Friday, October 18, 2024

විරෝධාකල්ප ගී

පවතින සමාජ ක්‍රමයේ හෝ පාලන තන්ත්‍රයේ ඇත්ත ස්වරූපය දකින්නත් යම් කිසි ලැබීමක් තිබෙන්න ඕනේ කියා සිතෙනවා. බහුතරයක් මනුෂ්‍යයන්ට තමන් සමාජක්‍රමය විසින් හැඩගස්වා තිබෙන තරමේ හැටියට, ඒක තුළ තිබෙන දැති රෝද කරකැවෙන බලවේගයන් සහ අරමුණු පේන්නෙ නැතුව යනවා. ඒ වගේ ම තමන් අයිති සමාජය තමයි ලෝකෙන් ම උතුම් ම ක්‍රමය කියන ස්වෝත්තමවාදී අදහසත් ළමා කාලයේ සිට ම ගිල්ලවන බවකුත් පේන්න තියෙනවා.

නමුත් තමන් අයත් සමාජයේ සහ පාලන තන්ත්‍රයේ අප්සට් බව හෙවත්, අර්බුධයට යාම දකින සුළු ප්‍රතිශතය, තමන් දකින දේ අනික් අයට පැහැදිලි කර දීම තම යුතුකම ලෙස සළකමින්, යම් යම් ආකාරවලින් තම සහෝදර ජනතාව දැනුවත් කරන්න උත්සාහ කරනවා. ඒ අය පළ කරන අදහස් විප්ලවීය අදහස් විදිහට පේන්නෙ, පවතින සමාජක්‍රමය විවේචනය කිරීම සහ එහි අර්බුධය විග්‍රහ කිරීමත්, වඩා යහපත් සමාජ ක්‍රමයක් මේ ආකාරයේ විය යුතු යැයි ඇදහීමත් නිසා. කලින් කලට මතුවන එවැනි උදවිය සමාජයට මතක හිටින යමක් ප්‍රකාශ කරලා, සමාජය යම් තරමකින් වෙනස් කරලා තිබෙන බවත් පේනවා. බුදුන්, සොක්‍රටීස්, ජේසු, කොන්ෆියුසියස් ආදී පුද්ගලයන් මේ විදිහේ විප්ලවකාරීන් හැටියට හඳුනාගන්න පුළුවන්.


මෙවැනි ප්‍රකාශන සංගීත ශිල්පීන් සහ පද්‍ය රචකයන් අතින් කෙරෙනකොට, වඩා තහවුරු ලෙස සමාජය ඇතුළට ඒ අදහස් කාවද්දන්න හැකියාවක් ලැබෙනවා. වික්ටර් හාරා, බොබ් මාලේ වැනි ජාත්‍යන්තර සංගීත ශිල්පීන් වගේ ම ලංකාව තුළත් එවැනි ම කර්ත්‍රව්‍යයක් සිදු කළ කලා කරුවන් අපට දකින්න පුළුවන්. 

මේ මම ඉහතින් සඳහන් කරපු, සමාජ තන්ත්‍රයට අනුගත වීමෙන් මස්තිෂ්ක නිර්වින්දනය වීමේ අර්බුධය ගැන තැනුණු එක් නිර්මාණයක්.


ඈත ඉඳන් කණකොකා හඩනවා
අපට ඇහෙන්නේ නෑ
දෝංකාර දී කැසට් පටයකින්
ගී හඬ පැතිරෙනවා
කිට්ටු වෙවී කණ කොකා හඬනවා
අපට ඇහෙන්නේ නෑ
නිලංකාර වී දෑසම 
විතකින් රහමෙර උතුරනවා

බැලූ බැලූ තැන උත්සවයක සිරි
විලාසිතාවන් ඇස පිණවනවා
තිරේ පිටුපසින් නූල් ඇදෙද්දී
රූකඩ සෙල්ලම ජයට නටනවා
උස්සාපන් අත - අපි උස්සනවා
ගහපන් කරණම් - අපිත් ගහනවා
ඇඳිවත නොදැනි ම ගිළිහී ගිය දෙන්
ගහන පදේකට අපිත් නටනවා

ඈත ඉඳන් කණකොකා හඩනවා
අපට ඇහෙන්නේ නෑ
දෝංකාර දී කැසට් පටයකින්
ගී හඬ පැතිරෙනවා
කිට්ටු වෙවී කණ කොකා හඬනවා
අපට ඇහෙන්නේ නෑ
නිලංකාර වී දෑසම 
විතකින් රහමෙර උතුරනවා

සිංදු ඇහෙනවා පිරිත් ඇහෙනවා
වෙලාවකට මේ දෙක පැටළෙනවා
බුද්ධාලම්බන ප්‍රීතිය උතුරා
සාදු කිය කියා අපිත් නටනවා
බෝ මළුවේ බයිලා ලෙලදෙනවා
බාර් එකේ මුණි වදන් ඇහෙනවා
පුවත් නොදැන අපි බමන මතින්
වග වළසුන් කොටි සමග නටනවා

ඈත ඉඳන් කණකොකා හඩනවා
අපට ඇහෙන්නේ නෑ
දෝංකාර දී කැසට් පටයකින්
ගී හඬ පැතිරෙනවා
කිට්ටු වෙවී කණ කොකා හඬනවා
අපට ඇහෙන්නේ නෑ
නිලංකාර වී දෑසම 
විතකින් රහමෙර උතුරනවා

පද රචනය - උපාලි අත්තනායක

සංගීතය - රංජිත් යාපා ද අල්විස්

ජවිපෙ විසින් නිර්මාණය කෙරුණු විමුක්ති ගී මට දැනෙන හැටියට ලංකාවේ බිහි කෙරුණු පළමු නූතන විරෝධාකල්ප ගී. ඊට පෙර වෙල්ලස්සේ කැරැල්ල ආශ්‍රිතව තැනුණු කවි ගැනත් මතක් කිරීම වටී...


අපේ රටේ භීෂණ සමය එක්ක විරෝධාකල්ප ගී රැල්ලක් ද නිර්මාණය වුණා. එයින් ප්‍රකට ම වුණේ නන්දා මාලනීගේ පවන සහ කපුගේ ගේ කම්පන. මේ මට දැනුණු හොඳ ම නිර්මාණයක්, නන්දා සහ සුනිල් ආරියරත්න සංයෝගයෙන් තැනුණු...


මියෙන්න පුතුනේ මියෙන්න වධ විඳ...
හෙලන්න පුතුනේ හෙලන්න ලේ කඳ...
කකියන දඬු කුරුසේ...
වාවා ගන්නම් මගෙ හද ඉකිබිඳ
මිරිකා කඳුළු ඇසේ...

“ඔවුන් මගේ පුත්‍රයාට කටු ඔටුනු පලන්දා
කස පහර දී මුහුණට කෙළ ගසා
කුරුස ගසේ තබා ඇණගසලා…”

ගලවා සළුපිලි අධර්මයේ 
ගලවා අභරණ අයුක්තියේ ..
පෙන්වූයේ පුත නුඹමයැ නිරුවත
පාලක ඝාතක ජඩයන්ගේ...
පාහර පූජක ගවයන්ගේ...

“ඔහු කළ මහා පාප කර්මය එයයි..
අධර්මයේ නිරුවත අයුක්තියේ නිරුවත
පෙන්වා දීමයි..”

ඉපදී පොඩි ගව මඩුවේ 
හැදී වැඩී වඩු මඩුවේ…
මාළිග මන්දිර මණ්ඩප පුපුරා නැගූ කෙසර හඬ
අයෝමයයි පුතුනේ...
අභීත මැයි පුතුනේ...

“මං දුක් වෙන්නේ නැහැ පුතේ නුඹ ගැන...”

සෙබළුනි මන්ද විරාමය හෙල්ලට
අනිව් අනිව් මගෙ පුතුගේ ඇලයට
සෙළවෙන්නේ පුතු සිරුරේ ලේ පමණයි...
සැඟවෙන්නේ මා පුතු පණ නළ පමණයි...

“කිසා ගෝතමිය සිද්ධාර්ථට කියූ
නිබ්බුත පදමැයි පුතේ මේ අහිංසක මරියා
කුරුස ගහ යට අඬ අඬා කියන්නේ...”
නිබ්බුතා නූන සා මාතා...
නිබ්බුතා නූන සෝ පිතා...
නිබ්බුතා නූන සා නාරී..
යස්සායං ඊදිසෝ පතී...

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.

සංගීතය - ස්ටැන්ලි පීරිස්.


මේ මා කැමති ම තවත් ගීයක්...


දඟගෙයි දඬුවම්‌ සියුමැලි වැඩිනම්‌
අළුගෝසුවනේ එල්ලාපන්‌..
අළුගෝසුවනේ එල්ලාපන්‌
කටු ඉඹුලේ අප එල්ලාපන්‌

යුක්තිය උදෙසා.. කෑමොර දීමයි
යුත්තිය උදෙසා කෑමොර දීමයි
දඟගෙයි ලෑමට අප සැම කළ පව
මුකවාඩම්‌ බැඳ  එකෙකු නසන කල
දනිවු සුවහසක්‌ තව උපදින බව

වරදට එරෙහිව.. අවි ඔසවන්නේ
වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්‌
ශාන්තිවාදී තපස්‌ රකින්නේ
පිට කොඳු බිඳ ගත්‌ ඔල මොල නිවටුන්‌

දඟගෙයි දඬුවම්‌ සියුමැලි වැඩිනම්‌
අළුගෝසුවනේ එල්ලාපන්‌..
අළුගෝසුවනේ එල්ලාපන්‌..
කටු ඉඹුලේ අප එල්ලාපන්‌..

ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය: ගුණදාස කපුගේ

ගායනය - විජය කුමාරණතුංග

රටට වෙලා තියෙන දේ ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කළ මේ ගීයත්, නන්දා මාලනියගේ පවන ඇල්බම් එකෙන්...


අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ...
ලේකිරි දුන් උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ...
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ...
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ...

උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්...
මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්...
තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී...
ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී...

උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී...
මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන්  මරතී...
අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී...
මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී…

පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය:-  ස්ටැන්ලි පීරිස්

ඒ වාගේ ම විය යුතු දේ ගැන, ජයතිලක බණ්ඩාරයන්ගේ මේ ගීයත් අමතක කරන්ඩ ම බැරි නිර්මාණයක්... 

ජනතාවට අන්තිමේ දි ජය අත් වෙනවා.


ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

මොහොමඩ් එර්ෂාඩ් කලක් බංග්ලාදේශේ
මහ ලොකු ජාතියෙන් නේද කෙරුවේ වාසේ
අන් අයගෙන කුලියට ලියවාගෙන ගැදි පැදි
චින්තන උල්පතක් වාගෙ පෙනුණා කලකදි
ගහගෙන තම කයිවාරුව තම පුර වරුණේ
යුග පුරුෂය පහල වුණා කියලය පෙනුණේ‍
ධර්මය රැක ගන්න පහළ වුණු ලෙස පෙන්නා‍
මර්දනයෙන් බොරුවෙන් රජ කරගෙන උන්නා
එක්සත්වී මහජන බලවේගය නැග්ගා‍
තක්කඩි ඒ පාලකයා හිරගෙයි ලැග්ගා

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

කලක් සියා උල්හක් නැග බලස්ථානෙට
සයිස් දමාගෙන හිටියා පකිස්ථානෙට
මිනීමරු පාලන ගඳ පිහිටුවා වටපිටේ
තනි මතයට රජ කරගෙන  හිටියෙ ඒ රටේ
එක් දවසක් හක් අහසට නැගල යනකොට
ඩොග් ගෑවා කෑලි තමයි වැටුණෙ පොළවට

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

ෂා කෑවේ ඉරානයම එයාගෙ වාගේ
සාර්ථකද කටයුතු අන්තිමට එයාගේ
ඉරාන ජන මතය නැගුණි ගම්බිම් පාසා
පරාණ කූඩුව අරගෙන පැන දිවූවා ෂා

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

ඉඩි අමින්ගෙ හැඩි දැඩි පාලනය කොහොමද
දැඩි මහජන මතය හමුවෙ කෙළින් හිටියද

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

මාකොස් පීලිපීනයෙ බලවතා හැටියට
පෑ පිස්සුව ඇල්ලුවෙ නෑ එරට වැසියට
පෙන්නාගෙන බොරු සාධාරණය තමුන්නේ
ඡන්ද මගඩි වලිනුයි ඔහු බලයෙහි උන්නේ
තම රූපය මහජනයා හමුවෙ ඇටෙව්වා
සමනල ගල වැනි මහ උස ගලක කෙටෙව්වා
අරන් මහා ජන මුදලින් විදුලි බල එලී
තොරන් බැදන් රට පුරාම කෙළියෙ සැණකෙළී
ගඳ ගහද්දි මාකොස්ගේ මිනීමරුකම
ළඳ සෝබන මොඩ් බඩුවක් වුණා රටටම
ජනමතයක් මුලු පිලිපීනයේ මතුවුණා
හොනලොලුවට යන්නට මාකොස්ට සිදුවුණා‍

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා

මාකොස්ටත් පිලිපීනෙන් යන්න සිදුවුණේ
මේ බොස්ටත් ඒ පාඩම ගන්න බැරි වුණේ
සෙනේවන්තයෝම රටේ බලයට එත්වා
අනේ වනේ වන හතුරොත් ජීවත්වෙත්වා

ගීත රචනය: සිරිලාල් කොඩිකාර

සංගිතය : විශාරද ගුණදාස කපුගේ

*    *    *

විරෝධාකල්ප ගී ගැන අපේ සහෘදයෙකු වන දයානන්ද රත්නායකයන්ගේ සටහන මෙතැනින්...

30 comments:

  1. Replies
    1. වැව් ඉස්මත්ත, දැක්කෙ ගොඩ කාලෙකින්. එහෙව් එකේ, මෙතන පළවෙනි කමෙන්ට් එකත් උණහම...!

      වැව් කියන්නෙ, තව තියෙනව කියල ද?

      Delete
  2. දඟගෙයි දඬුවම් විතරයි අහල තිව්නෙ හිටං.

    දැන් සුනිලුන් ඔයාකාර සිංදු ලියන එක නවත්තලා වෙනාකාරයක පිච්චැර් කරනව 🙈

    ReplyDelete
    Replies
    1. සුනිල්/නන්දා මාලනී ගැන චෝදනාවක් තියනවාත් දැක්කා. තරුණ පරපුර පොළඹවලා පස්සෙ මඟහැරියය කියලා. ඕවයෙත් දෙපැත්තක් ඇති. ඒත් ජවිපෙ මුල් කාලෙ අපට
      "හොම්බට ඇන-ඇන දෙන්න හදපු " සමාජවාදෙට මගෙ කැමැත්තක් නෑ.

      Delete
    2. නමිය,
      දැං උන්නැහැ සම්මානිත මහාචාරිය නෙ. ඉතිං ගාණ කපාගෙන කොමිටල් වැඩක් කරගෙන ඉන්නව. නමුත් අසූ ගණංවල උන්නැහැ ප්‍රකට කරන ප්‍රතිභාව ගැන වෙන ම හිතන්න වෙනව.

      බකුස්,
      කෙටියෙන් කිව්වොත්, ඒ කියන සමාජවාදය දැන් නම්, මාලිමාවෙත් නැති බවක් පේන්න තියෙන්නෙ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට යොමු වෙලා බව පේනව. ලංකාවෙ පාවෙන ඡන්ද ටික මේ වෙලාවෙ තීරණය කරල තියෙන්නෙ, ජාවාරම්කාරයන්ට පාලනය දෙනව ද, නැත්තං රාජ්‍ය කළමනාකරණය හරියට කරන්න උත්සාහ කරන පිරිසකට දෙනව ද, කියන එක. මට පෙනුන විදිහට, ඒ අය කාලෙන් කාලෙට යහපාලනය, සහ ගෝඨා තෝරාගත්තෙත් ඔය අරමුණින් ම යි.

      Delete
    3. ඔව් මටත් "ලංකාවෙ පාවෙන ඡන්ද" ගැන විස්වාසයක් තියනවා. හය පාරක් බලය ලැබිලත් නොකරපු රනිලුයි, කොමිටෙල් හිටං තුමයි ගැන නං පුදුමයක් නෑ. ඒ වෙලාවෙ රාජපස්ස විරෝධාකල්පවාදී පාවෙන ඡන්දදායකයොන්ට වෙන විකල්පයක් තිබ්බෙත් නෑ. ඒත් මට තාම නොතේරෙන්නෙ ගෝඨා ඇන ගත්තෙ ඇයි කියන එක? ගෝඨා හොරෙක්, දූෂිතයෙක් හෝ කම්මැලියෙක් නෙමෙයි. පැන්සොන් ගත්ත හමුදා නිළධාරීන් රාජ්‍ය පාළනයට දාපු හන්දාද? කොහොම වුනත් රාජ්‍ය නිළධාරීන් අතෙත් සෑහෙන බලයක් තිබෙනවා කියල මට හිතෙනවා. දේශපාලකයො වගේම රාජ්‍ය නිළධාරීනුත් දූෂිතයි, අකාර්‍යක්ෂමයි, කම්මැලියි කියල මට හිතෙනවා.

      ඒක එහෙම නං මාළිමාවට වුනත් ලේසි වෙන එකක් නෑ, රාජ්‍ය නිළධාරී ආධිපත්‍යය වෙනස් කරන්න.🤔

      Delete
    4. @ බස්සා

      නන්දසේනට කෙළෙවලා දැම්මේ නිලධාරී තන්ත්‍රය beaurocratic deep state එක තමයි, පොරට රටේ ආර්ථිකය ගැන ලොකු අවබෝධයක් තිබුනේ නෑ ඌ ආමි කාරයා නිසා, එතකොට කොවිඩ් කාලේ මෙත්තිකාලා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උන් PHI ලා වගේ උන් දීපු ලණු කාලා මාස ගණන් රට වහලා දාන්න නියම කරා, කොවිඩ් නීති මත සංචාරක කර්මාන්තය වසා දැමීම හරහා වසරකට ඩොලර් බිලියන පහක විතර මුදලක් අහිමි වුණා, ඒ අස්සේ ඒකා මහබැංකුවට පත් කරපු මහාචාර්ය ඩබ් ඩී ලක්ෂ්මණ් බදු අඩු කරලා ආර්ථිකය stimulate කරන්න පුළුවන් කියලා ලණු දීලා ට්‍රිලියන ගණන් සල්ලි අච්චු ගහන්න කටයුතු කලා.

      ලස්සනම වැඩේ මෝඩ නන්දසේන ගොයියාගේ ආර්ථිකය කාල දාපු මහාචාර්ය ලක්ෂ්මණ් මහබැංකුවෙන් අයින් කරපු ගමන්ම එකපාරටම IMF එකෙන් ඌට ජොබ් ඔෆර් එකක් දෙනවා හෙන ලොකු ගණනක?? කොහොමද මෙහෙම දේවල් වෙන්ණේ? නිවාඩු පාඩුවේ ඕව ගැන හොයල බලන්න පුළුවන්ද බලමු තව අවුරුදු කීපයකින් ලංකාවට ආවම, හරිම interesting සහ කුතුහලය දනවන සුළු මාතෘකාවක්, අනිත් එක තමයි ලංකාවේ පාස්කු කේස් එක, මම හිතන්නේ ඒක කෙරෙව්වේ අපේ අසල්වැසියා, ඒකනේ හැම ආණ්ඩුවම සහ විපක්ෂ බලවේග සේරම ඕක වවාගෙන කනවා මිසක් හරියටම කියන්නේ නැත්තේ.

      නන්දසේන පාලනය අසාර්ථක වීම පිළිබඳව වැඩිදුර research එකක් කරන්න ඕන independent සහ unbiased විදියට තව ටික කාලෙකින් මොකද ඌ ආයේ ඡන්දය ඉල්ලන එකක් නැති නිසා අදේශපාලනික සහ අපක්ෂපාතීව සැබෑ හේතුව සෙවිය යුතුයි.

      Delete
    5. ස්තූතියි ඇනෝ. හොඳ විච්චේදනයක්.👌🙏

      Delete
    6. ඊට අමතරව, ගෝඨාභයට එරෙහිව යහපාලන ආණ්ඩුවෙන් දාල තිබුණු නඩු ගැනත් පොඩ්ඩක් හොයල බලන්න බකුස්... ඔක්කොම යාළුවො කිව්ව වගේ, ඒ නඩු දාල තිබුණෙ යම් යම් ටෙක්නිකල් අඩුපාඩු සහිතවයි කියලා තැන් තැන්වල අහන්න ලැබෙණවා. නඩුවල අඩුපාඩු නිසා නිදොස් කොට නිදහස් කිරීම ලැබුණේ ගෝඨාභයට විතරක් නෙවෙයි. අනික, ෂර්ලොක් හෝම්ස් කියනවා නෙව, යම් සිදුවීමකින් වාසිය ලැබෙන්නෙ කාට ද, ඒයා තමයි මහ මොළකරු කියලා... ඒක පාස්කු ප්‍රහාරයට වගේ ම අරගලයටත් යොදවලා බලන්න ඇහැකි.

      Delete
    7. අනික් අතට, 1972 සිට රාජ්‍ය නිලධාරි ව්‍යුහය ක්‍රම ක්‍රමයෙන් දේශපාලන තන්ත්‍රය විසින් ඔවුන්ගේ අතකොලු බවට පත් කෙරෙන ව්‍යවස්ථා සංශෝධන සහ රෙගුළාසි පැනවීම් සිදු වීමත්, ඔය කතාවෙ ම කාසියේ අනික් පැත්ත.

      Delete
    8. ඇනෝ,
      හ්ම්... ඒකෙත් ඇත්තක් තියෙනව. ව්‍යුහාත්මක වෙනස්කම් සිදු විය යුතුයි.

      Delete
  3. හ්ම්.... කියෙව්වා. ලින්ක් එකටත් ගියා.

    ReplyDelete
    Replies
    1. ස්ස්ස්තූතියි, මාස ගාණකින් ඇවිත් පෝස්ට් එකක් දාපු හැටියෙ ම කියවන්න ආව එකට. ඒකෙන් පේන්නෙ, නිතර අපි ගැන හොයා බලන බව...

      Delete
    2. නැතුව, නැතුච 😋

      මාව ගහෙන් බාපිය
      -වේතාලයා-

      Delete
    3. ගහෙන් බාල මූව කූඩුවකට දාහං.
      -னයා-

      Delete
    4. බකුෂ්,
      හප්පට...! ඒක හාංකවිසියක් මතක නැති වුණානෙ...

      ප්‍රසක්ඥ,
      කූඩුවකට දාන්ඩ හදද්දි ග්‍රීස් තලියක් ගෑවුණා අතේ...

      Delete
  4. මාත් මේ අල කොමෙකුට විරුද්ධව විප්ලවයක් කරන්න හැදුවෙ. කොහෙද පරිප්පු ගණං වැඩි කළානෙ.

    ReplyDelete
    Replies
    1. අලවලට විරුද්ධ නං, බතල මඤ්ඤොක්ක පැත්තට හැරියං. ඒවට තාම බදු ගැහුවෙ නෑ.

      Delete
    2. නුවරඑළියෙ පරිප්පු නැති හෝටලේකිං කාල බලහං. එතකොට තේරෙයි බොට.

      Delete
    3. මෙහෙ හෝටල් බොහොමයකින් පරිප්පු ලැබෙනව, කාල ගෙදර ගියා ම...

      Delete
  5. "රහමෙර "ටත් විරෝධාකල්ප දක්වන එක තමයි අවුල්. ඒ වගේ විරෝධ ඉරානය, ඇෆ්ඝනිස්තානය දිහාවට යනකල් යන්නත් ඉඩ තියනවා.

    ReplyDelete
    Replies
    1. එතන ඇල්කොහොල්වලට විරෝධයක් නෙමෙයි නේ ද කියන්නෙ? ජනතාව ඇත්ත දකින් නැතුව බිබී ආතල් ගැනීම ගැන නේ ද කියවෙන්නෙ? මං ප්‍රාදේශීය පාලනයට සහ නුවරඑළියට ආවට පස්සෙ තමයි ඔය ඇල්කොහොල් සහ ජොලි කිරීම ගැන යමක් වජා ගැඹුරින් දැක්කෙ. මෙහෙ යම්කිසි ජ්‍යෙෂ්ඨයෙක් ෆීල්ඩ් ආව ම, ජනතාවගෙ අදහස තමයි, එයාට කරන ආගන්තුක සත්කාර හැටියට කන්ඩ සහ බොන්ඩ දීලා නටන්ඩ දීම උතුම් කියන එක. ඔය මයින්ඩ් සෙට් එක ම තමයි මයෙ හිතේ වැඩවසම් කාලෙ දි තමන්ගෙ ගෑණී හරි වැඩිමල් දුව හරි ත් රාත්‍රිය ගත කරන්ඩ ලොක්කට දුන්නෙ, ආගන්තුක සත්කාර හැටියට. අනික, මෙහෙට සංචාරයට එන බහුතරයක් දෙනා විනෝදය හැටියට දන්නෙ, බොන එකයි, සිංදු කියමින් නටන එකයි විතරයි. අපේ මල්ලි දවසක් මට කියනව, "බොන්ඩ ආපු දුරක්...!" කියල. මයෙ හිතේ විජය ඔතන කියන්නෙ, ඒ සංස්කෘතිය විසින් ඇස් වැසී තිබීම ගැන.

      Delete
  6. නන්දගෙ මර ගී. නියම වෙලාව බලලා කොල්ලන්ගෙ ලේ රත් කරලා, එයාල ගාන කපාගෙන පැත්තකට වුනා.. අරුන් දංගෙඩියට ගියා.. ඔයිට වැඩිය ලක්ෂ වාරයක් වටිනවා ලහිරුගෙ "එන්න මල්ලි එන්න නංගි නැගිටලා" සිංදුව.

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      ඔයා මේ Quote එක අහල ඇති;

      "ටික දෙනෙක් බොහෝ කල් රැවටිය හැකිය ..!
      බොහෝ දෙනෙක් ටික කලකට රැවටිය හැකිය..!
      නමුත් බොහෝ දෙනෙක් බොහෝ කල් රැවටිය නොහැක..!"

      - Friedrich Nietzsche

      මේක ඔබට පැහැදිලි මදි නම් ඔබට ගණිතමය වශයෙන් කුඩා ඉඟියක් දෙන්නම්:

      මේ සංඛ්‍යා ගැන සිතා බලන්න;

      ටික දෙනෙක් = around 3%
      බොහෝ දෙනෙක් = around 42%
      කාලය = සාපේක්ෂයි

      මීට වඩා නම් ඉඟි දෙන්න අමාරුයි පුතේ. හැබැයි ඔයා මේක තේරුම් ගත්තොත් ඔයාට James Sanborn විසින් 1990 දී නිර්මාණය කරපු තවම ඩිකෝඩ් කිරීමට ලොවම අසමත් වූ Kryptos 4 වන කේතය ඩිකෝඩ් කරන්න සුදුසු බවත් එසේ කර මුල් Kryptos තුන සමග ගලපා අදාල ප්‍රහේළිකාව විසඳීමට ඔබට හැකිය යන්නත් මා නිර්දේශ කරමි.

      Delete
    2. සෙන්නා,
      ඔය අදහස මමත් මීට කලින් දැක්කා. ඔය කන්ස්පිරසි තියරිවලට සමාන අදහසක් බව මගෙ හැඟීම. මොකද, කම්පන සහ පවන ප්‍රසංග, කොලම වගේ විකල්ප පත්තර තමයි ඒ කාලෙ ප්‍රේමදාස ආණ්ඩුවේ මර්ධනයට එරෙහි වූ ජනතාවට තමන් වෙනුවෙන් හඬක් විදිහට තිබුනේ. ගාණ කපා ගන්න නං සුනිල් ආරියරත්නට, ජැක්සන් ඇන්තනි ගේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම වඩා ලේසි වෙන්න තිබුණා. මෑත කාලීනව සුනිල් ආරියරත්න "සම්මානිත" බවට තමන් ම පත් කරගෙන කරන නිර්මාණ සහ "නාන්න නං නාන්න නෝනා" "යනවානං අනේ මං අරං" ආදී ගීත වෙන ම කියවිය යුත්තක් බවත්, අසූ ගණංවල ඔහු විකල්ප ගී රචනාවල ප්‍රකට කරපු ප්‍රතිභාව වෙන ම කියවිය යුත්තක් බවත්, මගෙ අදහස.

      ඇනෝ,
      ඔයිට වඩා කෙලිං කියන්ඩ අමාරුද? මොක ද, දැං ඉතිං හොයන්ඩ වෙනව ජේම්ස් සැන්බෝන් සහ ක්‍රිප්ටොස් ගැන...

      Delete
  7. 📌️ විශේෂ නිවේදනයයි...

    අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරය දරන ජාතික ජනබලවේගයෙ නව ආන්ඩුව විසින් සමාජ ජාල වල කියන ආකාරයෙන් ආහාර ද්‍රවය මත රුපියලක හො අලුතිතුන් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පැනවීමක් කර නොමැත

    මෙ ආකාරයෙන් බදු පනවා ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වන අතර ආහාර ද්‍රවය සඳහා අලුතෙන් බඳු පැනවීමක් වර්තමාන රජය විසින් සිදුකර ඇතැයි කියමින් ජනතාව නොමගයවීම සහ බිය වැද්දවීම තම එකන දේශපාලන ගැලවිජ්ජව බවට පත්කරගත් පරාජිත බංකලොත් දූෂිත රනිල් වික්‍රමසිංහගේ ෆේස්බුක් කුලී කරුවන් සහ පේජ් කාරුවන් විසින් අමූලික අසත්‍ය පොස්ට් සමාජ මාධ්‍ය ඔස්සෙ මුදා හරිමින් සිටී.

    සත්‍යය ලෙසම සිදුව ඇත්තේ මීට පෙර රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති සමයේ පනවා තිබූ විශෙෂ වෙලඳ භන්ඩ බදු කීපයයක කාලය ඊයේ ඔක්තෝම්බර් 18 වෙනි දිනෙන් අවසන් වූ පසු කලින් තිබුනු එකී විශේෂ වෙලඳ භාණ්ඩ බදු වල කාලය තවත් වසරකින් දික් කරමින් ගැසට් නිවෙදනයක් නිකුත් කිරීම පමණකි.

    මෙම ගැසට් නිවේදනයට අනුව මීට පෙර ආනායනික උම්බලකඩ සහ ශීත කල මත්ස්‍ය ආහාර වෙනුවෙන් පනව තිබූ කිලොවකට රු. 300ක් වන බද්ද තවත් වසරකින් දිර්ඝ කිරීමක් හැර අලුතෙන් තව එකදු රුපියලකින් හෝ බදු පැනවිමක් කර නොමැත.

    එකී වෙළඳ භාණ්ඩ බද්ද මිට පෙර කාලයේ සිටම පනවා ක්‍රියාත්මක කර ඇත්තේ දේශීය උම්බලකඩ සග මත්ස්‍යය කර්මාන්ත දියුනු කිරීමේ පරමාර්ථමයෙන් වන නිසාම නව රජයද එම බද්ධ තවත් වසරකින්.දීර්ඝ කර ඇති අතර මේ හේතුව නිසා අනායනික උම්බලකඩ මිල අද මේමොහතේ පවතින මිලට වඩා රුපියලකින් හෝ ඉහල යාමක් සිදු වන්නේද නැත.

    ඊට අමතරව සැමන් හෝ පරිප්පු වෙනුවෙන් රු.400ක බද්ධක් කිසිසේත්ම ක්‍රියාත්මකව නොපවතින බවවත් සිතා ගැනීමට තරම්වත් මොලයක් මෙබදු අතිශය තුච්ඡ අසික්කිත ජඩ පාදඩ ව්‍යාජ පොස්ට් ශෙයා කරන අමන තක්කඩි මුග්ධ අඳබාලයන්ට නැති බවත් කිව යුතුමය.

    පරිප්පු කිලොව වෙනුවෙන් රු.400ක බද්දක් ක්‍රියාත්මක වන්නෙ නම් පරිප්පු කිලොව මේනවිරත් රු.270ක් වැනි මිලකට මිළදි ගැනීමට වෙළඳ පොලො තුල ඕනෑ තරම් තිබෙන්නේ කොහොමද?

    සැබෑ සත්‍යය නම් මේ දක්වා පරිප්පු කිලෝවක් වෙනුවෙන් පනවා තිබූ ශත 25 ක්.වන තිබුණු බද්ධ තවත් වසරක කාලයක් දක්වා දීර්ග කිරීම පමනක් වන අතර සැමන් වෙනුවෙන් කිසිදු හො නව බදු පැනවීමක්ද සිදු කර නොමැත.

    ඒ නිසා මහබැංකුව කඩපු දූෂිත රනිල් වික්‍රමසිංහගෙ පරාජිත අනාථ දේශපාලන කල්ලිය විසින් ඔවුන්ගෙ සට්ටැන්ඹි පාදඩයන් සහ කුලීකාර ෆේස් බුක් පේජ් මෙන්ම හිරු පච ටීවී ජඩ නාලිකාවෙන් ජනතාව නොමග යවන භේ පච පෝස්ට් වලට නොරැවෙටෙන්නයි ඔබෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටීමි.

    - ජාතික ජන බලවේගය මාලිමාවේ අපි !

    ReplyDelete
  8. රනිල් වික්‍රමසිංහයන් ජනපතිවැ වැඩහුන්කල්හි යාපන සරසවි ඇදුරන් හා කල සාකච්ඡාවක වීඩියෝවක් බැලුවෙමි,ජනපතිවරණයට පෙර.

    එහිදී එක දෙමළ පල්කඩ වේසියක් ඉංග්‍රීසි බැරිනිසා යාපන සිසු කිහිපදෙනෙකුම සියදිවි නසාගත් බව කීවාය.
    එවිට අප රනිල් මැති කඩ්ඩ වනා වැරෙන් දෙමලිය පුක්ෂණය කලාය.
    ඒකි බිම බලාගෙන අමාරුවෙන් වාඩිවුනාය.
    එයින් පැහැදුනු මා එවෙලේම ඉස්ලාමය වැලඳගත්තෙමි
    සොරි! රනිලාට චන්දය දීමට තීරනය කලෙමි.

    සලාම් බොම්බෙන් සිංහල කතෝලිකයන් මියයාමටත් වඩා වැඩි සතුටක් මෙම සිද්ධියෙන් ලැබුනි.
    ලංකාව තුල ඉංග්‍රීසිය අත්‍යවශ්‍ය බසක් වී ඇත්තේ දෙමළ ජාතිවාදය නිසාය.
    දෙමළ ජාතිවාදියන්ට අවශ්‍ය සිංහල නමින් හඳුන්වන කිසිම දෙයකට මෙරට හිමිවියයුතු තැන අහිමි කිරීමයි. ඒ අනුව සිංහල බසට හිමිවියයුතු තැන අහිමිකර ඉංග්‍රීසි රජකර ඇත.
    එහි අතුරුඵලයක් ලෙස ඉංග්‍රීසි බැරි දෙමලු සියදිවි නසාගැනීම මාර අතල් එකකි.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!