පහු ගිය දාක මෙහෙ ඇවිත් ගියපු දිලා හෙවත් දිල්ෂාන්, ඒ ගැන පින්තූරයක් ෆේස්බුක් දාලා තිබුණා. ඒකට දිලා දාපු කමෙන්ට් එකක් නිසා මට අපේ තාත්තා ගැන මතක රාශියක් ආපහු හිතට නැගුනා. ඒ නිසා මේ පෝස්ට් එක දාන්න මූලික වුණු දිලා ට මගේ කුරුතඤ්ඤ බාවය මෙයින් පළ කර සිටිනවා.
අපේ තාත්තා ගැන මගේ මුල් ම පෝස්ටුවේ යම් තාක් දුරකට සඳහන් කර තිබෙනවා. නමුත් ඊට පසු ලියා තිබෙන ගජබින්නවල නම් පුරා ම තියෙන්නේ බොරු. අපේ තාත්තා ගැන මට තිබෙන මුල් මතකයක් වන්නේ, අපේ ගෙදර කබඩ් එකක ගොඩ ගහලා තිබුණු පොත් ගොඩ. මම ඒවා අදින්න යනකොට අපේ අම්මා මාව වැළැක්වූවේ, "ඒවා තාත්තගේ. ඇදලා දාන්න එපා" කියලා. ඒ මට අවුරුදු තුනක් විතර වෙද්දි.
අපේ තාත්තා රැකියාව පටන් ගත්තේ අවුරුදු දාසයේ දී විතර. (මම දන්න විදිහට.) අපේ සීයා හදිසියේ මිය ගියාට පස්සේ, අපේ තාත්තාත්, එයාගේ අක්කාත්, ඉගෙනීම නතර කරලා, රැකියා කරන්න පටන් ගත්තා.
අපේ තාත්තා, ගොවි ජනපද ඇති කිරීමේ වැඩසටහන යටතේ කන්තලේ කැළෑ කපන්න ගියා. ඒ වැඩවලට අපේ බාප්පත්, ගමේ සමකාලීන තරුණයන් ගොඩකුත් ගියා. ඒ කාලේ තමයි, අර අපේ තාත්තලා එක්ක වාඩියේ උයන පිහන වැඩවලට එක්කරන් ගිය වයි. පියදාස හෙවත් මහත්තයා මාමා (පසුකාලීනව කසිප්පු මහත්තයා ලෙස හැඳින්වුණා) එයාගේ අම්මට එවපු ලියුමක "අම්මා සියලු දෙවියන්ගේ පිටේ යයි" කියලා ලියා එව්වේ.
වරක්, ඔය ගස් කපන වාඩියේ පිරිතක් කියෙව්වා. ඒක සර්ව රාත්‍රික පිරිතක්. මහ පාන්දර ජාමේ කියනවානේ ආටානාටිය සූත්‍රය. ඒක කියද්දී "ඉසිපතනේ සුං...!"කියන කියන වාරයක් ගානේ, ලොකු සද්දයක් කරන්න ඕනෙ. සාමාන්‍යයෙන් ඒ කාලෙ චීන පටස් හෙවත් වීරාංග ගහනව. නමුත් කැලෑව මැද්දෙ තිබුණු වාඩියෙ හදිසියෙ වීරංගයක් සහ වෙඩිබේත් හොයාගන්න තිබුණු අමාරුව නිසා, කස්ටිය කළේ තඩි තහඩු බැරල් එකක් මුනිං අතට නවල තියාගෙන, "...ඉසිපතනේ සුං!" කියන කොට ම ඒකට පොල්ලකින් තඩිබාන එක.
පිරිතට වාඩිය ලෑස්ති කරලා, මහ රෑ වෙනකං ඇහැරගෙන ඉඳලා, මහන්සියට පොඩ්ඩක් ඇහැ පියාගත්තු අපේ තාත්තයි බාප්පයි, උඩ ගිහිං ඇහැරුණේ පළවෙනි පාර ඉසිපතනේ සුං වෙද්දි යි. නිදි මත වැඩි කම ට ආපහු ඇහැ පියාගත්ත ගමං දෙවෙනි පාරත් ඉසිපතනේ සුං වුණා.
මේ මගුල හරියන්නෑ කියල පැදුරෙන් නැගිටපු තාත්තයි බාප්පයි මිදුලෙ තියල තිබුණු බැරල් එක ගාවට ගිහිං, සැදැහැවතුන් පිරිස තුන් වෙනි පාර ඉසිපතනෙ සුං කරන්න කලින් බැරල් එක දෙපැත්තෙං අල්ලලා, උස්සලා හෙළ පල්ලට විසික් කළා.
ආටානාටිය පිරිත සජ්ඣායනයේ ප්‍රතිවිපාක... |
මට හිතාගන්න ඇහැකි අපේ තාත්තගෙ පෙනුම ඒ කාලෙ. රජයේ රැකියාවට යනකොටත් සරම ඇඳගෙන කෝච්චියෙ ගියපු අපේ තාත්තා, හරිම සරළ මනුස්සයෙක්. ඉතින් බොහො ම චාමෙට ඇඳගත්තු, කෙට්ටු කොලු ගැටයෙක් වෙන්න ඕනෙ ඒ කාලෙ වෙද්දි.
අපේ තාත්තා නම් තරුණ මහතා |
ඒ ගමන රාලාමි කෙනෙක් ඇහුවා, “කොහෙද? මොකද්ද ඔය වැඩපොල?“ කියලා. අපේ තාත්තා, දිග හුස්මක් අරගෙන, වචනෙන් වචනෙ නවත්තමින් සහ බර කරමින් කිව්වා මෙහෙම...
“සීමා සහිත
- හෙනරත්ගොඩ
- විවිධ සේවා
- සමුපකාර
- සමිතියේ
- ඉන්දන පිරවුම් හල“
“යනව ඕයි අපට පවු නොදී...“ කියලා රාළාමිලා දෙන්නා යන්ඩ ගියා.
අපේ තාත්තා රාජ්‍ය සේවයට එකතු වුණේ, විදේශ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ අනියම් කම්කරුවෙක් විදිහට. (විශ්‍රාම ගත්තෙ පළවෙනි පංතියෙ ලිපිකරුවෙක් විදිහට) එයාගේ අක්කා හෙවත් අපේ ලොකු නැන්දා ඒ දෙපාර්තමේන්තුවේ දුරකථන ක්‍රියාකාරිනියක් විදිහට රැකියාව කළා. මං හිතන්නේ අපේ තාත්තව රස්සාවට දා ගත්තෙ ලොකු නැන්දා වෙන්න ඕනෙ.
ටික කාලෙකට පස්සෙ අපේ තාත්තට ඒ දෙපාර්තමේන්තුවේ උත්තෝලක ක්‍රියාකරු හෙවත් ලිෆ්ට් ඔපරේටර් රාජකාරිය පැවරුණා. ඒ කාලෙ තිබුණෙ අර, යකඩ වැටවල් දෙකක් ඇදලා වහලා, ඔපරේටින් දැති රෝදයක් කරකවලා වැඩ කරන ලිෆ්ට්. ඔය විදිහෙ ලිෆ්ට් එකක් තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ භාවිත කරනවා, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිල්ලෙ. තවත් එකක් තියෙනවා, පිටකොටුවෙ විමලධර්ම සහෝදරයෝ තියෙන ගොඩනැගිල්ලෙ. ඒක දැන් නම් වැඩ කරන්නෙ නෑ.
මම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙ වැඩ කරන කාලෙ ඔය ලිෆිට් එකේ යන වාරයක් ගානෙ මට තාත්තව මතක් වුණා. ඒ ලිෆ්ට් එක පැය අටක් එක දිගට ඔපරේට් කරන එක හරිම වෙහෙසකාරීයි. අර යකඩ ගරාදි වැට ඇදලා වහන එක දෙතුන් පාරක් කරනකොට උරිස්සට මාර වේදනාකාරී දෙයක්.
ඉතින් ලිෆ්ට් ඔපරේටර්ට වාඩි වෙන්න පුටුවක් තියෙනවා ලිෆ්ට් එක ඇතුළෙ. නූතන බටන් ඔබන ස්වයංක්‍රීය ලිෆ්ට්වලත් ඔය විදිහෙ පුටුවක් තියාගෙන ඔපරේටර් ඉන්නවා මම දැකලා තියෙනවා.
තාත්තා ලිෆ්ට් එකේ වැඩ කරන්න පටන් ගත්ත මුල් දවස්වල දෙපාර්තමේන්තු ප්‍රධානියා තාත්තට විරුද්ධව තාත්තගෙ ළඟම ප්‍රධානියා හෙවත් ඉමීඩියට් බොස් ට පැමිණිලි කරලා තියෙනවා, දෙපාර්තමේන්තු ප්‍රධානියා සහ වෙනත් ඉහළ නිලධාරීන් ලිෆ්ට් එකට ආවහම ඔපරේටර් පුටුවෙන් නැගිටලා ගරු කරන්නේ නෑ කියලා.
ඔය ගැන තාත්තා ගෙන්නලා කරුණු විමසුවාම අපේ තාත්තා කියල,
“ලංගම සාමාන්‍යාධිකාරී ගමනක් යන්න බස් එකකට නැග්ගහම, බස් එකේ ඩ්‍රයිවර් හිටගෙන බස් එක එලවන්නෙ නෑනෙ සර්...“ කියලා.
අපේ තාත්තගෙ මම දැකපු ලස්සන ම දේ තමයි. කිසිම දේකට කළබල වෙන් නැති ගතිය. ඔය වගේ අවස්ථාවලට තාත්තා මුහුණ දෙන්නෙ මුහුණ පුරා විහිදුණු මඳ සිනාවක් එක්ක.
තාත්තගේ මඳ සිනාව (සහ සීකෝ 5 ඔරලෝසුව) |
තාත්තා ටිකක් වයස කාලෙ, දවසක් බෙහෙත් ගන්න ගියා ගණේමුල්ලේ ආණ්ඩුවේ බෙහෙත් ශාලාව හෙවත් ඩිස්පැන්සරියට. එතන දොස්තර මහත්තයා තාත්තගෙන් රෝග ලක්ෂණ එහෙම අහලා, පස්සෙ ඇහුවලු, “ඔයා බොනවද කියලා.“
තාත්තා පිළිගත්තලු. “ඔව් මහත්තයා. මම සාමාන්‍යයෙන් මහන්සිවෙලා වත්තෙ පිටියෙ වැඩ කරනවා. ඉතින් එහෙම දවසට හවසට මහන්සියට ටිකක් බොනවා“ කියලා.
එතකොට දොස්තර ඇහුවලු. “ඔයා දැකල ඇති මීහරක් එහෙමත් සෑහෙන්න මහන්සි වෙනවනෙ. ඉතිං උං බොන්නෑනෙ...?“ කියලා.
තාත්තා අර විදිහට ම හිනා වෙලා කිව්වලු. “උන්ට සල්ලි නෑනෙ“ කියලා.
අපේ තාත්තා මරණයට බය වුණු කෙනෙක් නෙවෙයි. අපේ දොස්තර මහත්තයා කියනවා, එයා ළඟට එන ගොඩක් වයසක උදවිය ලෙඩවලට ගොඩක් බයයි කියලා. ඒ අය මරණය ගැන ගොඩක් බය වෙනවා. ඒ වගේ ම කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවට වඩා, බෙහෙත්වලින් පරිස්සම් වෙන්න හදනවා.
නමුත් අපේ තාත්තා නිතර ම කිව්වෙ, “මොනවද ඉතිං. මැරුණොත් වළලයි. ඊට පස්සෙ මං කරන වගකීම් මගෙ ළමයි කරට ගනියි.“ කියලා. ඒ වගේ ම පළවෙනි හාට් ඇටෑක් එක හැදිලා අවුරුදු දහයක් බෙහෙත් අරගෙන ජීවත් වුණු අපේ තාත්තා, දවසකට සිගරැට් දෙක තුනක්වත් බීලා, යාළුවන් එක්ක සංගීත සාදවලට ගිහින්, ඩ්‍රින්ක් එකත් හොඳට ම දාලා. පුළුවන් තරම් ජීවිතය විඳලා, සාහිත්‍යයත් රස විඳලා, කිසි ම දුකක් එයා විඳින්නෙ නැතුව එක පාරින් ම මිය ගියා.
මිය යන හවස, එයා රැවුළ කපලා, ඇඟ සෝදලා, ෂර්ට් එකක් ඇඳගෙන, අපට කන්න මාලු ටිකක් ගේන්න යන්න ලෑස්ති වෙලා, තේ එකක් හදා ගෙන, බොන්න හදන කොට ම බිම ඇද වැටිලා. පැයක් යන්න කලින්, ඒ කියන්නෙ රෝහලට යන අතරමග, මගෙයි, අම්මගෙයි, අපේ නංගි (බාප්පගෙ දුව) ගෙයි උකුලෙ ම පණ ගියා.
යකෝ එතකොට ඉසිපතනෙ සුං කරන්න කොන්ත්‍රාත් එක දීල තියෙන්නෙ ආටානාටිය ලියපු එකාට.
ReplyDeleteඔව් ඔව් ඉතිං. දාපු ඩයිනමයිට් සිහි වෙන්ඩ තමා දැන් වීරංග / රතිඤ්ඤ ගහන්නෙ.
Deleteමං මේ කල්පනා කළේ අර දෙවෙනි ෆොටෝ එකේ තාත්තගෙ වයසට යනකොට ඔහේ කොහොමට හිටීද කියල. කොණ්ඩෙ සුදු වෙලා දිගට වවල. හැක්..
ReplyDeleteආයෙ මොනවද, වෙද පප්ප වගේ තමා ඉතිං!
Deleteතව මොනවහරි තිබ්බොත් හෙට කියන්නං. අර උඩ ඇනේ මට බණින ඒවට උත්තර දෙන්නත් එපැයි. හැක්..
ReplyDeleteමගෙ සාලෙ මැද්දෙ කැත කරලා එයාගෙ පහත් බව ප්‍රදර්ශනය කළාට, මම මගෙ සාලෙ පිරිසිදු කළා. ප්‍රසන්නට ස්තූතියි!
Deleteබයි ද වේ, බස්සා ලියලා.
ජීවිතය ජීවත් වුනා කියල දැනෙන්න ජීවත් වෙච්ච කෙනෙක්. ඔහුට නිවන් සුව
ReplyDeleteහ්ම්ම්... ඒ වගේ ම ගොඩක් දුක් උහුලපු පපුවක්. ස්තූතියි
Delete//අම්මා සියලු දෙවියන්ගේ පිටේ යයි//
ReplyDeleteමේ කෑල්ල නං මසුරං. තාත්තා තරුණ කාලෙ කැපිල පේන් හාදයෙක් නෙව?
මෙන්න මගේ ගානෙ:
https://youtu.be/1-FFw9u7ENI?t=40
//තාත්තා තරුණ කාලෙ කැපිල පේන් හාදයෙක් නෙව? //
Deleteඒකට පුතා, දෙකට කැපිල පේන්නෙ. හැක්..
බකුස්,
Deleteඔය සියලු දෙවියන්ගෙ පිටේ යන කතාව මං ඊට කලිනුත් කියල තිබුණා...
https://drackey.blogspot.com/2016/08/blog-post.html
ප්‍රසා,
දෙකට කැපිලා දෙපත් නයෙක් වෙන්ඩ ආස ද?
ඉස්සර 86-87 වගේ කොම්පුටරේ ප්‍රෝග්‍රෑම් එක කාඩ් එකේ පන්ච් කරන්න රස්සාවක් තිබුන. පංච කලාට පස්සේ රන් කරන්න දාන්න රස්සාවක් තිබුන
Deleteහ්ම්ම්... අපි වැඩට යන්න ගත්තු මුල් ම කාලෙත් තිබුණා, ඇටෙන්ඩන්ස් කාඩ් පන්ච් කරන රස්සාවක්. උන්දැට කෝල් එකක් දීලා, අපි ඇටෙන්ඩන්ස් මාක් කරනව, ස්ටේෂන් එකේ ඉඳන්...
Deleteහරි රසයි ඒ පරණ විස්තර!
ReplyDeleteදැන් ඩ්‍රැකීට මේ පරණ රස කතා මතක හිටියි කියලා තාත්තා කීයටවත් හිතුවේ නැතිව ඇතිනේ, ඒ වගේ අපේ ළමයිනුත් අපි ගැන මොන මොන රස කතා මතක තියන් ඉන්නවද දන්නේ නැහැ! :D
ඇත්තට... ඒකෙන් හිතට වැදුණු වැදගත් ම දේ තමයි, අපි පොඩ්ඩක් හොඳට සිහ කල්පනාවෙන් අපේ පොඩි අය ඉස්සරහ හැසිරෙන්න ඔ්නෙ කියන එක. මට මතකයි, අපේ තාත්තගෙ තිබුණු උපහාස සහ හාස්‍ය රසය මටත් තියෙනවනං කියලා ප්‍රාර්ථනා කරපු හැටි මං පොඩි කාලෙ.
Deleteඒ ජාතියෙ ලිෆ්ට් එකක් ගෝල්ෆේස් කෝර්ට් එකෙත් තිබුන
ReplyDeleteමේකෙ විදිහනම් ලංකාවෙ පලමු අපාර්ට්මන්ට් බිල්ඩින් එක
https://cornerstone.lk/estate_property/colonial-apartment-for-rent-in-galle-face-court/
Pra සහ Dracky
Deleteමට පෝස්ට් එකෙන් පිට දෙයක් තියෙනවා ඔබෙන් අහන්න, මේ නිව්ස් එක දැක්කේ නැද්ද?
//ශ්‍රී ලංකා රජය දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 සහ ලෝක බැංකුවේ ඩොලර් බිලියනයක ණයත් ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් බිලියන එක හමාරක ණයත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් තවත් ඩොලර් බිලියන දෙකත් තුනත් අතර ණයත් ලබාගැනීමට නියමිත නමුත් එම ණය ප්‍රමාණය රජයේ අවශ්‍යතාවය සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් එබැවින් එම ණය වලට අමතරව තවත් වැඩිපුර ණයක් ලෙස ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයකු මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්ථික විද්‍යාඥයකු ලෙස පත් කර ඇති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාර්ග ගත විද්වත් කථිකාවේදී පැවසුවේ.
එම ණය මුදල ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ණය මුදලේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකත් තුනක් පමණවනු ඇති බවත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දී ඇත.
එම මුදලෙන් ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන ආහාර, බිත්තර, කුකුල්, ගව සහ එළු මස්, තිරිඟු පිටි, බඩ ඉරිඟු, මුං, පරිප්පු කඩල කවුපි එලවලු පලතුරු, එලවලු තෙල්, නිස්සාරණය කරපු පාම් තෙල්, කුළු බඩු, මේස ලුණු, අල ළූණු, වෙනත් කෘෂි නිෂ්පාදන, පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර, බීජ හා රෝපණ ද්‍රව්‍ය මෙන්ම පොල් මිල පාලනයට ඉන්දියාවෙන් පොල් ටොන් තුන් දහසක් ආනයනය කිරීම සහ රජයේ නිලධාරීන්ට අවශ්‍ය වන වාහන අවශ්‍යතාවය වෙනුවෙන් සැහැල්ලු මෝටර් රථ ජීප් සහ කැබ් රථ ආදියත් පොලිස් ජීප් රථ තොගයක් ආනයනය කිරීම සඳහා යොදා ගැනීමට අවශ්‍ය වන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන බව මාධ්‍ය මගින් වාර්තා කර තිබේ. මෙම ණය මගින් තවත් රටේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයක් කරා ගමන් කරනු ඇති බව විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සහ ආර්ථික විශේෂඥයින් පෙන්වා දුන් බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වේ.//
අයිඑම්එෆ් බේල්අවුට් ප්‍රෝග්‍රෑම් එකට යන බව මුදල් ඇමති සහ ජනාධිපති රනිල් මෙන්ම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් නිල වශයෙන් කියල තියෙනවා. ඒකත් එක්ක දාල තියෙන කොන්දේසි මොනවද කියල තාම ප්‍රසිද්ධ කරල නැහැ නේද?
මේ යටතේ ඉතාමත් දැඩි ඇප කොන්දේසි තියෙන බව පැහැදිලියි. මේව රනිල්ට හෝ නන්දලාල්ට විතරක් පුද්ගලිකව බලපාන ඒව විතරක් නොවන නිසා මිලියන 23 ජනතාවගේ ජීවිතේ ඒවා මත පදනම්වන නිසා ඒව අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කිරීම ඔවුන්ගෙ වගකීමයි. නමුත් ඔවුන්ට කිසිම වගවීමක් නැති නිසා ඒව ප්‍රසිද්ධ කරන එකක් නැහැ. බැරිම තැන කරන්න වුණත් ඒකත් පුළුවන් තරම් පමා කරයි. බොහෝ දුරට රහසක් තමයි.
අඩුම තරමින් මේ වගේ එකගතාවයකට එන්න කලින් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සම්මත වෙන්න ඔ්න. නමුත් එහෙම එකක් වෙලා නැහැ. හුදෙක් කාමර කුමණ්ත්‍රණ හරහා වෙච්ච බවක් පේන්නෙ. පාර්ලිමේන්තුවට මුදල් බලය තියෙනව කිව්වට ප්‍රායෝගිකව ගත්තහම එහෙම එකක් තියෙන බවක් පේන්න නෑ. ඒගොල්ල නිකං පුටු රත් කර කර ඉන්නවා.
මොකද ඉදිරියට අඩුම තරමින් අවම අවුරුදු 4ක් පහක් වත් රටේ මුල්‍ය ප්‍රතිපත්තිය පමණක් නොව සෑහෙන දුරකට ආර්ථික ප්‍රතිපත්තියත් තීන්දු කරන බලයයි මේකත් එක්ක අයිඑම්එෆ් එකට යන්නෙ. නමුත් ඒකට කිසිදු මහජන නියෝජිතයකුට අදහසක් දක්වන්න හෝ තින්දු ගැනීමෙදි දායක වෙන්න හැකියාවක් නෑ.
තොරතුරු දැන ගැනීමෙ පනත කියල මෙලෝ රසක් නැති ප්‍රෝඩාවක් තිබ්බට ඒකෙන් මේවගේ ඒව කිසිම දෙයක් ජනතාවට දැඩිව බලපෑමක් ඇති කිසිම දෙයක් ගැන හොයල බලන්න අවශ්‍ය නීතී ආවරණය වෙන්නෙ නැහැ. කපටි රනිල් ඒව ගානට ආවරණය කරල තියෙනවා නේද?
අයිඑම්එෆ් එකත් මුල්‍ය විනිවිදභාවය ගැන ආදිය නිතර බොරුවට මයික් ඉස්සරහා කතා කරත් ඒගොල්ලන්ටත් මේක ප්‍රසිද්ධ කිරීම ගැන කිසිම උනන්දුවක් නැහැ මං හිතන්නෙ. කොලේ වහලා ගහලා තනිකරම රැවටිල්ලක් කරනවා නේද? ඒ ආයතනයට විරුද්ධව අපට කටයුතු කරන්නබැරිද?
මහ බැංකුව 'තවත්' ස්වාධීන කරන්න කියන අයිඑම්එෆ් කොන්දේසිය ප්‍රශ්නකාරී වෙන්නෙ මේ වගේ පසුබිමක.
මොකද දැනටත් තියෙන්නෙ කිසිම විදිහකින් වගවීමක් නැති තත්වයක්. නන්දලාල් වීරසිංහ ඔහුගෙ ටර්ම් එකෙන් පස්සෙ රිටයර් වෙලා ඔසී යයි. රනිලුත් රිටයර් වෙයි කවද හරි. නමුත් ඔවුන්ගෙ තීන්දුවල (ඇත්තටම ඔවුන්ගෙ තීන්දුත් නොවේ මේව. ඔවුන් ඔ්වර් පේඩ් මාධ්‍ය ප්‍රකාශකයන් පමණයි නේ අයි එම් එෆ් එකෙන් තීරණය කරපු ඒවායේ) ප්‍රතිවිපාක දශක ගාණක් තිස්සෙ විදින්ඩ සිදු වෙනවා මිලියන 23 වන සමස්ත ජනතාවටම.
අවාසනාවකට ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියන සජබ, මාලිමාව හෝ ද්‍රවිඩ ජාතික සන්ධානය වැනි විපක්ෂයෙ පක්ෂත් මේ කාරණයෙදි නිහඩයි. තරමක් දුරට හරි කතා කරන්නේ මෝඩයෝ කියලා සැලකෙන මංගොන්පිලයා සහ බූරුවංස වගේ ගෝතයින් විතරයි නේද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?
ප්‍රා,
Deleteමයෙ හිතේ ගෝල්ෆේස් කෝට් එකේ ලිෆ්ට් එකත් තවම ක්‍රියාත්මක මට්ටමින් තියෙනව ඇති. මෙහෙ තියෙනව ග්ලෙන්ඩෝවර්. ඒකෙ හැම දෙයක් ම අවුරුදු සීයකට එහා පැවති තත්ත්වයෙන් ම තියාගන්න උත්සාහ කරල තියෙනව.
ආටනාටියේ එහෙම සීන් එකක් තියෙනවා කියල දන්නේ අද? යු බටේ තියෙන ඒවල නැහැනේ. ඔන්න දැනගන් කොල්ලෝ ඒ සොමි තාත්ත ජිවත් එන විධිහට තමා මේ මමත් ඉන්නේ. සුරුට්ටුත් බොනවා, අඩියත් ගහනව. ඉන්දල හිටලා අහවල් දුමත් ගහනව. යන වෙලාවක් යයි දබොක් ගාල 😃
ReplyDeleteඅනිවාර්යෙන්... අර කතාවක් තියෙන්නෙ... ඒකත් අපෙ තාත්ත කියපු එකක් ම තමයි.
Deleteදවසක් හොඳ ප්‍රසන්න පෙනුමක් තියෙන මැදි වියේ මනුස්සයෙක් ඩොක්ට කෙනෙක්ගෙන් ඇහුවලු, "මට දැන් වයස පණහයි. තව අවුරුදු පණහක් මට ඉන්ඩ පුළුවන් වෙයි ද?" කියලා.
ඩොක්ටර් ඇහුවලු, "ඔයා බොනව ද?"
"නෑ" අරය කිව්වලු.
"ඔයා සිගරැට් සුරුට්ටු එහෙම බොනව ද?"
"ඒත් නෑ..."
"ඔයා භාර්යාවට අමතරව අනික් කාන්තාවො ආශ්‍රය කරනව ද?"
"හපෝ නෑ..." අරය කිව්වලු.
"එහෙනං මොනව ද මනුස්සයො තව අවුරුදු පණහක් ඉඳලා කොරන්ඩ හිතං ඉන්නෙ?" ඩොක්ටර් ඇහුවලු මළ පැනලා...
ඩ්‍රැකියට වඩා තාත්තා... බොහොම හොඳ මනුස්සයෙක් නෙව. ඔහුට මාගේ ප්‍රමාණය 🙏!
ReplyDeleteඇත්ත. තාත්තා කවදාවත් පොටෝ ගන්න කෙනෙකුට ගැහුවෙ නෑ...
Deleteරජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ලිෆ්ට් එකේ නම් කීප සැරයක් ගෙහුං තියෙනවා. එකේ අරම රස්සාව හම්බුනොත් මටනම්... ඇටකටුකූඩුවක් වෙනම ගන්ට වෙනෝ.
ReplyDeleteලිප්ට් එකේ එකත් එක්ක තා දෙයල් මතක් උනා. මං අඳුරන අයිය කෙනෙක් එහෙව් ලිප්ට් එකක් කඩන් වැටිලා මැරුණ. (ඒක හරියට පවත්තන් ගියපු නැති හන්ද) දැන් අවු: 10 විතර ඇති. රෙදි බිස්නස් තැනක. මහරගම හරියේ.
නමියා කොහෙද ප්‍රෙස් එක පැත්තෙ ගියෙ? ඒකෙ වැඩ කළා ද?
Deleteලිෆ්ට් එකක් කඩං වැටිලා මැරෙනව කියන්නෙ ඉතිං මිනී මැරුමක්.
“ලංගම සාමාන්‍යාධිකාරී ගමනක් යන්න බස් එකකට නැග්ගහම, බස් එකේ ඩ්‍රයිවර් හිටගෙන බස් එක එලවන්නෙ නෑනෙ සර්...“ කියලා. - මේ අවුරුද්දට අහපු හොදම කියමන
ReplyDeleteඇත්ත... මටත් හිතට කාවැදුණු හොඳ ම කෝට් එක අපේ තාත්තගෙ.
Deleteඔය කියමනේ මම උපහාසයට හා තාර්කික බවට එහාගිය දෙයක් දකිනවා. ඒ තමයි ආත්ම අභිමානය (self esteem), තම වෘතියට පිළිබඳ වන ආඩම්බරය (being proud of his profession) හා ස්වයං අගයකිරීම (self appreciation of the job).
ReplyDeleteගොඩක් ස්තූතියි. මම ඒ ගැන ගැඹුරට හිතුවෙ නෑ. නමුත් දැන් ඔයා පෙන්නලා දුන්නට පස්සෙ, මට හිතෙනවා, ඒ සිදුවීම මම කරන පුහුණු වැඩසටහන්වලට යොදා ගන්න පුළුවන් කියලා.
Deleteඕක වීරංග ද බීරංග ද? අපි අහලා දැකලා තියෙන්නේ බීරංග කියලා.
ReplyDeleteමක්ක උනත් තාත්තගේ හිටිවන කතාවට ආසා හිතුණ.. කට කෑවත් කියන්න ඕනි එක හිටිවන මූණටම කියන්න මිණිහෙකුට සෑහෙන ගටක් තියෙන්න ඕනි.
බොලෑ තාත්තා වගේ තමයි අපේ තාත්තත්.. අවුරුදු 16න් වගේ ගැරේජ් එකක රස්සාවට ගිහින් පස්සේ රේල්ලුවේ සුළු සේවකයෙක් විදියට බැඳිලා අවුරුදු 22න් කසාදිත් බැදලා අවුරුදු විසි තුන වෙද්දි තාත්තෙකුත් වෙලා ලියන්න තියෙන ඔක්කොම විබාග ලිය ලිය පාස් වෙලා අන්තිමේ හෙඩ් ගාඩ් කෙනෙක් වෙනකම් උසස් වෙලා ළමයි 6දෙනෙකුත් හදලා කරන්න තියෙන දහ අට පාලි ඔක්කොම නටලා දැන් පන්සලක් බදාගෙන ඒකේ වැඩ කරගෙන ඉන්නවා..
ඔව්. බීරංග කියලත් කියනවා. චීන පටස් කියලා වර්ෂන් එකකුත් තියෙනව.
Deleteබොලාගෙ තාත්තට නං පන්සල බදාගෙන ඉන්න විවේකයක් තියෙනව. ඒ ගැන සතුටුයි. දරු මල්ලන්ගෙ වගකීමුත් ඔක්කොම ඉවර උනාට පස්සෙ තමන්ගෙ දෛනික ජීවිතයට අර්ථයක් එපැයි. තමන් යමක් කළා කියලා සතුටු වෙන්න, දවසින් දවසට...
අපේ තාත්තට එහෙම විවේකයක් දෙන්න බැරි උනා අපට...
https://www.youtube.com/@CultCinemaClassics
ReplyDeleteබොහොා්ම ස්තූතියි ජගත්. විඩියෝ පුස්තකාලයක් නේ එතන...
Delete🤞🤞
ReplyDeleteආාා කොලු පැටියා. වෙලාවක හම්බෙමු!
Deleteමාව හලලා ඔයාලා හමුවෙල නෙහ්😒
Deleteඊළඟ පාර අනිවා හමුවෙමු
Delete