රොසෙට්බකල් ලෙසට නෝවීජියන් සමාජයේ හැඳින්වෙන, රොසෙට් කුකී නත්තල් කාලයට සකස් කරන, පාරම්පරික කැවිල්ලකි. මෙය සකස් කරන්නේ, තිරිඟු පිටි, කිරි, සීනි, ලුණු සහ බිත්තර යොදා සකස් කරගන්නා දියාරු මිශ්‍රණයක, යකඩ අච්චුවක් ඔබා, එහි තැවරෙන පිටි මිශ්‍රණය ගැඹුරු තෙලේ බැද ගැනීමෙනි.
පහත විඩියෝවෙන් පෙනෙන්නේ, රොසෙට්බකල් හෙවත් රොසෙට් කුකී සකස් කරගන්නා ආකාරයයි.
රොසෙට් කුකී බොහෝ රටවල දක්නට ලැබෙන කැවිලි වර්ගයකි. විවිධ ජාතීහු මෙය විවිධ නම්වලින් හඳුන්වති. මෙහි මූලාරම්භය ලෙස සැළකෙන නෝවීජියානු සහ ඩේනිශ් ප්‍රදේශයන්හි මෙය රොසෙට්බක්කල්, රොසෙට්ටර් යන නම්වලින් හැඳින්වෙන අතර, ෆින්ලන්තයේ රොසෙට්ටි යන නමින් ද, ස්වීඩනයේ ස්ටෘවොර් නමින් ද, ස්පාඤ්ඤයේ දී ෆ්ලොරේස් මන්චෙගාස් හෙවත් මන්චෙගන් මල් නමින් ද හැඳින්වේ.
මැද පෙරදිග සහ බටහිර ආසියාකරයේ ද හමුවන මෙම කැවිල්ල, ඉරානයේ දී ශිරිනි පන්ජෙරෙයි නම්වන අතර තුර්කියේ දී දෙමිර් තතිසි නමින් ද, ටියුනීසියාවේ දී ෂෙබ්බක් එල්-යාන්නා ලෙසින් ද, ඇෆ්ඝනිස්ථානයේ දී කුල්චා-එ-පන්ජෙරේ ලෙසින් ද, ශ්‍රී ලංකාවේ දී කොකිස් නමින් ද හැඳින්වේ.
ඉන්දියාවේ දී රෝස කුකී හෙවත් රෝස විස්කෝතු නම් වන මෙම කැවිල්ල, බංග්ලාදේශයේ ෆුල්ඣුහි පිතා හෝ ෆුල්කුචි පිතා හැටියට ද, මැලේසියාවේ දී කුයිහ් ලොයං ලෙස ද, තෙලුඟු බසින් ගුලාබි පුව්වුලු ලෙස ද, දෙමළෙන් අච්චු මුරුක්කු ලෙස ද, මලයාලම් භාෂාවෙන් අච්චප්පම් ලෙස ද නම් කර තිබේ.
රොසෙට් කුකී ආසියාකරයට ආවේ කෙසේ දැ යි ලිඛිත සාක්ෂි සොයාගන්නට නැත. එහෙත් පොදුවේ විශ්වාස කෙරෙන්නේ ලන්දේසි වෙළෙඳ කණ්ඩායම් සමඟ 17 වන සියවසේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙත මෙම කැවිල්ල ආ වග ය. ලන්දේසි සංක්‍රමණ සිදුවූ ප්‍රදේශ සියල්ලක ම පාහේ මෙම කැවිල්ල ව්‍යාප්ත වී තිබීම මෙම අදහස කුළුගන්වයි.
පහත දැක්වෙන්නේ රොසෙට් කුකී සඳහා යොදාගන්නා විවිධ හැඩතල රැසකි.
මූලාශ්‍ර:
https://en.wikipedia.org/wiki/Rosette_(cookie)
https://www.tine.no/oppskrifter/kaker/vafler-og-smakaker/rosetter-rosettbakkelse
https://dmcoffee.blog/where-do-rosette-cookies-come-from/
https://www.whetstonemagazine.com/journal/the-rose-cookie-through-the-lens-of-colonialism
අපේ රසකැවිලි අතරින්, කැවුම් විතරයි පැරනි. බෞද්ධ සාහිත්‍යයට අනුව, ඒකෙත් මූලාරම්භය ඉන්දියාව වෙන්නත් ඇහැකි.
ReplyDeleteපර්සියාව සහ තුර්කිය රස කැවිලි වලට ප්‍රසිද්ධ බව අසා තියෙනවා.
ආං පැතුමා ඉස්පිරිතාලෙ:
Deletehttps://biththiya.blogspot.com/2023/04/blog-post.html
-බකුස්-
පිටි වලින් සාදන ඝනකමක් සහිත ඕනෑම කෑමක් හඳන්වන පුරාණ සිංහල පොදු නාමය කැවුම්. එය පැතලි නම් පූප.
Deleteඒ අනුව පුරාණ සිංහල මන්ෂ්‍යෙයා් මාළුපාන්, කේක් වැනි දේටත් කැවුම් යනුවෙන් හඳන්වන් ඇති.
කුස රජුගේ නහය කොණ්ඩ කැවුමක් වැනි නම් එය පිරිමියෙක්ට එතරම් විරූපී වන්නේ නෑ නෙව.
මං හිතන්නෙ බකුස්, වචනයේ තේරුම බැලුවොත් කැවුං කියන්නෙ කන දේවල්. උම්මග්ග ජාතකයෙ ගෝලකාල ප්‍රශ්නයෙ තියෙනව, ගෝලකාල දික්තලා ට කියනව, "සොඳුර, මවුපියන් දකින්නට යම්හ. කැවුම් පෙවුම් ඉදිකොටලව." කියල.
Deleteඑතන කැවුම් කියන්නෙ කන දේවල්, පෙවුම් කියන්නෙ බොන දේවල්...
පැතුමා බලන්ඩ ගියා. උන්දැ තාම සනීප නෑ වගේ?
ජගත්,
ඔයාගෙ අදහසට මටත් එකග වෙන්න පුළුවන්.
හෙල සිංහල කෑමක් විදෙස් රටක මූලාරම්භය යැයි පැවසීමෙන් ඔහේගෙ සිංහල ජාතියට ඇති එදිරිවාදීකම ඔප්පු වෙලා පේනව. ලැජ්ජයි මනුස්සයො.
ReplyDeleteමමත් මේ කියන්න ගියෙ ඕකමයි නයෝ. අපිට ආවේනික අපේ පාරම්පරික කෑමකට නේද මේ යකා මේ අපහාස කරලා තියෙන්නෙ. කොකිස් මුට්ටියක් බෙල්ලෙ ගැට ගහලා ලංකාවෙන් පිටුවහල් කරන්න ඕනා..
Deleteඉතිං ප්‍රසෝ, කවුද්දන්නෙ කොකිස් දැකපු ස්කැන්ඩිනේවියානුවො, අපෙන් කොපි කරල රොසෙට්බකල් හැදුව ද කියල?
Deleteදීකිරට සෙන්නත් සාක්කි ලු. කොකිස් මුට්ටිය දිග ලණුවකිං බැඳහල්ලා. යන ගමං කකා යන්ඩ පුලුවං වෙන විදිහට.
//ත්‍රිකුණාමලයේ හෙල පාං පිටි, නුවරඑළියේ එළකිරි, සෙවනගල සීනි, හම්බන්තොට ලුණු සහ කොස්ගම බිත්තර යොදා සකස් කරගන්නා දියාරු මිශ්‍රණයක, ලංකාලෝහ යකඩ අච්චුවක් ඔබා, එහි තැවරෙන පිටි මිශ්‍රණය කොප්පරා සෙක්කුවේ අඹරා සකස් කරගත් හරිස්චන්ද්‍ර ගැඹුරු පොල්තෙලේ බැද ගැනීමෙනි.// ඔන්න ඔහොමයි විස්තරේ එන්න ඕන.
ReplyDeleteඑතකොට ලිපේ ගැස් සෝමවත් විදෙස් සේවයට ගොස් එවන ලද රියාල් වලින් ගෙන්යන පදි වෙන්න ඔින නේද,
Deleteගෑස් ගේන්නේ ඩෙලර් වලින් මී හරකො
Deleteඕකට ඉතිං ගෑස් ලිපක්ම ඕන නෑනෙ. දේශීය දර ලිපක තියල ඔය වැඩේ කරගන්න පුලුවන්නෙ.
Deleteප්‍රසෝ,
Deleteඇයි බොලං ඔය තරං නිවැරදි විදිහට හදාපු තැන් හොයන්නෙ? මේ දවස්වල ඉන්තේරුවෙම්ම හදාප තැන කියන්ඩ පුලුවං චයිනිස් බඩුවල විතරයි නෙ.
උදාර,
රාජ්‍යයේ ආදායමින් සැළකියයුතු ප්‍රමාණයක් හම්බ වෙන්නෙ විදේශ ප්‍රේෂණවලින්?
ජගත්,
හරි ඉතිං.
ප්‍රසෝ,
දැං ඉන්න කාන්තා පාර්ශවේ ලිපට පිඹින් නෑ බොලං. කිචන් එක ඩාක් වෙනවලු.
එතකොට ශ්‍රී ලාංකිකයි
ReplyDeleteශ්‍රී ලංකාව යනු 1972දී බිහිකරන ලද්දක්.
Deleteහවායි කුකීස්, ගෝල්ඩ් මාරි, ටිපිටිප් යනු ශ්‍රී ලාංකික ආහාර.
වැවා, කාලෙකිං දැක්කෙ කොල්ලා... කොහොමත් ඉතිහාසයේ ඉඳං ම සංස්කෘතීන් එකිනෙක මික්ස් වෙලා තියෙනවනෙ.
Deleteජගත්,
ඇත්ත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවෙන්නෙ හැබැයි ඊට කලිං.
කොකිස් කියන්නෙ කුකීස්. ඒ ගොල්ලන් පුට්ටු කියල කන එක අපිට පිට්ටු. දකුණු ඉන්දියාවෙ තියෙනවා අදීරසම්. ඒක අපිට අතිරස.අපේ කැවුම් කොණ්ඩ කැවුම් වෙන්න ඇති.(අපි කොණ්ඩෙ බැඳපු කහපාට ජාතියනෙ,ඒකනෙ හැම හොරාටම රැවටෙන්නෙ.)
ReplyDeleteඔන්න මන් ගියා අර හෙල බොජුන්හලකට. ඒකෙ තිබ්බෙ වැඩිහරියක්ම දකුණු ඉන්දියානු කෑම.ආප්ප,ඉඳි ආප්ප,වඩේ තෝසෙ පිට්ටු රොටී ජාති.. හ්ම්ම්. හෙලම තමා. හෙලේ පහලටම තමා යන්නෙ බේද අරන්.
සරත්
අදීරසම් අතිරස වෙන්නේ කොහොමද? දෙමළ භාෂාවේ ත,ද අකුරු නැතිනිසා දෙමල කතාකරන්නන් අතිරස අදිරසම් කිව්වා ටවෙන්න බැරිද?
Deleteදකුණු ඉන්දියාව කියලා උඹ දන්නේ දෙමළ භාෂාව කතාකරන්නන් විතරද?
තෙලිඟු, කණ්ණඩ, මලයාලි, වංග ආහාර සංස්කෘතීන් ගැනත් යූ ටියුබයෙන් හොයලා බල. කරාව කොල්ලෙක් කරන wild cook book යූටියුබ නාලිකාවට ඉන්දියානුවන් දමා ඇති කොමෙන්ටු බලව.
සිංහල ආහාර සංස්කෘතියට වැඩිම බලපෑමක් වී ඇත්තේ සිංහල ජාතිය ගොඩනැගීමට අනගි දායකත්වයක් දුන් කේරල සහෝදරයන්ගෙන් බව උඹ දන්නේ නැද්ද?
උඹ දෙමළ ජාතිවාදයට පුක දෙන්නේ මන්ද? උඹ සිංහල කතෝලිකයෙක්ද?
උඹලා වගේ උන් මරාදැමීම ගැන සහරාන්ට ස්තූතිවේවා!
අවුඩදම් තමයි ඖෂධ පසුව ඔසු වෙලා තියෙන්නේ.
Deleteපාඩසාලෙයි තමයි පාඨශාලාව වෙලා පසුව පාසල වුනේ.
චෙට්ටි තමයි සේට්ඨි වෙලා පසුව හෙට්ටි/සිටු වෙලා තියෙන්නේ.
නාඩගම් තමයි නාටකය වුනේ.
දෙමෙල්ලුන්ට පුක දෙන්න මටත් පුළුවන්.
දවසක් අනොමාස් කිචන් යූටියුබ නාලිකාවේ ජැෆ්නා ස්ටයිල් කකුළු කරියක් ගැන වීඩියෝවක් ගියා. යාපනේ ඉන්න හරියට ඉංග්‍රීසි බැරි කොල්ලෙක් ඒක ගැන කොමෙන්ටුවකින් පොරටෝක් එකක් දාලා තිබුනා.
Deleteමම කිව්වා ඔය හොද්ද මම කේරලේදිත් කාලා තියෙනවා කියලා.
එහෙම කියලා මලයාලි බසින් කල කේරලේ ආච්චි කෙනෙක් හදන ඒ කකුළු හොද්ද ගැනම කල වීඩියෝවක ලිංකුවකුත් දැම්මා.
සරත් අයියා,
Deleteඔය කිසිම දේකට කිසිම ජාතියකට අයිතියක් කියන්ඩ බෑනෙ. දැන් ඉන්න තනි පුද්ගලයෙක් ගත්තොත්, එයාට තමන් පෙනී හිටින ජාතිය ගැන 100% ක් පිරිසිදු උරුමයක් නෑ. ඇත්තට ම බැලුවොත් ජාතිය, දේශය, ජන වර්ගය කියන්නෙ, එක් එක් පුද්ගලයන් සාමූහිකව පිළිගන්න සංකල්පයක් විතරයි.
ජගත්,
සරත් අයියට දුන්න උත්තරේ ම අදාළයි. කෝට්ටෙ යුගය වෙනකොට දෙමල සංස්කෘතියෙ බලපෑම ලංකාවෙ සමාජයට තදින් ම තිබුණා. පොඩ්ඩක් මහා පදරංග ජාතකය අරන් බලන්න. ඒකෙ අපි හොඳට දන්න අර්ජුන. අරුච්චන වෙලා. සහදේව, සක්කාතේවන් වෙලා. අනික් උදවිය ගැන නම් මට මතක නෑ.
දෙමළා කියලා ගෝත්‍රයක් බිහිවුනේ 1800න් පස්සේ.
Deleteඊට ඉස්සර දෙමළ කියලා මිනිහෙක් හිටියේ නෑ භාෂාවක් විතරයි තිබුනේ.
බටහිර සමාජ විද්‍යාඤයෝ තමයි හින්දි හැර අනෙක් භාෂා කතාකරන ඉන්දියාවේ මිනිස්සු ඒ භාෂාවල නම්වලින් නම්කලේ. ඒ නිසා අදත් හින්දි කියලා භාෂාවක් මිස මිනිස්සු වර්ගයක් නෑ. ලංකාවේ නම් දෙමළ කියලා තනි ගෝත්‍රයක් නෑ.
ලංකාවේ සිංහල වුණු දෙමලොත්, දෙමල වුණු සිංහලයොත්, සිංහල වුණු බර්ගර්වරුත්, වෙන වෙන සම්මිශ්‍රණත් තියෙනවා. අන්තිමේදි බලනකොට, ඔය හැම එකක් ම විශ්වාසයක් සහ සමාජයේ පොදු පිළිගැනීමක් විතරයි.
Deleteදැන් මේ ඔහේ කියන්න තනන්නෙ... ලන්දේසි අපිට කොකිසුත් පුච්චන් හිට අපිව බැහැ දකින්න ආව කියලද 😄
ReplyDeleteදූපතක් වෙච්චිකොට, ඒකත් මරු තැනක පිහිටිකොට, වෙන දේස දීපංකරවල මිනිස්සුත් පුරාණේ ඉඳල බඩගානකොට 100% දේසීය දෙයක් හොයාගන්න බැහැ නෙව... ආගමේ, ජාතියේ ඉඳල
ඔන්න ඔය කතාවට දාන්ඩ ඔ්නෙ මසුරං...
Deleteදූපතක් වෙච්චි, වෙළෙඳ මාර්ගයක මැද වෙච්චි. කොයිතරං කළවමක් මේ සංස්කෘතියෙ වෙලා ද කියන එක පේනව, හම්බුවෙන පුරාවස්තුවලින්. චීන මැටි බඳුන්, චීන කාසි, ග්‍රීක සහ රෝම කාසි, කුරුස, අනුරාධ පුර යුගයේ ඉඳල ම හම්බවෙනව. අඩුම ගානෙ වැද්දො වත් මේ සංස්කෘතික සංස්පර්ශයෙන් බේරෙන්නෙ නෑ.
ලෝකෙන් උතුම් රට ලංකාවයි කිව්වට දේශීය කියල කිසිම දෙයක් නැනේ....
ReplyDeleteඉන්දියාවෙත් බොම්බේ ස්වීට් කියන කෑම මහමදිකයන් හඳන්වාදුන් කෑම නොවැ.
Deleteපොල් රොටී, කොස් තම්බලා කෑම. කොහිල/පැපොල් ඇඹරැල්ලා කැරිය දේශීය ආහාර විය යුතුයි.
සිංහල භාෂාවත් දේශීය දෙයක්.
බතික් සරම, බෝධිපූජා, සමන්දෙවියෝ දේශීයයි.
කොහිල/පැපොල් අච්චාරුව, ඇඹරැල්ලා කැරිය
Deleteලලිත්,
Deleteඑහෙම තනි දේශීය දේවල් කොයි රටෙත් නෑ නේද?
ජගත්,
ඔය කියන හැම දෙයක් ම වගේ, කාලයත් එක්ක විවිධ සංස්කෘතීන් ගේ ආභාෂයෙන් වෙනස් වෙලා තියෙනව. මං දැක්කා එක තැනක තියෙනව, ලංකාවට පොල් භාවිතය ආවෙ පොලිනීසියානු සංක්‍රමණිකයන්ගෙන් කියල. ඔය අනුරාධපුර දඹදෙනි ආදී යුගවල පොල් කිරි භාවිතය ගැන සඳහන් වෙන්නෙ නෑනෙ. ඒ වෙනුවට කිරිබත් හදන්නෙත් මීකිරි, එළකිරි හෝ ගිතෙල්වලින්.
ඇනෝ,
හරි හරි... වචනයක පිල්ලමක් එහෙ මෙහෙ වෙන්ඩ පුලුවන්...
පොල් පාවිච්චිය නම් දකුණු ඉන්දියාවෙන් (කේරලයෙන්) වෙන්න ඇති. පොලිනීසියන් වචනේ “පොල්“ වලින් පටන්ගන්න නිසා හදපු කතාවක් වියයුතුයි.
Deleteමට තියෙන ප්‍රශ්නයක් තමයි තිරිඟු කියන වචනේ හැදුන විදිය. සංස්කෘත වලින් නම් කියන්නේ ගෝධුම කියලා.
කොච්චි, නයි මිරිස් කියන්නෙ ඇමරිකන් කෑම.
ඇඹරැල්ලා කියන්නේ යුරෝපීයයන් කියුබා දූපත්වලින් හොයාගෙන ආසියාවේ ප්‍රචලිත කල කෑමක්. ඒත් නෙට් එකෙන් බැලුවා ඇඹරැල්ලා ලංකාවේ හදන විදියට වෙන කොහෙවත් හදන්නේ නෑ වගේ. මම බලපු ඉන්දියාවේ ආණ්ඩුවේ කෘෂිකර්ම වෙබ් අඩවියකත් තිබුනේ ලංකාවේ ඇඹරැල්ලා ගැන පාවිච්චිය ගැන ලිපියකින් උපුටාගත් කරුණු.
කොස් මැල්ලුමත් ලංකාවට ආවේනිකයි වගේ පේනවා.
පොලොස් ඇඹුලත් ලංකාවට ආවේනිකයි වගේ. කේරලේ තියෙන්නේ පොලොස් හොද්දක්.
ගෝදම්බා රොටි වලට ඩුබායි ඉන්දියන්කාරයො කියන්නෙ "සිලෝන් පරාටා" කියලයි. ඒත් මලයාලි වලින් "ගෝදම්බා" කියන්නෙ තිරිඟු වලට කියලා කේරල මිත්‍රයෙක් කිව්වා. බලාගෙන ගියාම මලයාලිත් සංස්කෘත වලට සමාන භාෂාවක්.
Deleteකළුදොදොල්ම වෙනත් නමකින් ඉන්දියන් රසකැවිලි කඩවල තියනවා.
- බකුස් -
ඔව්. ආහාර සහ ආහාර රටා කියන්නෙ සොයා බැලීමට රසවත් මාතෘකා...
Deleteපුරාණ සිංහල මනුෂ්‍යෙයා් බිත්තර, පැටවු, ගැබිණි සතුන් ආහාරයට ගැණීම හාරම් ලෙස සැලකූහ. පියදාස සිරිසේන මහාතාගේ සතවරුසයක් මණ පැරණි පොතක බිත්තර දමා සාදන වැඩිං කේක් මගුල් ගෙදරකට වද්දා ගැනුම අශුභ බව දක්වා ඇත.
ReplyDeleteඒ නිසා සිංහල මනුෂ්‍යෙයා් බිත්තර සුදුමද දමා සාදන ආස්මී සහ කහමද දමා සාදන කොකිස් යන පරංගි ආහාර නිර්මාංශී සිංහල ආහාර බවට පරිවර්තනය කලහ.
ඔයිට වඩා වෙනස් මාටින් වික්‍රමසිංහගෙ අදහස. ඔහු කියන්නෙ පොළොවෙ පය ගහල හිටිය සිංහලයා ඔය තරම් සූක්ෂ්මව පණ නැසිම ගැන කල්පනා කළේ නැති බව.
Deleteබිත්තර කෑම / පැටවු කෑම පව්පින් ගැන ප්‍රශ්නයක් නෙමෙයි තිරසාර භාවය ගැන ප්‍රශ්ණයක්. (Sustainability).
Deleteපුරාණ සිංහලයෝ මී වදයක් කඩද්දිත් සම්පූර්ණයෙන් විනාශ කලේ නෑ.
හ්ම්. ඒ ගැන එකගයි. නමුත් ඒය සියල්ල ම වංශ කතා සහ ඒ මත අපි තනාගත්ත උපකල්පන. හැබෑ පුරාතන මිනිස්සු මොක ද කළේ කියල හරියට ම නිහ්චය කරගන්න විදිහක් නෑ.
Deleteකෑම විතරක් නෙමෙයි , කෑමට පස්සෙත් ලංදේසි ඕනෙ වුනා.
ReplyDeletehttps://en.wiktionary.org/wiki/kak
https://www.wordsense.eu/kakhuis/
https://www.urbandictionary.com/define.php?term=kakhuis
කක්ක වැඩේ ඒකනං. හැක්..
Deleteකක්කූස් කියන එක ලන්දේසි හෝ පෘතුගීසි දෙයක් වුණාට, වැසිකිලි සහ කැසිකිලි වෙන වෙනම ගල් වලින් හදාගත්ත බව ට අනුරාධපුරයෙ බටහිරාරාම ආදී තැන්වල නටඹුන්වලින් පේනව. ඒ්වයෙ බැහැරට යන වතුර පවා අඟුරු, බොරළු, වැලි ආදිය පුරවපු මුට්ටි එක පිට එක වළලලා, ඒ හරහා පිරිපහදු කරලා පොලොවට මුදා හැරපු බවට සාධක සීගිරියෙ තියෙනව.
Deleteලංකාව වගේ නිවර්තන කලාපීය රටක පසේ ක්‍ෂුද්‍රජීවි ක්‍රියාකාරීත්වය වැඩියි. එමනිසා ඉක්මනින් කැලි කසල දිරායනවා. ඒ වගේම මේ පින්බිමේ මිනිස්සු ගෙවල්වල හිරකරලා තියෙන කටුක ශීත ඍතුවකුත් නෑ.
Deleteඒ නිසා පුරාණ සිංහල මනුෂ්‍යයන්ට කක්කුස්සි අවශ්‍යවුනේ නෑ.
පුරාණ සිංහල මනුෂ්‍යයන්ට නෙවෙයි, ආක්‍රමණවලින් ව්‍යාකූල වෙලා ඒ මේ අත ජනාවාස හදාගත්තු මධ්‍යකාලීන උදවියට තමයි වැසිකිලි තනාගන්න ශික්ෂණය නැති වුණේ.
Deleteකෝ මේ කොමා, අල හිටවන්න ගිහිල්ලද?
ReplyDeleteකෝ හැබෑට. මූ?
Delete.
.
.
.
පතෑෑෑෑංංං!
කිඹුලා බනිස් යනු සිංහල කෑමක්.
ReplyDeleteනම එහෙම උනාට ඒ හැඩේ පාන් තියෙනව නේද, මධයතන යුරෝපයෙ?
Deleteඅනික කිඹුල බනිස්වලටත් නංචිවලට වගේ ම ප්‍රාදේශීය වයවහාර තියෙනව. එකක් තමයි වියන්රෝල්. ළඟදි ම මට හම්බුණ වචනෙ තමා, කොකා බනිස් හෙවත් කොකෝවා බනිස්.
වියානා රෝල් කියන්නේ පැනිරස කෑමක් නෙමෙයි.
Deleteවියානා නෙමෙයි, වියන්රෝල්... ඒ නමත් කියන්නෙ කිඹුල බනිස්වලට මයි.
Deleteඩ්‍රැකියගෙ තියන යුරෝපීය සබ්දකම් නිසා අපේ දේශීය කෑම පරංගින්ගෙ කියලා ඔප්පු කරන්න හදනවා.. බලංගොඩ මානවයගෙ කොකිස් අච්චුව හම්බෙනකම් විතරයි ඔය බොරු රැවටිලි...
ReplyDeleteබලංගොඩ මානවයගෙ පැටිස් අච්චුව හොයාගන්නකං ඉන්නෙ මං, ඒකත් යුරෝපියන් කියල ඔප්පු කරන්ඩ.
Deleteමේං ඉන්නවා සුපිරිසිදු, කලවං නොවෙච්ච උදාර ජාතියක්:
DeleteThe Sentinelese
https://www.youtube.com/watch?v=yxEcxRpvQDU
හ්ම්... උං කලවං වෙනවට අකමැතියි, හැබැයි උං පේ පිරිසිදු හෙල යක්ඛ ජාන කාරයො වගේ නෙමෙයි, අවංකයි.
Deleteඅල ටික වික්කැයි. එහෙනං හෙල කොකිස් ටිකක් ගෙනහල්ල තුන්දෙනත් එක්ක කනේකයි ඇත්තෙ.
ReplyDeleteහැක්! අල වගේද ගෝවා?😂
Deleteගෝවා කල් තියාගන්න බෑ. ගානත් අඩුයි.
Deleteප්‍රසා,
Deleteකොකිස් තමා හුටංබරස් පුංචිරාලගෙ ජාතික ආහාරය.
ඔන්න ඒක කියද්දි කතාවක් මතක් උනා. මේ පාර අවුරුද්දට ගමේ ගිය වෙලාවෙ, දඬු ලේණෙක් දැක්කා. පොඩිරාළ ඌව ඩ්‍රැකියානිට පෙන්නුවහම, ඩ්‍රැකියානි ඇහුවා, මොකද්ද උගෙ තියෙන විශේෂය කියලා. ඒ ගමන පුංචිරාළ කියනව, "ඌ තමයි අපේ රටේ ජාතික ලේණා" කියල. උන්නැහැගෙ කෑ ගැහිල්ලට ළඟ පඳුරක් ගාව හිටපු ජාතික කුකුල්ලු දෙන්නෙකුත් පැනල දිව්වා.
බකුස්,
නෑ. ඒ දෙක වෙනස්.
ඔන්න දවසක් පිපිඤ්ඤ ගෙඩියකුයි ගෝව ගෙඩියකුයි පොකුණකට නාන්ඩ ගියා. පිපිඤ්ඤ ගෙඩිය පොකුණ දකපු ගමං දුවල ගිහිං වතුරට පැන්නා. ඒත් ගෝව ගෙඩියට එහෙම බෑ. එයා ඉවුර ළඟට වෙලා ඇඳුම් ගලවන්න ගත්තා. පිපිඤ්ඤ ගෙඩිය බලං හිටියා යාළුවා ඇඳුම් අයින් කරලා නාන්න එනකං. එයාට පැය ගාණක් බලාගෙන ඉන්න වුණා. මොක ද, ගෝව ගෙඩියෙ ඇඳුම් එක පිට එක දහස් ගාණක් තිබුණ නිසා. අන්තිමේ පිපිඤ්ඤ ගෙඩිය පැය ගාණක් වතරෙ බැහැගෙන ඉඳලා සීතලක් ඇල්ලුවා.
අදටත් පිපිඤ්ඤ ගෙඩියක් කපල බැලුවොත් ඇතුළ ගොඩක් සීතල බව දැනෙනව. ඒ වගේ ම ගෝව ගෙඩියත් ඇඳුම් ගළවලා, ගළවලා, ඉවර කරන්න බැරි තරම්...
ප්‍රසා,
ගෝව පොලොවෙන් උඩ හැදෙන්නෙ, අල පොලොව යට...
මම අහලා තියෙන්නේ ඔය කතාව වෙන විදියකට.
Deleteපිපිඤ්ඤ වෙනුවට ගිහින් තියෙන්නේ කරවිල ගෙඩිය. එයාට සිතල හැදිලා හිරිගඩු පිපුනා.
ආාාහ්... අන්න මරු.
Deleteමං කිව්වෙ සිබිල් නැන්දා විජය පත්තරේට ඇඳලා තිබුණු, පොඩි කතන්දර පොතක තිබ්බ එකක්, මට මතක හැටියට.
වෙලාවක් තියේනං මේ පැත්තෙත් ඇවිත් යන්න කියල ආරාධනාවක් මේ.
ReplyDeleteගියා,
Deleteආවා,
ගියා,
ආවා,
ගියා,
ආවා,
....
දකුනට ආවෙනික උන කැවිලි දන්නව නම් කියන්නකො
ReplyDeleteමං දන්නෙ නෑ. හොයල ලියන්නම් නේ?
Delete