මේ ජීවීන් විශ්වාස කරන බොහෝ දේ තිබෙන අතර, ඒවා හැම එකක් ම වාගේ ඇත්තට ම නොපවතින, එහෙමත් නැත්නම් පවතින බව තහවුරු කරගන්නට බැරි කාරණා වේ. ඒ වගේ ම ඒවා කීපයක් එකට පටළැවී, එකට ක්‍රියාත්මක වෙන දේවල් ය.
එයින් ලොකු ම එක වන්නේ, අයිතිවාසිකම් ය. මේ ජීවීන් විශ්වාස කරන්නේ, හැම ජීවියෙකුට ම මේ ග්‍රහලෝකය මත ජීවත් වෙන්නට අයිතියක් තියෙනවා කියා ය. එහෙම උනත්, බුද්ධිමත් ජීවීහු උන්ගේ උවමනා එපාකම් අනුව අනික් ජීවීන් උපද්දවීම, පවත්වාගෙන යාම සහ මරා දැමීම කරති. ඒ වගේ ම නීති සහ ආගම් නමින් හඳුන්වන විශ්වාසයක් මගින් ඒ චර්යාවන් පාලනය කරන්නේ නැති නම්, බුද්ධිමත් ජීවීහු ම තම තමන් ම මරා දැමීම කරති.
මේ විශ්වාසයේ තවත් පැත්තක් වන්නේ, හැම බුද්ධිමත් ජීවියෙකුට ම මේ ග්‍රහලෝකය මත තියෙන දේවල් සමානව අයිති බව ය.
අයිතිවාසිකම් කියන විශ්වාසයේ භාවිතය මේ කාරණාවේ දී වැදගත් වේ. මේ විශ්වාසය භාවිත කරන්නේ පාලකයන් කියනා කොටස ය. අනික් බුද්ධිමත් ජීවීන් සමූහයක්, දහස් ගණනකටත් වඩා වැඩි පිරිසක් එකමුතු , තමන් ගේ නායකත්වය යටතේ එක ඉළක්කයක් කරා මෙහෙයවන්නට පාලකයන්ට මේ විශ්වාසය උපයෝගී වේ. ජීවීන්ගේ අයිතිවාසිකම් රැක ගන්නට සහ දියුණු කරන්නට ඇති උවමනාවක් පෙන්වමින් පාලකයන් බවට තමන් පත් කරවීමට මේ නායකයෝ අනික් ජීවීන් මෙහෙයවති.
එහෙම පත්වන නායකයන්, අනික් බුද්ධිමත් ජීවීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන නමුත්, වඩා උනන්දු වන්නේ පාලකයන් හැටියට තමන්ගේ සැප පහසුව සහ පරිභෝජනය මනාව පවත්වාගෙන යාම ගැන ය.
ඒ වගේ ම මෙතනට සම්බන්ධ වෙන තවත් විශ්වාසයක් වන්නේ සීමා ය.
මේ ග්‍රහලෝකයේ බුද්ධිමත් ජීවීන් වාසය කරන්නේ ගොඩබිම ප්‍රදේශවල පමණි. ඒ ගොඩබිම ප්‍රදේශ බුද්ධිමත් ජීවීන් විසින් රටවල් යැයි මායිම් නියම කරගෙන වෙන් කර ඇත. ඒ රටවල් පාලනය කරන්නට රාජ්‍ය කියා ජාතියක් ඇති අතර, ඒ රාජ්‍යවල ඉන්නා බුද්ධිමත් ජීවීන් කාලෙන් කාලෙට තම තමන් දරණ විශ්වාස අනුව තම තමන්ගේ නායකයන් පත් කර ගනිති.
ඒ වගේ ම අසල්වැසි රටවල් සමග විටින් විට යුද්ධ කියා ජාතියක් කරති. එතන දී අර මුලින් සඳහන් කරන ලද අයිතිවාසිකම් ගැන කිසිදු තැකීමක් නොකර, එකිනෙකා මරා ගනිති. ඒ විදිහට මරා ගන්නට පවා බුද්ධිමත් ජීවීන් පොළඹවන්නට අර කියන ලද විශ්වාසයන් ඉවහල් වේ. ව්‍යාප්තවාදය, බෙදුම්වාදය, ජාතිකත්වය, වාගේ විශ්වාසයන් මෙසේ කණ්ඩායම් මෙහෙයවීමට භාවිත වෙන අතර, මේවාත් අර මුලින් කී අයිතිවාසිකම් නම් විශ්වාසයේ ම අතුරු කොටස් වේ.
ජන වර්ග කියා විශ්වාසයක් ද පවතින අතර, එය මුල් කරගෙන අර ඉහත කී ජාතිකත්වය, ව්‍යාප්තවාදය හා බෙදුම්වාදය කියනා විශ්වාසයන් ක්‍රියාත්මක වෙයි. මේ ජන වර්ග කියන්නේ, බුද්ධිමත් ජීවීන් විවිධ කොටස්වලට බෙදනා ක්‍රමයකි. හැම බුද්ධිමත් ජීවියෙක් ම උපතින් ම එකිනෙකාට සමාන වන අතර, ඔවුන්ගේ වැඩිහිටියන් විසින් ඉහත කී විශ්වාසයන් අනුව තම තමන් වර්ගවලට බෙදා ගනිති.
මේ කියන වර්ග බෙදෙන්නේ තර්කානුකූල ලක්ෂණ අනුවය. ඔවුන් කතා කරන භාෂාවල ඇති වෙනස්කම්, ආගම් කියනා විශ්වාසයන්ගේ වෙනස්කම්, සිරිත් හා පුරුදුවල වෙනස්කම් ආදී ලක්ෂණ අනුව ඔවුහු තම තමන් වර්ග වලට බෙදා ගනිති. බොහෝ විට මෙසේ බෙදීමට යොදාගැනෙන්නේ ඉතා සුළු විශ්වාසයන් ය. උදාහරණයක් ලෙස, සමහරෙක් සත්ත්ව මළ සිරුරු ආහාරයට ගන්නේ, එම මළ සිරුරුවල ලේ ඉවත් කිරීමෙන් පසුව වන අතර, තවත් සමහර ජන වර්ගයන් සත්ත්ව මළ සිරුරු ආහාරයට ගන්නේ ම නැත.
එහෙම වුණත්, ජන වර්ගයක සියලුම සාමාජිකයන් මේ හැම සිරිතක් ම පුරුද්දක් ම අනුගමනය නොකරති. හැම ජන වර්ගයකම වාගේ, ඊට අදාළ රීති හා සිරිත් අනුගමනය නොකරන සාමාජිකයන් දැකිය හැකි වේ.
ධනවාදය, සමාජවාදය වගේ විශ්වාසයන් ද රාජ්‍යයන් පාලනය කරද්දී භාවිත වෙන නමුත්, ඇත්තට ම ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ පාලකයන් තමන්ගේ පැවැත්ම ස්ථාවර කර ගැනීම විතරකි. තමන් මෙහෙයවන කණ්ඩායමේ පැවැත්ම හෝ අර මුලින් කියන ලද අයිතිවාසිකම් ගැන තැකීමක් පාලකයන් හට නැත.
ආගම සහ නීතිය කියා විශ්වාසයන් වර්ග දෙකක් ද ඇත. මගේ පහුගිය වාර්තාවේ කියූ අර කාකි ඇඳුම් අඳින රක්ෂා කරන්නෝ මෙයින් නීතිය කියනා විශ්වාසය පවත්වාගෙන යන උදවිය ය. කහ, තැඹිලි හෝ ගුරු පාට නැත්නම් සුදුපාට නිල ඇඳුම් අඳින රක්ෂා කරන උදවිය ආගම් කියනා විශ්වාසය අනික් ජීවීන් අතරේ පවත්වාගෙන යති. මේ දෙකෙන් ම අර ඉහත කී පාලනය කරන ජීවීන් ගේ කාර්යය පහසු කරවන්නේ ය.
ආගම සහ නීතිය කියන්නේ බුද්ධිමත් ජීවීන් සෙසු බුද්ධිමත් ජීවීන් අතරේ හැසිරිය යුතු ආකාරය ගැන ය. ඒත් ඒ ආකාරයට පාලනය කරන උදවිය හැසිරෙන්නේ නැත. ඔවුන්ට තම තමන්ට උවමනා හැටියට හැසිරීමට හැකි අතර, ඒක ප්‍රශ්න කරනවා වෙනුවට බොහොමයක් බුද්ධිමත් ජීවීන් කරන්නේ ඒ හැසිරීම් සාධාරණීකරණය කිරීමය. පාලකයන් හට පාලනය කිරීමට පහසුවන ආකාරයට බුද්ධිමත් ජීවීන් හසුරවීම සහ හික්මවීම නීති මඟින් සිදු වේ. ඒ වාගේ ම පාලකයන්ට එරෙහිව නැගී සිටින බුද්ධිමත් ජීවීන් මෙල්ල කිරීම සහ මර්ධනය කිරීම ද එහි තවත් කාර්යයකි.
ආගම්වලින් මීට අමතරව බුද්ධිමත් ජීවීන්ට එළඹෙන හිරිහැර සහ දුක්ඛිත ජීවිත ගැන ඔවුන්ගේ හිත හැදීම සහ ඉවසීම ඇති කරවා දී පාලනයට එරෙහිව ඔවුන් නැගී සිටීම අධෛර්යවත් කරමින්, පාලකයන් ගේ කටයුතු පහසු කර දීම ඉටු කරයි.
ඇත්ත කියා විශ්වාසයක් ද මේ ජීවීන් අතර ඇත. ඔවුන් එය තදින් විශ්වාස කරන අතර, එම ඇත්ත ඔවුන්ට ලැබෙන්නේ බෝහෝ විට වෙනත් කෙනෙක් ලබා දෙන තොරතුරක් හැටියට ය. මාධ්‍ය කියා දෙයක් ඇත. එය කඩදාසි මත අච්චු ගහන ලද්දක් හෝ විද්‍යුත් සන්නිවේදන ක්‍රමයකින් හෝ තොරතුරු ලබා දෙන ක්‍රමයකි. මේ මාධ්‍ය තමන් දෙන තොරතුර තමන්ගේ විශ්වාසයේ හෝ අරමුණේ හැටියට සකස් කර ලබා දුන්නත්, බුද්ධිමත් ජීවීන් විශ්වාස කරන්නේ ඒ තොරතුරු ඇත්ත කියා ය.
මේ හැටියට බලන කොට මේ බුද්ධිමත් ජීවීන් ජීවත් වෙන්නේ විශ්වාස ගොඩක් අනුව හැඩ ගස්සවන ලද ජීවිතයකි. ඉපදීම, පරිභෝජනය, පැවතීම, බෝ කිරීම සහ මිය යාම කියනා කාරණාවලින් ඔබ්බට ගියපු යම් කිසි තේරුමක් මේ ජීවිතයට ඇතැයි කියා ද ඔවුහු විශ්වාස කරති. ඉතා ම බහුතරයක් මේ විශ්වාසවලින් ම මෙහෙයවෙන අතර, ඉතා ම සුළුතරයක් මේ විදිහට ජීවීන් තුල තියෙන විශ්වාසවල වාසිය රැගෙන තමන්ගේ ජීවිත සැප පහසු කරගනිති.
පසුගිය වාර්තා.
හෙටේඤ්ඤං
ReplyDeleteබාලගිරි னයා.
Deleteහෙට්ට මුල්ල ඉඳල කියවන් එන්ටම්...
ReplyDeleteමේ වාර්තාවෙ කොණක් හෙට්ටිමුල්ලට ගෙනිච්චෙ කවුද බොලේ?
Delete😄 🙈.......
Deleteආහ්... රිලවෙක් ද?
Deleteපිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස දැකල කියෙව්වම තමයි මුලිං ඒව කියෙව්වෙ.
ReplyDeleteඅර නීති රස්සාවෙයි ආගං රස්සාවෙයි ඉන්න අයමත් ඒ කරන කියන දේ ගැන විශ්වාස...( එක්කො ඕන්නෑ. ඕව කියන්න ගිහිල්ල හම්බවෙන දෙකයි පනහ නැතිකරගන්නෙ මොටෝ)
මේ ලියවිල්ල අති විශිෂ්ටයි.
ඔබ වහන්සෙ හරියට හරි! විශ්වාසය උවමනා වෙන්නේ පාලනයට සහ හික්මවීමට ලක් වුණු උදවියට මිසක්, ඒවාට ඉහළින් ඉන්නා උදවියට නෙවෙයි. ඉතින් ඒ ඉහළින් ඉන්නා උදවිය තමන් දේශනා කරන සහ ක්‍රියාත්මක කරන දේවල් ගැන තඹයක්වත් විශ්වාස කරන් නෑ. ඒකනෙ කියන්නෙ කෝවිලේ පූසාරිට කෝවිලේ කැත කරන්න අවුලක් නෑ කියලා.
Deleteපිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස දැකල කියෙව්වම තමයි මුලිං ඒව කියෙව්වෙ.
ReplyDeleteඅර නීති රස්සාවෙයි ආගං රස්සාවෙයි ඉන්න අයමත් ඒ කරන කියන දේ ගැන විශ්වාස...( එක්කො ඕන්නෑ. ඕව කියන්න ගිහිල්ල හම්බවෙන දෙකයි පනහ නැතිකරගන්නෙ මොටෝ)
මේ ලියවිල්ල අති විශිෂ්ටයි.
ඔබ වහන්සෙගෙ කමෙන්ට් එකක් දැක්කෙ ගොඩ කාලෙකින්.
Deleteඔය සත්ව වර්ගය හැමදේටම ලිංගිකත්වය ආරෝපනය කරනවා. වාහන, දුරකථන, ලැප්ටොප් වලට පවා.
ReplyDeletehttps://takelessons.com/blog/french-vocabulary-masculine-feminine-z04#:~:text=How%20do%20you%20know%20when,la%20or%20une%20are%20feminine.
Deleteඒක පරිණාමීය ලක්ෂණයක් නේද ජගත්?
Deleteස්තූතියි ප්‍රාජේ. හදිසියෙන් කියෙව්වෙ.
Deleteකියෙව්ව හිටං. මං මේකට මොකුත් කියල විද්වත් පඬි னයෙක් වෙන්න ඕන නෑ මං හිතන්නෙ.
ReplyDeleteමේක විද්වත් පඬි ලියවිල්ලක් නෙමෙයි යකො (නෑ වරදුනා, නයො)
Deleteපසුගිය වාර්තා හිට කියෙව්වෙමුය. පිට සිට ඇතුල බැලීමත්... හොඳ වැඩක්ම්හ.
ReplyDeleteඔව්. එහෙම බලනකොට තමා හරියට ම පේන්නෙ.
Deleteවිශ්වාසය නිදන් කෙරුව හිතක් බිඳුණු පසු
ReplyDeleteකල්පයක්ම සොයා ගීයත් නොවේ කිසිම ඔසු
කියනා ගී දෙපද එදා ඇසුවායින් පසු
අදත් මතක් විණි ඔබගේ ලිපියෙන් රස මුසු
කලින් දෙකත් කියවන්නට ගියෙමි එයින් පසු
පුදුමෙ කලින් ඒවා මට වෙලා නැහැනෙ අසු
කොහොම නමුත් මොළේ ඇතිව අන් ජීවීන් නැසු
නැණවත් ජීවියා, නසයි තම වරිගෙම සෙසු!
කාලීනව ලියා තිබුණි පොඩි සෑමා
Deleteඑහෙම ලියන්නට හිතුණා එ'දුටු මෙමා
මෙතරම් දේ තේරුණෙ ලියවෙද්දි තමා
සෑමට මගේ ආචාරය පුදමි මෙමා
මේන්.. ඩ්‍රැක්ස් හා චාල්ස්ගෙ ගැන වාර්තාවක්....
ReplyDeleteසැබෑ ලෝකයේ ඩ්‍රැකියුලා වන්නේ.. වැලඩ් ද ඉම්පාලර් සිටුවරයායි. ජනප්‍රිය කෙටි නම ඩ්‍රැකියුලායි. ඔහුගේ බලකොටුව පිහිටා තිබෙන්නේ රොමේනියාවේ ට්‍රාන්සිල්වේනියානුවේ, විස්ක්‍රී ගමේය. "ජාන අනුව මම පැවතගෙන එන්නේ වැලඩ් ද ඉම්පාලර්ගෙන්. ඒ නිසා මට මේ රට සම්බන්ධයෙන් පොඩි අයිතියක් තියෙනවා" චාල්ස් තමා හා ඩ්‍රැකියුලා සිටුවරයා අතර සම්බන්දතාව හෙළි කළා. ඒ වගේම ඔහු ඩ්‍රැකියුලා බලකොටුවේ නව අයිතිකරුවා ද වේ. (2011)
වැලඩ් ද ඉම්පාලර් කියන්නෙ කවුද බංස්?
Deletehttps://drackey.blogspot.com/2015/08/dracula-historical-figure.html
හොඳයි ඉතින් මිනිස්සු හැටියට අපි ඉතිං හෙන ගොං හරිම ප්‍රාථමිකයි නේද?
ReplyDeleteමේ හැමදේම කාලා බිලා මැරිලා යන්න නේද කියල කල්පනා උනාම විකාර වගේ😑
හිතන්ඩෙපා නවින්. අවබෝධයෙන් ජීවත් වෙමු. අපි උපයන දේ උරුම කර දීලා යමු.
Deleteමට මග ඇරුන පොස්ට් එකක්
ReplyDelete