දුම්රියේ රසවත් දේ දකින්නට නම් යා යුත්තේ දවල් දහයත් තුනත් අතර සහ හවස හතෙන් විතර පස්සෙ. කාර්ය බහුල වෙලාවලත් සමහර විට මම මේ කියන්නට යන උදවිය දුම්රියේ ඉන්නවා වුණාට, වඩාත් ඉඩකඩ සහිතව ගමන් කරන්නට පුළුවන් මම ඔය ඉහතින් කියා තියෙන වෙලාවල් අතරේ නිතරම වගේ මේ කියන රසවතුන් හමු වෙනවා.
ඔයින් එක්කෙනෙක් තමයි, “මමයි දුම්රියේ ගායකයා“. මේ තැනැත්තා අවුරුදු හැටක් වතර වයස, ඉතා ම පිරිසිදුවට කළිසම සහ කමිසය ඇඳ පොඩි ටියුලිප් බෑග් එකක් දකුණතින් අරගෙන දුම්රියට නගින්නේ. ගොඩක් ම උදේ වරුවෙ තමයි මෙයා ඉන්නෙ. මෙයා කිසිම වාදන භාණ්ඩයක් නැතුව ඉතා ම සරළ විදිහට, ප්‍රසිද්ධ තනුවලට තමන් පද එකතු කරලා හදාගත්ත ගීත ගායනා කරන්නේ මඳ සිනාවකුත් සමඟින්. ඒ ගීත අතරින් මට මතක හිටිය ගීත කීපයක් මේ:
දැක්කොත් මධුරී ඩික්සිත් - ආලේ නොකරා බැරී//
කරාටේ දන්නවා සේ පෙනේ//
කරන්ට් වැදුණ සේ පෙනේ - ඇගේ දැඟලිලි
දැක්කොත් මධුරී ඩික්සිත් - ආලේ නොකරා බැරී...
බණින්නෙපා ප්‍රිය බාරිට - ගහන්නෙපා
ඔබ සමගින් ඈ ඇවිදින් ඇත්තේ
ඔබගෙන් සැනසුම් ලබන්නටයි
මමයි දුම්රියේ ගායකයා - මේ ආවා - මේ ආවා
දවාලෙ පායන සූර්යයා - මේ ආවා - මේ ආවා
රෑට ඇවිදින අවතාරේ...
ටිකට් චෙකර්ලා තට්ටෙ පළාවී දෝ
මං බය නෑ - මං බය නෑ//
ගාඩ් මහත්තය උදව් කරාවී දෝ
මගෙ මිතුරා - හොඳ මිනිහා//
ඔහු බෑඩ් බෝයි සිංදුවටත් මේ වගේ පද මාලාවක් හදාගෙන තිබුණා. ඒකේ තිබුණා බෝයි කියා අවසන් වෙන වචන සීයක් විතර. (ටාසන් බෝයි, ලයිෆ් බෝයි, කව් බෝයි, ඔය ආදී වශයෙන්...)
ගීත හතක් අටක් ගායනා කරන ඔහු ඊට පස්සේ මෙහෙම කියනවා...
“දැන් මේ මහ්තතුරු නෝනලා මට බණිනවත් ඇති, ‘මේ මනුස්සයා සිංදු කියනවා විතරයි. සල්ලි එකතු කරන්න එන්නෙත් නෑ‘ කියලා. මගෙ හැටි එහෙම තමයි. මම කෝච්චි පෙට්ටියකට නැග්ගොත් සිංදු විස්සක් තිහක් කියලා තමයි බහින්නේ.“
ඒ කියනවා වාගෙම, එයා ගණේමුල්ලෙන් නැග්ගොත්, සිංදු කීම ඉවර කරලා සල්ලි එකතු කරන්නේ කැළණියත් පහු වෙලා.
තව කෙනෙක් හිටියා තරුණ පහේ. වයස තිහක්වත් නැති තරම්. එයා කෝච්චියට නගින්නේ ලොකු ලී රාමුවකට එක්ස්රේ කාඩ් දෙකක් විතර හයිකරලා හදාගත්ත වාදන භාණ්ඩයක් අරගෙන. ඒ රාමුවේ හයි කරලා තියෙනවා, කසළ ගොඩවල්වලින් අහුලාගෙන පිරිසිදු කරගත්ත කැඩුණු බෝණික්කෝ, ප්ලාස්ටික් මල් පොකුරු වගේ දේවල්. එයා කෝච්චි පෙට්ටියට නැගලා මෙහෙම කියනවා.
“ඔයාලට හිතෙනවද දන්නෑ මං පිස්සන් කොටුවෙ ඉඳන් එන්නෙ කියලා. මං එන්නෙ එහෙ ඉඳලා නෙවෙයි...“ එයා දවසක් අර රාමුවෙ හයි කරල තිබුණු බෝණික්කෙක් පෙන්නලා කියනවා, “මෙයාගෙ අම්මා ඕස්ට්‍රේලියාවෙ ගාමන්ට් එකේ. මං ලංකාවෙ පේමන්ට් එකේ...“
මෙයා ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙන්නෙ රෑට. මට මතකයි, 2002 හෝ 2003 දෙසැම්බර් 31 වෙනිදා, මම මරදානෙන් නැගපු දුම්රියට මේ මනුස්සයත් මරදානෙන් නැග්ගා. නැගලා තමන්ව ඉදිරිපත් කරන්න කරන කතාවෙ අන්තිමට, “මම ඔයාල හැමෝටම කැළැන්ඩරයක් ලබා දෙනවා“ කියල, පොකට් කැලැන්ඩර් වගයක් බෙදාගෙන බෙදාගෙන ගියා. එහෙම බෙදන ගමන් කියනව, “ජීවිතේ මල් - නිකං දෙන කල්“ කියල. ඒක ඇහුණුු පොඩි අඩියක් ගහල හිටපු මගියෙක් කියනව, “අපේ ජීවිත පල්!“ කියල.
ප්‍රසන්ට් කරන කතාවෙන් පස්සෙ මෙයා අර රාමුවෙ හයි කරල තියෙන පොඩි නළාවක් පිඹ පිඹ, අර රාමුවෙ එක්ස්රේ කාඩ්වලට ගහමින් සිංදු කියනව එක දිගට... ඒ සිංදුවල නං කියන්න තරම් දෙයක් නෑ. අර කලින් ගායකයා වගේ ම, ප්‍රසිද්ධ සිංදුවලට මවු ගුණ සම්බන්ධ පද අලුතින් දාලා කියන්නෙ.
මේ ඉන්දියාවෙ පොටෝ එකක් |
සමහර යාචකයො ඉන්නව දුම්රියෙ පෙට්ටියකට නැගලා, සිංදු තුනක් විතර එතන ම ඉඳන් කියන. සමහර යාචකයො ඉන්නව රබානක් ගගහ, සිංදුව කියාගෙන හෙමින් හෙමින් කෝච්චිය ඇතුලෙන් ඉස්සරහට යන. එහෙම කෙනෙක් ගෙන් සම්පූර්ණ සිංදුවක් අහන්න ඕනෙ නම්, එයාගෙ පස්සෙන් යන්න වෙනව කෝච්චි පෙට්ටි පහක් විතර ඉස්සරහට.
දුම්රිය යාචකයන්ගෙ තියන එක සාරධර්මයක් තමයි, තමන් කෝච්චි පෙට්ටියකට නගිනකොට වෙන යාචකයෙක් ඒ පෙට්ටියෙ හිටියොත්, ආපහු බැහැල වෙන පෙට්ටියකට යන එක. දවසක් ඔය උඩ කිව්ව වගේ, පෙට්ටියෙ නතර වෙලා ඉඳන් සිංදු තුන හතරක් කියන වර්ගයේ යාචකයෙක් රබානක් ගහ ගහ සිංදු කිය කිය ඉන්න කොට, ඇස් පේන්නැති යාචකයෙක් පිටිපස්සෙ පෙට්ටියෙ ඉඳන් ඒ පෙට්ටියට ආව බට නළාවක් පිඹ පිඹ. අර ‘නතර වෙලා‘ ගණයේ යාචකයා, තමන්ගෙ සිංදුව නතර කරලා, අර ‘ජංගම‘ වර්ගයේ යාචකයගෙ බටනළා වාදනයේ තනුවට හරියන්න රබාන ගහන්න පටං ගත්තා, එයා ඒ පෙට්ටියෙන් යන කල් ම.
දුම්රියේ ගායක යුවළක් හිටියා රාගමින් නගින. දෙන්න ම අවුරුදු පණහට කිට්ටු කරලා. පිරිමියා සර්පිනාවක් හරි ඩෝලැක් එකක් හරි අරගෙන එන්නෙ. ඒ දෙන්නා දුම්රියේ බිම වාඩි වෙලා යුග ගීත කියනව. ඒ දෙන්නගෙන් පිරිමි කෙනා කෙට්ටුයි. වයසට ම අලු පාට වුණු කොණේඩෙ පිටිපස්සෙන් වවලා, උඩුරැවුළත් කොන් දෙක පාතට වැටෙන්න වවලා. හරියට ම කෑකෝ පප්ප වගේ මයි.
සමහර ගායකයො එනවා තනියම ත්‍රී පීස් වගේ ගහන. ගිටාර් එක හෝ ඩොලැක් එකට කම්බි වලින් හයි කරපු හාමෝනියම් එකකුත් ගහන ගමන් සිංදු කියන.
මට මතකයි අපි පොඩි කාලෙ වීදි ගායක යාචකයො ගැන “මාවතේ අපි“ කියලා වැඩසටහනක් කළා රාජ්‍ය අනුග්‍රහයෙන්. ඕක කළේ ප්‍රේමදාස ජනාධිපති ගෙ කාලෙ. ඒ වැඩසටහන අන්තිමේ එල්ෆින්ස්ටන් එකේ ලයිව් කරපු සංදර්ශනයකින් තමා අවසන් වුණේ. ඒ ගැන අපේ ලොකු අයියා - ක්ලැරන්ස් විජේවර්ධන ලස්සන සිංදුවක් කළා...
දුම්රියේ අහන්න දකින්න තියෙන දේවල් නම් එමටයි. ගොඩක් ම රෑ අට හමාරට සහ නමයහමාරට කොළඹ කොටුවෙන් අදින ඉහළ දුම්රිය මාර්ගයේ කෝච්චි දෙකේ දි මම හිතන්නෙ අදටත් ඔය වගේ රසවත් දේවලින් නිදිමත සහ වෙහෙස දුරු කරගන්න අවස්ථාව තියෙනව.
//කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!//
ReplyDeleteනිමල්ගෙ අදහස් කොයිතරම් හයියද කියල බලමු මේකට
නිමල් අයියට නං ජීවිත නවයකට වඩා අත්දැකීම් තියෙනවනෙ. බළලෙක් ට හපං.
Deleteමට කෝච්චියේ ගමන් යන්න ලැබිලා තියෙන්නේ ඉතාම අඩුවෙන්. අවුරුද්දක් විතර කැලණිවැලි කෝච්චියේ උදේ හවස මහරගම සිට කිරුලපන දක්වා ආවා ගියා නාවල ආයතනයක මුද්‍රණ කළමනාකරු ලෙස වැඩ කරද්දී. සෙනඟ හොඳටම වැඩියි- හිරවෙලාම තමයි යන්න වුණේ.
Deleteපුංචි කෝච්චියේදී වෙච්චි හොඳම වැඩේ මම වෙනම post එකකට ලිව්වා මතකයි නේද?
කෝච්චියේ හොර ගෙඩියා - නමින්.
https://nidigepanchathanthare.blogspot.com/2021/09/blog-post_16.html
කෝච්චියේ කාන්තාවෝ ගොඩකට හිරවෙලා යනකොට කොච්චර සැපද? දාඩිය ගද උහුලන්නට බැරි නිදි මහත්තයා ඔය සැප වින්දේ නැතිව ඇති.
Deleteනිදි,
Deleteහොරගෙඩියා ගැන කියෙව්වා. මේ දැන් ආපහු ගිහින් කියවලා ආවා. ඒ කාලෙත් ඩ්‍රැකි සෙට් එක ඉඳලා නේ.. අදත් ඔය කොමියා ඇවිත් තියෙන්නේ.
පුංචි කෝච්චිය ගැන අතන කියලා තියෙන ගොඩක් දේ තාමත් එහෙමයි කැලණිවැලියෙ. ගමන් වේගය ඉවසන්න අමාරු නම්, යන කෝච්චියෙන් බැහැලා ඉස්සරහට ගිහින් ඉස්සරහ පෙට්ටියකට නැග ගන්න උනත් ඇහැකි.
කොමියා,
ඔය සබ්ජෙක්ට් එක වෙනම ලියන්න ඕනෙ. සමහර පිරිමි ඉන්නව කාන්තාවන්ට හිරිහැර කරන. සමහර කාන්තාවොත් හරියට උණුසුම් උනහම කැමැත්තෙන් ඉඩ දෙන වෙලාවල් තියෙනව. ඒ වගෙම කාන්තා ගැට කපන්නියොත් ඉන්නව ඔය වගේ අපහරණයට වගේ ඇවිදින් තමන්ගෙ කර්ත්‍රව්‍යය කරගන්න.
සපපාකෝ තුමා සත්‍යාබාසයෙන්ද මන්දා කිව්වේ.
Deleteමිට හැමදාම කෝච්චියේ මුහුදුබඩ මාර්ගයේ යන මම
මම කැමතිම ලයින් එකක් තමා ඔය මුහුදුබඩ මාර්ගය. උඩ ටික නං ලිව්වේ දැකපු දේවලින්. මං ගොඩක් ම දුම්රියේ ගියේ වයිෆ් එක්ක. ඉතිං දැකපු දේ විතරයි ම යි.
Deleteමේ දැන් ගිහින් කියවලා ආවා. හොරගෙඩියා ගැන
Deleteකොණක ඉඳං කියවහං මෙන්ඩො නිදි ගෙ බ්ලොග් එක. ගංජ ගැහුව වගේ තියෙයි ...
Deleteme danuth uge blog eke...
Deleteme danuth uge blog eke......(me Mama)
Deleteමගේ blogs කියෙව්වයි කියලා මගේ තරහ නං යන්නෙ නෑ රජෝ!
Deletehttps://naveensandeepakumara.blogspot.com/2022/08/Education.vs.%20Learning.html
ReplyDeleteගියා. ප්‍රා ඒ විදිහට අලුත් බ්ලොග් ගැන ප්‍රචාරණය කරන එක ගොඩක් වටිනවා.
Deleteබලා ආවෙමි
Deletegiya
Deleteමමත් ගියා, අද. මේ ටිකේම හිටි ගමන් ලයිට් කපනවා විනාඩි පහක් විතරත්. එයින් පස්සේ යන්න බැරි වුණේ. අදත් දෙවෙනි සැරේට තමයි ගියේ.
DeletePra Jay මගේ හදපිරි මෙව්වා එක🥰🤗💆♂
Deleteබොල... අර බෂු වගේ ලිස්සලා යන post දාන්න එපා බොල😂
ReplyDeleteතව ලියන්න තිව්නනෙ...... ඩ්‍රැකී
තව ඉතින් ලියන්න වෙන්නෙ ක්‍රිෂාන්ත එරන්දක වගේ උදවියයි, අර පහළින් කියල තියෙනව වගේ උප සංස්කෘතියෙ ප්‍රතිඵලයි තමා. මට කම්මැළියි ලියන්ඩ. මං ලිව්වෙ එක්ස්ට්‍රීම් කොටස් ගැන විතරයි.
Deleteසීතලේ ගල් වෙලා
Deleteඩ්‍රැකී බොල් වෙලා
කොමිටල්,
Deleteගල්වුණේ සහ බොල් වුණේ
සීතලේ නම් නොව මලේ
ඇවිලිලා ගිය අරගලේ
ලියන අදහස් මොට කළේ
කපල් ඉන්නවා... බලද්දි ඇත්ත ජීවිතෙ බැඳපු අය නෙවෙ. කෝච්චියේම කාලයක් ගෙහුං සැට් වෙච්චි ඈයො. ලව් ඉලව්, හමුවීම් කොච්චියේ යන අතරතුරේ විතරයි.
ReplyDeleteඔව්. තව උප කණ්ඩායම් තියෙනව, කෑම බීම එහෙම අරං ඇවිත් බෙදා හදාගෙන කන...
Deleteතව කට්ටිය ඉන්නව ශිෆ්ට් එකට වාඩි වෙලා යන. ඒ කියන්නෙ කොටුවෙ ඉඳන් වාඩිවෙලා එන උදවිය රාගමින් වගේ නැගිටලා අනික් උදවියට වාඩි වෙන්න දෙනව. ඕක සිද්ධ වෙන්නෙත් අර කිව්ව වගේ උපකණ්ඩායමේ සාමාජිකයන් අතරෙ විතරයි.
මහව වගේ ට්‍රේන්වල නං ඉඳගෙන උනත් හිටගෙන උනත් 304, ඕමි වගේ ක්‍රීඩා කණ්ඩායම් එහෙමත් තියෙනව.
කෑම දීලා රවටගත්තු හැටි මේ දෙයියෝ
Deleteස්ටේෂ්න්වල කෙකර ගාති අනියම් බිරියෝ
කෝච්චියේ පවුල් කාපූ තනිකඩ නමියෝ
හමුවෙනකම් බලන් ඉන්නේ උන්ගේ සැමියෝ
කවි කුසුමක් වෙලා තියෙනව කොමිටලයා
Deleteකෝච්චියත් සමාජයෙම පැතිකඩකි
හැම වර්ගෙම උදවියගෙන් පිරී ඇත
පැත්තක ඉඳ බලං ගියොත් රසවත්ය
කෝච්චියේ පවුල් කාපූ තනිකඩ නමියෝ// - යකූ දැක්කා වගේ බේගල් ඇදබාන හැටි.... මේ කොමිටල් ඩැකිය
Deleteපැත්තක ඉඳ බලං ගියොත් රසවත්ය// - ආන්න මසුරං කතාව..... ඩැකි
අපිනං දන්නෙ කෝච්චියෙ හිටං කවි ලියන ඉංග්‍රීසි ස' කෙනෙක් ගැන තමයි. කවි ලියන අතරෙ ඔය වෙන වෙන සීනුත් වෙනව කියල තමයි ඒ කෝච්චියෙ යන අය නං කියන්නෙ.
ReplyDeleteහූම්ම්... ඒ විස්තර නං වැඩිහරිය තියෙන්නෙ ෆේස්බුක් එකේ තමා. ඇත්තම සිද්ධි ටික කියන්නෙ අර ප්‍රියසාදුයි ජැක් ස්පැරෝයි තමා.
Deleteඅපිනං දන්නෙ කෝච්චියෙ හිටං කවි ලියන ඉංග්‍රීසි ස' කෙනෙක් ගැන....hummm...hum
Deleteකෝච්චියේ හිටං
Deleteසර් කවි ලියං
අස්සේ නයි පටං
දැක දැන් හුටං
කෝච්චියෙ හිටං කවි ලියන ඉංග්‍රීසි ස' දැන් blog liyanna හොර ගෙඩියා
Deleteඔවු ඔවු ඒ අහ වල් ස' තමයි. අර ස්කිනි ඩිපිංද මොකක්ද මගුලක් කරන්න ගිහිල්ල එකපාරක් ගමේ කොල්ලො සෙට් එකක්ගෙන් අම්බානක කාල ආව පොර.
Deleteමං මේකෙ ලිංක් එකක් ෂෙයා කළා උට. බලමු දකියි ද කියල...
Deleteඌ දකින්නෑ. දැක්කත් අපිට රෝස්පාං යැ.
Deleteu facebook eke නිදි
Deleteවිසිතුරු චූල උදවිය ඇත හැම තැනම
ReplyDeleteහමුවෙයි; පෙනෙයි; නොදැනෙයි අපි හැමෝටම
දැක්කට මදිය, බලතොත් පෙනෙනව මහිම
එතකොට හිතෙයි ජීවිතවල හැටි අරුම!
ගියාට හැමදා නිදි කෝච්චියේ
Deleteවිසිතුරු අගනුන් ඇති දුම්රියේ
අනංග සර යනවාලු පෙට්ටියේ
හිටියේ නිදාගෙනද ඔබ මැදිරියේ
චූල උදවියක්ය කියා කීවාට
Deleteයාචකයන් වගෙම ආතලයන් ද ඇත
සම්පත් බෙදී යාමේ ඇති අසම බව
මිනිහාගේ උස් මිටි කම් තනා ඇත
කොමිටල් ඩ්‍රැකී,
Deleteගමන පටන් ගෙන සතියෙන් දෙකෙන් වගේ
මිතුරු- මිතුරියන් හැදුණා හරීම අගේ
දුරස් වුණා, අපි ජීවිත ගමන් මඟේ
fb එකෙන් හමු වෙච්චම පෙනුණෙ රඟේ!
කෝච්චියේ යන එක දුර්ලභ දෙයක් නුවර ඉන්නකොට. කෙටි කාලයක් කොලඹ ඉන්නකොට සෑහෙන දුම්රිය ගමන් ගොඩක් යන්න ලැබුනා. කැමතිම transport medium එකක්. මං නම් කැමති පාඩුවේ වටපිට බලමින් යන්න.
ReplyDeleteඑහෙම තමා ජැක්සන්ලා..
Deleteඇත්ත. මගෙත් ලේවලට කා වැදුණු දෙයක් දුම්රිය. රාජ්‍ය සේවයේ ඉද්දි අපේ තාත්තා, හැම වාරෙකම අම්මගෙ ගමේ අපිව එක්කරං ගියෙ දුම්රියෙ. අදටත් වෙන මාධ්‍ය තිබුණට දුම්රියෙ යන්න තමා ආසාව. හැම පැත්තකම, ඊට ම ආවේණික දේවල් තියෙනව දුම්රියෙ යද්දි බල බලා යන්න. බදුලු, බණ්ඩාරවෙල, නානුඔය පැත්තට යද්දි තියෙන ස්වභාව සෞන්දර්යය. වේයන්ගොඩ, පොල්ගහවෙල පැතිවල තියෙන විශාල කුඹුරු යායවල්. කොල්ලුපිටිය පැත්තට යද්දි මුහුද සහ යටත්විජිත සමයේ ගොඩනැගිලි...
Deleteකොමිටල්,
මං හිතන්නෙ ජැක්සන් කෙනෙක් නෙවෙයි මේ, ශෙනායා ට්වේන් කෙනෙක්...
කොළොම්පුරයාට ඔය කෝච්චියේ ගායකයින් හමුවී ඇත්තේ බොහෝ අඩුවෙන්.. විදිගායක ගායිකාවන්ට යම් තැනක් අපේ සමාජයෙන් ලබා දෙන්නට ආර් ප්‍රේමදාස මහතා කරපු "මාවතේ අපි" වැඩසටහන බොහෝ උපකාරී උනා. කොළොම්පුරයාත් මේ වැඩසටහන රූපවාහිනියෙන් නරඹලා තියේනවා. මා හිතන්නේ ප්‍රේමදාස මහතා මියයනතෙක්ම ඔවුන්ට ගම් උදාවේ හා අනෙකුත් සංගීත වැඩසටහන් වලට අවස්ථාව ලැබුනා.
ReplyDeleteඑයාලට මහල්නිවාස ගෙවල් එහෙම දුන්නා එතුමා
Deleteඅසංග සහ කොමිටල් කියන දේ ඇත්ත. ගොඩක් සුභසාධන පැත්ත සකස් කරලා දුන්නා ප්‍රේමදාස ජනාධිපති. නමුත්, ඔවුන්ට හුරු වී තිබූ ජීවිතය සහ ජීවිකාව ඔවුන්ට අහිමි වුණා. අර ක්ලැරන්ස් කියන්නෙ ඒ පැත්ත ගැන.
Deleteමාවතේ අපි කණ්ඩායම් ගොඩක් හැදුණු නිසා අගයත් ටිකක් පිරිහුණා.
Deleteමට ඒ ගැන තියෙන්නෙ නිකම්, ඡායාවක් වගේ මතකයක් විතරයි.
Deleteathe tibunoth kiyak hari denawamayi sindu kiyana ayata
ReplyDeleteකලන කලට පිං මිරිය මීසේ
Deleteලැබෙයි ඔහෙට බෝනස් ඕසේ
Bokka.....komi....ela....
Deleteමෙන්ඩා,
Deleteඔය ගැන අපේ යාලුවෙක් මට දෙවතාවකදි තර්ක දෙකක් ඉදිරිපත් කළා.
එකක් තමා සම්පත් බෙදී යාමේ විෂමතාව. අපි හැමෝටම මේ ලෝකයේ තියෙන සම්පත් සමානව හිමි විය යුතු වුණාට, යාචකයන් ඔවුන්ගේ කොටසුත් අපට භුක්ති විඳින්න ඉඩ හැරලා, අපි දෙන සොච්චමකින් යැපෙනවා.
අනික් අතට, සම්පත් බෙදී යාමේ විෂම බව පෝෂණය කෙරෙනවා, යාචකයන් පෝෂණය කිරීමෙන්. ඒ මගින් ධනවාදය පවත්වාගෙන යන්න අනුබල ලැබෙනවා.
කොමිටල්,
මං ගැනත් කවියක් කියකො.
ela...macho....ela da BRA post ekak
ReplyDeleteat 9:59 AM
Deleteඩැකියානිට බ්‍රා එකක් එවපං
ලියහංකො හෙරොයින්...
Deletesinhala gihin (sinhala naha)
Deleteටෙක් සයුර කියල මලයෙක් ඉන්නව, උගෙන් අහපන් කරන්ඩ ඕනෙ දේ... https://www.techsayura.com/
Deleteඑහෙම අහගන්නවකෝ මෙන්ඩො!
Deleteuta masage ekak thibba
Deleteඌව අල්ලගන්න එක ලේසි වෙන්නෑ හිටං.
Deleteප්‍රසෝ, බොලගෙ ගමේ එකා වෙච්චි. උගෙ නම්බරෙයක් හොයල දියංකො මෙන්ඩට.
Deleteඩැකියානිට බ්‍රා එකක් එවපං
ReplyDeleteලස්සන ලිපියක්. කොච්චිය කියන්නෙ වෙනම උප සංස්කෘතියක්. නානාප්‍රකාර චරිත ඉන්නවා. ඒ වගේම කතන්දර තොගයකුත් තියනවා. ඔය උඩ කමෙන්ට් වල ටිකක් කියල තියනවා වගේ, දන්නෝ දන්නවා.
ReplyDeleteකමෙන්ට් එකේ ශෛලිය අනුව හිතන්න පුළුවන් බස්සා වෙරි බිසි කියලා මේ දවස්වල?
Deleteමා නොදන්න ඔබම දන්න
ReplyDeleteඔබ නොදන්න මා පමනක් දන්න
රහස් ඇතිය සිත්වල සගවන්න
ea monawada ban?
Deleteකොමිටලයා ඇහැරලා
Deleteමගුලක් ඇත පවසලා
මෙන්ඩ ඒක කියවලා
උතුර දකුණ පැටළිලා
දවසක් නැග්ගා ගායකයෙක් ස්පීකරයකුත් එක්ක. හොඳ ජැන්ඩියට ඇඳ ගත්තු තරුණ කොල්ලෙක්. සන්ග්ලාස් දෙකකුත් දාලා හිටියෙ, සාක්කුවෙ මොබයිල් ෆෝන් එකකුත් තිබුනා. මිනිහා බොහොම ආඩම්බරෙන් සින්දු බර ගානක් කිව්වා. අසරණ කතා අරවා මේවා මුකුත් නෑ. මම හිතන්නෙ පොර ඒක කරන්නෙ රස්සාව හැටියට, ඒක බොහොම ආඩම්බරෙන් කරණවා. ගායනයත් සුපිරි. අපේ මේ සමහර ගායකයො කියා ගන්න එවුන් පඩ කෑලි නේද කියලා හිතුනා..
ReplyDeleteඑහෙම උදවියත් ඉන්නව සෙන්නා. ලස්සනට ම ගායනා කරන අන්ධ කොල්ලෙක් මං දැකල තියෙනව. එයත් එන්නෙ හොඳට ඇඳලා, ෂර්ට් එක යට කරලා, සපත්තුත් දාලා. "මේ තරම් සියුමැලිද කළුගල්" කියනවා සුනිල් ගවස්කාර්ට වඩා හොඳට.
Delete:D
Deletetest
ReplyDeleteT/20
Deletetest
Deleteone day
Deleteඅපි කොළඹ හිටපු ගෙවල් පැත්තට ගායකයෙක් එනවා ප්‍රියා සූරියසේන ගේ සින්දු විතරක් කියන්නේ. පොර එනකොට කොල්ලෝ රැස් වෙන්නේ ආං ප්‍රියා එනව කියල. ඩ්රකි ගේ අයියා ක්ලැරන්ස් ද? මගේ ප්‍රියතම ගායකයෙක් තමා ඉතින්. ඕන වෙලවක අහනවඒ සින්දු.
ReplyDeleteමගෙ නමත් විජේවර්ධන නිසා ක්ලැරන්ස්ට ලොකු අයියා කියනව මිසක් වෙන නෑදෑකමක් නං නෑ. මාත් එයාගෙ සිංදු සහ සංගීතයට ගොඩක් ප්‍රියයි. ක්ලැරන්ස්, ප්‍රියා සහ මරියසෙල් ගේ ගීතවල බොහොමයක් සංගීතය ක්ලැරන්ස් ගෙ.
Deleteඉන්බොෂ් බල්හම්.......
ReplyDeleteබෑ...!
Deleteවැඩියෙ කෝච්චියේ ගිහින් නෑ නෙ. 😪
ReplyDeleteමොනවා උනත් අපේ සමාජයේ ලොකු හරස් පැතිකඩක් බලාගන්න පුලුවන් නේද ඩ්‍රැකී🤔
ලංකාවේ කෝච්චියක ගිය කාලයක් මතක නෑ බං ... දවසක් අමරදේවගේ තරු අරුන්දතී සින්දුව බස් එකේදී කොල්ලෙක් කිව්වා .. අවුරදු 15කට විතර කලින් වෙන්න ඇති .. මට ඒ සිංදුව ඇහෙදිදී තාම ඒ කොල්ලව මතක් වෙනවා .. පට්ට සිරා
ReplyDelete