පහුගිය ලිපිවලින් අපි හොයාගත්තා, මෙන්න මේ ළමා කවිවල තියෙන ඉතිහාස කතා:
2. බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන්දෙනා, ජැක් සහ ජිල්
3. ලන්ඩන් පාළම කඩා වැටේ, වයසක හබර්ඩ් අම්මා සහ හම්ටි ඩම්ටි
4. රිං අරවුන්ඩ් ද රෝසී, ගූසි ගූසි ගැන්ඩර් සහ රොක් අ බයි බේබි
පහුගියදාක අපේ පොඩි රාළගෙ ඉංග්‍රීසි ගුරුතුමිය එවල තිබුණා කවියක් පොඩි රාළලාට පාඩම් කරගන්න, ඒක කියෙව්ව ම මට හරි කුතුහලයක් ආව මේ මොනව ගැන ද කියන්නෙ කියල... කවිය මෙන්න මෙහෙමයි:
D'you know the old woman
who lived in a shoe
She had so many children,
she didn't know what to do
She gave them some broth
without any bread
She whipped them all soundly
and put them to bed
ඔයා දන්නවද මහළු කාන්තාව, අර සපත්තුවක් ඇතුළෙ හිිටියෙ...
එයාට ළමයි ගොඩක් හිටියා, ඒ අයට කරන්න දෙයක් ඈ දැනගෙන උන්නෙ නෑ
එයා ළමයිට එළවලු-මස් සුප් දුන්නා, පාන් දුන්නෙ නෑ
ළමයිට හොරන් ම කෝටුපාර දීලා ඇඳට යැව්වා
(වචනෙට වචනෙ කරපු පරිවර්තනය)
මේ කවියෙ මුල් ගැන ගොඩක් අදහස් තියෙනවා. ඒවයින් වැඩිම පිළිගැනීමක් තියෙන්නෙ, මේ කියන්නෙ මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය පාලනය කළ දෙවෙනි ජෝජ් රජු (1683 - 1760) ගැන කියලයි.
දෙ වන ජෝර්ජ් රජු ගේ රාජ්‍යය ඇත්තටම පාලනය කළේ එතුමාගේ බිසව වුණු ඇන්ස්බැක් හි කැරොලයින් රැජිණ වූ නිසා, ජනතාව අතරෙ මේ රජ තුමා හැඳින්වුනේ "නාකි ගෑණි" හෙවත් the old woman කියලයි. ඔහුට හිටිය ළමයි ගොඩ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ ළමයිට දෙන කෝටු පාර හෙවත් whip ලෙසින් හැඳින්වුනේ, නිලයක්. එක් දේශපාලන පක්ෂයක සාමාජිකයන් සියලු දෙනා එම දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්තියට හෝ සාමූහික තීරණයට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධව විනය පවත්වාගෙන යාම සඳහා ඇති කරන ලද නිලය whip නමින් හැඳින්වුණා. ඔවුන් යවපු ඇඳ විදිහට පෙන්වන්න පුළුවන්, මහජන මන්ත්‍රී සභාව. එතැනට ඒ මන්ත්‍රීවරු දිනපතා සහභාගී විය යුතුව තිබුණා.
1720 දී පමණ ඇති වුණු දකුණු මුහුදේ බුබුළ හෙවත් south sea bubble නම් ආර්ථික අවපාතන සංසිද්ධිය නිසා, දෙ වන ජෝජ් රජු වියදම් කපා හැරීම සහ සිය රාජධානියේ ආර්ථිකය නැවත නඟා සිටුවීමට ගත් උත්සාහය, "නාකි කාන්තාව ළමයින්ට පාන් නොමැතිව සුප් දීම" මඟින් නිරූපණය වුණා කියා සැළකෙනවා.
ජිම් හෙන්සන් ගේ මදර් ගූස් ස්ටෝරීස් කියන මපට් වැඩසටහනේ තිබුණු ගොඩක් ම ජනප්‍රිය, ඒ වගේම ටයිටස් තොටවත්ත සිංහලටත් හඬකවලා පෙන්වපු කවියක් මීළඟට:
hickory dickory dock
the mouse went up the clock
the clock struck one and the mouse went down
hickory dickory dock
හිකරි ඩිකරි ඩොක්
මීය නැග්ග ඔරලෝසුවෙ
එකයි කියල වැදුණා
මීය බිමට පැන්නා
හිකරි ඩිකරි ඩොක්
(ටයිටස් තොටවත්ත හඬ කවපු විදිහ මට මතක තිබුණු හැටියට)
මේ කවියෙන් කියවෙන්නේ රිචර්ඩ් ක්‍රොම්වෙල් ගැනයි කියලයි සඳහන් වෙන්නෙ. කවුරුත් දන්න විදිහට බ්‍රිතාන්‍ය සිවිල් යුද්ධය අවසානයේ පළමුවන චාල්ස් රජු බලයෙන් පහ කරලා, පොදු රාජ්‍ය මණ්ඩල ජනරජය ඇති කරන්න මුල් වුණු ඔලිවර් ක්‍රොම්වෙල්, රාජ්‍යයේ ප්‍රධාන ආරක්ෂක (Lord Protector) නමින් හැඳන්වුණු රාජ්‍ය ප්‍රධානියා හැටියට 1653 දි පත් වුණා. එතුමා ස්වාභාවික හේතුන් මත 1658 දි මියයන කොට, තමන්ගෙ අනුප්‍රාප්තිකයා විදිහට පත් කරන්නෙ තමන්ගෙ තුන්වෙනි දරුවා වුණු රිචර්ඩ් ක්‍රොම්වෙල්. (ගොඩක් තැන්වල එහෙම තමයි වුණේ. අපේ රටෙත් ජෝන් කොතලාවල සහ බණ්ඩාරනායක ඉද්දි, ඩී එස් ගෙ අනුප්‍රාප්තිකයා විදිහට ඩඩ්ලි පත්වුණේ ඒ විදිහට.) රිචර්ඩ් ක්‍රොම්වෙල් ට ඒ කාලේ ජනතාව අතරෙ පටබැඳුනු නම තමයි, “හිකරි ඩික්“ ඔරලෝසුවෙ නැගපු මීයා විදිහට හඳුන්වන්න පුළුවන් නියම සුදුසුකම් නැතිව රටේ ප්‍රධාන පාලක තනතුරට පත්වුණු රිචර්ඩ් ක්‍රොම්වෙල්.
කොහොම වුණත්, රිචර්ඩ් ක්‍රොම්වෙල් තමන්ගෙ පියා වගේ දක්ෂ සහ සාර්ථක පාලකයෙක් වුණේ නෑ. ඔහු පාලනය කළේ අවුරුද්දයි. හරියටම බැලුවොත් මාස නවයක් විතර. ඊට පස්සෙ පිටුවහලේ හිටපු දෙවන චාර්ල්ස් රජු ගෙන්වාගත්තු රාජාණ්ඩු වාදීන් රිචර්ඩ් ව බලයෙන් පහ කළා. ඒක හරියටම, එකයි කියලා ඔරලෝසුවෙ වදිද්දී මීයා බිමට පැනලා දිව්වා වගේ තමයි.
මී ළඟට අපි කතා කරන්නෙ ප්‍රචණ්ඩත්වය මුල් කොටගෙන බිහිවුණු තවත් සුන්දර කවියක්. ඒ තමයි මෆින් මෑන්
Do you know the muffin man,
the muffin man, the muffin man?
Do you know the muffin man,
who lives on Drury Lane?
Yes, I know the muffin man,
The muffin man, the muffin man,
Yes, I know the muffin man,
Who lives on Drury Lane.
ඔයා දන්නවද මෆින් කාරයා,
මෆින් කාරයා, මෆින් කාරයා?
ඔයා දන්නවද මෆින් කාරයා,
ඩෲරි පටුමගේ ඉන්නා?
ඔව් මම දන්නව මෆින් කාරයා,
මෆින් කාරයා, මෆින් කාරයා.
ඔව් මම දන්නව මෆින් කාරයා
ඩෲරි පටුමගේ ඉන්නා.
ඩෲරි පටුමග තියෙන්නෙ ලන්ඩන් නගරයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අසලින් විරුද්ධ පැත්තෙන් පටන්ගෙන දිවෙන පටු මඟක්. මේ පටුමඟ A4 පාරේ සිට A40 පාර දක්වා විහිදෙන අතර, ඒ පාරේ එක පැත්තකින් ත්‍රිත්ව විද්‍යාලයත්, තවත් පැත්තකින් ඩෲරි ක්‍රීඩා පිටියත් පිහිටා තියෙනවා.
16 වන සියවසේ දී කම්කරුවන්ට පැය 12 ක වැඩමුරයක් තිබුණා ඒ නිසා ඔවුන්ට උදේ සහ රෑ කෑම පිළියෙල කරගන්න වෙලාවක් සහ ශක්තියක් තිබුණේ නෑ. ඉතින් විවිධ ස්ථාන වල තිබුණු බේකරි සහ මෆින් කාරයන් ඒ අඩුව පිරෙව්වා. මෙතැන මෆින් කියන්නේ අපි දන්නා කප් කේක් වැනි රස කැවිල්ල නොව, ඉංග්‍රීසි මෆින් නමින් හැඳින්වෙන පාන් වැනි කෑම.
ඒ විදිහේ මෆින් කාරයෙක් හෙවත් බක්කරේ කෙනෙක් හිටියා ඩෲරි පටුමඟේ. ඔහුගේ නම ෆ්‍රෙඩ්‍රික් තෝමස් ලින්වුඩ්. නමුත් ඔහු වඩා ම ප්‍රසිද්ධ වී සිටියේ ඩෲරි පටුමඟේ කොටු කපන්නා හෙවත් Drury Lane Dicer යන නමින්.
1589 සිට 1598 දක්වා අවුරුදු නවයක කාලය ඇතුළත ලින්වුඩ් කුඩා ළමයි 15 දෙනෙකු මැරුවා කියා සඳහන් වෙනවා. ඔහුගේ බේකරිය කුඩා ළමයි නිතරම ගැවසුණු තැනක් වුනා. ඒ ළමයි තමන්ගේ දඟකරකම්වලින් එතැන අවුල් කරන එක ඔහුට කරදරයක්. ඔහු කළේ, මෆින් එකක් නූලක ගැට ගහලා, එලියට දාලා තියනවා. ළමයෙක් ඒක දැකලා, ඒක ගන්න එනකොට නූලෙන් අදිනවා. ඒක සෙල්ලමක් කියලා හිතන ළමයා ඒක පස්සෙන් ගිහින් ගිහින්, බේකරිය ඇතුලේ අඳුරු කොටසට ආවට පස්සේ, ලොකු ලී පත්තකින් ගහලා, ඒ ළමයා සිහි නැති කරනවා. ඊට පස්සෙ මරණවා.
මේ කතාව දිගින් දිගට ම කටින් කට ගිහින් පරම්පරා ගාණක් තිස්සේ නැවත නැවත කියවිලා, මේ සිදුවීම්වලට ගොඩක් විස්තර අමතක වෙලා ගිහින් ජනප්‍රවාදයක් මට්ටමට පත් වෙලා තියෙනවා.
මූලාශ්‍ර
https://englishhistoryauthors.blogspot.com/2012/04/political-meaning-in-18th-century.html
https://www.ncregister.com/blog/the-horrible-meanings-behind-nursery-rhymes
https://en.wikipedia.org/wiki/There_was_an_Old_Woman_Who_Lived_in_a_Shoe
https://simple.wikipedia.org/wiki/Richard_Cromwell
https://sarahcottrell.medium.com/do-you-know-the-muffin-man-he-was-a-serial-killer-who-preyed-on-kids-eaf12c90a8d1
මට හිතෙන්නේ ඒ කාලෙත් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න බැරිකම් තිබිලා වගෙයි. ඒ වගෙමයි, කොහොම හැංගුවත් ඒ කතන්දර ජනප්‍රවාද- කවි- යාන්ස් ව්දිහට හරි එළියට ඇවිත් සංසරණය වෙන්න ගන්නවා කියන කාරණේ.
ReplyDeleteඔව්. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස රාජාණ්ඩු කාලෙ තියෙන්න නැතුව ඇති. නමුත් මිනිස්සුන්ගෙ හිත් නිදහස් වෙලා තිබිල තියෙනව, දැන් ලංකාවෙ වගේ නැතුව. ඒකනෙ බයක් නැතුව ඔය වගේ ව්‍යංග්‍යාර්ථවලින් පාලකයන්ව හාස්‍යයට ලක් කරන්නෙ. ලංකාවෙත් කෝලං සම්ප්‍රදාය එහෙම ගොඩනඟාගෙන තිබුණෙ ඔය වැඩේටම තමයි.
Deleteම් ම් ම්.... එතකොට මතක් වුණේ ඩ්රැකී. අද මම publish කළ post ඒකෙත් D.S. සේනානායක හා S.W.R.D. බණ්ඩාරනායක මහත්වරුන්වත් ගාවා ගත්තු යාන් එකක් තියෙනවා.
ReplyDeletehttps://nidigepanchathanthare.blogspot.com/2021/10/blog-post_06.html
මං එහෙ ගිහිං ඇවිත් තමා මේ පෝස්ට් එක දැම්මෙ. හැක්!
Deleteළමයින්ට තියෙන කවි කිව්වට ඒවගෙ කිසිම ළමා ගතියක් නෑ නේ බලං ගියාම. අර කලිං පෝස්ට් ටික කියවන්න ඕන.
ReplyDeleteඅපි අබුංගාත ලියද්දි ඩ්‍රැක්ල වත් මේ වගේ වටින කියන දෙයක් ලියනෙක කොයි තරං හොඳද.
දැං නං සැජ්ජාවෙ බෑ 🙈🙈🙈
කෙනෙක් ලියන දේ වටිනවද නැද්ද කියල තීරණය කරන්නෙ පාඨකය යි. සාහිත්‍යය පහළයි ශාස්ත්‍රීය ඉහළයි වගේ එහෙම තරාගත කරන්න බෑ කියල මම හිතන්නෙ.
Deleteමේ කවි නං ළමා කවි නෙමෙයි, ජන කවි. පස්සෙ ළමා කවි කරගෙන, කාලෙන් කාලෙට වෙනස්කම් කරගෙන ඇවිත් තියෙන්නෙ. සමහර කවි තියෙනව වර්ෂන් කීපයක් තියෙන...
දැන් පෝස්ට් උතුරනවා. රෙජිස්ටරේ මාක් කරගන්න, ඈ? වටේ ගිහින් එන්නම්,හොඳට රස විඳින්න.😊
ReplyDeleteලමා කතා ගැන වුනත් මේක සිරා වගේම කනගාටුදායක කතාවක්.😯😒
Deletehttps://www.youtube.com/watch?v=uUl1Cuwvu_A
https://www.youtube.com/watch?v=kPMOPwXG1NI
මට නං වටේ යන්ඩවත් වෙලාවක් තිබුණ්නෑ මේ ටිකේ. ඩ්‍රාෆ්ට් කරල තිබුණ එක පබිලිස් කළා. කතාව ලියාගන්ඩ වෙලා නැති නිසා. (ඈ...? "එක පබිලිස්"?)
Deleteඅරක නං මාත් අදමයි දැක්කෙ. ඔය වගේ තත්ත්වයක් අපටත් උදාවෙයිද දන්නෑ, ඉස්සරහට?
පබිලිස් ට අහුවෙන්න එපා , පස්සේ කරදර වෙනවා
Deleteලාංකිකයො හැටියට අපි ඔය පස්සෙ කරදර වෙන එක ගණං ගන්නෙ නෑ. එක එක උදවියට අහුවෙනව කාලෙන් කාලෙට...
Deleteඑක හුස්මට කියෙව්වා. සොසේජ් මෆින් එකක් වගේම පට්ට රහයි.
ReplyDeletehttps://canadify.com/wp-content/uploads/2017/11/99-Cent-Sausage-Biscuit-Or-Sausage-English-Muffin-With-Any-Drink-Purchase-At-Tim-Hortons-678x381.jpg
මේ ළමා කවි වල කොච්චර අඳුරු මූලාශ්‍ර තියේද කියලයි හිතුනෙ. ලෝක ඉතිහාසය වෙනස්කල එංගලන්තයෙ වැසියො ඒ සඳහා ලොකු මිලක් ගෙවල තියෙනවා.
ඇත්ත... ලෝක ඉතිහාසයෙ හැම තැනකම මිනිස්සු ලොකු මිලක් ගෙවලා තමයි අද ඉන්න තත්ත්වයට ඇවිත් ඉන්නෙ. වෙනස තියෙන්නෙ, ඒ බොහොමයක් රටවල අද හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක්, සිවිල් නිදහසක් සහ ජනමතයේ ස්වාධීනත්වයක් භුක්ති විඳිද්දි, තව රටවල පැතිරීගෙන යන මානසික වහල්භාවය දකින්න තියෙන එකයි.
Deleteපොඩිම මෙන්ඩා තවම කියන්නේ,........අලියා මහ ලොකුයි, කලුගලක් වගෙයි ඒකත් තවම වචන අහුලල...ඉතින් ඌට මේ කවි තවම බර වැඩි
ReplyDeleteමගේ දැනුමට එකතුකරගත්තා
පොඩි ලොකු මෙන්ඩා දැන් කතන්දර අහන්නැද්ද?
Deleteඋඹ ආයෙ ආව එක මාර වටිනව ඈ...
උඹ ආයෙ ආව එක මාර වටිනව!!!!!!!!!!!!
Deleteමම කොහෙවත් ගියේ නැහැ යකෝ....
පහු ගිය කාලේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුනා....මම මෙවා දාලා යන්නේ නැහැ
කොහොම කොහොම හරි උඹ දැකීම මාර සතුටක්. අර මරිහුවානා කතාවත් ලියහං අපට අමතක වෙන්ඩ කලින්...
Deleteමේක තනිකරම ළමා මනස දූෂනය කිරීමක්. මේ කවි ලියපු එවුවො උල තියන්නෝන ඒව ප්‍රසිද්ද කරන එවුවොත් එක්කම.
ReplyDeleteඔව්. එව්ව කියවල කමෙන්ට් කරන උං මොට්ට උලක තියන්ඩ ඔ්නෙ.
Deleteබ්ලොග් කියවන්න ආවා මචං.සෙට් එකම ආයෙත් ලියනවා නේද
ReplyDeleteMail එකයි password එකයි අමතක වෙලා බ්ලොග් එකට යන්න බැරිව ඉන්නේ
මනෝ මන්දිර
ආයෙත් ලියනව නෙවෙයි. අපි නතර කළේ ම නෑ.
Deleteමේල රිකවරි කරගන්ඩ බැයිනං, අලුත් මේලකිං අලුත් බ්ලොග් එකක් හදහං.
මේ ඩ්‍රැකියො බොගෙ සිංඩි සෙට් එකේ පහලම තියෙන සමහර ඒව වැඩ කරන්නෙ නෑ. මට පෙනුනෙ, බොගෙ බ්ලොග් එකේ මොබයිල් වර්ෂන් එකේ අවුලක් තියනවා කියලයි. බ්ලොග් රෝලෙ ඉන්න "අසම්මත සටහන්" නිසයි අවුල එන්නෙ. අසම්මත සටහන් වල පත සයිස් පිංතූරයක් එවනවා.බ්ලොග් රෝල ඕපන් කරලා බැලුවොත් පෙනෙයි.
ReplyDeleteඅලුත් blog රචකයන්ට පොරෝජන් වෙයිද මන්දා... මාත් මුල් කාලේ දැනගෙන හිටියේ නෑ - හිතුවෙත් නෑ, කියවන්නට එන අයගේ ඩේටා පිච්චෙන එක ගැන. පස්සේ තමයි ඉගෙන ගත්තේ එව්වාත් වැදගත්ම කරුණු බව....
Deleteබකුසුතුමාගේ කමෙන්ට් එක කියෙව්වාමයි මතක් වුණේ, ලියන්නට තරම් වැදගත් කාරණයක් විත්තිය.
ඇත්ත. සිංඩි සෙට් එක ආපහු බලල වෙනස් කරන්ඩ ඔ්නෙ.
Deleteඅසම්මත සටහන් විතරක් නෙමෙයි, ජ්‍යොෆ්‍රී බේකනුත් ඔය විදිහයි. තඩී පින්තූරයක් පෙන්නනව.
නිදි,
ඇත්ත. තමන්ගෙ බ්ලොග් එකේ සෙටිංස් නිතර නිතර බලල හදන්න වෙනව.
ඩ්‍රැකීතුමාට කියවන්න පුලුවන් වෙයි පැරණි සිංහල Doggerel කලෙක්ෂන් එකක් නෙවිල්ගෙ තැප්‍රොබේනියන් එකේ. අම්බලමේ පිනා වගේ ඒවා පොඩ්ඩක් වෙනස් දැන් වර්ශන් එකට වඩා. සමහර ඒවා ටිකක් ඉන්ඩීසන්ට්.
ReplyDeleteඔබතුමා Limericks ටත් කැමතිද?
There was a young lady of Lynn,
Who was so uncommonly thin
That when she essayed
To drink lemonade
She slipped through the straw and fell in.
https://examples.yourdictionary.com/limerick-examples.html
රැප් කෑලි වගේ 😃😃
Deleteදැන් ඉතිං, ටැප්‍රොබේනියන් හම්බවෙනකං ඉවසුමක් නෑ....
Deleteලිමෙරික්ස් ගැන දැනගෙන උන්නෙ නෑ. ඒකත් මරු ම තමයි. එව්ව එකතු කරල පොතක් ගහන්න වටිනව.
ඒ වගේ මොඩන් මදර් ගූස් කවි තිබුණා මෑඩ් මැගසින් එකක, වෙලාවක හොයල දාන්නං.
මහේෂ්,
Deleteනෑ මේව තාලෙට කියන්න පුළුවන්.
ඩ්‍රැකීතුමා බැලුවද ස්වීනි ටොඩ්? ජොනී ඩෙප් මේන් කැරැක්ටර්
ReplyDeletehttps://www.youtube.com/watch?v=acHBq_oZm-8
There was an old woman who lived in a shoe, Who had so many children she didn't know what to do.
So she cut 'em up, put 'em into pies, Took 'em to the fair and won first prize!
https://www.reddit.com/r/Jokes/comments/2xmj44/a_beloved_nursery_rhyme_from_my_childhood/
අඩෙහ්! ඒක නියමයි. ටිම් බර්ටන් ගෙ ගොතික් තීම් එක. ප්‍රොෆෙස ස්නේප්ස් සහ හෙලේනා බොන්හැම් කාටර්... අරෙ වාහ්!!
Deletehttps://icemola.blogspot.com/2021/10/blog-post_6.html
ReplyDeleteවෙනි විඩි විකි
Deleteඔය දුවන්නේ දැන් bolg අහෝසේට.. ඩ්‍රැකී මගේ ඉල්ලීම මතක නොවැ නේ
ReplyDeleteඔව්. මීළඟට බලාපොරොත්තු වන්න (කවද හරි) මෙල් ගිබ්සන් ගේ හැම්ලට්
Deleteදැන් එංගලන්තේ සමහර ළමා කවි තහනම් කරලා තියෙන්නේ. මේ කවිය වෙනස් කළා මෙහෙම්.
ReplyDeleteEeny, meeny, miny, moe,
Catch a tiger by the toe.
If he hollers, let him go,
Eeny, meeny, miny, moe.
පරණ තහනම් එක
Eeny, Meeny, Miny, Mo,
Catch a nigger by the toe,
If he won't work then let him go;
Skidum, skidee, skidoo.
හේතුව තේරෙනවනේ. වහලුන්ට කියපු එකක් නිසා
අප්පේ අජිත් ලොක්ක කියනකන් මේ වග තේරුනේ නෑ නෙව
Deleteඇත්ත. ඔය නර්සරි රයිම්ස්වල පරණ වර්ෂන් කියවද්දි සෑහෙන තරම ප්‍රචණ්ඩත්වය සහ වර්ගවාදය හම්බනව. ඒකෙන් පේනව ඉස්සර කාලෙ එව්ව සාමාන්‍ය සමාජයේ මතය වෙලා තිබුණු බව.
Deleteding dong bell කවියත් ඒ වගේ. පරණම වර්ෂන් එකේ තියෙන්නෙ පූසෙක් ළිඳට දාලා, මැරුණු සිද්ධියක්. නමුත් ඒක ළමා මනසට කෲර නිසා, අලුත් වර්ෂන් එකේ තියෙන්නෙ, ළිඳට වැටුණු පූසෙක් බේරගෙන, ඌට කිරි පීරිසියක් දෙන කතාවක්. තව වර්ෂන් එකක තියෙනව, ඒ පූසා මීයො ඇල්ලුව කියල. නමුත් අලුත් ම කවියෙ තියෙන්නෙ, ඌ මීයො එක්ක සෙල්ලං කළා කියල.
ඔය නිගර් කවිය වගේ ම තමයි නේද, "ටෙන් ලිට්ල් ඉන්ඩියන්ස්" කවිය. දැන් දැන් ඉන්ඩියන්ස් වෙනුවට "ස්නෝ ෆ්ලේක්ස්" වගේ දේවල් යොදාගන්නව.
නමියා,
සොයන්න - එතකොට සම්බ වේ. (සමහරවිට "කීරි සම්බත්" අඩුගාණට සම්බ වේ :D)
නමී, එහෙම කීරි සම්බ හම්බ වුණොත් කියන්නකෝ- තව අයටත් 'සම්බ කිලෝ' ගන්න ඇහැකි නෙව.
Deletehm................ wada ane
Deleteමේකත් කියන්නේ නැහැ
ReplyDeleteBaa, baa, black sheep
Have you any wool?
Yes sir, yes sir
Three bags full
One for my master
And one for my dame
One for the little boy
Who lives down the lane
හේතුව
Baa, baa, black bitch
Have you any wool?
කියල වර්ණවාදී විධිහට කියන නිසාත් ආපහු වහල් සේවය තිබුන කාලේ මතක් කරන නිසාත් කියල.
මම සකලබුජන් සින්දුව අහල මුළු සීඩී එකම විසික් කළා .
ළමා සින්දු හා කවි තරම් අහිංසක නැහැ
අයියෝ සකලබුජං අහපුවාම... ඒ කියන්නෙ අජිත් අයියෙ, හැට ගණංවල ළමා මෙහෙය ලංකාවෙ සාමාන්‍ය දෙයක් වෙලා නෙව. "වයස අටයි - පොඩි කොල්ලා - පොඩි කොල්ලා උනාට වැඩට දස්සයා." "සකල බුජෝ අතුගාපං අක්ක කියන්නේ - සකල බුජෝ වතුර ගෙනෙං අම්ම කියන්නේ"
Deleteතව කියනව පොඩි කොල්ලා ගස් නගින කතාවකුත්.
අර බා බා බ්ලැක් ෂීප් ගැන මං කලිං ලිව්වා. ඒකෙ ඔරිජින් ඒක තියෙන්නෙ නං වූල් ටැක්ස් එක ගැන. නමුත් දැන් සමාජය කොයිතරම් පොලිටිකලි කරෙක්ට් ද කිව්වොත්, ඔක වෙනස් කරලත් තිබුණා "බා බා රේන්බෝ ෂීප්" කියල.
ළමා සිංදු හා කවි දැන් සමාජයට දැනෙන විදිහට අහිංසක නෑ...
හරියි කියනව නෙමෙයි, ඔව්වා ඒ යුගවල සමාජ සම්මත. ඒ යුගයෙ ඒකෙ වැරැද්ද පෙනිල නෑ. වික්ටෝරියානු එංගලන්තෙ:
Deletehttps://www.youtube.com/watch?v=CinieKeljHY
එතකොට අපි ආසාවෙන් කියවපු ටිං-ටිං පොත් පෙලේ, පලමු බ්ලැක් ඇන්ඩ් වයිට් කතාව බැලුවොත් පෙනේවි, ඒ යුගයේ සමාජ සම්මත.
මේක විතරක් නෙමෙයි, තව බොහෝ වැරදි කරල තමයි, අද මෙතෙන්ට ඇවිත් ඉන්නෙ.
මං ළඟ ඒ පොත තියනවා. සෝවියට් දේශය ගැන හෙම හෙන ස්ටීරියෝ ටයිප් ස්ටයිල් එකට අඳින්නේ හේ හේ
Deleteළමා මෙහෙය ගැන ෂින්ඩ්ලර්ස් ලිස්ට් එකේ එක තැනක කියනව. ඒ හැබැයි ළමයි දෙමාපියොත් එක්ක තියාගන්න අරමුණින්. ෂින්ඩ්ලර් නාසි කාරයෙකුට කියනව, "මම හදනව ෂෙල්. ඒ්වයෙ ඇතුළ පොලිෂ් කරන්න පුළුවන් ළමා අත්වලින් විතරයි" කියල.
Deleteටිං ටිං කොමික්ස් කියවලා ම නෑ. බාගන්න ඔ්නෙ අර ප්‍රා කිව්ව වගේ ලබන ආත්මෙදි කියවන්න.
ෂින්ඩ්ලර්ස් ලිස්ට්👌🤗❤
Deleteටිං ටිං කොමික්ස් කියවලාම නෑ, හපොයි දෙයියනේ, මෙහෙමත් අවාසනාවන්තයෙක්. අපිට ඉංග්‍රීසි ඉගැන්නුවෙ ඔව්වා තමා. හිනාවෙලා ඉල ඇට රිදුනා( කොපි රයිට්ස්- තට්ටයා).
ඒත් උඹ දැන් මෝරලා වැඩි වෙන්නත් ඇහැකි, ඒ ආතල් එක ලෙසටම ගන්න. පොඩි වැම්පරයටවත්, ඒ ආතල් එක ගන්න දීහං. පලවෙනි පොත ඇරුනාම, අනිත් විසි තුනම පවුලේ සැමට එකට කියවිය හැකි කතා.
ඔව්. පොඩි රාළට අරං දෙන්ඩෝනෙ. (23ක් නේ?) අපි පොඩි කාලෙ ටිං ටිං පොත් ගන්ඩ සල්ලි තිබුණ් නෑ. හොයාගන්ඩ ලයිබ්‍රරිවලවත් තිබුණෙ නෑ. බැලුවෙ ටයි මාම හඬ කවපු "ටිං ටිං ගෙ වීරක්‍රියා". පස්සෙ සිරසෙ ගාමින්දලා හඬකවපු හරිය ඊටත් වඩා මරු.
Deleteමේකට කෙමෙන්ට් හොඳටෝම මඳි. මොකද කියන්නෙ, පට්ටා...න් ගමුද බලු පොරයක්?🤣
ReplyDeleteහා, උඹ අවන්හලෙත් බුරලා, පංචතන්තරෙත් බුරලා ආවද මෙතෙන්ටත් බුරන්න? බලං හිටු බොටත් හම්බවෙයි ටෝච් පාර?🤔
Deleteමදියක් නෑ ටොමී... බලු පොරයක් පටං ගන්න තිබ්බා, මං ලයිව් කමෙන්ට් රිප්ලයි කළා නං.
Deleteනරියො, ටෝච් පාර දෙන්නෙ නයාට විතරයි. බොට දෙන්නං ඔන්නං නිල් සායම් පාරක්?
වලිනම් මමත් එනවා
Deleteගල් බෑ, පොල්, ටිකිල, උම්බලකඩ නං හා.😂
Deleteමෙන්ඩ ගැහුවෙ අඹ.
Deleteඅර නිදි හොයල ගත්ත සිංදුවක්, "පොල් ගහයට ටොමිය අපිට අපි ටොමියට.."
සුදික ආපහු ලියලා
ReplyDeleteඔව්නෙ? යමං බණ්ඩො වෙසක් බලන්න.😂
Deleteකොහොමද හොයාගත්තෙ? මගේ බ්ලොග් රෝලෙ අප්ඩෙට් වුනේ නෑ.🤔
Deleteබ්ලොග් රෝල් අප්ඩෙට් කරන එක අපි වගේ කෙමෙන්ට් කාරයන්ට වටිනවා..මොකද එක බ්ලොග් එකකට ආවම ඒක දිගේ අනිත් බ්ලොග් වලට ගිහින් ඩෙටා ඉවර වුනාම තමයි බහින්නේ
Deleteකරුමෙ කියන්නෙ, අපි පබිලිස් කරන පරක්කුවට, රෝලවත්,සිංඩියවත් අප්ඩේට් වෙන්නෙ නෑ.RSS Feed කියන අටමඟුලකින් තමා ඕක වෙන්නෙ. ඕකෙ වර්ශන් දෙකක් තියනවා වුනාට,සාමන්‍ය පාවිච්චිය පරණ එක-වර්ශන්. සුදීක නං ඔය ගැන, වැඩි විස්තර දන්නව ඇති.
Deleteතාම සුදීකගෙ අලුත් පෝස්ට් එක අප්ඩේට් වුනේ නෑ. එතකොට ඩ්‍රැකියා කොහොමද ඒක හොයාගත්තෙ?🤔🦉👀😮🦊
//ඩ්‍රැකියා කොහොමද ඒක හොයාගත්තෙ?//
Deleteඇයි වාහෙ, ඕක වැම්පරය නෙව? සුටුස් ගාල වව්ල වුනා, ගියා උඩින්.🤔
මගේ බ්ලොග් රෝල නම් අප්ඩේට් වෙනවා
Deleteඔව් දැන් හරි, පැයක් ගියා අප්ඩෙට් වෙන්න. සුදීක ෆීඩ් එක අලුතෙන් බර්න් කරලා.😊
Deleteසුදික ගෙ පෝස්ට් එක මං දැක්කෙ මගෙ බ්ලොග් රෝලෙන් නෙමෙයි. බ්ලොග් එකේ ඩෑෂ් බෝඩ් එකෙන් ද කොහෙද.
Deleteකොහොම කොහොම හරි , කොලිටි ලියන්නෙක් වෙච්ච සුදික ආපහු රෙගියුලර් ලිවීම පටන් ගත්ත එක වටිනව.
ෂා මේක ෂෝක්නෙ. පලවෙනි කවිය දැනගෙනවත් හිටියෙ නෑ. සෑහෙන දෙයක් දැනගත්ත කමෙන්ට්ස්වලිනුත්. අද දැක්කා 'අනේ කූඹියනේ තොපටත් රජෙක් ඉන්නේ' කවිය රට හදන්න රජවරු හොයන මෙන්ටැලිටි එකක් ඇතිකරන්න දායකවෙලා තියෙන හැටි ගැන Dr.අජිත් අමරසිංහ කරන විග්‍රහයක්.
ReplyDeletehttp://chandimagomes.blogspot.com/2021/10/blog-post_8.html
Deleteඒකත් කියෙව්වා, බස්සා. කොහොමද contrast එක.
Deleteආසියාතික, දකුනු ආසියාතික රටවල මිනිස්සුන්ගෙ self esteem එක අඩුවෙන් තිබීමත් ඕකට එක හේතුවක් වෙන්නත් පුලුවන්. අර වගේ රටවල මිනිස්සු දේශපාලකයින්ව ලීඩ් කරන අතරෙ, අපේ රටේ අය....
හ්ම්... කුංකුනාවෙ හාමුදුරුවො, සුනිල් ආරියරත්න, කපුගේ, ජයතිලක බණ්ඩාර ආදීන් ජනමතයක් හදන්න හෝ අප් කරන්න සෑහෙන්න දායක වුණු උදවිය.
Deletehttps://www.facebook.com/groups/540377603319142/permalink/833374307352802/
ReplyDeleteකස්ටිය කැමති වෙන ජාතියෙ තොරතුරු ටිකක්
මේක මමත් කියවල තියනවා. . මට කීවේ නම් බිරින්දෑ මුලින්ම. එයා නැගෙනහිර ජර්මනියේ උපන්න නිසා එයාලට කියල තියනවා ග්‍රීම් කතා කියවන්න එපා කියල. හේතුව ළමා හිංසනය. ඒ ගොල්ලන්ට කියවන්න දීල තියෙන්නේ සෝවියට් කතා. නු පගදී (You just wait ), මාරියෝ , කර්ල්සන් in the roof වගේ කතා.
Deletehttps://www.history.com/news/the-dark-side-of-the-grimm-fairy-tales
Deleteඇත්ත.
Deleteතව ඉස්සරහට, අපි දැන් මේ ළමයිට කියවන කතන්දරත්, තව සංශෝධනය වෙන්න ඉඩ තියෙනව.
තව අතකට, දැන් ළමයිට බලන්න හදන කාටූන් එහෙම කොච්චර ප්‍රචණ්ඩද? ඇයි දන්නෑ එහෙම?
සිබිල් වෙත්තසිංහ මහත්මිය මම ඉතාම කැමති චරිතයක්. වරක් ඈ කිව්වා " මා තුල ජීවත් වෙන දරුවා, කිසි දිනක මියගියේ නැත" කියලා. මා දුටු "ලමා ලෝකය" සරලයි. සමාජ බලපෑම් අවමයි. අද අපි, ලමා කතාවක් කියවන්න ගියාම, කරන්නෙ ඒක රසවිඳින එකද විච්චේදනය කරන එකද? හරිද මන්දා, මට හිතෙනවා මගේ රසවින්ඳනය මොට වෙලා තියෙන්නෙ ඒකයි කියලා.
Deleteමේ කතාව අද ලමා ලෝකයට කොච්චර ගැලපෙනවද දන්නෙ නෑ. වීඩියෝ ගේම් වල තියෙන්නෙම මරණ ඒවා. ඉල්ලුමත් ඒවාටමයි. සමහර ගේම් ගැහුවාම, දවසම ඇඟට උණ වගේ. එදා තිබ්බ ප්‍රචන්ඩ නැති ෆ්ලැට්ෆෝම් ගේම්, මට සැරටම මිස් වෙනවා.🤔😪😒
ඩ්‍රැකී හැබැයි පට්ට තේරුම් තියෙන කතා hollywood වල හැදෙනවා. ice age වගේ. එතකොට madagascar episode චාර්ටූන් එක බලන්න. පොඩි අයට නෙමේ ලොකු අයගෙ මනසට කතා කරනවා නියමෙට සමාජ ක්‍රමේ ගැන
Deleteඇත්ත බස්,
Deleteමාත් කැමතිය කුඩ හොරාටයි, සූත්තර පුංචටයි. ඒව මාර විදිහට ළමා ගතිය රැකුණු රසවත් කතා. තව තිබුණා වී සුතේයෙව් ගෙ පින්තූර කතා. බොහොමයක් ම ළමයින්ව අලුතින් හිතන්න පුරුදු කරනථ කුතුහලය අවුස්සන කතා. අපි ළමියට මෙව්ව තොරල දෙන්න වෙනව. (ඒ උනාට ඩියුක් නියුකම් වගේ ගේම් ගහන්න ආස හිතෙනව අප්පා)
නමියා,
අයිස් ඒජ් පළවෙනි එක බලද්දි දැනටත් මගෙ ඇස්වලට කඳුළු එනව කතාවෙ අන්තිමේ දි. අන්න පට්ට කතා ඈ... අපේ පොඩි රාළත් ආසයි අයිස් ඒජ්, මොවානා, සිං! වගේ මූවිවලට.
මං කිව්වෙ ටීවී එකේ යන බෙන්10, සිවා, වගේ කතා ගැන. පට්ට දාමරික කතා...
මන් හිතන්නෙ ඔයවගේ සිද්දි හැම රටටම අදාලයි. එක අතකින් ඒ ගීවල බොහොම සමාජ ගැඹුරක් ගැබ්වෙලා තිබ්බ.. එදා උදවිය තමුන්ගෙ ළමයින්ව නලෙව්වේ, ඇතිදැඩි කරේ ඒ කවි, සින්දු කියල නැතිනම් හදල කියල. ඒවා ගැන මනෝවිධ්යාත්මක විග්‍රහයක් කෙරෙනවනම් ගොඩක් වැළලුනු තැන් හොයා ගන්න ඇහැකි.
ReplyDeleteඇත්ත. වැඩේ තියෙන්නෙ, ලෝකය හිතාගෙන ඉන්නව ඉතිහාසයක් තියෙන්නෙ බටහිර රටවලට විතරයි කියල. ඉතින් මේ කවි කතා ගැන ගොඩක් හොයල බලල කරුණු රැස් කරල තියෙනව. අපේ රටේ ළමා කවිවලටත් මේ වගේ ම ගැඹුරක් තියෙනවත නමුත් කරුණු බොහොම ටිකයි තියෙන්නෙ.
Delete//වැඩේ තියෙන්නෙ, ලෝකය හිතාගෙන ඉන්නව ඉතිහාසයක් තියෙන්නෙ බටහිර රටවලට විතරයි කියල.// එහෙම එකක් නැහැ. ඒක නම් වැරදි අදහසක්. ඔය ග්‍රීම් කතා ගැන පර්යේෂණ පත්‍රිකාවක් මම දැක්කා පකිස්ථානු පර්යේෂකයෙක් කියපු එකක්. දැන් ගොඩක් මේ රටේ national grographic වගේ චැනල් වල ඕන තරම් පෙන්වනවා වෙන රටවල ඉතිහාසය. ජර්මන් කාරයෝ බුරුතු පිටින් ලංකාවට එන්නේ උන්ට ලංකාවේ ඉතිහාසය ගැන මාර විධිහට ලියපු පොත් සහ විතර තියෙන නිසා. ලංකාවේ ළමා කවි ජාත්‍යන්තරයට ගිහින් නැති එක බටහිර වරදක්ම නෙමෙයි
Deleteහිස්ටරි චැනල්, එන්කාටා වගේ මූලාශ්‍ර බැලුවහම හිතට ආපු අදහසක් කිව්වෙ. සමහරවිට මං වැරදි වෙන්ඩැති. කොහොමත් අපි වගේ කම්මැලියොත් බලපානව, අපේ ජනකවි ජාත්‍යන්තරයට නොයන්න. කුතුහලය තිබ්බට කරුණු රැස් කිරීම හා විශ්ලේෂණය අමාරු වැඩක් නෙ.
Delete