පහුගිය පෝස්ට් එකට කමෙන්ට් කරමින් බකුසුහාමි උපාසක මහතා, සිලිලාරේ පෝස්ට් එකක ලිංක් එක සටහන් කරලා තිබුණා. තාත්තලා ගැන කම්පනයක් ඇති කරවන ලිපියක් ඒ.
ඒ ලිපිය කියවනවිට අපේ තාත්තාත්, මම දැකලා තිබෙණ තවත් තාත්තලා ගණනාවකුත් ගැන දිග කල්පනා රැසක් ඔලුවට ආවත්, එතැන ලියන්නට තිබෙණ හොඳ ම කමෙන්ටුව, තවත් පෝස්ටුවක් ම වෙන එක වඩා හොඳයි කියලා හිතුවා.
මේ මම දැකපු තවත් මාර ම තාත්තෙක්.
ගුයිදෝ... 1930 ගණංවල ඉතාලියේ වෙසෙන යුදෙව්වෙක්. සැහැල්ලු ජීවිතයක් ගත කරන තරුණයෙක් වන ඔහු ගේ සිත ඇදී යනවා, ඩෝරා නම් තරුණ ගුරුවරියක් වෙත.
ඩෝරා ට විවා ගිවිසගත් තවත් අයෙක් සිටිනවා. නමුත් ඇය කැමති වන්නේත් ගුයිඩෝට. ඔහු ඇය දිනාගන්නේ සුරංගනා කතාවක බඳු වික්‍රමයක් කරමින්...
ඔවුන්ට පුතෙකු ලැබෙනවා. ඔහුගේ නම ජොෂුවා. ඔවුන්ගේ ජීවිත මැදට ෆැසිස්ට් වාදීන්ගේ බලපෑම එන්නේ ඒ අතර...
ගුයිඩෝ සහ ඔහුගේ පුතා ෆැසිස්ට් වද කඳවුරකට රැගෙන යනවා. ඩෝරා යුදෙවු ජාතිකයෙකු නොවන නමුත්, ඇයත් කැමැත්තෙන් ඔවුන් සමග යනවා. කුඩා දරුවෙකුගේ මනසට ෆැසිස්ට් වාදය - යුදෙවු - වධ දීම්, යුද්ධ ආදිය අනවශ්‍ය ලෙස ඇතුල් නොකිරීමට තැත් කරන ගුයිඩෝ, පුතාට කියන්නේ මේ සෙල්ලමක් විදිහටයි. හැංගිමුත්තං වැනි දිගුකාලීන සෙල්ලමක්. ඔවුන් හොඳින් සෙල්ලම අවසන් කළහොත් තෑග්ග විදිහට ඇත්ත යුද්ධ ටැංකියක් ලැබෙනු ඇති.
කඳවුරේ දී ඩෝරා කාන්තා කොටසට යැවෙන නිසා, ඔවුන්ට එකිනෙකා දකින්නවත් ලැබෙන්නේ නැහැ. නමුත් තමන් හොඳින් සිටින බව වත් ඇයට දැනගන්නට සැළැස්වීමට ගුයිඩෝ විවිධ උපක්‍රම භාවිත කරනවා.
අවසානයේ, යුද්ධය නිමාවෙමින් තිබිය දී, ගුයිඩෝ මරා දැමෙනවා. ඔහු මරා දමන්නට කැටුව යන විට, ඔහුගේ පුතා දකිනවා. නමුත් තම අවසාන මොහොත් කීපයත් ඔහු පුතාට සෙල්ලමේ ම කොටසක් බව ඒත්තු ගන්වන්න සමත් වෙනවා.
තාත්තලා සහ ඔවුන්ගේ කැපකිරීම් ගැන මතකයේ පිහි පාරක් විදිහට ඇනී තිබෙන මේ චිත්‍රපටිය La vita è bella හෙවත් ඉංග්‍රීසියෙන් Life is Beautiful. 1997 දී තිරගත වුණු මෙය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය වුණු ගුයිඩෝ හැටියට රඟ පෑවේ රොබෙර්තෝ බෙනිඥි. 1999 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය භාෂාවකට අයත් චිත්‍රපටිය, හොඳ ම සංගීතය සහ හොඳ ම නළුවාට හිමි සම්මාන දිනාගත්තා. 1999 ඇකඩමි සම්මාමාන උළෙලේ දී ත් ඉහත කී සම්මාන තුන ම ඔවුහු දිනාගත්තා. කෑන්ස් සම්මාන දෙකක් ද ඇතුළුව ලොවපුරා සිනමා සම්මාන මහත් රාශියක් දිනාගත් මේ චිත්‍රපටිය, මේතාක් නිමැවුණු හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 27වැනි ස්ථානයේ තිබෙනවා.
මෙන්න එය බාගත කිරීමට ටොරන්ට් සබැඳිය...
මං හිතුවේ අදත් ක්ලැරන්ස් ගැන කියල.🙃. සිලිලාරේ පෝස්ට් එකත් තාම කියෙව්වෙ නෑ.ඒකත් කියවලාම මේක කියවන්න ආයෙ එන්නම්.
ReplyDeleteක්ලැරන්ස් ගැන තව පෝස්ට් තුනක් විතර දාන්ඩැහැකි, ඉස්තලංගෙ විභාගෙ ඉවර වෙද්දි. නිවාඩු පාඩුවෙ සිලිලාරටත් බැහැල ම එන්ඩ...
Deleteපෝස්ට් එක කියෙව්වෙ නෑ? හෑ! හැබෑටම එහෙම කියවන්න ඕනෙද, ඈ?
Deleteමේ මාගම්මු එව්ව දන්නෑ. ඇරත් උපග්රයෙක් වෙච්ච එකේ, හීට් වේව් එක මදිවට වඩදිය බාදිය ඇති කරල අපිව ගිල්ලවන්ඩත් ඇහැකි, කේන්ති ගියොත්.
Deleteආයෙ ඇවිත් කියවන්නම් කියල කිව්වෙ ඩෙයියනේ ඒකනේ.අර සිලිලාරෙ බස්ස ලින්ක් කරල තිබුනනෙ මගේ පෝස්ට් එකක ඒ වෙලාවෙ ඔබල ගියා කියවන්න වෙලාවක් තිබුනෙ නෑ.ආයෙ මතක් උනේ මේ පෝස්ට් එකෙන් දැක්කම🤭 බ්ලොග් කීපයක් තියෙනව රෝලට දාගන්න වැඩේ කියන්නෙ ඒක කරන හැටිත් මතක නෑ 🙃
Deleteමිස්ටර් බැස්ටියං,
Deleteකමෙන්ට් කිරීම සඳහා පෝස්ට් කියවීම අත්යවස්ය නැත. ඉන් ෆැක්ට්, පෝස්ට් එක කියවීමෙන් කමෙන්ටුවේ තත්වය බාලවීමක් සිදුවීමේ අන්තරායද ඇතිවෙන අවස්ථා නැත්තේ නැත. අවශ්‍යනම් කාගේ හෝ කමෙන්ටුවක් කියවා එයට අදාල හෝ අදාල නොවන කමෙන්ටුවක් කල හැක.
එසේ නැත්නම් මා බොහෝ විට කරන ලෙස කමෙන්ටුව ගැන මෙලෝ හසරක් නොදැන හිතට එන කුමනහෝ අල බෝලයක් අතහැරිය හැක.
උදා.
1. මා ඔබතුමාගේ ටැක්නිකල් පෝස්ට්වලට මාතෘකාවේ වචන දෙකක් පමණක් කියවා කරන කමෙන්ට්.
2. වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම්වල දෙන ලාංකික බියුටිෆුල් උත්තර
* මේ දාර්ශනික මතය පිලිබඳ වැඩිදුර කියවීම සඳහා මා නිර්දේශකරන්නේ -
අතීත බ්ලොග් සෘෂිවරයෙක් වන පත්තරමල්ලිඅයියාගේ සඳරුවන් වැකි සහ වර්ථමානයේත් බ්ලොග් ලොව කොට විජය කරන ගොඩකවෙල ණාගසිංහ ඇදුරුතුමාගේ වට්ටෝරු.
අහා! Straight from the horse's mouth.මට ඕනෙම වෙලාවෙ උපදෙස් ටික. 👌🙏 ගොඩකවෙල ණාගසිංහ ඇදුරුතුමා , අපට කොකන් පෑවට, උන්දැගෙ වට්ටෝරු කෙමෙන්ට් ආයෙ සලකා බලන්න ඕනෙ.🤔
Deleteමොකුත් කියවන්න එපා. කී බෝඩ් එකේ + ලකුණක් තියෙන්නෙ පෝස්ට් එක ලියපු එකාත් මඤ්ඤං වෙන ජාතියෙ කොමෙන්ට් දාන්න තමයි.
Delete+ සයින් එක , ගමරාළට අඳු කොල වගේ. වැටමාරසිංහ කියල නමකුත් දැම්මද කොහෙද? චොකලට් නෝනත් වැටට කැමති නෑ. දැන් අපි වැට වෙනුවට දාන්නෙ ලින්ක්.😋
Deleteඅල බෝලයක් අතඅරින්න කියල නේද කිව්වෙ?🤔
Deleteගොඩකවෙල අලද, නුවර එළි අලද?
ගොඩකවෙල ඒව බෝල කරන්න අමාරුයි. ඔය නුවරේළි ඒව වෙන්න ඇති.
Deleteදැන්නෙ මට තේරුම් ගියේ මොනවද මේ කියන්නෙ කියල.
Deleteතේරුං ගියානං ලොකු දෙයක්. අඩුමගානෙ කොමෙන්ට් දාපු මටවත් දාපු කොමෙන්ට් මොනවද කියල තේරුනේ නෑ.
Delete+++++++++++++++++++++++++++++++
Deleteමට තේරුනේ අර උඩ pra jay කියලා තිබුන ටික විතරයි 🤭 මීට පස්සෙ කියෙව්වෙ නැති උනාට කියෙව්ව වගේ කමෙන්ට් දාන්න ඕනේ 🙃
Deleteවැටමාර කියල නම දැම්මේ එහෙම අවුලකට නෙමේ . නිකන් න් ප්ලස් සයින් කීවහම කිසි ගතියක් නැති නිසා යක්ඛ පුතුනේ
Deleteහා, හා ගම උපාසක, කලබල වෙන්න කාරි නෑ. දැන් මම උන්දැව "ලින්කන්" කියල බෞතීස්ම කලා, සැලුනද, නෑනේ?😋🤣
Delete// බ්ලොග් කීපයක් තියෙනව රෝලට දාගන්න වැඩේ කියන්නෙ ඒක කරන හැටිත් මතක නෑ//
"How to add blogs to blogger blogroll" කියලා ගූගල් කලාම කියා දෙනවා.
සොඳුරු සඳ,
Deleteඒක තමයි ඩෙයියනේ මාත් කියන්නෙ. ඒ උනාට මේ නයි, බකුසු, රිටිගලලා ඒක බයිට් එකට ගන්න එකනෙව ඉවසන්ඩ බැරි...
ප්‍රාජේ,
ඔබගේ දීර්ඝ කමෙන්ට් දැකීමෙන් මා පිනා යන තරම...!
බකුෂ්,
ණාගසිංහ එක පෝස්ටුවේ එක එක කොටස්වලට වෙන වෙන ම කොටස් වශයෙන් කමෙන්ට් කරන්න ගිහිං රවි විසින් වලවෙට්ටුවා යන විරුද නාමය තබා ඇත.
ප්‍රසක්ඤ,
+++++++
බකුෂ්,
හාව වගේ හද දකින අපට වැටක් උනත් ඇති ඔ්ං...
ආයි බකුස්,
වැලිමඩ අල තමා මේ දවස්වල නැගල යන්නෙ. අපට වහිනව මයෙ හිතේ ලෝකෙ තියෙන ඔක්කොම ජල සම්පත දැන් නුවරඑළියෙ.
ප්‍රසක්ඤ,
දෙන්ඩ ද, අල බිත්තරයක්?
සඳ,
සමහර එව්ව තියෙනව, පරිණත වෙද්දි තේරුම් යන. නැද්ද නෑනො?
ප්‍රසක්ඤ,
බොට තේරෙන්නෙ පතෑංංං සද්දෙ විතරයි නෙ?
ප්‍රා,
***************
සඳ,
අන්න ඒකයි බ්ලොග් කමෙන්ට් කෙරුවාවෙ අවයවය.
අජිත් ඝර්ම,
යක්ඛ පුත්තුන්ට යමක් කීමේ දී ප්‍රවේසමෙන්...
බකුෂ්,
දැන් දැන් බ්ලොග් රෝලට ඇඩ් කිරීමත් සංකීර්ණ වෙලා තියෙන්නෙ.
ජීවි Tea සුන්දරද එතරම්.....
ReplyDeleteකෝපිත් වරදක් නෑ
DeleteIrish coffee ටිකක් බීපං
Deleteවයින් වුනත් කමක් නැහ්ද?
Deleteකොලොම්පූර්,
Deleteබි බී උන්නෙ නං බොන්ඇරෝමා. ඕකත් බීල ම බලන්නං. (තනිව ම හිතමින් - හෝරසයා මට වහ දෙන්ඩවත් යනවද දන්නෑ)
බකූෂ්,
වයින් පරණ වෙන එක නෙව ප්‍රශ්නෙ.
- බ්‍රෑන්ඩ් එක ගල් -
Deleteමං හිතුව කෙරොසීන් කියල...
Deleteබාල්දි ලැයිස්තුවට ඔබාගත්තා.. පස්සේ බලන්නම්
ReplyDeleteමං නං එහෙම ඔබල දැම්මම ඒක බාල්දියෙ ම යට යනව, හොයාගන්ඩ බැරි වෙන්ඩ...
Deleteමගෙ බාල්දිය ඉඩමදි නිසා, දැන් ඒකට කියන්නෙ බැරල් ලැයිස්තුව කියලයි. බාගෙට බලපුව, බලන්න තියෙන ඒව, තාම "පැකින්" එකවත් නොකඩපු ඒවා එමටයි.
Deleteදැං ඉන්නෙ පැකිං කඩන වයසක නෙමෙයි නේද?
Deleteඅර නිදියා තාම පාද යාත්‍රා යන්නෙ? හහ් අපට තමා පුෂ්,පුෂ් ☹️
Deleteබකුසා සහ පාම්බුවා,
Deleteමේං
කවුද බොලේ බකුසට පුෂ් කියාපු ශතා?
ඩවුන්ලෝඩ් කරලා තියාගෙන ඉන්නෙ සෑහෙන දවසක ඉඳලා. පෝස්ට්එක දකින කොට තමයි මතක් උනේ ෆිල්ම්එක ලඟ තියනවා නේද කියලා.
ReplyDeleteඒකනෙ. බලන්න වැය කරන පැය කීපය අපරාදෙ වෙන්නෑ.
Deleteඒ කතාව නම් හර්ම දුක හිතෙන එකක් . තාත්තා ගැන ලියපු ලිපියක යොමුවක් සිලිළාර එකට දැම්ම .
ReplyDeleteමං ගිහින් කියෙව්වා.
Deleteගලෝපු අල ටික විකුණලම ඇවිල්ල කොමෙන්ට් වලට උත්තර දෙන්නං.
ReplyDeleteමීට,
නු.ප.පා.ස.කො. AKA අ.කො.
එනකොට ටෝර්ච් එකත් අර ගෙනම එන්න.
Deleteආවා ආවා ආවා.
Deleteපතෑං...ස්!! (දෙන්නට ම)