වර තුනක් ලබා දීම ගැන විවිධ ආකාර කතා මේ ලෝකය පුරා ම තියෙනවා. එයින් මේ කතාව මම ගොඩක් පොඩි කාලෙ කියවපු කතාවක්.
දුප්පත් මහළු යුවළක් හිටියා. ඒ දෙන්නා බොහොම දුකින් වාසය කළේ, සමහර වෙලාවට බඩගින්න නිවාගන්නවත් හැටියක් නැතුව. ඒ වගේ ගෙවුණු එක දවසක, සීයා හාමත් වෙමින් ඉන්න අතරෙ, එතනට ආවා සුරංගනාවියක්. ඇය මහලු යුවල අමතලා කිව්වා, "මම ඔයාලට වර තුනක් දෙනවා. දැන් ඔයාලා ඉල්ලන, ප්‍රාර්ථනා කරන පළමු ආශාවල් තුන එවෙලෙම ඉෂ්ට වෙනවා." කියලා.
ඉතින් ඒ දෙන්නා සාකච්ඡා කරන්න පටන් ගත්තා. වර තුනයි ලැබෙන්නෙ. එයින් ලබා ගන්න පුළුවන් හොඳ ම සහ උපරිම අවස්ථාව ලබා ගන්න ඕනෙ.
කල්පනා කරලා, සාකච්ඡා කරලා, වාද කරලා අන්තිමේ බැරිම තැන සීයා ට කියවුණා, "මට බොහොම බඩගිනියි. සොසේජ් එකක්වත් තියෙනවනම් මම කැමතියි." කියලා.
එහෙම කියලා මොහොතක්වත් ගත වෙන්න කලින් ඔහුගෙ ඉදිරිපිට සොසේජ් එකක් මැවුණා.
ආච්චිට බොහො ම කේන්තියි. ඇයි, වර තුනෙන් එකක් නිකම් ම සොසේජ් එකකට නාස්ති වුණා නෙ. එයා කේන්තියෙන් සීයට බණින්ඩ ගත්තා, කරපු මෝඩ වැඩේ ට. සීයා අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන කිව්වා, "ඔය කෙහෙම්මල් සොසේජ් එක තමුසෙගෙ නහයෙ ඇලෙන්ඩ ඕනෙ". කියලා.
ඒ ආශාවත් ඔන්න එවෙලෙ ම ඉෂ්ට වුණා. සොසේජ් එක උඩ පැනලා ආච්චිගෙ නහය අගිස්සෙ ඇලුණා.
ඒ ගමන ආච්චියි සීයයි ඔක්කොම වැඩ පැත්තක තියලා, අර සොසේජ් එක ආච්චිගෙ නහයෙන් ගළවගන්න මහන්සි ගත්තා. ඒ දෙන්නා කොයිතරම් තදින් සොසේජ් එකෙන් අල්ලලා ඇද්දත්, ඒක නම් ආච්චිගෙ නහයෙන් ගැළවුණේ ම නෑ.
අන්තිමේ හති අරිමින් සීයා කිව්වා, "ඔය සොසේජ් එක තමුසෙගෙ නහයෙන් ගැළවෙන්නයි ඕනෙ, කොහොම හරි." කියලා.
ආන්න ඒ වෙලාවෙ සීයගෙ තුන්වෙනි වරයත් ඉෂ්ට වුණා.
* * *
වර තුනක් ගැන නූතන කතාවක් මේ...
එක කාන්තාවකට, මුහුදු වෙරළේ තිබිලා බෝතලයක් හම්බවුණා. ඇය ඒක ඇරලා බැලුව ම, බෝතලය තුලින් නිල් පාට දුමාරයක් ගළාගෙන ඇවිත්, බූතයෙක් මැවුණා. එයා කිව්වා, "බොහොම ස්තූතියි මගෙන් ප්‍රයෝජනයක් ගන්නවට. මම ඔයාට වර තුනක් දෙනවා. ඔයා කැමති ඕනෙම දෙයක් ඉල්ලන්න. හැබැයි, ඔයාට ලැබෙනවා වගේ දහ ගුණයක් ඔයාගෙ හස්බන්ඩ් ට ලැබෙනවා."
"හොඳයි." කාන්තාව කල්පනාවට වැටුණා. "මාව මේ ලෝකෙ ඉන්න ධනවත්ම තැනැත්තා කරන්න"
"මට ඔයා ධනවත් කරන්න පුළුවන්. නමුත්..." බූතයා කිව්වා. "...ඔයා ධනවත්ම තැනැත්තා වෙන්නෙ නෑ, මොක ද, ඔයාගෙ හස්බන්ඩ් ඔයා වගේ දහ ගුණයක් ධනවත් වෙනවා."
"ඒකට කමක් නෑ..." කාන්තාව හිනාවෙලා කිව්වා.
"ඔන්න ඒ ඉල්ලීම ඉෂ්ට කළා..." බූතයා කිව්වා. මොකද්ද ඊළඟ වරය?"
"මාව මේ ලෝකෙ ඉන්න ආකර්ෂණීය ම තැනැත්තා කරන්න."
"හරි. ඒකත් ඉෂ්ට කළා." බූතයා කිව්වා. ඒ වෙනකොට අර කාන්තාව බොහො ම ලස්සන, සුන්දර ගැහැණියක් බවට පත් වෙලා. "ඊළඟට ?"
"ඊ ළඟට" සොඳුරු සඳවතිය පොඩි හිනාවක් නැඟුනු මහුණින් යුක්ත ව කිව්වා, "මට දෙන්න ලාාාවට හාට් ඇටෑක් එකක්."
* * *
වර තුනක් ගැන තවත් අවර කතාවක් තිබුණා, ඒක පොඩි වෙනස් කමක් කරමින් සිඩ්නි, ගජමෑන් සමග සමයං පත්තරේ පළ කළා. මේ ඒක.
ඔරිජිනල් කතාවෙ ඔය පුද්ගලයා ඉල්ලන්නෙ, "ඕනෙ රෙද්දක්" නෙවෙයි, "ඕනෙ පුකක්...!"
* * *
"ඕ පු" කිව්ව ම මතක් වුණේ අතුරු කතාවක්.
රජයේ සේවයේ, ඕනෙ ම වැඩක් වාර්තා වෙන්න ඕනෙ නිසා, ගොනුවකින් තමයි පවත්වාගෙන යන්නෙ. වැඩ හැම එකක් ම අදාළ ගොනුවල වාර්තා වෙනව. නුවෙ දකුණු පැත්තෙ ලිපි අමුණලා, වම් පැත්තෙ සටහන් පත්‍ර කියන, හිස් කඩදාසි අමුණනවා. ලිපි අංක කරලා, ඒ අදාළ ලිපියෙ අංකය ගැන සඳහන් කරමින්, සටහන් පත්‍රයෙ ඒ ගැන සටහනක් යොදලා ඉහළ නිලධාරියාගෙ මේසය මතට දැම්ම ම, එයා එයාගෙ නිරීක්ෂණ, නිර්දේශ, නියෝග ආදිය, සටහන් පත්‍රයේ ම සටහන් කරනවා. ඉතින් ගොනුවක සටහන් පත්‍ර බැලීමෙන්, වැඩේ වෙලා තියෙන්නෙ කොහොම ද, මොන දවස්වල ද ඒක වෙලා තියෙන්නෙ, කියන විස්තර හොයාගන්න පුළුවන්. ඔය සටහන් පත්‍රවල, සහ ලිපිවල සටහන් තබනකොට කෙටි යෙදුම් භාවිත වෙනව. "දැ. ගැ. ස." කියන්නෙ දැනගැනීම සඳහා. "කරු" කියන්නෙ කරුණාකර...
ඒක කිව්ව ම මතක් වුණේ. මං වැඩට ගිය මුල් ම කන්තෝරුවෙ, ගබඩා භාර කරු හිටියෙ "කරුණාරත්න" කියල අයිය කෙනෙක්. (ගබඩා භාර-කරු-කරු) ඒ දවස්වල, ගබඩාවෙන් මොනව හරි නිකුත් කරන්න සටහන් තබන්නෙ, "කරු. නිකුත් කරන්න." කියලා, හරියට කරුණාරත්න ට ආමන්ත්‍රණය කරලා වගේ...
ඔය වගේ දවසක් අලුතෙන් පත්වෙලා ආව ලොක්කෙකුට ෆයිල් එකක් දාලා, ඒකෙ සටහන් පත්‍රයෙ ලියල තිබුණ ලු, "කරු. අත්. ඉ. කරමි" කියල. උන්දැ ඒ කෙටි යෙදුම අඳුනගන්න බැරුව, යටින් සටහනක් දැම්මලු, "ඕ. පු." කියල.
ඒක දැකපු, සීසී හෙවත් ප්‍රධාන ලිපිකරු, ගොනුවත් අරගෙන අර ලොක්ක ගාවට ගිහිං ඇහුවලු, "මොකද්ද සර්, මේ සටහන?" කියල.
ලොක්ක ඇහුවලු, "ඊට කලින් කියනවකො, "කරු. අත්. ඉ." කියන්නෙ මොකද්ද කියල..."
"ඒ කියන්නෙ, "කරුණාකර, අත්සනට ඉදිරිපත් කරමි" කියන එකනෙ සර්..." කියල සීසී කිව්වලු.
"ආ... ඒක ද? "ලොක්ක හිනාවෙලා කිව්වලු, "ඔය "ඕ. පු." කියන්නෙ එහෙනං ඕනෙ පුකක් කියන එකයි" කියල.
* * *
ඒ වගේ කෙටි යෙදුම් ගැන තව කතාවක් කියල ම වර තුනට ආපහු සම්බන්ධ වෙමු.
සෑහෙන ඉස්සර කාලෙ, ලොකු ප්‍රොජෙක්ට් එකක් තිබුණා පිටිසර ගමක් ආශ්‍රිතව. ඔය ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන උදවිය නිතර ම ගමේ තේ කඩේට ගොඩ වෙලා, උදේට දවල් ට කන්නත්, තේ බොන්නත්ත් පුරුදු වෙලා උන්නා.
ඔය දවස්වල, ප්‍රොජෙක්ට් එකේ ගේට්ටුවෙ දැන්වීමක් ගහල තිබුණා, "කම්කරු ඇබෑර්තු ඇත - ප්‍ර.වැ.දෙ. ප්‍ර. ඉ." කියලා.
ඔය කඩේට ආව ප්‍රොජෙක්ට් එකේ ලියන මහත්තයෙකුගෙන්, දවසක් කඩේ මුදලාලි ඇහුවා, "මොකද්ද අර බෝඩ් එකේ තියෙන කෙටි යෙදුම?" කියලා.
ලියන මහත්තයා ඉතිං මුදලාලිට කියා දුන්නා, ඒ තියෙන්නෙ, "ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව, ප්‍රධාන ඉංජිනේරු" කියන එකයි කියලා.
පහුවදා කඩෙත් බෝඩ් එකක් ගහලා තිබුණා.
"මෙහි නිකරුණේ රස්තියාදු ගැසීම තහනම් - පු. සි. මු." කියලා.
මේක අර ප්‍රොජෙක්ට් එකේ හැමෝට ම ගැටළුවක් උනා. අර ලියන මහත්තය ම ඊළඟ දවසෙ මුදලාලිගෙන් ඇහුවා, ඒ බෝඩ් එකේ තියෙන කෙටි යෙදුම මොකද්ද කියලා.
"ඇයි මහත්තයො හිතා ගන්න බැරිද?" මුදලාලිත් හිනාවෙලා ඇහුවා. "ඒ තියෙන්නෙ මගෙ නම. පුංචි සිඤ්ඤො මුදලාලි කියන එකනෙ..."
ඒක කිව්වම පච්ච කතාවක් මතක් වුණ උදවිය මේ කොණට...
* * *
ඔය වගේ ප්‍රොජෙක්ට් එකක වැඩ කරපු උපදේශක වරයෙක් උන්නා, පාෂාණ පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන. හැමෝ ම එයාට ඩොක්ටර් කියල තමයි කතා කළේ. ටික දවසක් යන්න කලින්, ගමේ උදවිය එක එක ලෙඩවලට බෙහෙත් ගන්න එයා ළඟට එන්න ගත්ත.
බැරිම තැන එයා ගමේ උදවියට කියා දුන්නා, තමුං වෛද්‍ය වරයෙක් නෙවෙයි, ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක් කියලා. ඒත් ඒක ගමේ උදවියට තේරුණේ නෑ. අන්තිමේ එයා කිව්වා...
"මං මිනිස් ඩොක්ටර් කෙනෙක් නෙවෙයි, ගල් ඩොක්ටර් කෙනෙක්" කියලා.
ඊට පස්සෙත් අසංගයි ප්‍රසන්නයි කියල දෙන්නෙක් ඩොක්ටර් පස්සෙන් කැරකුණාලු, ඒ ඇයි දන්නෑ?
* * *
ඔය වගේ වර තුනක් දුන්න නෙ, වලහෙකුටයි හාවෙකුටයි... මේ ඒක.
මට ඔහොම වර තුනක් හම්බුනොත් ඉස්සෙල්ලම ඉල්ලන්නෙ පාවිච්චි කරණ හැම වරයකටම අලුත් වරයක් ලැබෙන්න කියලා... හැක්..
ReplyDeleteකෙටි යෙදුම් දැක්කම මේක තමා මතක් වුනේ..
කු.දි.පා.ම.හි.ජ.ප.ම.රා.
ලිහන එකාට වර තුනක් හම්බෙනවා...:)
ඇත්ත සෙන්නා, අර රුසියන් ළමා කතාවක් තිබුණෙ. හත් පෙති මල කියලා. ඒක කියෙව්වමත් මට හිතුණෙ, ඔය වගේ මල් ගොඩක් දෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරළා, ඒකෙ එක පෙත්තක් කැඩුවනං, වැඩේ ගොඩ.
Deleteගැටළුව තියෙන්නෙ, මේ වගේ වර හම්බ වෙන්නෙම පට්ට මෝඩයින්ට.
අර කෙටි යෙදුම මට මතකයි හොඳට ම... රවි අයිය තමයි ඔය කෙටි යෙදුම හැදුවෙ. හි. ජ. කු. පා. ම. ම. රා. ගේ මා. නි. (මාධ්‍ය නිවේදනය)
තව තියෙනවා... ආර්. ආර්. ඒ. විරුවා - ඇම්. බී. පී. සැමදා
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ
Deleteදැන් අලුත්ම එක හො.ම.ත.ග.යු නේද
Deleteඅසංග,
Deleteආන්න හරි. දැං බලං ඉඳිං සෙන්නගෙ තුන හම්බෙනකං...
පැතුම්,
මේ තියෙන්නෙ... මට පෙන්නුවෙත් බස්සා.
ඒ උනාට තවුසෙල අර කැලණි ගඟ දෙබෑ කරගෙන ආපු னයාගෙන් පැහැදිලි වර තුනක් ඉල්ලගත්තෙ නෑනෙ.
ReplyDeleteඔය පැහැදිලි වර හම්බෙන්නෙ, මේ රටේ සැබෑ අයිතිකාරයන් වන, පාලක පංතියට. අපිට හම්බෙන්නෙ මේක තමයි...
Deleteඒක නෙමෙයි ඇත්තටම මොකද අරුං දෙන්න ඩොක්ඩ පියල් ඇරියනන්ද පස්සෙං ගියේ හැබෑටම.
ReplyDeleteඔය ඩැස්කියා ටීපී කෑම්ප් එකේදි අරුන් දෙන්නාට නාග මානික්කයක් විකුණලා. ඒක කප්පවා ගන්නලු ගල් ඩොක්ටර් ගාවට ගිහින් තියෙන්නේ ...
Deleteඅලය දෙකට නැමිල හිටියනං යසට කපාගන්න තිබ්බනෙ ඩොක්ටට කියල. (මැණික)
Deleteපුසක්ඥ සහ අසංග,
Deleteබොලා තමයි දන්නෙ හරියට ම විස්තරේ. ඇයි ගියෙ, සහ ඊට පස්සෙ මොකද වුණේ කියන කාරණේ...
වචනත් ඉගන ගත්තා. දෙයියො කතා කරන්නෙ "ඒයි ඕලන්ද කේප්පයො " කියල නේද? කේප්ප හරක් ගෙනාවෙ කේප් ටවුන් එකෙන් ඕලන්ද කාලෙ. හොද ජාතියෙ හරක් විදිහට සැලකුනේ.
ReplyDeleteතාම කේප්ප වස්සා කියන එක අපහාසයට කලාතුරකින් භාවිතාවුනාට. ඕලන්ද කේප්ප කියන එක මම අහල තිබුනෙ නෑ.
අඩේ...! කතාව කියෙව්වට ඒක දැක්කෙ නෑ නෙව.
Deleteසිඩ්නිත්, ප්‍රාත් දන්න දේවල් බොලේ!
අර ඕ.පු ජාතිාය ලොක්කො නං ඕසෙට ඒකට හරියන්න පු.සි.මු ජාතියෙ ඇම්බැට්ටයොත් ඉන්නවනෙ.
ReplyDeleteමේ රාජ්‍ය සේවය එපා වෙන්නෙ උං හින්ද 😒😒😒
කතා වලිං ප්‍රසිද්ධව වලහ හාව හාට් ඇටෑක් ඕන පුකක් ටික අහල.තියේ.
අනික්ව නං ඉතිං ප්‍රාදේසීය මට්ටමේ නිල වාර්තා නෙව.
ඔයි සාවියෙ වැඩ කරද්ද වෙන අලකලංචි නැතිද 😁😁😁
ඒ සායෙ තව මොන අලකලංචි ද මූම අල කලං චියක් වෙලා තියෙනකොට.
Deleteමහේෂ්,
Deleteඔය ගැන කියන්ඩ නං ගොඩක් ජාති තියෙනව. නමුත් අල ගැන විතරක් කියල, කලංචි ගැන දැනට නොකියා ඉන්න එක වඩා ඇඟට ගුණයි. පැන්ෂන් ගියාම හරි, වෙන විදිහකිං හරි මේකෙං ගැළවුණහම යම් කිසි දුරකට කතා කරන්න පුළුවන් වෙයි.
ප්‍රසක්ඥ,
ඇත්ත. තවුසෙ තමයි ඔ්යි මාව මේ තරමට හරි තේරුං අරං ඉන්නෙ...
මටත් ඒ කතාවම තමා. ජොබ් එකෙන් ගිය දවසක මේකෙ වෙච්ච හුට්ටප්පර ලියන්න පුලුවන් දවසකට එක.ගාණෙ. ඒ තරං ආතල් තියේ
Deleteඇත්ත. ලංකාවෙ දේශපාලනය සහ රාජ්‍ය පරිපාලනය ගැන මටත් සත්‍යය අවබෝධ වෙමින් තියෙනවා. මෙයින් ගැලවුණු දවසක ලියන්න පුළුවන් ආචාර්ය උපාධි නිබන්ධනයක් විතර.
Deleteමරු කතා ටික.ඒකෙනුත් සිඩ්නිගෙ කතායි චිත්‍රයි දෙබසුයි හරිම පන්කාදුයි.ඒ වගේම මුදලාලිගෙ කෙටි යෙදුම නම් නියමයි.
ReplyDeleteආය අහල... සිඩ්නි කියන්නෙ ම වාග් කොෂයක් ඈ... මතක ද, විලම්බීත ලන්තෙ කියල කතාවක් ඇන්ද, ප්‍රේමදාස ජනාධිපතිගෙ කාලෙ. ඒකෙ කිරි කළ හතකිං නාවන සීන් එකත් තිබුණා. වැඩේ ඒකෙ රජ්ජුරුවො නාවන්නෙ රබර් කිරි වලිං. රබර් ගල් වෙලා රජා පිළිමයක් වෙනව අන්තිමේ.
Deleteඅර සොසේජස් කතාව නියමයි. පුසිමු අහල නෑ, අනෙක් දෙක අහල තිබ්බ.
ReplyDeleteබලාගෙන ගියාම, අපේ රාජ්‍ය සේවයේ, වැඩි හරියක් සම්පත් වැය වෙන්නෙ ලේඛනගත කරන්න කියලයි හිතෙන්නෙ. එකෙ පාරක් මම ජලප්‍රවාහන සංස්ථාවෙන්, රිපෝට් එකක් ගන්න ගියාම කිව්වා, අවු 10 වඩා පරණ රෙකෝඩ් අපි තියාගන්නෙ නෑ කියලා.😟
සොසේජ් කතාව බ්‍රිතාන්‍ය ජන කතාවක් ලු. පුසිමු සහ ගල් ඩොක්ටර් මට කියවන්න ලැබුණෙ විදුසර පත්තරෙන්.
Deleteරාජ්‍ය සේවයෙ වාර්තාකරණය උවමනයි බකුස්... මොක ද, තියරිටිකලි සහ ටෙක්නිකලි බැලුවොත්, මහජනතාවගෙන් රැස් කරන මුදල් වෙනුවෙන් ජනතාවට අපි වගවිය යුතු නිසා.
//රාජ්‍ය සේවයෙ වාර්තාකරණය උවමනයි බ.....මහජනතාවගෙන් රැස් කරන මුදල් වෙනුවෙන් ජනතාවට අපි වගවිය යුතු නිසා//
Deleteඑකඟයි. ඒත් පුදුමෙ ඔය වාර්තාකරණය තිබිලත් , කපුටලා මයිනලා ගහපු ගැහිල්ලයි ලොවෙත් නැති වෙන්න. අර කිව්ව සංස්ථාවෙ වගේ අවු 10 වඩා පරණ රෙකෝඩ් විනාස කරනව නං , එතන අවුලක් කියල හිතුනා. සමහරවිට ලේඛණ සංරක්ෂණය ඩිජිටල් කරන්න වගේ දෙයක් උපකාරී වෙන්න පුළුවන්.
ඒත් ඩිජිටල් ලේඛණගත කරන්න සහ සොයන්න(සර්ච්) ලේසියි. අමාරු කොටස සංරක්ෂණය තමයි.
ඇත්ත. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ තොරතුරු ආරක්ෂා කර තබා ගැනීම අතිශයින් ම වැදගත් කාර්යයක් වෙලා තියෙනවා. ගොඩක් ආයතනවල, දැන් දැන් ලැබෙන ලිපි සියල්ල ස්කෑන් කරලා තියාගන්න සිස්ටම් තියෙනව. පරණ ලිපිගොනු පවා ස්කෑන් කරලා තියාගන්න ආයතන කලාතුරකින් උණත් තියෙනවා. හොඳ ම උදාහරණය තමයි, ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික පුස්තකාලය.
Deleteහැබැයි, කවුරු හරි දූෂිතයෙකුට ඔ්නෙ නං, ලේඛන විනාශ කරලා ගැළවිලා යන්නත් සිදුරු තියෙනවා.
යකඩෝ සොඳුරු සඳවතිට මොකටෙයි හාට් ඇටෑක් එකක්...🤔🤔
ReplyDeleteකතාව හරියට කියෙව්වෙ නෑ වගේ? හපෝයි අහිංසක සත්තලමා 😔
Deleteසොඳුරු සඳ,
Deleteහැම තිස්සෙ ම එක ම කට්ටියට චාන්ස් එක දෙන්න බෑනෙ. මෙන්න මේකයි හේතුව...
බකුස්,
ලොව ධනවත් ම සහ ආකර්ෂණීය කාන්තාව භාරයේ, මීළඟ සත්තලමා වීමට වේකන්සි ඇත...
අඩේ ඒක අමතක උනානේ මෙයා මේ දන්න කියන උන්ගෙ නම් පාවිච්චි කොරනවයි කියල.මං මේ දවස්වල වැස්ස්ට තෙමිල ට්‍රැක් අවුල් වෙලා ඉන්නෙ.ශෝට් ටයිම් මෙමරිත් ලොස් 😜
Deleteනිකං දෙන එකේ ඔන්නොහෙ මේ හාට් ඇටෑක් එකත් ගන්ඩ... මහජන සුභසිද්ධිය තකා හරි...
Deleteහරි අගනා පැරණි කතන්දර ටිකක්. සැමටම ස්තුතියි.
ReplyDeleteඅගය කිරීමට ස්තූතියි දයා මහත්තයා...
Deleteපු. ත.
ReplyDeleteප. ප. ය...!🤣
Delete“ඇටදෙක බතල පිඟානේ“ ගීතයෙන් නිරූපනය වන දෙමලාගේ පුරුෂ ආදිපත්‍යය ගැන ඔබේ මතය කුමක්ද?
ReplyDeleteඒ සිංදුවෙ එහෙම එකක් තියෙනව කියල දැනගත්තෙ දැන්. පුරුෂාධිපත්‍යය දෙමළ සිංහල කියල නෑ, හැම තැන ම වගේ අඩු වැඩි වශයෙන් තියෙනව.
Deleteදෙමළ චිත්‍රපටි, ගීත වීඩියෝ ආදිය තෙලිඟු බසින් කල එවැනිම නිර්මාණ සමග සැසඳමේදී පැහැදිලි පුරුෂ ආධිපත්‍යයක් දකින්න පුලුවන්. දෙමළ බසින් කරන නිර්මාණවල නිර්මාණ වල කාන්තා චරිතයකට ප්‍රධාන තැනට එන්න දෙන්නේ නෑ. අනිත් කාරණා වලින් දෙමළ සහ තෙලිඟු බසින් කරන නිර්මාන එක වගෙයි. මලයාලි කන්නඩ බාෂා වලින් කරන නිර්මාණ දෙමළ තෙලිඟු නිර්මාණ වලට වෙනස් බව හඳුනාගන්න පුලුවන්.
Deleteයාපනේ කොල්ලා හදපු “ඇටදෙක බතල පිඟානේ“ ගීතයත් තනිතරම පුරුෂ මූලික එකක්.
ඔය සිංදුව ඔය කියනකං ම අහල දැකල නෑ. බලල ම යමක් කියන්නම්
Deleteවරැ තුන 🙈
ReplyDeleteවරැ වරැ ළඟට කැන්දා
Deleteඅකිත්ති ජාතකය
ReplyDeleteඅම්මෝ සිංදුත් දන්න දේවල් ඈ... මං ඔය ඇහුවමයි ඔය ජාතක කතාව ගැන
Deleteමැද රට විත්ති...
ReplyDeleteදුටුවා. ස්ස්ස්තූතියි බකුස්.
Deleteඒ වගේ කෙටි යෙදුම් යොදා ගන්න එකෙන් අනිත් අයට හිත රිදෙන්න (offend වෙන්න) පුලුවන් නේද. අනිත් එක මේවා standard abbreviations නෙවෙයිනෙ. මම මුලින්ම මෙහෙ වැඩ කරන්න ගත්ත කාලෙ මගෙ colleague කෙනෙක් 'please' වෙනුවට pls කියලා ඊ මේල් එකක ලියලා, අපේ ලොක්කෙක් කිව්වා ඒ විදිහට වචන කෙටි කරන්න එපා කියලා.
ReplyDeleteඔව් ඔය ඔෆෙන්ඩින් සංකල්පය සෑහෙන්ඩ භාවිත වෙනවනෙ දැන් දැන් වෙනකොට... මට ඔය ගැන එක අදහසක් නෑ.
Deleteදෙවෙනි කතාව අහල තියන එකක්. අනිත් ටික මරු. චිත්‍ර කතා දෙකත් මහන්සි අරගෙන දැම්මට ස්තුතියි. ඔය නම් කෙටි කරන මගුල් නම් මට පේන්න බැහැ . අපේ කම්පැනි එකේ වෙනම ග්ලොසරි එකක් තියනව ඒවාට.
ReplyDeleteහ්ම් හ්ම්... නම් කෙටි කරන එක මටත් පේන්න බෑ, ශිෂ්‍යත්ව පන්ති යන කාලෙ ඉඳං ම. මොක ද, කෙටි යෙදුම් ගැන වෙන ම කොටසක් තිබුණා ශිෂ්‍යත්ව පේපර් එකේ. මට මතකයි, අපේ එකෙක් කිව්ව, අ. පි. බ. කියන්නෙ ආපන ශාලාවට කියල.
Delete