක් එකක් දාල තිබුණෙ. ඒකෙ තියෙනව විස්තරේ.
Delete//ගමේ පදිංචි 21 හැවිරිදි සුමනදාස එදා රෑ සාදයකට සහභාගී වී සිටින අතර, ගුවන් යානයක් ගිණි ගනිමින් සප්ත කන්‍යා කඳුවැටියේ අංජිමලේ කන්දේ හැපෙනු දුටුවා//
ReplyDeleteපුදුමයි. ඕකා ඒ වෙලාවෙ හොඳට ගහල ඉන්න ඇත්තෙ. හැක්..
ඔය බං බීබීසී එකෙං ඇවිත් ගමේ ඇවිදලා හම්බෙන හම්බෙන එකාගෙං අහද්දි කියපු දෙයක්. බලං හිටියා වගේ කියන්ඩ ඇති පණ පොවලා...
Deleteකිඹුලපිටියේ ඉත්තගෙඩෙැල්ලෙ එක වෙනකොට අපි ඒ ආසන්නයේ පදිංචිව සිටියේ. බලන්න ගියා මතකයි.
ReplyDeleteඒක මාර අත්දැකීමක් වෙන්ඩ ඇි. මට මතක පළවෙනි ඔය වගේ සිදුවීම තමයි රුක්මණී දේවි ගෙ මරණය. ඒකත් රේඩියෝ එකෙන් ඇහුවා කියලයි මතක.
Delete6 වෙනි ෆොටෝ එක එඩිට් එකක්ද කොහෙද. නැත්තං හෙලිකොප්පරයක් ඔච්චර පාත තියෙද්දි ඔය මිනිස්සුන්ට ඔතන ඉන්න වෙන්නෑ.
ReplyDeleteඅර පහල තියෙන බීබීසී ලිපියේ තියෙනව, ඒක කැඩිලා, එතන තියාගෙන හැදුවලු කියලා...
Deleteමේ කතාව කලින් ලියල තියෙනවා බ්ලොග් එකේ හෝ කමෙන්ට් එකක . අපි එතකොට හිටියේ ලුණුගල . ඈත අහසේ යන්තන් ගුවන් යානයක සද්දයක් ඇහුනත් දුවල ගිහින් බලන පට්ට ගමක් . ඔය කියන දවසේ රෑ මොනරතැන්න හෝ මුවන් පැලැස්ස හෝ මොකක් හරි මගුලක් යනව රේඩියෝ එකේ . අපි ඔක්කොම ගුලි වෙලා සාලේ . තාත්ත කිව්වා ප්ලේන් එකක් සද්දයි (එයා ට ඒවා ඇහෙනවා ) දොර ඇරලා බලල ඇවිත් එයා කිව්වා පහලින් යන්නේ . රත්මලානට යනවා ඇති කියල . (ඒ දවස් වල ඇවිරෝ ඇවිත් වටයක් ගහල යනවා . 71 කැරැල්ලෙන් පස්සේ ) පාන්දර පහට හයට විතර බෙල් ගහල ඔක්කොමල කැඳවල එයා ගිහින් තිබුන . හවස ගෙදර ආව එතැනට ආමි එකෙන් ඉස්සෙල්ල බැහැල තියෙන්නේ ලනු වලින්. එයා කිව්ව විධිය ට යානය කෙලින්ම ඇවිත් කන්දේ වද්දලා , ගල් පර්වත වගේ දෙකක් මැද කෑල්ලට වැටිලා. ආමි එක බැස්සේ ඒ කොටසට . ඒ දවස් වල ෆ්ලයිට් වල දුන්න ප්ලාස්ටික් කෝප්පයක් , පිහියක් හා ටොයිලටරි බෑග් එකක් එයා අපට පෙන්වන්න අරන් ඇවිත් තිබුන . ගොඩයට මැජික් නේ ඒ කාලේ . මාසයක් යනකන් මම ඒක විතරයි කියෙව්වේ ඉස්කෝලේ ගිහින් . ටීචර් ල ඇහුවෙත් මගෙන් . සවිඳු මහත්මයාගේ වයසේ වෙන්න ඕනේ . මට නමයයි එතකොට .
ReplyDeleteසවිදු උන්නැහැට දහයයි. මට මතකයි, අපේ ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකට හෙලිකොප්ටරයක් බාලා, අපි දවස් ගාණක් යනකං ඒ ගැන කතා කළා. එහෙවු එකේ ගුවන් යානයක් කඩං වැටුණහම පට්ට සැළකිල්ලක් නෙ හම්බ වෙන්නෙ.
Deleteඔයා කියපු විස්තරය මටත් මතකයි කියෙව්වා. කාලෙකට කලිං. ආපහු හොයාගන්න ඕනෙ.
වටිනා සටහනක්. හරිම ලස්සනට ලියලා තියෙනවා. ඔය සිදුවීම ගැන කැප්ටන් එල්මෝ ජයවර්ධන , දේව් එක්ක ලස්සන පැහැදිලි කිරීමක් කර තිබුනා. https://www.youtube.com/watch?v=jNE6yNvL-sA
ReplyDeleteEPISODE 03 || ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම ගුවන් අනතුර! සප්ත කන්‍යා අනතුරේ ඇත්ත කතාව..
ගොඩක් ම ස්තූතියි අනුරුද්ධ. ඒ විඩියෝ එක දැක්කෙ නෑ. බලන්න ඕනෙ. සමහරවිට ඒක බලල තිබුණනම් අපේ විඩියෝ එකත් සෑහෙන්න වෙනස් වෙන්න තිබුණා.
Deletehttps://frozenlazyowl.blogspot.com/2026/02/demons-and-vampires.html
ReplyDeleteඩ්රැකී ඇවිත් ගියා. තෑන්ක්ස් එනි වේ!🙏
Deleteදෙපළට ම තෑන්ක්ස් එනිවේ!
Deleteඇන්ටන් ජොන්ස් මහතාගේ සිංදුවත් මේකට ඔබ්බන්න තිබුනා නම් පංකාදුයි ....
ReplyDeleteදකින හැම එකම ඔබ්බන්න යන්න එපා මහත්තයො.
Deletehttps://claude.ai/public/artifacts/77343bfc-397f-49b7-a22e-3799925898f1
Deleteකොළොං,
Deleteඒක එබුවා විඩියෝ එකේ අගට.
නයිහාමි,
උයත් ඔබල බලන්ඩ අනේ. පිහිපාරක් ලැබෙයි!
ඇනෝ,
ඒක තමා ප්රසක්ඥට වෙලා තිබුණෙ...
තෑන්ක්ස් ඩ්රැකී සහ පොඩි ඩ්රැකී.. මටත් මතක් උනා කැප්ටන් එල්මෝගෙ අපූරු වීඩියෝව
ReplyDeleteආාා... ස්තූතියි කෞශල්‍ය. උඩ අනුරුද්ධත් කියල තිබුණා ඒ විඩියෝ එක ගැන.
Deletehttps://youtu.be/jNE6yNvL-sA?si=swzFIlb4RWVDmMf3 මෙන්න මේක බැලුවා නම් විස්තරේ හිතාගන්න පුළුවනි. මේ විස්තර කරන්නේ අහස් යන්තර එලවාපු ඩයිබර කෙනෙක්.
ReplyDeleteඅඩේ ඒක මරු විඩියෝ එක.
Deleteඊටත් වඩා මරු සුරංග බ්ලොග් එකක දි කමෙන්ට් එකක් විදිහට හරි දකින්න ලැබීම.
ඔය මදෑ ප්ලේං කෑලි එකතු කලා. ඇවිල්ල මේවට උත්තර දියං.
ReplyDeleteපුළුවං වෙලාවක එඥ්ඥං... එතකල් උබ ම මේකෙ රජ කොරගෙන ඉදහම්...
Deleteතැංකියු.
Deleteවෙල්කං
Deletehttps://www.facebook.com/share/p/1FYyPhkaBL/
මරු විස්තරේ , ඩ්රකි ජුනියර් මරේ මරු .....
ReplyDeleteගොඩාක්ම ස්තූතියි ලලිත්... ❤️🔥
Deleteගමේ මිනිස්සුන්ට ගුවන්යානේ මගීන් බුදු අම්මෝ කියලා කෑ ගහනවා ඇහිලා තියෙනවා
ReplyDeleteදිනමිණ පත්තරේට හපං!
Delete