මේ මම ෆේස්බුක් හි අමිරු ජයමහ මහතාගෙන් උපුටාගන්නා තෙ වන ලිපිය...
ක්ලැරන්ස් විජේවර්ධන සහ කරුණාරත්න අබේසේකර කියන්නේ ශ්රී ලාංකේය සංගීතය හැඩගස්වන්න දායක වුණ core personalities දෙකක්. බෙත්ලෙහෙම්පුරේ, නංගී, කියන්න සුළඟේ වැනි ගීත මෙම සුසංයෝගයෙන් බිහි වූ නිර්මාණ කීපයක්.
මෙම නිර්මාණ අතරින් "දිලීප පොඩි පුතු" කියන්නේ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සදාකාලික ජනප්රියතම ගීතයක්. මෙය මම මීට ඉහතදී ලියූ ලිපියක කී දෙයක්.
මෙම ගීතයේ origin story එක ගත්තොත්, මෙය කරුණාරත්න අබේසේකර විසින් ඔහුගේ පුතා පිළිබඳව ලියූ පද්ය පන්තියක්.
මෙය පුවත්පතක පළවී තිබූ, පසුව ක්ලැරන්ස් විජේවර්ධන විසින් තනු නිර්මාණය කර ගායනා කළ අතර පසු කලෙක ඔහුගේ signature song එකක් බවට පත්වූවක්. ගීතයේ ජනප්රියත්වය නිසාත් ඔහුගේම තනුව හා ගායනය නිසාත් මෙම ගීතයේ අයිතිය ක්ලැරන්ස් විජේවර්ධනයන් හට තියෙනවා.
නමුත්, මෙහි මුල් පද රචනය ගත්තොත්, verses 5ක් තියෙනවා, මොකද මේක පද්ය පන්තියක් නිසා. ක්ලැරන්ස් විජේවර්ධනයන් මෙහි ගායනා කරන්නේ මුල් verses 3 විතරයි. එනම්,
දිලීප පොඩි පුතු - සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි - මගේ කිරුල හිමි
ජීවන රජ දහනේ
පරෙවි දෙපා වැනි - සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන් - සඟවා ගෙන ඇත
මා නොලියුව ගීතේ
මහද විමානයේ - තැන්පත් කළ ලේ
බිඳුවක් අඩුව ඇතේ
එය සඟවා ගෙන - බිළිඳු වෙසින් ආ
වස්තුව ඔබ ය පුතේ
එහෙත් මුල් පද්ය පන්තියේ තවත් verses 2ක් තියෙනවා. ඵනම්,
පිපෙන්න පොපියන - සමන් පොහොට්ටුවේ
විලසට සුවඳ ගතේ
සඳුන් ගහෙන් ගත් - ප්රසන්න අරටුවේ
සියුමැලි ගතිය ඇතේ
අඩක් නොපැයුව - සඳෙහි විලාසය
සොරා රැගත් නලළයි
අතක් නොගෑවුන - නාදළු පැහැබර
දිගැති සවන් යුවලයි
ඒ සමඟම, ගීතයේ එම verses දෙකේ අයිතිය පිළිබඳව මට පොඩි ප්රශ්නයක් නැගෙනවා. මේ පද්ය පන්තියේ මුල් හිමිකරු වන කරුණාරත්න අබේසේකරයන් ට ද, නැත්නම් ගීතයේ අයිතිය සතු ක්ලැරන්ස් විජේවර්ධනයන් ට ද මෙම verses දෙකේ ownership එක තියෙන්නේ? නැත්නම් මේකට අයිතිය කාටවත් නැතිද?
ඒ සමඟම තවත් මතක් කල යුතු යමක් තියෙනවා. මම ඉහතදී සඳහන් කළා මේ verses දෙක කිසිදු recording එකක නෑ කියලා. දැනට කවුරුත් මේ original පද්ය පන්තියම recording එකකටවත් performance එකකටවත් ගායනා කරලා නෑ. ඒ නිසා මම හිතන්නේ නෑ ක්ලැරන්ස්ගේ රසිකයන්ගෙන් majority එක මේ verses දෙක හා එහි යටගියාව දන්නවා ඇති කියලා. මොකද මට මේ verses දෙක මුල්ම වතාවට අහන්න ලැබෙන්නේ දැනට අවුරුදු 7කට හෝ 8කට කලින් මගේ සීයා කෙනෙක්ගේ නත්තල් සම්භාෂණයකදී. ඒ දවස්වල මටත් මේක අමුතුයි. පෙලක් අවස්ථා තිබුණා මේ ගැන දවස් ගණන් හොයපු, ඒත් හම්බවුණේ නැති. නමුත් අතරින් පතර කලාතුරකින් මේ verses දෙක වෙන වෙන අය හරහා අහන්න ලැබුනු අවස්ථා ත් තිබුණා. ඒ නිසා මම තාමත් මේක ගැන හොයනවා.
ඉතින් මම මේ ලිපිය ලියන්නේ මේ ගැන community එකත් එක්ක පොඩ්ඩක් discuss කරන්න. මේ verses දෙකට වෙන origin එකක් තියෙනවද? නැත්නම් මේ verses දෙක originally කරුණාරත්න අබේසේකරයන්ගේ පද්ය පන්තියේ තිබුණේ නැද්ද? මොකද, හුඟක් අය කියන්නේ නෑ කියලා. නැත්නම් මේක "චූඩා මාණිකේ" ගිතය වගේ පසු කාලීනව ඒ ඒ verses ජනවහරෙන් create වුණ ඒවාද?
මේ verses ඇත්තටම තියෙනවා නම් කවුරුත් මේ full version එක recording එකකට ගන්නේ නැත්තේ ඇයි? මෙම ගීතයේ ක්ලැරන්ස් විජේවර්ධන විසින් ගායනා කරපු original version එක වගේම "සිහිවටන" cassette පට සඳහා ගායනා කරපු reimagined version එකත්, පසු කාලීනව විවිධ artist ලා ඒ ගීතයේ ගායනා කරපු versions ද තියෙනවා. ඒවායින් ඇනස්ලි මාලේවනගේ, නලින් පෙරේරාගේ, රජීව් සෙබස්තියන්ගේ versions මගේ සිත්ගත් කීපයක්. නමුත් කවුරුත් දැනට full version එක ගායනා කරලා නෑ. මේ ගීතයේ මේ වගේ කොටස් තියෙනවා නම් ඒ full version එක fans ලා අහන්න, දැනගන්න වගේම රස විඳින්න ඕන කියලා මට හිතෙනවා. එනිසා මෙම යටගියාව හා පද්ය පන්තිය ඇත්තක් නම්, මෙම ගිතයත් සමඟ හෝ ක්ලැරන්ස් විජේවර්ධන හෝ කරුණාරත්න අබේසේකර සමඟ සම්බන්ධ කුමන හෝ artist කෙනෙක් මේ full version එක record කරනවා නම් fans ලා ට මේ ගීතය තවත් appreciate කරන්න හැකි වෙනවා කියලා මට හිතෙනවා.
නමුත් මේක මගේ personal opinion එකක්. මං දන්නේ නෑ community එකේ අනිත් අය මේකට එකඟ වෙයිද නැද්ද කියලා. ඒත් මේක ගැන discuss කරන එක හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඒක හින්දාම මේක ලියන්න ඕන කියලා මට හිතුනා. මේකේ සමහර තැන් වැරදි වෙන්න පුලුවන් මොකද මට මේ පිළිබඳව දැනගන්න ලැබෙන්නේ පරණ fans ලා ගෙන්. එසේ වැරදි තැන් තියෙනවා නම් ඒවා පෙන්වා දෙන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා.
සටහන:- අමිරු ජයමහ
2023.06.01 දීය.
ඔය සඟවා ඇති පද දෙක ගොඩකවෙල නාගාසන්න කොන්ක්‍රීත්තු සූරීන් විසින් රචිත බ්ලොගයේ පෝස්ටුවකින් එලි දැක්වූවක්
ReplyDeleteඅනේ ඔන්න ඔය නයිදෙ ට පොඩ්ඩක් හුස්මක් කටක් ගන්ඩ දෙන්ඩ. නැත්තං මං ටෝච් එක වරද්දගත්තා වගේ වෙයි.
Deletehttps://en.wikipedia.org/wiki/The_Doorman_(2020_film)
Deleteදොරේ මෑන්... දොරේ කියන්නෙ දෙමළෙන්, මහත්තෙය නේ?
Delete‘Praසන්ன අරටුවේ‘ කියල තිබ්බ හන්ද තමයි ඔය කෑලි දෙක කිවුවෙ නැත්තෙ කියල තමයි ලෝකයා නං කියන්නෙ.
Delete//සඳෙහි විලාසය
Deleteසොරා රැගත් නලළයි //
නලළෙ ආවාට තියනවද?
සිංදුව නං හොඳා, ඒත් ඔය "නැති වූ පද පන්ති" හොයන රහස් පරීක්ෂක වැඩ නං බෑ.
Delete@ ප්‍රා,
Deleteහොරෙක්ගෙ හින්ද ගුටිකාපුවෑ කැලැල් ඇති.
වෑන් හොරෙක්?
Deleteඅරටු ප්‍රසන්න,
Deleteතව කාඩ් එකක් ගහන්ඩ කාලෙත් හරි නේ?
ප්‍රා,
හඳ කියපු ගමං අපට මතක් වෙන්නෙ ආවාට නෙ. ඒ උනාට ඔතන කියල තියෙන්නෙ අඩු ගුරුත්වාකර්ෂණය හරි, අලු පාට හරි, භ්‍රමණ සහ පරිභ්‍රමණ වේග සමාන වීම හරි, වඩදිය බාදියට බලපෑම හරි ගැන වෙන්ඩ බැරි ද?
ප්‍රසන්න,
හොරා ගහල තියෙන්නෙ අරටුවකින් ද දන්නෑ?
ප්‍රා,
වෑන් දොරවල් හොරෙක්...
බකුෂ්,
Deleteමං අර උඩ දාල තියෙන වීඩියෝ එකේ තියෙනව, නැතිවෙච්ච පද පේලි සෙට් එක ම.
මින්පෙර කිසිදා නොඇසූ කතාවක් නොවැ මේ.ස්තූති ලියපු කෙනාට වගේම බෙදාගත්ත ඔයාටත්.ඉස්තලන් ගොයියට මේ දවස්වල exam නිසා තාම යන්න බැරි උනා ෆිල්ම් එක බලන්න.
ReplyDeleteඔයා ඕක බලනකං මං පෝස්ට් දානව එහෙනං
Delete29 විභාගේ ඉවර වෙනවා ඊට පස්සෙ යනවා 🤭
Deleteඑහෙනං ඉතිං මට ඉක්මන් කරන්න වෙනවා. තව ලිපි තුනක් විතර තියෙනවා දාන්න...
Deleteබ්ලොගර්ස්ලවත් එකතු වෙලා ඉතුරු දෙකත් එක්ක පහම කියල දාමු. හිටගෙන.
ReplyDeleteපහක් බෑ, ලඟ ලඟ දෙකක් නවන්න නං හා.
Deleteදෙකක් නැවුවම නැමෙන කට්ටිය නෙමෙයි වැඩි හරියක් ඉන්නෙ. හැක්..
Deleteඅරටුහාමි,
Deleteඔය කියන තරම ඇති. එක ම තාලෙන් අහගෙන ඉන්න පුළුවන් පේළි ගාන තමයි අපේ ලොකු අයිය කියල තියෙන්නෙ.
බකුෂ්,
ළඟ නමන්ඩ එපා ගොයියො, මේ දෙගොඩහරි වයසෙ...
ප්‍රසක්ඤ,
කිතුල් අරටුවක් දාල ආසවනය කරමු ද?
'ක්ලැරන්ස්' ෆිල්ම් එකේ පසුබිම් ගායනා කරන සුරේශ් මාලියැද්ද සහ උරේශා රවිහාරි සමඟ සාකච්ඡා කරන ජාතික රූපවාහිනී morning show එකක් රෙකමෙන්ඩ් වෙලා මුල් කොටස බැලුවා. එතෙන්දි ඔවුන් දෙදෙනා කියපු දෙයක් තමයි පසුබිම් ගායනා කරද්දි තිරයේ නලුවා හෝ නිලිය පෙන්වන හැඟීම් වලට ගායනය මැච් කරන්න වුනු හැටි. වැඩ සටහනේ මුල් කොටසෙදි උරේශා 'මතකය ඇසුරෙන්' ගායනා කරනවා, පලවෙනි verse එකේ මැද කොටසෙදි ෆිල්ම් එකේ තිරයේ පෙන්වන හැඟීමම ඇය එකතු කරා කියලා මට හිතුනෙ. ( ඒ කියන්නෙ රෙකෝඩින්ග් එකේදි ඉන්ද්‍රානි පෙරේරා emotional වුනු හැටි. තාම ෆිල්ම් එක නම් බලලා නෑ- අහපු දේවල් නිසා කිව්වෙ).
ReplyDeleteමේ පෝස්ට්ස් ලියන අමිරු නම් පුදුම දැනීමක් තියෙන කෙනෙක් වගෙයි; වැඩිහිටියන්ගෙන් අහලා දැනගෙන වුණත් මෙහෙම තොරතුරු දන්නවා කියන්නෙ. Hope one day he completes a doctoral research on Clarence.
මේ සින්දුවෙ මම ආසම “පුතු මිට මොලවන් - සඟවා ගෙන ඇත මා නොලියුව ගීතේ“. ඒ ටික කිව්වට පස්සෙ තව මුකුත් කියන්න ඕනෙ නෑ කියලා ක්ලැරන්ස්ට හිතුනද දන්නෙ නෑ, අනිත් verses රෙකෝඩ් කලේ නැත්තෙ 😍
ඔයා කියන සාකච්ඡාව බැලුවෙ නෑ. නමුත් ඔය මූවි එකේ ඉන්ද්‍රානි ගෙ ඉමෝෂනල් කොටස බලලා, ඔරිජිනල් සිංදුව හොයාගෙන බැලුවා. ඔරිජිනල් ඉන්ද්‍රානි නම් ඒ තරම් ඉමෝෂනල් වෙන්නෙ නෑ. ඒකට හේතුව, ඉන්ද්‍රානි ම තැනක කියන විදිහට, එයාගෙ අම්මා මිය යන්නෙ ඉන්ද්‍රානිට මතක ඇති වයසක දි වීම වෙන්න පුළුවන්. එයා තවත් තැනක කියනවා, ක්ලැරන්ස් හදපු ගීතය හරියට ම ගැළපුනේ ඉන්ද්‍රානිගෙ අක්කා, මල්ලිකා පෙරේරා ගෙ දුවටයි කියලා. මොක ද, මල්ලිකා මිය යන්නේ දුව ඉතා ම පොඩි වයසෙ දි.
Deleteනමුත් මූවි එකේ ඉන්ද්‍රානි ට ඇතිවන තත්ත්වය, ක්ලැරන්ස් හදන අම්මා ගීතයේ සැබෑ සංකල්පය මාර විදිහට ඉස්මතු කරලා පෙන්නවා.
දිලීප පොඩි පුතු ගැන කවි පන්තියේ කවි 8 ක් තියෙනවා. නමුත් ක්ලැරන්ස් ගේ ගීතවල සාමාන්‍යයෙන් තියෙන්නේ අන්තරා කොටස් උපරිම 2යි. (සුමුදු සමන් මල් පොඩි ගීතයේ තියෙන්නෙ අන්තරා කොටස් 1 යි.) ඒ නිසා මේ පද පේලියෙත් හොඳ ම පද තුන අරගෙන ගීතයක් සකස් කරගෙන බවයි පේන්නෙ.
ඒ තාත්තාත්, මේ තාත්තාත් හැර තවත් තාත්තලා සිටී ද?
ReplyDeletehttps://www.facebook.com/photo/?fbid=1149292830570078&set=a.552164700282897
Deleteදිලීප පොඩිපුතුයි දිල්හානි දුවනීයි සදාකාලිකවම අපිත් එක්ක ඉන්නවා වයසට යන්නේ නැහැ. අපෙන් පස්සෙත් ඒගොල්ල ළමයි විදිහටම ජීවත්වෙයි. ජයමහට ජය වෙන්න (ඩ්‍රැකීට ස්තුත්යි ) නොදන්නා දේවල් දැනගත්තා.
ReplyDeleteසහතික ඇත්ත Mr. Silent Control, සහතික ඇත්ත. දුව මා වගේ ගීතයත් ඒ වගේ. දරුවො නොවුණත්, සුදු මැණිකේ, රම්‍යා, මංගො නැන්දා එහෙමත්, සංගීතය විසින් අමරණීය කළ නම්.
Delete