Monday, February 2, 2026

අඹන්පොළ රාළගෙ අපූරු සාක්කිය - උපුටාගැනීමකි

පින්තූරය ඇන්දෙ - ChatGPT

අදට අවුරුදු දෙසීයකට තරමේ එපිට කාලයක, ගමක වූ  රණ්ඩුවක් ගැන, ඒ කාලයේ ජීවත්වුණ අඹන්පොළ රාළ (අඹන්විට රාළ බවත් කියනව.) ලියූ  කවි පංතියක් මේ. 

මේ රණ්ඩුවට සහභාගි වුණ අයගෙ නම් ගම් එහෙමත් තිබෙන නිසා, ඒ කාලයේ  භාවිත වුණ නම් මොනවද කියාත් මෙයින් දැනගැනීමට  පුලුවන්. එහි  වැඩිපුර සිට  ඇත්තේ  කාන්තාවන් ය. සමහර කාන්තාවන් රණ්ඩු කෙකි නෙව! 

කාන්තාවන්ගේ නම්:

කළූ, සපූ, සවුන්දරී, ළමී, කුමී, සමිත්තරී, කිරී, ගිරී, පවුත්තරී තමා ඒ අය.  දිඹුල් මලී යනුවෙනුත් නමක් සඳහන් ව තිබුණද, එය  මේ කවියේ එළිසමය  ගැලපීමට  යෙදූ  නමක් බවයි හැඟෙනුයේ (දිඹුල් ගස්වල මල් තිබෙන බවක්  ගැමියෝ විශ්වාස නොකරත්.).

පිරිමි නම්:

රණ්ඩුවට  සහභාගි වී, එතන සිටි කාන්තාවන්ගෙන් ගුටි කෑවේ දියෝගු නමැත්තා පමණි.  දියෝගු යනු පහතරට වැසියන් පාවිච්චි කළ පෘතුගීසි නමකි.

නල්ලුරුවෙ සෙල්ලා, ඇඹුල්දෙණියේ කිරා, වත්තල කළුවා, යන අයගේ බිරින්දෑවරුන් පමණක් කලහයට  එක් වී තිබේ.  බඩ බක්කා යන අයගේ දුව ද එතනට ආවද, ගැටුමට සහභාගි වී නැත.

කළුත් සපුත් සවුන්දරිත් 
ලමිත් කුමිත් සමිත්තරිත්
කිරිත් ගිරිත් පවුත්තරිත්  
ඇවිත් කළ රොසේ 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

පසුත් පෙරත් දෙයත් වරත් 
රකිත්  සිටිත්  අනිත්  බනිත් 
ගසත්  ඉසිත්  ගලුත් වැලුත් 
මමත් දුටු ලෙසේ 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

ඇඹුල්දෙනියෙ කිරාගෙ අඹු
දිඹුල්මලිට ඇන්න ටොක්ක
බුබුල් නැඟුනි හිස හැම තැන 
ඇඹුල් දෙසි ලෙසේ 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

නැඹුල් යකුට නිති පුදකොට
එකල් දියගු දිවගෙන ගොස් 
දිඹුල් දියට කඩන් පැනපි 
කිඹුල් මොටෙකු සේ 
ඔහොයියා 

අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

නල්ලුරුවේ සෙල්ලගෙ අඹු
එතැනම සිට ගුල්ලො නොවිදි
ඉන්නක් ගෙන බල්ල කියා 
ගසන කල සිටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

ඉල්ල කකා ආඬින් වෙත 
කොල්ල සේම ගොස් දියෝගු
බල්ල සේම පැනපිය ගොස් 
වල්ල කැලයටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

ටොක්ක නොහැර ඉන්නා බඩ
බක්ක කියන හකු‍රගෙ දුව
අක්කෙ නුඹත් එන්නෙද 
අන්නක්ක නෙලුමටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

කෙක්ක අගින් ඇන්න කලට
හක්ක දෙපිට දත් එළියට 
ටොක්ක නොකා පැනපිය ලිප්
- බොක්ක ඇතුළටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

වත්තල කළුවාගෙ අඹුව
තිත්ත කථාවෙන් බැණ බැණ
වත්ත පහළ  තිබුණු කිතුල්
- පිත්ත ‍ගනිමිනා

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

පැත්ත පිටට දුන් කල සම්
පොත්ත ඉගිලි හඩක් ගසා
අත්තන කැලයට දුවපිය 
චිත්ත බියගෙනා 

(අඹන්පොළ රාළ කවියාගේ පබැඳුමකි.)

අන්නක්කා = අන්නාසි

Channa Withana

2025.01.14



32 comments:

  1. කෝලහලේකට ගිහින් මගෙ යාළුවෙක් මලා

    ReplyDelete
    Replies
    1. https://web.facebook.com/TimesofIndia/videos/italy-explodes-in-riots-capital-rome-on-fire-amid-arson-teargas-shelling-clashes

      Delete
    2. මගේත් යාලුවෝ දෙන්නෙක් නැතිවුණා අනවශ්‍ය කෝලාහල වලට පැටලෙන්න ගිහිල්ල, ඉවසීම නැති නිසා තමයි, මම නම් ඉවසීම ප්‍රගුණ කරනවා පුළුවන් තරම්

      Delete
    3. මගෙ යාලුවෙක් ප්‍රගුණ වැඩිවෙලා මලා

      Delete
    4. අනේ මන්ද ප්‍රගුණ ද නුහුගුණේ ද?

      Delete
    5. යාලුවෙක් මැරෙන ඇනෝ,
      කෝලහාලවලට යන්ඩ නරකයි, කොහොමත්.

      ප්‍රා,
      ඒ ලිංක් එක මට පේන් නෑනෙ...

      ඊළඟ ඇනෝ,
      ඇත්ත. නමුත් මෙයා කියන්නෙ අර හැම එකකට ම ගිහිං යාලුවෙක් මැරෙන කතාව...

      ප්‍රා,
      ඇත්ත. මොකවත් ප්‍රගුණ කරන්ඩත් නරකයි.

      ඇනෝ,
      යමක් ප්‍රගුණ කිරීමත් අන්තයකට ගියොත් නුහුගුණේට හැරෙනව.

      Delete
  2. පරණ නම් ගම් ටික අපූරුයි.👌

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගෙ නම බැස්ටියන් සපිරිවර්ධන ද?
      නාදෙ නං හරි.

      Delete
    2. මැද නම "අවුල්නාද". කොහොම වුනත් ඔබතුමා මෙහෙම එලියට-පහලියට ඇවිත් කමෙන්ට් කරන එකම මඳෑ? 😋😁😜👌🙏

      Delete
    3. චිත්ත බියගෙනා

      Delete
    4. බකුෂ්,
      අඹතලේ උන්නෙ නැද්ද ඔය වගේ නාම ධාරියො?

      ප්‍රා,
      ආන්න ඒක තමයි මටත් හිතුණෙ මුලින් ම දැක්ක ගමන.

      බකුෂ්,
      නාදය අවුල් කරගන්ඩ එපා බොලං.

      ප්‍රා,
      චීත්ත ගැන මොකවත් කියන්ඩ එපා.

      Delete
  3. අන්නක්කා --- ආනාක්කා නිලන්ති විජේසිංහ නිලිය රගපෑ ටෙලියක චරිතයක් මතක් උනා.
    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. ආනක්කා කියන්නෙ යටත්විජිත සමයේ ගැමි නමක් නෙ.

      Delete
    2. ඒකෙ විවිධ නාම ප්‍රභේද තිබුණා නේ? අනෝ හාමි, ආනම්මා, ආදී වශයෙන්...

      Delete
  4. කවිය වගේම ඒකට සාධාරණයක් කරා බැද්දගේ මහත්තයා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. උන්නැහැ කියනව වගේ ම අමු ගැමියෙක් නෙ...

      Delete
  5. මේක විරිඳු පන්තියක්

    ReplyDelete
    Replies
    1. ඔව් නේ? සමහරවිට ප්‍රවෘත්තියක් කටින් කට යවන්න යොදාගත්ත රසවත් ක්‍රමයක් වෙන්ඩැති.

      Delete
  6. Replies
    1. හැබෑට කොහොම ද, දැන් කාලෙත් ඒ වගේ නම් තිබුණනං? නිලක්ෂි බණ්ඩාර වෙනුවට දාන්ඩ තිබ්බෙ සිරික්කිනා වගේ නමක්.

      Delete
  7. කෝ මේ නයා?
    මමත් වලි කතා වලට කැමතියි, ඒත් ඇත්තම ප්‍රචන්ඩත්වයට කැමති නෑ.
    Cobra Chickene

    ReplyDelete
    Replies
    1. හැබෑට කෝ මේ නයා? මං මේ දිඩි ගාල හොයනව...

      Delete
  8. මේව ආතල් නේ...
    චිරාන් වින්ඩ්සර් බුකිාය ඉන්නව. කමෙන්ට් අතරමගදි හම්බෙනව. සිංහල නං පොර තමා ඈ.

    ReplyDelete
    Replies
    1. චිරාන් වින්ඩ්සර්?? Epstein ෆයිල්ස් වලත් හිටියට කොහෙද?

      ජපන් ක්‍රමේට සමාව අයදිමි.

      Delete
    2. නෑ නෑ බසූ. ඔය දාල තියෙන වීඩියෝ එක බලන්න. ඒකෙ තියෙන නම. මං හිතන්නෙ ඒ සිංදුව අප්ලෝඩ් කල කෙනා වෙන්න ඕන.
      ඒ නම බුකියෙ සර්ච් කරන්න. පොරගෙ පෝස්ට් වලට වඩා කමෙන්ට් බලන්න. පෝස්ට් වුණත් මරු.
      සිරා පොරක්.

      Delete
    3. ජපං කෙමේ මරු 😂😂😂

      Delete
    4. මහේෂ්,
      චිරාන් වින්ඩ්සර් එක්තරඑා විදිහක ලෙජන්ඩ් එකක්.

      භක්ෂා,
      ඔය ජපං ක්‍රමේ එන්නෙ ඩොල්පින් හරි සීල් හරි ගෙන් වෙන්ඩ ඔ්නෙ.

      Delete
  9. මරු කවි ටික ඩ්‍රැකී. පළකලාට ඉස්තුතිය. දිඹුල් දිය කියන්නෙ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. දිඹුල් දිය ගැන සුභාෂිතයේ සඳහන් වෙනව නේ? එතන සදහන් වෙන්නෙ, දිඹුල් මල් අපේක්ෂෘවෙන් ගහට දිය වත් කරලා වැඩක් නෑ කියන එක. තව ආයුර්වේදයෙ කියවෙනව, අත්තික්කා ගෙඩි හෝ පොතු තම්බපු වතුර ගැන. ඒක ඇඟ සිසිල් කරන ඖෂධයක්.

      සමහරවිට මෙතන දිඹුල් දිය කියන්නෙ එහෙම දිඹුල් පොතු / ගෙඩි තම්බපු විශාල හැලියක් ද දන්නෑ?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි