Monday, February 17, 2020

ලන්ඩන් පාළම කඩා වැටේ, වයසක හබර්ඩ් අම්මා සහ හම්ටි ඩම්ටි - ළමා කවිවල අඳුරු ඉතිහාසය

මීට කලින් ළමා කවි කීපයක් ගැන මම කතා කළා. ‌මේ ඒවට සබැඳි...

හේ ඩිඩ්ල් ඩිඩ්ල්
බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන්දෙනා, ජැක් සහ ජිල් 

අද අපි මුලින්ම කතා කරන්නෙ ලන්ඩන් පාළම කඩාවැටීම ‌හෙවත්,  London Bridge is Falling Down ගැනයි.

මෙන්න කවිය,

London Bridge is falling down,
Falling down, falling down.
London Bridge is falling down,
My fair lady.

Set a man to watch all night,
Watch all night, watch all night,
Set a man to watch all night,
My fair lady.

Suppose the man should fall asleep,
Fall asleep, fall asleep,
Suppose the man should fall asleep?
My fair lady.

ලන්ඩන් පාළම කඩා වැටීම වැළැක්වීමට
ඩක්ට් ‌‌ටේප් අලවා ඇති ආකාරය

https://lh3.googleusercontent.com/proxy/ltA9-_-SAyFZnOA6-lK4celUdlhq0_j7VqFLsslXdM6fUIEoBt0K0IJjrg0xouvnbZUd-k0zXdU3IShTiv4WLskA27NVtMxcFo3bO0VUEqFOJF1lO_cb34Uf0ADvJLo0J_g1JTCj

ලන්ඩන් පාළම කඩා වැටේ
කඩා වැටේ - කඩා වැටේ
ලන්ඩන් පාළම කඩා වැටේ
මගේ සුදු නෝනේ

මිනිහෙක් යොදවමු රෑ මුරකරන්න
රෑ මුරකරන්න - රෑ මුරකරන්න
මිනිහෙක් යොදවමු රෑ මුරකරන්න
මගේ සුදු නෝනේ

ඒ මනුස්සයා නිදා වැටේද,
නිදා වැටේද, - නිදා වැටේද,
ඒ මනුස්සයා නිදා වැටේද,
මගේ සුදු නෝනේ?

මේ කවිය ගැන අදහස් දෙකක් තියෙනව. එකක් තමයි, ලන්ඩන් පාළම කඩා වැටීම වළක්වන්න, මනුෂ්‍යයෙක් බිලිදුන්න බව. පාළම හදද්දි ඒකෙ පාදමට (දරුවෙක් කියලත් ගොඩක් තැන්වල මම දැක්කා.) මනුෂ්‍යයෙක් පණපිටින් ඇතුළත් කරලා වටේට බිත්ති බැඳලා තියෙනව කියලා අදහස් කරනවා. ඒ මනුස්සයා හෝ දරුවා, හුස්ම ගැනීමට වාතය, වතුර, කෑම නැතිකමින් බොහොම හෙමින් මරණයට පත්වෙනවා. ඊට පස්සෙ එයා‌ගෙ ආත්මය පාළම එක්ක බැඳිලා, පාළම ආරක්ෂා කරගෙන පවතිනවා කියල විශ්වාස කරනවා.

ඒ අදහස තමයි අර කවියෙ දෙවෙනි තුන්වෙනි කොටස් වල තියෙන්නෙ...
https://s4.scoopwhoop.com/anj/Nursery_Rhymes/537927700.jpg

අනික් අදහස තමයි, 1014 දි ‌නෝවේ හි ‌දෙවන ඔලාෆ් රජු එංගලන්තය ආක්‍රමණය කරලා ලන්ඩන් නගරය විනාශ කිරීම මේ කවියෙන් කියවෙනව කියන එක. ‌මේ කවිය ‌ලෝකෙ ‌ගොඩක් ප්‍රදේශවල ව්‍යාප්ත ‌‌වෙලා තියෙනව. ඒ, නෝමන්වරු තමන් ගිය ගිය හැම තැනකටම ‌මේ කවිය අරගෙන ගිය නිසා කියල සළකනව. නමුත් හැම කෙනෙක්ම මේ අදහස පිළිිගන්නෙ නෑ. මොකද, එහෙම ආක්‍රමණයක් ඇත්තටම වුණා ද කියන එක ගැනත් මතභේද තියෙනව.

ඔලාෆ් ටයිම්ඇන්ඩ්හැෆ් රජු ‌
ගෝල් ‌දේශය ආක්‍රමණය කළ අවස්ථාව
https://www.bookdepository.com/Asterix-
Asterix-Normans-Rene-Goscinny/9780752866239

ඔය කවිය දැන් වෙනවිට ගොඩක් වෙනස් වෙලා මම වැඩියෙම අහල තියෙන්නෙ මේ විදියට.


London Bridge is falling down
Falling down, falling down
London Bridge is falling down
My fair lady

Build it up with iron bars
Iron bars, iron bars
Build it up with iron bars
My fair lady

Iron bars will bend and break
Bend and break, bend and break
Iron bars will bend and break
My fair lady

Build it up with god and silver
Gold and silver, gold and silver
Build it up with gold and silver
My fair lady

London Bridge is falling down
Falling down, falling down
London Bridge is falling down
M-y-y f-a-i-r l-a-d-y

මීළඟට අපි කියවන්න යන්නෙ වයසක හබර්ඩ් අම්මා ගැන. 

Old Mother Hubbard
Went to the cupboard
To get her poor doggie a bone,
When she got there
The cupboard was bare
So the poor little doggie had none

වයසක හබර්ඩ් අම්මා
කබඩ් එක ගාවට ගියා
ඇගෙ දුප්පත් බව්වට මස් කට්ටක් ‌දෙන්න
එයා ගිහිං බැලුවම
කබර්ඩ් එක හිස්
ඉතිං දුප්පත් ‌පොඩි බල්ලට ‌මොකුත් ලැබු‌ණෙ නෑ.

https://s3.scoopwhoop.com/anj/Nursery_Rhymes/59760068.jpg

සුප්‍රකට අටවන ‌හෙන්රි රජු ‌‌‌ගෙ පළමුවෙනි බිරිඳ ‌මෙන්ම රැජිණ වුණේ ඇරගොන් හි කැතරින් ‌දේවිය. ඇයට පිරිමි දරුවෙක් ලැබීමට ‌නොහැකි වුණු නිසා, (පිරිමි උරුමක්කාරයෙක්) ‌හෙන්රි රජුට විකල්ප තුනක් අතරින් එකක් ‌තෝරගන්න සිද්ධ වුණා. තමන්ගෙ දියණිය වුණු ‌මේරි ටියුඩර් විවාහ කරදීලා මුණුපුරෙක් බලාපොරොත්තු වීම (අටවන ‌හෙන්රි රජුගෙ මරණයට ‌පෙර ‌මේරි කුමරිය දරුවෙකු ලබන වයසට පත්වෙන්නෙ නෑ. ඒ නිසා ඒක හරි යන්නෙ නෑ.), රජුගෙ අනියම් බිරිඳ වුණු ‌මේරි ‌බෝලින් ‌ගෙ පුතා ‌හෙන්රි ෆිට්ස්‌රෝයි කුලවද්දා ගැනීම (ඒකට පාප් වහන්සේගෙ අනුමැතිය අවශ්‍ය වුණා), එහෙමත් නැත්නම් කැතරින් රැජිණ පහ කරලා, දරුවෙකු ලැබිය හැකි ‌වෙනත් තරුණ කාන්තාවක් විවාහ කරගැනීම: තමයි ඒ විකල්ප තුන. එයින් රජුට වඩාත්ම ආකර්ෂණීය වුනේ තුන්වෙනි විකල්පය.

අටවන ‌හෙන්රි රජු (‌මොනව අටවනවද දන්නෑ...)
https://upload.wikimedia.org/wikipedia/commons/thumb
/3/32/1491_Henry_VIII.jpg/485px-1491_Henry_VIII.jpg

කැතරින් රැජිණ පහ කිරීමට රජු ‌තෝරගත්තෙ ‌මෙහෙම තර්කයක්. කැතරින් රැජිණ, රජු ‌‌ගේ අයියා වුණු ‌වේල්ස් හි කුමාරයා ද වුණු නැසීගිය ආතර් කුමාරයා ගෙ භාර්යාව. ‌සොහොයුරාගෙ බිරිඳ විවාහ කරගැනීම ශූන්‍ය හා බලරහිතයි. ‌එම තර්කය හත්වෙනි ක්ලෙමන්ට් පාප්වහන්සේට ඉදිරිපත් කරලා අනුමැතිය ගන්න සිදුවුණා. ‌එහෙත් අනුමැතිය ලැබුණෙ නෑ. 

ඒ වැඩේ වගකීම පැවරුණේ එංගලන්තයේ හිටපු ප්‍රධාන ආගමික බලවතා වුණු කාඩිනල් වුල්සි ට. රජුගෙ ‌කෝපය ඔහුට එල්ල වුණා. ය‌ෝක් හි ආච්බි‌ෂොප්වරයා වී සිට, පාප්වහන්සේ ‌ගේ එංගලන්ත නියෝජිතයා බවට පත් ‌වෙලා, දහවන ලියෝ පාප් තුමා විසින් කාඩිනල් තත්ත්වයට උසස් ‌කෙරිලා, පසුව අටවන ‌හෙන්රි රජුගේ ප්‍රධාන උපදේශක ‌හෙවත් Lord Chancellor (‌මෙම තනතුර ‌දෙවැනි රජු ‌‌ලෙස ද හැඳින්වීමෙන්, එංගලන්තය තුල ‌කාඩිනල් වුල්සිය ‌කොයි තරම් බලයක් තිබුණා ද කියා හිතාගන්න පුළුවන්.) හිටපු ‌තෝමස් වුල්සි තුමා, ආපහු ලන්ඩන්හි සියලු කටයුතු අතහැරලා ආච්බිෂොප් ‌ලෙස ‌යෝක් බලා ගියා. එතන සැනසිල්ලෙ ඉන්න ලැබුණෙ නෑ, ආපහු ලන්ඩන්වලට කැඳවලා, රාජද්‍රොහී වීම ගැන ‌චෝදනා කරලා, හිරභාරයට ගනු ලැබුණා. හිරේ ඉඳිමින් එතුමා කළුරිය කළා.

කාඩිනල් වුල්සි
https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/23
/Cardinal_Thomas_Wolsey.jpg/496px-Cardinal_Thomas_Wolsey.jpg

කවියෙන් කියන්නෙ, හබර්ඩ් අම්මා තමයි කාඩිනල් වුල්සි. අටවෙනි ‌හෙන්රි නම් දුප්පත් බල්ලා අපේක්ෂා කළ මස්කට්ට වුණේ කැතරින් රැජිණ ඉවත් කිරීමේ තීන්දුව. ඒක ලබාදෙන්න වුල්සි තුමාට බැරිවුණා...


කවුරුත් දන්න අඳුනන හම්ටි ඩම්ටි ‌ගෙ කතාව මී ළඟට...


Humpty Dumpty sat on a wall,
Humpty Dumpty had a great fall;
All the King's horses
And all the King's men,
Couldn't put Humpty together again.

හම්ටි ඩම්ටි තාප්පෙ උඩ උන්නා
හම්ටි ඩම්ටි බිමට වැටුණා
රජු‌‌ගෙ අස්සයො ඔක්කොමටයි
රජුගෙ මිනිස්සු ඔක්කොමටයි
හම්ටි ප්‍රකෘතිමත්කරන්න බැරි වුණා



මේ කවියටත් කතන්දර ‌දෙකක් තියෙනව.

1648 එංගලන්ත සිවිල් යුද්ධෙදි ‌ක්ලොචෙස්ටර් නගරය අල්ලගන්න ‌පාර්ලිමේන්තුවාදීන් ‌මෙහෙයවූ ෆෙයාෆැක්ස් සාමිවරයට ‌ලොකු සටනක් ‌දෙන්න සිද්ධවුණා. ඒ නගරය පවුරකින් වටවුණු, ‌දේවස්ථාන කුළුණු කීපයකින් සමන්විත එකක්. ඒ අතරින්, "ප්‍රාකාරය බද ශාන්ත මරියා ‌දේවස්ථානයේ" කුළුණ උඩ රඳවනු ලැබුණා, ‌ලොකු කාලතුවක්කුවක්. ඒක ක්‍රියාත්මක කළේ "එකැස් ජැක් ‌තොම්සන්" කියල ‌කෙනෙක්. ඔය කාල තුවක්කුවෙන් ආක්‍රමණිකයන්ට ‌ලොකු හාණියක් කරන්න පුළුවන් වුණා.

ක්ලොචෙස්ටර් හි
ප්‍රාකාරය බද ශාන්ත මරියා ‌දේවස්ථානයේ කුළුණ
http://myths.e2bn.org/library/1159095561/stmyatthwsmall.teach.jpg

ඉතින් ආක්‍රමණිකයෝ දිගින් දිගටම ‌දේවස්ථානයේ කුළුණ මුදුනට පහර ‌දෙන්න ගත්තා. ප්‍රතිඵලයක් විදිහට 1648 ජූලි 14 - 15 දවස් අතරෙ එකැස් ජැක් කාලතුවක්කුවත් එක්කම කුළුණෙන් පහලට වැටුණා. කැඩුණු කාලතුවක්කුව ආපහු ප්‍රකෘතිමත් කරන්න බැරි තරම් හාණි ‌වෙලා තිබුණා.

ඉතින් ක්ලොචෙස්ටර් නගරවැසියන් කියන්නෙ, හම්ටි ඩම්ටි කියන්නෙ ඔය ‌ලොකු කාලතුවක්කුවට කියලයි.

තවත් කතාවකින් කියවෙන්නෙ, ඔය සිවිල් යුද්ධයෙදි පාර්ලිමේන්තුවාදින් විසින් පරාජය ‌කෙරුණු පළමුවැනි චාර්ල්ස් රජු ම තමයි හම්ටි ඩම්ටි කියලා. රජු පරාජය වීීම "මහා වැටීමක්" (Great Fall). ඒ ‌වගේම නැතිවුණු බලය ආපහු ලබා ‌දෙන්න රජ්ජුරුවන්ගෙ අශ්වාරෝහක හමුදාවට බැරි වුණා. රජු ට මරණ දඬුවම ලැබුණා.

තවත් අදහසක් තමයි අර උඩ කියපු කාඩිනල් වුල්සි ‌‌ගෙ වැටීම ‌මේ කවියෙන් කියවෙනව කියන එක.

දෙවෙනි කතාව තමයි මම කැමතිම එක.

තුන්වෙනි රිචර්ඩ් රජු ‌බොස්වර්ත් යුද්ධයෙදි මියයාම ‌මෙම කවියෙන් නිරූපණය ‌වෙනව කියල කියනව. ලැන්කැස්ටර් සහ ‌යෝක් පරම්පරා ‌දෙක අතර සිවිල් යුද්ධය ‌බොස්වර්ත් යුද්ධය කියල කියනව. ‌‌මේ සටනින් යෝක් පරම්පරාවෙ අවසන් රජු වුණු තුන්වන රිචර්ඩ් රජු පරදවලා ටියුඩර් පරම්පරාවෙ පළමුවෙනි රජු හැටියට හත්වන ‌හෙන්රි රජ ‌වෙනව. 

මේ සටනෙදි රිචර්ඩ් රජුගෙ හමුදාව ‌හෙන්රිගෙ හමුදාවට වඩා වැඩියි. ශ්‍රීමත් විලියම් ස්ටැන්ලි සහ ‌තෝමස් ස්ටැන්ලි සාමි කියන වංශාධිපතීන් ‌මේ යුද්ධය තිබුණු තැනට‌ සේනාව අරං ආවට, වඩා වාසිදායක පැත්තට සහයෝගය ‌දෙන්න කල්බැලුවා.  රිචර්ඩ් රජු හමුදාව තුනට ‌බෙදලා එක ‌කොටසන් ‌නෝෆා්ක් හි ඩියුක් යටතේ ‌හෙන්රිට එරෙහිව ‌මෙහෙයවද්දි ‌හෙන්රිගෙ ‌සෙන්පතියා වුණු ඔක්ස්ෆර්ඩ් හි අර්ල්වරයා ඒ හමුදාවට මුහුණ ‌දුන්නා. එතනදි ‌නෝෆෝක්ගෙ හමුදාවෙන් ‌කොටසක් පසුබැස්සා. එතනදි රජු ‌තෝමස් සහ විලියම් ස්ටැන්ලිවරුන්ගෙ උපකාර ඉල්ලුවත් ඒ අය උදව් කළේ නෑ. රජු ‌හෙන්රි මරා දමලා යුද්ධය ඉවර කරන්න හිතාගෙන යුධපිටිය හරහා තමන්ගෙ හමුදාව ‌මෙහෙයවුවා. රජුගෙ නයිට්වරු රජුගෙන් ඈත් ‌වෙනවා දුටු ‌මෙතෙක් ස්වාධීනව කල් බලමින් හිටි ස්ටැන්ලිවරු (විලියම් සහ ‌තෝමස්) ‌හෙන්රිට උපකාර කරන්න මැදිහත් වුණා. ශ්‍රීමත් විලියම් ස්ටැන්ලි රිචඩ් රජු වටකරලා මරා දැම්මා.

තුන්වන රිචර්ඩ් රජු තමයි මට මතක හැටියට එයාගෙ පිටේ තිබුණුු කුදයක් ‌හේතුවෙන් හම්ටි ඩම්ටි කියල අපර නාමයක් පට බැඳුණු රජු.

මූලාශ්‍ර

34 comments:

  1. අප්‍රකට තොරතුරු ඇතුලත් කදිම සටහනක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ මහත්තයා...

      Delete
  2. මං ආසම නාට්ටිය දේවනි ඉනිම
    ඕ ...ඔයාගේ මී මුනුබුරන්‍ටත් බැලුව හැකී ආදර්ශමත් කතාවක්

    ReplyDelete
  3. අටවන ‌හෙන්රි රජු (‌මොනව අටවනවද දන්නෑ...)

    හෙහ් හෙහ්.. අටවලා තියන හරිය මදෑ....

    මරුනෙ ඩ්‍රැකියො.. මේ කවි පිටි පස්සේ මෙහෙම කතා තියනවා කියලා නිකමටවත්, මේ දැන් වෙනකම් අහලා තිබුනේ නෑනෙ... හරිම රසවත්...

    ReplyDelete
    Replies
    1. ඔය වගේ තව එකක් තමා, මරදාන ස්ටේෂමේ තියෙනව "අටවන ‌වේදිකාවක්." යන්ඩ නරකයි ඒකට. ‌සෙනග වැඩි ‌වෙලා කඩං වැටෙන්ඩ පුළුවං.

      Delete
  4. නියමයි බං,මේ කවි වල තියෙන ඉතිහාස කතාවල් නියමයි නේ.

    ReplyDelete
    Replies
    1. මනෝ කාලෙකින් ‌නේද ආවෙ? කාලෙකින් ලිව්වෙත් ෑ ‌නේද? ආපහු ලියමුකො මචං...

      Delete
  5. රිචර්ඩ්ගේ කුදය ගැන නම් සාක්ෂි හමුවුනා. https://www.le.ac.uk/richardiii/science/osteology-3-analysing.html

    ශේක්ෂ්පියර් විසින් තුන්වන රිචර්ඩ් චරිතය සඳහා ටියුඩර් ප්‍රොපගන්ඩා යොදා ගැනීම ගැනත් ලියන්න. තුන්වන රිචර්ඩ්ගේ චරිතයට සාධාරණය කරන්න සොසයිටි එකකුත් තියනවා
    http://www.richardiii.net/aboutus.php
    ශේක්ෂ්පියර් මැක්බත්වත් සෑහෙන දුරට විකෘති කලා.

    ReplyDelete
    Replies
    1. එක අතකට ප්‍රා... නාට්‍ය කාරයෙක්ට නිර්මාණයක් කරන්න නිදහස ඇති. තිහාස පුනරුච්චාරණය කරන්න ඔ්නෙ කියල නෑනෙ. ඒත් කාගෙ හරි න්‍යායපත්‍රයකට ඒක කරනවනම් එතන මැක්කෙක් ඉන්නව.

      මං වැඩි ‌ෙදෙයක් දැනං උන්නෙ නෑ. ඒත් දැන් කුතුහලයි. ‌හොයල බලන්න ඉටාගත්තා.

      Delete
  6. අගේ ඇති බ්ලොග් වියමනක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගුණසිංහ මහත්තයා

      Delete
  7. අපි කුඩා කාලයේ බොහොම ආශාවෙන් කියවා සමහර අවස්තාවලදී පන්තිය ඉදිරියේ රඟපෑම් පවා කළ සරල කවි. මේ කියන පුරාවෘත නම් දැනගත්තේ ඒ කවි රස වීඳ දශක හයකට විතර පස්සේ අද. මේ පැරණි කවී ගැන තව ලියන්න. දැනට කලකට පෙර අපගේ 'මා වැනි බිලින්ඳා' 'අම්බලමේ පිනා' වැනි ළමා කව් වලටත් ඔය ආකාරයේ අර්ථ කතන දී තිබෙනු දකින්නට ලැබුනා.

    ReplyDelete
    Replies
    1. "අම්බලමේ පිනා" නම් දහංගැටයක් කියල අහල ති‌යෙනවා. මා වැනි බිළින්දා ගැන නම් ඒ වගේ ‌දෙයක් අහපු පළවෙනි වතාව. මම විශ්‍රාම ගියාට පස්සෙවත් ලංකාවෙ ජනශ්‍රැති ගැන අධ්‍යයනයක් කරන්න බලාපොරොත්තු ‌වෙනව.

      ගොඩක් ස්තූතියි දයා මහත්තයා. ඔයාලටනම් ඔ්න තරම් කාලය තියෙනව දැන්...

      Delete
  8. මං හිතන්නෙ ඔව්ව හදන්න ඇත්තෙ බේබද්දො කියල. බලන්නකො, බේබද්දන්ට එක පදයක් කියල අනෙක් පදේ ගොතාගන්න හෙන වෙලාවක් යනව. එතකං මුල පදේම හැට පාරක් විතර කියනව. විශේෂයෙන්ම ඔය “සුදු නෝනේ“ කියල කියන්නෙ එතකොට. එහෙම බීල ආපු එවුං තමුංගෙ ළමයි නලවන්න කියපු කවි තමයි ඔව්වා. මං හිතන විදිහට තව ටික කාලෙකින් අපි පාවිච්චි කරන කුප්ප කවිවලට පවා ඔය වගේ ගැඹුරු අර්ථ එන්න පුළුවං.

    ReplyDelete
    Replies
    1. මේක ‌කොහොමද?

      Boscenos est un gros cochon;
      On en va faire des andouilles
      Des saucisses et du jambon
      Pour le reveillon des pauv’ bougres.

      (‌බොසෙනෝ ඌරෙකි දැවැන්ත
      සෑදිය හැකි උගේ මසින්
      බේකන් සහ හැම් ටික ටික
      දුගී දනන්ගෙ රෑ ‌බොජුනට)

      එතකොට ‌මේක?

      J’ai du bon pognon,
      Tu n’l’auras pas Chatillon!
      Hou! Hou! la calotte!

      (තිබේ මා ළඟ - ‌හොඳවායින් කසිප්පු ටිකක්
      තා ළඟ නෑ ෂතියොං
      හූ හූ ගල් ‌තොප්පියා!!!)

      Delete
    2. ඔන්න සාක්කි. අපේ රටේ ජනකවි හැදුවෙ වෘත්තිකයො. යුරෝපෙ කවි හැදුවෙ බේබද්දො.

      Delete
    3. වැඩේ තියෙන්නෙ, අ‌පේ හිටපු වෘත්තිකයො ‌වැඩිහරිය හොඳට කන ‌බොන මිනිස්සු. යුරෝ‌පෙ හිටපු හැම ‌දෙනාම කන ‌බොන මිනිස්සු... අනික යුරෝපෙ සමාජ, ආගමික, සංස්කෘතික පැතිවලිනුත් බීම සාමාන්‍ය ‌දෙයක් වුණාා.

      Delete
    4. මමත් එකඟයි ම.ලි.ර.සුරංග මහතා පවසන දෑ සමග.මෙලෝ රහක් නැතිව එකම වචනය දෙතුන් වරක් කියවන්නෙ බේබද්දොම තමා. අපේ සිරි ලංකාවෙත් ඔය ආදරේ වෑහෙන බේරෙන ගී පද රචනා කිව්වෙ ආරණ්‍ය සේනාසනවල ඉඳගෙන නෙවි. බේබදු සිහින එකතු කරලා. අර ප්‍රියා සූරිය සේන මහත්තයට ප්‍රේමකීර්ති මහත්තය ලියල දුන්නෙ "හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතු වේ" ගීතය ලියලා තියෙන්නේ අරක්කු බෝතලයකට. ආන්න බලන්න රටම නළවන්න පුළුවන් වුනේ ප්‍රේම් මහත්තයගේ බේබදුකම නිසාවෙන්. නැද්ද හා?

      Delete
    5. ඔව්. ‌මෙතන ඔව්ව කියයි. ඒ උනාට බැඳගන්ඩ ‌හොයන්නෙ, මතින් දුමින් ‌තොර
      මේ ‌ලෝකෙ ‌කොහවෙත් නැති පිරිමි උදවිය...

      අනේ පලයං නංගි යන්ඩ...!!!

      Delete
  9. අගෙයි, රහයි. දැනුමත් බෙදයි!!!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඉස්තූතියි...!!!

      Delete
  10. goosey goosey gander ගැනත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඊළඟ ‌කොටසෙදි ලියන්නම්. ඔබතුමා ඒ ගැන දන්න බව ‌පේනව.

      Delete
    2. ඔබතුමාගෙ පල කලින් ලිපියට පසූ අපෙ ළමයි කැමති ඒවා හැදුන විදිය හොයල බැලුව. ගොඩක් කවි ඇතුළෙ තියෙන්නෙ සැගවූ කථාවක්.

      Delete
    3. මම ලියපු ‌දෙයක් නිසා ‌කෙනෙකුගෙ කුතුහලය ඇවිස්සිලා වැඩිදුර ‌සොයන්න ‌පෙළඹුනා කියල අහන්න ලැබීම ‌ලොකු සතුටක්. ඇයි ඔයා පටන්ගත්ත බ්‌ලොග් අතරමග නවත්තලා තියෙන්නෙ? දිගටම ලියන්න තියෙන්නෙ...

      Delete
  11. බලං ගියාම එංගලන්ත ඉතිහාසයත් අපේ වගේ ම තමා නේද්..
    මේ රජ කතා ටික කියවනකොට නිකම් හිතිච්ච දෙයක්- අර ගේම් ඕෆ් ත්‍රෝන්ස් එකට මේක මොකක් හරි සම්බන්ධයක් තියනවා ද?

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා දවසක් කිව්වා, "හැම ඉතිහාසයකම තියෙන්නෙ තාත්තා මරල පුතා හරි අයිය මල්ලි මරාගෙන හරි, ‌වෙන ‌කොහොම හරි මිනී මරාගෙන රජවෙන එක. මුලු ඉතිහාසෙම වැඩිපුර තියෙන්නෙ ‌ලේ වැගිරීම් සහ ආගමික ස්ථානවලට කරපු අනුග්‍රහ."

      ඉතිං ‌කොයි රටෙත් ඉතිහාසය එක විදිහයි. නැද්ද?

      ගේම් ඔෆ් ‌ත්‍රෝන්ස් බලන්න මට ‌වෙලාවක් හදාගන්න බැරි වුණා මල්ලි. කුටුම්භ සංරක්ෂණයට ගියාම ‌ගොඩක් ‌දේවල් මගෑරෙනව. ඒ නිසා ඒ ගැන ‌මොකවත් තියන්න අමාරුයි.

      Delete
    2. ගේම් ඔෆ් ‌ත්‍රෝන්ස් කියන්නේ ෆැන්ටසියක්. මම හිතන්නේ නැහැ මේ කතා වලට සම්බන්ධයක් තියෙනවා කියල.

      Delete
  12. ලගකදි කතන්දරය්ක් කිව්වේ නැහැ උබ

    ReplyDelete
  13. මේවා ඉතින් අපිට දැන ගන්න වෙන්නේ ඩ්‍රැකීගෙන්ම තමා...

    ReplyDelete
  14. ඉංග්‍රීසි ළමා සාහිත්‍ය ගැන ඔබතුමා හොඳ රසවතෙක් බව පේනවා. කෙසේ වෙතත් තොරතුරු කදිමයි.
    විචාරක දියණිය

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

බඩු පෙට්ටියක කොළඹට ගිය ගමනක්

බ්‍රහ්ම මූර්තියෙන් හෙවත් මහා බ්‍රහ්මයා අවදි වෙන වෙලාවෙන් හෙවත් පාන්දර හතරට පමණ මම අවදි උනෙමි. ගෙදර කරුවලය. භූමිතෙල් කඳුලක් ගේ හරියේ නැත.ඉ...