මුහුදු ලිහිණි පැටියා පර්වත කුහරයේ තිබුණු කැදැල්ලේ නැවතී සිටියේ හුදෙකලාවය. කලින් දින උගේ අයියාත් මල්ලීත් නංගීත් පියාඹා බැහැර ගියහ. උන් සමග පියාඹා යෑමට ලිහිණි පැටියා බිය වූයේය.
පර්වත කුහරයේ කට ළඟට පැමිණ, සිඟිති පියාපත් සලා, පියාඹා යන්නට සැරසුණු උගේ සිතට යලිත් බිය ඇතුළු විය.
ඌ ඉදිරිපස පැතිර තිබුණේ ඉඳුනිල් මිණි පැහැයෙන් බබළන සයුරයි.
සිය පියාපත් තව ම දුබලයයි සිතූ ලිහිණි පැටියා කර බාගෙන, පර්වත කුහරය තුළට රිංගා කැදැල්ලේ වැතුරුණේය.
සහෝදරයන් දෙදෙනා ද, කුඩා නංගී ද කුහර කටට පැමිණ පියාපත් සලා බැහැර පියාඹා ගිය සැටි ඌට දැනුදු සිහි කළ හැකිය. එබඳු එඩිතර පියවරක් ගැනීමට ආත්ම ශක්තියක් තමාට නැතැයි ඌ උදක් ම කල්පනා කළේය.
උගේ පියාත්, මවත් වරින් වර පැමිණ පියාඹා එළියට එන ලෙස උගෙන් ඉල්ලා සිටියහ; කෑම ගෙනවුත් නොදී කුසගින්නේ තබන බවට තර්ජනය කළහ. එහෙත් පණබයේ ගැහෙමින් සිටි ලිහිණි පැටියා පිටතට පියාඹන්නට නොහැකි යි කීවේය.
අවසන් වරට දෙමාපිය ආදීන් කැදැල්ලෙන් බැහැර ව ගියේ පෑ විසිහතරකට පමණ පෙරය. ඉන්පසු කිසිවෙක් ඌ ළඟට නොපැමිණියහ.
ලිහිණි පැටියා කුහර කටට පැමිණ සයුරු තලය දෙසත්, අහස් ගැබ දෙසත් නෙත් හෙළමින් සිටියේය.
සහෝදර, සහෝදරියන් රැව් පිළිරැව් නඟමින් අහස් ගැබේ රවුම් ගසන සැටි ලිහිණි පැටියාට පෙනිණි.
පළමු වරට මාළුවෙකු අල්ලා ගත් අයියා ගල් කුළක් මත හිඳගෙන ඌ ඉරා කන විට දෙමාපියන් ප්‍රීති රාවය නගමින් කැරකෙන සැටි ද ඌට පෙනිණි. ලිහිණි පැටියාගේ බියසුලුකම ගැන ඇනුම් පද කියමින් කුරුලු පවුලේ අන් සියල්ලෝ ම පරිවත කුහරය අසලින් පියෑඹූහ. මඳින් මඳ මුදුන් වන හිරුගේ රැස් දහර පර්වත කුහරයට ද වැටෙයි. ලිහිණි පැටියාට දැන් උණුසුම දැනෙයි. උණුසුම වඩාත් දැනෙන්නේ කුස ගින්නෙන් සිරුර දුබල ව තිබුණු නිසාය. කෑමට සුදුසු කිසිවක් එහි නොවීය. කුහරයේ මුල්ලක වේලී ගිය වරල් කැබැල්ලක් තිබෙනු ඌ දුටුවේය.
ලිහිණි පැටියාගේ කුසගින්න දැන් ඉතා දරුණුය. පිදුරුවලින් සාදනු ලැබූ කැදැල්ලේ අස්සක් මුල්ලක් නෑර ඌ පිරික්සා බැලුවේය. එහෙත් උගේ බලාපොරොත්තු සුන් විය.
අන්තිමේදී ඌ එහි තිබුණු බිත්තර කටු ලෑටි ගාන්නට විය. තමාගේ ම කොටසක් උලා කන්නාක් මෙන් ඌට දැනිණි.
දෙමාපියන් ළඟට යෑමට යම් කිසි ක්‍රමයක් ඇද්දැයි සොයනු පිණිස ඌ පර්වත කුහරයේ ඔබ මොබ ඇවිද්දේය. ඌට දක්නට ලැබුණේ ගිරිකුළ පාමුල ඇති සයුරු තලයයි. තමා සිටින්නේ දෙමාපියන්ගෙන් ඉතා ඈත බව ඌට වැටහිණි.
පියාඹන්නේ නැති ව තම දෙමාපියන් ළඟට යා නොහැකි බව නම් නියතය.
හීන් සීරුවේ පර්වත සිදුරේ කට ළඟට පැමිණි ලිහිණි පැටියා තනි පයින් සිට ගත්තේය. ඌ වරක් එක් ඇසක් පියා ගනී; තවත් වරක් අනෙක් ඇස පියා ගනී; වරක් නිදා ගන්නට යන බවක් පෙන්වයි. එහෙත් කිසිවෙක් ඌ ගැන සැලකිල්ලක් නොදැක්වූහ.
තම පවුලේ සෙස්සන් ගල් තලයක හිඳ, හිස් නමාගෙන අව්ව තපින සැටි අඩවන් නෙතින් ඌ දුටුවේය. පියා හොටයෙන් පියාපත් පීරුවේය. අම්මා පමණක් තමා දෙස ඇස් හෙළා සිටිනු ලිහිණි පැටියාට දක්නට ලැබිණි.
පයට පාගා ගත් මසෙකුගෙන් කෑලි ඉරාගෙන කමින් සිටි මව සිය හොටය ගලක ඉලුවාය. අහර දකිත් ම ලිහිණි පැටියාට ඉවසුම් නැති විය.
අම්මාට මෙන් තමාටත් මාළු අල්ලාගෙන, කෑලි කෑලි ඉරාගෙන කන්නට ඇත්නම් කොපමණ හොඳ දැයි ඌ තමාට ම කියාගත්තේය.
අහර දුටු ලිහිණි පැටියා දුක් මුසු හඬක් නැඟුවේය.
අම්මා ඊට පිළිතුරු දුන්නාය.
"ගා.... ගා.... ගා...." පැටියා ඇඬුවේ අම්මාගෙන් අහර ඉල්ලන පරිද්දෙනි.
අම්මා පුතාට සමච්චල් කළාය.
ගත වූයේ මඳ වේලාවකි. ලිහිණි පැටියා ප්‍රීති රාවයක් නැඟුවේය. ඒ අම්මා මාළු කූරියෙකු හොටින් ගෙන තමා දෙසට පියාඹා එනු දුටු බැවිනි. ඌ ඉදිරියට නැමී, වරින් වර පා ඔසවමින් මව තමා ළඟට එන තුරු නොඉවසිල්ලෙන් සිටියේය.
මව පර්වත කුහරයේ ගැටියට ගෑවෙන නොගෑවෙන තරමට ළං වූවාය.
ලිහිණි පැටියා හොට දිගු කෙළේය.
හොට දෙක ගෑවෙන නොගෑවෙන තරමට ළං විය.
යළිත් මව මඳක් ඈත් වූවාය.
ලිහිණි පැටියාගේ සිත පෑරිණි.
"අනේ අම්මේ, එන්න මා ළඟට. මට හරියට බඩගිනියි."
මව පැටියාට ළං වූවාය;
යළිත් ඈත් වූවාය.
පැටියාට දැන් ඉවසිල්ලක් නැත. ඉදිරියට හොටය දික්කොටගෙන ඌ පියාපත් සැලුවේය.
මව යළිත් ළං වූවාය.
පැටියා එළියට පැන්නේය.
මව පියාඹා ඉවත ගියාය.
ඇගේ පියාපත් ගැටෙන හඬ ඌට ඇසෙයි.
බය බිරාන්ත වීම නිසා හදවතේ ගැස්ම නැවතුණු සේ ඌට දැනිණි.
මවගේ පියාපත් ගැටෙන හඬ නෑසී ගියේය.
තමා විසංඥ වී යන බවක් ඌට හැඟුණේය.
එහෙත් මේ තත්ත්වය වැඩි වේලාවක් පැවතුණේ නැත.
මොහොතකින් තම පියාපත් දිග හැරෙන බව ඌට දැනේ. පපුවෙහි පිහාටු සුළඟින් තෙරපෙන බව දැනේ. බඩේ පිහාටුවල ද සුළං පහර වදිනු දැනේ.
සුළං පහර කපාගෙන තමා ඉදිරියට ඇදෙන බව ඌට දැනුණේය.
තමා දැන් පහතට නොවැටෙන බව ඌට සිකුරට ම හැඟී ගියේය.
තමා හෙමින් සීරුවේ අහස් කුස උස් පහත් වන බව හැඟී ගියේය.
උගේ හිතේ දැන් කිසිදු බියක් නැත. ඌ පියාපත් සලා ඉහළ නැංගේය; ප්‍රීති රාවයක් නගමින් යළිත් පියාපත් ගැසුවේය. තව තවත් ඉහළ පියෑඹුවේය.
පපුවට සුළං පහර වදින සේ සිරුර මඳක් කෙළින් කරගෙන සිටියේය.
මේ සියල්ල දුටු මවගේ ප්‍රීතිය නිම් හිම් නැත.
පුතා කෑ ගෑවේ උතුරා යන සන්තෝසයෙනි.
පියා ද මව ද සහෝදරයෝ ද සහෝදරිය ද රැව් පිළිරැව් නගමින් ඌ වටා කරකැවුණාහ.
පියෑඹීමට නොහැකි ව සිටි බවක් වත් ඌට දැන් මතක නැත. අහස් කුස දැන් ඌට ම අයිති වුණු කලක් බඳුය. උද්දාම වුණු සිතින් හඬ නඟමින් ඌ අහසේ පියෑඹුවේය.
නැඟී බිඳෙන රැළ පෙළින් බබළන සයුරු තලය ඌට පහළින් පෙනේ. හිස දෙපසට හරවමින් ඌ ප්‍රීති ගීතිකා ගැයුවේය.
මවත්, පියාත්, නංගීත් සයුරු තලයේ පාවෙනු ඌට පෙනිණි.
පහතට පියාඹා අවුත් දෙපා දිග හළ විට තමා දියේ ගිලෙන බවක් ඌට දැනිණි.
බියෙන් කෑගැසූ ඌ දියෙන් දෙපා මුදා ගැනීමට තැත් කළේය. කුසගින්නේ සිටි නිසා උගේ සිරුර දැන් දුබල ව ඇත. ඌ ජල තලය මත වැතුරුණේය; නිරායාසයෙන් ම ජල තලයේ පාවී ගියේය.
ප්‍රීතියෙන් උදම් වූ නෑයෝ, කෑගාන්නට වූහ; ඌ පසසන්නට වූහ; තුඩින් ගත් අහර ඌට පුදන්නට වූහ.
දැන් ලිහිණි පැටියාගේ ප්‍රීතිය නිම් හිම් නැත.
ලියම් ඔ'ෆ්ලැහටිගේ කෙටි කතාවක් ඇසුරෙනි.
සිංහල කියවීම් පොතකින් උපුටා ගන්නා ලදි.
කිරි අප්පට, මට මේ කතාව හොඳට මතකයි නෙව. මොකක් හරි අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කල ඉස්කෝල පොතක නේද තිබ්බෙ. අර සුබලයාගෙ පින වගේ කතා තිබ්බෙත් මේකෙමද?
ReplyDeleteකියවනකොට මතක්වුනා
Deleteමේ කතාව බකුස්, අපි පොඩිකාලෙ සිංහල කියවීම් පොතෙත් තිබුණා. මෙම මේ උපුට ගත්තෙ නං ඊට දශකයකට විතර කලින් පොතකින්. ඒකෙ ම තමා තිබුණෙ අර චරක අනුරාධපුරේ ගිය කතාවත්. සුබලයාගෙ පින තිබුණෙ තව පොතක.
Deleteප්‍රා,
ඒකනෙ. තව තව කතා තියෙනව දාන්නං.
ලිහිණි අම්මා, පැටියව කඩේ ඇරියා නේද?😂🤣
ReplyDeleteඅඹතලේ නානළිඳ ගාවදි වෙච්ච දේ වගේ දෙයක් තමා. (මාලු කෑල්ලක් දික්කරල කුරුලු පැටිය එළියට ගත්තා)
Deletehttps://www.youtube.com/watch?v=zwLpgTGDHsc
Deletehttps://www.youtube.com/watch?v=PYOSKYWg-5E
Deletehttps://www.youtube.com/watch?v=SlX0X03ZoFI
හූම්ම්... හූම්ම්... කෝ මේ නරි ටොමි බකුසා?
Deleteඅඹතලේ කිව්වා විතරයි, ඔය ඇවිත් ඉන්නෙ.😂🤣
Deleteහෑ... මේ හැලපය මේක පොතකින් උස්සල නෙවෙද
ReplyDeleteඅපූරු ලියවිල්ලක්..... මොනා උනත්
කමෙන්ට් එක දැක්කම එක පාරටම මතක් උනේ මේක.
Deleteහ්ම්.. ගියා.
Deleteමට අපේ අක්ක ඒ දවස්වල බයිසිකලේ කෙටිකතාව කියෙව්වා හොඳ හැටි මතකයි ඩ්‍රකී. පොලෝ කුහරෙන් ආ මිනිසා කෙටිකතාව මං දාන්ට හිටියෙ. ඒක හිතේ තදින්ම වැදිලා තියෙන කතාවක්....
“පොළෝ කුහරෙන් ආ මිනිසා“ කතාව මොකක්ද? දාන්ඩකො ඉක්මණට. හෙන කුතුහලයක් ඇති වුණා ඒ මාතෘකාවට.
Deleteදැන් ඉතින් ඒක කොටපන්කෝ.. ඉල්ලං කනවා කියන්නෙ ඔන්ට ඕකට.
Deleteඉතිං කොටපං කො. මහලොකු මහන්සියක් වෙනවයැ. වෙන වෙන අටමගල් කොටනව වගේ ම තමා.
Deleteහරිකො හරිකො.. දාන්ටම් මේක තා කට්ටිය කියෝනක්ම් ඉන්දල.
Deleteබොට මතක නැද්ද අර එකෙක් කෝච්චියේ යනවා. උදව්කාරයෙක් පස්සෙන් බඩු ඇන්න ඇවිත් වාත වෙන්නෙ. ඉන්දියන් එකක්. මේකෙන් ඒකාංගික ටෙලියකුත් ගියා tv එකේ කාලෙකට කලින්.
යන්තමට ඔහොම එකක් මතකයි. ඒත් කාරි නෑ, දාහංකො.
Deleteඉල්ලං කන්නෙ මොටෝ
Deleteබෙදං කාපංකො. ඔය තියෙන්නෙ බුෆේකක්ම ඇරල 😃😃
හාකෝ දාන්නම්කො හෙට... ඉන්ටකො එතකම්
Deleteඔන්න මාත් ඉන්ටවා!
Deleteනමියො, මට මතක නෑනෙ. කමක් නෑ ලියනවනෙ...
Deleteමෙන්න නමිය ලියලා ඒ කතාව.
Deleteහෆ්ෆේ මෙයා ලිංකුවත් දාල. ටැංක්ස් අ...
Deleteඅනාගත පාඨකයන්ගේ පහසුව තකා...
Deleteකියවා ඇතත් දුර කාලෙක කතන්දරේ
ReplyDeleteඅගයේ කිසිම අඩුවක් නැත මෙදා සැරේ
චීස් පරණ වෙන තරමට රසයි හුරේ
දෙන්න තව එකක්, ඉවරනෙ සෙමෙස්ටරේ
මේ වගෙ කතා තව හරියක් මතක ඇත
Deleteඊළඟ පාර තවත් එකක් ලියමි මිත
සෙමෙස්ටරේ ඉවර උණත් කාලෙ නැත
විභාගෙකුත් රිසර්චෙකුත් කරන්ඩ ඇත
ඒවත් කරන අස්සෙම වෙනසකට කියා
Deleteලිපියක් ලියන්නට හැකි වේවාය කියා
පතනෙමි සුහද පැතුමක් පෙරටුවේ තියා
ජීවිත විභාගෙට බැහැ උත්තර නොලියා
නොලියා ඉන්නකොට කසනව වගේ දැනේ
Deleteඑනිසා තව තවත් ලියනට එනව උණේ
කියවා දාන ප්‍රතිචරෙට ලැබෙයි පිනේ
පරණ කතා ලීම හරිම පහසුයිනේ
මටත් කියෝගෙන යනකොට මේක සිංහල පොතක තිබ්බ වගේ මතකයක් ආව.
ReplyDeleteහොඳ වෙලාවට ළිහිණි පැටිය මුහුදු னයෙකුට අහු නොවුනෙ. හැක්..
බොට මතක නැත්තං කාටද මතක? දශක කීපයකට කලිං බ්ලොග් එකක ගිය ලිපියක් උනත් ටකස් ගාල හොයල ලිංක් එක දාන බුවා නෙ.
Deleteමුහුදු නයි කොහෙද ඉන්නෙ? උන්ට ගහන්ඩ වෙන්නෙ මුහුදු ටෝච්වලින් තමා.
මුහුදු නයි ඉන්නවා.
Deleteදැක්කොත් වාලක්කඩී
ටොච්පාර නොදී බැරී
මුහුදු කූඩැල්ලො ඉන්නෙ ඔය. දැක්කම ඕක් ගෑවෙන්නම.
Delete😃😃
බස්සො,
Deleteඔය සිංදුව මං අහල තියෙන්නෙ, "දැක්කොත් මධුරී ඩික්සිත් - ආලේ නොකරා බැරී" කියල. ඊට පස්සෙ තියෙනව, "කරාටේ දන්නවා සේ පෙනේ" කියලත් කෑල්ලක්.
මහේෂ්,
ඔ්ක්!
මේ කතාව කියෙව්වාම මට මතක් උනේ අපේ කොල්ල ගැන කතාවක්. අපි මැලේසියාවෙ ඉන්න කාලෙ අපි ඌව දැම්ම විශේශ දරුවන්ට පිහිනීම උගන්නන තැනකට. කොල්ලා කොයිතරම් කිවුවත් නොගැඹුරු තටාකෙ පතුලට කකුල තිය තිය තමයි පීනන්නෙ. උපදේශක හිටි කොලු ගැටයා කියන්නෙ ඌට දැන් හොඳට පීනන්න පුළුවන්.. පතුල ලඟ නිසා කම්මැලි කමටයි බයටයි ඔහොම යන්නෙ. ඒ නිසා ඌව ඩීප් එන්ඩ් එකෙන් ලොකු පූල් එකට දාමු කියල. අපි ඉතින් බයයිනෙ. ඒ වෙනුවට ගැඹුරු තටාකෙ අයිනක ඉඳන් පුරුදු කරන්න කිව්ව. කොහෙද මූ නෙවෙයි ගැට්ට අතාරින්නෙ. පස්සෙ අර උස් ප්ලැට්ෆොර්ම් එකට අරන් ගියේ කොල්ලො හතර දෙනක් ඒක යට පූල් එකේ වතුරෙ ඉඳගෙනයි. මූ එතනින තල්ලු කලාම මාළුවෙක් වගෙ පීනන්න ගත්ත කියාපන්කො.. ඊට පස්සෙ ඌව ඒකෙන් එලියට ගන්න මට පැයක් හමාරක් බලන් ඉන්න උනා.
ReplyDeleteසරත් ලංකාප්‍රිය
ආන්න ඒක තමයි. අපේ පොලිස් ට්‍රේනිං එකේදිත් පීනුම් පුහුණුව පටං ගත්තෙ ම පූල් එකෙන්. කරන හැටි පෙන්නුවා, ඊට පස්සෙ අපේ උදවිය පූල් එකට පැනලා පීනන්ඩ ගත්තා. දන්නෙ ම නැතුව හිටපු උන් තමයි හොඳටම පීනුවෙ.
Deleteදැන් පුතා කොහෙද ඉන්නෙ?
ඒක මරු. අපිට ඔය කතාව තිබ්බෙ නෑ මහිතේ. අපිට කලිං සිලබස් වෙන්ටැ.
ReplyDeleteඒ පරණ කාලෙ පොත් වල හොාඳහොද කතා තිබ්බ.
ඒක තමයි. බොලා පොඩි ඈයො. වැඳගෙන අහගෙන හිටියව් මං කියන කතා.
Deleteහ්... හොඳට තියේ ගජබින්න එහෙම ආන්ට ගත්තොත්......
Deleteඅපිත් පොඩිකාලෙ එව්ව අහගෙන උන්නෙ වැඳගෙන තමා
Deleteඔව් සත්තකින්ම දරුවන්ව හදන්න ඕන ඔය විදියටම තමයි! ඔය කථාවත් මට හොඳට මතකයි. කොහොමත් දරුවන්ට මාළු අල්ලලා දෙන එක මම කවදාවත්ම කලේ නෑ; බිලී පිත්තක් ලබා දෙනවා විනා! ඒවයේ ප්‍රථිඵල බලමින් මේ ඉන්නේ!
ReplyDeleteඒක ඇත්ත. මාත් ගොඩක් වෙලාවට අපේ පොඩිරාළ අහන කප්පරක් ප්‍රශ්නවලට උත්තර උන්දැට ම හොයාගන්ඩ ඉඩ අරිනව, යූටියුබ් එකේ. මේ ළඟද උන්දැ මට පෙන්නුවා, යූටියුබ් එකේ ස්පීච්වලින් හොයාගන්න හැටි.
Deleteමෙම තේමාවේ වැදගත්කම පිළිබඳ කියන්නට මගේ සැබෑ අත්දැකීමක් සටහන් කරන්නට අවසර දෙන්න. කඳාන ප්‍රදේශයේ ප්‍රකට පාසැලක උත්සවයක් තිබුනා. උත්සවයට පෙරදින හොඳින් පෙනෙන තැනක යම් වැඩකට ගෙනා ගඩොල් ගොඩක් ගොඩගසා තිබෙනු ගුරුතුමියක් දැක්කා. ඇය ඒ අසල සිටි සිසුන් කිහිපදෙනෙකුට කතාකොට ඒවා එතැනින් ඉවත් කළා. පසුදින උදෑසනම විදුහලපතිවරයා අර ගුරුතුමිය තම කාර්යාලයට කැඳවා මෙසේ විමසුවා. "ඔයා ඇයි ඊයේ ළමයි ලවා අර ගල්ගොඩක් ඇද්දෙව්වෙ? ඒ ළමයින්ගේ දෙමව්පියන් මට පැමිණිළි කළා." මේ කතාව මට කිව්වේ එම පාසැලේම සේවය කළ මගේ හිතවතෙක්.
ReplyDeleteඑව්වා එහෙම තමයි. ගොඩක් ප්‍රධානීන්ට කළ දේ වැරදියි, නොකළ දේ විතරයි හරි!
Deleteලිට්සීකර්,
Deleteමට මතක් වුනේ, ඔය විදිහට විදුහල්පතිවරයෙක් ළමයි තුන්දෙනෙකුට කියලා කොන්ක්‍රීට් කැටයක් අහකට ගිහින් දාන්න කියලා. ළමයි ඒක පෙරළගෙන පෙරළගෙන යද්දි, එක ළමයෙක් ඉස්සරහ තිබුණු වළකට වැටිලා, කොන්ක්‍රීට් කැටේට යටවෙලා. දැන් විදුහල්පතිට විනය පරීක්ෂණයක් යනව. සාක්කි දුන්න ළමයි කියල තියෙනව, අර ළමය බේරගන්න යද්දි කෑ ගැහුවලු, "අයියෝ මගෙ පණ..." කියල.
මට හිතෙන්නෙ, ඉස්කෝලෙ බර වැඩ කරන්න කම්කරුවො සිටිය යුතුයි. ළමයි බය නැතුව වැඩවලට ඉදිරිපත් වෙන තත්ත්වයට ගේන්න වෙන වෙන ක්‍රියාකාරකම් තියෙනව. අර පහල සුජීවා කියල තියෙනව වගේ, මොකක් හරි අනතුරක් වුණොත් දුක් විඳින්නෙ දෙමව්පියො.
නිදි, වැඩ කළොත් තමා වරදින්නෙ, බණින්නෙ. ඇත්ත.
වැරදීමකින් හරි අර ලිහිණි පැටියා මුහුදට වැටුන නම් මෙතන කොටන එක්කෙනෙක් වත් නෑ ඌව බෙිරාගන්න.
ReplyDeleteඔයා පැනල බේරගන්ඩ. ඊටපස්සෙ අර බළල් සන්නිපාතෙත් එක්ක හදාගන්ඩ.
Delete