නිහඬ සහන් හඩ අවදි කරළා. අපි බලා හිටපු ලේ කකියන මාතෘකාවක් ගැන පුපුරා හැළෙන පෝස්ටුවක් දාලා තියෙනවා.
මේක කාලීන අවශ්‍යතාවයක් කියලා ඩ්‍රැකියා දකිනවා. ඒ නිසා ගෝණි නැතුව ( මේ වචනේ ඩ්‍රැකිය අහුලගත්තෙ මාතලංගෙන්) ඩ්‍රැකියා මේ ගැන පබ්ලිසිටියක් දෙනවා.
// ඩිරෙක්ටර් බෝර්ඩ් දාල , ශෙයාර් හෝල්ඩර් අත්සන් කරලා , රේටින්ග්ස් අප්රූව් කරන් , මාර්කටින් අප්රූව් අරන් , ඇමතිගෙන් අහලා , මුදලාලිගෙන් අහලා කරද්දී මේ මොනවත් අප්රූව් වෙන්නේ නැහැ..උන්ට ඕනේ සල්ලි... මේකෙන් කීයක් එනවද සහ රේටින්ග් කොහොමද කියන දේ විතරයි එතැනදී වැදගත්..
වෙන එකක් තියා චැනල් බ්රේක් ඩවුන් එකක් ගියත් අපිට නිව්ස් බාර් එකක් දාන්න බැහැ..ඒකටත් කොහෙවත් ඉන්න අය අප්රූව් කරන්න ඕනේ..මේ දවස් වල රස්නේ නිසා රෑට ඉන්දියන් චැනල් පේනවා අපේ ගොඩක් චැනල් උඩ.( ඒක වෙන්නේ අයනගෝලයේ පරිවාර ස්තර වල ඝනත්වය වෙනස් වීම නිසා..ඔතොකොට රේඩියෝ ට්‍රාන්ස්මිෂන් කරන්න බැහැ ටාර්ගට් ඒරියා එකට.ට්‍රාන්ස්මිෂන් ජෑම් වෙනවා . ඒක වෙනම මාතෘකාවක්. )
මේ වෙනුවෙන් කරන්න පුළුවන් තාක්ෂණික දේවල් ගැන පැහැදිළි කිරීමක් වත් දාන්න ඉඩක් නැහැ පවතින ක්‍රමය එක්ක..ඒකට අප්රූව් අරන් එද්දී ඍතු මාරු වෙලා...ලබන අවුරුද්දෙත් මේකම වෙද්දී පුද්ගලයෝ මාරු වෙලා..එක කෝල් එකෙන් අවශ්‍ය තීරණයක් හරි විදිහට අරන් වැඩක් කරන්න පුළුවන් තත්වය මග හැරිලා..වටේ යන්න ඕනේ මේ වගේ දේකට පවා..
කොටිම්ම මගේ චැනල් එකේ මට add එකක් දාන්න කොහෙවත් ඉන්න උන්ගෙන් මට පර්මිෂන් ගන්න වෙලා..ඔතොකොට මම කව්ද මේකේ ...?//
//ඉස්සර ජාතික රූපවාහිනිය තුල මොන තරම් හොඳ වැඩසටහන් ගියාද ...? සෙනසුරාදා , ඉරිදා වෙනකම් ඉන්නේ හොඳට ඔලුව පුරවා ගන්න දැනුමෙන්..සිරාවටම ලෝකය ගැන දැනගත්තේ ඉරිදා සෙනසුරාදට..( පුද්ගලිකව මට පුංචි කාලේ ඉඳන්ම සැටලයිට් තිබ්බා ගෙදර..ඒත් ඒවට වඩා මමත් බැලුවේ ලෝකල් ප්‍රෝග්‍රෑම් ) එක පාරට වක්කඩ කැඩුවා වගේ ලෝකෙම බක්කවල් ආවේ නැහැ සහ දුන්නේ නැහැ ඒ කාලේ..වැදගත් මොළයක් ඇති , විචක්ෂණ ශීලී මනුස්සයෙක් තමයි ඒ හැම දෙයක්ම මෙහෙයවෙව්වේ.. අද කෝ ඒවා ..?//
// එක එක හාල් කෑලි අරන් පුලුවන්ද රටක ඔලු හදන්න...? දෙයක් කෙළින් කතා කරන්න එක නිවේදකයෙක් අද ඉන්නවද ..? හරි පොයින්ට් එකට ඕන දෙයක් ලෝස් නැතුව ටෝක් කරන්න පුළුවන් එකෙක් අද ඉන්නවද ...? හරවත් සාකච්චා ජන මාධ්‍ය තුළින් මතු වෙද්දියි මිනිස්සු ඇහැරෙන්නේ..නිදාගෙන ඉන්න පොඩි එකා ඇහැරවලා " අන්න බලපන් ප්‍රෝග්‍රෑම් " කියලා කොල්ලව කූද්දන් එන්නේ ඔතොකොට ... දේශපාලනය වේවා , තාක්ෂනය වේවා , නීතිය වේවා , සමාජ කරුණු වේවා මිනිස්සුන්ගේ ඔලුවලට ඔබන්න නම් හොඳ දැනුමක් තියෙන මිනිස්සු ඉන්න ඕනේ ජන මාධ්‍ය ආයතනවල.. ඉස්සර හිටපු නිවේදකයෝ කතා කරද්දී අපි කට ඇරන් කොච්චර බලා ඉන්නවද ...? අද කෝ ඒ මිනිස්සු ...? නාලිකා ප්‍රධානීන් කෝ ...? ඇයි ඒ වගේ අයව ගන්නේ නැත්තේ...? අරන් හරි හමන් ගමනක් යන්නේ නැත්තේ ඇයි ...?//
ටීවී චැනල් එකක් කරන්නේ කොහොමද, ඒකෙ අපි නොදකින ඇතුළාන්තය, කොයි විදිහටද පරමාදර්ශී සේවයක් සපයන්නේ... ආදී කරුණු ගැන සහන්ගේ පෝස්ටුවේ ඉතුරු හරිය කියවන්න මෙතනින් යන්න.
මේ ගැන හිරු ගේ අදහසින් කොටසක්:
//මට පේන්න බැරි වැඩසටහන් ජාතියක් තමයි ඔය නුග සෙවණ ජාතියේ ඒවා... ඒවා කරන උන් හිතං ඉන්නේ ගෙවල් වල ඉන්න ගෑණු උය උය, මහ මහ, කේක් හද, ළමයි හද හද, බල බල ඉන්න ඕනේ කියලා... කාලීන දේශපාලනය ගැන එහෙම වැඩසටහනක් කරන්න උන්ට බෑ... ඉස්සර අපේ අම්මලගේ ගෙවල් වල ගෑණුන්ට මොන දේශපාලනේද කිය කිය හිටිය තැනම තමයි අපේ මේ වැඩසටහන් කරන උනුත් ඉන්නේ... දේශපාලන, කාලීන වැඩසටහන් දාන්නේ රෑ 11ට... ඒ වෙලාවට මොන ටීවීද... පිරිමින්ට නම් පුළුවන් කකුල් උඩ තියන් බලං ඉන්න... පාන්දර නැගිටලා, උයලා, බත් ගෙඩිය බැඳලා දෙනවානේ වැඩට යන්න.. මුන්ට ගෑණුන්ව මතක් වෙන්නේ කතිරෙ ගහගහන්න ඕනේ උනාම විතරයි... //
මම නම් රූප පෙට්ටියෙන් ටිකක් ඈත් වෙච්ච කෙනෙක්..ඕක ඉස්සරහට වෙලා ඉන්නව කියන්නේ මාර කම්මැලි වැඩක් නේ....
ReplyDeleteටීවී එකෙන් එහෙම ඈත් වෙන්න බලපාපු හේතු, සහ ඊට පිළියම් තමා සහන් මේ පෝස්ටුවෙන් කියන්නෙ. ගිහිං බලන්න, සහන්ට කියන්න මම එව්වෙ කියලා.
Deleteමේක හොඳ වැඩක්. ඒත් උඹගේ ළිපියක් ලිව්වනම් මීට වඩා වටිනවා. අර වචනේ මගේ එකක් නම් නෙමෙයි...
ReplyDeleteලිපියක් ලිව්වනම් අපූරුයි තමා මංතලං අයියෙ. ලියන්න ඇඟ නළියනවා. ඒත් මාසෙ අන්තිමේ හෙණට වැඩ, වැඩ අස්සෙ කරන්න පුළුවන් දේ කළා. අර වචනෙ මගෙ හිතට ඇල්ලුවා. මං දැක්ක මුල්ම තැන ගැන කොපිරයිට් තිබ්බා ඕං.
Deleteවැඩේ තියෙන්නෙන් 1000 ක් ගත්තොත් 999 ක්ම මේ ක්‍රමේ අනුමත කරන්නේ නෑ, ඒත් ........................................................................................................
ReplyDeleteඅනේ මන්දා ඕයි ඒක ලියන්න තේරෙන්නෙත් නෑ.
අනුමත නොකරන උං ඇහැරවන්නත්, අනුමත කොරන උං ගෙ ඇස් පාදන්නත් තමා මේ වෑයම. අමාරුයි, ඒත් නොකර බෑ.
Deleteඑළ එළ..
ReplyDeleteදිරිගැන්වීම වටිනවා
Deleteබොහෝම ස්තූතියි draki මේ විදිහට සහයෝගය ලබා දීම ගැන..බ්ලොග් හිමියන් අතර හරි මෙවැනි එකමුතු තාවයක් තියෙන එක ලොකු දෙයක් ...ඒක ගැන සෑහෙන්න සතුටුයි...නැවත වරක් බොහොම ස්තූතියි...
ReplyDeleteඔව්ව නං මොනවද සහන්, මට මේ ගැන මීට වඩා දෙයක් කරන්න කාලයත්, දැනුමත් මදි වීම ගැන තමා දුක.
Delete