![]() |
| පින්තූරය ඇන්දෙ - ChatGPT |
අදට අවුරුදු දෙසීයකට තරමේ එපිට කාලයක, ගමක වූ රණ්ඩුවක් ගැන, ඒ කාලයේ ජීවත්වුණ අඹන්පොළ රාළ (අඹන්විට රාළ බවත් කියනව.) ලියූ කවි පංතියක් මේ.
මේ රණ්ඩුවට සහභාගි වුණ අයගෙ නම් ගම් එහෙමත් තිබෙන නිසා, ඒ කාලයේ භාවිත වුණ නම් මොනවද කියාත් මෙයින් දැනගැනීමට පුලුවන්. එහි වැඩිපුර සිට ඇත්තේ කාන්තාවන් ය. සමහර කාන්තාවන් රණ්ඩු කෙකි නෙව!
කාන්තාවන්ගේ නම්:
කළූ, සපූ, සවුන්දරී, ළමී, කුමී, සමිත්තරී, කිරී, ගිරී, පවුත්තරී තමා ඒ අය. දිඹුල් මලී යනුවෙනුත් නමක් සඳහන් ව තිබුණද, එය මේ කවියේ එළිසමය ගැලපීමට යෙදූ නමක් බවයි හැඟෙනුයේ (දිඹුල් ගස්වල මල් තිබෙන බවක් ගැමියෝ විශ්වාස නොකරත්.).
පිරිමි නම්:
රණ්ඩුවට සහභාගි වී, එතන සිටි කාන්තාවන්ගෙන් ගුටි කෑවේ දියෝගු නමැත්තා පමණි. දියෝගු යනු පහතරට වැසියන් පාවිච්චි කළ පෘතුගීසි නමකි.
නල්ලුරුවෙ සෙල්ලා, ඇඹුල්දෙණියේ කිරා, වත්තල කළුවා, යන අයගේ බිරින්දෑවරුන් පමණක් කලහයට එක් වී තිබේ. බඩ බක්කා යන අයගේ දුව ද එතනට ආවද, ගැටුමට සහභාගි වී නැත.
ලමිත් කුමිත් සමිත්තරිත්
කිරිත් ගිරිත් පවුත්තරිත්
ඇවිත් කළ රොසේ
අවුල්නාද සපිරිවර්දනේ
දින දින අවුල්නාද සපිරිවර්දනේ
රකිත් සිටිත් අනිත් බනිත්
ගසත් ඉසිත් ගලුත් වැලුත්
මමත් දුටු ලෙසේ
අවුල්නාද සපිරිවර්දනේ
දින දින අවුල්නාද සපිරිවර්දනේ
දිඹුල්මලිට ඇන්න ටොක්ක
බුබුල් නැඟුනි හිස හැම තැන
ඇඹුල් දෙසි ලෙසේ
අවුල්නාද සපිරිවර්දනේ
දින දින අවුල්නාද සපිරිවර්දනේ
එකල් දියගු දිවගෙන ගොස්
දිඹුල් දියට කඩන් පැනපි
කිඹුල් මොටෙකු සේ
ඔහොයියා
දින දින අවුල්නාද සපිරිවර්දනේ
එතැනම සිට ගුල්ලො නොවිදි
ඉන්නක් ගෙන බල්ල කියා
ගසන කල සිටා
අවුල්නාද සපිරිවර්දනේ
කොල්ල සේම ගොස් දියෝගු
බල්ල සේම පැනපිය ගොස්
වල්ල කැලයටා
අවුල්නාද සපිරිවර්දනේ
දින දින අවුල්නාද සපිරිවර්දනේ
බක්ක කියන හකුරගෙ දුව
අක්කෙ නුඹත් එන්නෙද
අන්නක්ක නෙලුමටා
අවුල්නාද සපිරිවර්දනේ
දින දින අවුල්නාද සපිරිවර්දනේ
හක්ක දෙපිට දත් එළියට
ටොක්ක නොකා පැනපිය ලිප්
- බොක්ක ඇතුළටා
අවුල්නාද සපිරිවර්දනේ
දින දින අවුල්නාද සපිරිවර්දනේ
තිත්ත කථාවෙන් බැණ බැණ
වත්ත පහළ තිබුණු කිතුල්
- පිත්ත ගනිමිනා
අවුල්නාද සපිරිවර්දනේ
දින දින අවුල්නාද සපිරිවර්දනේ
පොත්ත ඉගිලි හඩක් ගසා
අත්තන කැලයට දුවපිය
(අඹන්පොළ රාළ කවියාගේ පබැඳුමකි.)
අන්නක්කා = අන්නාසි
2025.01.14

+++++++
ReplyDeleteස්ස්ස්තූතියියියි...
Deleteකෝලහලේකට ගිහින් මගෙ යාළුවෙක් මලා
ReplyDeletehttps://web.facebook.com/TimesofIndia/videos/italy-explodes-in-riots-capital-rome-on-fire-amid-arson-teargas-shelling-clashes
Deleteමගේත් යාලුවෝ දෙන්නෙක් නැතිවුණා අනවශ්‍ය කෝලාහල වලට පැටලෙන්න ගිහිල්ල, ඉවසීම නැති නිසා තමයි, මම නම් ඉවසීම ප්‍රගුණ කරනවා පුළුවන් තරම්
Deleteමගෙ යාලුවෙක් ප්‍රගුණ වැඩිවෙලා මලා
Deleteඅනේ මන්ද ප්‍රගුණ ද නුහුගුණේ ද?
Deleteයාලුවෙක් මැරෙන ඇනෝ,
Deleteකෝලහාලවලට යන්ඩ නරකයි, කොහොමත්.
ප්‍රා,
ඒ ලිංක් එක මට පේන් නෑනෙ...
ඊළඟ ඇනෝ,
ඇත්ත. නමුත් මෙයා කියන්නෙ අර හැම එකකට ම ගිහිං යාලුවෙක් මැරෙන කතාව...
ප්‍රා,
ඇත්ත. මොකවත් ප්‍රගුණ කරන්ඩත් නරකයි.
ඇනෝ,
යමක් ප්‍රගුණ කිරීමත් අන්තයකට ගියොත් නුහුගුණේට හැරෙනව.
පරණ නම් ගම් ටික අපූරුයි.👌
ReplyDeleteඔබතුමාගෙ නම බැස්ටියන් සපිරිවර්ධන ද?
Deleteනාදෙ නං හරි.
මැද නම "අවුල්නාද". කොහොම වුනත් ඔබතුමා මෙහෙම එලියට-පහලියට ඇවිත් කමෙන්ට් කරන එකම මඳෑ? 😋😁😜👌🙏
Deleteචිත්ත බියගෙනා
Deleteබකුෂ්,
Deleteඅඹතලේ උන්නෙ නැද්ද ඔය වගේ නාම ධාරියො?
ප්‍රා,
ආන්න ඒක තමයි මටත් හිතුණෙ මුලින් ම දැක්ක ගමන.
බකුෂ්,
නාදය අවුල් කරගන්ඩ එපා බොලං.
ප්‍රා,
චීත්ත ගැන මොකවත් කියන්ඩ එපා.
අන්නක්කා --- ආනාක්කා නිලන්ති විජේසිංහ නිලිය රගපෑ ටෙලියක චරිතයක් මතක් උනා.
ReplyDeleteකොළොම්පුරේ අසංග
ආනක්කා කියන්නෙ යටත්විජිත සමයේ ගැමි නමක් නෙ.
DeleteAnna
Deleteඒකෙ විවිධ නාම ප්‍රභේද තිබුණා නේ? අනෝ හාමි, ආනම්මා, ආදී වශයෙන්...
Deleteකවිය වගේම ඒකට සාධාරණයක් කරා බැද්දගේ මහත්තයා.
ReplyDeleteඇත්ත. උන්නැහැ කියනව වගේ ම අමු ගැමියෙක් නෙ...
Deleteමේක විරිඳු පන්තියක්
ReplyDeleteඔව් නේ? සමහරවිට ප්‍රවෘත්තියක් කටින් කට යවන්න යොදාගත්ත රසවත් ක්‍රමයක් වෙන්ඩැති.
Deleteනම් ටික නියමයි.
ReplyDeleteහැබෑට කොහොම ද, දැන් කාලෙත් ඒ වගේ නම් තිබුණනං? නිලක්ෂි බණ්ඩාර වෙනුවට දාන්ඩ තිබ්බෙ සිරික්කිනා වගේ නමක්.
Deleteකෝ මේ නයා?
ReplyDeleteමමත් වලි කතා වලට කැමතියි, ඒත් ඇත්තම ප්‍රචන්ඩත්වයට කැමති නෑ.
Cobra Chickene
හැබෑට කෝ මේ නයා? මං මේ දිඩි ගාල හොයනව...
Deleteමේව ආතල් නේ...
ReplyDeleteචිරාන් වින්ඩ්සර් බුකිාය ඉන්නව. කමෙන්ට් අතරමගදි හම්බෙනව. සිංහල නං පොර තමා ඈ.
චිරාන් වින්ඩ්සර්?? Epstein ෆයිල්ස් වලත් හිටියට කොහෙද?
Deleteජපන් ක්‍රමේට සමාව අයදිමි.
නෑ නෑ බසූ. ඔය දාල තියෙන වීඩියෝ එක බලන්න. ඒකෙ තියෙන නම. මං හිතන්නෙ ඒ සිංදුව අප්ලෝඩ් කල කෙනා වෙන්න ඕන.
Deleteඒ නම බුකියෙ සර්ච් කරන්න. පොරගෙ පෝස්ට් වලට වඩා කමෙන්ට් බලන්න. පෝස්ට් වුණත් මරු.
සිරා පොරක්.
ජපං කෙමේ මරු 😂😂😂
Deleteමහේෂ්,
Deleteචිරාන් වින්ඩ්සර් එක්තරඑා විදිහක ලෙජන්ඩ් එකක්.
භක්ෂා,
ඔය ජපං ක්‍රමේ එන්නෙ ඩොල්පින් හරි සීල් හරි ගෙන් වෙන්ඩ ඔ්නෙ.
මරු කවි ටික ඩ්‍රැකී. පළකලාට ඉස්තුතිය. දිඹුල් දිය කියන්නෙ මොකක්ද?
ReplyDeleteදිඹුල් දිය ගැන සුභාෂිතයේ සඳහන් වෙනව නේ? එතන සදහන් වෙන්නෙ, දිඹුල් මල් අපේක්ෂෘවෙන් ගහට දිය වත් කරලා වැඩක් නෑ කියන එක. තව ආයුර්වේදයෙ කියවෙනව, අත්තික්කා ගෙඩි හෝ පොතු තම්බපු වතුර ගැන. ඒක ඇඟ සිසිල් කරන ඖෂධයක්.
Deleteසමහරවිට මෙතන දිඹුල් දිය කියන්නෙ එහෙම දිඹුල් පොතු / ගෙඩි තම්බපු විශාල හැලියක් ද දන්නෑ?