"අද අරුමැක්කෙ අබේපාල මහත්තයත් එනවා. හොඳ උදැල්ලක් තෝරල තියන්ඩ ඕනැ," කී වෙද මහතා පසෙක වූ උදලු ගොඩෙන් එකක් අතට ගෙන තලය බිමට තබා තද කොට බලා පසෙකින් තැබුවේය.
"මටත් හිතුණා වෙද මහත්තයලගෙ ශ්‍රමදානෙ බලන්ඩ එන්ඩ, අද නිවාඩු දවසෙ," වෙද මහතා දුටු අබේපාල මහතා ඈත තියාම කීවේය.
"කොච්චර හොඳ ද? හැබැයි වැඩ කරන්ඩ ඕනෑ. ඔන්න මම හොඳ උදැල්ලකුත් තෝරලා තිබ්බා," කී වෙද මහතා කොක්හඬ ලා සිනාසුණේය.
"ගිය සැරෙත් එන්ඩ හිතාගෙන හිටිය. ඒත් බැරිවුණා මොකක් ද හදිසි ගමනක් යෙදිලා."
"ඒකට කමක් නැහැ, ආද ආවා හොඳට ම ඇති," කියමින් උදැල්ලක් ද රැගෙන කණ්ඩියෙන් පහළට බැස්ස වෙද මහතා පාර මායිම් කිරීම සඳහා ඇද තිබුණු කොහු ලුණු පොට දිගේ බඹ හත අටක් දුරට කොටාගෙන කොටාගෙන ගියේය. අනතුරු ව ළඟ සිටි තරුණයා අතට උදැල්ල දී "කොටාගෙන යනව ඔහොම දිගට ම," යි කීවේය.
මිනිත්තු දෙක තුනක දී බඹ පනහක් පමණ දුරට පාර මායිම් කර අවසන් විය. කවුරුත් අතට අහුවුණු උදැල්ලක්, යකඩ ඉන්නක් හෝ ගල් කටුවක් ගෙන පාර කැපීමේ වැඩ පටන් ගත්හ.
උදලු බිම වදින හඬ මිනිසුන්ගේ කටහඬ මැඩගෙන පැතිර ගියේය. කුහුඹුවන් රැළක් මෙන් කඩිසර ව වැඩෙහි යෙදී සිටි මිනිසුන්ගේ උද්‍යා්‌ෙගය දුටු අබේපාල මහතාගේ සිත නව හැඟුමකින් පණ ගැන්විණි. ළමයින් මෙන් ම මහල්ලන් ද තරුණයන් සමග උරෙනුර ගැටී වැඩ කළේ තරඟයට මෙනි. අබේපාල මහතාගේ දෑත් නලියන්නට විය. වැඩ නොකර බලා සිටීම ගැන සිය යටි සිත තමාට දොස් නගන්නාක් මෙන් අබේපාල මහතාට දැනුණි.
පාර මැදට අසුවුණු පොල් ගස වට කරගත් කීප දෙනා ඒ වටේ කණින්නට වූහ. තරුණයෙක් කඹයක් රැගෙන ගසට නැග එහි කෙළවරක් මුදුනේ ගැට ගැසුවේය.
අබේපාල මහතා කමිසය ලිහා අසල වූ ගල් පොත්ත මත තබා සරම කැහැපට ගසා ගත්තේය. අබේපාල මහතාට උදැල්ලක් ඉතිරි වී නොතිබුණි. වෙද මහතා තෝරා තබන ලද උදැල්ල ද වෙනත් කෙනෙකු අතෙහි විය. පොල් ගස වටේ කණිමින් සිටි අයෙකුගෙන් යකඩ ඉන්නක් ඉල්ලා ගත් අබේපාල මහතා ද අනෙක් අය සමග හරි හරියට වැඩ කරන්නට විය.
දිනපතා කන්තෝරුවට යන අතරමගදී අබේපාල මහතාට මුණගැහෙන කම්කරුවන් කීප දෙනෙකුගේ මුහුණු ඔහු එහිදී දුටුවේය. වෙන දා නුදුටු චිත්තාකර්ෂණීය භාවයක් ඒ මුහුණුවල ගැබ් ව ඇතැයි අබේපාල මහතාට සිතුණි.
පොල්ගස මුල කණිමින් සිටි එක් අයෙක් "දැන් ඇති, අදිනවා බලන්ඩ," කීවේය. තරුණයෝ දෙදෙනෙනක් උදලු අතහැර ගොස් කඹයේ කෙළවර අල්ලා ගත්හ. අබේපාල මහතා ද දිව ගොස් ඔවුන් සමග එක් විය.
"හා ඕං"එක් අයෙකු නැගූ හඬත් සමග කඹය ඇදුණේය. පොල් ගස මදක් නැවී අවුත් යළිත් ආපසු ඇදුණේය. කිට්ටුව වැඩ කරමින් සිටි වෙද මහතා ද උදැල්ල අත හැර අවුත් කඹය අල්ලා ගත්තේය. හා ඕං යයි නැවතත් හඬ නැගුණි. ගස මදකත් ඇල විය. හා ඕං යයි තුන් වැනි වරට නැගුණු හඬත් සමග ම පොල් ගස බිම ඇද වැටිණි.
වැඩ කරමින් සිටි කොලු රැළ දිව අවුත් එහෙ මෙහෙ විසිරී ගිය කුරුම්බා ගෙඩි අහුලා ගත්හ. කීප දෙනෙක් ජයග්‍රාහී ලීලාවෙන් පොල් කඳ මත වාඩි වී බුලත් සපන්නට වූහ. ඔවුන් සමග වාඩි වී සිටි අබේපාල මහතා නළලින් වැගිරෙන ඩහදිය දකුණු අත දබරැඟිල්ලෙන් සූරා දැමුවේය.
වැඩ කිරීමේ ආසාවෙන් පිබිදුණු කම්කරුවන්ගේ මුහුණු දකින අබේපාල මහතාට තමා දිනපතා කන්තෝරුවට යන අතරමගදී දක්නට ලැබෙන කම්හල සිහි විය. තැනින් තැන ඉදි කරන ලද ගොඩනැගිලිවලට ඉහළින් නැගෙන කළු දුම් වළලු ඔහුට පෙනෙන්නාක් මෙන් විය. කම්හල ඉදිරිපිට කුඩා තේ කඩය ළඟ රැස්වී තේ බීමට පොරකන කම්කරුවන් නිසා තමාට කීප දිනක් ම මොටෝරිය හසුරුවා ගැන්ම අපහසු වූ සැටි ද සිහියට නැගුණි.
"තේ වතුර, තේ වතුර" පාරේ ඈත කෙළවරේ වැඩ කරමින් සිටි කවුදෝ කෑගැසුවේය. කවුරුත් තමන් අත වූ ආයුධ බිම තබා එදෙසට ඇදෙන්නට වූහ.
"තේ ගෙනාවෙනං හොඳ වෙලාවට," අබේපාල මහතා ගේ යටි සිත කොඳුළේය.
"යමු මහත්තය තේ වතුර ටිකක් බොන්ඩ," වෙද මහතා කීවේය.
"යමු, මාත් හිටියෙ දිව ගිලෙන්ඩ තරං පිපාසෙනුයි."
තේ බාල්දිය වට කරගෙන සිටි වැඩි දෙනා කම්කරුවෝය. විහිළු තහළුවෙන් යුතු ව තේ බීමේ යෙදී සිටි ඔවුන්ගේ ප්‍රසන්ன මුහුණු අබේපාල මහතාගේ සිත ඇදගත්තේය.
"කම්කරුවො, වැඩපළ, දාඩිය-කොයි තරං වටිනව ද" අබේපාල මහතාට සිතුණි.
වෙද මහතා ගෙනැවිත් දුන් තේ කෝප්ප්පය දෙතොළට ළං කළ අබේපාල මහතාට අමුතු සුවඳක් හා රහක් දැනුණේය. එවැනි සුවඳක් හා රසක් මින් පෙර කිසි විටෙක ඔහුට දැනී නැත.
කම්හල ළඟ කඩේ තේ ගැන පැතිර ගිය ආරංචිය ඔහුට සිහි විය. ඒ කඩේ තේ පමණ රස තේ වෙනත් තැනක නැතැයි යන ආරංචිය ඇසූ තමා දිනක් තේ බීමට ඒ කඩයට ගිය සැටි සිහි විය. එක් උගුරක් පමණක් කටට ගෙන තේ රස නැතැයි මුදලාලිට කී සැටිත්, ඔහු එයට දුන් පිළිතුරත් සිහියට නැගුණි.
"දාඩිය මහන්සියෙන් වැඩ කරන අයට පමණයි මේ තේවල රස දැනෙන්නේ," එදා මුදලාලි කීවේ සැබෑවකි.
ඩහදිය හෙළන අයට ඒ කඩේ තේ පමනක් නොව, කොහේ තේත් රසයයි ඔහුට සිතුණි.
හිස් කෝප්පය රැගෙන තේ බාල්දිය ළඟට ගිය ඔහු තවත් තේ කෝප්පයක් ඉල්ලා ගත්තේය.
පරණ කියවීම් පොතකිනි.
у меня тоже была такая книга
ReplyDeleteэто было в нашей школьной книге для чтения
DeleteВ каком году
Delete1989 насколько я помню
Deleteශ්‍රමයෙන් දානයක් දෙන්නට කැපවීලා
ReplyDeleteඋස්-මිටිකං දෝස සේරම නොතකාලා
ගත දහඩියෙන් නෑවෙනතුරු වෙහෙසීලා
ඉඳින විටෙක තේ එක 'අම පැනක්' වෙලා
හෙනහුරු ගුණ්ඩුවෙන් මතුවුනු තේ රසය
Deleteයළි'කුරු කරන්නට දුන්නා මට දිරිය
තෙ'වතුරු රස හෙළනා විටලු දහදිය
පොඩි කල කියෙව්විට ගිලුනා යටි හිතට
හෙහ්, හෙහ් ප්‍රසන්ன මුහුණු? පතෑං 👌🤣😂
ReplyDeleteඅර පොතෙන් තව කතා කීයක් තියෙනවද? ඔය වගේම, ලස්සනම කතා තිබුණ අධයාපන දෙපාර්ථමේන්තුවෙන් නිර්දේශ කරපු පොතක් තමයි, ඊ.ආර් එරත්ත මහත්තයාගෙ "ජීව භාෂාව". නිදිටත් ඒක මතකයි කිව්වා. පට්ට කෙටිකතා සැට් එකක් තිබ්බා. බොගේ කන්ටෑක්ට් වලින් හොයා ගන්න, ඇහැකි නං පිංසිද්ද වෙන වැඩක්. 👌🙏😊
ප්‍රසන්න කියල ටයිප් කරද්දි "න්ன"යන්න නොගහා ම බැරි උණා...
Deleteඊ ආර් එරත්න මහත්තයා කිව්වම මතක් උණේ "බස්සගෙ අවාසනාව"
අපි බලමු ජීවභාෂාව හොයාගන්ඩ. ශික්ෂා රසය නං මා ගාව තිබුණා මතකයි.
Кровь неработающих людей слаще на вкус, чем кровь трудящихся.
ReplyDeleteредко используется, имеет лучшую ценность
DeleteKrew bezrobotnych smakuje słodko niż krew ludzi pracy.
ReplyDeleterzadko używany, ma najlepszą wartość
DeleteКров непрацюючих людей солодша на смак, ніж кров трудящих.
ReplyDeleteрідко використовується, має кращу цінність
DeleteΤο αίμα των ανέργων είναι πιο γλυκό από το αίμα των εργαζομένων.
ReplyDeleteඔරිමජිනල් රියල් ඩ්‍රැකී, ජොබ්ලස් උන්ගේ ලේ හරියට ගංකුකුල් මස් තියෙද්දී බ්‍රොයිලර් කෑවැහේ ඇතිනේද (ග්‍රීක් බාසාව අපි ඉගෙනගත්තේ සුවාහිලි බාසවෙන්නේ!)
Deleteජයවේවා!
ඔරිජිනල්,
Deleteαυτό είναι ελληνικό για μένα
හැට්ටර්,
ගං කුකුල් මස්වලට වඩා හොඳා මුහුදු කුකුළා මාළු.
අඹතලේ වොලිබෝල් කෝට් එකට උඩහින් තිබ්බ තේ කඩේ මතක් වුනා. මුදලාලි, දකුණෙන් ඇවිත් බින්න බැහැපු හාදයෙක්. ලැවරියා, හැලප වගේ එව්වා තිබ්බත් තේ එකට තමයි ප්‍රසිද්ධ.
ReplyDeleteඒ කාලෙ ගෑස් තිබ්බෙ නෑ, අපෙ හංදුරුවනේ. ලොකු රවුං ටින් එකක මැදින් පොල්ලක් තියලා, දහයියා දාලා තලනවා. ඊට පස්සෙ යටින් උමඟක් හරනවා. ටිකක් "ඉග්ලූ" එකක් වගෙයි පෙනුම. ඕක පත්තු වෙනවා වරුවක්. ලිප උඩ, කොච්චරවත් වතුර පැහෙන තඹ බොයිලේරුව. තේ වල වැනිලා සුවඳක් එනවා. පට්ට රහයි.
https://www.ranker.com/list/love-and-relationships-for-eskimos/melissa-sartore#:~:text=Even%20though%20they%20had%20sex,way%20of%20talking%20about%20sexuality.
Deletehttps://journals.sagepub.com/doi/10.1177/1177180118765474
DeleteCharitha in an Igloo
බුදාම්මෝ!
Deleteමේක දැක්කහම මතක් වුනේ අපේ ගෘප් වල සයිබිරියාවෙන් ආපු එස්කිමෝ කෑල්ලක් හිටිය. ටිකක් චෛනිස් මොන්ගොල් ලුක් එක. ඒකිට උන්ගේම කොල්ලෝ දෙතුන් දෙනෙක් හිටිය, යාලු වෙලා . මරා ගත්තේ නැහැ එකෙක් වත්. උන් ඔක්කොම කෙල්ලට උදව් කරනවා, කඩේ යනවා, ෆිල්ම් වවලට එක්කන් යනව. හතර දෙනාම එකට යන්නේ ගෙවල් වලට යන කොට. උන්ගෙන් එකෙක් මට කීව ඒකි ඌ ව තමා බඳින්නේ කියල ළමයි හදන්න. හැබැයි ඌට කිසි අවුලක් තිබ්බේ නැහැ අනිත් එවුන් දෙන්න ගැන.
Deleteඅජිත්, ඇත්තටම මම සතුටු වෙනවා, අපට මෙහෙම අදහස් බෙදාගන්න, සාකච්චා කරන්න අවස්ථාවක් තිබීම ගැන. මගේ අත්දැකීම, සමාජයක් වශයෙන් ගත්තාම අපි හරි කුහක බවයි.ඉඳලා හිටලා ඇවිත්, ඇනෝලා ඒ බව සනාථ කරලත් යනවා.
Deleteඑච්චරම සක්‍රීය අත්දැකීම් නැති වුනත්, FB එක බ්ලොගට වඩා ගෝත්‍රිකයි කියලයි මට හිතෙන්නෙ. මරාගන්නෙ නැතුව, අපහාස කරගන්නෙ නැතුව දේශපාලනය ගැන කතාකරන්න අපට හැකිවීම ගැන, මට නං සතුටුයි.
බශුට "නිර්වාන" moment එකක් ආපු එක ගැන සතුටුයි.
Deleteබකුස්,
Deleteඔය මුදලාලි ගැන අර නානළිඳේ පෝස්ට් එකේ කමෙන්ට් එකකත් කිව්වෙ... උන්දැගෙ ලස්සන දුවක්වත් උන්නද?
ලී කුඩු ලිප ඒ කාලෙ හැටියට ටිකක් නව්‍ය අදහසක්. දැන් තියෙන අර බ්ලෝවර් පොල්කටු ලිප වගේ... මට මතකයි මිහිර පත්තරේ එහෙම ඒ ගැන තිබුණා.
තේවල වැනිලා රහ නං හැබැයි, බාල තේකුඩුවල රස මැකෙන්න වැනිලා එසන්ස් කළවං කිරීමෙන් එන දෙයක් බවයි මට මතක.
ප්‍රා,
මොකෝ බස්සයි අඹතලෙයි මතක් උනාම ඇස්කිමෝ කතාවක් මතක් උනේ?
අජිත්,
මට මතකයි අපි පොඩි කාලෙ මනහර සඟරාවක තිබුණා, ඇස්කිමෝවරු කරන උසස් ම ආගන්තුක සත්කාරය තමයිලු භාර්යාව අමුත්තා එක්ක නිදාගන්න යවන එක. හැබැයි, අපේ රටෙත් උඩරට රාජධානිය කාලෙ ඔය ආගන්තුක සත්කාරය කළා, උසස් නිළමක්කාරයො. නමුත් සංග්‍රහයට යොදාගැනුනෙ ප්‍රවේණි දාසයන්ගෙ දූවරු.
බකුස්,
මේහ්...! සාකච්ඡාවට ස්ථානයක් සපයාදීම මගේ සතුට. හැබැයි පුතෝ බිං කුළිය ගෙවන්ඩ වෙයි මෙහෙ ඇවිත් කමෙන්ට් කියවනවටයි, ලියනවටයි...
බිං කුලිය රූබල් වලින් ගෙවන්නද?🤔
Deleteබිරියෝසා ගහ යට
Deleteපුටියා අපිට
අපි පුටියට
මොකද යකෝ මුන්ට වෙලා තියෙන්නේ. රුසියාව ලංකාව අල්ලන්න එනවළුද?
ReplyDeleteඒකෙත් පොඩි ආතල් එකක් තියෙනව නේද?
Deleteමේ කතාව සිංහල විෂය නිර්දේශ පතක තිබ්බ එකක් නේද?
ReplyDeleteඔව්. දිගින් දිගටම ආපු විෂය නිර්දේශ කීපයක ම තිබුණු කතාවක්.
Deleteදහදිය හෙලන්නන් උත්කර්ෂයට නංවන මෙවන් නිර්මාණ සෝවියටි සාහිත්‍යය තුළ බහුලව දකින්නට ලැබුණා. එහි බලපෑම 70-77 යුගයේ මෙරටද දකින්නට ලැබුණා.
ReplyDelete++++++++++++
Deleteකුඩා කාලෙ සෝවියට් සාහිත්‍යය කොයිතරම් රසවින්දත් ඒවාගේ පණිවුඩය ගැන ලොකු ඇල්මක් මට නොතිබුනේ ප්‍රොපගැන්ඩා ගතිය වැඩි නිසා කියල මට හිතෙනව.
හිතලු, ෆැන්ටසි කතාවල හැර අතිශයෝක්තියෙන් ලියවෙන, කියන දේ ගැන සැකය මට හැමදාම තිබුන. මං cynical වැඩිද මංද. ඒත් විස්වාසය ඇතිවෙන එකක් මිසක් ඇති කර ගන්න පුලුවන් දෙයක් නෙමෙයිනෙ. ආගම්, දේශපාලනය, ක්‍රීඩා, කලා සියල්ලමට අදාලයි.
මහන්සිවුනාම ප්ලේන්ටී රස වැඩි එක කියවල අහල නෙමෙයි අත්දැකීමෙන් දන්නව
Delete:D
ගැඹුරට විච්චේදනය කරන අය කියනවා, සෝවියට් සාහිත්‍ය, ප්‍රොපගැන්ඩාව නව මානයකට ගෙනිච්චා කියල. සමහරවිට වෙන්නත් ඇහැකි.
Deleteඒත් රටකජු ඇට තරම් මොල තියන බස්සන් වූ අප රසවින්ඳනය සහ ප්‍රොපගැන්ඩාව කලවම් කර නොගත්ත නිසා, ලාබෙට ලැබිච්ච ඒ සාහිත්‍ය රසවිඳින්න කිසිම බාධවක් තිබ්බෙ නෑ.
https://www.youtube.com/watch?v=ZqmqebTRHXo
ඔව්. මාත් හුඟක් රස වින්දා. ඒත් ඒ කාලෙ වුනත් ඇමරිකාව හා රුසියාව දෙකෙන්ම පදිංචියට අවස්ථාවක් ආවොත් රුසියාව තෝරගන්න තත්වෙට නෙමෙයි.
Deleteඑහෙම චෑන්ස් එකකට ඉන්විටේෂන් එකක් ඇමරිකාව/රුසියාව දෙකෙන් එකකින්වත් ආවෙ නැති නිසයි මම අඹතලේට ගියෙ අපෙ හාංදුරුනේ.
Deleteමං හිතුවෙ ඇමරිකාවෙ චැරිටිටයි රුසියාවෙ චැරිස්කායාටයි වැඩිය ලස්සනට අඹතලේ චරිතා ලිඳෙන් නාන නිසා කියලනෙ, උපාසක බස්
Deleteඔහෙට කිව්වට මොකෑ, මාත් ඒ දවස්වල හොඳ උපාසක කුකුලා. වතාවක් ලතාවක් පස්සෙන් බයිසිකල් පැදලා, පාර ගෙදරකින් ඉවර වුනා. අර cul-de-sac කියන්නෙ, එහෙම එකක. නිව්ඩාව හරියෙදි වෙච්ච ඇබැද්දියක්. මොකටෑ නිකං ඕව කියන්න ගිහින් චරිතෙ ඝාතනය කරගන්නෙ, නේද?🤔
Deleteඅප්පට සිරි බස්තුමාට කවදාවත් නැතුව නියුඩාව ගැන කියවුනානෙ !
Deleteබස්තුමාව සහ මිස් නියුඩ්ව කල් ඩ සැක් එකේදි චරිතා දැක්කනං බස්තුමාගෙ ගාත දෙකම ඝාතනය වෙනව
ඝාතනය වෙනවද කියලත් අහනවා. මිදුලෙ හිටියා හතර රියන් පුරුස පරාණයක්. මමත් ඇරියෙ නෑ, හතර-වරං බේගලයක් ඇද බෑවා, අනේ අර අහින්සකයා අහුවුනා ඒකට. මගෙ බයිසිකලෙත් උස්ස ගෙන ගිහින්, උන්දැලගෙ වත්තෙ වැටට එහායින් තිබ්බ පාරට ඇරලෙව්වා.
Deleteමොකද්ද මේ ප්‍රොපගැන්ඩා කියල ඉනට අත් දෙක තියාගෙන කල්පනා කරන මම.- වඩාත් ලංව බැලුවොත් ගුරු ගීතය ට එහෙම වුනේ ලංකාවේ ඒක ගත්ත විධිහ නිසා වෙන්න පුළුවන්. මොකද ඒ වගේ දේවල් ඒ කලෙත් වුනා. දැනුත් වෙනවා. මට ටිකක් "වානේ පන්නරය ලැබූ හැටි" පොතේ දෙවෙනි කොටස ඒ වගේ දැනුන. ඒ වුනත් ඉතින් ඒකත් පොරගේ ඇත්ත ජිවිත කතාව ඒ ලියල තිබ්බේ. සැබෑ මිනිසෙකුගේ කතාවක් හෙම ප්‍රොපගැන්ඩා හැටියට දැනුනේම නැහැ.
DeleteAjith, ඔව්. සැබෑ මිනිසෙකුගේ කතාව හොඳ වෝ සහ හියුමන් ඉන්ටරෙස්ට් කතාවක්. තව යුද්ධ කතාවක් තිබුනා කත්යූෂා රොකට් ලෝන්චර් හා T සීරීස් එකේ යුද්ධ ටැංකි සහ කුස්ටෙන්සොෆ් කියල නිලධාරියෙක් ගැන. සත්ව විද්‍යාඥයෙක්ගේ කතන්දරනම් ලොකුම ෆේවරිට් පොතක්.
Deleteවානේ පන්නරය මට ප්‍රොපගැන්ඩා වගේ තේරුනේ. හැබැයි ඒ පොත්වල ප්‍රශ්නෙකටත් වඩා මට ඉඳල හිටල කියවන්න ලැබුන සෝවියට් මැගසින් පරිවර්ථන නිසා කියලයි මට හිතෙන්නෙ. ඒවායේ තිබුනෙ බටහිරට වඩා සෝවියට් බ්ලොක් එකේ රටවල් කොයිතරම් හොඳද, දියුණුද, සල්ලි තියනවද, ප්‍රජාතන්ත්‍රවාදීද, බටහිර මිනිස්සු කොයිතරම් සෝවියට් දේශෙ දිහා ආසාවෙන් බලා ඉන්නවද, ඇමරිකාව කොමියුනිස්ට් වෙන්න කොයිතරම් ලඟද වගේ ෆැන්ටෑස්ටික් ප්‍රොපගැන්ඩා.
එයට අමතරව මං කුඩා කාලෙ ලංකාවෙ තිබුන සමාජවාදී කියපු රජයට තිබුන අකමැත්තත් බල පාන්න ඇති.
තවත් දුරටත් රුසියන් දේවලට වඩා ඉන්ගලන්ත ඉතිහාසය හා පොත් සහ ඇමරිකන් කව්බෝයි, ගන් ෆයිටර්ස්, හොලිවුඩ්, කොමික් වගේ දේවලට තිබුන කැමැත්තත් වෙන්න ඇති.
Sorry, කුස්නෙට්සොෆ් මට මතක විදිහට. පොතේ නම මතක නෑ
Deleteසෝවියට් මැගසින් ගැහැව්වේම ඉතින් ප්‍රචාරණයට නේ.ඒවා නම් සාහිත්‍යය කියල සලකන්නැ බහ. මිහයිල් බොල්ගකොව් ගේ පොත්වල ප්‍රොපගන්ඩ කියල එකක් ඇත්තෙම් නැහැ
Deleteතමුන්නාන්සේලාගේ comments කියවනකොට හිතුණු දේකුත් ලියන්න හිතුනා.
Deleteමනුස්ස අපි හැමෝම ආසයි නේද අමරණීය වෙන්න. ඒක කර ගන්න බැරි හින්දා අඩුම තරමින් අපේ නම හරි වැඩි කාලයක් පවතින විදිහට වැඩ කරන්න අපි කැමතියි!
ඉතිං බලයට එන නායකයෝ බලන්නේත් බලය වැඩි කර ගන්නය්, බලය/ නම පතුරවන්නයි.... ඒකට එක එක උපා යොදනවා. සාහිත්‍යය/ පතපොත/ films..... ඒවාත් එකට අයිතියි.
සමහර ඒවා සාර්ථකයි/ අපට 'දැනෙන්නේවත් නැතිව දත ගලවනවා' වගේ.
මතකද ඉන්දියාවෙනුත් ඔය වගේ project එකක් දියත් වුණා. 70 දශකයේ. 'හඳමාමා' ළමා සඟරාව. 1978 ජුනි මාසයේ ඉඳලයි පටන් ගත්තේ... ඉන්දියාවේ 'චන්දා මාමා' මුද්‍රණය වෙද්දී, (රුසියානු පොත් වගේම) අන්තර්ගතය විතරක් සිංහලෙන් යොදලයි 'හඳමාමා' පළ කලේ. අඟල් 6 x අඟල් 8 ප්‍රමාණයේ පිටු 64ක්, වර්ණයෙන්. පොතක් රු 2.50ට තිබුනේ.
ඒ කාලෙම තමයි සෙවිල්ල සඟරාවත්, රුසියන් පතපොතත් පළ වුණේ!
මූන්ද දැන් පොත් digital කොරන වැඩේට අත ගහලද......
ReplyDeleteමහන්සි වෙලා බොන තේක රහයි තමයි.. තවත් රහයි දූමපානයක් තිව්නනන් (ඒත් දුම්බීම පිළිකා ඇති කොරයි😂)
https://drackey.blogspot.com/2015/11/18-i-was-smoker-above-18.html
Deleteතේ එකක රස දැන්නෙන්නෙ හොඳටම දාඩිය දාන්න වැඩ කලාම තමයි. හකුරූ බෑවකින් බාගයක් අතට අරන් හැලියක් තරම් ලොකු මග් එකක ගේ පිටිපස්සෙ ගහයට බංකුවෙ ඉඳගෙන සති අන්ත දවසෙ මජං සූට් එක ඇඳන් දාඩිය පෙරාගෙන බොන එක හෙන ආතල් බං. (එහෙම ඉඳන් කූල් බියර් එකක් බොන එක විතරයි ඊට දෙවෙනි,.)
ReplyDeleteඔය තේ එක හරියටම බොන්නෙ අපෙ බාස් උන්නැගේ. මිනිහා තේ උනුකරලා අලි මැටිකෝප්පයකට එකක් ගන්නවා. ඊට පස්සෙ සීනි අහුරක් කටේ දාගෙන ඒකෙ පැනි රහ යනකල් අර තේ මැටි කෝප්පෙම බීගෙන් බීගෙන යනවා.
සරත් ලංකාප්‍රිය
හූම්ම්... මට තාම මතකයි කූල් බියර් එක ගැන සහ හොන්ඩා කස්ටම් බයික් එක ගැන අපි දෙහිවලදි කරපු කතා බහ.
Deleteඅපේ තාත්තා කියනවා, ඒ අය තරුණ කාලෙ අපේ ගමේ තිබුණා සේදිං ගෙ කඩේ කියල තැනක්. ඔතනට ගියාම හවස් අතේ, තේ දෙන්නෙ නෑඹිලියට දාලයි කියලා.
අපේ තාත්තා උදේට කොළ කැඳ බොන්නෙත් මැටි කෝප්පෙට දාලා. බඩ පිරෙනව ඒකෙන්. ඒ පුරුද්දට මට තාමත් කොළකැඳ වීදුරුවක් බීවම මදි වෙනව.
හකුරු බෑවකිං බාගෙයක් කියන්නෙ ඉතිං... මෙහෙ තියෙන කිතුල් හකුරුවල හැටියට රුපියල් පන්සීයක විතර වියදමක්.
ன යන්න අවභාවිතා කිරීම හෙලා දකිනව. ඔවු ඉඳගෙන.
ReplyDeleteඔය අර ටෝච් පාරට පාරෙ හැලිච්ච නයන්න. මං අහුලං ආව.
Deleteඔය තේ වලට අර හිස් සඳරුවගෙ තේ මුදලාලි වගේ මොනව හරි මල් ජාතියක් කලවං කරල දුන්නද දන්නෑ කොල්ලංගෙන් වැඩ ගන්න.
ReplyDeleteහපොයි! මට මතක් වුනේ අපේ බාප්පගෙ තිබුණු පොරොව. ඒකට මිට ගහල තිබුණෙ ගංජ ගහක අත්තකින්.
Deleteමේ කථාව ඉතාමත් ආශාවෙන් එකල කියැවූ එකක්. එහි පලමු ඡේදය අදටත් මට කට පාඩං. සරල කථාවක් උවත් එයින් දෙන පණිවිඩයේ උත්කෘෂ්ඨ බව!?
ReplyDeleteඇත්ත. විශේෂ ම දේ තමා, ඔය කතාව කියවන පොඩු උදවියගෙ මනසේ ඔය සංකල්පය ගලේ කෙටූ අකුරක් වගේ කාවදින එක.
Deleteමේ දවස්වල කප්පරක් වැඩ. කමෙන්ට්වලට උත්තර දෙන්ඩත් ආවට ගියාවට බෑ. මට දීලා තියෙන ප්‍රතිචාරවල වටිනාකම මම අගය කරන්ඩ ඔ්නෑ. ඒ නිසා ටික දවසක් දෙන්ඩලා කරුණාකරලා...
ReplyDeleteГ-н Путин — набожный Скопцы христианин
ReplyDeleteකිසිම අවුලක් නෑ, ඉඩ තියෙන වෙලාවක උත්තර දෙන්න.👌
Delete