මුලිම්ම කියවන්ඩ ආපු කතාව කියවල ඉමුකො...
ඔන්න එකෝමත් එක රටක තිබුණා ගම්පහ කියල ප්‍රදේශයක්. ඒකෙ තිබුණා ගණේමුල්ල කියල හරියක්. මම ඔය කියන කතාව ට පසුබිම් වෙන කාලෙ ගණේමුල්ල කියන්නෙ නිකම්ම නිකං කඩ මණ්ඩියක් විතරයි. ඔය ගණේමුල්ල කඩමණ්ඩියෙ ඉඳල හැතැම්ම දෙක හමාරක් විතර දකුණු පැත්තට වෙන්ඩ තිබුණා, අන්දිරිස් අප්පු කියලා සූර වීර වඩු රාළ කෙනෙකුට රජ්ජුරුවො නීන්දෙ පවරලා දුන්නු ගොරකගහවත්ත කියල ඉඩමක්...
ඔන්න ඔහොම කියනකොට අපේ අනික් කතා කියවල තියෙන උදවියට මතක් වෙන්ඩ ගන්නව සුල මුල.
ඔය අන්දිරිස් අප්පුගෙ මුණුපුරා වෙච්ච විලියොං සිංඥො වාසය කළේ, අන්දිරිස් අප්පු, උන්දැගෙ මස්සිනා වෙච්ච ගොරක යකා එක්ක ගොඩ නගාපු මහ විසාල සොල්දර ගෙදර. විලියොං ආතා, ජීවිකාව හැටියට කළේ කවිමඩු පවත්වපු එක. (එයිට අමතරව කඩයක් කරපු එක, වත්ත පිටිය වගා කරපු එක සහ වඩු කර්මාන්තය කළේ විනෝදාංශ වශයෙන්...) උන්දැ බොහොම දක්ස විනෝදකාමී කවියෙක්.
"...කවි රස බෙදා අප හැම දෙන සතුටු කළ
කවි යන් හැමට මම පුද දෙමි කෙහෙම්මල..."
කියල ස්තූති කවියකින් උන්දැ එක කවි මඩුවක් ඉවර කරපු බව, මගෙ අර ඉස්කෝලෙ මහත්තුරු පෝස්ට් එකේ සඳහන් කරපු පොද්දල්ගොඩ මහත්තෙයගෙ නෝන මහත්තෙයට මතක තිබුණා. (මම දවසක් පොද්දල්ගොඩ මහත්තයගෙන් සාම විනිසුරු අස්සනක් ගන්ඩ ගිය වෙලාවක මාත් එක්ක කිව්වෙ...)
විලියොං ආත දවසක් මන්නෙ මුවහත් තියන්ඩ ගත්ත. උන්දැගෙ වඩු මඩුවෙ තිබ්බ, අර පණ්ඩුවාසුදේව කුමාරය සරණපාවාගත්තු භද්දකච්ඡායනා කුමරිය එක්ක ආව කුළ දහ අටෙං එකක් නෙව වඩු කුළේ. ආං ඒ වඩු කුළේ කාෂ්ඨවාහන කුමාරය දඹදිවින් ගෙනාපු ඇමරි ගල. (හෑ...! මයෙ තුං හිතකවත් තිබ්බ එව්වද බොලේ මේ ටයිප් වෙන්නෙ? මේ කී බෝඩ් එක හදාපු කොම්පැනියෙ වැට දිගට ගංජ පැල වත් ඉන්දල තිබ්බද?) ආං ඒ ඇමරි ගලේ උලල තමයි උන්දැ මන්නෙ මුවහත් තිබ්බෙ. හරි ගාණට ගණං කරලා වාර දෙකක් උලල ගත්ත නං, මන්නෙ අවුරුදු පහක් තිස්සෙ කිසි වෙනසක් නැතුව බටර් කපනව වගේ කැපෙන්ඩ ගන්නව. කොහෙ? විලියොං ආත වෙන කල්පනාවක් පිට මන්නෙ තව එක පාරක් වැඩිපුර ඇමරි ගලේ උලලා.
තමන්ට ගාණ වැරදුනු බව දැනගෙන විලියොං ආතා බොහොම පරිස්සමට මන්නෙ මිට දෑතින් ම අල්ලලා, බොහෝම පරිස්සමට (දෙවරක් පරිස්සමට...) අරං තියන්ඩ උස්සලා ගන්න කොට, ඒකෙ හෙවනැල්ල වැටිලා ඉස්තෝප්පුවෙ තිබ්බ හාංසි පුටුවෙ කකුල් හතරම කැපිලා ගියා.
දැං ඉතිං මොකද කරන්නෙ? උන්දැ පරිස්සමට කොළපත් දහ තුනක ඔතලා, මන්න පිහිය වී පෙට්ටිය යටින් තිබ්බා. ඒ කල්ලා හිටං ඇමරි ගල ගන්ඩ පාත් වෙන කොට, අත බැරිවෙලා, ඇමරි ගල බිම පෙරළි පෙරලි ගිහිං ඉස්තෝප්පුවෙන් මිදුලට වැටුණා.
ආතා, ඒ පස්සෙං ගියා ඇමරි ගල අල්ලගන්ඩ. උන්දැගෙ කකුල ලෙසටම කැපිලා ලේ ගලන්ඩ ගත්තා. ඒ කොහොම ද ඇහුවා? ඇයි අර ඇමරි ගල පෙරලි පෙරලි ගියපු ගොම මැටි පොළොව, ඇමරි ගල ඇතිල්ලිච්ච පාරට මුවහත් වෙලා.
හපෝ වෙච්ච දෙයක්! විලියොං ආතා කකුලට බෙහෙත් දාගෙන ඇවිදිං කරාපු පළවෙනි ම වැඩේ තමා ගොම මැටි පොලොවට ටයිල්... නෑ නෑ ඒ කාලෙ ටයිල් තිබ්බෙ නෑ. රෝස තිරුවාණ ගල් පතුරු අල්ලපු එක.
පස්සෙ මොකද කරන්නෙ, අර ඇමරි ගලත් පරිස්සමට අරගෙන, සුරුට්ටු පෙට්ටියක දාලා, වළ දැම්මා. තව මොක මොකවත් වෙන්ඩ කලිං.
කාලයක් ගත වෙද්දි, අර ඇමරි ගළ වළලපු තැනිං පොඩි පැලයක් පැල වුණා. ඒ පැලේ ටිකෙන් ටික ලොකු වෙලා ආව. ඒකෙ කොළ තනිකර ම කිණිසි වගේ මුවහත්. ඒ ගහ යටිං දුවපු වරත්තු බල්ලෙක්, උගෙ කරුමෙට ඒ වෙලාවෙ ම, වේලිච්ච කොළයක් උගෙ පිටට වැටිලා, බල්ලා දෙකට කැපිලා වැටුණා.
ආං ඒ වෙලාලෙ තමා කාට කාටත් ඒ ගහේ තිබුණු අනතුරුදායක බව පෙනුණෙ. විලියොං ආතා ගස් කැපිල්ලට දක්ස තමංගෙ බාල පුතා (ඒ කියන්නෙ අපේ බාප්පා - ගුණරත්න) ට අඬ ගහලා කිව්වා, පරිස්සමට අර පැලේ කපල දාහං කියල.
බාප්පත් මීටර් සීයක් විතර දිග මිටක් ගහපු කැත්ත අරං ගියා ගහ කපන්ඩ. ඇයි ඉතිං ඈතට වෙලා එපැයි ගහ කපන්ඩ. කැත්තෙං ගහේ කඳට එකයි ගැහුවෙ, කැත්තෙ වානේ තලේ දෙකට කැපුණා. ඔය වානේ කැත්ත හදල තිබ්බෙ රේල් පීල්ලක් තලල අරගෙන. එච්චරට හයියයි.
ඒ පාර බාප්පා කරපු වැඩේ තමං කවද හරි කන්තලේ මහ ගස් කපන්ඩ ගෙනියන්ඩ කියල තියාගෙන හිටපු මහ පොරොව ගෙනත් කෙටුවා. දෙකක් කොටන කොට අර ගහේ පතුරක් ගැළවුණා.
පස්සෙ ඒ පතුරෙන් හදාගත්ත කැති තලේකින් තමා ගහ කපල බිම දැම්මෙ. ඔය කියන ගහේ ඇටවලින් හැදිච්ච පැල තමා ඔන්න කැපුංකීරිය කියන්නෙ. අදටත් බලන්ඩ ඇස්වහක් කටවහක් නෑ... කැපුංකීරිය ගහේ කොලේ අගිසි කිණිසි වගේ උල්...
ඔය ගහ වත්ත පහලට ඇදං ගිහිං ගිණි තියල දාන්ඩ කියලා විලියොං ආත තමන්ගෙ පුත්තු තුන් දෙනාට කිව්වා. අපේ තාත්තයි මහප්පයි ගහ පරිස්සමට ඇදගෙන ගියා පහලට. ඒ අතරෙ දර කෝටු, හණසු, පොල් අතු අගිස්, එකතු කරපු බාප්පා හුළු අත්තක් හදාගත්තා. ඒ හුළු අත්ත පත්තු කළා විතරයි පළාතක් ම අන්ධකාර උනා. ඒ කොහොමද? හුළු අත්ත නිවපු බාප්පා ඒක ලෙහල බලද්දි තමයි දැක්කෙ, හුළු අත්ත මැදට වෙන්ඩ තිබුණා කළුවර ගහක කෝට්ටක්.
පස්සෙ පස්සෙ ගමේ ගෙවල්වලට හොරෙක් පනින්ඩ පටං ගත්තා, මහ දවල්. උන්දැ එන්නෙ හුළු අත්තක් අරගෙන. ඒක පත්තු කරපුහාම තිත්ත කළුවරයි. ඉතිං කවදාවත්, කාටවත් හොරාව අල්ලගන්ඩ බැරි වුණා.
ඔන්න ඉතිං දෙවෙනි සෙමෙස්ටරේ අසයින්මන්ට් නං ඉවර උනා. තව සති දෙහෙකිං විතර විභාග පටං ගන්නව. ඒ අතරෙ බ්ලොග්වලට එන්ඩ පුළුවං වෙයි කියල හිතනව. අර මං උඩිම්ම කියන්ඩ ගියෙ ඒක.
හේ හේ 😃 මැන්චෝසන් උන්නැහේ මොනව බීලද මේක ලිව්වේ . අර කැපුං කිරිය පලේ මට නම් පේන්නේ කංසා පැලයක් වගේ නේ. විභාගෙත් මෙහමනම් ලියන්නේ උත්තර පත්තරේ බලන කෙනාට හෘදයාබාධයක් හැදෙයි කියලා තමයි බය
ReplyDeleteමේක, අපේ තාත්ත කාලෙකට කලිං කියපු කතාවකට, පසුකාලීනව මායි "පෙ සා" යි ෆේස් බුක් එකේ එකතු කරපු ටිකක් දාල, ලියාපු එකක්.
Deleteහිනා ගියානං මගෙ අරමුණ සාර්ථකයි.
අපේ විභාගෙ මරු ඈ... මිඩ් සෙමෙස්ටරේ ලකුණු දෙන්නෙ මේ සතියෙ. ලකුණු ආවම බලාගන්න වෙන්නෙ අපි කලින් කෙළපු බුලේ සාර්ථකත්වය.
හිනා ගිහින් නතරවුනොත් ඇති.හිනාවෙලාම පන යනවා.
Deleteහපොයි. මගෙ "ගජබින්නාලංකාරය" කැටගරියෙ ඇති තවත් කතා විස්සක් විතර. කියෝල ම එන්ඩ. තව ඉස්කෝලෙ මහත්තුරු ලිපි ටිකත් ඔය වගේ තමා.
Deleteහෙහ්,හෙහ් උන්න හැටියට මලා මඳැයි කිව්වැහෙ, මෙහෙම හරි ලියපු එකට පිං. මේකෙම තියෙන අර ලින්ක් දෙකත් නියමයි. සුමානෙකට ඇති.
ReplyDeleteඈ බං, එතකොට පිරිසිදු හැල යක්ඛ කියල ජාතියක් නැද්ද? ඉන්දියාවෙන් කල දහ අටක්ම ඉම්පෝට් කලා නං, පිරිසිදු හැළ බසට හතරවරං දෙවි පිහිටයි. හැබැයි ඕක කලේක දාලා වලලලා තියාගත්තා නං කලවම් නොවී තියාගන්නත් තිබ්බා.🤔
ලිංක් දෙකක්? මං ලිංක් දහ අටක් විතර දැම්මනෙව. ආපහු බලන්ඩ!
Deleteකළ නෙමෙයි ඉංදියාවෙං ඉම්පෝට් කළේ "කුළ". අපේ මුල් ගම වෙච්ච බෙන්තරත් ඔය සිරිමහබෝදිය එක්ක ආව වඩු කුළයක් තියෙනව කියල සුදික කිව්වෙ.
ඉංදියාවෙං ඉම්පෝට් කරන එක ඉතිහාසෙ ඉඳම්ම තියෙනව නෙ. අපේ මුල් රජ්ජුරුවො විජය, එයාගෙ නෝනා, එයාගෙ අනුප්‍රාප්තිකය, එයාගෙ නෝනා, අභිෂේක ක්‍රමය, බුදුදහම, අක්සර මාලාව, සිරිමහබෝදිය, දාතු, දහ අට කුළේක කර්මාන්ත, කාසි ක්‍රමේ... ඔය හැම එකක් ම ගෙනාවෙ ඉංදියාවෙංය කියල මහානාම හාමුදුරුවො ලියල තියෙන්නෙ.
This comment has been removed by the author.
Deleteහෑ, අටක් විතර තියේ නං තව වටිනවා.
Deleteමට නං ඔය කලවම අවුලක් නෑ. ඒක නිසා භාෂාව, සංස්කෘතියක, තාක්ෂණය දියුණු වුනා කියලයි හිතෙන්නෙ. ඔහොම කලවම් නොවිච්ච ගෝත්‍රයක් ඉන්දියාවට කිට්ටු දූපතක තවම අමුඩ ඇඳගෙන ඉන්නවා කියල කොහේදෝ දැක්කා
සීගිරි ගල යට තියන හැල රාවණා අදිරාජයාගේ අඟහරු නාස්ටික රසදිය විමාණ මිෂන් සෙන්ටර් එකේ ස්ටූල් හදන්න ගෙනාපු අය කියලයි ආචාර්ය මිරැන්ඩෝ මැන්චෝසංසේකර කිව්වෙ
Deleteබකුස්,
Deleteසංස්කෘතික සංස්පර්ෂය වෙනම එකක්. මහනායක හාමුදුරුවරු බොරු බේගල් දෙසා වදාරන එක වෙනම එකක්.
අර කියව්වෙ උතුරු සෙන්ටිනෙල් දූපත ගැන...
ප්‍රා,
ආං එතන තමා පෞරාණික නාසායතනය තිබුණෙ. ඒකට කිව්වෙ නේවසඤ්ඤ නාසායතනය කියල.
ආන්න ජංසං උන්දලා තමයි. නමත් නිකං අපේ නමට කිට්ටුයි නේද?
DeleteSentinelese
ඔවි නේ... අපේ බහුතරයක් ජහමනයාත් ඔය සෙන්ටිනෙල්වරු වගේ තමා. ලෝකෙ උතුම්ම, ලොකුම, උසස් ම, පරණ ම කෙහෙම්මල් තියෙන්නෙ මෙහෙ කියල උඩදාගෙන නටන උදවිය. එව්ව ප්‍රොමෝට් කළොත් ඡන්දෙයක් උනත් දිනාගන්ඩ පුළුවං.
Deleteවිලියොං ආතත් පැවත එන්ටේ රාවනා පරපුරෙන් බවයි මට හැඟෙන්නේ..
Deleteමේක දැක්කද?
Deleteඅඩේ මේක නියමයි ලොකා. බාර් එක වැනිල්ල මසුරං. මට බඩගිනිත් හැදුනා.🙏👌😊
Deleteහෑ...! බෝ මේක දැක්කෙ නැද්ද, කලිං?
Deleteදැකල තියනවා. අර කමෙන්ට් එකකුත් තියෙන්නෙ. අමතක වෙලා තිබුනෙ. ආයෙ ගිහින් පැතුම්ගෙ එකත් කියෙව්වා.😊
Deleteඒක තමයි. මේ මෑතක ලියපු එකක් නෙ. පැතුමගෙ කොටහ තමයි මරු ඈ...
Deleteආං පැතුම තව එකක් ලියල...
Deleteඅර හංගාපු මන්නෙට මොකෑ උණේ...
ReplyDeleteඉස්තූති කවිය නං ඉස්තරම්
බොටත් මේක දැම්මට ඉස්තූති කයියක් පට බඳින්න ඕන.
ගැහුවා වාගෙ දැනුනා නොවැ ගංජ මල
අම්මප උඹ ලියූ බේගල් අගෙයි බල
ලේ ටික අපේ පිරිසිදු කල පිනෙන් බොල
සැප සම්පත් ලැබෙනු ඇත කලඹලා විල
🏃
/අර හංගාපු මන්නෙට මොකෑ උණේ.../
Deleteඔන්න බලන්ඩ මලයා, දැන්නෙව හාංකවිසියක් මතක් උනේ. ඔය වීපෙට්ටිය මේ මෑතක ඇන්ටික් කාරයෙකුට වික්කා. ගිහිං බලන්ඩ ඔ්නෙ උන්දැගෙ ගෙදර, තාමත් වීපෙට්ටිය යට මන්නෙ ඇති.
කවිරස බෙදා බ්ලොග් ලොව මල් වැසි වැස්සූ
කෝච්චියේ හිටගෙන කවි මල් ඉස්සූ
දිල්ෂානයා ආපහු බ්ලොග් වෙත බැස්සූ -
වොතින් තමා අප හදවත අස් වැස්සූ...
https://www.grindmax.com/emery-stone.html
ReplyDeletehttps://hobbylark.com/fandoms/The-Epic-List-of-250-Legendary-Swords
හාාා හරි හරි ස්තූතියි. නිවීහැනේ බලනව ගිහිං...
Deleteවාසනාවට විලියොං ආතා ඔය මන්නෙ තමුන්ගෙ දිහාවට පාත් නොකලේ ...එහෙම කලානං ඩ්‍රැකියගෙ අහවල් එක..(මේකත් අර ජාතියෙ කී බොර්ඩ් එකක් බං) ආතගෙ අහවල් එක කැපිට වැටෙනවා
ReplyDeleteසරත් ලංකාප්‍රිය
ලංකයියත් ඇදිල එන්නෙ මේ වගේ පිරිසිදු ඇත්ත කතාවලට තමා...
Deleteමට මතකයි අර අපායට ළිඳක් කපපු පෝස්ට් එකේ ලංකයිය මරු කමෙන්ට් එකක් දාල තිබුණ. මේකත් ඒ වගේ කමෙන්ට් එකක්. විලියොං ආත ජීවත්වෙලා හිටපු කාලෙ අපි ඉපදිලත් නෑ. අඩුගානෙ අපේ තාත්ත අම්මව ටෝක් කරලත් නෑ.
අපායට ළිඳ ලින්ක් එක දියං.
Deleteමේං
Deleteතෑන්ක්ස්. වෙලේ ලිඳ-->බාප්පගෙ මිරිස් වගාව--> මුල් (roots). ඒක බලද්දි නං දුක හිතුනා. පොඩි කාලෙ අගහිඟකම් තිබුණත්, මේක ඊට වඩා කටුකයි.
Deleteහූම්ම්... ඉස්තූතියි. කොහොමත් හැත්තෑව අසූව දශකය බහුතරයක් දෙනාට දුක්ඛිතයි, දුෂ්කරයි තමයි. කටුකයි කියපු ගමන මං ආපහු ගිහිං කියෙව්ව මොනවද තියෙන දුක්මුසු දේවල් කියල...
Deleteහුළු අත්තටයි මගේ හිත අල්ලලා ගියේ
ReplyDeleteහැකි නං එකක් දැක ගන්නත් හිතක් තියේ
කළුවර කොහෙන්දෑ මගෙ බුදු අපුච්චියේ
අරටු තියෙන ගස් සේරම වඳ යුගයේ
අරටු තියෙන පොඩි සිඤ්ඤා මරං ඇත
Deleteමදුවැල් දෙමළ වැල් එහෙමත් තවත් වෙත
ටික ටික කලියුගේ වෙත අපි කිට්ටු වෙත
හුලු අතු ගැන සිරා ලිපි මේ මෙතන ඇත
මං බැලුව මේ නුවරේළියෙ පොළොව පැළිල කියල නිවුස් ඇලට් ආවෙ මොකෑ කියල. හැක්... මේ තියෙන්නෙ සාක්කි.
ReplyDeleteමේ කතාවට එහෙම වෙනවනං, අපි අමාත්‍යාංශෙට යවන ප්‍රගති වාර්තාවලට කඳු පිටිං නාය යන්ඩෙපෑ...
Deleteයකෝ....උබ ලියපු කතා මොන ගජබින්නද? උබගේ කෙමෙන්ට් එකටනම් බිම පෙරලි පෙරලි හිනා උනා
Deleteඇමරි ගල් වගේ ඇමරි කාවෙ ඒව පාවිච්චි කරන්නෙ නැතුව විලියොං ආතට තිබ්බනෙ හෙල ගලක් යූස් කරන්න.
ReplyDeleteහෙල ගල්වලට මුවහත් වෙන්නෑ. ලිස්සල යනව විතරයි.
Deleteතෙල් වැඩියෙං දාපුවම එහෙම වෙනව තමයි.
Deleteආ ඒක තමයි අර ගලමතුපිට ලිස්සනවා පය පැකිලේවී කියල ගුරුළුගෝමී කියල තියෙන්නෙ
Deleteහ්ම්.. ඔන්ට කියෙව්වා.
ReplyDeleteකැපුංකීරිය. බොහෝම වටිනා සාකයක් කියලයි මට හිතෙන්නෙ
ඔව්. ඔ්නෙම තුවාලයක් වෙච්ච ගමං, ඔය කැපුංකීරිය ගහේ කොලයක් කඩල, ඒකෙන් එන කිරි ටිකක් තිබ්බම ලේ නවතිනව. ඒකෙ ලාටු ගතියට තුවාලෙ හා වෙනව.
Deleteහ්ම්.... ඒමද
Deleteඒක ඇත්ත ඈ...
Deleteනමියො බලාපං මොනිටරේ පිපුරුවද කියල? කැපුංකීරිය දාලා ඇලෙව්වෑකි, බලා ඉඳිද්දි හා වෙනවා.
Deleteහ්ම්......
Deleteමුකබානො,
Deleteමං තුවාල හාවෙනව කියපු එක ඇත්ත. මුං එක්ක ඇත්තක්වත් කියන්ඩ බෑ නෙව දැං.
නමියො,
හූම් බොටත්.
මට පේන්නෙ තවුසෙ නුවරේළියට වෙලා අල නෙමෙයි මල් හිටෝනවද කොහෙද? අලකොමා හින්ද ඉතිං නීතිමය බාධාවකුත් නෑනෙ. නැත්තං ඉතිං මේ වගේ සහසුද්දෙංම ඇත්ත ලියන්නෙ කොහොමද? හැක්..
ReplyDeleteමල් තමා හිටවන්නෙ මේ දවස්වල. ඇස්ට්‍රමේනියා, එවලාස්ටිං, මෙරිගෝල්ඩ්, කැලිෆෝනියන් පොපි, සන්ෆ්ලවර්, ජිංජිබරස්, මාෂ්මෙලෝස්, ඇස්ට්‍රසෙනිකා, බ්ලූෂැඩෝස්, විනිප්‍රඩක්ෂන් වගේ හයිෆයි ගස් වවන්නෙ.
Deleteසැරද කොම-සාරිස්
Deleteපරපුරෙ ගිරිගෝරිස්
ගිල මූදූ කුකුල් මස්
හිටවති ජිංජිබරස්
ආ. පොපී
Deleteඒක තමයි ප්‍රා. බලන්නකො මෙච්චර හෙල දේවල් තියෙද්දෙ මූ පර සුද්දංගෙ ඒවනෙ හිටවන්නෙ.
Deleteබකුස්,
Deleteකොමා ළඟ සැර නැත
වයිෆ් ළඟ නං සැර ඇත
ට්‍රිගර් ෆිෂ් සොයමිත
බකුසු යයි හිම සුපිරි කඩ වෙත
ප්‍රා,
ඔව්. මේ දවස්වල නිස්සාරණ ක්‍රමවේද හොයනව.
ප්‍රසෝ,
මෙහෙ වැවෙන්නෙ එව්ව විතරයි යකො.
ඔය තියෙන්නෙ අඳු කොල නේද.
ReplyDeleteඒවනං ගේ වටේට වවාගෙන ඉන්නෙ. මොකද මූ னයින්ට බයයි. හැක්..
Deleteසුජියො,
Deleteනෑ යකො. කැපුංකීරිය.
ප්‍රසෝ,
னයාට බයනං ටෝච් අරං රෑ කඩේ යන් නැ.
කාළෙකිං හිත නිවෙන්න බ්ලොගක් කියෙව්වෙ. ඉස්තූටියි
ReplyDeleteමට පේන්නෙ නං දිනුක කාලෙකින් බ්ලොග් පැත්තෙ ඇවිත් තියෙන්නෙ කියල... තරහ වෙන්ඩ එපා ඔ්ං. වෙල්කම්.
Deleteබේගල් මුත්තා ගම්පහ පැත්තේ හොරකොටුවක් වත් පැනලා තියෙන පාටයි නැත්නම් පන පිහිටුවලා බේගල් කියන බේගල් මුත්තාගේ බේගල් ජාන බොලාට පිහිටන්නේ කොහොමද?
ReplyDeleteහෑ... පල පල යන්ඩ. මගෙ බ්ලොග් එකේ පරිශීලකයන් මිලියන හය හමාරක් ඉන්නව.
DeleteThis comment has been removed by the author.
Deleteඑහෙනං ගෝට් චීස් එක්ක සැමන් ෆිලේ කාපිය.😂
Deleteහූ...!
Deleteඔය හුළු අතු වැඩේ අපේ රට කරන අයට මාට්ටු වෙලා වෙන්න බැරිද, එක හොරෙක් නෑනෙ තාම ඇල්ලුවේ ඩ්‍රැකී
ReplyDeleteඑව්වත් මහ දවල් හොරකං වෙන්ඩැති. ගොයං ආරක්ෂා කරන්ඩ තියෙන නියරයි වැටයි ම ගොයං ටික කාල දානවනං කාටද කියන්නෙ?
Deleteකියවගෙන යද්දි තව පොඩ්ඩෙන් මගේ ඇහේ ඈනෙනව අර කැපුංකීරිය කොලේ අග්ගිස්සක්.. පෝපතු දහතුනකින් ඔතාපු පිහි තලේ ගැන ප්‍රශ්ණයක් අහන්න කට ඇරියා විතරයි දිව කැපුණා කියහංකෝ.. මයේ අම්මේ..
ReplyDeleteඒක යකො! සමහරවිට දහතුන නරක ඉළක්කමක් නිසා වෙන්ඩැති?
Deleteඔය කථාව අමූලික ඇත්ත! ඩ්‍රැකී බොරු කියන එකෙක් නෙවෙයි! ගල් පැලෙන ඇත්ත කියන හාදයා!
ReplyDeleteමෙටල් ක්‍රෂර් වලට නරක කල දසාවක්. :D
Delete