රෝෂන් ගේ දෑස්, බස්
රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ
ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හිරු කිරණ බසයේ කවුළුවෙන් පෙරී විත්
ඇගේ කළුවන් හිසකේ අගිස් රන්වන් පැහැ ගැන්වීය.
“රාස්සිගේ අව්ව වැටී
දඹරන් වුණු ඔබෙ කෙහෙරැළි -
සුළං සමඟ
පොරබැදුවා....” රෝෂන් මානෙල්ගේ කණට මිමිණීය.
ඇය සිනාසුනි. “ඔබට මතක
නැති වුනාට - අදවාගේ මතකයි මට...”
“නෑ... මට කවදාවත්
අමතක වෙන්නෙ නෑ...” රෝෂන් කීය.
එක යායට මල්පීදුණු
බිම්තීරේ
පාර දිගේ කණින් කණට කොඳුර කොඳුර
ඔබයි මමයි විතරයි හිටියේ
එක යායට මල්පීදුණු බිම්තීරේ
රාස්සිගේ අව්ව වැටි දඹරන් වූ ඔබෙ කෙහෙරැළි
රාස්සිගේ අව්ව වැටි දඹරන් වූ ඔබෙ කෙහෙරැළි
සුළං සමඟ පොරබැදුවා
ඔබට මතක නැති වුනාට අදවාගේ මතකයි මට
එක යායට මල්පීදුණු බිම්තීරේ
පාර දිගේ කණින් කණට කොඳුර කොඳුර
ඔබයි මමයි විතරයි හිටියේ
එක යායට මල්පීදුණු බිම්තීරේ
ගොපළු කොලුගෙ බටනළාව සංගීතය මවන අතර
ගොපළු කොලුගෙ බටනළාව සංගීතය මවන අතර
දොලේ දියෙන් පා දෙව්වා
ඔබට මතක නැති වුනාට අදවාගේ මතකයි මට
එක යායට මල්පීදුණු බිම්තීරේ
පාර දිගේ කණින් කණට කොඳුර කොඳුර
ඔබයි මමයි විතරයි හිටියේ
එක යායට මල්පීදුණු බිම්තීරේ
රෝෂන් සිහින මැව්වේ, තමන්
අත්දුටු සෑම සොඳුරු අත්දැකීමක්ම තම ප්‍රථම ප්‍රේමිය සමඟින් නැවතත් විඳින්නටය. ප්‍රේමය
මුසු වූ විට ජීවිතය මොන තරම් සුන්දර ද...?
ඈත එපිට හිම කන්දෙන්
කළු වළාව සමඟින් අා
අාදරයේ පිණිකැට පොදි
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා
නැගුණු සීත වා රැළී
නිවුඩු මිහිරි ගොපළු ගී
නැගුණු සීත වා රැළී
නිවුඩු මිහිරි ගොපළු ගී
ළිහිණි හඬින් මන්දාරම
ළිහිණි හඬින් මන්දාරම
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා
ඈත එපිට හිම කන්දෙන්
කළු වළාව සමඟින් අා
අාදරයේ පිණිකැට පොදි
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා
“අපි මේක නතර කරමු
රෝෂන්...”
දුරකථනය හරහා ආ ඇගේ
වදන් රෝෂන් කවදාවත් අපේක්ෂා කළ දෙයක් නොවේ.
බොඳවෙලා ගොසින්
ඈත එපිට හිම කන්දෙන්
කළු වළාව සමඟින් අා
අාදරයේ පිණිකැට පොදි
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා
තම පවුලේ අය එරෙහි වුවහොත් නතර කරන්නට
සිදු වන බව ඈ කිහිප විටක්ම කීවද, තම ආත්මවිශ්වාසය සහ සියල්ල හොඳින් සිදුවෙතැයි
දැඩිව විශ්වාස කිරීම නිසා රෝෂන් මෙවැන්නක් පිළිගැනීමට සූදානම් වූයේ නැත. තම
පියාගේ විරෝධය පවා ඔහුගේ හදවතේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය ද පරදුවට තබමින් වෙනස්
කරවාගත් රෝෂන් අවසානයේ ඉටා ගත්තේ තමන් හට තම සීමාවෙන් ඔබ්බට ගොස් හෝ කළ හැකි
සියල්ල කර, අහිමිවන්නට යන ප්‍රේමය නැවත දිනා ගැනීමට ය.
එහෙත් අවසානයේ...
හිරු සඳු මැකිලා
තරු කැට වැටිලා
ලොව ගනඳුරු වී තිබූ
සිත අසරණ වී හැඬූ
ඒ් රැයේදි බැඳි අාදරේ බිඳිලා
බිඳිලා...
ළඳුනේ කිමදෝ
වෙන්වූයේ...
දියවැල් මැකිලා
ගඟුලැල් සිඳිලා
මල් මැළැවුනු යාමයේ
බිඟු වැළපුනු පාළුවේ
මේ පැයේදී බැඳි අාදරේ බිඳිලා
බිඳිලා...
ළඳුනේ කිමදෝ
වෙන්වූයේ...
හිරු සඳු මැකිලා
තරු කැට වැටිලා
ලොව ගනඳුරු වී තිබූ
සිත අසරණ වී හැඬූ
ඒ් රැයේදි බැඳි අාදරේ බිඳිලා
බිඳිලා...
ළඳුනේ කිමදෝ
වෙන්වූයේ...
මීවිත සිඳිලා
ගීපද මැකිලා
සිත ගොළුවුනු යාමයේ
ලොව සැතපෙන මේ පැයේ
ඒ් දිනේදී බැඳි අාදරේ බිඳිලා
බිඳිලා...
ළඳුනේ කිමදෝ
වෙන්වූයේ...
“...මම පළවෙනි
සම්බන්ධෙන් පස්සෙ අවුරුදු දහයක් ඒ වගේ දෙයක් ගැන හිතන් නැතුව ගත කළා. ඔයත් නැති
උනොත්...”
“තව අවුරුදු
දහයක්...?” රෝෂන් සිනාසෙමින් ඇසීය.
“තව අවුරුදු දහයක්
නෙවෙයි රෝෂන්. මුළු ජීවිතේටම...”
දවසක්දා මානෙල් කිව්
මේ කතාව රෝෂන් හට නැවත නැවතත් සිහිපත්
වෙද්දී දැනෙන වේදනාව වචන වලින් විස්තර කරන්නට හැකියාවක් තිබුණේ නැත. අහිමි වූ දේ
නැවත ලබාගන්නට කළ හැකි සියල්ල කරන්නට රෝෂන් වෙහෙසුනේ එහෙයිනි. අවශ්‍ය හැම
අවස්ථාවකම ළඟ සිටි වොලී, විකුම්, රංග සහ සම්පත් නොවන්නට රෝෂන් කෙළවර වන්නේ එක්කෝ
උම්මත්තකාගාරයේ නැතිනම් රේල් පීල්ලක් මත කොටස් දෙකකට කැඩුනු මළ සිරුරක් වීමෙනි.
සියල්ල අසාර්ථක වූයේ ඒ
වෑයමේදී රෝෂන් සතුව තිබූ සමාජ ප්‍රතිරූපය පවා දියාරු කර දමමිනි. අන්තිමේ හිත
හදාගැනීමට, තුවාල සමඟින් නැගිටින්නට රෝෂන් හට උපකාරී වුනේ ඔහුගේ හොඳම යාළුවා වුන,
රෝෂන් ගේ සතුට වෙනුවෙන් හෘදයාබාධයකට පවා මුහුණ දුන් ආදරණීය තාත්තා ගේ වචන පමණි.
තුවාල සමඟින් නැගී
සිටියේ කලින් සිටි සංවේදී සැහැල්ලු තරුණයා නොවේ. ඔහුට තවදුරටත් සැහැල්ලු සිහින
තිබුණේ නැත. සුන්දර දේ ඔහු දුටුවේ ඒවා පසුපස ඇති ගැඹුරු ආගාධයන්ද සමඟිනි.
මේ ලොව යම් කිසිවෙකු
මාහට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය හීන්
හඬින් මට කියාවි
මා මළ පසු සොහොන් කොතේ
දුක්ගීයක් ලියනු මැනවි
දුක්ගීයක් ලියනු මැනවි
දුක්ගීයක් ලියනු මැනවි
නන්නාඳුනනා ඔබගේ
අත් අකුරින් ලියනු
මැනවි
දුක්ගීයක් ලියනු මැනවි
දුක්ගීයක් ලියනු මැනවි
අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඩ සඳ බැසගෙන යන සඳ
රෑහි හඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවි
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවි
ගෙදරට යන පාරේ තිබූ
පොකුණක පිපුණු මානෙල් මල් පවා දකින විට තද කරගත් ඉකියකින් උගුර හිරවන තත්ත්වයකට
පත් ව සිටි රෝෂන්, ඒ සියලු මතකයන් තම මනසේ කුඩා කළ සිටම එකතු කළ මිහිරි මතකයන් ගෙන් ලොකු
කොටසක්ද සමඟින් නැවත විවර නොකරන්නට වසා දැම්මේය.
මුලු හදින් මම ඇයට පෙම් කොට
අනාගත
පෙම් සිහින මැවුවෙමි
මගේ
සොඳුරිය වෙනත් කෙනෙකුට
අයිති
වුණු හැටි බලා දුක් වෙමි
නිසංසල තැනකට වෙලා
අඬන
ඇස් මගෙ ඇස් දෙක බලා
කියන්නොකො
දෙවියනේ මෙහෙවිත්
කොහොම
ඉන්න ද ඉවසලා
මගේ අත ගෙන කනට ලංවී
අනේ
සුදු මම ආදරේ යැයි
කින්නට
සිතුනේ ඇයි ද සුදු
නොසිතුවෙ
ද මට දුක් ලැබේ යැයි
නිදැල්ලේ තුරුලට වෙලා
රහස්
එක එක කොඳුරලා
සිනා
සුනු හැටි මතක් වෙනකොට
කොහොම
ඉන්න ද ඉවසලා
එදා රෑ ගං ඉවුර අසබඩ
සුපුන්
සඳ පායන වෙලාවක
කථා
කී හැටි මතක් වෙනකොට
දුක
දැනෙයි පවතින අපායක
මෙහෙම ලෝකෙක ඉපදිලා
සිතෙහි
අදහස් සුන්වෙලා
මා
උපන්නේ දුක් විඳින්න ද
දුක්
අඳුරු මැද තනිවෙලා
කන්තෝරුවට අලුතෙන්
පත්වීමක් ලබා ආ, කුඩා ගැහැණු ළමයා රෝෂන් ගේ සිත් ගත්තේ නොදැනුවත්වම ය. ඇගේ වයස
රෝෂන් ට වඩා අවුරුදු හයකින් අඩු වීම, ඈ උඩරට වීම, ඈ පිළිබඳ සියල්ලකම දකින්නට තිබූ
පිිසිදු බව හා පිළිවෙල බව, ආදී නොයෙකුත් සාධක නිසා කුමුදුනී කෙරෙහි තමන් තුළ
පිළිබඳ සිතක් පහළ වීම කෙසේවත් සිදු විය නොහැක්කක් බව රෝෂන් දැන සිටියේ ය.
එහෙත් දෛවය වැඩ කරන්නේ
මේ කිසිවක් සළකා නොවේ.
සපු මල් සුවඳක් සේ..සීතල රෑ යාමේ..
හද
කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවකු
නෑ දුටුවේ.
සපු
මල් සුවඳක් සේ..
හැන්දෑ
වළාකුලේ..අටවක හඳ මඩලේ.
මේ හැම
තැන ඔබ සැඟවී සිටියා.
මා
පමණයි දුටුවේ.
සපු
මල් සුවඳක් සේ.
ලොව
නිදි අඳුරු පැයේ..
සීපදයක්
වැන්නේ......
සවනත
සනහා මා ලඟ උන්නා
රැය
පමණයි දුටුවේ.....
සපු
මල් සුවඳක් සේ...යළි නෑ හැර යන්නේ
මහමෙර
ලෙස ඔබ නොසැලී සිටියා.
ඇයි
මුළු ලොව දුටුවේ..
සපු
මල් සුවඳක් සේ සීතල රෑ යාමේ.
හද
කුටියට ඔබ හෙමිහිට වැඩියා.
කිසිවකු
නෑ දුටුවේ
සපු
මල් සුවඳක් සේ.
“ඒක හරියන්නෑ...!” කුමුදුනීගේ ඡායාරූපයක් පෙන්වූ විට තාත්තා කීවේ එපමණකි.
Please come
now I think I'm falling
I'm holding on to all I think is safe
It seems I found the road to nowhere
And I'm trying to escape
I yelled back when I heard thunder
But I'm down to one last breath
And with it let me say
Let me say
Hold me now
I'm six feet from the edge and I'm thinking
maybe six feet
Ain't so far down
I'm looking down now that it's over
Reflecting on all of my mistakes
I thought I found the road to somewhere
Somewhere in His grace
I cried out heaven save me
But I'm down to one last breath
And with it let me say
Let me say
[x2]
Hold me now
I'm six feet from the edge and I'm thinking
maybe six feet
Ain't so far down
Sad eyes follow me
But I still believe there's something left for me
So please come stay with me
'Cause I still believe there's something left for you and me
For you and me
For you and me
Hold me now
I'm six feet from the edge and I'm thinking
[x2]
Hold me now
I'm six feet from the edge and I'm thinking
maybe six feet
Ain't so far down
Please come now I think I'm falling
I'm holding on to all I think is safe
කලින් සිදුවීමේදී මෙන් තාත්තාගේ ප්‍රතිචාරය වෙනස් කිරීමට රෝෂන් සිතුවේ නැත. එක් හෘදයාබාධයක් හොඳටම ප්‍රමාණවත්ය, දෙමාපිය ආදරය කොන්දේසි විරහිත බව තහවුරු කරන්නට...
රෝෂන් කුමුදුනී අමතා
සියල්ල පැහැදිලි කළේය. ඒ වන විට රෝෂන් වෙනත් කාර්යාලයකට මාරු වී ගොසිනි. එහෙත්
දෛවය එතැනදීද මැදිහත් විය. කාර්යාල දෙකෙන් දෙදෙනෙක් කාර්යාලීය පුහුණුවක් සඳහා
සතියක කාලයකට එක් තැනකට අනුයුක්ත කර තිබිණ. ඒ රෝෂන් සහ කුමුදුනී ය.
“මම ඔයාට ආදරෙයි...”
රෝෂන් දුරකථන ඇමතුම පටන් ගත්තේ එයිනි. එතැන්සිට ඔහු තම පළමු අත්දැකීමද සමඟින්
සියල්ල ඇයට පැහැදිලි කළේය. කුමුදුනී අහගෙන සිටියා පමණකි.
එතැන් සිට රෝෂන්
සියල්ල කළේ ඇගේ සිතෙහි තමන් ඇතිකළ තුවාලය සුවපත් කිරීමට ය. එය කෙතරම් දරුනු
වේදනාවක්ද යන්න ඔහු අත්දැක තිබුණි.
මතකයන්
අමතක කෙරුවත්
අමතක
වෙන්නේ නෑ
ඔබ එපා
යැයි මට සිතුනත්
එපා
වෙන්නේ නෑ
යළි ඒවි
යැයි සිත කීවත්
ඔබ යළි
එන්නේ නෑ
සිත පුරා
ආදරේ කරන්නට මට දැන් කව්රුත් නෑ
අඬ අඬා
මම කල් ගෙව්වත්
ඔබ
ලැබෙන්නේ නෑ
නොලැබෙනා
බව මම කිව්වත්
සිත
පිළිගන්නෙත් නෑ
මම
නොමැති ලොවකවදාවත්
ඔබ තනි
වෙන්නේ නෑ
ඔබ
නොමැති ලොව කවදාවත්
මට සිතේ
සතුටක් නෑ
සිහිවෙනා
හැම මොහොතකදී
නොසිත
ඉන්නත් බෑ
හුදකලාවේ
ඉන්නට සිතුවත්
එහෙම
ඉන්නත් බෑ
සිත සිතා
ඔබ ගැන හැමදාමත්
මට
අඬන්නත් බැ
ඔබ නැති
පාළුව මට දැනුනත්
වෙනස්
වෙන්නත් බෑ
දෙදෙනා වෙන්ව සිටි අවුරුදු
හතරක් පමණ කාලය තිස්සේ තමන් හිත හදාගත් බව රෝෂන් විශ්වාස කළේය. ඔහු අමතක කරන්නට
නම් ඔහු සමඟ ඇති සියළු සබඳතා නතර කරන්නැයි යෙහෙළියන්ගේ උපදෙස පිළිගත් කුමුදුනී,
රෝෂන් හට අවසන් වරට කතා කොට සමුදුන්නාය. එදිනම රෑ, ඇගේ අප්පච්චි අවසන් ගමන් ගියේ
හදිසියේ ය. මළගෙයක් ව තිබූ තම ගෙදරට යාමට පැය ගණනක් ගත වන ගමන පුරාවට ඈ දුරකථනයෙන්
කතා කරමින් යම් සැනසිල්ලක් අපේක්ෂා කළේ ද රෝෂන් වෙතිනි. ඒ වන විට ඔවුන් හොඳම
යාළුවන් බවට පත්ව තිබිණ.
ඒ අවුරුද්දේ අවසානයේ,
රෝෂන්ගේ පියා ද හදිසියේ මිය ගියේය. ඊටත් මාස ගණනකට පසුව ඔහු කුමුදුනී අමතුවේ ඒ
පිළිබඳව සැළකීමට ඇති සෑම කරුණක්ම විමසීමෙන් පසුවය.
“තමුසෙ ඔය ගැන කොච්චර
කල්පනා කළත් අන්තිමට ගන්නෙ එක තීරණයයි...” කුමුදුනීගේ ලොකු අක්කා කීවාය.
Staring at the moon so blue
Turning all my thoughts to you
I was without hopes or dreams
I tried to dull an inner scream but you
saw me through
Walking on a path of air
See your faces everywhere
As you melt this heart of stone
you take my hand to guide me home and now
I'm in love
You took my heart away
when my whole world was gray
You gave me everything
and a little bit more
And when it's cold at night
and you sleep by my side
you become the meaning of my life
Living in a world so cold
you are there to warm my soul
You came to mend a broken heart
You gave my life a brand new start and now
I'm in love
You took my heart away
when my whole world was gray
You gave me everything
and a little bit more
And when it's cold at night
and you sleep by my side
you become the meaning of my life
Holding your hand
I won't fear tomorrow
Here were we stand
we'll never be alone
සීත අරණේ සුපුල් නාමල සුවඳ
ගැල් වු ජීවිතේ
සීත හිමගිර සීත නොදෑනේ දැනේ උණුසුම ආදරේ
ලතාවක් සේ වෙලී සියොලඟ පතමි රෑකවරණය ඔබෙන්
ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රෑකවරණය ඔබෙන්
සදා දෝතින් මලක්සේ ඔබ වැලඳ
ගන්නෙමි හදවතින්
හදවතින්
වළාවක්
සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලඟයි
වළාවක්
සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලඟයි
මහා කතරක ගෙවු තනි මඟ
නිමා කළ
ඉම ඔබ නෙතයි
ඔබ නෙතයි
Here I am -
this is me
There's nowhere else on earth I'd rather be
Here I am - it's just me and you
And tonight we make our dreams come true
It's a new world - it's a new start
It's alive with the beating of young hearts
It's a new day - it's a new plan
I've been waiting for you
Here I am
Here we are - we've just begun
And after all this time - our time has come
Yeah here we are - still goin' strong
Right here in the place where we belong
Oh… It's a new world - it's a new start
It's alive with the beating of young hearts
It's a new day - it's a new plan
I've been waiting for you
Here I am
Here I am - next to you
And suddenly the world is all brand new
Here I am - where I'm gonna stay
Now there's nothin standin in our way
Here I am - this is me
Candle
light and soul forever,
A dream of you and me together,
Say you believe it, say you believe it,
Free your mind of doubt and danger,
Be for real don't be a stranger,
We can achieve it, we can achieve it
Come a little bit closer baby, get it on, get it on,
'Cause tonight is the night when two become one
I need some love like I've never needed love before
(wanna make love to ya baby)
I had a little love, now I'm back for more
(wanna make love to ya baby)
Set your spirit free, it's the only way to be
Silly games that you were playing, empty
Words we both were saying,
Let's work it out boy, let's work it out boy,
Any deal that we endeavour,
Boys and girls feel good together
Take it or leave it,
Take it or leave it
Are you as good as I remember baby, get it on, get it on,
'Cause tonight is the night when two become one
I need some love like I've never needed love before
(wanna make love to ya baby)
I had a little love, now I'm back for more (wanna make love to ya baby)
Set your spirit free, it's the only way to be
Be a little bit wiser baby, put it on, put it on,
'Cause tonight is the night when two become one
I need some love like I've never needed love before
(wanna make love to ya baby)
I had a little love, now I'm back for more (wanna make love to ya baby)
I need some love like I've never needed love before
(wanna make love to ya baby)
I had a little love, now I'm back for more (wanna make love to ya baby)
Set your spirit free, it's the only way to be
It's the only way to be
आने से उसके आये बहार, जाने से उसके जाये बहार
बड़ी मस्तानी है मेरी महबूबा
मेरी ज़िन्दगानी है मेरी महबूबा...
गुनगुनाए ऐसे जैसे बजते हों घुंघरू कहीं पे
आके पर्वतों से, जैसे गिरता हो झरना ज़मीं पे
झरनो की मौज है वो, मौजों की रवानी है मेरी महबूबा
इस घटा को मैं तो उसकी आँखों का काजल कहूँगा
इस हवा को मैं तो उसका लहराता आँचल कहूँगा
हूरों की मलिका है परियों की रानी है मेरी
महबूबा
बीत जाते हैं दिन, कट जाती है आँखों में रातें
हम ना जाने क्या क्या करते रहते हैं आपस में
बातें
मैं थोड़ा दीवाना, थोड़ी सी दीवानी है मेरी महबूबा
बन संवर के निकले आए सावन का जब जब महीना
हर कोई ये समझे होगी वो कोई चंचल हसीना
पूछो तो कौन है वो, रुत ये सुहानी है, मेरी महबूबा
සිහින ලොවක් දුටුවා
මතකයි
සිහින ලොවින් ආවා
මතකයි
සිහින ලොවක් දුටුවා
මතකයි
සිහින ලොවින් ආවා
මතකයි
සොඳුරු මිහිරි සුව පස ගෙනෙන
ඒ
ආදර බර උණුසුම මතකයි
හිරු සඳු තරු කැට පායන
මිහිපිට
ආදරයෙන් බැඳුනා මතකයි
සිහින ලොවක් දුටුවා
මතකයි
සිහින ලොවින් ආවා
මතකයි
සිහින ලොවක් දුටුවා
මතකයි
සිහින ලොවින් ආවා
මතකයි
අප හදවත් ඒ නොමියෙන
ලෙස බැඳි
ආදරයෙන් පිරුණා මතකයි
සිතට දැනෙන සුව ගතට
දැනෙන බව
ඔබ රහසේ කීවා මතකයි
සිහින ලොවක් දුටුවා
මතකයි
සිහින ලොවින් ආවා
මතකයි
සිහින ලොවක් දුටුවා
මතකයි
සිහින ලොවින් ආවා
මතකයි
At times
life is wicked and I just can't see the light
A silver
lining sometimes isn't enough
To make
some wrongs seem right
Whatever
life brings
I've been
through everything
And now I'm
on my knees again
But I know
I must go on
Although I
hurt I must be strong
Because
inside I know that many feel this way
Children
don't stop dancing
Believe you
can fly
Away...away
At times
life's unfair and you know it's plain to see
Hey God I
know I'm just a dot in this world
Have you
forgot about me?
Whatever
life brings
I've been
through everything
And now I'm
on my knees again
But I know
I must go on
Although I
hurt I must be strong
Because
inside I know that many feel this way
Children
don't stop dancing
Believe you
can fly
Away...away
Am I hiding
in the shadows?
Forget the
pain and forget the sorrows
Am I hiding
in the shadows?
Forget the
pain and forget the sorrows
But I know
I must go on
Although I
hurt I must be strong
Because
inside I know that many feel this way
Children
don't stop dancing
Believe you
can fly
Away...away
Am I hiding
in the shadows?
Are we
hiding in the shadows?
පිදුම -
ගී දාසයක අභියෝගයක් ඉදිරිපත් කර ඇති ඉයන් ට
කාලාන්තරේකට කලින් සත්‍ය
පෙම් කතාවක් ලියන්ට කී සිරාට
මගෙ හොඳම යාළුවන් දෙන්නගෙන් ඒක්කෙනෙක් වන තාත්තට
.
.
.
.
ප/ලි
ඩ්‍රැකියාගේ පියා
දාන්නට හිතාගෙන හිටි නම රෝෂන් ය. පස්සේ වාසගමත් එක්ක වයි රෝෂන් කියා යෙදුන විට,
යාළුවන් ඒක වයිරෝ කියා කෙටි කරතැයි සිතී, ප්‍රභාත් මානවසිංහ දොස්තර මහතා සිහිවීම
පිණිස ප්‍රභාත් යැයි යොදා තිබේ.
ඩ්‍රැකියානිගේ
අප්පච්චි ඇයට දාන්නට හිටි නම කුමුදුනී ය. ඒත් එයා එනකොට වෙනත් නමක් උප්පැන්නට යොදා
තිබුණි.
අනික් නම් ගම් සියල්ල
මනඃකල්පිත නැත.
ඩ්‍රැකියා - ඩ්‍රැකියානි ඒෙතිහාසික ප්‍රේම වෘතාන්තය මීට වඩා බොහෝම සංකීර්ණ ඒකකි. පුළුවං වූ වෙලාවක ඒ් ගැන විස්තරාත්මකව ලියන්ඩ හිතුවෙමි...
ඩ්‍රැකියා - ඩ්‍රැකියානි ඒෙතිහාසික ප්‍රේම වෘතාන්තය මීට වඩා බොහෝම සංකීර්ණ ඒකකි. පුළුවං වූ වෙලාවක ඒ් ගැන විස්තරාත්මකව ලියන්ඩ හිතුවෙමි...
කියවාපු හැමෝටම හදපත්ලෙම්ම නැගෙන ස්තූතිය පුදකරන අතර, ඔබගේ ඩේටා ටිකට කෙළවීම ගැන අවංක කණගාටුව පළකරමි ය...
ඔයාගෙ විරහ ගී අැහුවම මට ලොකු අභිමානයක් දැනුන :D
ReplyDeleteගනං ගන්න එපා, මම විරහ ගී අහනකොට එන්නෙ එහෙම හැඟීම්!
ආඩම්බරයි ලෝවාමහපායෙ කණූ... කිව්ව වගේ කතාවක් ඒක. හැක්
Deleteආඩම්බරයි ලෝවාමහපායෙ කණූ
Deleteඔබේ නමින් සැය බදිමි
විමන්යෙන් බසිනු මැනවි
විමානයෙන් බසිනු මැනවි
Deleteඅහස උසට නැග ගියාට
පලන්චියේ වැඩ හිදගෙන
ලී ඉරුවේ අපි එකට
යටලීයෙන් නාරිලතා
සිරි යහෙනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ
Deleteඔරුවක් පා වෙන රැ ගන අදුරේ
ඝන අදුරේ රළ පතරේ
Deleteජීවය පරදුවට තබා
මට දෙන්න මගෙ පුංචි කාලේ
මට දෙන්න මගෙ පුංචි කාලේ
පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැන්චියේ මට මතකයි
Deleteසින්දු බින්දු මම ...
මෙන්න මෙයා සින්දු
මෙන්න මෙයා බිංදු
බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
එපා කදුලැල් සලා
Deleteහඩන්නට ඔබේ නෙත
නෙතින් නෙත බලාලා
හිතේ දුක් නිවා
නිවාඩුවටත් මං දැං සංකාවෙන්
ගමේ එන්නේ
එන්ජිම ටාටා
එන්ජිම ටාටා
එන්ජිම ටාටා
පිස්ටන් අත් කැරකෙමින් තිබේ
දගර කදට ඉන් බලය ලැබේ
සිලින්ඩරය තුල වායු දැවේ
සයිලන්සරයම දුමින් පිරේ
සයිලන්සරයම දුමින් පිරේ
මුලුහදින් මම ඔබට පෙම් කර ගීතය නම් මටත් ඉතාම සමීප ගීතයක්.
ReplyDeleteආරාධනා චිත්‍රටියේ සීත අරණේ සින්දුවටත් පූසා ගොඩාක් කැමතියි
විරහව හැමෝටම පොදු අත්දැකීමක් නේද පූසො. උඹ හිතන්නෙ මොකද්ද ඒකට හේතුව?
Deleteපුසෝ කෑ ගහන විදිහෙන් හිතුන විරහව දුකක් කියලා
Deleteකටු කටු නෙ?
Deleteවිරහව කටු කටු ද ?
Deleteමගේ නම් සිංදුව තමයි පුන්සිරි සොයිසා මහත්මයාගේ "සුභාෂීණී ඔබ මගේ නමට" ගීතය සහ "සුභා කියා මා ඔබ අමතන්නද" යන ගීත දෙක.
Deleteජීවිතේ අමතක කරන්නම බැරි දැනටත් වේදනාව දැනෙන නමක් තියෙන හින්දා ඔය සිංදු දෙකට මම ගොඩක් කැමතියි.
පූසන්ටත් විරහ වේදනාව දැනෙනවා නොවැ මොකද පණ තියෙන සත්තුනේ
පුන්සිරිගෙ සිංදු වලට ගොඩක් අය කැමතියි තමා. කොහොමත් දැං නව පරපුරේ කණවැන්දුම් සින්දු වලට වඩා නං පුන්සිරි මසුරං.
Deleteඔහොම නමට අනුව සිංදුවකට කැමති වුනු අපේ යාලුවෙක් තමා, ලංකෙය. "ඒයි ලංක, කියහං සින්දුවක්..." කිව්ව ගමං ඌ පටං ගන්නව,
"...සීත රෑ යාමේ - අදුරේ..."
මෙන්ඩ,
අපෙ අමරේය දවසක් කියනව,
"කෙල්ලෙක් පස්සෙ ගිහිං කෑව කෑමක්
..............
කට්ට"
ඒ කතාවත් කියමුකො එහෙනම්...
ReplyDeleteHere I am ගීතය විතරක් ඇහුවා...
මොකක්ද බන් හැම තිස්සෙම කියන ඩේටා වලට කෙලවෙන කතාව...එක පෝස්ට් එකක් කියවන්න ගොඩක් ඩේටා යනවද ?
සිංදු ඔක්කොම අහපං, එතකොට තේරෙයි. මයෙ ඩොංගල් එකේ ඩේට ඔක්කොම ඉවර උනා මේක හදල පෝස්ට් කරන්ඩ ගිහිං.
Deleteඅඩේ උඹට ඩේට තියෙන ඩොංගල් එකක් තියෙනවද බං. ඉතිං ඩේට ඉවර උනාම ඩොංගල් එක විසි කරල අලුත් එකක් ගන්නවද නැත්තං රීෆිල් කරනවද?
Delete-னයා-
(දැං ඉතිං විසිකරන ඩොංගල් වලින් னයා ට ගහනව එහෙම නෙමෙයි හිටං.)
බොටත් මගෙ වචන වල ඇද කුදම තමා පේන්නෙ. ඕකනෙ නයාට ගහල ටෝච් එක වරද්දගන්ඩ එපා කියන්නෙ.
Deleteඩ්‍රැකීගේ කතාව සිංදු ටිකත් එක්ක බොක්කටම වැදුනා.... සිංදු 16 අභියෝගය අමුතුම පැත්තකට ගෙන ගියාට මගේ ප්‍රණාමය.... අර ලොකු කතාවත් වෙලාවක කියමු නේ....
ReplyDeleteටැංකිව්...
Deleteසින්බෑඩ් දැක්ක විතරයි, මං ඒ පැත්තෙ ගිහිං ෆලෝ පාරකුත් දාල ආව. කියවන්ඩ පස්සෙ එන්නං ඈ...
සින්බෑඩ් බලන්න ගියේ නැවකද
Deleteනෑ... කොලපතක දාල ඇද්දා...
Deleteමේක ලිව්වෙ සිංදු ඇනෝද බං
ReplyDeleteඌ වගේම වෙන එකෙක්. වෙල්කම් බෑක් මචං...
Deleteදැං සෑමට ඉස්සර වගේ වල්කං කරන්න බෑ ඩ්‍රැකියො.
Delete'දැං මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං' තමයි. හැක්..
ඒක මගෙ සිංදුවනෙ බං. පටං ගන්නෙම, "වවුල වගේ රෑ තිස්සෙ දුවපු එකා මං..." කියලනෙ.
Deleteතරහ වෙන්ඩ එපල්ල... මං ඔක්කොටම රිප්ලයි කරන්නං සදුද... බඩගිනියි හොදටම...!
ReplyDeleteචෝට්ටෙකෙන් ගහල මළ னයෙක් රෝස් කරල කාපං. එතකොට ඔය බඩගින්න යයි.
Deleteවැඩක් නෑ බං. නිකං දත් අස්සෙ යනව විතරයි. බඩට දැනෙන්නෙවත් නෑ...
Deleteඉතිං බං 'වයිරෝ' කියලා කෙටි නමක් වැටුනා නං කොච්චර ෂෝක් ද? ඒකත් නිකං 'නිවුරෝ' වගේ සුපර් හීරෝ කෙනෙකුගෙ නමක්නෙ..
ReplyDeleteමගේ ඕල් ටයිම් ෆැව් සිංහල/ හින්දි/ ඉංගිරිසි සිංදු කීපයක්ම ලැයිස්තුවෙ තියෙනවා... ඒ කියන්නෙ උඹත් මං වාගෙම පිස්සෙක්... :-D
හැබෑට, කොච්චරනං සුපර් හී"රෝ"ල ඉන්නවද නේ? නිව් රෝ, සෝරෝ, ඇයි ලාස්ට් රෝ...?
Deleteමට ගෞරවයක් විදිහට සළකනව බුරාට සමාන රසිකත්වයක් තියෙන එක ගැන. ඉංග්‍රීසි සින්දුවලින් මොනවද සමාන? බ්‍රයන් ඇඩම්ස්ද, ස්පයිස් ගර්ල්ස්ද, ක්‍රීඩ් ද?
මම කිවුවෙ මෙන්න මේ සිංදු ටික ගැන...
Deleteසපු මල් සුවඳක් සේ, You took my heart away, සීත අරණේ සුපුල් නාමල, 2 become 1, ආනේ සෙ උස්කෙ ආයේ බහාර්, මධුබර් මේ රාධිකා නාචේ රේ
MLTR, Spice Girls, Backstreet Boys, Boyzone, No Mercy කියන්නෙ බංස් ඉතිං අපේ කාලෙ සැට් එකනෙ..
මේ ලෝකෙ එක වගේ පිස්සො හත් දෙනෙක් ඉන්නවලු.. දැන් බොටයි මටයි කරන්ට තියෙන්නෙ අනිත් පිස්සො පස්දෙනා හොයාගන්න එකයි..
පට්ට ! දැං ඉතිං ඉවසිල්ලක් නෑ උඹ හැබැහින් දැකල බදාගන්නකං...
Deleteඅපේ කාලෙ නේ බං? ඒ කාලෙම නේ කොලොනියල් කසින්ස් ආවෙ? තව ටේක් දැට් බෑන්ඩ් එකේ සිංදුවක් තිබ්බ "හව් ඩීප් ඉස් යෝ ලව්" කියල බීජීස් ලගෙ සිංදුවෙ රීමේක් එකක්. තව කොහොමද, මැඩෝනගෙ "ෆ්‍රෝසන්"? බෝයිසෝනුත් කියල වැඩක් නෑ බං, මගෙ ෆේවරිට් තමා, "කී ටු මයි ලයිෆ්", "ඕල් දැට් අයි නීඩ්", "වර්ඩ්ස්"... හිංදි නං ඉතිං කියන්ඩ වදන් නෑ ඈ... අපේ ෆේවරිට් තමයි (තාත්තගෙයි මගෙයි) මොහොමඩ් රාෆි, මන්නා ඩේ, මහේන්ද්‍ර කපූර්, මුකේශ්, තලාත් මෙහෙමුඩ්. මොහොමඩ් රාෆිගෙ කටහඩ මට අපේව්තාත්තව මතක් කරනව.
How Deep Is Your Love සිංදුවෙ මේ වර්ෂන් එක උඹ අහලා තියේද?
DeleteThe Bird and The Bee - How Deep Is Your Love
ඔය බලහං ඉතිං... අහල නෑනෙ. ඔය වගේ ජේසන් ඩොනෙවන්ට කලිං "සීල්ඩ් විත් අ කිස්" කියල තියෙනවනෙ වෙන විදිහකට. කැලිප්සෝ වර්ශන් එකකිත් තියෙනව.
Deleteඅරකට ටැංකිව් බුරා...
මං පොඩිකාලෙ සෝවියට් දේශය සගරාවෙ ගියා බුරාතිනෝ චිත්‍රකතාව. ඊටත් පස්සෙ තමා මං පිනෝකියෝ කියල එකෙකුත් ඉන්නව කියල දැනගත්තෙ. ඉතිං උඹ තමයි මට ඔරිජිනල්..
Take That ලාගෙ මෙන්න මේ සිංදුවත් අහන්ට.. පුළුවන් වුනොත් ඒකෙ ෆිල්ම් එකත් (Stardust) බාගෙන බලාන්ට..
DeleteTake That - Rule The World
මේ කමෙන්ට් සෙට් එක දැක්කාම මම තනි නැති බව මට වැටහුනා. මම මේ සීපද තරඟෙ නොදැක්ක වගේ හිටියෙ මම කැමති සින්දු අනිත් උන් පිළිගනීද කියලා සැකයෙන්. ඒ ඒවා බටහිර ගීත නිසා. ඒ මදිවට මම කැමති සිංහල සින්දුත් මෙතන තියෙනවා සිරි සිරි ගා වැටුනා වගේ.
Deleteමගේ මෙව්ව එක පිළිගනිල්ල ඩ්‍රැකී ඇන්ඩ් බුරා for making me feel that I belong somewhere.
My fav MLTR hit is Paint My Love, and then Sleeping Child.
Summer of 69 is a song that thuds away in my head most of the time...
බුරා,
Deleteඔය දෙකම මා ළග තියෙනව. පට්ටයි ඈ... ඇත්තට උඹ කොහෙද මචං ඉන්නෙ? කැමතිනං මේල් එකක් දාහං මයෙ නම්බරේ එවන්නං, (ලංකාවෙ නං ඉන්නෙ)
අන්න තුංවෙනියත් ඇවිත්. තව හතරදෙනයි හොයාගන්ඩ ඉන්නෙ...
ඩූඩ්,
පේන්ට් මයි ලව් මාත් ආසම එකක්. අවාසනාවට මානෙල් ගොඩක්ම දක්ෂ චිත්‍රශිල්පිනියක්. මා එක්ක උන්නනං දිගටම, මං කොහොම හරි එයාව ජාතික තලේට ගේනව.
තව කොහොමද ජෝජ් මයිකල්ගෙ "ජීසස් ටු අ චයිල්ඩ්", "කෙයාලස් විස්ප", තව ඇන්ටන් ජෝන්ස් ගෙ "සැක්‍රිෆයිස්", "ද වේ යූ ලුක් ටුනයිට්", තව ජේමිස් බ්ලන්ට් ගෙ "ගුඩ් බායි මයි ලවර්", "යූර් බියුටිෆුල්", "නෝ බ්‍රේවරි"
Summer of 69 is awsome too
එක යායක සිංදුව ලිංක් කොරහං බං..
ReplyDeleteහප්පේ.. විරහවයි,ආදරෙයි වැක්කෙරෙන්න හදිස්සියෙන්ම ලියලනෙ මේ මනුස්සයා.. හිංදියෙන් ලිරික්ස් දැම්මෙ කාට කියවන්නෙයි?
අපූරුයි මචෝ..
ජයවේවා..!!
අප්පට...! ඒකෙ ලිරික්ස් විතරයි නේන්නං දාල තියෙන්නෙ.
Deleteඇයි බං. සිංහල සිංදු සිංහලෙං දාල, ඉන්ග්‍රීසි එව්ව ඉංග්‍රීසියෙං දැම්මනං, හිංදි එව්ව දාන්නෙ වෙන කොහොමෙයි...?
අන්න පහල ප්‍රසා කියල තියෙනව ලබ්බෙ පේජ් එකක් ගැන. පොඩ්ඩක් බලහං...
ඒ ලබ්බත්, මේ ලබ්බත් ඇර තවත් ලබු තිබේද???
Deleteතිබේ තිබේ... මෙහි පොඩි දැරියන් ගැවසෙනා බැවින් කෙලින් කියාගත නොහෙමි. සින්දුවෙන් කියන්නෙම් වේද?
Delete"... කොටු වැටිච්ච පුංචි සරම ඇතුලෙ නටන මල්ලියා
මගේ මල්ලියා
සුරතලා චණ්ඩියා..."
ඒ ලබ්බත්, මේ ලබ්බත් ඇර තවත් ලබු තිබේද???
Deleteතිබේ ඒ ලබු දැන් අයිති මායියාට
මොකෝ කොරපු කෙලි අහුවෙලා, මායිය කඩාගත්තද?
Deleteදැං උඹ හිතනවද අපි උඹට "වයිරා" කියල නොකිය ඉඳී කියල :D
ReplyDeleteවයිරෝඕඕඕඕඕඕඕඕඕඕ
අඩේ සින්දු ෂැට් එක පහර ඈ !!!
අඩෝහ්... බොට මං එයා මේල් එකෙං ගහන්නෙ විචාරකගෙං අහගෙන.
Deleteදුන්න පහර - ගියා මහර කිව්වලු. හැක්
බනිසක් වගේ පේනවා සුදු බඩ්ඩක්
Deleteමැරුණත් මොකද දාලා ඕකිට රොඩ්ඩක්
මං දැක්කෙ නෑ වගේ ඉන්නව
Deleteඑක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. නරක නෑ වැඩේ . සිංදු ටික සුපර් .
ReplyDeleteඑක ගලෙං කිව්වම මතක් උනේ... නැද්ද ගල් බෝතලෙයක් හෙම - බ්ලැක් මාකට් උනාට කමක් නෑ...
Deleteබරෑන්ඩ් ඒක ගල්
Deleteදුප්...!
Deleteමෙන්න දිව්වා
Deleteදුවනකොට හුළං අත බලල දුවහං බං, රට්ටු හිනස්සන් නැතුව.
Deleteඩ්‍රෑකී, මේ සටහන හරිම සංවේදි, ඒ වගේම වෙනස්ම විදිහක්, ඔබට ස්තුතියි මේ වගේ පටන් ගත්තු තැන ඉඳලා ඉවර වෙනකන් එක දිගට ගලාගෙන යන කිසිම කම්මැලිකමක් නැතුව අපිට කියවන්න රසවිඳින්න පුලුවන් විදිහේ සටහන් ගෙන එනවට. මේ වගේ ඔබේ කතාවත් අහන්න කැමතියි...
ReplyDeleteගොඩක් ස්තූතියි නිම්මි.
Deleteමේක මගෙ කතාවම තමයි. සංක්ෂිප්ත, සරළ කරන ලද අනුවාදය. සම්පූර්ණ කතාව ලියන්න අපි දෙන්නම මහන්සි උනා එක පාරක්, කාලෙකට කලිං සිරා කිව්ව ලියන්ඩ කියල. ඒ පාර ට්‍රයි කළා. ඒක අමාරු වැඩක්...
අම්මේ...මෙහෙම ආදර කතාවක්...හරිම ආසාවෙන් කියවුවෙ...සිංදු ටික නන් නියමයි..
ReplyDeleteමේ...පීස් අර හිංදි ටික පොඩ්ඩක් එස්පේන් කරනවද....:-D:-D
ඉස්තූතියි...
Deleteඅර හිංදි එක - මුල හරිය, මට තේරෙන විදිහට මෙහෙමයි...
"... ඇය ආ විට වසන්තය පැමිණෙයි
ඇය ගිය විට වසන්තයත් පහ වෙයි
එවැනි ආශ්චර්යයකි - මගේ පෙම්වතිය..."
ඕක අර රවිලාල් විමලධර්ම වගේ ගැඹුරු හඩින් කියවන්ඩ ඕනෙ. එතකොටයි හරියටම තේරුම දැනෙන්නෙ...
රවී වීරසිංහ වගේ හඬකින් කියෙවුවනං තමයි ඕක ලස්සනටම එන්නෙ. හැක්..
Deleteඒ කටහඩිං කියන්ඩ ගිහිං පදුරු කීයක් තැලෙයිද දන් නෑ...?
Deleteවයිරෝ නුඹ නාඩන්.. මේ අර ඉවාන්ගේ ට්‍රෙන්ඩ් එකේ අලුත්ම පුරුක
ReplyDeleteසොරි වෙන්ඩෝනේ. අයි වන්ගේ නෙමෙයි ඉයන්ගේ
Deleteඔය කිව්වෙ. කමක් නෑ ඉයන් මොකෝ ඉවාන් මොකෝ.
Deleteඅයි වන් නෙමෙයි බං අයි වෑන්. සුදු වෑන් වගේ තමයි. හැක්..
Deleteවයිරො...? බොට මං අර ඒව ට සිය වෙනි දරුව ලැබුනට පස්සෙ ආදම්ට කිව්ව කතාව කොරනව දැනගං...!
Deleteඉවෝන්,
දෙන්නම එකයි. අම්මප...!
ප්‍රසා,
අයි වෑන් කියන්නෙ, ඇපල් කොම්පැනිය දැං වාහනත් හදනවද?
ඩ්‍රැකී මේ කථාව එක්ක බැඳුණු සින්දු ටික නියමයි. සංගීතයට කථාව ලස්සනට බද්ධ කරලා තියෙනවා.
ReplyDeleteසිංදුවක් හිතට සමීප වෙන්නෙ, ඒක ජීවන අත්දැකීමකට බද්ධවෙනකොටයි කියල මට කියවන්න ලැබුණ. බලනකොට ඒකෙත් ඇත්තක් තියෙනව. ඉතිං මේ සිංදු ඔක්කොම, මගෙ ජීවිතේට සමීප වුණු හැටි ලියන එක හොදයි කියල හිතුණ.
Deleteඔන්න බලපල්ලා කොච්චර කොහොම ලේ බොන්නෙක් වුනත් ඩ්‍රැකියුලා පවා ආදරය කියන හැඟීම නිසා දමනය වෙනවා, සංවර වෙනවා.
ReplyDeleteසෑහෙන්න මහන්සිවෙලා ලියපු ලිපියක්. බොහොම අගෙයි, බොහොම අගෙයි.
මාතෘකාවේ තියන ඒක්තරා කියන එක එක්තරා කොරපිය.
Deleteමේ යකා දැන් ඉංදියන් සීන් එකට බැහැලා සැපේ ඉන්නෙ.. පේන්නැද්ද ඔය හිංදියෙන් අකුරු පවා ලියල තියෙන්නෙ.මාතෘකාවත් හිංදි වගේ පෙනෙන්න තමා ඔය 'ඒක්තරා' කියල දාල තියෙන්නෙ.. හෙහ් හෙහ්
Deleteඒ කියන්නෙ මූ මේ දවස්වල ගහන්නෙ කේජී ද?
Deleteප්‍රේමය තමයි විචා මාව මේ වගේ සංවේදී - අසංවේදී නරුමයෙක් කළේ... හරියට වානේ පන්නරය ලැබූ හැටි වගේ.
Deleteඅර ස්පෙලිං අවුල මාත් දැක්ක. හදන්නං.
ගොඩක් ස්තූතියි අගය කිරීමට.
ලබ්බො,
ඒක්තා එපාද? එතකොට සේතු සමුද්‍රම්...?
ප්‍රසෝ,
කේජී කිව්වට බං, මිලිග්‍රෑම් ගාණක් තියෙන්නෙ. (කියල සෑම දවසක් කියල තිබුණ, මර්ලින් බලන එක ගැන ලියපු කතාවක)
වයිරෝ, සොරි ඩ්‍රැකියෝ , නියමයි අලුත් රටාවකට සිංදුගැන කියපු එකට මගේ මෙව්වා එක පිලිගන්න. අර කතාව ලියපම්.
ReplyDeleteඒක නෙවේ උඹ දන්නවද ( රහසිං) ඉයන් තමා දැං ඩයලොග් එකේ සීඊඕ, මේ කතාව කාටවත් කියල අහුවුනොත් උඹෙයි මගෙයි යාලුකං ඉවරයි ඕංංංංංංං
උඹේ බලවත් මෙව්ව එක හිස්මුදුනිං පිළිගත්ත ඕං...
Deleteඉයන් මේ මාසෙ ටාගට් ගහන්ඩ ඇති එහෙනං. මං කිව්ව කියල මතක තියාගනිං ඕං, හූන කිව්ව වගෙ කියන්නෙ... (චුක් චුක් චුක් චුක්...) ඔය ඉයනා කවද හරි ඩයලොග් එක මොනොලොග් කරලයි ගෙදර යන්නෙ...
වයිරෝ යන නම වෙනස් කිරීම ගැන අපේ බලවත් මෙව්ව එක ප්‍රකාශ කරන්න කැමතියි මේ වෙලාවෙ.
ReplyDeleteදැං උඹ මේක ටෲ ඉස්ටෝරියක්ය කියනවනං අපි පිළිගන්න එපැයි නැද්ද.
කොහොම හරි ඉයංගෙ පිහිටෙන් බොලත් னයෙක් ඇද්ද නේද.
තව කොමෙන්ට් දාන්න තියෙනව. ඒත් උඹේ ලබ්බෙ පේජ් එකක් රීලෝඩ් වෙන්න විනාඩි ගානක් යනව. වහාම ඒක හදපිය.
මාත් කැමතියි තාත්ත රෝෂන් කියල දැම්මනං. රාකේශ් රෝෂන් ගෙ නමනෙ.
Deleteනයෙක්? කෝ මේ ටෝච්චෙක?
පේජ් එක ගැන මං ගස්ලබ්බට කිව්ව. ඒ අතරෙ උඹෙ කොම්පියුටරේට ඉන්ටර්නල් කෑෂ් වැඩි ප්‍රොසෙසරෙයක් ගැහුවොත් මොකද? අයි සෙවන් එක හතළිස්දාහක් වගෙ වෙයි. තව වැඩිම උනොත් මදර්බෝඩ් එකයි පවර් සප්ලයි එකයි මාරු කරන්ඩ වෙයි.
ලබ්බට අත නොතබනු..!!
Deleteඋඹේ ලබ්බ බලන්න මම 40ස් දාහක් වියදං කරන්නෙ මොකටද. ගල් බෝතල් 33.3 ක ගානනෙ ඔය කියන්නෙ. හැක්..
Deleteලබ්බො,
Deleteබුදු හාමුදුරුවොත් කියල තියෙන්නෙ " ලබූ දේවා මනුස්සාච..." කියල
ප්‍රසෝ,
ගල් වගේද ලබු? ගනිං ගනිං...
ඇත්ත වෙලාවකට උබගේ පේජ් ඒක උබ වගේම පිස්සු කෙලිනවා
Deleteකියවන හැමෝටමත් එහෙම වෙන් නෑ. මොකක් හරි විශේෂයක් තියෙන්ඩත් ඕනෙ.
Deleteඅනික බොලා හින්දියෙන් ලිරික්ස් දැම්මයි කියල අපි බයවෙයි. හැක්..
ReplyDeleteබය උන් නැත්තං කොහොමද ඔය පුටුව තෙමිල තියෙන්නෙ?
Deleteසද්දෙකුත් ඇහෙනවා
Deleteදනිස් පොල් කටු දෙක එකට වැදෙන සද්දේ වගේ
පොල්කටු දෙක ඉල්ලගත්ත ලොන්ඩරියකට...
Deleteපස්ට ගැලපිල්ල , ආදර කථාවත් ඉක්මණින් ලියන්ඩෝ..
ReplyDeleteඋඹටත් සමාන අත්දැකීම් තියෙනවනෙ ලලි? ටංකිව්. අරකත් පුලුවං ඉක්මණට ලියන්නං...
Deleteඑල ..
ReplyDeleteලියපන්කො මුළු ආදර කාතාවම
පුලුවං ඉක්මණිං ලියන්නං. ඒ වෙනකොට පොඩි මෙන්ඩ කැම්පසුත් ගිහිං තියෙයි.
Deleteපොඩ්ඩා කිව්වා උබට කියන්නලු කතාවක් ලියන්න කියලා
Deleteඊ ලගට ලියන්නං බං...
Deleteආදර කථාවත් ඉක්මණින් ලියන්ඩෝ
ReplyDeleteආ ටීචර් නෝනා... ලියන්නං ලියන්නං...
Deleteඔන්න අපිත් කියෙව්වා
ReplyDeleteඉයන්ගේ ගී 16 අභියෝගයට ඩ්‍රැකී වෙනස්ම ආකාරයකට මුහුණ දීලා හැඩයි.
වැඩේ නිර්මානාත්මකයි ඒක නිසා රසවත්
ඔය රෝශන් කියන නමේත් තියෙන්නේ හින්දි ගතියක්. ලංකාවේ අපි අහල තියෙන්නේ රොෂාන් ල ගැන මිසක් රෝෂන් ල ගැන නෙවෙයි.
ඔය "ඒක්තරා" කියන වචනේ හින්දි ලිරික්ස් ඕවායේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියල කවුද දන්නේ?
ගොඩක් ස්තූතියි නයනෙ.
Deleteතාත්ත මට රෝෂන් කියල දාන්න හිටියෙ රාකේශ් රෝෂන් සිහිපත් කරල. පැරණි හිංදි චිත්‍රපට සහ ගීත රසික සමාජයෙ සාමාජිකයෙක් එයා. එයා අනුව තමයි මට සංගීතය සහ සාහිත්ය රසවින්දනය හුරු වුනේ.
නයනෙ ගෙත් තියෙනවනෙ බොහොම සියුම් හාස්ය රසවින්දනයක්...
ඩ්‍රැකියා හැම බාසාවෙන්ම ලව් කරල , ගිය මාසෙ ඩේට කාඩ් ගන්න කෝච්ච්යේ හිගා කෑව බං,
ReplyDeleteකියල වැඩක් නෑ. මං පේමන්ට් එකේ සිංදුත් කිව්ව...
Deleteකියල වැඩක් නෑ. මං පේමන්ට් එකේ සිංදුත් කිව්ව...
දෙපාරක් පේමන්ට් එකේ සිංදු කියලා
Deleteකම්මලෙයට කොලොප්පමට...
Deleteඇති ඔයින් ගියා
ReplyDeleteමැරෙන්නැතුව බේරුණ එකම මදැයි රොමා...
Deleteමගේ යාලුවෙක් මැරෙන්නැතුව බේරෙන්න ගිහිල්ල මළා.
Deleteමගෙ යාලුවෙකුත් බේරෙ ගිහිං මළා. ගොඩට ගත්තෙ ඇටසැකිල්ල...
Deleteලියල තියෙන ආකාරය පස්ටයි මචං...
ReplyDeleteසැබෑ කතාවක් හින්ද තවත් හොඳයි...
ගොඩක් ස්තූතියි මචං...
Deleteනියමයි... අලුත්ම විදිහකට සින්දු ටික කියලා...
ReplyDeleteඅර කතාවත් ලියමු එහෙනම් ඈ...
ගොඩක් ස්තූතියි තුශානි... ඉඩ ලැබෙන විදියට ලියන්නං.
Deleteසංවේදී ප්‍රේම කතාවත් එක්ක ගීත ටික අගේට ගලපලා...ප්‍රේම කතන්දරේ සංවේදී වුනත් ගීත ටික නම් බොහොමත්ම රස වින්දා...
ReplyDeleteගොඩක් ස්තූතියි... මේක රසවින්දා කියන්නෙ, මගෙ රසවින්දනය අගය කරනව කියන එකනෙ.
Deleteමාත් ලියන්න ඕනේ සිංදු පෝස්ට් එකක්.. උඹල ඔක්කොම හොල්මන් වෙලා යන අලුත්ම ආකෘතියක් හොයාගෙන ලියන්න ඉන්නේ.. එහෙම එකක් හම්බ උන ගමන් ලියනවා..
ReplyDeleteඅනිත් එක කවුරුවත් නොදාපු සිංදු ටිකක් හොයලම දාන්න ඕනේ.. අලුතින් සිංදුවක් දෙකක් කවුරු හරි කියනකම් ඉඳලම ඒවා ටිකක් පරණ වෙලා ඒ අලුත් සිංදුව මගේ ප්‍රියතම එක වුනාට පස්සේ ඒ ගැන ලියන්නත් අදහසක් තියෙනවා...
පොඩ්ඩක් හිටපන් හිතල බලන්න හොඳම ක්‍රමේ මොකක් ද කියල..
මේ සිංදු වලින් මම කැමති ඒවා තියෙන්නේ
එක යායට මල්පීදුණු බිම්තීරේ
ඈත එපිට හිම කන්දෙන්
මා මල පසු
සීත අරණේ සුපුල් නාමල සුවඳ ගැල් වු ජීවිතේ
ඔය ටික තමයි..
අර උඹල දෙන්නගේ ඇත්තම ප්‍රේම කතාව දාමු බලන්න..
හොල්මං වෙලා යන ආකෘතියක් ඕන්නං මං දෙන්නං මහා භයානක කතාවක්, "හිස් බැරල් එකේ කතාව". ඒ කතාව අතරට සිංදු දාහක් උනත් රිංගවන්ඩ පුලුවං.
Deleteකවුරුවත් නොදාන සිංදු ඕන්නං ලියහං භාතිය-තංගුස්ල මුල්ම කාලෙ හදපු සිංදු ගැන. ඕනෙ ඔට්ටුවක්, කාටවත් මතක නෑ ඔය සිංදු එක්කක්ත්...
අර සිංදු ටිකනං, ඕනෙම පරපුරක කෙනෙකුට, ඕනෙම වෙලාවක අහන්න පුලුවං. අනික, ඒව ඕනෙම කෙනෙකුට ජීවිතේදි විදින්න වෙන අත්දැකීම් ගැන සංගීතය එක්ක සුන්දරව බද්ධ වෙච්ච සිංදු...
අඩේ මේක "රී මික්ස්" එකක් වගේනේ.
ReplyDeleteඇත එපිට හිම කන්දෙන්,මුලු හදින් මම ඇයට පෙම් කොට,මතකයන් අමතක කෙරුවත්,සීත අරණේ සුපුල් නාමල,හින්දි සින්දුව එහෙම මමත් ගොඩක් කැමති සින්දු.
රිමික්ස් කිව්වෙ මොකෝ? ජෙනර් කීපයක භාෂා කීපයක සිංදු තියෙන හින්දද?
Deleteඋඹත් ප්‍රේමයෙ හැම පැත්තක්ම වින්ද කෙනෙක් වගෙයි...
මේ කමෙන්ට් එක උඩ ත්‍රෙඩ් එකේ දාන්න බෑ. ඒහ හන්දා මෙතන දානවා.
ReplyDeleteනිමිත්ත - You Are Beautiful ගීතය:
මං ලස්සනයි කිව්වෙ ඔය පොර විතරක් හන්දා මම හෙඩ් ෆෝන් ගහගෙන ඕක අහනවා රැවුල කැපුවට පස්සෙ හැමදාම හිත හැදෙන්න. කරලා බලහං
හරි තමා... ඕක කියන ජේමිසුත් රැවුල කපන් නැති, කොණ්ඩෙ පීරන් නැති, පිළිවෙලකට අදින් නැති, සමහරවිට නාන්නෙත් නැති පොරක්නෙ. ඌට අපි කොහොමටත් ලස්සනට පේනව ඇති.
ReplyDeleteසමහරවිට පස්සෙ ඌට තේරෙන්ඩ ඇති, මං ලස්සනයි කිව්වෙ මෙහෙම පොළොස් කොට්ටෝරුවෙකුටනෙ කියල. ඒකයි දුවගෙන ගිහිං මුහුදෙ පනින්නෙ අන්තිමේ...
Deleteවොහ්: පට්ට මචෝ..
ReplyDeleteනුබේ සිතට පුන්සඳ පායලා වගේ. සිනා කිකිණි මල් පිපුනා දෙතොල්;අ දිගේ.. එදා නැගුනු ආදර කැක්කුමට මගේ.. ජාති ජාති නුඹ මට වාසනා නගේ..
මොන හේතුවකටද මංදා උඹලගේ ලව් ඉස්ටෝරිය සින්දුවෙන් කියෙව්වම මට මේ සිංදුව තමයි මතක් උනේ.. :)
ඒ සින්දුව හරිම ප්‍රේමාන්විතයි. ඒකයි ඒක මතක් වෙන්ඩැත්තෙ. මියුසික් වුනත් හරිම සුමුදුයි.
Deleteගීතයේ හැඟීම් තුලින් ජීවිතයේ පැතිකඩක් පෙන්වීම ඉතාම ඉහළයි. නිර්මාණශීලීත්වයට ජය +++++
ReplyDeleteගොඩාක් ස්තුතියි උමේෂ්...
Deleteප්‍රේමම් ෆිල්ම් එක බැලුවා වගේ
ReplyDeleteඩ්‍රක්ස්ල කවද්ද ලව් කරේ කියල කලින්ම කියල හිට... අඩේ අන්තිමට එද්දී මේක ආයේ නිවී සැනසිල්ලේ කියවන්නට ඕන වග තේරුනා.💔💔
ReplyDeleteමේ කරන්ට් නැතිවිල්ල එක්ක කොරන්න බෑ බම් මොකවත්.