1. එළු සකු මගද පොත් කට පාඩමින් දනී
මිනිහා පණපිටින් යන පොත් ගුලක් වැනී
වැගිරෙන විලස සාහිත රස අමර පැනී
පොතක් ලියන්නට සිතිවිලි පහළ වුනී
මිනිහා පණපිටින් යන පොත් ගුලක් වැනී
වැගිරෙන විලස සාහිත රස අමර පැනී
පොතක් ලියන්නට සිතිවිලි පහළ වුනී
2. පොළොවට ගැට ගසන්නා වාගේ අහස
වද විඳ පොතක් ලිවුවා නො බලා වෙහෙස
කියවන අතර ඒ පොත අහගනු පිණිස
කැඳවා ගති ළඟට සිය පෙම්බර දිගැස
3. හැම වචනය ම පදමට ගෙන පියකරුව
පොත කියවයි හෙතෙම සාහිත රස ඉරුව
පුදුමේ මහත අහගෙන ඉන්නට බැරුව
ඇය පැන ගියා පසු දින ඔහුගෙන් දුරුව
පොත කියවයි හෙතෙම සාහිත රස ඉරුව
පුදුමේ මහත අහගෙන ඉන්නට බැරුව
ඇය පැන ගියා පසු දින ඔහුගෙන් දුරුව
4. මේ පොත නිසා ඉත බිරියත් නැති වූයේ
ඉන්පසු ඈ නො වෙයි එම ගෙදරට ආයේ
මිතුරන් ගෙදර කැඳවා යළී පොත කීයේ
ඔවුනුත් එකිනෙකා ඔහුගෙන් දුරු වූයේ
ඉන්පසු ඈ නො වෙයි එම ගෙදරට ආයේ
මිතුරන් ගෙදර කැඳවා යළී පොත කීයේ
ඔවුනුත් එකිනෙකා ඔහුගෙන් දුරු වූයේ
5. පොත කියවතැයි යන සැකයේ නපුරු බයින්
කිසිවකු ගෙදර අසලින් වත් නොයන හෙයින්
පිරිසක් ලබම් දෝ මේ ගැන කොහොම කොයින්
ළතැවෙයි අපේ උගතා සිත පිරුණු සොයින්
කිසිවකු ගෙදර අසලින් වත් නොයන හෙයින්
පිරිසක් ලබම් දෝ මේ ගැන කොහොම කොයින්
ළතැවෙයි අපේ උගතා සිත පිරුණු සොයින්
6. ජනයා බහුල හෝටලයක් අසල ඇත
මිනිහා ගියා කියවන්නට ඔහුගෙ පොත
දවසින් දෙකින් පසු මේ හෝටලය වෙත
කිසිවකු බැරි වෙලාවත් යනු දුටුවෙ නැත
මිනිහා ගියා කියවන්නට ඔහුගෙ පොත
දවසින් දෙකින් පසු මේ හෝටලය වෙත
කිසිවකු බැරි වෙලාවත් යනු දුටුවෙ නැත
7. නේනා නිසා මිනිසුන් මේ පළාතට
නඩුවක් දැමී හෝටල්කරු අලාබෙට
උගතා බැරි ම තැන පොත ගෙන බලා සිට
ගියා හන්දියට හැන්දෑ වෙලාවට
නඩුවක් දැමී හෝටල්කරු අලාබෙට
උගතා බැරි ම තැන පොත ගෙන බලා සිට
ගියා හන්දියට හැන්දෑ වෙලාවට
8. යන එන අයට අමතා නවතින්න කියා
හතර මං හන්දියේ පොත කියයි එයා
දවසින් දෙකින් පසු මිනිසුන් එමඟ පියා
අරහෙන් මෙහෙන් යන්තම් යන ගමන ගියා
හතර මං හන්දියේ පොත කියයි එයා
දවසින් දෙකින් පසු මිනිසුන් එමඟ පියා
අරහෙන් මෙහෙන් යන්තම් යන ගමන ගියා
9. පාළුයි හතර මං හන්දිය එතැන් සිට
කතිකා කළෝ කිසිවකු එහි නො යන්නට
යෑමට ගිය නමුත් පොත ගෙන ගෙයින් ගෙට
යන කොට පටන් ගති දොරවල් වහන්නට
කතිකා කළෝ කිසිවකු එහි නො යන්නට
යෑමට ගිය නමුත් පොත ගෙන ගෙයින් ගෙට
යන කොට පටන් ගති දොරවල් වහන්නට
10. කිසිවකු නොරිසි මුත් පොත කියවනවාට
නො කියා ඉන්ට නම් ලීවද මොනවාට
අම්බලමට හිඟන්නෝ රැස් වෙති රෑට
නරකද එතන තෝරාගත්තම මීට
නො කියා ඉන්ට නම් ලීවද මොනවාට
අම්බලමට හිඟන්නෝ රැස් වෙති රෑට
නරකද එතන තෝරාගත්තම මීට
11. මෙහෙම සිතා ලා දුරු කර හිසින් බර
පොල් තෙල් පහනෙ ලා අලුතෙන් පහන් තිර
පහනත් පොතත් ගෙන දෙ පයින් ගමන් කර
ළං විය හිඟන්නන්ගේ පැමුණුමෙන් පෙර
පොල් තෙල් පහනෙ ලා අලුතෙන් පහන් තිර
පහනත් පොතත් ගෙන දෙ පයින් ගමන් කර
ළං විය හිඟන්නන්ගේ පැමුණුමෙන් පෙර
12. ගත කළ මුළු දවල් කල හිඟමන පිණිස
ආවෝ හිඟන්නෝ අම්බලමට සවස
වෙන දවසට වඩා අද මෙහි දුටු වෙනස
ඇති එක පඬිතුමා උන්ටත් පෙර පිවිස
ආවෝ හිඟන්නෝ අම්බලමට සවස
වෙන දවසට වඩා අද මෙහි දුටු වෙනස
ඇති එක පඬිතුමා උන්ටත් පෙර පිවිස
13. පොල් තෙල් පහන දැල්වෙයි දුරු කර අඳුර
උගතා පොත කියයි පහදා ගෙන උගුර
කළ හැකි දෙයක් නැති තැන කන මෙන් පහර
හිඟන්නෝ නිදති එහි තැන තැන වැතිර
උගතා පොත කියයි පහදා ගෙන උගුර
කළ හැකි දෙයක් නැති තැන කන මෙන් පහර
හිඟන්නෝ නිදති එහි තැන තැන වැතිර
14. මැදියම් රැයෙහි හිස ඔසවා බලන කල
නැත එක හිඟන්නෙක් වත් අම්බලම තුළ
අසමින් මෙන් තිබේ දැයි තව උගුරෙ කෙළ
කම්මැළී වී වැනෙයි පොල් තෙල් පහනෛ සිල
නැත එක හිඟන්නෙක් වත් අම්බලම තුළ
අසමින් මෙන් තිබේ දැයි තව උගුරෙ කෙළ
කම්මැළී වී වැනෙයි පොල් තෙල් පහනෛ සිල
15. පඬුවා තනි වුනා රෑ අම්බලමෙ පිලේ
හිඟන්නෝ නිදති ගස් යට අසල කැලේ
අහගෙන සිටින්නෙකු නැති මුත් කියන වෙලේ
මේ පොත තුළ තිබේ මහ උගතෙකුගෙ මොළේ
හිඟන්නෝ නිදති ගස් යට අසල කැලේ
අහගෙන සිටින්නෙකු නැති මුත් කියන වෙලේ
මේ පොත තුළ තිබේ මහ උගතෙකුගෙ මොළේ
16. බිරිය නඩු දමා ඇති දික්කකසාදෙට
හෝටල්කරු කියයි නඩුවක් අලාබෙට
හිරිහැර කළැයි මහජනයගෙ විවේකෙට
මිනිහට විරුද්ද ව පැමිණිලි හැබෑවට
හෝටල්කරු කියයි නඩුවක් අලාබෙට
හිරිහැර කළැයි මහජනයගෙ විවේකෙට
මිනිහට විරුද්ද ව පැමිණිලි හැබෑවට
17. දිනකට සිතාසී හත අට ගණනෙ ලැබේ
මිනිහට විරුද්ද ව පැමිණිලි බොහොම තිබේ
නඩුකාරයා පහදා දී කරපු හබේ
ඇසුවා කරුණු මොනවද නිදහසට ඔබේ
මිනිහට විරුද්ද ව පැමිණිලි බොහොම තිබේ
නඩුකාරයා පහදා දී කරපු හබේ
ඇසුවා කරුණු මොනවද නිදහසට ඔබේ
18. හාමුදුරුවනේ පින් අත් වෙයි ඔබට
මේ මුළු රට විරුද්දයි මා කළ පොතට
එහි වරදක් තිබේ නම් බැලුමට දැනට
පොත කියවන්ට එහෙ නම් අවසර ද මට
මේ මුළු රට විරුද්දයි මා කළ පොතට
එහි වරදක් තිබේ නම් බැලුමට දැනට
පොත කියවන්ට එහෙ නම් අවසර ද මට
19. මේ මහ පුදුම පොත කොහොම ද දැනගන්ට
නඩුකාරයා කිවුවා එය කියවන්ට
කියවා ගන්ට ලැබුණොත් අවසන් වෙන්ට
මිනිහා කැමති එල්ලුම් ගස් වත් යන්ට
නඩුකාරයා කිවුවා එය කියවන්ට
කියවා ගන්ට ලැබුණොත් අවසන් වෙන්ට
මිනිහා කැමති එල්ලුම් ගස් වත් යන්ට
20. ගත විය දෙතුන් දවසක් නෑ ඉවර පොත
පෙරකොදෝරුවෙක් එහි බේතකට නැත
නඩුකාරයා පමණක් බැංචියෙහි මත
ළ තැවෙයි තබා ගෙන අයියෝ නිකට අත
පෙරකොදෝරුවෙක් එහි බේතකට නැත
නඩුකාරයා පමණක් බැංචියෙහි මත
ළ තැවෙයි තබා ගෙන අයියෝ නිකට අත
21. උසාවියේ නීතියෙ ඇති අවසරයෙන්
මිනිහා කියාගෙන යයි පොත ඇති වැරයෙන්
නඩුකාරයා බේරීමට කරදරයෙන්
ඉල්ලා අස් වීය බැරි තැන සිය දුරයෙන්
මිනිහා කියාගෙන යයි පොත ඇති වැරයෙන්
නඩුකාරයා බේරීමට කරදරයෙන්
ඉල්ලා අස් වීය බැරි තැන සිය දුරයෙන්
(කේයස්)
9 පන්තියේ සිංහල කියවීම් පොතෙනි.
කියවන්නට ගතිමි ඇරඹුම සිට අගට
ReplyDeleteනොසිතිමි පැදිය උපුටාගත්තක් ලෙසට
මවිතය දැනුනි ඩ්‍රැකීයාගේ කවිකමට
දැන් පැහැදිලිය මා රැවටුනු හැටි යසට
කියවන විටදී රසබර කවි පෙරෙන පැණි
Deleteකවි නොලියන අයත් කවියන් වෙනව වැනී!
මගෙ කවිකම හොඳා හවසට අල කන්ට
Deleteපද හතරක් බැරිය අකුරට ගළපන්ට
මේ අන්දරය මතකැති බහුතරයකට
ටෙලි නාටකයකුත් හැදුණා පෙර - කලකට
නිදි,
මම කවියෙක් නෙවෙයි, නමුත් සුන්දරිය, ඔබේ නෙත් මා නෙත් ගැටුණු කල, මම කවියෙක් වුණෙමි...
කේයස් කිවිඳු 'සාගර'යකි රස පිරුණු
ReplyDelete'සුදෝ සුදු' ලියා නොමැරෙන කෙනෙක් වුණු
යට යා නොදී උන්නැහැගේ 'කවි කුලුනු'
මතු කෙරුවටයි, මේ තුති කව පද බැඳුණු
වෙල්කම් කියමි තුති කව හට ඔබෙන් බැඳී
Delete"උගත්කම" ගොඩක් පරසිදු පෙලකි පැදී
මොකක්වත් ලියන්නට සැනසිල්ල මදී
කම්මැලි කමට කව් ගී ලියවුණා මදී
මතකයි මේකනම් හොඳටම. පොත මොකක්ද කියල තවම හොයනවා
ReplyDeleteපද්‍යාවලිය නේද?
Deleteනොදනිමි
Deleteමාත් කියවලා නැහැ පද්‍යාවලිය. නිකමට හිතුණා...
Deleteනැගලා යන විචාරයක් ලියවගන්න කෙනෙක් හොයාගත්තා නම් ඕක වෙන්නෙ නෑ!
ReplyDelete//ඩැන්ටංට දැන් නම් තම නව කතාවට පණ දෙන වෑයමක් සිතේ නැති...
Deleteමේසයෙන් අවසන් වූවාට පසු, ඩැන්ටංට මොටෝ රිය ගැන මතක් විය. ඔහු එය බලන්නට ගියේ ය - තුබුණු තැන, නොතිබුණු බැවින් පාරට බැස බැලුවේ ය. එය සිය වෑයෙමන් නොව, ගොනුන්ගේ පිහිටෙන් පාර දිගේ අැද්දෙන බව පෙනිණි. එයින් ඩැන්ටංට අමුතු මතයක් පහළ විය. හේ ඔහුගේ මතාන්තය තමා -
"මගේ කතාව අහක දමන්නට යුතු කමක් නො පෙනේ. ඊට පණ දෙන්නට විදිය දැන් මම දනිමි" යි කියා මුද්‍රණයට යැවීම පිණිස ඔහු කර්දාසි පිටු ගොනු කළේ ය.//
ඩබ්ලිව්. ඒ. සිල්වාගේ අමෘත හස්තය පොතේ "මතාන්තය" කෙටි කතාවෙන්.
අගනා කයි පදකි මේ නං කියවන්ට
ReplyDeleteපුස්තකයක් නිසා කෙළවුණි පඬියන්ට
ඉතුරු පද දෙක උඹ ලියාගනිං.
னයි හාමිත් හොඳයි කයි පද බැඳ ගන්ට
Deleteඋබෙ කයි ඌණ පූරණ මට බැහැ දෙන්ට
@Praසන්ன බාගෙට කවි ලියන ඔබ වැනි කිවිඳන්ට
Deleteඋපහාරෙට පුදමි අන්තට්ටුව හිසට
https://www.youtube.com/watch?v=pSn8DB0GBL4
ReplyDeleteකේයස්ගේ "කන_උන්දෑ" කවි පංතිය
ස්තූතියි. ඔය උගත්කම කවි ටිකෙන් රූපවාහිනී ඒකාංගික ටෙලියක් කරල තිබුණා, අපි පොඩි කාලෙ. මං හෙව්වා, නමුත් හම්බුණේ නෑ.
Deleteලොක්කේ මාමා ද කොහේද
Deleteනෑ නෑ... ඒක වෙනයි මේක වෙනයි. මේකෙ තිබුණෙ ඒකාංගික ටෙලියක්. සමහරවිට එකම නළුවා හිටියද දන්නෑ.
Deleteඔය වගේ "මල්හාමි" එකෙනුත් ටෙලියක් කරල තිබුණා.
හුම්... යේක තමා කේයස්.
ReplyDeleteකේයස් කියන්නෙ සාගර පලන්සූරිය හදාගත්ත කෙටි නමක්, කවි ලියන්න. එයා කළල් ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදි වෙලා හිටියා. මට හිතෙන්නෙ ඒ නමින් හදාගත්ත කෙටි නමක්.
DeleteK.A.S
DeleteKEAS නේ...?
Deleteඅනිත් මිනිස්සුන්ගෙ extreme reaction එක මිසක් එහෙම වෙන්න හේතුව ගැන ඉඟි දීලා මදිනෙ. උගතුන් කියන දේ නීරසයි හෝ උගතුන් හැම විටම හිතන්නෙ අනිත් අයගෙ රියැක්ශන් එක මොනවා වුනත් මම තමයි හරි කියලා බව (arrogance) අපි උපකල්පනය කරන්න ඕනෙද.
ReplyDeleteමම නම් හිතන්නෙ මේ වගේ දෙයක් උගත්, නූගත් වෙනසක් නැතුව ඕනෙ කෙනෙකුට වෙන්න පුලුවන්. කතා කරන්නෙ කොයි වෙලාවටද කියලා වගේම කතා කරන එක නවත්තන්නෙ කොතනදිද කියලා තේරුම් ගන්න සමහරුන්ට බුද්ධිය නෑ.
අදාල නැති වෙන්න පුළුවන්. ලෝටස් බ්ලොග් එක්ක පටන් ගත්තොත් මොකද
Deleteමේකයි. ඔය කොළඹ යුගයට සමකාලීන ගම්බද ඉස්කෝල මහත්තුරු වගේ උදවිය හෙණ පණ්ඩිතයි. අර, සුනිල් මාධව ආප්ප කන්ඩ කඩේකට ගියත් චේ ගැන කතා කරනව වගේ, අපේ ගමේ හිටපු සමහර පඬිවරු කඩ පිලේ දි උනත් කතා කළේ පොත් ගැන, කවි ගැන එහෙම. මයෙ හිතේ කේයස් කියන්නෙ ඒ වගේ පඬි වරයෙක් ගැන.
Deleteඅජිත්,
මට මතකයි නෙලුම් හරි නිල් මානෙල් හරි කියල බ්ලොග් එකක්. මං හිතාන හිටියෙ ඒක ලියන්නෙ ලෝටස් නෝනා කියලා.
යේම බ්ලොග් එකක් ගැන දන්නේ නැහැ අප්පා . ඒ දවස් වල මට ක්‍රෂ් එකක් තිබුන. එයාගේ නමත් නෙලුම්. මිලාගිරියේ ඉගෙන ගත්තේ 😀
Deletehttps://gimannivannie.blogspot.com/2013/12/blog-post.html
Deleteමේ තියෙන්නෙ මං කියපු එක. මට වැරදිලා. ඒක ලියන්නෙ ලෝටස් නෙවෙයි.
අර මිලාගිරියෙ ක්‍රෂ් එක ගැනත් ලියමුකො වෙලාවක...
එය ගැන ලිව්ව කවිය තමා මේ /ඈත දිදුලන නිම් වළල්ලෙන්
Deleteසීත මිදුම් කඩ තුරාවෙන්
වැසී ගිය රන් වළා හුයෙකින්
දිදුල දිදුලා සිත් කැලුම් දෙන
නීල උත්පල දිමුතු තරුවක්
එපා කිසිදින ඔබ පතන්නට
විරහ ජිවන වේදනාවන්
එහි රැඳී ඇත
එහි රැඳී ඇත !// වැඩේ කියන්නේ රුසියාවට ගියාට පස්සේ දන්නේ කෙල්ලට මා ගැන ක්‍රෂ් එකක් තිබිල කියල. අක්ක තමා කීවේ. ඕව ඔහොම තමා. https://kolambagamaya.blogspot.com/2014/12/blog-post_98.html
අපෙ අප්පොච්චියේ...! 1982 මට වයස අවුරුදු තුනක් විතර. (අපරාදෙ අජිත් අයිය කිය කිය උන්නෙ...)
Deleteඒ කවිය ලස්සන සුන්දර වචන ගැළපීමක්. ඒ වයසට නිකං කිරි පැණි වගේ මිහිරි කවියක්.
ක්‍රෂ්වල හැටි ඔහොම තමා. ගෑල්ලමයිට සංස්කෘතික බාධා තියෙනවනෙ. ඉතිං ඒ ගොල්ල අහනකං බලාගෙන සුසුම් ලමින් ඉන්නවා මිස ඉදිරියට එන්නෙ නෑ.
This comment has been removed by the author.
Delete@අජිත් මාමාගේ යෝජනාව හොඳයි.....👏💯
Delete@ඩ්‍රැකී ඒකනේ මම නම් කෙලින්මා මාමේ කියලම කියන්නෙ.. මාව ආදර්ශෙට ගන්න😂
ක්‍රෂ් වල ගතිය තියෙන්නෙ අපිට ලබා ගන්න බැරිවෙන නිසාම නෙමේද??? 🤔🤔🤔
Deletehttps://www.youtube.com/watch?v=6GVGuQMMbqs
Delete💯🥰
Delete- නවීන්
ඔබේ සටහන් ආසාවෙන් කියවනවා . පරණ කවි සහ කතා හොයාගන්න බැරි කාලෙක ඔබ කරන මේ ඩිජිටල් අකුරුකරණය හරිම වැදගත් .
ReplyDeleteගොඩක් ස්තූතියි අගය කිරීමට...
Deleteමටත් වඩා නිර්ලෝභී සේවයක් කරනව, ෆේස්බුක් එකේ "ඉසුඹුව" පිටුව. මාත් දැක්කෙ ඊයෙ - පෙරේදා.
https://www.facebook.com/%E0%B6%89%E0%B7%83%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B7%80-100736565770871/?__cft__[0]=AZU-IvUf3ovGiroaN2U6dWAro1Lypk9V6Q_zG63gk6J07uXCkwmFnp-LtTM24aFFJHkD9haz-VBZ2QjueWHuNQJkzA5Quh6ud4P5uSuv6HjkC42Xjtn6dAEYVMCHejc9Guc&__tn__=kC%2CP-R
මම හිතන් උන්නෙ හක්මන බැන්ටිස් රණවීරගෙ කවියක් කියලා
ReplyDeleteසිංහල පොතේ තිබුණෙ කේයස් කියලා...
Deleteඋඹ මේ පරණ පොත් වල තියෙන කවි කතා ලියන ඒවා දැකල යටගිය දවසක මම පටන් ගත්තු වැඩක් මතක් වුනා .. හෙහ් හෙහ්
ReplyDeletehttps://biththiya.blogspot.com/2006/11/blog-post_22.html
අතරමග .. දැන් ඔය පොත හොයා ගන්නවත් නැද්ද කොහෙද
මං ඒක කියෙව්වෙත් මේ කමෙන්ට් එක දැක්කට පස්සෙ. ඇත්තට යුනිකෝඩ් ප්‍රචලිත වුණෙත් 2009 දි විතර. උඹ කොහොමද අප්පගෙ ඔය විදිහට ලිව්වෙ?
Deleteඅප්පගෙ යන්න අප්පේ කියා වෙනස් විය යුතුයි. සොරි...
Deleteයුනිකෝඩ් ආවේ ඊට කලින් ..
Deletehttps://biththiya.blogspot.com/2012/04/blog-post_04.html
අපි පොඩි කාලෙ, මේ කතාව රූපවාහිනියෙ ගියා නාට්්‍යයක් හැටියට. මාත් බ්ලොග් එකේ ලියලා තියන ඒවා හන්දියකට ගිහින් කියවලා බලන්න ඕනා... :D
ReplyDeleteආන්න ඒක තමයි. අපි පොඩි කාලෙ රූපවාහිනියෙ ගියා, මේකයි මල්හාමියි දෙකම.
Deleteඒහ්... හංදියෙ කියවනවනං මාත් එන්නං. මං උඹ කියවන ඒවා අහං ඉන්නං, උඹ මා කියවන ඒවා අහං ඉඳහං.
මෙම පැදි පෙලේ කවි මග හැරි
ReplyDeleteඇති බව පෙනේ වැහැරින් බැහැර ගිය මල වියරනය බදා. , මේ ඇත්තාගෙ නම කවුරැද නොම දන්නේ වැනි කවි
ගොඩක් ස්තූතියි... මම හොයල බැලුවා. තව ම හම්බුණේ නෑ.
Delete