රිං අරවුන්ඩ් ද රෝසී
ලංකාවේ පොඩි දරුවො රවුමට හිටගෙන, අත් අල්ලගෙන කැරකෙන සෙල්ලමක් කරනවනෙ "කිරි කිරි බෝලේ - රැළි රැළි මාලේ" කියා පටන් ගන්න කවියක් කියමින්... ඒ වගේම තාලයකට කියන කවියක් තමයි රිං අරවුන්ඩ් ද රෝසී... ඒ කවියත් කිරි කිරි බෝලේ වගේම අත් අල්ලගෙන රවුමට රවුමට කැරකෙමින් කරන සෙල්ලමකට අදාළ කවියක්. පහත තියෙන්නෙ ඒ කවිය.
https://images.fineartamerica.com/images/artworkimages/mediumlarge /1/ring-of-roses-frederick-morgan.jpg |
Ring-a-round the rosie,
A pocket full of posies,
Ashes! Ashes!
We all fall down.
රෝසි වටේ වළල්ලක්
මල් පොකුරු පිරුණු සාක්කුවක්
අළු! අළු!
අපි ඔක්කොම බිම වැටෙනව
(වචනයට වචනය විදිහට කරපු රළු පරිවර්තනය...)
මේ කවියෙ මුල ගැන තියෙනවා මිත්‍යා කතාවක්. (ඒක ඇත්තම ඉතිහාස කතාව නෙවෙයි කියලා තර්ක කරන්න ඕනෙ තරම් සාධක තියෙනවා.)
1430 ගණංවල යුරෝපය වසාගෙන පැතිරිලා ගිය කළු මරණය (Black Death) වසංගතය ගැන මේ කවියෙ පදවලින් කියවෙනවා කියලා සැළකෙනවා. ඒ මේ විදිහට...
හමේ ඇති වෙන රතුපාට රවුම් ආසාදනයක්, තද රෝස පාට පැල්ලමක් වටේට රෝස පාට රවුමක් හිටින පරිදි ඇති වන සමේ ආසාදනයක් පළවෙනි පදයෙන් කියවෙනවා. මේ වසංගතයෙන් බේරෙන්න බෙහෙත් ලෙස සැළකුණු කොළ. දලු, රිකිලි ආදිය සාක්කුවේ දාගෙන එන්න යන්න පුරුදු වෙලා හිටපු මිනිස්සු දෙවන පදයෙන් කියවෙනවා. "ඈෂස්" කියන තුන් වෙනි පදේ ඊට ටිකක් පරණ අනුවාදයේ දි කියවුනේ "ආ ටිෂූ" කියලයි. එකෙන් කිවිසුම් යාම ඇඟවෙනවා. ඊට පස්සෙ වසංගතයෙන් රෝගාතුර වෙන මිනිස්සු අන්තිමේ බිම වැටිලා මිය යාම අවසාන පදයෙන් කියවෙනවා...
ඒත් මේ කවිය ඊට කලින් අනුවාද වලදි, ඒ වගේම රටින් රටට වෙනස් වන අනුවාද වලදි මේ පද ම යෙදෙන්නේ නෑ. ඒ වගේම සමේ ආසාදනයක් එක්ක කිවිසුම් යාමක් තිබුණු වසංගතයක් ගැන ඓතිහාසික තොරතුරුත් දකින්න නෑ. ඒ නිසා මේ පරණ මුල් ගැන තියෙන කතාවත් මිත්‍යා කතාවක් ම තමයි කියලයි බොහෝ දෙනා පිළිගන්නේ.
ගූසි ගූසි ගැන්ඩර්
මේ කවිය නම් බොහොම අපූරු ඉතිහාස කතාවක් කියනව... මෙන්න කවිය:
Goosey Goosey Gander where shall I wander,
Upstairs, downstairs and in my lady's chamber
There I met an old man who wouldn't say his prayers,
I took him by the left leg and threw him down the stairs.
http://4.bp.blogspot.com/-V7Gh3fsxBcs/Us7qVcKA_dI/AAAAAAAAA6Q /5aYDUmutoOE/s1600/Goosey-Goosey-Gander-where-shall-I-wander.jpg |
දරුවෙන් හොරෙන් අරගෙන ගිහින් තිබ්බා කියා විශ්වාස කරනවා. ඒ දරුවා රජ ගෙදර කියන තොටිල්ලේ සිටියත්, රජුගේ නෑදෑයන් කියන සුළඟ විසින් බිමට පෙරලලා දාන්න පුළුවන් විදිහෙ අවදානම් තැනකයි සිටියේ... ඒක හරියටම දරුවෙක් තොටිල්ල සමඟින් ගහක් මුදුනේ තැබීම ට සමානයි.
බොහොම හොඳ ගවේෂණාත්මක ලිපියක්.
ReplyDeleteකාර්මික විප්ලවය ඇතිවුන වික්ටෝරියානු එංගලාන්තයත් එක්ක කාලයක් මගේ ප්‍රේම සම්බන්ධයක් තිබ්බා. ෂර්ලොක් හෝල්ම්ස් වගේ පොත් කියවපු මගේ හිතේ මැව්නෙ, ලස්සන පිරිසිදු නිවසක ගිණි උඳුන ලඟ දීප් ආම් පුටුවක ඉඳගෙන පත්තරයක් කියවන ටයි කෝට් ඇඳපු, පයිප්පයක් කටේ ගහගත්ත සුද්දෙක්. ඒ මේසෙ පුටුවක ගෙත්තමක් කරන බිරිඳ, බිම සෙල්ලං කරන හුරුබුටි දරු දෙන්නා වගේ චිත්‍රයක්.
ඒත් යථාර්තය ඊට වඩා වෙනස් කියල මගේ හීනෙ ඩොක් ගාලා බිම වැටිලා කැඩුනා.මේක "ගූසි ගූසි ගැන්ඩර්" කතාවට සම්බන්ධයි.
Life Below Stairs
This comment has been removed by the author.
Deleteඒත් යථාර්තය ඊට වඩා වෙනස් කියල දැණගත්තාම,, කියල වෙන්ස් වෙන්න ඕනෙ.
Deletemy lady's chamber කියන එකෙන් හැඟෙන්නේ කවිය කියන්නේ සේවිකාවක් කියන එකයි. my lady - මගේ ආර්‍යාව , අනෙක් පරිවර්ථන හරි. පාත්තයා ආර්‍යාවගෙ හොර....නෑ, එක්කෝ සැකයේ වාසිය අපි දෙමු පාත්තයට.
Priest hole is much older than Holmes. But, i relate to what you mean Lord Bastian.
Deleteඑහෙනං කිං හැන්රිගෙ කාළෙ වෙන්ටෑ? හ්ම්.. ආගම බලවත් වේගන එනකොට එන රාජ්‍ය මර්ධනය- වලිගය විසින් බල්ලා නැටවීම.
Deleteබකුස්,
Deleteමටත් සෑහෙන ෆැන්ටසියක් තිබුණා වික්ටෝරියානු සමාජය ගැන. ඒක ම තිබුණු කෙනෙක් වෙන්ඩැති අර බැට්මෑන් කොමික් එකක් කරල තිබුණෙ "Gotham by Gas Light" කියල. මීදුම, අස්ස කරත්ත, ගිණි උඳුන්, පයිප්ප... ඔය බකුස්ගෙ මනඃකල්පිත චිත්‍රය සම්පූර්ණ වෙන්න, මයෙ හොඳම යාලුවෙක් වෙන රංග වරක් කිව්වා වගේ, කකුල් දෙක ගාව නිදාගත්ත බල්ලෙකුත් ඔ්නෙ කරනව.
බකුස්,
Deleteමයි ලේඩි,ස් චේම්බරේ ගැන බකුස් ගෙ රිලේෂන් එක හරි වෙන්නැති. ඒක ගැන හිතන කොට මට එකපාරටම මතක් වුණේ Lady of Pleasure කියන අපර නාමය... ගණිකාව ගැන අදහස ආවෙ ඒකෙන් ද දන්නෑ.
මෙලෝ සිහියක් නැතුව පොඩිකාලෙ අපි ඕව කිවුවට ඔය කවි නිකංම හැදිච්ච ඒව වෙන්න බෑනෙ.
ReplyDeleteඑහෙනං! නයි කයිද රෝස් පාං කිව්වලු
Delete@බස්සා,
Deleteදැං னයි රෝස්පාං කන්නෑ. උං කන්නෙ පීට්zසා වගේ දේවල්.
னයෝ,
Deleteජනකවි නිතරම හැංගිච්ච මුලකිං එන්නෙ. ලංකාවෙත් එහෙමයි. ඔය කෝළං නාට්‍ය එහෙමත් කොයිතරම් නං ඉහළ සමාජය විහිළුවට ලක් කරල තියෙනවද? මට දුක, අපේ ජනකවි ගැන ඒ විදිහෙ තොරතුරු හොයාගන්න තියෙන අමාරුව ගැන. අපිම මොනව හරි කරන්න ඔ්නෙ. සෑහෙන්න ඇවිදලා, සෑහෙන්න කියවලා, සෑහෙන කාලයක් ගත කරන්න වෙනව...
බකුස්, + னයෝ,
Deleteදැං ඉන්න னයිත් නිකං ලෝකෙට පරකාසෙ විතරයි. කමෙන්ට් එකේ පීට්සා කාලා, ගෙදර ගිහිං බලනකොට ලුණුමිරිසුයි රොටියිි වත් නෑ... යන ගමං කඩෙං රෝස්පාං ගෙඩ්ඩක් අරං ගිහිං හැපින්න එක්ක ඒක බෙදාගෙන කාල බුදියෙනව...
https://en.m.wikipedia.org/wiki/Priest_hole
ReplyDeleteගොඩක් ස්තූතියි ප්‍රා... ඔය විස්තරේ ත් මේ ලිපියට එකතු කළා නං සම්පූර්ණයි කියල හිතුණා.
Deleteනිකංම කන්නෙත් නෑ නයි
ReplyDeleteනිකං හැදෙන්නෙත් නෑ කයි
මොකක්ම හරි නිමිත්ත වෙයි
ඒ පුරාණ ගොඩක් වටියි!
னයා කියන්නෙ වවුලගෙ පරම හතුරෙක්. නිමල් අයිය කොච්චර කිවුවත් னයි නිකංම කන්නෙ නෑ කියල මූ පිලිගන්නෑ. හැක්..
Deleteනිදි,
Deleteටෝච් පාර දිගේ ඇදෙන னයා
වගෙයි අනීතිය දකිනා ජන කවියා
උපහාසය අවිය කරගයි අසරණයා
ජනකවිවල මුල නිතරම ඒක තමා
னයා,
Deleteඉතිං උඹ කන්නෑනෙ. පස්සෙං ඇවිත් කොණහනව විතරනෙ. එක්කො කාල මේක ඉවරයක් කරනවනං එකක්.
කිරි කිරි බෝලේ-රැළි රැළි මාලේ මාලේ
ReplyDeleteමේ ළමයා කොහෙන්දෝ
රෝස කැලෙන් ගෙනාවේ
දඩිං බිඩිං ඩොහ්...
ඔය කවිය හැදුනෙ කොහොමද?
ඇත්තටම ලංකාවෙ ජන ගී ගැන මේ වගේ පර්යේෂණයක් කරලා හොයාගන්න තියෙනවනම් ඒවයෙ මුල්, මම ඊට වඩා ආසකරන දෙයක් තවත් නෑ. ඒ වුණාට එහෙම කරපු පර්යේෂන ඇත්තෙම නැති තරම්. යුරෝපීය ජන ගි ගැන වගේ නෙවෙයි...
Deleteසිය රට දේ - සිරි සැප නොදේ වගෙයි නේද?
Deleteවෙළෙඳපොළ වටිනාකමක් ඇති සිය රට දේ - සිරි සැප දේ, අනික් ඒවා නොදේ...
Deleteඅපි පොඩි කාලෙ තව කවියක් තිබ්බා...රෝට බටං රෝටේ- හුලං බහින රෝදේ....පස්සෙ තමයි තේරුනේ මේ කියන්නේ Row row row your boat- Gently down the stream කියලා!!
Deleteහෑ...! ඒක බොලේ...
Deleteබීන් ද මූවි එකේ තියෙනව, Row row row your boat - gently down the stream - If you see a crocodile - don't forget to scream කියල.
රෝවන් ඇට්කින්සන්ගෙ ම තව කෑල්ලක තියෙනව, Row row row your boat - gently down the stream - belts off trousers down - isn't the life a scream කියල...
මේවා ගැන දැන ගන්න ඉතින් මෙතෙන්ටම එන්ඩ වෙනවා...
ReplyDeleteඒක තමයි. මං බැලුවෙ මෙව්වා එකතු කරලා පොතක් ගහන්ඩ
Delete