https://ewedit.files.wordpress.com/2015/01/hobbit-the-desolation-of-smaug.jpg?w=612 |
අපේ කිත්තා අන්දිරිස් අප්පු ය. උන්දැගෙ වික්‍රම ගැන මෙයිට කලිං පෝස්ටු දෙකක ලියා ඇත.
අනද කිත්ත, වඩු පරම්පරාවකිං පැවතෙන්නෙක් කියල තමා මං හිතං ඉන්නෙ. මොකද, මේ ගමේ පරණ මිනිස්සු අන්දිරිස් කිත්තයි එයාගෙ පුතා වුන සුවාතයි දෙන්නම වඩු වැඩ කරපු බව කියන නිසා. ඒ වගේම සුදික ස්ථිර කළා යාත්‍රාමුල්ලෙ තාම ඉන්නව කියල අර ශ්‍රී මහ බෝධිය එක්ක ලංකාවට ආව වඩු පරම්පරාවක්.
කොහොමිං හරි අන්දිරිස් කිත්ත කොල්ල කාලෙ පරංගි හමුදාවෙ සිවිල් අංශෙ වැඩ කළා නෙව. මයෙ හිතේ ඒකෙත් වඩු වැඩ තමා කරන්ඩ ඇත්තෙ. ඔය ලස්කිරිඤ්ඤ හමුදාවෙ හෙල්ල වල මිට ගහන්ඩ, අත් පොරෝ වල මිට හදන්ඩ, ඒ වගේ වැඩ වෙන්ඩැති. ඉතිං එක සැරෙයක් ඔය පරංගි හමුදාවක් උඩරට අල්ලන්ඩ යද්දි අන්දිරිස් කිත්තත් ඒ එක්ක ඇවිත් තියෙනව.
අන්දිරිස් කිත්ත ආවට මොකද යටි හිතිං පරංගිංගෙ ක්‍රියා කළාපය ගැන එච්චර හොඳිං නෙමේ හිටියෙ. යන යන තැන, දකින දකින දේ කොල්ලකන්ඩයි, දකින දකින ගෑණු දැරිවියන්ට හදි කරන්ඩයි, හවස කඳවුරු ගහගෙන බීල නටන්ඩයි පුරුදු වෙච්ච පරංගි, ස්වදේශිකයන්ට සැළකුවෙ තමංගෙ අතපල්ලෙං වැටිච්ච ගානට.
ඉතිං කොළඹ කොටුවෙ ඉඳං ඇවිදින්, කැළණි ගඟෙං එගොඩ වෙන්න ආව පරංගි හමුදාව, ගඟෙං එගොඩ වෙන්න නං ගඟ නිදාගන්ඩ ඕනෙ නිසා රෑ වෙනකං ගං ඉවුරෙ වාඩි ලාගත්ත. මොකද, ගඟක් උනත් නිදාගන්නෙ රෑටනෙ.
ඔය අතරෙ අන්දිරිස් කිත්තට පුළුවං උනා චීස් කෑල්ලකුයි කේජු කෑල්ලකුයි හයි කරපු උගුලක් මාර්ගෙන් තඩි මීයෙක් අල්ලගන්ඩ.
https://thumb9.shutterstock.com/display_pic_with_logo/ 1058333/178340966/stock-vector-vector-illustration-of-a-rat-is-trying-to- steal-a-piece-of-cheese-178340966.jpg |
කිත්ත ඒ වෙනකොට හිමිං සැරේ ගඟ හරහ පීනල ගිහිං එගොඩ උනා. එගොඩ වෙලා බැලින්නං,පරංගි හමුදාවෙ කපිතානුයි අනික් නිලකාරයො ටිකයි එගොඩ. අර කූඩාරම පුපුරද්දි ඒකෙ පීඩනේට එගොඩට විසික් වෙලා. ඒ එකෙක් දැකල තිබ්බ අන්දිරිස් කිත්ත චීස් කුට්ටියක් වෙඩිබේත් කූඩාරම දිහාට විසිකරනව. ඌ ඒක කිව්ව විතරයි, පරංගි රැළම අන්දිරිස් කිත්ත පස්සෙං පන්නන්ඩ ගත්ත බල්ලො රැළ වගේ.
අන්දිරිස් ආතත් ලේ පිපාසෙං වියරු වැටිච්ච පරංගි හමුදාවම පසු නොබලා දුවන්ඩ සැළැස්සුව, හරිම ලේසියෙන් - ඉස්සෙල්ල එයා දිව්ව. පරංගි හමුදාව එයා පස්සෙං දිව්ව.
ඔහොම දුවගෙන දුවගෙන යද්දි පංසලක චෛත්‍යයකට හුනු ගාන්ඩ හුණු වැරටි වගෙයක් ගෙනියන කට්ටියක් හම්බුනා. අන්දිරිස් කිත්ත දුවගෙන ආව වේගෙට අර මිනිස්සුංගෙ ඇඟේ හැප්පුනා හරියට කාලතුවක්කු උණ්ඩෙයක් වගේ. හැප්පිල අන්දිරිස් කිත්ත වැටුණ. අර උදවියගෙ හුණු වැරටි ගෝණි ටිකත් සීසීකඩ.
කිත්තගෙ අතේ තිබ්බ දුන්නක්. ඒත් එයා ගාව තිබුණෙ එක ඊතලෙයයි. එයා කල්පනා කරල බැලුව මොකද කරන්නෙ කියල. අර පරංගි ටික එකා පස්සෙ එකා වත් ආවනං, එක ඊතලෙං මුලු හමුදාවම බණ්ඩක්ක කරල් ඉරට්ටෙ ඇමුණුව වගේ අමුණගන්ඩ තිබුණ. ඒත් එහෙම නෙමෙයිනෙ ලේ පිපාසිත හමුදාව ආවෙ. ඉතිං කිත්ත ඊතලේ මෑනුව එයාට යන්ඩ ඕනෙ පැත්තට. මානල විද්ද. විද්ද ගමං උඩ පැනල ඊතලේ එල්ලුනා.
ඔන්න ඊතලේ එල්ලිල අන්දිරිස් කිත්ත උඩිං යනව. ඒ දිහා බලාගෙන උඩ බලාගෙන ආව පරංගි හමුදාව අර බිම වැටිල තිබ්බ හුණු වැරටි ටික පාගගෙන දිව්ව. ඒ ගොල්ලංගෙ දිවිල්ලෙ සැරට අර පෑගුණු හුණු ඔක්කොම පිටි වගේ වෙනකං කුඩු උනා. එහෙම හුණු පිටි වෙච්ච තැන තමයි මේ දක්වාම හැඳින්වෙන්නෙ, හුණුපිටිය කියල.
අන්දිරිස් කිත්තගෙ විදමනේ සැර කොච්චර ද කියනවනං, එයා සෑහෙන දුරක් උඩිං ගියා. එයාගෙ පස්සෙං උඩ බලාගෙන එලෝගෙන ආව හමුදාවත් ඒ එක්කම දුවනව. අතරමගදි හරක් බලාගත්ත එඬේරෙක් බයවෙලා මුල්ලක හැංගුනා. එතනට තවමත් කියන්නෙ එඬේරමුල්ල කියල. තව තැනකදි අර පරංගි රැළ දැකපු සීය කෙනෙක් කිව්ව එයාගෙ මුණුපුරාට, “යකෝ! ඒරොප්පෙවත් නැතුව ඇති මෙහෙම යක්කු වගේ හැසිරෙන පරංගි“ කියල. ඒ කියපු තැන “ඒරොප්පෙ“ කියල නම වැටිල, පස්සෙ භාවිතාවෙන් හොරපෙ බවට පත් වෙලා තියෙනව.ඔහොම ගිහිං රාගම ත් පහුවෙලා තමයි කිත්ත විදපු ඊතලේ කිත්තත් එක්කම බිම වැටුණෙ. ඒ වැටුනෙත් මනුස්සයෙක් රාගම පොලට වෙළඳං කරන්ඩ අරං ගියපු කදක් උඩට. ඒ කදේ පුරෝල තිබුණෙ නාරං. අර මනුස්සයට එක පාරම කියවුනා, “අයියෝ! මගෙ නාරං ගොඩම පාලුයි!“ කියල. එදා ඉඳං ඒ හරියට කියන්නෙ නාරංගොඩපාළුව කියල.
කිත්ත කිව්ව නාරං වෙළන්දට, “මයෙ පස්සෙං එනව ටුවරිස්ල වගෙයක්. මං ඒගොල්ලංගෙ ගයිඩ්. ඒගොල්ලො තමුසෙගෙ අලාබෙ ගෙවයි“ කියල. ඒහෙම කියල කිත්ත ළඟම තිබ්බ හෙණ උස පුවක් ගහකට නැග්ග.
පරංගි ටික එතෙන්ට එන්ඩ වැඩි වෙලාවක් ගියෙ නෑ. අර වෙළෙන්ද පරංගි හමුදාවෙං ගේම ඉල්ලුව. “ගෙවනවල මගෙ නාරංගොඩේ පාඩුව. තමුසෙලගෙ ගයිඩ් තමා මේ නාරංගොඩ පාලු කළේ“ කියල.
පරංගි ටික එකා එක ගානෙ ටොකු ඇනල අර වෙළෙන්දව උස්සල වීසි කළා. වෙළෙන්ද කැරකි කැරකි ගිහිං වැටුන හාඩ්වෙයා එහෙකට. ඒ හාඩ්වෙයා එකෙත් එයා වැටුනෙ එස්ලෝන් බට ගොඩක් උඩට. බට ඔක්කොම කීතු කීතු උනා අර වැටිච්ච වැටිල්ලට. එදා ඉඳං ඒ හරියට කියන්නෙ බටවල පාළුව කියල.
ඊටපස්සෙ පරංගි එකා එකා නගින්ඩ ගත් අර පුවක්ගහට අන්දිරිස් ආතව අල්ලගන්ඩ. ඔහෙම දෙසීයක් විතර නැගගෙන නැගගෙන එද්දි පුවක් ගහ බිමට ඇලවෙන්ඩ ගත්ත. ඒ ගමන බිම ඉඳං මූව අල්ලගන්ඩ ලේසියි කියල හිතපු පරංගි ටික එකපාරටම බිමට පැන්න. උන්ටික බිමට පැන්න විතරයි අර පුවක්ගහ එකපාරටම කෙලිං උනා. ඒ වේගෙට අන්දිරිස් කිත්ත ට අත-අතෑරිල ටොයිංංංංංං ගාගෙන උඩිං ගිහිං වැටුන ලියද්දකට. ඒ ලියද්දෙ අයිනෙ තිබුණ විසාල කැන්ද ගහක්.
අනද කිත්තට කලන්තෙ වගේ ආව වේගෙට උන්දැ එහෙම්ම ටික වෙලාවක් වැටිල උන්න. ඉඳල යන්තං නැගිටල ලියද්දෙං නියරට ගොඩ වෙලා, වක්කඩෙං මඩ ටික හෝදගත්ත. එතෙන්ට ආව ඇතෙක් අන්දිරිස් කිත්තට දණ ගහල වැන්ද. කිත්ත ඇහුව “ඇයි?“ කියල. ඇතා කියනව, එහෙමලු රොබට් නොක්ස් ලියල තියෙන්නෙ. ඕනෙම ගොයියෙක් මඩ හෝදගත්තහම රජකමට හොඳයිලු මේ රටේ.
“මේ... පිස්සු නැතුව පුලුවන්නං මාව අර පරංගි රැළගෙං බේරගනිං“ කිව්වහම ඇතා කිත්තවත් පිටේ තියාගෙන දුවන්ඩ ගත්ත. (සමහරු නං කියනව කිත්ත ඇතාගෙ නැට්ටෙ එල්ලුනා, ඇතා ඉගිල්ලුනා කියලත්.) ඇතයි කිත්තයි පස්සෙං දුවං ආව පරංගි හමුදාව නිසා ලියද්දෙ තිබ්බ සරුසාර ගොයං වගාව එහෙම පිටිම්ම පාලු උනා. එදා ඉඳං තමයි ඒ ගමට කැන්දලියද්දපාලුව කියල කියන්නෙ.
ඇතා අනද කිත්තව අරං දුවගෙන දුවගෙන ගිහිං මහවිසාල ගඟක් ගාව නතර උනා.පරංගි හමුදාවත් හති ඇර ඇර දුවගෙන දුවගෙන ඇවිත් අනද කිත්තට කිට්ටු උනා විතරයි, හතර වටින් පැන්න සිංහල හමුදාවට කොටු උනා. ඔන්න ඔය “කොටු වුන මුල්ල“ කියන නම තමයි දැන් “කටුවාලමුල්ල“ කියල ව්‍යවහාරයත් එක්ක වෙනස් වෙලා තියෙන්නෙ. (ඒක නං ඇත්තම කියමනක්. විදේශික හමුදාවක් ස්වදේශික හමුදාවකට කොටුවුන නිසා මේ ගමට ඔය නම ව්‍යවහාර වෙන බව තමයි පැරැන්නො කියන්නෙ)
ඉතිං විසාල හමුදාවක් කොටුකරල අල්ලගන්ඩ අවස්ථාව සැලැස්සුවට රජතුමා අනද කිත්තට ඒ භූමිය නීන්දෙ පවරල දුන්න. රජතුමා පවරල දුන්නට, ඒ ඉඩමෙ අරක්ගෙන හිටපු ගොරක යකා ඒකට කැමති උනේ නෑ.
- ඒත් ඒක වෙනම ලියන්ඩ ඕනෙ කතාවක්...
බයි ද වේ, පරංගි හමුදාව අල්ලගෙන යන අතරමග, කඩවතට කිට්ටුව, සූරියමල් විකුණ විකුණ ආව සමසමාජ තරුණයො කණ්ඩායමක් පරංගින්ටත් සූරියමල් විකුණන්ඩ කතා කළා. රජ්ජුරුවන්ගෙ අතට අහුවෙලා හිරකාරෙයො වෙච්ච එකටයි, අනද කිත්තගෙ මාලු කන්ඩ බැරි වෙච්ච එකටයි කේන්තියෙ හිටපු පරංගි ටික අර සූරියමල් ටික උදුරගෙන පොළොවෙ ගැහුව. පොළොවෙ ගහල ඒක උඩ නටල, සුන්නද්දූලි කරල දැම්ම.
ආං එතන තමයි දැං සූරියපාලුව කියල කියන්නෙ.
කාට හරි මේ නම් ගම් ගැන සැකයක් තියේ නං ගූගල් මැප් එකෙං බලන්ඩ පුළුවං කැළණියෙ ඉඳං රාගමටත්, රාගම ඉඳං කැන්දලියද්දපාලුවටත් තියෙන ග්‍රාම නාම ටික. එතකොට අනද කිත්ත මොනවගේ දිවිල්ලක් දුවල ඇද්ද කියලත් හිතාගන්ඩ පුළුවං වෙයි.
කලිං ලියපු ගජබින්න වලට පටුනක්.
කෝ එතකොට ඇතා...
ReplyDeleteමේ ඉන්නෙ එහෙම්පිටිම්ම! www.alisitha.blogspot.com
Deleteඑස්ලොන් හදන සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් එකේ දැන්වීම් අංශෙට හෙටම කියන්න ඕනෙ S-lon - Since 1505 කියලා ගහන්න කියලා
ReplyDeleteවැදගත් තැනක මුල් නැත...
Delete(පේන විදිහට අනද කිත්ත භූමිය හරහ විතරක් නෙමෙයි, කාලය හරහත් දුවල වගේ)
Deleteබා. .බා. බා.. ග ගංගා මෑණියන්ගෙ පිහිටයි ඔය දීලා තියෙන්නෙ රම්පෙට පොරි හැලෙන්ඩ. සැකයක් නෑ ඔය ගම් වලට නම් දාද්දි ඒවා ඉස්තීර කරන කමිටුවේ සාමාජිකයෙක් විදියට මාත් හිටියා ඒ බා..බා..බ පත්තිරු වාර්තා ව් වල කොපි මගෙ ලඟ තාමත් තියනව.
ReplyDeleteබා බා බා... ඒක තමයි අපේ පවුලෙ දේශපාලන පරිචය...
Deleteබොලා එහෙනම් පිටගම්කාරයෝ!
ReplyDeleteපරම්පරා හයකට කලිං... හැක්
Deleteඋඹේ ගජබින්න ටික අහගෙන හිටපුවම ලේ පිරිසිදු වෙනවා නිකන්ම සෑහෙන දවසකින් මේ ආවෙත් ඩ්‍රැක්
ReplyDeleteජය
ඇයි උඹ විතරක්? මං ආවෙත් සෑහෙන දවසකිං... හැක් හැක්!
Deleteගජබින්නාලංකාරය හරිම ලස්සනයි අම්මප ටික වෙලාවක් යනකන් මාත් කියෙවුවේ නියම නම්ටිකක් වැටිලා තියනවනේ කියලා. එස්ලෝන් බට කතාව දැක්කට පාසේ තමයි වැඩේ තේරුණේ. නිර්මාණශීලිත්වය උපරිමයි කියලා ඇදක් කුඩක් නැතිව කියනවා ඕන් එහෙනම්
ReplyDeleteවිචාරක දියණිය
ගොඩක් ස්තූතියි. අර උඩ මං දාල තියෙන පටුනෙ, ලබ්බෙ මඟුල කියෙව්වද? ඒකෙ ඔයාගෙ තාත්ත ගැනත් සඳහන් වෙනව.
Deleteඅර මාන්චෝසන් චාරිකා පොත කියෙව්වා වගේ ජොලියක් දැනුන . අපුරුයි.
ReplyDeleteබැරන් මැංචෝසනුත් සැරෙයක් කාලතුවක්කු උණ්ඩෙක නැගල ගියාලුනෙ... එයිට කලිං තමා අපේ කිත්ත ඊතලේ එල්ලිල ගියෙ.
Deleteටවුකන්ඩ බොලව් මරුනෙ බන්
ReplyDeleteකලිං එව්වත් බලල එන්ඩ එහෙනං... හැක් හැක්
Deleteඒ කියන්නෙ මහරාජල ඒකාලෙ ඉඳංම බට හදල තියෙනව.
ReplyDeleteඔය අනද කිත්ත එනකොට னයෙක් අරන් ආවයි කියන එක උඹ දන්නෙ නැද්ද?
බට හමුදාවල් හිටිය කියල අහල නැද්ද රජකාලෙ?
Deleteனයෙක් නෙමෙයි ටෝච් එකක් අරං ආවෙ. අතරමග නයෙක් උන්නොත් කෙලල අරින්ඩ.
ගජබින්නාලංකාරය ලියල තියෙන්නෙ මුගෙ නෑයෙක්
ReplyDeleteඒත් මං ම තමා
Deleteයකෝ මේක කියෙව්වාම මට හිතුනෙම බොලාගේ බොරු කියලා...විගහබේ ඉවරෙයි?
ReplyDeleteමේකෙ එක වාක්‍යයක් නෑ බොරු. හැක්
Deleteවිගහබේ නං ඉවරයි. ලේසියි. වැඩේ තියෙන්නෙ කතා කරන කරන එකා කියනවනෙ උන්ටත් ලේසියි කියල. පාලොස්දාහක් විතර ලිව්ව. පාස්කරන්නෙ 46යි. මොන විභාගද අප්ප මෙව්ව?
ආ දැන්නේ වැටහුණේ මේ ගම් වලට නම් හැදුන හැටි. ඔය අනද කිත්තා බණ්ඩාරවෙල පැත්තේ එහෙම ගිහින් නැද්ද?
ReplyDeleteබණ්ඩාරවෙල නං නෙමෙයි. බදුල්ල පැත්තෙ නං ගිහිං තියෙනව එක පාරක් ස්ප්‍රීං ටිකක් අරගෙන. ඒක මගදි හැලිල වැලිගොඩක. එදා ඉඳං ඒ හරියට කියන්නෙ ස්ප්‍රිංවැලි...
Deleteස්ප්‍රිංවැලි වලට පහලිං ගම කඳන.. ඊටත් පහලින් දුනුවංගිය..ඊට අල්ලපු ගම වැලිකමුල්ල.. අනිවා බොලා අනඳ මුත්තා ගිහිං තියෙනව ඒ පැත්තේ..
Deleteඒකනෙ කියන්නෙ... අනද කිත්ත ලස්සන ගෑල්ළමේක් දැකල, “ෂඃ මරු කඳ නේ?“ කියල ඇහුවලු ළඟ උන්න කෙනෙක්ගෙං. ඒ හරිය තමා දැං “කඳන“ කියන්නෙ. වංගුවෙ කඩේදි තේ කහට එකක් බොන්ඩ සල්ලි නැතුව අර ස්ප්‍රීං එක්ක අරං ආව දුනුකොලෙයක් උගසට තියල තේබීපු තැන දැං “දුනුවංගිය“. බල්ලො වගෙයක් පස්සෙං එළවද්දි කිත්ත කණේ වැලි ගෑවෙන්ඩ වංගුවක් ගත්ත තැන “වැලි කනේ මුල්ල“ වෙලා, ව්‍යවහාරයත් එක්ක දැං වැලිකමුල්ල වෙලා තියෙනව.
Deleteරාවණාචාර්ය කෙනෙක් ලියල තිබුනා මාතලේ රිවර්ස්ටන් (Riverstone) ගැන :- රාවණාගෙ කාලෙ පිටලෝකෙක යානයක් ආපහු හරවගෙන ගියයි කියලා ගමේ මිනිස්සු කියපු නිසා සුද්දො Reverse Turn කියල දැම්මයි කියලා.
ReplyDeleteහැබැයි කිත්තගෙ කතා රාවණා ගැන කියන කතා වලට වඩා විස්වාස කලෑකි.
ඔබතුමාටත් කිත්තගෙ කාලෙට පස්සට ගිහින් රාවණා කිරි කිරි... කිත්තා ගැන ලිව්වෑකි. විස්වාස කරන අය ෆේස්බූක් එකේ ඕනෙතරම් ඉඳී
//ඒක නං ඇත්තම කියමනක්. //
කටු අල=කටුවල?
අර රිවස්ටර්න් ගැන ලියල තිබුණෙ වර්ගපූර්ණිකාවෙ වෙන්ඩ පුළුවං? ඌ නං සිරා පොරක්. හීන් නූලෙං ගහපු පැරොඩියක් තිබුණෙ.
Deleteකටුවල නෙවෙයි. අර මං ලියල තියෙන කාරණාව තමයි ගමේ පැරැන්නො කියන ඇත්තම විදිහ. ලොකු විස්තරයක් හොයාගන්ඩ නං අමාරුයි. ඒ කියන්නෙ මොන රජතුමාගෙ කාලෙද, මොන ජාතියෙ පරංගිද කියන එක...
http://wasanthawitharana.blogspot.com/2017/10/abirahas-adawiya-hitler-vailexi-star.html
Deleteහප්පට! අදයි දැක්කෙ ඒක. පැරඩියක් නෙවෙයි ඔලුව තදිං නරක් වෙච්ච කෙනෙක්ගෙ ලියවිල්ලක්... කෝකටත් ආපහු ගිහිං ඔක්කොම කියවනව.
Deleteබිත්තියේ ඉරක් ගියා බං :D
ReplyDeleteමොන සිමෙන්තිද බිත්ති බඳින්න ගත්තෙ?
Deleteඅම්මෝ උබනම් ...
ReplyDeleteඑල ද බ්‍රා මචෝ...
පොඩි මෙන්ඩ ට ...(ඌ ත් මේ වගේ බොරු කියන්න ගනීද )
පරිස්සමිං බං පොඩිඋන්ට බොරු කියාදෙන්නෙ...
Deleteකටේ මහ ගෙඩි දායි යකො
ReplyDeleteහෑ...! අටං උඹ එතකොට ඔය චන්ද රැස්සීම් එහෙම දැකලම නැද්ද?
Deleteඅඩෝ මේ බොරු කියන්න එපා.. ඊතලේ එල්ලිලා ගිහිං කදක් උඩට පතබෑවිච්චි එකාට පුවක් ගහකට බඩගාන්න කොහෙන්ද පා වලල්ලක්?
ReplyDeleteඈ... වලල්ලද? වළල්ල ගහමුල තිබුණෙ.
Deleteමං හිතුවෙ ගඟ නිදාගන්න කන් බලන් හිටියෙ මහදැනපප්පයි ගෝලයො රොත්තයි කියලා. දැන්නෙ දන්නෙ ඒ ඩ්‍රැකිත්තා කියලා. හික්ස්. මරු කතාව.
ReplyDeleteඩ්‍රැකිත්තා? ඒ කවුද බොලේ ඒ?
Deleteදෙණියාය කොච්චර පොෂ්ද කියනවනං, මහදැනමුත්තට එහෙ කියන්නෙ මහදැනපප්ප කියලලු...
ethakota bolage kitta thama apita ali puke elillila diviya loke yana hati
ReplyDeleteඈ...?
Deleteගජබින්නාලංකාරය ඔක්කොම කියෙවුවා.වෙන බොරු නැද්ද ඩ්‍රැකී අයියේ.2018 පලවෙනි බොරුව ඉක්මනට බලාපොරොත්තු වෙමි.
ReplyDeleteඕං දැම්මා... https://drackey.blogspot.com/2018/11/blog-post.html?
Deleteආ .. ආයෙ අහන්නත් දෙයක්යැ ... බෙන්තර ගගෙං එහා ඩයල් එකක්නෙ 😂
ReplyDeleteහුණුපිටියේ ඉඳන් රාගමට වෙනකම් ඊ තලේ ගිහින් තියෙන්නේ රේල් පාර දිගේ!
ReplyDelete