අපි පොඩි කාලේ, සංගීත වේදිකාවේ උන් වීරයා නිහාල් නෙල්සන් ය. කුඩා සිරුරක් තිබුණ ද, තමන්ගේ ගීතය ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීමෙහි දී ඔහු පෑවේ අපූර්ව දක්ෂතාවකි. ඔහු එය කළේ ආයාසයෙන් නොවේ. ඒ ඔහු තම ගීතය රසවිඳි ආකාරය ම ය. විශේෂයෙන් ඔහුගේ මයික්‍රෆෝනය අතින් අතට මාරු කිරීම, අත වටා කරකැවීම ආදී ඇක්ෂන් අපි කුඩා උන් ලෙසට බලා සිටියේ මවිතයකිනි.
අපි ගැටවර වියට එළඹෙන කල, නිහාල් නෙල්සන් තුළ පැවති අව්‍යාජ කතිකත්වය සහ සියලු දෙයෙහි සුභවාදී පැත්ත හුවා දැක්වීම මා හට නිරීක්ෂණය විය. ඔහු වේදිකාවට නැඟ, ඔහු හඳුන්වාදුන් නිවේදකයා, සංගීත කණ්ඩායම, අනුග්‍රාහක ආයතන, සංගීත සංදර්ශනය පවත්වන ප්‍රදේශයේ ජනතාව මෙන් ම විකාශය කෙරෙන රූපවාහිනී නාළිකාව ද නොමද අගැයීමකට ලක් කරයි.
මේ ඊට උදාහරණයකි...
බයිලා යනු උසස් රසවින්දනය නොවේ යැයි බෙදීමක් පැවති කාලයක මතු වී, "ඇරපං කරාමේ - මේක අපේ පයිප්පේ" "මම දැම්මෙ පොල් එකයි - පොල් එකයි" වැනි ගීත ගයන්නට ඔහු තුළ තිබූ එඩිතරබව හෝ, ප්‍රබුද්ධ / පීචං බෙදීම ගණන් නොගැනීම ද අයෝමය ගතියක් ලෙස පෙනේ.
"එයාලා කියන ගීත ප්‍රබුද්ධයි - අපි කියන ගීත පීචං" යැයි ජෝතිපාල කියද්දී, "එයාලා ගයන ගීත ප්‍රබුද්ධයි නං අපේ ගීත සුප්‍රබුද්ධයි" යැයි කියන්නට ආත්ම විශ්වාසයක් මේ කුඩා මිනිසා තුළ පැවතුණේ ය.
ඔහුගේ ගීතවලින් වැඩිහරිය සමාජයේ පැවති යම් යම් කොටස් ස්පර්ෂ කරවන නිර්මාණ වීම ද තවත් විශේෂත්වයකි. "මේ කුඩු අත් ඇරියේ නැත්නම් මගෙ රට කුඩේ කුඩු" / "එපා එපා මස් කන්නට කිරි අම්මාගේ" / "මවු මහිමය මතු කොට" (දරුවන් විදේශයට විකිණීම ගැන) ආදී නිර්මාණවලින් සමාජ ප්‍රශ්න ගැන ද සඳහන් කරමින් ඔහු විශ්වාස කළ හැටියට සමාජයේ ගමන වෙනස් කිරීමට වෑයම් කළ බව ද පෙනේ.
එසේම, ඔහු ගීත වැඩිහරියක් මඟින් සමාජයේ මතුපිටට ඉස්මතු නොවන පහළ සමාජ ස්තර පිළිබඳව ද කතා කරයි. විශේෂයෙන් ඔහුගේ "ගුණෙ අයියගෙ කාමරේ" යනු විචිත්‍ර නිරූපණයකි.
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ //
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ //
සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ.......
ගුණේ අයියගේ කාමරය සියලු දෙනා ට නිර්බාධව වවෘත ස්ථානයකි. විනෝදාස්වාදය පතා එයට ඇතුල් වන උදවියට අවශ්‍ය විය හැකි සියල්ල එහි ඇත. "මස්කට්, පැණි බූන්දි" ආදිය ප්‍රිය වන්නේ මත්ලෝලීන්ට ය. (නිදි ඒ ගැන යම් සඳහනක් කර තිබුණා)
ගුණේ අයියගේ කාමරයට විවිධාකාර චරිත ඇතුල් වෙති. සමහරුන් කැපී යන අතර, දළ කාරයෝ නිර්ලෝභීව මුදල් වියදම් කරති.
අවසාන අන්තරා කොටසින් කියවෙන්නේ ගුණෙ අයියගේ ඇති සෘජු ගති ගුණ සහ හොඳ හිත ගැනය.
මෙකී සියලු නිර්මාණ අතර, මා කුඩා කල සිට ම හදවතට පිහි පාරක් මෙන් ඇණී ඇති එක් ගීතයක් වෙයි. ඒ "කරුණා සුවඳ තවරාලූ..." ගීතයයි.
මෙහි පදමාලාව නිහාල් නෙල්සන් සමඟ වර්නන් පෙරේරා විසින් ලියැවී ඇති අතර, තනුව නිහාල් නෙල්සන් ගේ ම ය. බයිලාවක් කිව නොහැකි තරම් ලයාන්විත සංගීතය ලාල් තේනබදු විසිනි.
ගායනය පමණක් ගත්ත ද, මේ ගීතයේ සමහර වචන, නිහාල් නෙල්සන් ආදරය කවමින් ඇද සුරතල් කරමින් ගායනා කරයි. එමතු ද නොව, මේ ගීතයේ දී නිහාල් නෙල්සන්ගේ වචන භාවිතය ද ඉතා උසස් වේ. ගුණෙ අයියාගේ කාමරේ ගැන කියද්දී ඊට සුදුසු වචන භාවිත කරන ඔහු මෙතැන දී, "හද පියුමේ" "උල්පත සැනසීමේ" "ඔබ මතු බුදු වී දහම් දෙසන විට මමත් නිවන් දකිනෙමි අම්මේ" වැනි ඉතා සුමුදු සහ අරුත් බර යෙදුම් භාවිත කරයි.
අම්මා ළඟ යම් යම් අවස්ථා වලදී අපි කවුරුත් පොඩි ළමයින් වෙමු. නමුත් අම්මා නැති කල...? අපේ ජීවිතවල දුෂ්කර අවස්ථාවල දී පෙර ලෙස දුවගෙන ඇවිත් අම්මා කියන්නේ කාට ද?
ජීවිතය කෙළවර වීම අනපේක්ෂිත වන්නා සේ ම, මේ ගීතයත් අවසාන පදයේ මැදක් හරියට එනතුරු ම සුපුරුදු රිද්මයෙන් ගැයී, එක වර ම අවසන් වෙයි.
ඒ වගේ අව්‍යාජ, සොඳුරු සංගීත ශිල්පියෙක් හැටියට අපි අද පෙන්වන්නේ කාව ද?
විශාල පෙරළියක් කළ, ගීත කැසට් සහ ගීත එකතු සියයකට වැඩි ගණනක් දායාද කළ, පුංචි යෝධයාහට සුව නින්දක් ප්‍රාර්ථනා කරමු.
බයිලා ගායකයෙක් කියන ලේබල් එකට ඔහු එතරම් කැමැත්තක් දැක්වුවේ නෑ. නිතරම ඇහුවේ "ලස්සනට පිපුන...", "කරුණා සුවඳ...", "කිරි දුන්නේ..." වගේ ගීත බයිල ද කියලයි.
ReplyDeleteඅපි පොඩි කාලෙ බයිල කියල හැඳින්නුවේ නෑ. කිව්වෙ "වේග රිද්ම ගායකයා" කියලා. නමුත් ඉතින් නිහාල් නෙල්සන්ගෙ බහුතරයක් ගීත බයිලා තමයි. ඒක ලැජ්ජාවට කරුණක් හැටියට පේන්නෙ නෑ. මොකද, ඒකත් සංගීත ශෛලියක්.
Delete//කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
ReplyDeleteමොකක්ද මේකෙ තේරුම?
සමහරවිට ඔය ගුණෙ අයිය කියන චරිතය, (පුතුනි මට සමාවෙන්න චිත්‍රපටියෙ) කතෝලික විරෝධියෙක් වෙන්ඩැති.
Deleteකොතයි කුරුසයයි දෙකම බෑ කියලනෙ මතුපිට අර්ථය. ඒ කියන්නෙ වචන දෙකක් නෑ, එකක් කියල තව එකක් කරන්නෙ නෑ කියන අර්ථය ගන්න පුළුවන්.
Deleteහරි හරි... පැහැදිලියි. ස්තූතියි ලිට්සීකර්
Deleteනුවන් ගුණවර්ධන වගෙම නිහාල් නෙල්සන් කියන්නෙත් මගේ ප්‍රියතම ගායක ලිස්ට් එකේ ඉන්න දෙන්නෙක්. නුවන්ගෙනං මම කැමති හින්දු සින්දු වලට.
ReplyDeleteනිහාල්ගෙ වේදිකාවෙ දාන ඇක්ෂන් ටික හින්දම එයා කැපිල පේනව. අනික ඩ්‍රමර් කෙනෙකුට සෝලෝ ප්ලේ කරන්න අවස්ථාවක් හම්බවෙන එකම සින්දුව තියෙන්නෙත් නිහාල්ගෙනෙ.
සෝලෝ ඩ්‍රම් සහ ලීඩ් පාට් සිංදුවලට ඒකතු වෙන්න පටන් ගත්තෙ "කාවඩි බයිලා" සිංදුවෙන් තමයි නේ? ඔය වගේ ම සෝලෝ ලීඩ් පාට් එකක් තියෙනව "ඔටෙල් කැලිෆෝනියා" එකෙයි, බ්‍රයන් ඇඩම්ස් ගෙ "එව්රිතිං අයි ඩූ" එකෙයි, අන්තිමට.
Deleteනිහාල් ගෙ ඇක්ෂන් නං මට හිතෙන්නෙ ම, එයා තමන්ගෙ සිංදුව රසවිඳින හැටි කියලා. කොහොමත් නිහාල් ගෙ සිංදුවල පට්ට නැගල යන ගතියක් තියෙනව. එව්වා කට ඇරල කියන්න පුළුවන්...
සිංහල ගීත සංස්කෘතියට විශාල දායකත්වයක් දුන් කෙනෙක්.
ReplyDeleteඒක ඇත්ත.
Deleteකාලයකට කලින් ඔය වගේ ම බ්ලොග් කමෙන්ට් ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් දුන්න කෙනෙක් හිටියා ඉයන් කියල. දැන් උන්නැහැත් පරිණත වෙලා, සීරියස් කමෙන්ට් විතරයි දාන්නෙ. (I really miss your jollyness dear)
ගුණේ අයියා ගැන පත්තරේ විස්තරයක් ගියා මතකයි. ඒ කාලේ එයාගේ කාමරේ සිංදු කරන අය නිතර යන එන තැනක් බවත් නිහාල් නෙල්සන් හා නුවන් ගුණවර්ධනත් එහි ආ ගිය බව සඳහන්ව තිබුණා.
ReplyDeleteදෙදෙනාටම සුබ ගමන් කියලා තමා කියන්න තියෙන්නේ ඉතීම් !
ඇත්තට? ගුණෙ අයියා සැබෑ චරිතයක් ද එතකොට? සමහරවිට නිදි රාළ යමක් දන්නව ඇති මේ ගැන...
Deleteමං හිතුව ඔහේල එ ගැන දන්නවා ඇති කියලා. බොහොම මෑතක ඒ විස්තර ගියේ මව්බිම පත්තරේ. ඒ මනුස්සයා තාමත් ඉන්නවා වෙන්න ඕන. රටගිහිල්ලා කරලා ආපු ටිකක් චන්ඩිවාගේ කෙනෙක්ලු.
Deleteහ්ම්... මම මොකවත් දැනං උන්නෙ නෑ ඒ ගැන. පහළ අජිත් අයියත් කියල තියෙනව. හොයල බලන්න ඔ්නෙ. ස්තූතියි
Deleteකරුණා සුවඳ තවරාලු මව් ගුණ ගී අතර ඉදිරියෙන්ම තියෙන අගනා ගීයක්. ඒ වගේමයි සත්ව කරුණාව වගේ පැත්තක් ගත්තොත්... එපා එපා මස් කන්නට කියන සිංදුවත්
ReplyDeleteඒක කිව්වහම මතක් වුණේ, දවසක් ජයවිලාල් විලෝගොඩ ලියල තිබුණා මෙහෙම දෙයක්...
Deleteමිල්ටන් මල්ලවාරච්චි ගේ "උම්බෑ කිය කියා මරණ බයේ" ගීතය අහපු ගොඩක් දෙනා හරක් මස් කෑම නතර කළා කියලා කිව්වට, ඇත්තට ම උනේ, ඒ ගීතය අහපු ගොඩක් දෙනා සිංහල ගීත අහන එක නතර කරපු එකයි...
මිල්ටන් පෙරේරාගේ නේ සින්දුව.
Deleteඅර කතාවේ වෙන යටි අරුතක් තියෙනවද දන්නෙ නෑ. ඒත් ඒක විකාර කතාවක් නෙ. ඒ ජාතියේ සිංදුත් හැදෙන්න ඕන.
ඔව් ඔව්. මටත් අර ධම්මික පෙරේරට වගේ වාසගම පැටළෙනව. වෙලාවකට සුනිල් එදිරිසිංහට සුනිල් ගවස්කාර් කියලත් කියවෙනව.
Deleteජයවිලාල් විලේගොඩ හරිම තියුණු ක්‍රිටික් කෙනෙක්. එයා විවේචනයට ලක් වෙන දේවල කිසිම හොඳක් නෑ. ඒකයි ඒ...
ජයවිලාල් විලේගොඩ මහතා කොච්චර තියුණු විචාර ලිව්වත් හරිම රසවත් විදිහටයි ඒවා ලිව්වේ. ඒ විචාර කියවන්නම ඒ කාලේ දිනමිණ පත්තරේ ගත්ත අයත් හිටිය, බදාදාට. මට මතක හැටියට එදාටයි දිනමිණේ සිනමා පිටුව තිබ්බේ.
Deletehttps://janeelaya.blogspot.com/2017/08/jayawilal.html
Deleteමේ තියෙන්නෙ පොඩි සඳහනක්... අපේ තාත්තා කියනව ඉස්සර ජයවිලාල් ගැන. පස්සෙ මට ඔහුගේ තෝරාගත් විචාර පොත කියවන්න ලැබුණා.
ඔය වගේ ම ලස්සන විචාර ලියපු කෙනෙක් හිටියා ලක්බිම පත්තරේ පටන් ගත්ත කාලෙ. නම මතක නෑ.
+++++++++++++
ReplyDeleteගොඩාාාක් ස්තූතියි...
Deleteඔහුගේ හැඟීම් ප්‍රකාශනයට මමත් හරි කැමතියි. මයික්‍රෆෝන් එකත් එක්ක දාන ඇක්ශන් වලට පිරිමි ලමයි කැමති වුනාට මටනම් පොඩි කාලෙ හිතුනෙ ඒක අනවශ්‍ය දෙයක් කියලා. සමහරවිට දැන් බැලුවොත් ඊට වෙනස් දෙයක් හිතෙන්න පුලුවන්.
ReplyDelete'කරුණා සුවඳ' ගීතය මට ඉතාම සංවේදී එකක්. ඒකට හේතුව අපේ තාත්තගෙ අම්මා තාත්තා හොඳටම තරුන කාලෙ හදිසියෙ නැතිවෙලා තියෙන්නෙ. තාත්තගෙ පැත්තෙන් අපිට ආච්චි අම්මා කෙනෙක් නැත්තෙ ඇයි කියලා අම්මාගෙන් අහලා දැනගත්ත හොඳටම පොඩි කාලෙ ඉඳන්ම මම තේරුම් ගන්න උත්සාහ කල දෙයක් තමයි තමන්ගෙ අම්මා නැති දුක තාත්තට කොයි විදිහට දැනෙනවා ඇත්ද කියන එක. වයසින් වැඩෙද්දිත් ඒ හැඟීම මගෙ හිතේ දිගටම තිබුනා. ඉතිං අපි ටීවී බලන කොට එහෙම ඔය සිංදුව යනකොට මම තාත්තා දිහා බලනවා තාත්තට දුක හිතිලද කියලා, විශේශයෙන්ම 'අම්මා කියන්නෙ කාටද අද අම්මේ' කොටස ඇහෙනකොට. නැත්නම් මම නැගිටලා යනවා සිංදුව ඇහෙන්නෙ නැති වෙන්න.
සිරස Voice Teens සීසන් වන් වලදි සුනිල් පෙරේරා උපහාර medley එකකුත්, Voice final වලදි වික්ටර් රත්නායක medley එකකුත් කලා නේද. ජීවත් වෙලා ඉන්නකොට එහෙම කල එක ලොකු දෙයක්. නිහාල් නෙල්සන් හා නුවන් ගුණවර්ධනටත් ජීවතුන් අතර නැති වුනත් එහෙම ගෞරවයක් දුන්නොත් හොඳයි.
මයික් එක එක්ක දාන ඇක්ෂන් එයාගෙ ඇඟෙන් ම එන දෙයක් මිසක් කැටයමක් නෙමෙයි කියල දැන් පේනව. මොකද, ඒක එයා මිය යනතුරු ම තිබුණා.
Deleteඔය අම්මා ගැන හැඟීම මටත් ඒ විදිහට ම දැනෙනව. අපි පොඩි කාලෙ දඟ කරද්දි, අපේ අම්ම අපේ අයියටයි මටයි කිව්වා, (ඒ වෙලාවෙ ඔය සිංදුව රේඩියෝ එකේ යනව.) "ආන්න ඇහෙනවද? ඔය අම්ම නැති කාලෙක පුතාට දැනෙන දේ කියන්නෙ..." කියලා. අම්ම නැති වුණාම මට ඒ විදිහට ම ඒක දැනුණා. මේ ළඟ දි ඔ්ක ඇහෙනකොට ඇස් දෙකෙන් කඳුලුත් ආවා.
කොහොමත්, සමහර පීචං යැයි සම්මත සංගීත කාරයො ඉන්නව, මැරුණට පස්සෙ අගැයීමට ලක් වෙන. ජෝතිපාල ඒ විදිහෙ කෙනෙක්. සමහරු ඉන්නව මැරුණට පස්සෙවත් අගැයීමක් ලැබෙන් නැති. සමහරු ඉන්නව ඒ අයගෙ සිංදු රියැලිටි ෂෝවලදි කිව්වොත් දෙවෙනියට කියන කෙනත් පීචං වෙන.
කැමතිම ගායකයෙක්. ඩප්පි ගැන ඉස්සෙල්ලම ඇහුවෙත් මේ සින්දුවෙන්. පස්සේ දප්පිය මොකද්ද කියල කියල දුන්නේ කොම්පඤ්ඤ විදියේ යාළුවෙක්. පොරවල් ඩප්පි ටෙස්ට් කරන්නේ රියෝ සිනමා එකේ බිත්තියට ගහල. අර මැලේ විදියේ ඉඳල පර්සන්'ස රෝඩ් එකට එන පාරේ. මගේ කැමතිම සින්දුව "ලස්සනට පිරුණු වන මල් ගල්." BTW ගුනේ අයියගේ කාමරේ තිබ්බේ කොම්පඤ්ඤ විදියේ කියලයි අහල තියෙන්නේ. ස්ටේෂන් එක ගාවින් වමට හැරිලා යනකොට තිබ්බලු අරක්කු බොන තැනක් සහ හෝටලයක්. ඒක උඩ තට්ටුවේ කාමරයක් ලු. එතකොට ඒ පැත්තේ වත්තක ලේන් එකේ වතුර පයිප්පයක් ගනලු මේ සින්දුව. මට පුදුම මුළු සින්දුවම මතකින් කියන එක. https://www.youtube.com/watch?v=dcm2GCr8fIs
ReplyDeleteකොම්පඤ්ඤ වීදියෙ (හම්මේ... ඒ වචනෙ ටයිප් කළහම තියෙන ආත්ම තෘප්තිය) තියෙනවා, කාසල් හෝටලය. තට්ටු දෙකක කොලොනියල් කාලෙ බිල්ඩිමක්. යට තට්ටුවෙ බාර් සහ රෙස්ටොරන්ට් එක. මට හිතෙන්නෙ ම ඔය කියන්නෙ ඒ හෝටලය ගැන කියල.
Deleteමගෙත් කැමති ම සිංදුව "ලස්සනට පිපුණු වන මල් ගල්..." ඒකෙ තියෙන ලාලිත්‍යය බලන්නකො. මල් - ගල් - දියවැල් - නිල් - ගෙවනව කල් - සුරතල්...
අනික ඒක කියද්දි නිහාල් ගෙ ඇක්ෂන්, කිරිල්ලි පියඹලා ගියා කියද්දි ඒක අතින් කරල පෙන්නන හැටි...
හරි ඒක තමා හෝටලේ.
Deleteඔතනින් කෝච්චියෙ යද්දි මම හිතෙන් ඒ හෝටලේට ගොඩවෙලා බියර් එකක් බීලා යනවා.
Deleteමේ සින්දුවත් බයිලාවක් කියන්න බැරි තරමට ලස්සනයි. සරල ගීයක්. කිංකිනි හඬට සම වෙලා https://www.youtube.com/watch?v=sf_VTdS0JpI
ReplyDeleteආාාහ්... මම ඒක ඇහුවෙ අදමයි. ටිපිකල් නිහාල්...
Deleteඅපි දෙන්න බැන්ද දවසේ හෝටලේ වටේ තිරික්කලේකින් ගියානේ. 😄
Deleteඒක කිව්ව ම මතක් වුණේ, අර සිංදුවෙ කෝරස් එක. ඒකත් ප්ලේ කරගෙන ම ගියා නං පංකාදුයි කියල හිතුණා. (හුදෙක් විහිළුවට ම පමණයි ඈ...)
Deleteහැම trip එකකදිම අප යන; සාදෙකම
ReplyDeleteහිටින කෙනෙකි මේ හාදය හැමදාම
මැරුණත් අමර වෙන්නට ලැබගත් වරම
නිහාල් නෙල්සනුන් වූවා අසම-සම!
නැගලා යන ගතිය හැම ගීතෙක ම කවා
Deleteඇක්ෂන් සමඟ ගී ඉස්සරහට එව්වා
පිළිමය වගේ ගී ගයනා එ'කල පවා
ඔහුගේ එඩිය අප හදවත් අත ගෑවා
""එක පාරක්, පුන්කලස් තියපු රතු පලස් එළපු දොරගාව මඩ ටිකක් ළාවට වැදිච්ච ටෙලිවිෂන් වැඩසටහනක නිවේදකයෙක් අමරදේව මාස්ටර්ගෙන් අහනවා "අද බොහෝ ගීත භාෂාව විකෘති කරලා ගැයෙනවා නේද" වගේ ප්‍රශ්නයක්. බලාගෙන ඉන්න අයට තේරෙනවා එයා මොන වගේ උත්තරයක්ද බලාපොරොත්තු වෙන්නෙ කියලා. හැබැයි අමරදේව මාස්ටර් එයාගෙ අතට සාම්ප්‍රදායික කැච් එක නොදී මොඩර්න් සික්සර් එකක් වැටට උඩින් යන්න ගහනවා මෙන්න මෙහෙම. "මෙහෙමයි, වියත් වහර - ජන වහර - පුර වහර කියලා තුනක් භාවිත වෙනවනේ. එක් එක්කෙනා ගයන්නෙ එක් එක් වහරින්. ඒ හැම එකක්ම එකතු වෙලා තමයි ගීත සාහිත්‍යය හැදෙන්නේ" (උ - ගැ
ReplyDeleteඅම්මා නැති කල අප්පා කවර කලේ
කියලා කිව්වේ බොරුවට පොඩි කාලේ
නිම්මා නැති පෙම් නිතර ලබා දීලා
අම්මා කිව්වා තත්තා පැ ආලේ ..
මව් පියෝ දෙන්නම ඒක වගේ - වෙනසක් නැ පුතුනේ
(සින්දු ඇනෝ )
හැක්...! ඔය නිවේදකයා ගොඩක් වෙලාවට ශ්‍රීමත් ඉන්ද්‍රජිත් වෙන්න පුළුවන්. පට්ට පණ්ඩිතයා.
Deleteමොකද, ප්‍රොෆයිල් එකට උනේ?
ඔබේ සටහන ආසාවෙන් කියෙව්වා.ගීත, චිත්‍රපට බෙදීම් කල අයට නිර්මාණ තුලින් හොද උත්තර දුන් අගනා නිර්මාණ ශිල්පියෙක්
ReplyDeleteඇත්ත. මේ වගේ උදවිය නිසා තමයි අපිත් පොඩි කාලෙ ඉගෙන ගත්තෙ, බෙදීමක් නෙමෙයි තියෙන්නෙ, විවිධ කැටගරි සහ විවිධ රස ගොඩක් විතරක් බව.
Delete