Thursday, December 1, 2022

මල්බෙරි පඳුර වටේ යාම, වයසක මිනිසා සහ වීසල්... ළමා කවියක අඳුරු ඉතිහාසය.

බටහිර ළමා කවිවල ඉතිහාසය ගැන මීට කලින් ලියූ ලිපිවල තවත් කොටසක් හැටියට, අද මම ඉදිරිපත් කරනවා තවත් කවි කීපයක්.

මෙන්න පළමුවෙන් ම, මල්බෙරි පඳුර වටේ යාම...

මේ කවියේ විවිධ එකතු කිරීම් සහ විවිධ පදවැල් තිබුණත්, ඒ සියල්ල පටන් ගන්නේ මල්බෙරි පඳුර වටේ යාමෙන්. ඒ කවියේ තේරුම ගැන මත දෙකක් තිබෙනවා.

ආර්. එස්. ඩන්කන් වැනි ඉතිහාසඥයන් අදහස් කරන්නේ 18 වන සියවසේ වේක්ෆීල්ඩ් සිරගෙයි තිබූ සිරිතක් ගැන මෙයින් කියවෙන බව. ඒ කියන්නේ, එම සිරගෙයි රඳවා සිටි කාන්තා රැඳවියන් මල්බෙරි පඳුරක් වටේ ව්‍යායාම කරවීම මෙයින් අදහස් කෙරුණු බව.

තවත් අදහසක් වන්නේ 18 වන සහ 19 වන සියවස්වලදී බ්‍රිතාන්‍යයේ සේද නිෂ්පාදනය කිරීමට දැරූ ප්‍රයත්නය මෙයින් අදහස් වන බව. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ ශීත සෘතුව මල්බෙරි ශාකයේ ව්‍යාප්තියට හිතකර නොවූ නිසා, ඒ ප්‍රයත්නය ව්‍යර්ථ වුණා.

*    *    *

මේ වයසක මිනිසා...


මේ කවිය (කවි පෙළ) ගොඩක් දිගයි. ඒ වගේ ම ළමයින්ට උච්ඡාරණය හුරු කරවන්න භාවිත කරන බව තැන් කීපයක ම දැක්කා. මේක වේගයෙන් ගායනා කරද්දී, "නික් නැක් - පැඩිවැක්" වගේ යෙදුම් කියවීම මඟින් කුඩා ම ළමයින් ගේ ඉංග්‍රීසි වචන කියවීමේ හුරුව ඇති වන බව පෙනෙන්නට තියෙනවා.

අයර්ලන්තයේ වාසය කළ අපචාරී මහළු මිනිහෙක් ගැන මේ කවියෙන් කියවෙන බව විශ්වාස කරනවා. ඔහු තමන් වාසය කළ නිවස ළඟින් යන ළමයින් රවටා පැඩි වැක් සෙල්ලම කරන්නට අඬ ගසා ගන්නවා. ඔහු ගැන අනෙක් පුද්ගලයන් සහ ළමයින් ට අනතුරු ඇඟවීමට මේ කවිය භාවිත කළ බව විශ්වාස කරනවා.

*    *    *

පොප් ගෝස් ද වීසල්...


මේ කවිය හරිම විනෝද බර කවියක්. ඒ වගේ ම, පොප් ගෝස් ද වීසල් කියන පදය සාමාන්‍ය කථා ව්‍යවහාරයෙදිත් "ඒ පැත්ත බලල - මේ පැත්ත බලනකොට" වගේ තේරුමක් දෙන්න භාවිත කරනවා. බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ මේ කවියේ වෙනස් වෙනස් ක්‍රම දෙකක් පවතිනවා. මේ තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යවහාර කවිය:


Half a pound of tuppenny rice,
Half a pound of treacle.
That’s the way the money goes,
Pop! goes the weasel.

Up and down the City road,
In and out the Eagle,
That’s the way the money goes,
Pop! goes the weasel.

පැන්ස දෙකක හාල් වලට පවුං බාගෙයක්
පැණිවලට පවුං බාගෙයක්
සල්ලි යන්නෙ ඔය විදිහටයි
ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට

නගරේ පාරේ උඩට පහළට
ඊගල් එකේ ඇතුළට එළියට
සල්ලි යන්නෙ ඔය විදිහටයි
ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට

මේ කවියෙන් එංගලන්තයේ තිබුණු දුප්පත්කම ගැන කියවෙන බව විශ්වාස කරනවා. මෙහි, උකුස්සා හෙවත් ඊගල් යන පදයෙන් උතුරු ලන්ඩනයේ නගර වීදියේ පිහිටි ඊගල් තැබෑරුම හැඳින්වෙනවා. ඒ වගේ ම, පොප් කියන පදයෙන් උකස් කිරීම අදහස් වෙනවා. වීසල් යන්නෙන් කබාය හැඳින්වෙනවා. ඒ අනුව, එදිනෙදා කෑම බීමට සහ පොඩි අඩියක් ගැසීමට කබාය උකස් තියන්නට වෙන තත්ත්වයක් ගැන මෙයින් අදහස් කෙරෙනවා කියා හිතන්නත් පුළුවන්.

දුප්පත් අය නිතර තැබෑරුමට ගිහින් අතේ තිබෙන තුට්ටු දෙක අවසන් වෙන තුරු බීලා, අවසානයේ ඉණ ඉහ උකස් තබන තත්ත්වයට පත් වෙන බවත් මෙයින් අදහස් වෙනවා කියා හිතන්න පුළුවන්.

මූලාශ්‍ර:

https://www.bbc.com/culture/article/20150610-the-dark-side-of-nursery-rhymes

https://cafemom.com/parenting/meanings-nursery-rhymes-lullabies/

http://nurseryrhymesforbabies.com/history-of-this-old-man-song-2


කලින් ලියූ ලිපි

හේ ඩිඩ්ල් ඩිඩ්ල්

බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන් දෙනා, ජැක්   සහ ජිල්

ලන්ඩන් පාලම, වයසක හබර්ඩ් අම්මා, හට්ටි ඩම්ටි 

රිං අරවුන්ඩ් ද රෝසීස්, ගූසි ගුසි ගැන්ඩර්, රොක් අ බයි බේබි

සපත්තුවේ ආච්චි, හිකරි ඩිකරි ඩොක්, මෆීන් මෑන්

ජැක් බි නිම්බල්, ජැක් හෝනර් සහ මේරි මේරි

පුංචි මෆිට් මෙනවිය, පැන්ස හයේ සිංදුව සහ වී විලී වින්කී

28 comments:

  1. //එදිනෙදා කෑම බීමට සහ පොඩි අඩියක් ගැසීමට කබාය උකස් තියන්නට වෙන තත්ත්වයක් ගැන....//
    අම්මට සිරිගජ හිරු නොබසින දේසෙත් ඉඳලානේ දුප්පත්තු
    මොකටද ලජ්ජා වෙන්නේ එහෙනං, අහයි නේද මෙහෙ දැනුමැත්තු
    දේවදත්තලා ඇඟිලි කපද්දී, අංගුලිමාලව ඇද ගත්තු
    විත්තිය කවි කර, හිකෙන් පුනා වෙයි අනාගතේ උපදින පුත්තු

    ReplyDelete
    Replies
    1. කොයි කොයි රටෙත් ඇත රිච් සහ දුප්පත්තු
      බඩු මිළ ගැනත් කියවෙයි මෙහි සඟවාලා
      පැන්ස දෙකේ හාල් පවුම් බාගයකි
      එහෙවු රටවලුත් අද ඇත දියුණු වෙලා

      Delete
  2. Pop..! goes the weasel. :'( ලංකාවට වෙන දෙ කලින් දැකලා..

    ReplyDelete
    Replies
    1. එහෙ වීසල්, මෙහෙ පක්ෂීන් ?

      Delete
  3. //එදිනෙදා කෑම බීමට සහ පොඩි අඩියක් ගැසීමට කබාය උකස් තියන්නට වෙන තත්ත්වයක් ගැන මෙයින් අදහස් කෙරෙනවා// අමුතු ඇටේනං ඔයට ටික කරන්න රත්තරං බඩුවක් උකස් තියන්න වෙන කාලෙ වැඩි ඈතක නෑ.

    ReplyDelete
    Replies
    1. දැනටත් රත්තරන් උකස් තියලා ළමයින්ට කන්න දෙන උදවිය ඉන්නව ප්‍රසෝ. මේ ළඟදි අපේ හාදයට සමබර ආහාර වේලක් ගේන්න කියලා තිබුණා, සමබර ආහාර ගැන උගන්නන පාඩමකට. මං කල්පනා කළේ... පොල් මද ඉස්කෝලෙ ගෙනියන ළමයි ඉන්න රටේ මොන සමබර ආහාරද කියලා.

      Delete
    2. බොහෝ උදවිය ඉන්නවා. සියලු කනකර ඇතුළු මගුල් මුදු පවා බැංකුවේ තියල පොලී ගෙවා ගෙවා ඉන්න අය ඕන තරම්.

      ඔය සමබර කියන වචනේ ඉක්කොලවල දැන් කියන්නෙ 'සමබල' කියලා නේ. (හරි වචනෙත් ඒක නෙව)

      Delete
    3. සමබර වෙන්න බෙදන හැම දෙයක්ම එක සමාන වෙන්න කිරල යවහං.

      Delete
    4. නමියා,
      ඇත්ත. සමබල තමා වචනෙ. නමුත් පොඩි රාළට ගේන්න කිව්වෙ සමබර. ඒ කියන්නෙ කරෝළ එහෙම "සමට බර"

      ප්‍රසෝ,
      තරාදියකුත් යවන්ඩ ද, ටීචර්ට කිරා ගන්ඩ?

      Delete
  4. ආයේ කතාවක් ලියමුද

    ReplyDelete
    Replies
    1. ලියන්න ආසයි. අතුරු කතාවක් ලියන්න ගත්තා, ඒකෙ දෙවෙනි කොටස ලියාගන්න බැරුව ඉන්නෙ. බලමු වෙන කතාවක් වත් පටන් ගන්න.

      ඒක නෙමෙයි... ඇලෙන්ඩි කුමරිය බේරගන්නෙ නැද්ද? අර ඉස්කුරුප්පුවා වලෙන් නැගිටලා ඇවිත් මොන විජ්ජුම්බරයක් නටයිද?

      Delete
    2. මමත් කතාව දැන් ආයේ මුල ඉඳල කියවනවා.. මතක් කරගන්න . මේ මාසේ කොහොම හරි ආයේ ලියන්න හිතාගෙන ඉන්නේ ..

      Delete
  5. 'ඒ පැත්ත බලලා'... කයිය අපිත් ඉගෙන ගත්තනම් හරි දැන් 😂

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ. අපට එදිනෙදා ප්‍රත්‍යක්ෂ කරමින් පවතී...

      Delete
  6. "දිස් ඕල්ඩ් මෑන් "අයිරිශ් අයට එරෙහිව ඉංග්‍රීසින්ට තියන සාම්ප්‍රදායික විරෝධතාවයෙන් ආව වෙන්නත් පුලුවන්
    පැඩී කියන එක අයිරිශ් අය හඳුන්වන්නත් යෙදුනනෙ, පැට්‍රික් කියන නම අයිරිශ් අය අතරෙ හුඟක් ජනප්‍රිය නමක්නිසා (ශාන්ත පැට්‍රික් Apostle of Ireland ). අයිරිශ් අයට ටිකක් අපහාසාත්මක විදිහට පැඩී සහ මික් (මයිකල් නමෙන්) දෙකම කියනව. රුසියන් අයට ඉවාන් වගේ.
    https://en.wiktionary.org/wiki/Appendix:Archetypal_names

    පැඩී වැක් කියන එක අයිරිශ් කෙනෙකුට ගහනව වෙන්නත් පුලුවන්. https://www.merriam-webster.com/dictionary/whack

    // I’ve always been a little bit creeped out by this ditty about an old man playing “nick-nack” on various things owned by the song’s writer. In the end, it turns out this is just a standard case of the English hating on poor Irish people after the potato famine. Most sources I’ve found believe “This Old Man” refers to the influx of Irish beggars going door to door in England after the famine, either to sell knickknacks or to literally play a rhythm called "nick-nacks" using spoons in hopes of getting some change.

    The “paddy whack” is a derogatory term for literally hitting an Irish person (just as a “paddy wagon” referred to either the Irish cops driving it or the Irish drunks inside it), and the old man “rolling home” seems to allude to the use of caravans, or the old man using his money from those lucrative knickknack sales to get boozed up. Sigh. The emotional impact this story is having on me is significant. //

    https://www.thrillist.com/entertainment/nation/famous-nursery-rhymes-popular-song-meanings

    ReplyDelete
    Replies
    1. ඔව්. මට උඩ ලියන්ඩ අමතක උනා. මේක අයිරිෂ් කවියක්. පැඩිවැක් කියන්නෙ අයිරිෂ් යෙදුමක්.

      Delete
    2. ඩ්‍රැකී කියවලා තියේද ඕමාර් කය්යාම්ගෙ රුබයට් ? ජනප්‍රිය මතය නම් කාපල්ලා බීපල්ලා ජොලිකරපල්ලා වගෙ අදහසක් ඒකෙ තියේ කියලයී.. ඒත් මට හිතෙන්නෙ ඉතාම ගැඹුරු ජීවන දර්ශනයක් කියලයි .. කියවන හැමවතාවකම මම වෙන අරුත් දකිනවා.
      සරත් ලන්කාප්‍රිය

      Delete
    3. මම කියවලා තියෙන්නෙ එක වරයි.

      මැරී යළි නොඑන නිසා
      දිවි ඇති තුරා
      බොන්න සුරා

      රන් බිජුවට
      වපුරා නෙළුවෝ ත්
      රන් බිජුවට
      අපතේ හැරියෝ ත්
      මරණින් පසු
      පස් ම වෙති
      රනට නොහැරෙති...

      අපේ යාළුවෙක් බූට් එකක් කාලා, ආගම දහම පැත්තට යොමු වුණා. මම එයාට වරක් ඔය කවි දෙක කීවා. එතකොට උන්දැ කියනවා, "ඔය විදිහට රසය විඳින්න යොමු වුණොත්, තෘෂ්ණාව වැඩෙනව ය. සසරට ඇති බැඳීම වර්ධනය වෙනව ය" කියලා...

      ආයෙ පාරක් කියවන්න ඔ්නෙ. ස්තූතියි එදා දුන්න පොත්වලට. අපේ පොඩි රාළ එයාගෙ පොත් කබඩ් එකේ දාගත්තා ඒවා. එයාගෙන් ඉල්ලගෙන තමයි මම කියවන්නෙ දැන්...

      Delete
    4. https://www.merriam-webster.com/dictionary/paddywhack

      Delete
    5. මං ඒකත් කියෙව්වා ලොකු අයියෙ, මේක ලියද්දි...

      Delete
    6. The source of the Nursery Rhyme “This is old Man”, has been unearthed in the archives of RTE – the Irish Broadcasting Company. It refers to the variety of punishments meted out on the Irish poor during the Great Famine of 1846-53, when a million starved to death and another million were forced to emigrate, despite the fact that the country was a net exporter of food during the whole period.

      During the Famine ninety six percent of Irish Land was ‘owned’ by people who didn’t live there – Grandees who had got the land through gift, often through fealty to royalty or chieftains, and felt no allegiance or sense of either ownership or belonging to that land. They lived elsewhere, often in big houses in England, so were ‘absentee landlords’. I live in the ‘Dukeries’, seat of four Dukes, and of Viscount Galway, whose other titles included Clanricarde, Imanney and Tyaquin in Ireland.

      Being absent, they still wanted to profit from their estates of course, either not knowing, or ignoring that they were rotting and stinking through the failure of the staple of the poor in the Potato Blight.

      Delete
    7. https://retwords.wordpress.com/2015/01/21/the-truth-behind-knick-knack-paddywack/

      Delete
    8. හ්ම්ම්... ඉන්ටරෙස්ටිං. මට කියවන්න ලැබුණෙ නෑ ඒක. එහෙම නැත්තං මං ඒ තරම් ගැඹුරට හොයල බලල නෑ. කියවද්දි මතක් වුණේ ටොම් කෲස් සහ නිකොලෙ කිඩ්මන් හිටපු Far and Away

      Delete
  7. ඔබ කවිත් එක්ක අපිව ලෝකෙ වටේ එක්ක ගෙන යනවා. විශේෂයෙන්ම විදෙස් කවි සිංහල කියවන්නන් අතරට ගෙන ඒම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගොඩක් දැනුණා. ගොඩක් ස්තූතියි.

      Delete
  8. Replies
    1. ගොඩ කාලෙකින් දැක්කෙ...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!