එක ජාතියක් ඉහළිනුත්, තව එකක් පහළිනුත්
තියන දර්ශනය
අන්තිමේ දී සහ සම්පූර්ණයෙන් ම අර්ථ දක්වා, අත්හැර දමන තුරු
හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...
තවදුරටත් හැම ජාතියක ම
පළමු පංතියක් සහ දෙවෙනි පංතියක් නැති වෙන තුරු
මිනිසුන්ගේ හමේ පැහැය
ඔහුගේ ඇසේ පැහැය වගේ ම සැළකිලිමත් විය යුතු නැති දෙයක් වන තුරු
මං කියන්නෙ, යුද්දේ...
මූලික මිනිස් අයිතිවාසිකම් සමානව
ජාතිය ගැන නොවිමසා හැමෝට ම ලබා දෙන තුරු,
යුද්දේ...
ඒ දවස උදා වන තුරු,
සදාකාලික සාමය ගැන, ගෝලීය පුරවැසිභාවය ගැන,
ජාත්‍යන්තර සදාචාරයක පාලනය ගැන සිහිනය
ළුහුබැඳ යා යුතු ව, නමුත් කවදාවත් ලබා ගන්න බැරි...
තාවකාලික මායාවක් හැටියට පවතින
දැන් හැමතැන ම යුද්දේ, යුද්දේ.
විවිධ රටවල අපේ සහෝදරයන්
අමානුෂික බන්ධනයෙන් පාලනය කරන
අනාර්ය සහ නොසතුටු රාජ්‍ය පාලනයන්
පෙරළා දමා, මුළුමනින් ම විනාශ කරන තුරු
හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...
නැගෙනහිරත් යුද්දේ, බටහිරත් යුද්දේ
උතුරෙත් යුද්දේ, දකුණෙත් යුද්දේ
යුද්දේ, යුද්දේ, යුද්ධය ගැන කට කතා.
ඒ දිනය වෙන තුරු, මහ පොළොව
සාමය ගැන නොදැන සිටිනු ඇත, අපි සටන් කරාවි
එය අත්‍යවශ්‍ය බව අපට දැනේ වි, අපි දිනන බව අපි දනීවි
අපට ජයග්‍රහණය ගැන නිසැක නිසා.
හොඳ, නරක යටපත් කරාවි,
හොඳ, නරක යටපත් කරාවි,
හොඳ, නරක යටපත් කරාවි,
හොඳ, නරක යටපත් කරාවි,
හොඳ, නරක යටපත් කරාවි,
හොඳ, නරක යටපත් කරාවි.
* * *
බොබ් මාලේ ගේ WAR ගීතය ඇසුරින් දළ පරිවර්තනයක්...
https://www.facebook.com/share/p/16QfVMzQ2b/

ඔව් ඒ සටහන් හොඳයි . ඔය ෆේස්බුක් පෝස්ට් එකේ කොපි රයිට් එකක් දාන්නේ කොහොමද . පරිවර්තනයක් නේ . ඉංග්‍රීසි ලිපිය මම කියෙව්වා .
ReplyDeleteඔ්ව ඔහොම තමයි. ෂකීරාත් කිව්වෙ වක්කා වක්කා සිංදුව එයා මහ වැස්සක ගොවිපළේ හෙවණක ඉද්දි, බූම් ගාල හිතට ආව කියලා...
Deleteයකෝ එහෙමෙ නෙවේද
Deleteඑහෙම තමයි අයියා... almost 90% of everything is crap. ඉතිං කොපිරයිට් විතරක් බේරෙයි යැ?
Deleteමේ තියෙන්නෙ ඔරිජිනල් වක්ක වකයි වක දෙවකයි සිංදුව...
Deletehttps://www.youtube.com/watch?v=OdrEisrvY7g&pp=ygUJemFuZ2FsZXdh
යුද්දෙ අස්සෙ සුද්දෙ දාන්න ඉන්න කට්ටිය ඉන්නකල් යුද්දෙ තමයි ඉතිං.
ReplyDeleteඒවා යුද්ධ ව්‍යාපාරයේ අතුරු ව්‍යාපාර.
Deleteහොපේ කියන්න මොකෑ.
ReplyDeleteඒකෙ අකුරු ටික කියෝගත්ත එකත් මදෑ.
DeleteHope නෙවෙයි THope කියල තමයි තිබිල තියෙන්නෙ. T එක වැස්සට හෝද ගෙන ගිහින්
Deleteවෙලාවට ඉතුරු ටිකත් හෝදගෙන යන්න කලින් ඒක මේකෙ දැම්මෙ.
Deleteකෞශල්‍ය,
Deleteතොපේ මොකෝ - අපේ මොකෝ?
ප්‍රසක්ඥ,
මං වෙලාවට වැඩ කරන අප්‍රමාදී පුද්ගලයෙක් මි.
යුධ වෙළෙන්දෝ වගේම සාම වෙළෙන්දියෝ වෙළෙන්දෝ ලංකාවේ 30 අවුරුදු යුද්ධ කාලේදී කලඑළි බැහැල හිටියා. වාසනාවකට ඔක්කොම වෙළෙන්දෝ අකුලන් ගියා 2009. ඊට පස්සේ ආවේ ප්‍රතිසංස්කරණ වෙළෙන්දෝ සංහිදියා වෙළෙන්දෝ යුධ අපරාධ වෙළෙන්දෝ. ඔය හැම වෙලදාමකම මහමොලකරුකවා බල වෙළෙන්දා. එයා නැතිවෙනකම් හැමදාම යුද්දේ.
ReplyDeleteYes agree with you 100% 🙂
Deleteඇත්ත. හැම සංකල්පයක් ම පාරිභෝගික භාණ්ඩයක්. බොබ් මාලෙත් විකිණෙනවා තම තමන්ගේ මතවාදය වෙනුවෙන්.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඒක අපරාදෙ මැකුවේ. මං ඒකට නිවාඩු පාඩුවෙ උත්තරයක් දෙන්න හිටියෙ.
Deletehttps://www.youtube.com/watch?v=6A1bLsBy7xA
ReplyDeleteහොඳ ඉතාලියානෝ චිත්‍රපටියක් හම්බ වුනා
පොඩ්ඩක් බැලුවා. ඉතුරු ටිකත් බලන්න ඔ්නෙ. ස්තූතියි.
DeleteHmmmm
ReplyDeleteහ්ම්ම්ම්ම්
DeleteHmmmm .....x 2
ReplyDeletehttps://miduma.blogspot.com/2025/11/blog-post_24.html
https://awidda-paya.blogspot.com/2025/11/blog-post_22.html
Deleteඒ ඔක්කම දැං බිසිනොස් බොසා.. බොබා වත් විකුණං කද්දි බොබාගෙ ප්‍රතිරෝධය විතරක් විකුණං නොකා තියේද. එහෙව් එකේ යුද්දෙ කියන්නෙත් ඉල්ලමක්
ReplyDeleteආයි මොනව ද, තට්ටෙත් විකුණතෑකි "තට්ටයට තිත!" ඇඩ් එකකට.
Deletehttps://www.facebook.com/share/p/19VLE1TPo5/
මේ බොබ් මලයගෙ ගීයත් එක්ක... 'පටු අදහස්නං පවුරෙන් ලෝකය'ත් මකත් වුනා. හැම නිර්මාණකරුවෙක්ටම එකම අදහස විවිධ විදියට ඇතිවෙනව. ඒකෙත් හැටි...
ReplyDeletehttps://www.youtube.com/watch?v=Gh47aYfPdwk
Deleteඋඹ දැක්කද අර යුක්‍රේන ස්බලෙක් මැරුණම එයාගේ ෆෝන් එක බලද්දී වැඩි පුරාම සර්ච් කරලා තිබ්බ දේවල් තිබ්බ ෆොටෝ එක , හැමදාම බලලා තිබ්බේ යුධ්ධේ ඉවරවෙන දවස සාකච්චා වල ප්‍රගතිය , වගේ දේවල්
ReplyDeleteවනේ තියෙන එකා තමයි ඒකෙ වේදනාව දන්නෙ, ඒත් හිඟන්නගෙ තුවාලෙ නං හොඳ ආදායම් මාර්ගයක්.
Deleteඇත්ත, ඉවාන්, බස්සා... මේ ගැන මොනව කියන්න ද ඉතිං? පුටිය වගේ උදවියට මේක බෝඩ් ගේම් එකක් උනාට, ඒකට මුහුණ දෙන බිම ඉන්න උදවිය කොයි තරම් විඳවනව ද? හිරෝෂිමා නාගසාකි බෝම්බවලින් පරම්පරා කීයක් විඳෙව්ව ද?
Deleteමොනව කියන්න ද, ඉතිං?
+++++++++++++++
ReplyDeleteඋදය දැකපු කල්...
Deleteයුද්ධය තමා බන් අපිව ජිවත් කරන්නේ . මේ ලෝකේ යුද්ධ ටික ඉවර උනාම අපි පර සක්වල ගිහින් කවුරු හරි හොයාගෙන හරි ආයේ යුද්ධ පටන් ගන්නවා . ඔන්න බලපන්කො
ReplyDeleteඒකත් ඇත්ත.
Delete“Certainly. He who says neighbours says enemies. Look at the field that borders mine. It belongs to the man I hate most in the world. After him my worst enemies are the people of the village on the other slope of the valley at the foot of that birchwood. In this narrow valley formed of two parts there are but that village and mine: they are enemies. Every time that our lads meet the others, insults and blows pass between them. And you want the Penguins not to be enemies of the Porpoises! Don’t you know what patriotism is? For my part there are but two cries that rise to my lips: ‘Hurrah for the Penguins! Death to the Porpoises!’ ”
- Penguin Island
By Anatole France