Tuesday, July 8, 2025

ක්ලැරන්ස් - ගිටාරයේ රිද්මය 01

 මේ මම ෆේස්බුක් හි දී කියවූ ලිපියක්. ලියා ඇත්තේ අමිරු ජයමහ නම් මහත්මයෙක්


විද්යුත් ගිටාරය දේශීයකරණය කරපු පළමු වගේම එකම සංගීතඥයා කියලා කිව්වොත් ඒක හරි කියලා මට හිතෙනවා. මොකද ඒ කාලේ විද්යුත් ගිටාරය බොහොමයක් (ඔක්කෝම) සංගීත කණ්ඩායම් පාවිච්චි කලේ බටහිර ගීත වලට. ලංකාවේ කවුරුත් ඒ වන විට විද්යුත් ගිටාරයට කැමති වුනෙත් නෑ. කොහොමත් ලංකාවේ මිනිස්සු අදටත් එහෙමනේ. අලුත් දෙයක්/සංකල්පයක් දුටු සැණින් හොයන්නේ බලන්නේ නැතුව ඒක හොඳ නෑ කියනවා. නමුත් acoustic ගිටාරයෙන් පටන්ගෙන සරල පදවැල් වලට තනු නිර්මාණය කරලා ඒ ගීත අපේ මතකයේ රැඳෙන විදිහට ගායනා කරපු ගායකයෙක්, පද රචකයෙක්, තනු නිර්මාපකයෙක්, වගේම වාදකයෙක් ක්ලැරන්ස් විජේවර්ධන.

ඔහුගේ ගීත ගත්තොත් ඒවා වල අදහස් හරිම සරලයි. ඔහු අවට වටපිටාවේ දුටු දේවල්, අත්විඳපු අත්දැකීම්, ඔහුගේ හිතට ආපු දේවල් තමයි ඒ ගීත වල පදවැල් වල තියෙන්නේ. ඔහු රත්නපුරේ ඉන්න කාලේ ඔහුට ඔහුගේ සහෝදරියගෙන් පැමිණි ලියුමක් ආශ්රයෙන් තමයි "ගමෙන් ලියුමක්" කියන ගීතය ඔහු නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේමයි "රන් සමනලයින්" කියන ගීතයත්. ක්ලැරන්ස්ගේ සිතිවිලි ආශ්රයෙන් සෑදුණු ගීත විදිහට "දෙවියන් වහන්සේ", "අලුත් ලොවක්" යන ගීත ගන්න පුළුවන්. ඒ වගේම අත්දැකීම් පාදක කරගෙන නිර්මාණය කරපු ගීත විදිහට "මගෙ පැල්පතේ", "සඳක් බැසගියා" ගීත ගන්නත් පුළුවන්.
ඔහුගේ පද රචනය වගේම තනු නිර්මාණයත් ඔහුටම ආවේණික වූ දෙයක්. බටහිර සංගීතයේ වේග රිද්මය ඔහු ඔහුගේ ගීත වලට යොදාගත්තා. ඒක වැඩියෙන්ම කැපිලා පෙනුනේ ඔහුගේ සංගීත ජීවිතයේ මුල් කාලේ. ඒ කියන්නේ moonstones කාලේදී. ගිටාරයේ 6/8 strumming pattern එක සිංහල ගීත වලට භාවිතා කරලා ඒ කාලේ තරුණ තරුණියන්ගේ ඇඟ නැටවෙන "උඩරට නිළිය", "මංගෝ නැන්දා", "රුවන්පුරය", "දුන්හිඳ මනමාලි" වගේ ගීත ඔහු අතින් නිමැවුණා.
ඒ 6/8 pattern එකට අමතරව ඔහු විද්යුත් ගිටාරය, දේශීය සංගීත භාණ්ඩ සමග විවිධ melodies හදන ගමන් සංගීතයත් එක්ක experiments කරන්න පටන් ගත්තා. මේක වෙන්නේ ඔහු golden chimes ඉන්න කාලේ. ඒකේ ප්රතිඵලයක් විදිහට තමයි "සුරඟන වෙස් වලා" කියන ගීතය හැදෙන්නේ. උඩරට බෙර පද තාලයේ ආරයට විද්යුත් ගිටාරයේ නාදය සමග නිර්මාණය වුණ ගීතයක් මේක. ඒ වගේම "උඩරට නිළිය" ගීතයේ ආරම්භයේදී පහතරට බෙර පද තාලය ගිටාරයෙන් අනුකරණය කරලා ඒ melody එක ගන්න ක්ලැරන්ස්ට පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම ගිටාරය සමග සර්පිනාව, ඉන්දියානු සිතාරය භාවිත කරලා නිර්මාණය කරපු "මමයි මගේ ගිටාරයයි", "මාවතේ අපි" වගේ ගීත වලින් ක්ලැරන්ස්ගේ ඒ experimental පැත්ත අපට පෙනී යනවා.
ක්ලැරන්ස්ගේ සංගීතයේ technical පැත්ත ගත්තොත් ඒකත් කතා කරන්න ඕනෑම දෙයක්. බොහෝ දෙනෙක් "ක්ලැරන්ස් විද්යුත් ගිටාරය සිංහල සංගීතයට භාවිතා කළා" යැයි කිවහොත් ඔවුන් සිතන්නේ ඔහු යම් විද්යුත් ගිටාරයක් කිසියම් amplifier එකකට සම්බන්ධ කර වාදනය කළ බව පමණක් ය. නමුත් විද්යුත් ගිටාරයේ අනෙක් අර්ධය වන effect pedals භාවිතයෙන් ද ඔහු විවිධ අත්හදා බැලීම් කරමින් සංගීතය නිර්මාණය කළා. ගිටාරයේ clean tone එක භාවිතයෙන් ඔහුගේ ගීත වල lead parts නිර්මාණය කළා මෙන්ම distortion, delay වැනි effects භාවිත කරමින් සෑදූ ගීත බොහෝමයක් තියෙනවා. "පෙම් කතාව", "අපි රාග වයනවා" වැනි ගීත වලට WAH pedal එක වගේම "වියරු වැලි තීරයේ" ගීතයට distortion effect එක මද වශයෙන් යොදාගෙන නිර්මාණය කර තිබෙනවා. ක්ලැරන්ස් ඔහුගේ ගීත විශාල ප්රමාණයකට lead parts හා counter parts වාදනය කරන්න තෝරාගත්ත වාද්ය ශිල්පියා තමයි ඩික්සන් ගුණරත්න. මොකද ඩික්සන්ගේ lead ගිටාරය ගැන තිබූ අවබෝධය ක්ලැරන්ස්ට ඔහුගේ සංගීත ඛණ්ඩ වලට උපයෝගී කරගන්න පුළුවන් වුණ එක. ඊට අමතරව ක්ලැරන්ස් සෑම විටම lead වලට භාවිතා කලේ එක්කෝ fender stratocaster ගිටාරය නැත්නම් squire stratocaster ගිටාරය කියලා ඔහුගේ ප්රසංග නරඹලා තියෙන තියුණු ඇසක් හා ගිටාර් පිළිබඳව අවබෝධයක් තියෙන ඕනෑම රසිකයෙකුට කියන්න පුළුවන්. සිංහල ගීත වලට බටහිර සංගීතයේ තිබෙන guitar solo හඳුන්වා දුන්නේ ද ක්ලැරන්ස් විජේවර්ධනයන්. මේ විදියට ඔහු නිර්මාණය කරපු ශෛලිය "සිංහල පොප් සංගීතය" ලෙස පසු කලෙක ජනප්රිය වුණා.
Moonstones, Golden Chimes ගැන කතා කරනකොට කණ්ඩායම් සංගීතයට ක්ලැරන්ස් කරපු දේවල් හුඟක් තියෙනවා. රත්නපුරයේදී moonstones කණ්ඩායමෙන් පටන් අරන් සංගීත කණ්ඩායම් 4කට නායකත්වය දීලා generations 2ක ගායක ගායිකාවන් හුඟක් දෙනෙකුට ගුරුහරුකම් දුන්න කෙනෙක් ක්ලැරන්ස්. Moonstones වලින් ඇනස්ලි මාලේවන, ඉන්ද්රානි පෙරේරා, golden chimesලා ගෙන් අනිල් භාරතී, ලාංකිකා පෙරේරා, 'මදාරා' band එකෙන් මරියසෙල් ගුණතිලක, රූකාන්ත ගුණතිලක වගේ ගායක ගායිකාවන් වගේම super golden chimesලා ගෙන් ඩික්සන් ගුණරත්න, කොන්රඩ් ගුණරත්න, ශ්රීකාන්ත දසනායක, රුක්ෂාන් පෙරේරා වගේ දක්ෂ වාදකයන්ටද ඔහු මග පෙන්වා දුන්නා.
ඔහු තමන්ට වගේම ඔහුගේ යාලුවන්ටත් ගීත නිර්මාණය කරලා තියෙනවා. ඒ ගැන හැමෝම දන්න උදාහරණය තමයි මිල්ටන් මල්ලවාරච්චි. ක්ලැරන්ස්ගේ හොඳම යාලුවන්ගෙන් එක්කෙනෙක් එයා. "අවසර නැත මට", "සඳෙන් එහා", "මගතොට දී", "මට මෙන් ඔහුටද" වගේ ගීත වලට තනු නිර්මාණය කරලා සංගීතය සැපයුවා වගේම "තනිවී සිටින්නයි මා", "කුමාරිකාවට", "මා හා සෙනෙහස පාලා", "මට ඔබ ලියූ ගී" ක්ලැරන්ස් ම පද රචනය හා තනු නිර්මාණය කරලා දුන්න ගීත යි. මිල්ටන් විතරක් නෙවෙයි, H.R. ජෝතිපාල (සොඳුරු ලොවට මල් වැහැලා, මල් පිබිදෙන එක වසන්ත සමයක, දුරකථනයකින්), අනිල් භාරතී (බෙත්ලෙහෙම්පුරේ, අද වෙයි ඉරුදින, ටිකිරිමලී), මර්වින් මිහිඳුකුල (මට මතකයි මන බැන්දූ සිනා ඔබේ, කුඹුකේ ළිඳ ළඟදී, මා ගැයූ මේ ගී), ඉන්ද්රානි පෙරේරා (දිල්හානි, වසන්තයේ මල් කැකුලයි, මතකය ඇසුරින්), අතුල අධිකාරි (මේ වේදිකාව ජීවිතේ අපේ), චාන්දනී හෙට්ටිආරච්චි (ලස්සන සමනලයෝ), W.D. අමරදේව (සසර ගෙවා යන දිවි ගමනේ) වගේ ගායක ගායිකාවන් රැසකට ඔහු තනු නිර්මාණය කර තිබෙනවා.
එමෙන්ම, ඔහුට ගීත නිර්මාණය කර දුන් අය ද බොහොමයි. ක්ලැරන්ස්ගේ ගීත වලට පද රචනය කළ අයගෙන් කැපී පෙනෙන්නේ කරුණාරත්න අබේසේකර යි. ක්ලැරන්ස්ගේ සදාකාලික ජනප්රිය ගීතය වන "දිලීප පොඩි පුතු" මෙයට හොඳම උදාහරණය යි. නමුත් මෙම ගීතයේ මුල් පටිගත කිරීමේදී කොටස් 5ක් තිබූ බව බොහෝ දෙනා නොදන්නා අතර ක්ලැරන්ස්ගේ සංගීත ලෝලීන්හට එම කොටස් 5ම කටපාඩම් ය. කරුණාරත්න අබේසේකර පමණක් නොව K.D.K. ධර්මවර්ධන (සුරඟන වෙස් වලා), අජන්තා රණසිංහ (හින්දි වදන්), රූකාන්ත ගුණතිලක ( රෑ තාරකාවෝ) වැනි අයද ඔහුට ගීත රචනා කල අයගෙන් කීප දෙනෙක්.
මම ක්ලැරන්ස් විජේවර්ධන ගැන දැනගන්නේ මට වයස අවුරුදු 8 දී. ඒ කාලේ "කිරි මුහුද කළඹාලා" ගීතයෙන් පටන්ගත්ත ආසාව පොඩ්ඩ පොඩ්ඩ වැඩිවෙලා "සැණකෙළියේ" කියන ගීතයෙන් ඒක පිස්සුවකට හැරුණා.එදා ඉඳන් ක්ලැරන්ස්ගේ "දිනෙක මේ නදීතීරේ" වගේ ජනප්රිය ගීත වගේම "හන්තානේ මන්ද මාරුතේ" වගේ ජනප්රිය නොවුණු ඒත් කණට සුවදායක ගීත ලැබුණු හැම අවස්ථාවකදීම අහන්න මම පුරුදු වෙලා හිටියා. දැන් මට අවුරුදු 18යි. ඒත් තාමත් මම එයාගේ නෑසුන ගීත හොයනවා. මොකද මට ක්ලැරන්ස් තරම් සංගීතය උපරිමයෙන් රස විඳින්න පුරුදු කරපු කෙනෙක් තවත් නෑ. ක්ලැරන්ස්ගේ melodies අහන අතරේ ඒවා follow කරලා තමයි මම මිල්ටන් මල්ලවාරච්චි, ඇනස්ලි මාලේවන, ඉන්ද්රානි පෙරේරා, අනිල් භාරතී, මරියසෙල් ගුණතිලක, රූකාන්ත ගුණතිලක වගේ ගායක ගායිකාවන්ගේ ගීත අහන්න පුරුදු වුණේ. මොකද ඒ අයගේ ගීත වල ක්ලැරන්ස්ගේ music style එකේ පොඩි හරි hint එකක් තිබුන නිසා.
මේ දෙසැම්බරයට ක්ලැරන්ස් විජේවර්ධනයන් අපි අතරෙන් වෙන්වෙලා අවුරුදු 25ක් වෙනවා. ඉතින් මේ දෙසැම්බරයට කලින් මට මේක ලියන්න ඕනේ කියලා හිතුණා. දශක හතරකට ආසන්න කාලයක් ශ්රී ලංකාවේ සංගීත පෙරළියක් ඇති කරපු, සිංහල පොප් සංගීතය බිහිකරපු, බටහිර විද්යුත් ගිටාරය ශ්රී ලාංකේය ජන සංගීතය සමග මුසු කරපු නව සංගීත ආරක පෙරගමන්කරුවෙක් ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ. ඔහුගේ ගීත අදටත් අපේ ජන සමාජය තුල පවතිනවා. කිසියම් උත්සවයකදී හෝ ප්රිය සම්භාෂණයකදී අපට ඔහුගේ ගීත කීපයක් හෝ ඇසෙනවාමයි. ඒ තරම්ම අපේ හිත් වලට ඒ ගීත කාවැදිලා තියෙන්නේ. ක්ලැරන්ස්ගේ රසිකයෙක් විදිහට මම ඒ ගීත අහන හැම වෙලාවකදීම හිතේ පොඩි දුකක් තියෙනවා 'මට කවමදාවත් ඇස් දෙකටම ක්ලැරන්ස්ව දකින්න හම්බ වුණේ නෑනේ' කියලා. ඒත් එක්කම හිතේ එක හීනයක් තියෙනවා 'ක්ලැරන්ස්ව ආශ්රය කරපු, එයත් එක්ක එකට වැඩ කරපු කෙනෙකු හම්බ වෙලා එයාගේ ගීත ගැන, එයාගේ සංගීත හැකියාව ගැන, එයා කොයි වගේ මිනිසෙක් ද ගැන ගොඩාක් වෙලා කතා කරන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද' කියලා. ඒත් ඒක හීනයක්. මොකද මට හිතෙන විදිහට, ක්ලැරන්ස්ගෙන් පස්සේ එයාගේ ගීත අනාගත පරපුරට ගෙනියන්න හිටියේ ඇනස්ලි විතරයි. ඒත් රූකාන්ත ඒ ක්ලැරන්ස්ගේ ආරය අලුත් විදිහකට භාවිතා කරමින් ගීත නිර්මාණය කළා. එහෙම බැලුවත් රූකාන්තගෙන් පස්සේ ඒ "ක්ලැරන්සියානු සංගීතය" ඉස්සරහට අරගෙන යන්න කවුරුත් නෑ. ඒක තමයි මෙතැන ඇතිවෙලා තියෙන දුක්ඛිත තත්වය.
ඉතින්, මෙතැනින් මම ශ්රී ලාංකේය සංගීතය නවමු මාවතකට යොමුකල සංගීතඥයා ගැන මගේ හිතට ආපු අදහස් කිහිපය ලියා නිම කරනවා. මගේ සමහර කරුණු නිවැරදි නොවෙන්න පුලුවන්. එසේ නම් ඒවා පෙන්වා දෙන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා.
සටහන :- අමිරු ජයමහ
2021.08.03 දී ය.



31 comments:

  1. හොක්කි හොක්කි හූ..........ඌඌඌඋ👌

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් පෝස්ට් කොපි කරල මෙතන දාල දැං මූ අපිට අමුතු සින්දුවක් දාන්න වගේ හදන්නෙ. හැක්..

      Delete
    2. ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ තමයි.
      ඒත් නිකං ඉන්න අපට මෙහෙම හරි දුන්න එකම මඳෑ කියල හිත හදාගන්නයි වෙන්නෙ. ☹️

      Delete
    3. විද්‍යුත් ගිටාරයේ අනෙක් අර්ධය වන effect pedals භාවිතයෙන් fender stratocaster ගිටාරය නැත්නම් squire stratocaster ගිටාරයේ clean tone එක භාවිතයෙන් තමයි විකාරද ඩ්‍රැකී පසුගමන්කරුතුමා ෆේස්බුක් එකෙන් කොපිකරල මේ වැල්පැද නිර්මාණය කලේ

      Delete
    4. කකා කෝ අපේ කොමෙන්ට්

      Delete
    5. වැල්ඇඳ නං නිර්මාණය කරන්න ඇත්තෙ ගිටාර් එකේ කම්බි කඩල වෙන්න ඇති.

      Delete
    6. ජැකෝලිස්,
      හූ කිව්වත් කමක් නෑ, හොක්කි ගැන මතක් කරන්ඩෙපා!

      ප්‍රසක්ඥ,
      බැලුව ද, ෆිල්ම් එක? ඒක බලල තාම සික් එකේ ඉන්නෙ අයිෂෙ...

      බකුෂ්,
      මං ඔ්ක ෆේස්බුක් දාපු මත්මයාගෙන් ඉල්ලුවා අවසර, මේක බ්ලොග් එකේ දාන්න. මොක ද, ෆේස්බුක් පොස්ට් වැටෙන ප්‍රමාණෙට, තව අවුරුදු ගාණකින් ඔය තොරතුරු හොයාගන්න බැරි වෙනව. බ්ලොග් එකක තිබුණොත් කාට හරි ප්‍රයෝජනයි.

      ප්‍රා,
      සුපුරුදු අයිකන් එකෙන් දකින්ඩ ලැබීම සතුටක්. ඔය කියන තරං තාක්ෂණික කරුණු දන්නැති උනාට, කොපි කිරීමට අපි උපං හපං.

      පහුගිය කාලෙ බ්ලොග් එකක් තිබුණා, "මම කොපි කිරීමට උපන්නෙමි" කියලා. ඒකෙ තිබුණ තරමක් තිබුණෙ වෙන වෙන තැන්වල පළ කෙරුණු පොඩි පොඩි යාන්ස්...

      ඇනෝ,
      මං තකහණියක් ගිහිං ස්පෑම් එකෙත් බැලුවා. තිබුණෙ නෑනෙ...

      ප්‍රසක්ඥ,
      ගිටාර් කඩන්ඩ එන්ඩ එපා ටෝ. දෙන්නෙ දෑත බදල ගිටාර් එකෙං පෙනේ කෑලි හැලෙන්ඩ.

      Delete
  2. ඇත්තටම හොඳ පෝස්ට් එකක්, ක්ලැරන්ස්: The Rhythm of Guitar - සිනමාත්මක උපහාරයක්

    මේ දිනවල තිරගත වන ක්ලැරන්ස් විජේවර්ධනගේ ජීවිත කතාව පාදක කරගත් "ක්ලැරන්ස්: The Rhythm of Guitar" චිත්‍රපටය ලංකාවේ සංගීත ලෝලීන්ගේ සහ සංවේදී ගැහැණුන් සහ ඇතැම් බොළඳ පිරිමින්ගේද අවධානය දිනාගෙන තිබෙනවා. ක්ලැරන්ස්, ලංකාවේ පොප් සංගීතයේ පුරෝගාමියා ලෙස සැලකෙන අතර, ඔහුගේ ගීත සහ සංගීත නිර්මාණ අදටත් ජනප්‍රියයි. මෙම සිනමාපටය හරහා ක්ලැරන්ස්ගේ අසහාය සංගීත දිවිය, ඔහුගේ කලාත්මක දායකත්වය සහ පෞද්ගලික ජීවිතයේ සන්ධිස්ථාන ප්‍රබන්ධ ලෙස හෝ ඉතා සංවේදී ලෙස නිරූපණය කිරීමට උත්සාහ දරා තිබෙනවා.

    කෙසේ හෝ මෙය නව පරපුරට ඔහුගේ සංගීත ප්‍රතිභාව සහ ඔහු ලංකා සංගීත ක්ෂේත්‍රයට කළ බලපෑම පිළිබඳව ගැඹුරින් දැනුවත් වීමට කදිම අවස්ථාවක්.

    ඒ වගේම දේවි කුසුමාසනත් ලංකාවේ ඉතිහාසය, කලාව සහ භික්ෂු දේශපාලනයේ අනාගතය - දැවෙන ප්‍රශ්න ගැන කියවෙන අපූරු වැඩක්

    ජයන්ත චන්ද්‍රසිරිගේ දේවි කුසුමාසන සිනමාපටය මේ වන විට ශ්‍රී ලංකාවේ කතාබහට ලක්ව ඇති ප්‍රබලතම මාතෘකාවක් බවට පත්වෙලා. මේක හුදෙක් චිත්‍රපටයක් නෙමෙයි, අපේ සමාජ දේශපාලන යථාර්ථය සමඟ ගැඹුරු සංවාදයකට එළඹෙන කැඩපතක්! මේ චිත්‍රපටය අපේ රටේ ඉතිහාසය, ජාතිකවාදය, ස්ත්‍රී භූමිකාව සහ භික්ෂු දේශපාලනයේ අනාගතය ගැන අලුතෙන් හිතන්නට අපට බල කරනවා.

    පශ්චාත් යටත් විජිත සමයේ, විශේෂයෙන් වාමාංශික හා ස්ත්‍රීවාදී කතිකාව තුළ, කුසුමාසන දේවිය නිරූපණය වුණේ බොහෝ විට වින්දිත චරිතයක් විදිහට. කේ.බී. හේරත්ගේ "දෝන කතිරිනා" නාට්‍යයේ ඇයව පෙන්වූයේ "පිරිමින්ගේ බල තණ්හාව වෙනුවෙන් අපයෝජනයට ලක්කරන ලද ගැහැනියකගේ" සංකේතයක් විදිහටයි. ඒත් ජයන්ත චන්ද්‍රසිරි ඒ පටු අර්ථකථනයෙන් එහාට ගිහින්, කුසුමාසන දේවිය වඩාත් මානුෂීය, සංකීර්ණ සහ ආදරවන්තියක් ලෙස පරිකල්පනය කරනවා. පෘතුගීසි යුද නායකයාගේ ජීවිතය බේරාදෙන්න ඇය කරන ඉල්ලීම ඇගේ චරිතයේ ප්‍රබල මානුෂීය පැතිකඩක් ඉස්මතු කරනවා. මේක කාන්තාවකගේ සක්‍රීය භූමිකාව, හැඟීම්බර බව සහ තීරණ ගැනීමේ හැකියාව පිළිගැනීමට පොළඹවන නව කියවීමක්! සාම්ප්‍රදායිකව කුරිරු පාලකයකු ලෙස නිරූපණය වූ විමලධර්මසූරිය (කොනප්පු බණ්ඩාර) ද, මේ චිත්‍රපටයේදී ප්‍රේමය, රණශූරත්වය, එඩිතරකම සහ කෘරත්වය මුසු වූ වීර කාව්‍ය චරිතයක් ලෙස දැකගත හැකියි. මේ බහුවිධ පැතිකඩ, අතීත වීරයන් පිළිබඳව වඩාත් සංකීර්ණ සහ මානුෂීය අවබෝධයක් ඇති කිරීමට හේතු වනවා. මෙය නූතන සිංහල ජාතිකවාදය තුළ අතීතය පිළිබඳව වඩාත් පරිණත සහ සමබර දැක්මක් ගොඩනැගීමට දායක විය හැකියි.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඇත්තටම මම දකින විදිහට මේ චිත්‍රපටයේ ඇති වඩාත්ම ප්‍රබල දේශපාලන පණිවිඩය වන්නේ, කොනප්පු බණ්ඩාර කතෝලික දහම අතහැර සිංහල බෞද්ධ රජෙකු වී, දළදා මාළිගාවක් පවා ඉදිකරන ලද ඒ ඓතිහාසික යුගයේ, භික්ෂුවගේ භූමිකාව ජයන්ත චන්ද්‍රසිරි හිතාමතාම නොතකා හැරීමයි!

      මේක අතිශය අනාගතවාදී දේශපාලන ප්‍රකාශයක්! ලංකාවේ සිංහල ජාතිකවාදී දේශපාලනය තුළ භික්ෂූන් ඓතිහාසිකව ප්‍රබල භූමිකාවක් නිරූපණය කළා. එහෙත්, වර්තමාන සමාජයේ යථාර්ථය මේ චිත්‍රපටයේ නිහඬ පණිවිඩය සමඟ ගැළපෙනවාද?

      උදාහරණ විදිහට වර්තමාන ආණ්ඩුව වෙනුවෙන් රෙදි නැතුව කඩේ ගිය කාගම සිරිනන්ද (සමාජ මාධ්‍ය ඔස්සේ ගමකෑ #රිනන්ද, ගූකන චූනන්ද වැනි විහිළු නම් වලින් පවා ට්‍රෝල් වූ), අගලකඩ සිරිසුමන, රාජාංගනයේ හිමි වැනි බෞද්ධ භික්ෂූන් සමාජයේ දැඩි ලෙස ප්‍රතික්ෂේප වී විහිළුවට ලක්වීම අපට පෙනෙන යථාර්ථයයි. එපමණක් නොව, පසුගිය දූෂිත රාජපක්ෂ රෙජීමයට කඩේ ගිය භික්ෂූන්ට සමාජයේ පිළිගැනීම ගිළිහී ගිය ආකාරය ද අපි ඇස් පනාපිට දුටුවා. මෑතකදී අනුර කුමාර දිසානායක මහත් කුජීත ලෙස කිච කරමින් එදා රාජපක්ෂට ගෞරව නාම පුද දුන් ආකාරයේ බොරු සංදර්ශණ පසාදිනී තකතීරු ගෞරව නාම පුදන්නට ගොස් හත් පොළේ ගාගත් මිහින්තලේ හිමි වැනි අයට වූ විසුළු සහගත සමාජ ප්‍රතිචාර සහ ඔවුන් බෞද්ධ ජනතාව අතර ප්‍රතික්ෂේප වීම, භික්ෂූන්ගේ දේශපාලන මැදිහත්වීමේ අනාගතය ගැන බරපතල ප්‍රශ්න මතු කරනවා. මේ සියලු කරුණු අනුව, ඉදිරියේදී භික්ෂූන්ට දේශපාලන කටයුතුවල නිරතවීම ඉතාම දුෂ්කර සහ දැලිපිහියෙන් කිරි කෑම වැනි අතිශය දුෂ්කර කාර්යයක් වනු ඇත. එය ජනතා අප්‍රසාදය ප්‍රබල ලෙස පළවන වැඩක් බවට පත්වන බව පැහැදිලියි. ජයන්ත චන්ද්‍රසිරිගේ චිත්‍රපටය, භික්ෂූන් දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට වූ සමාජයේ නැගී එන අදහසට කලාත්මක දායකත්වයක් ලබා දෙනවා විය හැකියි.
      මේ චිත්‍රපටය දේශපාලනික වශයෙන් අතිශය වැදගත් නිර්මාණයකි. එය සිංහල ජාතිකවාදී දේශපාලනයේ නව ප්‍රවේශයක මොහොතක් සනිටුහන් කරයි. එය අතීතය දෙස බලන ආකාරය සහ අනාගතය පරිකල්පනය කරන ආකාරය වෙනස් කිරීමට උත්සාහ කරනවා. එසේම, මෙය වාමාංශික දේශපාලනය කූටප්‍රාප්ත වූ මොහොතක ඉදිරිපත් වන බැවින්, එය පවතින දේශපාලන කතිකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ හැකියි. වාමාංශික දේශපාලනය, සාම්ප්‍රදායික ඓතිහාසික අර්ථකථන සහ ජාතිකවාදී සංකල්ප විවේචනය කරන විට, දේවි කුසුමාසන විසින් ඉදිරිපත් කරන නව අර්ථකථන, එම සංවාදයට නව මානයන් එක් කරනු ඇත. "වාලම්පුරි" හෝ "බහුචිතවාදියාට" වඩා දේවි කුසුමාසන මේ මොහොතේ දේශපාලනිකව වැදගත් වන්නේ, එය හුදෙක් දේශපාලන පක්ෂයකට හෝ දර්ශනයකට සීමා නොවී, ජාතික අනන්‍යතාවය, ඉතිහාසය, ආගම, ස්ත්‍රී-පුරුෂ භූමිකාවන් සහ භික්ෂු දේශපාලනයේ අනාගතය වැනි සංකීර්ණ සමාජීය ස්ථර ස්පර්ශ කරමින් පුළුල් සංවාදයක් ඇති කිරීමට සමත් වන බැවිනි. මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ බුද්ධිමය, කලාත්මක සහ දේශපාලන කතිකාව තුළ දිගුකාලීන බලපෑමක් ඇති කරනු නොඅනුමානය. එය අතීතය විමර්ශනය කිරීමටත්, වර්තමානය විග්‍රහ කිරීමටත්, අනාගතය පරිකල්පනය කිරීමටත්, නව දෘෂ්ටිකෝණයක් ලබා දෙනු ඇත.

      ඔබට මේ ගැන මොකද හිතෙන්නේ? මේ චිත්‍රපට දෙකම ලංකා සමාජයට ගේන වෙනස මොකක්ද?

      Delete
    2. දිග උත්තරයක් දිය යුතුයි, නමුත් මම මට දැනෙණ දේ කෙටියෙන් ලියන්නම්.

      ක්ලැරන්ස් - රිද්ම් ඔෆ් ගිටාර් බැලුවා. ආරම්භයේ සිට අවසානය තෙක්, මේ කියන්නේ ක්ලැරන්ස්ගේ ජීවිත කතාව 100% ක් නිවැරදි ව නෙවෙයි කියන අදහසේ සිට. මම දුටුවේ, 60 - 70 දශක දෙකේ ඉහළ මධ්‍යම පාංතික තාරුණ්‍යය, ජනප්‍රිය සංස්කෘතිය ඉතාම සුන්දරව සහ වර්ණවත් ලෙස ප්‍රතිනිර්මාණය කර තිබුණු බව. ඒ වගේ ම ක්ලැරන්ස් ගේ සංගීතය ත් සුන්දරව ප්‍රතිනිර්මාණය කර තිබුණා. ක්ලැරන්ස් ට සම්බන්ධ බොහෝ දෙනා නොදන්නා මිනිසුන්, ඔවුන්ගේ ඉතිහාසයත් සමග එළියට විවෘත කර තිබුණා. ලස්සන ප්‍රේම කතාවක්, සංගීතමය සිනමා නිර්මිතයක්, ඒ වගේ ම වර්ණ භාවිතය ඉතා ම විචිත්‍රයි. කැළලක් වගේ මනසේ සටහන් වන හොඳ වාණිජ සිනමා පටයක්.

      කුසුමාසන දේවිය ගැන මගේ කියවීමත්, ඉතා ම අඩු වයසින් විවාහ වන්නට බල කෙරුණු, පෘතුගීසීන්, විමලධර්මසූරිය රජු සහ පසුව සෙනරත් රජු විසින් රාජයත්වය උදෙසා බිලි ගත්, රාජ්‍ය ලේ පවත්වාගෙන යාම උදෙසා තම දියණිවරුන් පවා කැප කිරීම ඉවසා සිටින්නට බල කෙරුණු, වින්දිත කාන්තාවක් විදිහටයි තිබුණේ. මට ඒ සිනමා පටය බලන්න ලැබුණේ නෑ. නමුත් ජයන්ත චන්ද්‍රසිරි තමන්ගේ නිර්මාණවල නිරූපිත චරිත පිළිබඳව හොඳ සාධාරණිකරණයක් සහිත අධයයනයක සිටින බව මට ඔහුගේ මහරජ ගැමුණු නවකථාවෙන් මොනවට පැහැදිලි වුණා. එහි සිනමා නිරූපිතයේ ස්ලෝමෝෂන් සහ ක්‍රියාදාම අවස්ථාවල ඇති බොළඳබව හැරුණු විට, චරිත සහ අවස්ථා නිරූපණය මඟින් ඒ සාධාරණීකරණය හොඳින් නිරූපණය වුණා.

      ඒ නිසා කුසුමාසන දේවිය ගැනත් ජයන්ත චන්ද්‍රසිරිගේ නිරූපණය සාධාරණ ඇතැයි සිතනවා.

      කොහොම වුණත්, අපි ආපසු සිනමාහල්වලට ප්‍රේක්ෂකයන් අද්දවන සිනමා ප්‍රත්‍යාගමනයක මුවවිට සිටින බව සිතන්නට කැමතියි.

      Delete
  3. මම ක්ලැරන්ස් ගේ සිංදු අහන්න ගත්තේ පස්සේ කාලෙක , නමුත් O/L ඉවර වෙලා සංගීත පිස්සුවක් හදා ගන්න කියල ඔය පන්තියකට ගිහින් මුලින්ම Keyboard එකෙන් ඉගෙන ගත්තේ ක්ලැරන්ස් ගේ මලට බඹරෙකු සේ සිංදුව ..

    හැබැයි එච්චර තමා .. මට මියුසික් වැඩේ සෙට් උනේ නැහැ ..

    අපි පොඩි කාලේ වැඩිපුර ඇහුවේ , කපුගේ , සනත් නන්දසිරි , TM ලගේ සිංදු , මම හිතන්නේ ක්ලැරන්ස් / ඇනස්ලි /ඉන්ද්‍රානි වගේ අයගේ සිංදු අහන පිරිසක් වෙනම හිටියා .. උදාහරනෙකට මගේ බිරිඳගේ පැත්තේ අයට ක්ලැරන්ස් / ඇනස්ලි /ඉන්ද්‍රානි තමා සෙට් වෙන්නේ .. එයාල කපුගේට එහෙම කැමති නැහැ .. මම එකේ අනිත් පැත්ත වගේ ... හෙහ් හෙහ්

    බැන්දට පස්සේ තමා මම ගොඩක් ක්ලැරන්ස් ගේ සිංදු අහන්න සෙට් උනේ ..

    දැනටත් කපුගේ / ක්ලැරන්ස් සිංදු දෙකක් තිබ්බොත් මම ඉස්සෙල්ල අහන්නේ කපුගේ .. දෙකේ තියෙන්නේ වෙනම රස උනාට මොකක්දෝ වැඩිපුර කැමැත්තක් තියෙන්නේ දුක් සිංදු අහන්න හෙහ් හෙහ් ..

    නමුත් මම ක්ලැරන්ස් ට කැමතියි

    ReplyDelete
    Replies
    1. සී ටී ප්‍රනාන්දු ලඟට මමත් කැමතිම ගායකයෙක්.

      Delete
    2. කපුගේල වෙනයි, ටී.එම්., සුනිල් එදිරිසිංහල වෙනයි, ඇනස්ලි, ක්ලැරන්ස් වෙනයි, ජෝතිල වෙනයි, අමරදේව වෙනයි. ඔය ඔක්කොගෙම සින්දු අහන්න පුලුවං දැං කියන මල කරච්චල් කාරයින්ගෙ සින්දු තමයි අහන්න බැරි.

      Delete
    3. ක්ලැරන්ස් ගේ හැම සිංදුවම වගේ පාටි / හැපී ටයිප් , එච්චර සංකීර්ණ නැහැනේ .. හැබැයි අනිත් අයගේ තියෙන්නේ පොඩි විරහා පැත්තට බර ඒවා නේද ? අපි ඉස්සර ඉඳලම බූට් කාපු හින්ද වෙන්න ඇති ඒවාට කැමති

      Delete
    4. පැතුම්,
      සංගිතය, වගේ ම සාහිතයය ගැනත් මට තියෙන්නෙ ප්‍රසන්න ගෙ අදහසට සමාන අදහසක්. කපුගේ වෙන ම වයිබ් එකකින් අහද්දි, ක්ලැරන්ස් රොමෑන්ස් මුසු සරළ සහ සැහැල්ලු වයිබ් එකකින් අහන්න පුළුවන්. මේ ඒකට හොඳ උදාහරණයක්...

      බකූඌෂ්,
      ආන්න තවත් පට්ට සංගීතඥයෙක්. සීටී ගෙ මං කැමති ම, හෙණ ගැමි දේවල් ගැන ලිරික්ස් තියෙන අතර, සංගීතය පිරිසිදු බටහිර ඉන්ස්ටෘමන්ට්වලින් තියෙන එකට...

      ප්‍රසක්ඥ,
      හැබැයි ප්‍රසෝ, අලුත් සංගීතයෙත් සමහර පැති තියෙනව අපට ටච් වෙන... මේ හොඳ උදාහරණයක්...

      Delete
    5. පැතුම්ගෙ අවසන් කමෙන්ට් එකට මං දාන්නෙ ලිංක්...

      (ලිංක් දාන්නෙ ලිංක්... හැක්!) එව්ව බලල ම කියන්ඩ, දුක්බර ගීත ක්ලැරන්ස්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි ද කියලා.

      https://www.facebook.com/watch/?ref=search&v=9785030181625624&external_log_id=b7a85200-7767-47f3-9d38-d5f91f2f02c3&q=%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%90%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A

      https://www.youtube.com/watch?v=zWkGY7sGrVo&list=RDzWkGY7sGrVo&index=1&pp=8AUB

      තව ඔ්නෙ ද, තව?

      ඔනෙ ද... එපා ද... ඔනේම ද....

      Delete
    6. ඒක නියමයි, තව සිහින ලොවක් සහ ගමෙන් ලියුමක් සිංදු දෙකත් පට්ට.

      Delete
  4. මෙහෙමත් බ්ලොග් ලියන්න පුලුවන්ද ඉඳගෙන.
    අපරාදෙ මටත් තිබ්බෙ බ්ලොග් එකක් හදාගන්න.

    ReplyDelete
    Replies
    1. https://chaprasanna.blogspot.com/ මේ ඔයා වගේම එක්කෙනෙක් ලියපු එකක්.. ඔයා එකේ ආයේ ලියන්න . අපි කාටවත් කියන්නේ නැහැ

      Delete
    2. "නෑ, නෑ අප්පුආමී ඒ වෙන නයෙක්" කියල ඇඳයට හිටිය තම්බිත් කිව්වලු.😋

      Delete
    3. ඒකෙං ඉගනගත්තෙ මේක තමයි
      https://en.wikipedia.org/wiki/Cement_shoes

      Delete
    4. @ පැතුං, ඒකෙ ලියනවට ඒ මනුස්සය කැමති වෙන එකක් නෑ.
      @ බස්සා, මේ னයිත් ඒ னයිත් හැර තවත් னයි සිටීද කියල මහින්දත් ඇහුවලු.
      @ ප්‍රා, Cement shoes involve first binding, incapacitating or killing the victim and then placing each foot into a bucket or box, which is then filled with wet concrete. වෑන් එකේ දොර අරිනවට වැඩිය සීරියස් වගේ මේක. හැක්..

      Delete
    5. ප්‍රසක්ඤ,
      මෙහෙමත් ලියන්ඩ පුළුවං තමයි. ඇයි?

      පතෑංංං!

      පැතුම්,
      ඔය කොන්ක්‍රීට් බ්ලොග් එක ගැන මේ හරවත් ලිපිය කියෙව්ව ද?
      https://deshakaya.blogspot.com/2012/12/blog-post_1052.html

      මෙන්න තව එකක්...
      https://deshakaya.blogspot.com/2013/06/blog-post_8.html

      Delete
    6. බකූඌඌෂ්ෂ්...,
      ආයෙ... මේ ගොඩකවෙල මට කොහෙ ඉන්ඩ බැයි ද? කියලත් ඇහුවලු...

      ලිංක් අප්පුහාමි,
      නෑ... එක්කො ඔ්නේ නෑ... (මොකට ද මාත් කෙළවගන්නෙ?)

      ප්‍රසක්ඤ,
      ආාාන්න ඒකයි අපි ඩ්‍රැකාගෙ සරළ සහ සුගම ක්‍රමවේද ෆලෝ කළ යුත්තේ...

      Delete
  5. කලැරන්ස්ගේ ගීතවල තියෙන එකම අඩුපාඩුව ඒවා කොට වැඩියි.
    ඒක ඒ කාලේට හරි ඇති. තාක්ෂණික හේතුවක් මත වෙන්නත් පුලුවන්. ඒත් මේ කාලෙදි නම් ගීතයක් විනාඩි 5ක් වත් කියන්න පුලුවන් වියයුතුයි.
    ක්ලැරන්ස්ගේ ඒ වගේ අඩුපාඩු හදලා වෙනත් අය ගීත හැදිය යුතුයි.
    උදාහරණ දෙකක් විදියට. ප්‍රියා සූරියසේනගේ ඈත රන්විමන් ගීතය (එහි මුල් අයිතිය ක්ලැරන්ස්ට)
    ශිරාන් මිහිරංගගේ මිහිරාවියේ ගීතය (එය ක්ලැරන්ස්ගේ සම්ප්‍රදායට හදපු එකක්) පෙන්වන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... මට මිට කලින් හිතට ආවෙ නැති අදහසක්. මයෙ හිතේ ඒ මියුසික් කොටස, විනාඩි තුනක් විතර තියෙන නිසා වැඩි වැඩියෙන් රසවත් ඇති.

      Delete
  6. "ක්ලැරන්ස්: The Rhythm of Guitar" ෆිල්ම් එක හොඳයිද අයියේ?

    ReplyDelete
    Replies
    1. හොඳ වාණිජ චිත්‍රපටියක්. සිංහල ෆිල්ම් එකක ගැන එහෙම කියන්න පුළුවන් වීමත් සතුටක් ලොකු අයියෙ.

      Delete
  7. ඩ්‍රැකීතුමාට මලකෙලියක්නෙ වුනේ. අනුංගෙ පෝස්ට් එකක් කොපි පේස්ට්කරල දැන් මෙතන තියන විද්වත් සවුන්ඩර්යාත්මක කමෙන්ට්වලට උත්තරදෙන්න සම්බාව්ය මොකක් හරි මෙව්ව එකක් කොපිකර ගන්න එපෑ

    ReplyDelete
    Replies
    1. සම්බාවය අල රොටියක් දෙනවලු හැම කෙනාටම.

      Delete
    2. ප්‍රා...
      ආාාන්න ඒකයි. මේක ලියන්නෙ සෞන්ඩර්යාත්මක වැලක් පාගගෙන...

      ප්‍රසක්ඤ,
      කමු ද, සම්බාව්ය ටෝච් පාරක්?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!