හිරු දෙවියෝ මිත්‍ර වෙත තම පණිවුඩකරු වූ රේවන් කපුටා එවුවා. ඒ, ගවයෙකු මරා බිලි පූජාවක් කරන ලෙස දැන්වීමට. මිත්‍ර ඒ නියෝගය ක්‍රියාත්මක කළේ අකමැත්තෙන්, ඒ වගේ ම දුකෙන්. නමුත් ගවයා මැරුණු මොහොතේ ම, මහා ප්‍රාතිහාර්යයක් සිද්ධ වුණා. සුදු ගවයා, රූපාන්තරණය වෙලා හඳ බවට පත් වුණා. මිත්‍ර ගේ ලෝගුව, දිළිසෙන තරු හා අනෙකුත් ආකාශ වස්තු සහිත අහස බවට පත්වුණා. ගවයා ගේ වලිගයෙන් සහ විසිරී ගිය ලේවලින් ධාන්‍ය වර්ග සහ මිදි පැල මතු වුණා. උගේ ලිංගික කොටසින් ගළාගෙන ගිය, ශුද්ධවූ බීජ, බඳුනකට එකතු කරගත්තා. ඒ ශුද්ධවූ බීජය විවිධාකාරයෙන් මිශ්‍ර වෙලා තමයි මිහිපිට විවිධාකාර සතුන් බිහි වුනේ.
ඒ විදිහට පැළෑටි, ගස් සහ සතුන් බිහිවුණා. දවාල සහ රෑ මාරුවෙන් මාරුවට උදාවෙන්න පටන් ගත්තා. හඳ, එයාගේ කලා චක්‍රය පටන් ගත්තා. සෘතු චක්‍රය එයාලගෙ සංගීත පුටු තරගය පටන් ගත්තා. ඒ විදිහට කාලය පටන් ගත්තා. නමුත් එකපාරටම ලැබුණු ආලෝකයෙන් පිබිදුණු, අන්ධකාරයේ ජීවියෝ පොළොවෙන් මතු වුණා. ගවයාගේ ලේ ලෙවකෑවා සර්පයෙක්. ගෝණුස්සෙක්, බඳුුුනට එකතු කර ගත් ශුද්ධවූ බීජය ට හොට දාන්න තැත් කළා. සිංහයෙකුත් නැගිටලා ආවා. ඒ විදිහට ගවයාගේ මරණයත් එක්ක ම හොඳ සහ නරක සංකල්ප දෙක අතර සටන ආරම්භ වුනා. මනුෂ්‍ය ජීවිතයෙත් ඒ විදිහෙම දේවල් දකින්න පුළුවන්.
රේවන් කපුටා වාතය සංකේතවත් කරනවා. සිංහයාගෙන් ගින්නත්, සර්පයාගෙන් පෘථිවියත්, ශුද්ධවූ බීජය එකතු කරගත් බඳුනෙන් ජලයත් නිරූපණය කෙරෙනවා. මේ විදිහට වායෝ, තේජෝ, පටවි, සහ ආපෝ යන සතර ධාතුවේ පැවැත්ම ඇරඹුනා.
බිලි පූජාවෙන් පස්සෙ, මිත්‍ර සහ හිරු දෙවියෝ භෝජන උත්සවය පටන් ගත්තා. ඒ දෙන්නා මස් සහ පාන් කාලා වයින් බිව්වා. ඉන් පස්සේ මිත්‍ර හිරු දෙවියන්ගේ රථයට නැඟලා, හිරු සමඟ මුහුදට ඉහළින් අහස තරණය කරලා ලෝකයේ කෙළවරට ගියා.
ලෝකයේ පැවැත්ම ඇරඹුනේ ඔය විදිහට කියලා, පේගන් ඇදහීමේ තියෙන්නෙ. මිත්‍ර දෙවියන් ඉන්දු ඉරානීය මූල සංස්කෘතියේ ඇදහෙන, ආලෝකයේ දෙවියන්. ක්‍රි. පූ 1400 ටත් ඈත කාලයකින් පටන් ගෙන ඉන්දු - ඉරානීය ආදීතමයන් විසින් මේ ඇදහීම වෛදික ඉන්දියාවට, මෙසොපොටේමියාවට වගේම, යුරෝපයේ ස්පාඤ්ඤය දක්වා ම පැතිරුවා. පසු කාලයක මේ භූමියේ වැඩිහරිය මහා ඇලෙක්සැන්ඩර් විසින් යටත් කරගැනීමත් එක්ක මිත්‍ර ඇදහීම හෙලනික් සංස්කෘතියට උරා ගැනුනා. ක්‍රිස්තියානියේ මුල් කාලය වන විට රෝම සංස්කෘතියේ පවා සැළකිය යුතු තැනක් මිත්‍ර දෙවියන්ට තිබුණා. ක්‍රි. ව. 307 දී රෝමක අධිරාජ දියොක්ලීස් ඩැනියුබ් ගං ඉවුරේ "අධිරාජ්‍යයේ ආරක්ෂක මිත්‍ර දෙවියන්" වෙනුවෙන් දේවස්ථානයක් ඉදි කරවීමෙන් එය පැහැදිලි වෙනවා.
මිත්‍ර දෙවියන් උපන්නේ අතකින් පන්දමක් සහ අතකින් පිහියක් දරමින්. ඔහු බිහිවුනේ පූජනීය ගසක් යට, පූජනීය දිය පහරක් අසළ, පොළොවින්. (මේ කියමන කියවද්දි වෙන වෙන දේ මතක් වීම ශාස්ත්‍රීය කියවීමට බාධාවකි.) මිත්‍ර විසින් ගවයා මරා බිලි දීම සංස්කෘතීන් ගණනාවක වාර්ෂිකව අනුස්මරණය කෙරුණා භූමිය සාරවත් කිරීමේ අභිචාර විධියක් හැටියට.
මිත්‍ර දෙවියන්ගේ උපත සංකේතවත් කෙරුණේ ශීත සෘතුවේ උපරිමයට ළඟා වන දෙසැම්බර් මස 25 වන දින. එදායින් පසුව ශීත සෘතුව කෙමෙන් කෙමෙන් ගෙවී යමින් ආපහු වසන්තය උදා වීම හරියට ම මිත්‍ර ගවයා බිලි දීමෙන් පසු කාලය සහ සෘතු පටන් ගැනීම වගේ. මම ගිය වසරේ නත්තල් කළාපයේ කීවා වගේ පසුකාලීනව මේ සැමරුම ක්‍රිස්තියානිය විසින් උපාර්ජනය කරගැනුනා.
මූලාශ්‍ර:
https://www.britannica.com/topic/Mithra
https://www.britannica.com/topic/Mithraism
තව ටිකක් විස්තර ඇතුව ලියන්ට තිව්වනෙ ඩ්‍රැකී...බෝත් එකයි බස්පත් ඒකයි
ReplyDeleteබස්ප තමා. මේක ලියන්ඩ පටං ගත්තෙ 24 වෙනිදා. ඉවර කළේ ඊයෙ. ඔලුව නිකං බස්සගෙ කම්මල වගේ. නිදහසේ ලියන්ඩ බෑහ්...
Deleteඅහක යන යෝකර් එකක් නේද , මට ආවෙ? 🤣😂
Deleteයෝකර් බස්සා! බොට හොඳ වැඩේ
Deleteයෝකර් වැටෙන්නත් උඹ මොටෑ පිත්තත් ඇන්න කිරිඩාන්ගනේට ආවේ
Deleteබස්සො, දියං උත්තර
Deleteමිත්‍ර දෙයියෝ ගැන තව ටිකක් විස්තර දැම්මනම් හොඳා තමයි.
ReplyDeleteමම මේ දවස්වල පාස්ටර්ලගේ දේශන රස විඳිනවා.
එක පාස්ටර් කෙනෙක් කිව්වා අපූරු කතාවක්.
බයිබලයේ තියෙන බාල් දෙවියෝ යුරෝපයට ගිහින් ජුපිටර් බවට පත්වුනා. ඒ දෙවියොම ඉන්දියාවට ගිහින් ශිව බවට පත්වුනා ලු.
ශිව ලිංග වන්දනාව මුලින්ම තිබිලා තියෙන්නේ මැදපෙරදිගලු. ජෝර්දානේ පුරා විද්‍යාත්මක ස්ථානයක පින්තූරත් එයා පෙන්නුවා.
හැබැයි ඇත්ත වෙන්නත් පුළුවන්. ජාතක කතාවල ඔහොම දෙවියෙක් ගැන නෑනේ. ශිව දෙයියෝ ඉන්දියාවට ඇවිත් තියෙන්නේ බුදුන්ගේ කාලෙට පස්සේ.
ඔය ගැන හොයන්ඩ ඔ්නෙ. ශිව ගැන කතාවනං හරි වෙන්ඩ පුළුවන්. ඉන්දු නිම්ම ශිෂ්ඨාචාරෙ හම්බුණු මුද්‍රා වල ඉන්නනෙ අං තොප්පියක් දාගත්ත පශුපති. ඊට පස්සෙ එයා රුද්‍ර එක්ක ඒකාබද්ධ වුණා. පසු කාලෙක තමා ශිව කියන නම එන්නෙ. ඒ දෙවියො පරණ ඇදහිලි රාශියක එකතුවක්.
Deleteඅපි හිංදු ආගමේ දකින කිසිම දෙවි කෙනෙක් බෞද්ධ සාහිත්‍යයෙ නෑ. ඒකට හේතුව මොකක් වෙන්ඩ පුලුවන්ද? සමහර විට බෞද්ධ සාහිත්‍යය ගොඩනැගුනු කාලෙ ඇදහුනු දෙවිවරු විතරක් ගැන කියවෙනව වෙන්ඩ පුලුවන්. නැත්තං හිංදු ආගමත් එක්ක තිබුණු ගේමට උවමනාවෙන්ම හැලුව වෙන්ඩත් පුළුවන්.
කරමින් තම දැයට සේවා පළමුකොට
ReplyDeleteපරහිතකාමි පාලකයන් මැරුනුකොට
නංවා ඔවුන් දෙවියන් යන තත්ත්වයට
පිදුවා පුරාණේ මිනිසුන් අගේ කොට
අනේ විනේ සිදුවී ඇති කලියුගයේ
බෙදාගන්නෙ තම පතටයි කඩිමුඩියේ
කිසිම චාරයක් නයුවන් වෙත නැතියේ
උන් මළ දාට නවතින්නේ අවීචියේ
යහපාලනය සහ සමාන සැලකීම
Deleteඒ කාලේ තිබුණේ නැත සමාජයේ
වීර වැඩ කරපු රජවරු බලවන්ත
දෙවියන් ලෙසට ඇදහීමත් වහල් කමක්
අද කාලේ පාලකයොත් ඒ විදිහයි
පුරවැසියොත් වෙනස් වෙලා නෑ එහෙම
තේජස් පාන ලොකු ලොකු වැඩ කරන අය
කවදත් යටත් වැසියන්ගේ හිතේ ඇත
අතුරු මිතුරු .....
ReplyDeleteඔරිජින් එක ගැන එක මතයකි
ඔව් ඔව් මට මතකයි. අහුරා මිත්‍රා...
Deleteනමුත් අහුරමස්දාට වඩා මිත්‍ර පරණයි කියනව.
පේගන් ඇදහීම් ගැන වැඩිය දන්නෙ නෑ. ඒත් සිත් ඇදගන්නා සුළුයි. හොඳයි, කෙටියි.🤔🙏👌😊
ReplyDeleteපේගන් ඇදහීම් ගැන මාත් වැඩිය දන්නෑ (අර සූරපප්පා එකේ කියනව වගේ) ටොටෑටිස් පල්ලා! ඒ නිසා හොයනව. තව ඉස්සරහට තව දෙන්නං!
Deleteආන්න ජන්සං! 😊🙏👌
Deleteමං වගේම බෝත් හොයල ලියහංකො. බොට ඉන්ටරෙස්ට් එකත් තියෙන එකේ.
Deleteමම උබව අගය කරන දෙයක් කියන්නද...
ReplyDeleteඋබට දාන කෙමෙන්ට් එකකට උබ කවදාවත් පිලිතුරු කෙමෙන්ට් එකක් නොදා ඉන්නේ නෑ...වෙන කාගේහරි කෙමෙන්ට් එකකට අපි කෙමෙන්ට් කරත් උබ ඒ හැමෝටම වචනයකින් හරි උත්තර දෙනවා....
අමාරුවෙන් දුවන මේ කාලේ දාගන්න 49= කාඩ් එකෙනුත් බ්ලොග් වලට දුවගෙන එන එකට ඒක වටිනාකමක්
හ්ම්ම්... ගොඩක් ස්තූතියි බං. උඹලා කියවලා දෙන කමෙන්ට් එකෙන් අපට පණ එනව. ඉතිං කරන්ඩ පුළුවන් අඩු ම දේ තමා රිප්ලයි කරන එක. වෙන මොනව කරන්ඩද? තව තව ඉස්පාසු තිබ්බනං අර මදාවිය කළා වගේ සිරා රිප්ලයි එකක් දෙන්ඩ තිබුණා.
Deleteඅර උඹට පොරොන්දු වුණ කතන්දරේ ඊළඟට දාන්ඩ උපරිම ට්‍රයි කරනව බං.
අඩේ ඒක බොරු පරණගජබින්නයක්ට දැම්ම කොමෙන්ටුවට තාම රිප්ලයි නෑ....
Deleteමූ බලකො!
Deleteතකහණියක් පරණ ගජබින්න සෙට් එක කියවන්ඩ ගියා.
Deleteහි..හ්.හි
Deleteඉස්සර නං කමෙන්ට් එකක් දාපුහාම මට ඊමේල් එකක් එනව. එතකොට මගෑරෙන්නෑ. දැං කාලෙ එහෙම නෑ අපෙ හාංදුරුවනේ.
Deleteකියෙව්ව. ටිකක් තේරෙන්නෙත් නෑ වගේ. ඒත් ඉතිං ඔන්නොහෙ කමක් නෑ.
ReplyDeleteපළ යන්ඩ! පතෑංං
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteස්තූතියි. බොටත් හෝතඹයටත් අර අඹතලේ නානළිඳේ දැරිවිටත් එසේම වේවා!
Delete